දුන්හිඳ ඇල්ල

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
දුන්හිඳ දිය ඇල්ල
Dunhinda.jpg
ස්ථානය බදුල්ල, ශ්‍රී ලංකාව
සම්පූර්ණ උස අඩි 210, මී. 64

බදුල්ල නගරයට කි.මි 5ක් පමණ දුරින් පිහිටි දුන්හිඳ දිය ඇල්ල ලංකාවේ ඇති අලංකාරතම දිය ඇලි වලින් එකකි. එහි උස අඩි 210 කි. එනම් මී 64කි. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මීදුම (ජල වාෂ්ප ) මෙයට එම නම ලැබීමට හේතුවයි. (සින්හලෙන් "දුන්" යනු මීදුම හෙවත් දුම යන්නයි ) බදුලු නගරය හරහා ගලා බසින බදුලු ඔය මේ දිය මනරම් දිය ඇල්ල නිර්මාණය කරයි.

දිය ඇල්ලට ලගා වීම සදහ කි.මි. 1ක පමණ දුරක් අඩි පාරක් දිගේ යාමට සිදුවේ. මෙම අඩි පාර දිගේ ටික දුරක් යන විට තවත් කුඩා දිය ඇල්ල ක් දක්නට ලැබේ . දුන්හිඳ ඇල්ලේ අලංකාරය නිසාම දුෂ්කර මඩ සහිත අඩි පාරේ ගමන් කිරීමට කවුරුත් පසුබට නොවෙයි.මෙම මාවත දිගටම ඔබගේ වෙහෙස නිවිම සඳහා ඖෂධීය පාන විකුණන වෙළෙන්දන් බොහොමයක් සිටිති. මෙම අඩි පාර අවසානයේ දිය ඇල්ල නැරඹීම සදහා නරබන්නන් හට ආරක්ෂිත වේදිකාවක් ඉදිකර ඇත.ඔබ නිර්භීත අයෙකු නම් දිය ඇල්ල පාමුලට ගොස් ගඟ තරණය කොට ඇල්ලේ අලංකාරතම දසුන ඔබට දැක ගත හැක.

[සංස්කරණය] තවදුරටත්



ඛණ්ඩාංක: 7°01′N 81°04′E / 7.017°N 81.067°E / 7.017; 81.067

"http://si.wikipedia.org/w/index.php?title=දුන්හිඳ_ඇල්ල&oldid=210270" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්