ද්‍රවිඩ නාඩු

විකිපීඩියා වෙතින්
(ද්‍රවිඩනාඩු වෙතින් යළි-යොමු කරන ලදි)

ද්‍රවිඩනාඩු හෙවත් ද්‍රවිඩස්ථාන් හෙවත් ද්‍රවිඩදේශ යනු දකුණු ආසියාවේ ද්‍රවිඩ භාෂා කථාකරන ජනයා සඳහා කලෙක යෝජනා කර තිබුණු ස්වෛරීය රටයි. මේ ස්වාධීන රාජ්‍යයේ ඉල්ලීම සඳහා එකල සමහර ප්‍රධාන දේශපාලන පක්ෂද සහයෝගය පලකල අතර, ඉන් ඊ. වී. රාමසාමි විසින් මෙහෙයවනු ලැබූ යුක්තිගරුක පක්ෂය (Justice Party) සහ සී. එන්. අන්නාදුරෙයි විසින් මෙහෙයවූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය ප්‍රධාන තැනක් ගනී.

ආරම්භයේදී, මේ වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනාවන්හී ද්‍රවිඩනාඩු ස්වාධීන රාජ්‍යය, ඉන්දියාවේ දෙමළ-කතාකරන ජනයා වෙසෙන කලාපයට පමණක් සීමා වූවත්, පසුව එය ද්‍රවිඩ භාෂා කතාකරන ජනයා බහුතරයක් සිටින අනෙකුත් ඉන්දියානු ප්‍රාන්ත (උදා. අන්ද්‍රා ප්‍රදේශ්, කේරල සහ කර්ණාටක) කරාද පැතිරී යන ලදී.[1]) මින් ඉදිරිපත් වූ සමහර යෝජනා අතර ශ්‍රී ලංකාවේ (එකල සිලෝන්) සමහර භූමි කොටස්ද,[2] ඔරිස්සා සහ මහාරාෂ්ත්‍ර යන ප්‍රාන්තහී කොටස්ද ද්‍රවිඩනාඩුවට අයත් විය යුතුයැයි සඳහන්ව තිබුණි..[3] මේ හැරුණු විට ඉල්ලා තිබූ අනෙකුත් යෝජනා අතර ඉන්දියාවේ ස්වෛරී රජයන් වූ "දකුණු ඉන්දියාව", "දක්ෂිණපත්" හා "ඩෙකෑන් ෆෙඩරේෂණය"ද අයත්ව තිබිණි.[4][5]

ද්‍රවිඩනාඩුව නමින් වෙනම ස්වෛරී රාජ්‍යයක් තැනිය යුතු යැයි කල ඉල්ලීම 1940 - 1960 අතර යුගයන් හීදී වඩා බලවත් ලෙස ඉස්මතු වූ නමුත්, දෙමළ ආධිපත්‍යය සම්බන්ධව ගොඩනැගුණු සැකසංකා නිසා, තමිල්නාඩුවෙන් පිටත කිසිම සහයෝගී බලවේගයක් දිනාගැනීමට මෙම මතවාදීන් අපොහොසත් විය. මේ අතර භාෂාමය ප්‍රාන්ත ගොඩනැංවීම සම්බන්ධව 1956 දී ගෙන ආ ප්‍රාන්ත ප්‍රතිසංධාන පනත මගින්ද, ස්වාධීන ද්‍රවිඩනාඩුවක් වෙනුවෙන් වූ ඉල්ලීම තව තවත් දුර්වල කෙරිණ.[6][7] 1960 වසරේදී, පක්ෂ නායක අන්නාදුරෙයි ගේ සහභාගීත්යෙන් තොරව පැවැත්වූ ඩීඑම්කේ (DMK) පක්ෂ රැස්වීමක තිබූ පක්ෂ වැඩසටහනකින්, ද්‍රවිඩනාඩු ඉල්ලීම පිළිබඳ කොටසක් ඉවත් කරන ලදී. 1963 වසරේදී ජවහර්ලාල් නේරු ප්‍රමුඛ ඉන්දියානු පාලක රජය විසින්ද, බෙදුම්වාදය යන කරුණ නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා අන්නාදුරෙයිද, ස්වාධීන ද්‍රවිඩනාඩු රාජ්‍යයක් වෙනුවෙන් කල ඉල්ලීම අත්හැර දමන ලදී;– වර්ථමාන කාලය තුල දැනට භූගෝලීය වශයෙන් බෙදී තිබෙන තමිල්නාඩුව 1963 දී සම්පූර්ණ වශයෙන් නිමැවිණි.

මේ අතර 1980 ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී, තමිල්නාඩු විමුක්ති හමුදාව නමින් හඳුන්වාගත් සුළුතර ඉන්දියානු හමුදාමය සංවිධානයක් නැවත වතාවක් වෙනම ස්වාධීන ද්‍රවිඩනාඩුවක් ඉල්ලා සිටි බව සඳහන් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. Taylor, Richard Warren (1982). රිලිජන් ඇන්ඩ් සොසයිටි: ද ෆස්ට් ටුවෙන්ටි-ෆයිවු ඉයර්ස්, 1953–1978. ක්‍රිස්ටියන් ලිට්‍රිච සොසයිටි (ෆෝර් ද ක්‍රිස්ටියන් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩි ඔෆ් රිලිජන් ඇන්ඩ් සොසයිටි, බැංගලෝර්). p. 242. OCLC 9007066.
  2. Welch, Claude Emerson (1967). පොලිටිකල් මොඩර්නයිසේෂන්: අර් රීඩර් ඉන් කම්පැරටිව් පොළිටිකල් චේන්ජ්. Wadsworth Pub. Co. p. 173. OCLC 941238.
  3. James H. Mills, Satadru Sen, ed. (2004). කන්ෆ්‍රොන්ටිං ද බොඩි: ද පොලිටික්ස් ඔෆ් ෆිසිකලිටි ඉන් කොලෝනියල් ඇන්ඩ් පෝස්ට්-කොලෝනියල් ඉන්ඩියා. Anthem Press. p. 145. ISBN 978-1-84331-032-7.
  4. Afzal, M. Rafique (1979). ද කේස් ෆෝර් පාකිස්තාන්. ඉස්ලාමාබාද්: නැෂනල් කොමිෂන් ඔන් හිස්ටොරිකල් ඇන්ඩ් කල්චරල් රිසර්ච්. p. xxv. OCLC 8165052. {{cite book}}: Unknown parameter |nopp= ignored (help)
  5. Tirtha, Ranjit (1980). සොසයිටි ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඉන් කන්ටෙම්පරරි ඉන්ඩියා: ජියෝග්‍රැෆිකල් පර්ස්පෙක්ටිව්ස්. Harlo. p. 161. ISBN 0-8187-0040-8. OCLC 6930110.
  6. Thapar, Romesh (1978). චේන්ජ් ද කන්ෆ්ලික්ට් ඉන් ඉන්ඩියා. Macmillan. p. 75. ISBN 0-8364-0222-7.
  7. Rao, C Rajeswara (1973). ඩිෆීට් සෙපරේටිස්ට් කන්ස්පයිරසි ඉන් ආන්ද්‍රා. කමියුනිස්ට් පාර්ටි ඔෆ් ඉන්ඩියා. p. 28. OCLC 814926.
"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රවිඩ_නාඩු&oldid=301666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි