දේවානම්පිය තිස්ස රජ
| මුල් රාජාභීෂේකය:තිස්ස රජ දෙවන රාජාභීෂේකය:දේවානම්පිය තිස්ස රජ |
|
|---|---|
| රජරට රජ | |
දේවානම්පිය තිස්ස රජුගේ පවුල සහ උත්තිය කුමරු සිටින චිත්‍රයක් |
|
| රාජ්‍ය කාලය | ක්‍රිපූ 307– ක්‍රිපූ 267 |
| මරණය | ක්‍රිපූ 267 |
| පූර්වප්‍රාප්තිකයා | මුටසිව රජ |
| අනුප්‍රපාප්තිකයා | උත්තිය රජ |
| වල්ලභ | අනුලා |
| රාජ වංශය | පණ්ඩුකාභය රජ |
| පියා | මුටසිව රජ |
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BC - 267 BC). දේවානම්පියතිස්ස රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන‍්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.
පටුන |
[සංස්කරණය] පාලන සමය
[සංස්කරණය] තිස්ස රජ ලෙස පාලන සමය
අනුරාධපුරයේ රජුව සිටි මුටසීවගේ දෙවැනි පුත්‍රයා තිස්සයි. මහාවංශය ඔහු ගැන විස්තර කරන්නේ ඔහුගේ අනෙකුත් සහෝදරයින් අතරින් බුද්ධිමත් හා යහපත් හැසිරීම අතින් ශ්‍රේෂ්ඨතමයා ලෙසිනි. ඔහු ක්‍රි.පු. 247 දී උතුරු රාජ්‍යයේ අනුරාධපුය මුල් කරගෙන සිහසුනට පත්විය. සොවුරු මහානාග කුමරු යුවරජ විය.
[සංස්කරණය] දේවානම්පිය තිස්ස රජ ලෙස පාලන සමය සහ බුද්ධාගම වැලඳගැනීම
මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයා සමග පෙර සිට තිබුණු මිත්‍රත්වය මහාවංශය විස්තර කරයි. එහි 19 වන පරිච්ඡේදයේ මෙසේ කියයි. ‘දේවානම්පියතිස්ස හා ධම්මාශෝක එකිනෙකා නොදැක සිටියේ වුවද රාජ්‍යයන් දෙක අතර බොහෝ කලක සිට මිත්‍රත්වයක් පැවතියේය’. ධම්මාශෝක නම අශෝක හැදින්වීමට විකල්ප වශයෙන් භාවිතා කරන ලදී. තිස්ස අශෝක අධිරාජ්‍යයා වෙත තෑගි බෝග යැවීම මහාවංශය තවදුරටත් විස්තර කරයි. ඒවාට අශෝක අධිරාජ්‍යයා පෙරළා තෑගි බෝග එව්වා පමණක් නොව ඔහු බුද්ධාගම වැළද ගත් බවත් එසේ කරන ලෙස තිස්සට ආයාචනා කරන බවත් පිළිතුරු වශයෙන් දන්වා එවීය. තිස්ස රජු මෞර්ය සම්ප්‍රදායට අනුගතව දෙවියන්ට ප්‍රිය යන අර්ධයෙන් යුත් ‘දේවානම්පිය’ නැමැති කොටස තම නමට එක්කර දේවානම්පිය තිස්ස රජ අලංකාර මෞලි සංගල්‍යයක් පවත්වා තමන් පුජනීය රජ කෙනෙකු ලෙස ප්‍රකාශ කළේය.
තමන්ට විෂය වූ ලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරවීම අශෝක අධිරාජයාගේ පරම අභිලාෂය විය. එහෙයින් තම පුතණුවන් වූ මහින්ද ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකා වාසීන් බුද්ධාගමට හරවා ගත යුතුය යන්න අශෝක අධිරාජයාගේ තීරණය විය. මහින්දාගමනය කේන්ද්‍ර කර ගෙන ඇති වූ සිද්ධීන් සහ මිහිඳු හිමි සහ දේවානම් පියතිස්ස රජතුමා මුණ ගැසීමද සිංහල ඉතිහාස කථාවල ඉතා වැදගත් ස්ථානයක් ගනී.
මහා වංශයට අනුව 40000 ක් වූ සෙබල මුලක් සමග දේවානම්පියතිස්ස රජු මිස්සක නම් පර්වතය අසබඩ දඩ කෙළියෙහි යෙදුනේය. පාරම්පරිකව පැවතෙන තොරතුරු අනුව මෙම දිනය පොසොන් පුර පසළොස්වක දිනයකි.
