ද්වාරය:ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය

විකිපීඩියා වෙතින්

ආකෘතිකරණය-නොකල පෙළ මෙහි රුවන්න1948/02/04-ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීම

බල ලෝභය හා ස්වයංනිර්ණ සංකල්පය තුලින් අයාලේ ගිය ලංකාවේ දමිල අරගලය[සංස්කරණය]

ලංකාවේ ඇරඹුන පළමු දමිල ව්යාපාරය ලෙස සැලකෙන්නේ 1926 බිහිවූ ලංකා තරුණ සංගමයයි. ඉන්දියාවේ ජවහල්ලාල් නේරු හා මහාත්මා ගාන්ධි වැනි නායකයන් පරමාදර්ශ කොටගත් උගත් මධ්යම පාන්තික දමිල තරුණයන්ගෙන් සැදුම්ලත් මෙම ව්යාපාරය තුල වූ සුවිශේෂී ලක්ෂණය වූයේ එය පටු ජාතිවාදයෙන් තොරව ලාංකීය නිදහස් සටන වෙනුවෙන් පෙනී සිටීමය. දකුණේ බුද්ධිමතුන්ගේ ඉමහත් ගෞරවාදරයට පාත්ර වූ මෙම ව්යාපාරයේ වේදිකා මත සිංහල නායකයෝද එකල නොමඳව දක්නට ලැබිණ. 1929 දී අනාගත අගමැතිවරයකු වූ බණ්ඩාරනායක පවා රැස්වීමක් අමතමින් කියා සිටියේ නිදහස් ශ්රීලංකාව තුල සන්ධීය රාජ්යයක් ගොඩ නැඟීම සුදුසු බවයි. සිංහල නායකත්වය සමඟ එකමුතුව අනාගත ලංකාවට ඉමහත් වැඩදායී හා සාධනීය දායකත්වයක් සැපයිය හැකිව තිබූ මෙම සංවිධානය බල ලෝභයෙන් පෙළුන පොන්නම්බලම් වැනි දමිල නායකයන්ගේ ඊර්ෂ්යාවට බඳුන් වූයේ මන්දැයි වටගා ගැනීම අපහසු නැත. ලිබරල් වාදී දමිල ව්යාපාරයක් විසින් නිදහස් ලංකාවේ දමිලයන් නියෝජනය කරනු දැකීම පමණක් නොව යාපනයේ කුල භේදයට එරෙහිව ඔවුන් කල කලබගෑනියද ප්රභූ පන්තිය නියෝජනය කල සාම්ප්රදායික දමිල නායකයන්ට කොහෙත්ම රුචි නොවීය. මේ කරුණු මත ලංකා තරුණ සංගමය තුල ජාතික වාදය වැපිර වූ පොන්නම්බලම් එය විනාශ කරමින් වර්ගවාදී දරවිඩ සංගමය බිහි කිරීම අනාගතය අරබයා කෙරුන අසුභ සංඥාවක් වැන්න.

1948 නිදහසට පෙර පෙඩරල් රාජ්ය සංකල්පය ගැන සංවාදයක් ඇරඹීමට පොන්නම්බලම් ඇතුලූ දමිල නායකයෝ උත්සුක නුවූ බව සැලකිය යුතුය. ඒ වෙනුවට ඔවුන් කලේ සෝල්බරි ව්යවස්ථාව යටතේ ලංකාවේ පළමු පාර්ලිමේන්තුව තුල 40% ක් වූ ඩුළු ජාතික නියෝජනය වෙනුවට 50-50 නියෝජනයක් ඉල්ලා සිටිමින් සිංහලයන් කුපිත කරවීමයි. මෙම ඉල්ලීම කිසිසේත්ම යථාර්ථවාදී නොවන බව අතිශය පැහැදිලි වුවද දවිඩ නායකයන්ගේ අරමුණ වූයේ දමිලයන්ගේ වර්ග වාදී හැඟීම් උද්දීපනය කිරීම තුලින් ඔවුන් මත තම අධිකාරිය තහවුරු කොට ගැනීම බව පෙනේ. එහි ප්රථිඵලය ඉතා ඉක්මනින් භුක්ති විඳීමට ඔවුනට සිදුවිය. දමිලයන්ගේ අරමුණු කෙරේ ඉමහත් සැක ඇතිකොටගත් ඩී ඇස් සේනානායක නිදහසින් ලැබීමෙන් පසු කල පළමු කාර්යය වූයේ පුරවැසි පනත හා මැතිවරණ සංශෝධන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කොටගනිමින් සුළු ජාතික ජනගහනයෙන් තුනෙන් පංගුවක් වූ වතු කම්කරු ප්රජාවගේ ඡන්ද බලය අහෝසි කිරීමයි. එමඟින් පාර්ලිමේන්තුවේ සුළු ජාතික නියෝජනය 20% දක්වා අඩු විය. පුදුමයට කරුණ වූයේ පළමු පනතට එරෙහිවූ පොන්නම්බලම් එජාප රජයේ ඇමතිධුරයක් ලබා ගැනීමෙන් අනතුරුව දෙවැනි පනතට පක්ෂව ඡන්දය භාවිත කිරීමයි. ඔහුගේ ප්රතිවාදියා වූ චෙල්වනායගම් දවිඩ සංගමයෙන් අස්වී වඩාත් ජාතිවාදී ෆෙඩරල් පක්ෂය පිහිටවූයේ මෙම තත්වය යටතේය. මෙමඟින් සිදුවූයේ දමිලයන් 50-50 නියෝජනය ඉල්ලාසිටීම ගැන නොනිවුන කෝපයෙන් පසුවූ සිංහල බලවේග වඩාත් ජාතිවාදී පිළිවෙතකය යොමුවීමය. ෆෙඩරල් විසඳුමක් සලකා බැලීමට ඔවුහු තවදුරටත් සූදානම් නුවූහ. ඉතිහාසය පුරා දකුණු ඉන්දීය හා සිංහල රාජ වංශ අතර පැවති වැයික්කි ගැටුම සිංහල හා දමිල ජන කොටස් අතර වාර්ගික ගැටුමක් බවට පත් වූයේ ඒ අන්දමිනි. 1956 දී සිංහල ජනයා සතුටු කිරීම සඳහා බණ්ඩාරනායක විසින් ගෙන ආ භාෂා පණත මෙන්ම එය නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස සැලකිය හැකි බණ්ඩාරනායක-චෙල්වනාගම් ගිවිසුමට එජාපය දැඩි ලෙස එරෙහි වීමද මඟින් පෙන්නුම් කලේ දෙපාර්ශ්වයේම දේශපාලඥයන් වාර්ගික ආතතිය බල අරගලයේ අවියක් ලෙස භාවිතා කරමින් නැති ගැටළු රට තුල නිර්මාණය කල බවය.

කෙසේ වුවද වඩාත් අවාසනාවන්ත තත්වය වූයේ දමිල දේශපාලඝයන් සිය පැවැත්ම තකා දිගින් දිගටම ගිණි අවුළුවන සුළු ප්රකාශ නිකුත් කිරීමත් ඊට ප්රතිචාර ලෙස සිංහල ජනයා වාර්ගික කෝලාහල වලට මුල පුරමින් ම්ලේච්ඡ ලෙස දමිලයන් සංහාරය කිරීමට පෙළඹීමත්ය. මෙමඟින් සිදුවූයේ ඊනියා ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් දෙවන පරම්පාරවේ දමිල තරුණයත් තුල අධිෂ්ඨානයක් ඇති වීමත් පමණී. 1971 දකුනේ තරුණ කැරැල්ල සන්නද්ධ අරගලයක් සඳහා වූ මූලික මඟ පෙන්වීම ඔවුනට ලබා දුන්නේය.

සාම්ප්රදායික දමිල දේශපාලඥයන් යටපත් කරමින් ඊලාම් සංකල්පය වෙනුවෙන් නැඟී සිටි දමිල සංවිධාන අනුගමනය කල ෆැසිසිට් වාදි පිලිවෙත තුලින් දමිල ජනයා ප්රතිලාභය නම් නැත. නිදහසින් පසු උතුරේ දෙවන පරම්පරාව තුල ඊලාම් අරගලය අරබයා වූ අපේක්ෂා බොඳවීමට හේතුවූයේ 80 දශකයේ දමිල කණ්ඩායම්ලැකිනෙකා කුලල් කෑමට ගැනීම හේතුවෙනි. 1987 වනවිට වාර්ගික කෝලාහල වලින් හා යුද්ධයෙන් හෙම්බත්ව සිටි ඔවුන්ගේ එකම අපේක්ෂාව වූයේ ඉන්දියාවේ මැදිහත් වීම තුලින් ගෞරවනීය විසඳුමකට එලැඹීමයි. ඔවුන්ගේ කෝණයෙන් අනුව බලන කල ඉන්දු-ලංකා ගිවිසුම ඒ සඳහා වූ අගනා අවස්ථාවකි. එහෙත් එය අසාර්ථක වූයේ ෆෙඩරල් ක්රමයට ආදේශකයක් ලෙස ඉදිරි පත්වූ පලාත්සභා ක්රමයට උතුරේ LTTE ය පමණක් නොව දකුනේ ජවිපෙය හා ශ්රීලනිපය හා ප්රේමදාස ප්රමුඛ එජාප බලවේගද ඊට දැඩි විරොධය පල කිරීම නිසාය. LTTE ය තවදුරටත් පූර්ණ ස්වයංනිර්ණ අයිතිය ඉල්ලා සිටීම විකාරයක් වුවද එය බරපතල ගැටළුවක් නොවේ. මන්ද එය තස්තවාදී ස්ංවිධානයක් බවත් ප්රභාකරන් ෆැසිසිට් වාදියෙකු බවත් මේ දක්වා දමිලයන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටි ඉන්දියාව පවා මේ වන විට පිලිගෙන සිටි බැවිනි.

එමෙන්ම ස්වයං නිර්ණ ඉල්ලීමට එරෙහිව එදා විජේවීර ඉදිරිපත් කල තර්කයද අතිශය සාධාරණය. මන්ද යත් මාක්ස් විසින් ස්වයංනිර්ණය ලෙස අර්ථකථනය කරන ලද්දේ දහ නව වන සියවසෙ ඔස්ට්රියානු ප්රසියානු හා රුසියානු අධිරාජ්යයන් විසින් බලාත්කාරයෙන් යටපත් කොටගෙන තිබූ පෝලන්තයට නිදහස් රාජ්යයක් ලෙස පැවතීමේ අයිතිය මිස ඒකීය රාජ්යයක් වාර්ගික පදනමක් මත තවදුරටත් බෙදීයාම නොවන බව 1917 ලෙනින් ඉතා පැහැදිලිව ප්රකාශ කලේය. ‘දමිල ඊලාම් අරගලයට විසඳුම’ යන කෘතිය තුලින් විජේවීර පෙන්වා දුන්නේ ඊලාම්වාදීන් හිමිකම් කී ලංකාවේ උතුරු නැගෙනහිර යනු 10 වන හා 11 වන සියවස් වලදී චෝල ආක්රමණිකයන් ව්යාප්තවීමට තැත් කල ප්රදේශ මිස සම්ප්රදායික දමිල නිජබිම් නොවන බවයි. එම ප්රදේශ වල (එවකට) විසූ 14% දමිල ජනයාට ස්වයං පාලනයක් ලබා දීම සෙසු 86% ජනයා සතු නිජබිම් අයිතිය උල්ලංඝනය කිරිමක් බව හේ පැහැදිලිවම පෙන්වා දුන්නේය.

එහෙත් ඉන්දීය මැදිහත් වීම හරහා පැසිස්ට්වාදී LTTE ය විනාශ කොට වඩාත් මධ්යස්ථ දමිල සංවිධාන වූ EPRLF, ENDLF හා TELO වැනි වඩාත් මැදහත් මතධාරී සංවිධාන තුලින් ස්ථාපිත කෙරුන අර්ධ ෆෙඩරල් ව්යුහයකට සමානවූ පලාත්සභා ක්රමයට එදා විජේවීර එතරම් දැඩි ලෙස එරෙහිවූයේ මන්දැයි තේරුම් ගත නොහැක. ඇතමුන්ගේ මතය වන්නේ ආණ්ඩු බලය අල්ලාගැනීම සඳහා අත්යව්ශ්ය වූ සිංහල ජාතික වාදී කොටස් වල සහාය වෙනුවෙන් ඔහු ඊට බාධාවක් විය හැකි සියළු යථාර්ථයන් බැහැර කල බවය. 71 පටන් තම මූලික තේමා පාඨයක් වූ ‘ඉන්දීය ව්යාප්තවාදය’ සාධාරණී කරණය කිරීමට මෙන්ම වාර්ගික ගැටළුව විප්ලවයට ඈඳා ගැනිමට ඉන්දු ලංකා ගිවිසුම තුලින් ලද විරල අවස්ථාව අත් නොහැරීමට ඔහු අදිටන් කොටගත්තා විය හැක. වඩාත් පුදුම සහගත වන්නේ ඉන්දියාවට හා මද්යස්ථ මතධාරීන්ට දමිල සංවිධාන වලට එරෙහිව ඒ හා සමාන ස්ථාවරයක් දැරූ ප්රේමදාස අනිත් අතට විනාශය අභිමුව සිටි ෆැසිස්ට් වාදී LTTE යට ඔක්සිජන් සැපයීමයි. LTTE ය හරහා දමිල ඡන්ද ලබා ගැනීමට ඔහුගේ අපේක්ෂාව වූ බව පෙනේ. මෙනයින් බලන කල පෙනී යන්නේ වාර්ගික ගැටළුවට ස්ථිරසාර විසඳුමක් කරා එලැඹීමට 87 දී තිබූ අවස්ථාවද දකුණේ නායකයන් විසින් හුදෙක් තම දේශපාලන අභිවෘද්ධිය තකා කැප කල බවය. එහි ප්රථිඵලය වූයේ ඉන්දියාවේ වියදමින් අවසන් කල හැකිව තිබූ උතුරේ ඊලාම් අරගලය තවත් දශක දෙකක් පුරා ඔදිරියට ගෙනයමින්, සිංහලයන්ට වඩාත් පහසුවෙන් ගණුදෙණු කල හැකිව තිබුනා වූද, දමිලයන්ට වඩාත් වැඩදායක විය හැකිවූද තිබූ මධ්යස්ථ දමිල සටන්කාමී සංවිධාන විනාශ කොට දැමීමට ෆැසිසිට්වාදී LTTE යට අවස්ථාව උදා වීමත්ය. විජේවීරගේ හා ප්රභාකරන්ගේ අනියම් සහායෙන් පේමදාස බලය ලබා ගැනීමද, අනතුරුව ප්රේමදාස අතින් විජේවීර ඝාතනය වීමද ඉනික්බිතිව ප්රභාකරන් අතින් පේමදාස ඝාතනය වීමද දෛවයේ සරදමක් වනවා සේම එතුලින් වැඩිදුරටත් පෙන්නුම් කලේ සිංහල හා දමිල නායකයන් ගේ අවස්ථාවාදය මිස අන්කිසිවක් නොවේ.

1990 ඇරඹුන තුන්වන ඊලාම් යුද්ධය වනාහී LTTEයට වඩාත්ම වාසිදායක වූ සමයයි. ප්රභාකරන් උතුර නොනිල වශයෙන් පාලනය කරන අතරතුර 94 දී සිංහල හා දමිල ජනයාට සුවහසක් අපේක්ෂා ගෙනදෙමින් බලයට පත්වූ පොදු පෙරමුණු රජය යුද්ධය තම පැවැත්ම සඳහා හිඟන්නාගේ තුවාලයක් ලෙස යොදා ගත්තේය. මෙය යුද්දයේ වඩාත්ම අසාර්ථක හා පීඩාකාරී සමය ලෙස සැලකිය හැක. වඩාත් ඛේදජනක වූයේ LTTE ෆැසිස්ට් වාදය දෙමල ජනයාගේ විමුක්ති අරගලය ලෙස අර්ථ දැක්වීමත්, ඊට එරෙහි වීමට ස්වාධීන රාජ්යයක් ලෙස ලංකාවට ඇති සුජාත අයිතිය සිංහල ජාති වාදයක් ලෙස අර්ථකථනය කිරීමත්ය. මේ අරබයා සිංහල දේශපාලඥනයන් ගෙන ආ කෙස් පැලෙන තර්ක වලින් පෙනී ගියේ වූයේ දමිල ජනයා කෙරෙහි ඒකාධිපතීත්වය පවත්වාගෙන යාමට LTTEයට සහාය වීම තුලින් ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමට ඔවුන් තුල වූ අපේක්ෂාව විනා දෙමල ජනයා තම එකම නියෝජිතයන් ලෙස LTTE සැලකූ බව නොවේ.

