නත්තල් ගස් වගා කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා හි නත්තල් ගස් වගාකරන්නෙකු විසින් වගා කටයුතු වලදී කප්පාදු කිරීමේ ක්‍රියාවලිය රජයේ නිලධාරියෙකුට පහදා දෙන අයුරු.

නත්තල් ගස් වගා කිරීම යනු කෘෂිකාර්මික,වන වගා සහ උද්‍යාන වගාවේ නියැලෙන්නන් විශේෂයෙන් නත්තල් ගස් සඳහාම පාවිච්චි කරන්නා වූ පයින්(Pine),ස්පෘස්(Spruce) හා fපර්(Fir) වැනි ශාක විශේෂ වගා කිරීමයි. නත්තල් ගස් වගා කිරීමේ ගොවිපලක් මුලින්ම ස්ථාපනය වූයේ 1901 දී වූවද, බොහෝ පාරිභෝගිකයන් 1930 හා 1940 ගණන් වනතුරුම තමාට අවශ්‍ය ශාක ලබා ගත්තේ වනාන්තරයෙනි.නත්තල් ගස් වගා කිරීම වරකදී ප්‍රමිතියෙන් අඩු ගොඩබිම් වගා කිරීම සඳහා යෙදූ ජීව්‍ය විකල්පයක් ලෙස යොදා ගත් නමුත් කෘෂි කර්මාන්තයේ දියුණුවත් සමඟ එම අනුදැනුම වෙනස් වී ඇත.ගුණාත්මක භාවයෙන් යුත් ප්‍රශස්ථ අස්වැන්නක් ලබා ගැනීම සඳහා වගාබිම් සමතලා විය යුතු අතර, යටි වගාවෙන් හා දිරාපත් වන ශේෂ කොටස් වලින් තොර විය යුතු බව දැන් සැලකේ.

පයින් හා fපර් ශාක විශේෂ වල පුළුල් භේද ගණනාවක් නත්තල් ගස් ලෙස වගා කළ ද ඒවායින් වඩා ජනප්‍රිය විශේෂ ඇත්තේ අතලොස්සක් පමණි. එක්සත් ජනපදය තුළ ඩොග්ලස් fපර්( Doglas fir), ස්කොට්ස් fපර්(Scots fir), fප්රේසර් fපර්(Fraser fir) යන ශාක විශේෂ හොඳින් අලෙවි වන විශේෂ වේ. එක්සත් රාජධානිය තුළ හොඳින් අලෙවි වන විශේෂ වනුයේ නෝර්මැනන් fපර්(Nordmann fir) හා නෝර්වේ ස්පෘස්(Norway spruce) යන ශාක විශේෂ වන අතර මේවා යුරෝපය තුළද ජනප්‍රිය වෙමින් පවතී. අනෙකුත් ඕනෑම කේතුධර ශාකයක් මෙන්ම නත්තල් ගස් ද පලිබෝධකයන්ට පහසුවෙන් ගොඳුරු විය හැකි ශාක වේ. කෘමි පලිබෝධකයන් අතර adelgids සහ කූඩිත්තන් වඩාත් සුළභ ගැටළුව වී ඇති අතර ඕක් ශාක ක්ෂණික මිය යාම(sudden oak death) කැලිෆෝනියාවේ ගොවිපල වල වර්ධනය වෙමින් පවතින ගැටළුවක් වේ. පලිබෝනාශක භාවිතය, ජෛව විවිධත්වයට බලපෑම් ඇති කළ හැකි බැවින්, නත්තල් ගස් වගාව පරිසරවේදීන්ගේ විවේචනයටද ලක් වූ කරුණක් වී ඇත.

වගාවේ අවසාන පියවර වන අස්වැන්න ලබා ගැනීම ක්‍රම කිහිපයකින් සිදු වන අතර වඩා ජනප්‍රිය එක් ක්‍රමයක් වන්නේ; පාරිභෝගිකයාට සිය වගා බිමට ඇතුල් වීමට ඉඩ දී, මිලයට ගන්නා ගස් වර්ග තෝරා ගෙන, ඔවුන් විසින්ම ඒවා කපා ගැනීමේ ක්‍රමයයි. තවත් සමහර ගොවීන් ශාක මූල ගෝල(balled roots) සහිතව පෝච්චි තුළ වගා කරන අතර ඒවා නත්තල් සඳහා භාවිතා කර ආපසු වගා කර නැවත ඒවා ඊළඟ වසර සඳහාද භාවිතා කරනු ලැබේ. එක්සත් ජනපදය නත්තල් ගස් වල ප්‍රවේණි සංයුතිය පිලිබඳව පර්යේශණ පවත්වා ඇති අතර, වඩා හොඳ ජාන දර්ශ සහිත බීජ නිපදවා ඇත. ගුණාත්මක බවින් වැඩි හා හොඳ අස්වැන්නක් ලබා දෙන නත්තල් ශාක මෙම බීජ වගා කිරීමෙන් ලබා ගත හැක. කැනඩාව හා එක්සත් ජනපදය විසින් නත්තල් ගස් කැපීම සඳහා නීතිමය ප්‍රමිති තත්ත්වයන් ප්‍රකාශයට පත් කර ඇත.

පටුන

[සංස්කරණය] ඉතිහාසය

සදාහරිත ශාක වගා කිරීමේ පුරුද්ද, විශේෂයෙන් නත්තල් ගස් ලෙස ඒවා යොදා ගැනීම හා අලෙවි කිරීම 1901 වසරේ පටන් අතීතයක සිට සිදු වූවකි. 1901 දී නව ජර්සි(New Jersey) වල ට්රෙින්ටොන්(Trenton) හිදී නෝර්වේ ස්පෘස්(norway spruce) ශාක 25000 කින් යුත් ගොවිපලක් ආරම්භ කරන ලදී. නිව්යෝර්ක් නගරයට අලෙවිය සඳහා ගොවියකු විසින් කැට්ස්කිල් (Catskill) කඳුවැටියෙන් ගෙනෙන ලද ශාක අලෙවි කිරීමෙන් ඊට අවුරුදු 50කට පෙර නත්තල් ගස් සඳහා වෙළඳ පොළ ආරම්භ වූ බව සඳහන් වේ. මෙසේ අලෙවිය ආරම්භ කර තිබියදීත්, බොහෝ මිනිසුන් 1930 හා 1940 ගණන් වනතුරු වනාන්තරයට ගොස් නත්තල් ගස් කපා ගෙනවිත් ඇත. බොහෝ ශාක වගා කර ඇත්තේ දෙවැනි ලෝක සංග්‍රාරමයට පසුවයි. 1950 ගණන් වලින් පසුව පාරිභෝගික ඉල්ලුම අනුව ගොවීන් විසින් ශාක කප්පාදු කර සකස් කිරීම ආරම්භ කරන ලදී. 1960 - 1970 අතරතුර කාලයේදී නත්තල් ගස් වෙලඳපොල වැඩි දියුණු වූ නමුත් 1980 ගණන් වල අග භාගයේදී ස්වාභාවික නත්තල් ගස් සඳහා වෙළඳ පොල හා මිල පහත බසින ලදී. 21-වන ශත වර්ෂය මුල් භාගයේ දී ලෝකය පුරා විකුණන ලද කෘතිම නොවන ස්වාභාවික නත්තල් ගස් අතරින් 98% ක්ම ශාක ගොවිපල් වල වගා කරන ලදී.

[සංස්කරණය] වගා කිරීම

[සංස්කරණය] භූමිය සහ දේශගුණය

දක්ෂිණ වර්ජිනියාවේ නිම්නයක පිහිටි නත්තල් ශාක වගා බිමක්.

නත්තල් ගස් වගා කිරීම සඳහා හොඳම පිහිටීම පලිබෝධක අවහිරතා වලින් තොර සාපේක්ෂව තැනිතලා පොළවයි.අතීතයේ දී නත්තල් ගස් වගා කරන්නන් ඔවුන්ගේ වගා බිම් ස්ථාපනය කර ඇත්තේ කෘෂිකාර්මික මුඩුබිම් හෝ කෘෂිකර්මය සඳහා එතරම් හිතකර නොවන බිම් වලයි. කෙසේ වෙතත් නූතන නත්තල් ගස් වගා කරන්නන් තම අවධාරණය ප්‍රමිතියෙන් ඉහල ශාක වලට යොමු කර ඇති අතර භූමි ගුණාත්මක භාවය පිළිබඳ අපේක්ෂාව ද ඉහල ගොස් ඇත. ඇත්තවශයෙන්ම සමහර fප්රේසර් fපර්(Fraser fir) වැනි ශාක විශේෂ, අඩු ගුණාත්මක බවින් යුත්, ආන්තික ගොවිබිම් වල වගා කළ නොහැක.

This Christmas tree farm in Iowa is located on flat ground and has well-mowed rows between the trees.

බෑවුම් හෝ ප්‍රපාත සහිත ඉඩම් වලට වඩා සමතලා බිම් මේ සඳහා යෝග්‍ය වන්නේ බෑවුම් සහිත ඉඩම් පොහොර ඛාදනයට හා ක්ෂීරණයට ලක් වීමට ඇති ඉඩ කඩ වැඩි බැවිනි. ගල් පර්වත, ආවරණ වැට වල් යනාදී සැලකිය යුතු බාධක තිබීමද මෙම වගාවට අහිතකර වේ. අනෙකුත් ශාක හා බෝග වලට මෙන්ම, නත්තල් ශාක සඳහා ද වර්ධනය සඳහා වූ විශේෂිත පෝශක ද්‍රව්‍යය අවශ්‍ය වේ. ඉතා වැදගත් මූලද්‍රව්‍යයද 16ක් මෙහි වර්ධනයට අවශ්‍ය අතර ඒවා වාතයෙන් සහ ජලයෙන් ලබා ගනී. තවද හයිඩ්රදජන්, කාබන් හා ඔක්සිජන් නයිට්රවජන්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සල්ෆර්, බෝරෝන්, තඹ, ක්ලෝරීන්, මැග්නීසියම්, මොලිබ්ඩේනිම්, යකඩ, සින්ක් යන මේවා පසෙන් ලබා ගනී. අත්‍යාවශ මූල ද්‍රව්‍ය පසෙන් ලබා ගත නොහැකි අවස්ථා වලදී, ඒ සඳහා පොහොර කෘතිමව යොදනු ලැබේ. පස පිළිබඳව සළකා බැලිය යුතු අනෙකුත් වැදගත් කරුණු වනුයේ පසේ PH අගය හා ජලය ගලා බසින ආකාරයයි. සමහර පාංශු තත්ත්වයන්ගේ ගැලපීම ශාක වර්ගය මත රඳා පවතී. පයින් ශාක සාමාන්‍යයෙන් වැලි සහිත හෝ වැලි ලෝම පස සඳහා අනුවර්තී වන අතර සුදු ස්පෘස්(White spruce) හා ඩොග්ලස් fපර්( Doglas fir) වැනි fපර් ශාක; සිනිඳු වයනයක් ඇති ලෝම් පසට හා මැටි ලෝම් පසට වැඩි කැමැත්තක් දක්වයි. සමහර ශාක ඕනෑම ආකාරයේ පසක වර්ධනය වන නමුත් නත්තල් ශාක වඩා හොඳින් වර්ධනය වීම සඳහා හොඳින් ජලය ගලා බැස යන බිමක් තිබිය යුතුයි.

දේශගුණික බලපෑම අනිකුත් කෘෂිකාර්මික වගාවන්ට සේම වේ. ශීත සෘතුවේදී ඇති වන අධික ශීතල සහ උණුසුම් හා වියලි අන්ත තත්ත්වයන් නිසා අස්වැන්න කැපීමෙන් පසු වගාවට නැවත ගොඩ නැගිය නොහැකි හානි සිදුවිය හැකියි. බලාපොරොත්තු වන කාලයට කලින් හිම වැටීම ආරම්භ වුව හොත්, අස්වැන්න කපා ගැනීම සහ ඒවා නැව් ගත කිරීම දුෂ්කර වීමට හෝ සම්පූර්ණයෙන්ම නොහැකි වීමට ද ඉඩ ඇත.

[සංස්කරණය] ශ්‍රමය හා උපකරණ

නත්තල් ගස් වගා කිරීම අධික ලෙස ශ්‍රමය වැය වන ක්‍රියාවලියකි.ශාක වගා කිරීමට පෙර විශාල ගස් හා ගල් වැනි බාධක ඉවත් කිරීම සඳහා යන්ත්‍ර මඟින් බිම පෙරලා සකස් කිරීම භූමියේ ස්වාභාවය හා තත්වය මත කළ යුතු වේ.යටි වගාව විශාල වශයෙන් ඇත්නම්, බිම කොටා සකස් කිරීම සිදු කෙරේ. බිම කොටා සකස් කිරීම ගස් හා වල් පැලෑටි වල ඉතිරි වූ කොටස් ඉවත් කිරීමට පහසු වේ.දැවමය ශාක හා වල් පැලෑටි යන දෙකම වගාවට පෙර පාලනය කිරීම අවශ්‍ය වන අතර මෙය බහුල වශයෙන් කරනු ලබන්නේ රසායනික වල්නාශක යෙදීමෙනි. මීට අමතරව සමහර පොහොර වර්ගද වගා කිරීමට පෙර හඳුන්වා දිය යුතුවේ.මෙසේ බීජ පැල සිටුවීමට පෙර කරනු ලබන දේවල්, නත්තල් ගස් වගාව සාර්ථක කර ගැනීම සඳහා ඉතා වැදගත් වේ.
ගස් වගා කිරීමෙන් පසුවද කළයුතු දේ ඇත. සත්ත්ව පලිබෝධකයන් විශේෂයෙන් කෘමීන් සහ රෝග නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් පාලනය කළ යුතුය. නත්තල් ගස් වල ලාක්ෂණික වෙළඳ සළකුණු හැඩය ලබා ගැනීම සඳහා, පැළ සිටුවීමෙන් පසුව වසර දෙකේ සිට හතර දක්වා කාලයේදි, විශේෂයෙන් බොහෝ පයින් හා fපර් විශේෂ සඳහා කප්පාදු කිරීම අවශ්‍ය වේ. කප්පාදු නොකිරීම හෝ එය ප්‍රමාද විම නිසා ශාක වැස්ම අතර ඇති වන පරතරය වැඩි වන අතර එවිට ශාක අලෙවි කිරීම අපහසු වේ. ස්කොට්ස් පයින් (Scots pine) වැනි සමහර පයින් විශේෂ සුප්ත කාල වලට හසුවීම් නිසා පත්‍ර කහ වීමට ලක්වේ.

උපකරණ සඳහා වැය වන මුදල විශාල වශයෙන් වෙනස් වේ. නත්තල් ගස් වගාවක් සඳහා සාමාන්‍යයෙන් අවශ්‍ය වන උපකරණ නම්, පළිබෝධනාශක ඉසින උපකරණ, ට්‍රැක්ටර් යන්ත්‍ර, මුවහත් කරන උපකරණ යනාදියයි.ඇමරිකන් ඩොලර් 4000ක් පමණ වන යාන්ත්‍රික පැළ සිටුවනයක් අත්‍යාවශ්‍ය නොවුණද, ගොවියන් සඳහා ශ්‍රමය ඉතිරි කර දෙන සුඛෝපභෝගි උපකරණයකි. නත්තල් ගස් වගාවේ ජීවය වූ බීජ පැළ ගොවීන්ට පැළ තවාන් වලින් මිලදී ගත හැක. ඔරෙගන්(Oregan)හි එක් ගොවියෙක්ට පැළ 1000ක් සඳහා ඇමරිකන් ඩොලර් 200-300 මුදලක් වැය කොට බීජ පැල මිලයට ගත හැක. එක් ගොවියෙක් තොග වෙළෙන්දෙක් ලෙස ඔහුගේ අවසන් අස්වැන්නෙන් එක් ශාකයක් ඇමරිකන් ඩොලර් 20 බැගින් අලෙවි කරනා අතර අනිකුත් වියදම් කපා හැරිය විට එක් ගසකින් ඇමරිකන් ඩොලර් 2-3 අතර ලාභයක් ලැබේ.

[සංස්කරණය] ගස්

Fraser Fir (cone and foliage pictured) is a popular species of Christmas tree in both the United States and Great Britain.

උතුරු ඇමරිකවේ වෙළදපොලෙහි හොඳින්ම විකිනෙන විශේෂ අතර ස්කොට්ස් පයින් (Scots pine), ඩොග්ලස් fපර්(Doglas fir), නෝබල් fපර්(Noble fir), බල්සම් fපර්(Balsam fir), fප්රේසර් fපර්(Fraser fir), වර්ජිනියා fපර්(Virginia fir), සහ නැගෙනහිර සුදු පයින්(Eastern White pine) මුල් තැනක් ගනී. එසේද වුවත් අනිකුත් විශේෂද වගා කොට අලෙවි කෙරේ. උදාහරණයක් ලෙස ඇල්බමා (Albama)හි නත්තල් ගස් ලෙස වගා කෙරෙන ශාක ලෙස නැගෙනහිර සුදු පයින්(Eastern White pine), රෙඩ්සිඩාර්(Redcedar), වර්ජිනියා පයින් (Virginia pine), ලීලෑන්ඩ් සයිප්රතස්(Leyland Cypress) සහ ඇරිසෝනා සයිප්රeස්(Arizona Cypress) සඳහන් කළ හැක. එක්සත් ජනපදයේ වාර්ෂිකව වගා කෙරෙන ශාක අතරින් වැලි පයින්(Sand Pine) සහ ස්පෘස් පයින්(Spruce Pine) 20,000ක් ෆ්ලොරීඩා(Florida) හි වගා කෙරේ.

Norway Spruce is a popular Christmas tree species in Europe.

මහා බ්‍රිතාන්‍යයේ වඩාත් ජනප්‍රිය විශේෂය නෝර්ඩ්මන් fපර්( Nordmann fir) වේ. බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය අනිකුත් විශේෂ වන්නේ නෝර්වේ ස්පෘස්(Norway Spruce) සහ ස්කොට්ස් පයින්(Scots Pine) ය. එයින් ස්කොට්ස් පයින්(Scots Pine)තරමක් දුර්ලභ වන අතර පත්‍ර පහසුවෙන් කැපිය නොහැකි තියුණු කූරු සහිත වේ.

එක්සත් ජනපදයේ ශාන්තිකර වයඹ දිගෙහි(Pacific NorthWest)ප්‍රධාන වශයෙන් නත්තල් ගස් වගා කරන ප්‍රදේශ වල ප්‍රාථමික ශාක විශේෂය ලෙස වගා කෙරෙන්නේ ඩොග්ලස් fපර්(Douglas fir) ශාකයයි. ශාන්තිකර උතුරෙ(Pacific North) හි හරි අඩක්ම වගා කරනුයේ ඩොග්ලස් fපර්(Douglas fir) ශාකයයි. ඩොග්ලස් fපර්(Douglas fir) ශාකය නත්තල් ගස් ලෙස අලෙවි කිරීමට ප්‍රමාණවත් තරම් මේරීම සඳහා වසර 5-7 දක්වා කාලයක් ගතවේ. මෙම ප්‍රදේශයේ සුලභව ඇති තවත් ශාකයක් වන නෝබල් fපර්( Noble fir), ඩොග්ලස් fපර්(Douglas fir) හා ග්‍රෑන්ඩ් fපර්(Grand fir) ශාක වලට වඩා වැඩි මිලක ඉල්ලුමක් ඇත. මුළු අස්වැන්නෙන් 10% ක් පමණ මින් ලැබෙන අතර අනෙක් විශේෂ වලින් ලැබෙන්නේ 3-5% ප්‍රමාණයකි.

fප්රේසර් fපර්(Fraser fir) වැවෙන්නේ උතුරු ඇමෙරිකවේ උතුරු කැරොලිනා(North Carolina) හි පිහිටි ඇපලිචින් කඳුවැටි (Appalachian Mountains ) වල වන අතර නත්තල් ගස් අතරින් වටිනාම සහ වඩාත් ජනප්‍රිය ශාකය ලෙසද සැලකේ.දකුණු එක්සත් ජනපදයේ ජනප්‍රියම නත්තල් ශාක විශේෂය වනුයේ වර්ජිනියා පයින්(Virginia Pine) ශාක විශේෂයි. කැනඩාවේ සුදු පයින්(White Pine), සුදු ස්පෘස්(White Spruce), ස්කොට්ස් පයින්(Scots Pine), නීල ස්පෘස්(Blue Spruce) සහ යන ශාක බහුලව වගා කරනු ලැබේ.ඔන්ටාරියෝ(Ontario) හි එක් ප්‍රාන්තයක, ගෘහස්ථව හා අපනයනය කිරීම සඳහා සැම විටම වගා කරන ප්‍රමුඛ ශාකය වන්නේ ස්කොට්ස් පයින්(Scots Pine)ය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශ වල ස්වාභාවික නත්තල් ගස් හා වගා කළ විවිධ වූ ශාක ප්‍රභේද ජනප්‍රිය වේ. යුරෝපය තුළ නෝර්වේ ස්පෘස්(Norway Spruce) ජනප්‍රිය වේ.

[සංස්කරණය] පළිබෝධකයන්, රෝග සහ වල්පැලෑටි

An adult Balsam woolly adelgid, a major pest in the Christmas tree industry

බොහොමයක් කේතුධර ශාක වගා කිරීමේදී ශාක මුහුණ දෙන පළිබෝධකයන් වන්නේ Balsam woolly adelaide ඇතුළු තවත් Adelaide වර්ග සහ කූඩිත්තන්ය. පයින් ශූට් කුරුමිණියන්(Pine Shoot Beetle) සහ ජිප්සි සලබයා(Gypsy Moth) වැනි ආක්‍රමණශීලී කෘමි විශේෂ ද නත්තල් ගස් වගාවට තර්ජනයක් වේ. නත්තල් ගස් දිලිර පරපෝශිතයන්ටද ගොදුරු විමේ අවදානමක් ඇත. මේ නිසා ඇති වන රෝගය මුල් කුණු වීමේ රෝගයයි. එසේම කැලිෆෝනියා, වොෂින්ටන්, ඔරෙගන් සහ බ්‍රිතාන්‍යය කොලොම්බියා වල ඕක් ශාක ක්ෂණික මිය යාම(sudden oak death) බහුලව ඇත. R. pseudotsugae සහ Rhabdocline weirii වැනි ශාක රෝග කාරක වලට ගොඩුරු වීමේ අවදානම ඩොග්ලස් fපර් (Doglas fir) ශාක සඳහා විශේෂයෙන් ඇත. R. weirii ආසාදනය වන්නේ ඩොග්ලස් fපර් (Doglas fir) ශාකයට පමණි.මෙම රෝග කාරකය ඩොග්ලස් fපර් ශාකය විකිණීමට නොහැකි තත්ත්වයට පත් කරන අතර, පොදුවේ නත්තල් ගස් වගා කර්මාන්තයට රෝග කාරකයන් තදින් බලපායි. මුවන් සහ බිම් ලේනුන් ද නත්තල් ගස් වගාවට තර්ජයක් වේ. මුල් හා අංකුර කා දැමීම ඔවුන් කරන හානියයි. පයින් ග්‍රෝස්බීක්(Pine Grosbeak) ඇතුළු සමහර කුරුල්ලන්ද පලිබෝධක වන අතර කේතුධර අංකුර ඔවුන් ආහාරයට ගනී. ස්කොට්ස් පයින්(Scots Pine), නැගෙනහිර සුදු පයින්(Eastern Pine) සහ රතු පයින්(Red Pine) මෙන්ම ස්පෘස්(Spruce) ශාකද ඉහත පලිබෝධකයන්ට ගොදුරු වේ. කුඩා වල් පැලෑටි මෙන්ම, විශාල දැව ශාකද ජලය සහ පෝශක සඳහා නත්තල් ගස් සමඟ තරඟ කරයි. එනිසා රසායනික වල්නාශක යෙදීම, තණකොළ කැපීම වැනි පාලන ක්‍රම යෙදීම අවශ්‍ය වේ.

[සංස්කරණය] ගුණාත්මභාවය

USDA Christmas Tree Grades[1]
Grade Requirements[2]
U.S. Premium Fresh, clean, healthy, heavy density, one minor defect allowed[3]
U.S. No. 1 Fresh, fairly clean, healthy, medium density, two minor defects allowed[4]
U.S. No. 2 Fresh, fairly clean, healthy, light density,
three minor defects allowed[5]

කැනඩාවේ ඔන්ටාරිඕ(ontario) හිදී, ප්‍රාදේශීය ගොවි ඵලදාව ප්‍රමිතිකරණය හා විකිණීම පිලිබඳ පනත යටතේ 1965 දී නත්තල් ගස් වලද ගුණාත්වකභාවය ප්‍රමිතිකරණය කිරීම ඇතුලත් කරන ලදී. ඔන්ටාරිඕ ප්‍රමිතින් නීති ගත වුවද, එක්සත් ජනපදයේ ප්‍රමිති පද්ධති නීතිගත වී නැත. මේ හේතුව නිසා ඇමරිකවේ ශාක වවන්නන්ට තමාටම ආවේණික ප්‍රමිති පද්ධතියක් සාදා ගන්නා ලදී. මෙම ප්‍රමිති පද්ධති ස්ථාපනය කරන ලද්දේ එක්සත් ජනපදයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ(USDA)ග්‍රේණි ගත කිරීම් පටිපාටියට අනුව වුවද මෙම පද්ධති ඒවා මතම පදනම් නොවේ. එක්සත් ජනපදයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවේ නත්තල් ගස් සඳහා ප්‍රමිති කරන සම්මුති ක්‍රියාත්මක කරන ලද්දේ 1989 ඔක්තොබර් මස 30 වන දින සිටයි. මේ යටතේ කප්පාදු කරන ලද හෝ නොකරන ලද කේතුධර ශාක සාමන්‍යයෙන් නත්තල් ගස් ලෙස විකිණීමට පුළුවන.

[සංස්කරණය] අස්වැන්න

Customers, armed with a saw, at a typical "choose-and-cut" Christmas tree farm

නත්තල් ගස් විවිධ මාර්ග මඟින් අලෙවි කිරීමට පුළුවන. සමහරු තෝරා කපා ගැනීමේ ක්‍රමයද, සමහරු ගොවිපලෙන් කෙලින්ම කපා ගැනීමේ ක්‍රමයද තෝරා ගැනේ. මොවුන් පාරිභෝගිකයන්ට වගා කල ඉඩමට යාමට ඉඩදී නත්තල් ගස් තෝරා ගෙන, ඔවුන්ට ඒවා කපා ගැනීමට ඉඩ සලසයි. තොග වෙලදාම් මෙහෙයුම් වලදී කම්කරු ශ්‍රමය වැඩියෙන් වැය වන්නේ තොග වශයෙන් කැපීම, ගොඩ ගැසීම හා මහා මාර්ගය දක්වා ප්‍රවාහනය කිරීම කල යුතු බැවිනි. ඊට අමතරව මෙම ක්‍රියාවලිය නොවැම්බරයේ ඉතා කෙටි කාලයකදී නිම කර අවසන් කල යුතුවේ. එසේම ගොවීන් පැල තවාන් සඳහා සහ නැවත භාවිතා කල හැකි වන පරිදි විකුණා නත්තල් ගස් මුල් පිටින් උඳුරා සකස් යුතුවේ. ඒ ක්‍රමයට පැළ කලින් උඳුරා සකස් කළ යුතුය. සාමාන්‍යයෙන් නත්තල් ගසක් වර්ධනය වී මේරීම සඳහා වසර 6 සිට 10 දක්වා කාලයක් ගතවේ.

Customers haul their own purchases off-site at choose-and-cut farms.

1980 ගණන් වල විශාල ගොවිපල වල් වලින් ගස් අස්වැන්න ඉවත් කිරීම සඳහා හෙලිකොප්ටර් භාවිතා කිරීමට පටන් ගෙන ඇත. ඔරෙගන් හි අමතර පාරවල් හිඟ නිසා අක්කර 1200ක(හෙක්ටර් 490)ක ගොවිපලකින් වසරකට නත්තල් ගස් 200,000 ක් දක්වා ඉවත් කිරීමට හෙලිකොප්ටර් යොදා ගෙන ඇත. අස්වැන්න කපා ගැනීමත්, අලෙවියත් අතර කාලය අඩු කිරීමට හෙලිකොප්ටර් භාවිතයෙන් හැකිවේ. අස්වැන්න ලෙස කපා ගන්නා සියළු ඒවා වගා කළ ශාක නොවේ. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍ය කොළොම්බියා සහ කැනඩා වල 900,000 පමණ අස්වැන්න ලෙස කපා ගන්නා ගස් ලැබෙන්නේ පයින් සහ fපර් ශාක මඟිනි. වන නිලධාරින්ගේ පූර්ව අවසරයන් ලබාගෙන, නත්තල් ගස් කැපීමට, බ්‍රිතාන්‍ය වන අමාත්‍යංශය, පළාතේ පදිංචි කරුවන්ට ඉඩ ලබා දී ඇත. එක්සත් රාජධානියේ, එක්සත් ජනපද වන සේවා හා ඉඩම් කළමනාකරණ කාර්යාංශය විසින් ජාතික වන පද්ධතියට අයත් රජයේ ඉඩම් වල නත්තල් ගස් කැපීම සඳහා අවසර ලබා දී ඇත.

[සංස්කරණය] ගොවීන්

නත්තල් ගස් වගා කරුවන් පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන ගොවීන් ලෙස ක්‍රියාත්මක වේ. 1967 දී නත්තල් ගස් වගාව ආරම්භ කළ මිනිසෝටා (Minnesota) හි ගොවියෙක් එය ව්‍යාපාරයක් දක්වා ස්ථාපනය කරන ලදී. අනිකුත් ගොවීන් විශ්‍රාම යාම හෝ පාසල් අරමුදල් සඳහා අමතර ආදායමක් ලබා ගැනීම උදෙසා නත්තල් ගස් වග කිරීම හෝ ආරම්භයේ දී නත්තල් ගස් ගොවිපලවල් ලෙස ස්ථාපන කරනු නොලැබූ ගොවිපලවල් වල රැකියාව කරන ලදී. බොහෝ නත්තල් ගස් වගා කරන්නා වූ රටවල විවිධ වූ ජාතික වගා කරන්නන් ගේ සංගම් බිහි වී ඇත. එක්සත් රාජධානියේ ශාක වගා කරන්නන්ගේ සංගමය මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නත්තල් ගස් වවන ගොවීන්ට සාමාජිකත්වය සඳහා වෙළඳ සංගම් විවෘත වී ඇත. ජාතික නත්තල් ගස් සංගමය එක්සත් ජනපදයේ ද ඊට සමානව ක්‍රියාත්මක වී සේවා ලබා දෙයි.

[සංස්කරණය] පාරිසරික බලපෑම

එක්සත් ජනපදයේ ජාතික නත්තල් ශාක සංගමය (NCTA) සජීවී නත්තල් ශාක කෘතිම ආදේශක වලට වඩා පරිසර හිතකාමී බව පෙන්වා දෙමින් ඒවාට අනුබල දෙනු ලබයි. NCTA පවසන අන්දමට නත්තල් ගස් වගාවක සෑම අක්කරයක්ම මිනිසුන් 18 කගේ දෛනික ඔක්සිජන් අවශ්යනතාව සපුරාලයි. එක්සත් ජනපද වල පමණක් ඇති අක්කර 50,000(හෙක්ටෙයාර් 200,000) ක ශාක වගාව මඟින් නිපදවන ඔක්සිජන් ප්ර්මාණය මිනිසුන් මිලියන 9 කගේ දෛනික අවශ්යිතාවයට සෑහේ. NCTA තවදුරටත් පවසන අන්දමට මෙම වගාවෙන් පස ස්ථාවර වන අතර ජල සැපයුම් ආරක්ෂා කොට වනජීවි පරිසරයට සපයයි. තවද කර්මාන්ත නිසා ඇති වන කාබන් ඩයොක්සයිඩ් ප්ර්මාණය අඩු කිරීමටද නත්තල් ගස් වගාව හේතු වේ. ස්වාධීන ජීවන චක්රො ඇගයුම් අධ්යමයනයක්(LCA) අනුව තිරසාර සංවර්ධනය පිලිබඳ විශේෂඥ යන් පවසන අන්දමට ස්වාභාවික ශාක මඟින් නිපදවන හරිතාගාර වායු ප්රයමාණය කිලෝ ග්රෑේම් 3.1 ක් වනවිට ඒ හා සමාන කෘතිම ශාක මගින් වසරකට කිලෝ ග්රෑපම් 8.1 ක් හරිතාගාර වායු නිපදවයි. BBC හි "ගෙවතු වගාව (Gardening)" වෙබ් අඩවිය පවසන අන්දමට, වඩාත්ම පරිසර හිතකාමී ලෙස නත්තල් ගස් ලබා ගන්නා ක්ර මය වන්නේ, සෘජුවම ගොවිපල වලින් ශාක ලබා ගැනීමේ ක්ර මයයි. අනෙක් ධනාත්මක පරිසර හිතකාමී ක්රෘමය වන්නේ සජීවී නත්තල් ගස් ලබා ගැනීමේ ක්රබමයයි. නෙබ්රාිස්කා විශ්ව විද්යා ලයේ පර්යේශකයන් සඳහන් කරන අන්දමට විශාල වශයෙන් යළිත් භාවිතා කරන නත්තල් ගස් යොදා ගැනීම පාංශූ ඛාදනය වළකන බාධක සේ ක්රිවයා කිරීම එහි ඇති අනිකුත් වාසි තත්ත්වයක් අතර ප්රාධාන තැනක් ගනී. එසේම නැවත භාවිතයන්ගේ තවත් ධනාත්මක පැත්තක් වන්නේ පෞද්ගලික පොකුණු වල මත්ස්යා වාසස්ථාන සැපයීමටත්, පක්ෂින්ට ආහාර සැපයීමට අවස්ථා සැපයීමටත් අවකාශ ලැබීම වේ. 2002 වසරේ දී වර්මොන්ට් හි ෆ්යාලී(Fairlee) වල පිහිටි බර්ච් දෙනිය(Birch Meadow) ගොවිපලේ, අධි වර්ධනය වූ නත්තල් ගස්, අධික ලෙස ඛාදනයට ලක් වූ කනෙටිකට්(Connecticut) ගංඟාවෙහි බෑවුම් දිගට අඩි 1,200 ක් දවා නැවත තැන්පත් කිරීමේ ව්යාකපෘතියක් කර ඇත.

[සංස්කරණය] පර්යේෂණ

[සංස්කරණය] ආයතන

ඔරෙගන් විශ්ව විද්‍යාලයේ(OSU) වන වගා අංශයේ බොහෝ පර්යේෂකයන් නත්තල් ගස් පිලිබඳ විවිධ පර්යේෂණ කරන ලදී. වන සම්පත් දෙපාර්තමේන්තුවේ රික් ෆ්ලෙචෙර් විසින් නත්තල් ගස් වල ප්‍රවේණි විද්‍යාව, ඒවාට පොහොර යෙදිය යුතු ආකාරය, රෝග පාලනය යනාදිය ගැන පර්යේෂණය කරයි. ඒ අතර චැඩ් ලෑන්ඩ්ග්රදන් නත්තල් ගස් වල ප්‍රවේණි විද්‍යාව සහ රෝග පාලනය ගැන අවධාරණය යොමු කර ඇත. මොවුන් දෙදෙනාම දෙපාර්තමේන්තුවේ පරිස විද්‍යාව සහ වන වගාව අංශයේ පර්යේෂණ සිදු කරයි. ඕසු විශ්ව විද්‍යාලයේ වන විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ මයික් බොන්ඩි කරන ලද පර්යේෂණයක දී පොහොර දැමීම, ඵලදාව ලබා ගැනීම සහ රවේණි විද්‍යාව මෙන්ම ස්වාභාවික හා කෘතිම ශාක පුනර්වර්ධන පද්ධති පිලිබඳව ද පරීක්ෂණ සිදු කරන ලදී. 1990 ගණන් මැද භාගයේදී ට්‍රියෝ පර්යේෂණ වලදී ප්‍රාථමික අවධානය යොමු වූයේ වඩා හොඳ නත්තල් ගස් බීජ තොග ලබා ගැනීම පිලිබඳවයි. මෙහි ප්‍රථිඵලයක් ලෙස ප්‍රවේණිකව වැඩි දියුණු කල ගුණාත්මක පරිණත ශාක ලබා ගැනීමට හැකි විය. නව මෙක්සිකෝ ජනපදයේ කෘෂිකාර්මික පර්යේෂණ මධ්‍යයණස්ථානයේදී මේ සමාන පර්යේෂණ සිදු කරන ලදී.

එක්සත් ජනපදයේ නත්තල් ගස් වගා කරන්නන් ප්‍රාදේශීය මට්ටමින් ඔවුන්ගේම පර්යේෂණ වැඩි සටහන් කරන ලදී. උතුරු කැරොලිනා ජනපදයේ විශ්ව විද්‍යාලය පූර්ණ කාලීය කාර්ය මණ්ඩලයක් ශාක නිශ්පාදනය පිලිබඳ කරුණු සෙවීම සඳහා කැප වී සිටින ලදී.උතුරු කැරොලිනා ජනපදයේ විශේෂඥයන් සහ අධ්‍යයන දෙපාර්තමේන්තුව නත්තල් ගස් පිලිබඳ ප්‍රවේණි වැඩ සටහන් දියත් කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයමින් තිරසාර කෘෂි කර්මය හා පලිබොධ පාලනය පිලිබඳ උපදෙස් හා ආධාර ලබා දෙන ලදී.

[සංස්කරණය] ජාන තාක්ෂණික පර්යේෂ

සැකිල්ල:Empty section

[සංස්කරණය] කර්මාන්ත වර්ගීකරණය කිරීම

නත්තල් ගස් වගාව කිරීම සඳහා විවිධ වූ ක්ෂේත්‍ර වලට(වන විද්‍යාව, උද්‍යාන විද්‍යාව, කෘෂි කර්මය)අදාළ වූ දක්ෂතා සහ ක්‍රියාකාරකම් අවශ්‍ය වන අතර එය වෙනම විශේෂ කාණ්ඩයකට අයත් වේ.එක්සත් ජනපදයේ කම්කරු නීති සංග්‍රහයේ 29 වන වගන්තියට අනුව නත්තල් ගස් පැළ සිටුවීම, රැක බලා ගැනීම හා කැපීම වගා මෙහෙයුම් නොවන බව සැලකේ. එක්සත් ජනපදයේ ගොවි ජන සේවා ඒජන්සිය(The U.S. Farm Service Agency /FSA) මඟින් නත්තල් ගස් අස්වැන්න රැස් කිරීම සඳහා රක්ෂණ ලබා නොදෙන අතර ඒ සඳහා විකල්ප වැඩසටහනක් ලෙස රක්ෂණය නොවූ අස්වනු සඳහා දෙනු ලබන දීමනාව ලබා දීම සිදු කෙරේ. එක්සත් ජනපදයේ සංගණන කාර්යාංශය 1997 දක්වා කෘෂිකර්ම සංඝණන සිදු කරන ලද අතර එහි වාර්තා වලට නත්තල් ගස් ගොවිබිම් පිලිබඳ වාර්තා ඇතුලත් කර නැත. 1997න් පසුව කෘෂි සංඝණන අධිකාරිය එක්සත් ජනපදයේ කෘෂි දෙපාර්තමේන්තුව ගෙන යාමෙන් පසු නත්තල් ගස් සංඝණන එයට ඇතුලත් කර ඇත.




[සංස්කරණය] සංස්කෘතික වැදගත්කම

This reindeer, at a tree farm in Seattle, is part of the holiday-themed extras offered by many Christmas tree farms

එක්සත් ජනපදයේ නත්තල් ගස් ගොවිබිම් නැරඹීම නත්තල් නිවාඩු චාරිත්‍රයක් බවට පත් වී ඇත. මෙය චාරිත්‍රයක් ලෙස ඇතුලත් කරන ලද්දේ නත්තල් ගස් ගොවිබිම් හිමියන් විසින්මය. එක් මිනිසොටා(Minnesota) හි ගොවිබිමක චාරිත්‍රයක් වන්නේ ගැනුම් කරුවන් ඔවුන්ගේම නත්තල් ගස් අසල සිට ඡායා රූප ගැනීමයි. එවිට ඔවුනට පසු කාලීනව නැවත පැමිණි පසු ඔවුන්ගේ එම ඡායාරූපය "මතක බිත්තිය"(Wall of Memories) හි දැක බලා ගත හැක. අනෙක් ගොවිබිම්ද එකම පවුලේ පරම්පරා කිහිපයකට ශාක සැපයීම නිසා මෙය එක් එක් පවුලේ චාරිත්‍රයක් බවට පත් වී ඇත. 2006 New York ජනපද කෘෂිකර්ම කොමසාරිස් වන පැට්‍රික් බ්‍රෙනන්(Patrick H. Brennan) ප්‍රාදේශීය නත්තල් ගස් ගොවිබිම් වලින් මිලදී ගැනීම් දිරි ගන්වන ලදී. එසේම New York නත්තල් ශාක වගා කරන්නන්ට සහයෝගයක් ලෙස ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර එහි දැක්වෙන්නේ

චාරිත්‍රයක් ලෙස මාගේ පවුලේ සියලු දෙනා ප්‍රාදේශීය ගොවිබිමකට පැමිණි අපගේ නත්තල් ගස කපා ගැනීම සිදු කරනවා. මෙය අපූර්ව අත්දැකීමක්. ඔබ මෙය තවමත් අත්දැක නැත්නම් මෙය චාරිත්‍රයක් ලෙස පවුලේ අය සමඟ බෙදා ගන්නා ලෙස මම එල්ලා සිටිනවා.–NY කෘෂිකර්ම කොමසාරිස් වන පැට්‍රික් බ්‍රෙනන්(Patrick H. Brennan), 2006

ඇතැම් ගොවිබිම් නත්තල් ගස් කැපීමට වඩා වැඩි යමක් ලබා දෙයි. මේ සඳහා එළිමහන් හා නිවාඩුව තේමා කරගත් ක්‍රියාකාරකම්, වැගන(Wagon) පැදවීම, උණු කොකෝවා හෝ සයිඩර්(Cider) පානය කිරීම, නත්තල් සීයා බැලීම, කැටයම් කැපීම යනාදී දේ සිදු විය. බොහොමයක් ගොවිබිම් පාසල් සඳහා ප්‍රායෝගිකව සහභාගි වීමට ක්ෂේත්‍ර චාරිකා සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙයි. කැන්සාස්() හි එක්තරා වගා කරන්නෙකු තරයේ කියා සිටියේ පීඩිත ආර්ථිකය වැනි වෙනත් ව්‍යාපාර වලට බලපාන ගැටළු නත්තල් ගස් ගොවිපලවල් වලට බලනොපාන බවයි. ඔහු තව දුරටත් කිය සිටියේ ආර්ථිකය, කාළගුණය වැනි කිසිඳු සාධකයකින් නත්තල් ගස් මිලදී ගැනීම වැළැක්විය නොහැකි බවයි.

[සංස්කරණය] යොමුව

[සංස්කරණය] External links

සැකිල්ල:Christmas tree cultivation


උපන්‍යාස දෝෂය: <ref> ටැග පැවතුණත්, <references/> ටැග සොයාගත නොහැකි විය.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්