මිස්සක පව්ව පා මුලට පැමිණි දේවානම් පියතිස්ස මුවෙකු දැක ඌ ලුහු බඳිමින් වන රොද තුළට වැදුනේය. මෙහිදී ඔහුට මිහිඳු හිමි මුණ ගැසුනේය. මහා වංශය මෙම සිද්ධියට හාස්‍යය මුසු කරමින් විස්තර කර ඇත්තේ රජුට යක්ෂයෙකු හමු වූ බවත් ඔහු ඉන් බියට පත් වූ බවත් සඳහන් කරමිනි. මිහිඳු හිමි රජු අමතා "මහ රජ අපි ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයන් වෙමු. ඔබ කෙරේ උපන් අනුකම්පාවෙන් දඹදිව සිට පැමිණියෙමු" යයි පවසා සිටියහ. දේවානම් පියතිස්ස රජුට තම මිතුරු අශෝක පිළිබඳ තොරතුරු සිහියට නැගුණි. පැමිණි පිරිස ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ඉන්දියාවේ සිට පැමිණ ඇති බව රජුට අවබෝධ විය. මිහිඳු හිමියන් රජුට ධර්ම දේශනා කළ අතර ඉන් පසු රජතුමා බුදු දහම වැළඳ ගත්තේය.
දේවානම්පිය තිස්සගෙන් පසු පාරම්පරික පිළිවෙල අනුව ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා වන උත්තිය හා මහා ශිවට රජකම උරුම විය.
[සංස්කරණය] සංගණ්‍ය ස්ථානයන්
දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය කාලය පෙන්වීමේදී ප්‍රායෝගික තත්වයට වඩා ඈත කාලයක් දක්වා තිබේ. පවතින දේශපාලන අස්ථාවරත්වය මුල් කර ගෙන පුරා විද්‍යාත්මකව විපරම් කිරීමේ අපහසුවද, දේවානම්පියතිස්ස රාජ සමය ගැන ඇති මූලාශ්‍රයන්හි හිඟයද නිසා මෙම වෙනස් වීමට අදාළ ගැටීම ප්‍රායෝගිකව නිශ්චය කිරීම අසීරුය. උදාරහරණයක් වශයෙන් රජු විසින් කරන ලද තිස්සමහා විහාරය සහ තවත් විහාර කීපයක් ගැන සඳහන් වෙතත් ඒවා එකක්වත් තිබෙන ස්ථානයක් හඳුනා ගත නොහැක.
කෙසේ වෙතත් තරමක් දුරට හෝ පැහැදිලි කාරණයක් නම් රජු මහින්ද තෙරුන් හමු වූ ස්ථානයයි. මිහින්තලය නම් වූ එම ස්ථානය ශ්‍රී ලංකාවේ අති පූජනීය ස්ථානයකි. අම්බස්තලය පිහිටා තිබෙන පූජනීය බිම, මහින්ද තෙරුන් දේවානම්පියතිස්ස රජුගෙන් ඔහුගේ බුද්ධිය පරීක්ෂා කර බැලීම සඳහා ප්‍රශ්න විචාරන ලද ස්ථානයයි. එහි ඇති ගල් ලෙන මහින්ද තෙරුන් අවුරුදු හතළිහක් වැඩ විසූ ස්ථානයයි. මහාසෑය සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්ථූපයයි.
දේවානම්පියතිස්ස රාජ සමයට අයත් අනෙක් වැදගත් ප්‍රධාන ස්ථානයක් නම් ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයයි. මෙයද අශෝක අධිරාජයාගෙන් ලැබුණු තෑග්ගකි. එය අනුරාධපුර පූජා භූමියේ රෝපණය කර ඇති අතර, ලෝකයේ පැරණිම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැළකෙයි.
[සංස්කරණය] වැදගත්භාවය
පුරාණ ලක්දිව ඉතාමත් වැදගත් රජ කෙනෙකු ලෙස දේවානම්පියතිස්ස රජුගේ නම පවතී. ඔහු බුද්ධාගම වැළඳ ගැනීම, පසු කාලීන රාජ්‍යයන් සංස්කෘතික සහ අගාමික වශයෙන් උතුරේ පිහිටි උප මහාද්වීපයට වඩා වෙනස් මගක් ගැනීමට මග හෙළි කළේය. පසු කාලීන රජවරු දේවානම්පියතිස්ස රජු බුද්ධාගම වැළඳ ගැනීම අනුරාධපුර රාජධානි සමය තුළ සිදු වූ වැදගත් සිද්ධියක් ලෙස සැළකූහ. අනුරාධපුර නගරය පූර්ව මධ්‍යතන යුගය දක්වා බලවත් රාජ්‍යයක අගනුවර ලෙස පැවතියේය. පසුව එය චෝල ආක්‍රමණයන්ට ගොදුරු විය. පොළොන්නරු යුගයේ ආරම්භයත් සමග චෝල පාලනය කෙළවර විය.
[සංස්කරණය] තවද බලන්න
[සංස්කරණය] සටහන්
[සංස්කරණය] මූලාශ්‍ර
- Keown, Damien, Stephen Hodge & Paola Tinti (2003). A Dictionary of Buddhism. Oxford University Press. ISBN 0198605609.
[සංස්කරණය] External links
- Mihintale
- The Maha Bodhi
- The Mahavamsa History of Sri Lanka The Great Chronicle of Sri Lanka
- Kings & Rulers of Sri Lanka
- Codrington's Short History of Ceylon
|
දේවානම්පිය තිස්ස රජ
උපත: ? ? මරණය: ? ? |
||
| Regnal titles | ||
|---|---|---|
| Preceded by: Mutasiva |
King of Anuradhapura | Succeeded by: Uttiya |