දේශපාලන වශයෙන් ගත් කල 2002 වික්රමසිංහ රජය විසින් ඇතිකොටගත් සටන් විරාමය පැවති යථාර්ථයන් හමුවේ ගත් වැදගත් උපාය මාර්ගික පියවරක් ලෙස සැලකිය හැක. තවදුරටත් LTTE කෙරේ විශ්වාසය තබා කටයුතු කිරීමට දෙමල ජනයාට ඇති අවස්යතාව එමඟින් අහෝසි වූයේ යුද්දයෙන් තොර විසඳුමක් කෙරේ එමඟින් ඇති කල බලාපොරොත්තු නිසාය. LTTE ය දෙකඩ වීම එහි අතුරු ඵලයකි. සටන් විරාමයේ තිබූ විශාලතම දුර්වලතාව වූයේ සිංහල ජනයාගේ මෙන්ම රටේ ගෞරවයට හානි වන ඉතා නිවට කොන්දේසි මත එය අත්සන් කරනු ලැබීමත්, ත්රස්තවාදී ස්අංවිධානයකට රාජ්යතාන්ත්රික පිලිගැනීමක් ලබා දෙන අන්දමයට එය ක්රියාත්මක කිරීමත්ය. යම්හෙයකින් සටන් විරාමය දිගින් දිගටා ක්රියාත්ම වූයේ නම් අනාගත ඊලාම් රාජ්යයක් සඳහා වූ සියළු හමුදාමය කොන්දේසි එමඟින් සපුරා තිබිණ. එනයින් බලන කල කල ත්රස්තවාදීන් අවි භාරදිය යුතුය යන පදනම මත සැකසුන ඉන්දු ලංකා ගිවිසුම අතිශය ප්රශංසනීයය.

වාසනාවකට මෙන් ප්රභාකරන් බලයෙන් අන්ධවී සිටියේය. එතරම් වරදාන මත ලබා දුන් ගිවිසුම නිසි ලෙස කළමණා කරණය කොටගැනීමේ දක්ෂතාවක් ඔහු තුල නොතිබිණ. එය ඔහු ලද අඩු අධ්යාපනය හා දුර්වල සමාජ පසුබිම යන කරුණු වල ප්රතිඵලයක් විය හැක. අතට දුන් දේ කටට දමා ගැනීමට අපොහොසත් වූ ඔහු සටන් විරාමය තුලින් උකහා ගත් ශක්තිය යොදවා තීරණාත්මක යුද ජයග්රහණයක් තුලින් ක්ෂණික ඊලාම් රාජ්යයක් පිහිටුවීමට සිහින දුටු බව පෙනේ. 89 ජනපතිවරණයේ දී අනියම් ලෙස පේමදාස බලයට පත් කිරීමට ඔහු කටයුතු කල අන්දමින්ම 2005 ජනපතිවරණයේදී වික්රමසිංහට නියත වශයෙන්ම ලැබීමට ඉඩ තිබූ උතුරේ ඡන්ද අවහිර කොට අනියම් ආකාරයෙන් රාජපක්ෂ බලයට පත් කිරීමට දායක වීම තුලි පෙන්නුම් කලේ හතර වන ඊලාම් යුද්ධය සඳහා ඔහු තුල වූ නොඉවසිල්ලයි. එවැන්නක් බලාපොරොත්තු විය හැකිව තිබුනේ වික්රමසිංහගෙන් නොව රාජපක්ෂ ගෙනි. සිංහල ජනයාට ඕනෑම දෙයක් මතක ඇත්තේ දෙසතියක්ය පමණක්ය යන ඔහුගේ තක්සේරුව අදාල වූයේ ජනගහනයෙන් එක් කොට්ඨාශයකට පමනක් බව ඔහු දැන නොසිටියේය. එය ඔහු කල සිදුවූ විශාලතම වැරදීමයි. කිසිදු යුක්ති යුක්ත හේතුවකින් තොරව හතර වන ඊලාම් යුද්ධය සඳහා එදිරිවාදී කම් ඇරඹීමට ඔහු ගත් තීරණය සම කල හැක්කේ රුසියාවට පහරදීමට හිට්ලර් ගත් තීරණය හා පමණි.

හතරවන ඊලාම් යුද්ධයේ ගමන් මඟ ගැන ‘ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම’ යන පෙර ලිපි පෙලින් විග්රහ කල බැවින් එය මෙහිලා පුනරුච්චාරනය කිරිම අවශ්ය නැත. එහෙත් යුද්ධයේ අවසානය මඟින් දුන් ප්රබල දේශපාලන පණිවුඩය කිසිසේත් බැහැර කල හැකි නොවේ. සිංහල ජනයා යනු ප්රභාකරන් මෙන්ම ඇතැම් සිංහල දේශපාලඥයන් ද හංවඩු ගැසූ අන්දමේ නිවට ජන කොට්ඨාශයක් නොවන බවත්, සුළු ජාතීන් තරමටම තම ගෞරවය වෙනුවෙන් නැඟි සිටීමේ අධිෂ්ඨානය හා ශක්තිය ඔවුන් සතුවද ඇති බවත් එය නිශ්ක්රිය කිරීමේ හැකියාවක් බටහිර බලවතුන්ට නැති බවත් 2009 මැයි මස දී අවධාරණය කෙරුන යථාර්ථයයි. එය අතීතයට මෙන්ම අනාගතයටද පොදු සත්යයකි. ඒ ශාපලත් යුද්ධය අවසන් වී ඇත. දෙපාර්ශ්වයේම විශාල පිරිසක් මිය ගොස් අවසන්ය. පළමුව 50-50 අයිතිය ඉල්ලමින්ද දෙවනුව ඊලාම් රාජ්යයක් ඉල්ලමින්ද තමා සටනට පෙලඹවූ දමිල නායකයන් අවසානයේ ඔවුනට උරුම කොට දුන්නේ දුක්ඛිත ඉරණමකි. අවසානයේ සිදුවූයේ ඔවුන්ගේ සාධාරණ දුක් ගැනවිලි වලට පවා විසඳුමක් ලබා ගැනීම අසීරු වීමයි. සම්ප්රදායික නිජබිම් සංකල්පය වැනි විකාර ප්රතික්ෂෙප කරන අතරම වර්ගවාදී හැඟීම් වලින් තොරව තම සහෝදර පුරවැසියන් වන දමිලයන්ගේ ගෞරවය වෙනුවෙන් යම් කැපකිරීමක් ද කල යුතු බව සිංහල ජනයාද මැනෙවින් වටහා ගත යුතුය. සිය අභිමානය වෙනුවෙන් ඔවුන් නැවත ලේ වගුරුවා සටන් කරන තත්වයකට ඔවුන් තල්ලු කල යුතු නැත. ඒ බව සිංහල ජාතික වාදී බලවේග වලට ඒත්තු ගැන්වීම සිංහල නායකයන්ගේ අද දවසේ වගකීමයි.

එහෙත් අතීත අත්දැකීම් තුලින් දමිල නායකයන් ද තරයේ සිහි තබා ගත යුත්තේ සහයෝගීතාවයෙන් හා සුහදත්වයෙන් මිස චෙල්වනායගම් හා ප්රභාකරන් මෙන් වහසි බස් දෙඩීමෙන් හා තර්ජන එල්ලකිරීමෙන් ඔවුනට දිනාගත හැකි යමක් නැති බවයි. සම්ප්රදායික නිජබිම් සංකල්පය පිළි ගත යුතු යැයි ඔවුන් තවදුරටත් බල කරන්නේ නම් දකුනේ වෙසෙන දමිල ජනයා අරබයා ඒ හා සමාන පිළිවෙතක් අනුගමනය කිරීමේ අයිතිය සිංහල ජනය සතුවද ඇති බව ඔවුන් අවබෝද කොටගත යුතුය. සිය අභිමානයට බරපතල අභියෝගයක් එල්ල වුවහොත් සිංහල ජනයා නැවත සටන් වැදීමට කිසිසේත් නොපැකිලෙනු ඇත. බටහිර සහායෙන් ඔවුන් මට්ටු කිරීම කිසිසෙත්ම යථාර්ථයක් නොවන බව ඉතා පැහැදිලිය. ඉතිහාසය පුනරාවර්තන වීමට ඉඩ නොතබා පටු ආත්මාර්ථයෙන් බැහැරව පුළුල් ජාතික සමගියක් වෙනුවෙන් පෙනී සිටීම දෙමල නායකයන්ගේ අද දවසේ වගකීමයි.

