දෙමළ ඊළාම් විමුක්ති කොටි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලොව දරුනුතම ත්‍රස්‌ත සන්විදානයක් වුවත් ශ්‍රීලංකා රජයේ හමුදාව හා සටන් වැද ජය ගැනීමට නොහැකි විය .ඇතැම් ලොව බලවත් රටවල් ත්‍රස්ත හේතුන් මත තවමත් පීඩා විදී .

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (ඉංග්‍රීසි: Liberation Tigers of Tamil Eelam, දෙමළ: தமிழீழ விடுதலைப் புலிகள், ISO 15919: tamiḻ īḻa viṭutalaip pulikaḷ; පොදු වහරෙහි එල්ටීටීඊ හෝ කොටි ලෙසින් වැහැරෙයි) උතුරු ශ්‍රී ලංකාවේ පෙරදී පදනම්ව ක්‍රියාත්මක වූ ජාතිවාදී සහ බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයකි.

1976 දී වේළුපිල්ලේ ප‍්‍රභාකරන් විසින් ආරම්භ කෙරුණ මෙම සංවිධානයේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුල ස්වාධීන දෙමල ඊලම් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ සදහා ඔවුන් බෙදුම්වාදී සන්නද්ධ අරගලයක් ඇරබු අතර එය වසර තිහක් ඉක්මවූ ආසියාවේ දීර්ඝතම ගැටුමක් බවට පත් විය. ශ්‍රී ලංකාව මෙම සංවිධානයෙහි ත්‍රස්තවාදී සහ යුධමය ක්‍රියාකාරකම් 2009 මැයි මාසයේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් පරාජය කරන ලදී.

සංවිධානයේ බලයේ උපරිම කාලසීමාව තුල ඔවුනට මනා ලෙස සංවිධිත ගරිල්ලා හමුදාවක් තිබු අතර ලාංකීය හා ඉන්දියානු දේශපාලන නායකයන් ඉලක්ක කරගැනුම් ඇතුළු ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට ඔවුන් සමත් වූහ. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස , ඉන්දීය අගමැති රජීව් ගාන්ධි යන්නවුන් මොවුන් අතින් ඝාතනය වූ ඉහල පෙලෙහි රාජ්‍ය නායකයන් ගෙන් සමහරෙකි. කොටි සංවිධානය රටවල් 32 ක තහනමට ලක් වූ සංවිධානයක් වුවද යුරෝපයේ හා ඇමරිකාවේ දෙමළ ඩයස්පෝරාව (විසිරිතය) මගින් ලැබුණු සහය ඔස්සේ කටයුතු කෙරුණ අතර සංවිධානයේ ආරම්භයේ සිට අවසානය දක්වා වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එහි නායකයා වශයෙන් කටයුතු කරන ලදී.

යුද්ධය පැවතී කාලසීමාව පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් විසින් පාලනය කරන ලදී. මෙම කාලසීමාව තුල එල් ටි ටි ඊ සංවිධානය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමග භයානක ගැටුම් වලට මුහුණ දුනි. සිවු වතාවක් සාම සාකච්ඡා වලට සහභාගී වූ එල් ටි ටි ඊ ය සිවු වතාවේම එම සාකච්ඡා වලින් ඉවත් විය. 2002 සාම සාකච්ඡා වලට සහභාගී වන විට ඔවුන් විසින් වර්ග කිලෝ මීටර 15000 ක බිම් කඩක් පාලනය කරන ලදී. 2006 සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග ශ්‍රී ලංකා හමුදා දියත් කරන ලද හමුදා මෙහෙයුමෙන් පසුව මුළු දිවයිනම ලංකා රජයේ පාලනයට නතුවූ අතර එල්.ටි.ටි.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට ලක් විය. එල්.ටි.ටි.ඊ. සංවිධානය මැයි මස 17 වන දින තම පරාජය නිල වශයෙන් පිළිගත් අතර මැයි මස 19 වන දින ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදාවන් විසින් ඝාතනය කරන ලදී. ඉන් පසු සෙල්වරාසා පත්මනාදන් (රණ නාමය : කේ.පි ) නායකත්වයට පත් වූ නමුත් ශ්‍රී ලංකාව විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

පටුන

ඉතිහාසය [සංස්කරණය]

ආරම්භය [සංස්කරණය]

බල ව්‍යාප්තිය [සංස්කරණය]

ඉන්දීය සාම හමුදා යුගය [සංස්කරණය]

පශ්චාත් ඉන්දීය සාම හමුදා යුගය [සංස්කරණය]

2001 සාම සාකච්ඡා [සංස්කරණය]

යුධමය පරාජය [සංස්කරණය]

වත්මන් ක්‍රියාකාරකම් [සංස්කරණය]

වෙනත් ත්‍රස්තවාදී සංවිධාන හා සබඳතා [සංස්කරණය]

වෙනත් ත්‍රස්තවාදී සංවිධාන එල්.ටි.ටි.ඊ උපක්‍රම භාවිතය [සංස්කරණය]

ඝාතන [සංස්කරණය]

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර [සංස්කරණය]

මානව හිමිකම් උල්ලංඝනය [සංස්කරණය]

සිවිල් වැසියන් ඉලක්ක කරගත් ප්‍රහාර [සංස්කරණය]

ළමා සොල්දාදුවන් [සංස්කරණය]

ජන සංහාර (වර්ග ඝාතනය) [සංස්කරණය]

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම [සංස්කරණය]

අපරාධ [සංස්කරණය]

මුහුදු කොල්ලකෑම [සංස්කරණය]

ආයුධ ප්‍රවාහනය [සංස්කරණය]

නීති විරෝධී සංක්‍රමණ [සංස්කරණය]

බලන්න [සංස්කරණය]

බාහිර සබැඳි [සංස්කරණය]