දේව්යානි කෝබ්රාගඩේ සිද්ධිය

විකිපීඩියා වෙතින්

2013, දෙසැම්බර් 11 දිනදී, එ.ජ. බලධාරීන් විසින්, එවකට නිව්යෝර්ක් නගරය සඳහා ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයෙහි නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරයාව සිටි දේව්යානි කෝබ්රාගඩේ හට චෝදනා එල්ල කලේ, නිව්යෝර්ක්හිදී කෝබ්රාගඩේ සඳහා ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කිරීමට බලාපොරොත්තුව සිටි ඉන්දියානු ජාතිකත්වය දැරූ කාන්තාවක් වෙනුවෙන්, ඇයට එක්සත් ජනපදයට ඇතුළුවීමට උපකාරී වන පරිදී, සාවද්‍ය තොරතුරු සැපයීමෙන්, වීසා වංචාවක් සිදු නලේය යන කරුණ මතය. [1] එ. ජ. ෆෙඩරල් නීති බැලයීම් බලධාරීන් විසින් ඊළඟ දවසේදී කෝබ්රාගඩේ අත්අඩංගුවට ගනු ලදුව[2] ඉන්පසු සාමාන්‍යයෙන් "නග්න සෝදිසියක්" ලෙසින් හැඳින්වෙන දේහ කුහර පරික්ෂාවකට ඇයව ලක් කෙරිණි. [3][4] ඇයගේ අත්අඩංගුවට ගැනීම සහ අත්අඩංගුවෙහිදී ඇයට සැලකූ ආකාරය, විශේෂයෙන් ඉන්දියාවේ මාධ්‍යයන්හී අවධානයට ලක්වූ අතර, ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටළුකාරී තත්ත්වයක් ඇති කර ලීමට හේතු වී ඇත. [5][6]

2013 දෙසැම්බර් 18 දිනදී, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවෙහි අවසරය නිකුත් කිරීමකට යටත්ව, ඉන්දියානු රජය විසින්, නිව්යෝර්ක් හී එජා දූත කාර්යාලය වෙත කෝබ්රාගඩේ මාරු කර යවන ලද අතර, එය විසින් ඇය වෙත පූර්ණ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි වීමට නියමිතව තිබුණි. [7] ඇයගේ පෙර තනතුර සඳහා හිමිකම්ව තිබුණේ කවුන්සලර් මුක්තිය පමණි.[8]

2014, ජනවාරි 8 දිනදී, එජ විසින් කෝබ්රාගඩේ හට G1 වීසා ලබා දෙන ලද අතර එයින් ඇයට සම්පූර්ණ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය සහතික කෙරිණි. [9] මෙයට අනතුරුව අඥාත එජ නිලධාරියෙක් මෙසේ ප්‍රකාශ කර ඇති බවට වාර්තා විය "එජ විසින් මුක්තියෙහි (දේව්යානි කෝබ්රාගඩේගේ) සංත්‍යජනය (අත්හැරීම) ඉල්ලා සිටින ලදි. ඉන්දියාව විසින් හම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. අප එවිට ඇයගේ රටින් පිටවීම ඉල්ලා සිටියේ, සම්මත කාරිය පටිපාටිය අනුව වන අතර චෝදනා පෙර පරිදීම පවතිනු ඇත,"

2014 ජනවාරි 9 දිනදී, වීසා වංචාව සහ සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම පිළිබඳව ෆෙඩරල් මහා ජූරියක් විසින් කෝබ්රාගඩේ හට අධිචෝදනා ගොනු කෙරිණි. [10] ඉන් පසුව එම දිනයේදීම ඇය ගුවන් මගින් එක්සත් ජනපදයෙන් පිටත්ව ඉන්දියාව බලා පිටත් වූවාය.[10]

පසුබිම[සංස්කරණය]

දේව්යානි කෝබ්රාගඩේ[සංස්කරණය]

දේව්යානි කෝබ්රාගඩේ, 39, යනු ඉන්දියානු විදේශ සේවාවට අනුයුක්ත නිලධාරිනියක් වන අතර, නිව්යෝර්ක් හී ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයෙහි නියෝජ්‍ය කොන්සල් ජනරාල්වරයා ලෙසින් කටයුතු කලාය. ඇය ඉන්දියානු විදේශ සේවයට බැඳුනේ 1999 වසරෙහිදීය.ඉන්දියාව වෙනුවෙන් නියෝජ්‍ය කොන්සප් ජනරාල්වරිය වශයෙන්, කාන්තා කටයුතු මෙන්ම දේශපාලන සහ ආර්ථික ගැටලුද ඇය විසින් හසුරුවන ලදි. කෝබ්රාගඩේ විවාහව සිටියේ, පෙන්සල්වේනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ, නිව්යෝර්ක්හී උපන්, ආකාෂ් සිං රාතෝර් නම්වූ ඇමරිකානු පුරවැසියෙක් හා සමගිනි. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටති.[11][12]


2012 නොවැම්බර් මාසයේදී, ඉන්දියානු ජාතිකයෙක් වූ සංගීතා රිචඩ් නමැත්තිය, කෝබ්රාගඩේ විසින් ආයා කෙනෙකු සහ ගෘහ සේවිකාවක් වශයෙන් බඳවාගන්නා ලද අතර, නිව්යෝර්ක් නගරය වෙත රිචඩ් ගෙන ඒම සඳහා එජ වීසා බලපත්‍රයක් සලසා දෙන ලදි. A-3 වීසා බලපත්‍රයක් යටතේ, රිචඩ් එ.ජ. තුලට පැමිණි අතර, සංක්‍රමණික-නොවන මෙම වීසා බලපත්‍රය ප්‍රකාර, එජ හී ඕනෑම ස්ථානයක කිසියම් විශේෂිත සේවාදායකයෙකු වෙත සේවය කිරීමට එය දරන්නාට අවකාශ ලැබේ.[13] ඇයගේ සැමියා, පිලිප් රිචඩ්, නව දිල්ලියේ මොසැම්බික් තානාපති කාර්යාලයෙහි රියැදුරෙකු ලෙසින් සේවය කලේය.[13] 2002–2007 අතරතුරදී ඉන්දියාවේ සේවය කල ජ්‍යෙෂ්ඨ එජ තානාපති නිලධාරියෙකු වෙත සංගීතා රිචඩ්ගේ නැන්දම්මා සේවය කල බවද වාර්තා වී තිබුණි. ඉන්දියාවේ එජ කානාපති කාර්යාලයෙහි රිචඩ්ගේ මාමණ්ඩිය දැනුදු සේවය කරන බවද වාර්තා විය.[14]

ආශ්‍රිත[සංස්කරණය]

  1. හූ ඊස් දේව්යානි කෝබ්රාගඩේ? – ටයිම්ස් ඔෆ් ඉන්ඩියා
  2. "ඩ්ප්ලොමැට්ස් අරෙස්ට් ඉන් නිව්යෝර්ක්". නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2013/12/18/world/asia/outrage-in-india-over-female-diplomats-arrest-in-new-york.html?_r=0. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 17, 2013. 
  3. "ඉන්ඩියන් ඔෆීෂියල්: ඩිප්ලොමැට්ස් අරෙස්ට් ඉන් NYC බාර්බරික්". ඇෂෝෂියේටඩ් ප්‍රෙස්Press. http://news.yahoo.com/indian-official-diplomat-39-arrest-nyc-barbaric-105440734.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 29, 2013. 
  4. "යූඑස් ඇඩ්මිට්ස් ඩිප්ලොමැට් දේව්යානි කෝබ්රාගඩේ ස්ට්‍රිප්-සර්ච්ඩ් ඈස් ඉන්ඩියා ලෝන්චර්ස් රිප්‍රයිසල්ස් ඕවර් අරෙස්ට්". ඔස්ට්‍රේලියා නෙට්වර්ක් නිවුස්. http://www.abc.net.au/news/2013-12-18/an-india-us-diplomat-arrest/5163076. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 29, 2013. 
  5. "රෝ ඩීප්න්ස්". බීබීසී. http://www.bbc.co.uk/news/world-asia-india-25411876. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 17, 2013. 
  6. "ඉන්ඩියා ටේක්ස් යූඑස් හෙඩ් ඕන්". දි ඉකනමික් ටයිම්ස්. http://economictimes.indiatimes.com/news/politics-and-nation/devyani-khobragade-case-india-takes-us-head-on-shinde-modi-refuse-to-meet-american-delegation/articleshow/27517995.cms. සම්ප්‍රවේශය කෙරුණු දිනය දෙසැම්බර් 17, 2013. 
  7. ඉන්ඩියා ඇකියුසර්ස් යූඑස් ඔෆ් ඉමිග්‍රේෂන් ෆ්‍රෝඩ්, ට්‍රාන්ස්ෆර්ස් දේව්යානි ටු පර්මනන්ට් මිෂන් ඇට් යූඑන් දෙසැම්බර් 18, 2013
  8. [ttp://www.ndtv.com/article/india/devyani-khobragade-case-india-refuses-us-request-to-waive-immunity-469244 "දේව්යානි කෝබ්රාගඩේ කේස් ඉන්ඩියා රිෆියුසර්ස් යූඑස් රික්වෙස්ට් ටු වේව් ඉමියුනිටි"].
  9. ගොෂ්, දීප්ෂිකා (ජනවාරි 10, 2014). "දේව්යානි කෝබ්රාගඩේ ගෙට්ස් ෆුල් ඩිප්ලොමැටික් ඉමියුනිටි, ඔන් හර් වේ ටු ඉන්ඩියා". එන්ඩීටීවී (එන්ඩීටීවී). http://www.ndtv.com/article/cheat-sheet/devyani-khobragade-gets-full-diplomatic-immunity-on-her-way-to-india-469219?curl=1389455147. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 11, 2014. 
  10. 10.0 10.1 නියුමෙයිස්ටර්, ලැරී; ලී, මැතිව් (ජනවාරි 9, 2014). "ස්ට්‍රිප්-සර්ච්ඩ් ඩිප්ලොමැට් ඉන්ඩික්ටඩ් ඔන් ෆ්‍රෝඩ් චාර්ජ්". ඇසෝෂියේටඩ් ප්‍රෙස් (ඒබීසී නිවුස්). http://abcnews.go.com/US/wireStory/indian-diplomat-indicted-ny-leaves-us-21480045. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජනවාරි 10, 2014. 
  11. "මෝ ස්කෙලෙටොන්ස් ටම්බල් අවුට් ඔෆ් දේව්යානි කෝබ්රාගඩේස් කප්බර්ඩ්".
  12. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; hindu-20140111 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  13. 13.0 13.1 "හූ ඊස් සංගීතා රිචඩ්?".
  14. "ෆැමිලි කනෙක්ෂන්ස් විත් යූඑස් එම්බසි".