සැබෑ සංහිදීයාවක් ඇතිවිය හැක්කේ වේදනාකාරී අත්දැකීම් දෙස අවබෝදයෙන් බැලීමෙන් මිස සිංහලයන් හෝ දමිලයන් අතර එකිනෙකාට එරෙහිව වෛරය පැතිර වීමෙන් නොවේ.

Chamara Siriwardene

ස්වයං නිර්ණ අයිතිය, මාක්ස්-ලෙනින් වාදය හා ලංකාවේ ජනවාර්ගික ගැටළුව[සංස්කරණය]

විසි වන සියවසේ ලංකාව මුහුණ පෑ සුළු ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ ගැටළුව යුරෝපය අත්දුටුවේ දහනව වන සියවසේදීය. ඒ හේතුව නිසා දහ නව වන සියවසේ නිෂ්පාදනයක් වූ මාක්ස් වාදයේ න්යාය පත්රය තුල මෙම මාතෘකාව ප්රධාන අංගයක් බවට පත් වූයේ නිතැතිනි. සමාජවාදයේ අග්ර පූජක දෙපොල වන කාල් මාක්ස් හා ව්ලැදිමීර් ලෙනින් විසින් මේ අරබයා දැරූ අදහස් අද ලංකාව තුල විවිධ ලෙස අර්ථකථන කෙරුනද, වැඩිදුර කරුණූ සොයා බැලීමකින් තොරව එම අර්ථකථන පිළිගැනීමට සිංහල පාඨකාට සිදුව ඇත්තේ සිංහල බසින් මෙම විෂය අරබයා ලියැවුන ග්රන්ථ ඉතා සීමා සහිත වීමත්, පරිවර්තනය කෙරුන කෘතීන් තුල දක්නට ලැබෙන පාඨකයාට නුහුරු ව්යාකූල භාවයත් නිසාය. මේ හේතුවෙන් මෙම මාතෘකාව පිළිබඳ ලංකාවේ වාමාංශිකයන් මෙන්ම ජාතිකවාදීන් තුල ඇති අවබෝධය දෝෂ සහිතය. සුළු ජාතික ගැටළුව පිළිබඳ සූත්රය ගොඩනැගීමේදී මාක්ස් තම ආදර්ශ වස්තුව කොට ලා සැලකුවේ දහනව වන සියවසේ පෝලන්තයයි. “පෝලන්තයට ජීවත් වීමට ඉඩදෙනු. රුසියානු ඔස්ට්රියානු හා ප්රසියානු අධිරාජ්යවාදයට මරණය” යන මැයෙන් 1880 ජිනීවාහි සමුළුවට යැවුන පණිවුඩය මෙ අරබයා ඔහු කල පළමු ප්රකශය ලෙස සැලකේ. මෙමඟින් පල කෙරුන සාර් විරෝධය ලෙනින්ගේ ඔක්තෝබර් විප්ලවයේ එක් ප්රධාන සටන් පාඨයක් පත් විය. කෙසේ වුවද ඔක්තෝබර් විප්ලවයෙන් පසු ‘පෝලන්තයට නිදහස’ යන පැරණි තේමා පාඨය ලෙනින් ඒකපාර්ෂ්විකව සංශෝධනය කලේය. ඔහු පෙන්වාදුන්නේ පලමු ලෝක යුද්ධයෙන් පසු ධනපති පෝලන්තයක් බිහිවී ඇති බැවින්ද, නැගෙනහිර යුරෝපයේ ස්ලාව් ජාතීන්ට අධිරාජ්යවාදයෙන් නිදහස ලබා ඇති බැවින්ද මෙම සටන්පාඨය තවදුරටත් යථාර්ථයක් නොවන බවයි. සාර්ගේ ඈපා වසමක් ලෙස පැවති පැරණි පෝලන්තයයේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් එදා පෙනී සිටි ලෙනින් ධනපති රදල පෝලන්තයේ ස්වාධීනත්වය පිළි ගැනීමට මැලි වීමෙන් පෙනී ගියේ මාක්ස් ගේ නිර්ණායකයට ඔහු දුන් තාවකාලික වලංගු භාවයට පවා පැහැදිලි සීමාවන් තිබූ බවය. 1896 ලන්ඩන් සමුළුවේ දී සුළු