ධ්‍වනි විද්‍යාව
Wikipedia වෙතින්
ධ්වනි විද්‍යාව යනු විවිධ වූ ක්ෂේත්‍රයන්, ධ්වනිය අති ධ්වනිය හා අධෝධ්වනිය (පදාර්ථයේ අවස්ථා වන ඝන ද්‍රව හා වායුන්ගේ තුල පවතින සියළු යාන්ත්‍රික තරංග) පිළිබඳ වූ විද්‍යාවකි. ධ්‍වනි විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයා ධ්‍වනි විද්‍යාඥයෙක් වශයෙන් හඳුන්වනු ලබයි. ධ්වනි විද්‍යාෙව් තාක්ෂණික යෙදීම් ධ්‍වනි ඉංජිනේරු විද්‍යාව වශයෙන් හඳුන්වයි. ධ්‍වනි විද්‍යාඥයෙකුගේ ක්‍රියාකාරකම් පරාසය බොහෝ විට සමාන කමක් දක්වයි.
සත්ව ලෝකයේ දිවි පැවැත්ම සඳහා ශ්‍රවණය ඉතා වැදගත් හැකියාවක් වන සේම කථා කිරීෙම් හැකියාව මිනිස් දියුණුෙව් හා සංස්කෘතියේ ඉතා වැදගත් ලක්ෂණයකි. ෙම් නිසා ශබ්‍දය පිළිබඳ වූ විද්‍යාව අප සමාජයේ විවිධ පැතිකඩවල් ඔස්සේ වර්ධනය වීම පුදුම දනවන කරුණක් නොෙව්. සංගීතය, වෛද්‍ය විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය, කාර්මික නිෂ්පාදන හා යුධ විද්‍යාව මෙවැනි ක්ෂෙත්‍ර කිහිපයකි. කලාව, කර්මාන්ත, විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රයන් එකිනෙකෙහි වර්ධනයට රුකුල් දෙමින් අනෙක් බොහෝ දැනුම් ක්ෂේත්‍ර පරිද්දෙන්ම ධ්වනි විද්‍යාවද සමස්ත ක්ෂේත්‍රයක් ලෙස ප්‍රගමනය කිරීමට දායක වී තිබේ.
ධ්‍වනි විද්‍යාව (acoustic) යන වචනය සැදී ඇත්තේ ශ්‍රීක භාෂාෙව් වචනයක් වන ακουστός, යන වචනයෙනි. මෙහි තේරුම වන්නේ “ඇසීමට ඇති හැකියාවයි” (Woodhouse 1910, B92) ලතින් භාෂාවෙන් මෙයට “Sonic” යනුවෙන් හඳුන්වයි. ධ්වනි විද්‍යාඥයන් සිය අධ්‍යයනයන් මිනිස් පරාසයෙන් ශ්‍රව්‍ය ඉහළ හා පහළ සංඛ්‍යාත පරාසයක් දක්වා විස්තාරණය කිරීමත් සමග එම ධ්වනි පරාස පිළිවෙලින් අතිධ්වනි හා අධෝ ධ්වනි පරාස ලෙස පොදුවේ හැඳින්වීම සිදු වූ අතර ධ්වනි විද්‍යාව මෙම සියළු සංඛ්‍යාත අධ්‍යයනය හඳුන්වන පොදු වදන බවට පත් විය.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Acoustics
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."