ධ්‍වනි විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ධ්‍වනි විද්‍යාව යනු විවිධ වූ ක්ෂේත්‍රයන්, ධ්වනිය අති ධ්වනිය හා අධෝධ්වනිය (පදාර්ථයේ අවස්ථා වන ඝන ද්‍රව හා වායුන්ගේ තුල පවතින සියළු යාන්ත්‍රික තරංග) පිළිබඳ වූ විද්‍යාවකි. ධ්‍වනි විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයා ධ්‍වනි විද්‍යාඥයෙක් වශයෙන් හඳුන්වනු ලබයි. ධ්වනි විද්‍යා‍ෙව් තාක්ෂණික යෙදීම්‍ ධ්‍වනි ඉංජිනේරු විද්‍යාව වශයෙන් හඳුන්වයි. ධ්‍වනි විද්‍යාඥයෙකුගේ ක්‍රියාකාරකම්‍ පරාසය බොහෝ විට සමාන කමක් දක්වයි.

සත්ව ලෝකයේ දිවි පැවැත්ම සඳහා ශ්‍රවණය ඉතා වැදගත් හැකියාවක් වන සේම කථා කිරී‍ෙම් හැකියාව මිනිස් දියුණු‍ෙව් හා සංස්කෘතියේ ඉතා වැදගත් ලක්ෂණයකි. ෙම්‍ නිසා ශබ්‍දය පිළිබඳ වූ විද්‍යාව අප සමාජයේ විවිධ පැතිකඩවල් ඔස්සේ වර්ධනය වීම පුදුම දනවන කරුණක් නො‍‍ෙව්‍. සංගීතය, වෛද්‍ය විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, කාර්මික නිෂ්පාදන හා යුධ විද්‍යාව මෙවැනි ක්ෂෙත්‍ර කිහිපයකි. කලාව, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණ‍ය යන ක්ෂේත්‍රයන් එකිනෙකෙහි වර්ධනයට රුකුල් දෙමින් අනෙක් බොහෝ දැනුම් ක්ෂේත්‍ර පරිද්දෙන්ම ධ්වනි විද්‍යාවද සමස්ත ක්ෂේත්‍රයක් ලෙස ප්‍රගමනය කිරීමට දායක වී තිබේ.

ධ්‍වනි විද්‍යාව (acoustic) යන වචනය සැදී ඇත්තේ ශ්‍රීක භාෂා‍ෙව් වචනයක් වන ακουστός, යන වචනයෙනි. මෙහි තේරුම වන්නේ “ඇසීමට ඇති හැකියාවයි” (Woodhouse 1910, B92) ලතින් භාෂාවෙන් මෙයට “Sonic” යනුවෙන් හඳුන්වයි. ධ්වනි විද්‍යාඥයන් සිය අධ්‍යයනයන් මිනිස් පරාසයෙන් ශ්‍රව්‍ය ඉහළ හා පහළ සංඛ්‍යාත පරාසයක් දක්වා විස්තාරණය කිරීමත් සමග එම ධ්වනි පරාස පිළිවෙලින් අතිධ්වනි හා අධෝ ධ්වනි පරාස ලෙස පොදුවේ හැඳින්වීම සිදු වූ අතර ධ්වනි විද්‍යාව මෙම සියළු සංඛ්‍යාත අධ්‍යයනය හඳුන්වන පොදු වදන බවට පත් විය.

ධ්වනිය පිළිබද ඉතිහාසය[සංස්කරණය]

තන්තුවක් කම්පනය කිරිමේදී ඇතිවන මුලික යන පළමු උපරිතානය පළමුවෙන්ම මෙම විද්‍යාමාන වන දේ අධ්‍යයනය කරනු ලැබුවේ පයිතගරස් විසිනි.

ධ්වනිය පිළිබද විද්‍යාව 6 වැනි සහ 1 වැනි සියවස අතර ග‍්‍රික සහ රෝම සංස්කෘතියේ පටන් ගන්නා ලදි. එය සංගිතයක් ලෙස ආරම්භ වු අතර අවුරුදු දහස් ගනනක් කලාවක් ලෙස ආරම්භ වු අතර අවුරුදු දහස් ගනනක් කලාවක් ලෙස භාවිත කල අතර පයිතගරස් සංගිත ප‍්‍රාන්තරවල ස්වභාවය ගැන උනන්දුවක් දක්වනතෙක් විද්‍යාත්මක ආකාරයට ඉගෙන ගත් බවට සාක්ෂි නොමැත. ඇරිස්ටෝටල්ට සමහර ප‍්‍රාන්තර අනිත් ප‍්‍රාන්තරවලට වඩා ලස්සන ඇයි දැයි දැන ගැනිමට අවශ්‍ය විය. එය පිළිතුරු සංඛ්‍යාත්මක අනුගත වලින් සොයා ගැනිමට ඔහු සමත් විය. ඇරිස්ටෝටල් (384-322) ධ්වනිය වායුන්ගේ සංකෝචනය සහ ප‍්‍රසාරණය අනුව සිදුවන බව තේරුම් ගන්නා ලදි. 20ඊක්‍ දි රෝමානු ගෘහ නිර්මාණ හිල්පියකු සහ ඉංජිනේරුවා වු බර්ටුවිකස් ධ්වනිත්ව ගතිගුණ වන දෝංකාරය සහ අනුනාදය යන ගෘහ නිර්මාණාත්මක ධ්වනිය පිළිබද සාකච්ඡුා අඩංගු ශාස්ත‍්‍රිය ග‍්‍රන්ථයක් ලියන ලදි.

ධ්වනිමය ක‍්‍රියාවලිය පිළිබද භෞතිකමය තේරුම් ගැනිම විද්‍යාත්මක විප්ලවය තුල සහ පසුව වේගයෙන් සිදුවිය. ගැලිලියෝ (1564-1642) සහ මර්සෙන් (1588-1648) තන්තු කම්පනය පිළිබද සම්පුර්ණ නියම ස්වායත්ව සොයා ගන්නා (පයිතගරස් අවු 2000 කට පෙර කලින් සම්පුර්ණ කරන ලද) ගැලිලියෝ විසින් රුව්දෙන වස්තුන්ගේ කම්පන මගින් තරංග නිපදවනු ලැබේ. එය වායු තුලින් ගමන් කර කනේ කන්අඩියට ගොස් මොලය සංවේදනය වි ශබ්දයක් ලෙස හදුනා ගනි. මෙම සැලකිය යුතු ප‍්‍රකාශනය මගින් කායික සහ මානසික ධ්වනිය පිළිබද කරුණු ඉදිරිපත් කරයි.

වාතයේ ධ්වනියේ ප‍්‍රවේගය පිළිබද පරියේෂණාත්මක මිනුම් 1630 සහ 1680 කාලය තු මරියින් විසින් විමර්ශනය කරන ලදි. මේ අතර නිව්ටන් (1642-1727) ඝනවල තරංග ප‍්‍රවේගය යන කොන්ගල භෞතික ධ්වනිය පිළිබද සම්බන්ධතාවයක් ව්‍යුත්පන්න කරන ලදි


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Acoustics

"http://si.wikipedia.org/w/index.php?title=ධ්‍වනි_විද්‍යාව&oldid=249398" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි