දේශානුකුලනය

විකිපීඩියා වෙතින්

ජීව විද්‍යාවේ දී , දේශානුකුලනය යනු යම් දේශීය නොවන ජීවියෙකු ස්වභාවික පරිසරයෙහි පැතිර යාමෙන් දේශානුකුලකෘත වීමේ ක්‍රියාවලියයි. ගහනයක් දේශානුකුලකෘත වුවා යැයි සැලකෙන්නේ එම ගහනය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ප්‍රජනක හැකියාවක් එම ගහනය තුල පවතින විටය.

ඇතැම් ගහන නොනැසී පවතින්නේ ප්‍රජනක හැකියාව නිසා නොව,භාහිරයෙන් නොනවත්තා ආගමනය වීම නිසාය.එවන් ගහන , හෝ එම ගහනය තුල සිටින එකෛකයන්, ආගන්තුකයන් වේ. [1] වගාගත කරනු ලබන ශාක ආගන්තුක ශාක සඳහා ප්‍රධාන ප්‍රභවයකි.

දේශානුකුලකෘත විශේෂ දේශීය ශාක හා සතුන් මත අහිතකර ආචරණ ඇති කිරීමට තරම් බහුල වුවහොත් එම විශේෂ ආක්‍රමණික විශේෂ බවට පත්විය හැක.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Warren L. Wagner, Derral R. Herbst, and Sy H. Sohmer. Manual of the Flowering Plants of Hawaii, Revised Edition, 1999. Bishop Museum Press: Hololulu
"https://si.wikipedia.org/w/index.php?title=දේශානුකුලනය&oldid=250474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි