දෙවන ලෝක යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයෝ

විකිපීඩියා වෙතින්

දෙවන ලෝක යුද්ධයෙහි අක්ෂ පිලෙහි නායකයෝ, දෙවන ලෝක යුද්ධයෙහි වැදගත් දේශපාලනමය සහ හමුදාමය චරිත වූහ. 1941දී ත්‍රි-පාක්ෂික ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව අක්ෂ පිල පිහිටුවන ලද අතර, ප්‍රබල හමුදාවාදී සහ ජාතිකවාදී මතවාදයක් භාවිතා කල අතර කොමියුනිස්ට් විරෝධී පිළිවෙතක් අනුගමනය කළහ. යුද්ධයේ මුල් අවදියෙහිදී, ඔවුන් විසින් යටත් කර ගත් දේශයන්හී රූකඩ රජයන් පිහිටුවන ලදි. යුද්ධය කෙළවර වූ විට, ඔවුන් බොහෝ දෙනෙක්, යුද්ධ අපරාධ සඳහා නඩු විභාගයන්ට යොමු කරන ලදහ. ප්‍රධාන නායකයන් වූයේ, ඉතාලියේ බෙනීටෝ මුසොලීනි, නාසි ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ, ජපානයේ හිරෝහිතෝ අධිරාජයා (අග්‍රාමාත්‍යවරුන් වූ, හිඩේකි තෝජෝ සහ ෆුමීමැරෝ කොනෙයි සමගින්) යන්නෝය. මුසොලීනි සහ හිට්ලර් නිතර හමුවනද, මිත්‍ර පක්ෂයේ සිදුවූවාට හාත්පසින්ම විරුද්ධ ලෙසින්, ප්‍රධාන අක්ෂ පිල් ආණ්ඩු ප්‍රධානින් අතර කිසිදු ඒකාබද්ධ රැස්වීමක් නොවීය.

1938දී ප්‍රධාන අක්ෂ පිල බලවතුන්ගේ දේශපාලන නායකයන් වූ ඇඩොල්ෆ් හිට්ලර්, ෆුමීමැරෝ කොනෙයි සහ බෙනීටෝ මුසොලීනි දැක්වෙන, ෂෝවා යුගයෙහි ජපාන ප්‍රචාර තැපැල්පතක්