ජාතීන්ගේ අයිතිය පිළිබඳ පිළිගැනුන යෝජනා තවදුරටත් බල ගැන්වීම ‘මාක්ස් වාදයේ ජීව ගුණයට එරෙහිව මාක්ස් වාදයේ අකුරු යොදාගැනීමක්’ ලෙස හෙලා දුටු ඔහු ඒ වෙනුවට 1918 දී නව අර්ථ කථනයක් ඉදිරි පත් කලේය. “ජාතියක ස්වයං නිර්ණය අයිතිය යනුවෙන් අදහස් කරන්නේ පවතින දේශපාලන සමතුලිතතාව (status quo) උල්ලංඝනය කරමින් බලවත් ජාතීන් විසින් කෙරෙන ඈඳා ගැනීමකට විරුද්ධවීමෙහි ලා ඇති අයිතිය හා එවන් ඈඳා ගැනීමකින් වෙන්ව යාමේ අයිතියයි. එය පීඩක අධිරාජ්යයකට එරෙහිව නැඟී සිටීම හා පවතින සමතුලිත තාවය තුල කුඩා රාජ්යයන් ගොඩනැඟීම එකිනෙකට හාත්පසින්ම වෙනස් අවස්ථා දෙකකි. ජාතියකට නිදහස් විමට ඇති අයිතිය හා කිසියම් ජාතියක වෙන්වීමට ඇති ආශාව පටලවා නොගත යුතුය. රුසියාව තුල වෙසෙන කිසිදු ජාතියකට විශේෂ වරප්රසාද හිමි නොවිය යුතු බව සැබෑ වක් මෙන්ම ඒ සියළු ජාතීන් නිර්ධන පංතියේ පොදු අවශ්යතාව හා අරමුණු මත සැකසෙන පොදු රීති මාලවට අනුගත විය යුතුය.” ඉන් නොනැවතුන හේ 1920 පෝලන්තය ආක්රමණය කරන මෙන් රතු හමුදාවට නියම කලේය. උතුරේ ඊලාම් අරගලයට පණ පෙවූ කණ්ඩායම් අතරින් මාක්ස්වාදී පක්ෂයක් ලෙස තමා හඳුන්වාගත් ප්ලොට් සංවිධානය පවා සිය න්යාය තුලින් ලෙනින්වාදය බැහැර කිරීමට තුඩු දුන්නේ ලෙනින් විසින් කල මෙම අන්තර්වාර සංශෝධනයයි. හුදෙක් ප්රචාරක හේතුන් මත පමනක් සිය සංවිධානයට වාමාංශික මුහුණු වරක් ලබා දුන් මිනින්දෝරු උමා මහේෂ්වරන්ට මෙය ගැටළුවක් නුවූයේ ඔහුගේ මූලික පදනම වූ යාපනයේ උසස් කුල වලට අයත් ප්රභූ පන්තිය න්යායාත්ක කරුණු ගැන දැක්වූ හීන උනන්දුවත්, යාපනයේ සාමාන්ය ජනයා තුල මාක්ස්වාදය පිළිබඳ වූ හීන අවබෝධයත් හේතුවෙනි. එය අවබෝද කොට ගත්තෝ පවා එ ගැන විමසීමට බිය වූහ. ලාංකීය දේශපාලන චරිත අතුරින් මාක්ස් ලෙනින් වාදය පරතෙරට හැදෑරූ තැතැත්තා ලෙස සැලකිය හැක්කේ රෝහණ විජේවීරය. 1986 දී දමිල ඊලාම් අර්බුදයට විසඳුම යන මැයෙන් රචිත කෘතියේ ඔහු මෙසේ සටහන් කොට ඇත. “කිසියම් ජාතියකට වෙන්වීමට ඇති අයිතිය අරබයා ‘ඔව්’ හෝ ‘නැත’ යනුවෙන් ස්ථිර පිළිතුරක් දිය හැක්කේ ඔවුනට ඇති ගැටළුව පිළිබඳකෙරෙන වාස්තවික විශ්ලේශණයක් තුලින් පමනි.” විජේවීර එහිදී පැහැදිලිවම පෙන්වා දී ඇත්තේ සම්ප්රදායික දමිල නිජබිම් යනුවෙන් හැඳින්වෙන්නේ 10 වන හා 11 වන සියවසේ චෝල අධිරාජ්යවාදීන් විසින් ඈඳාගත් ලාංකික භූමිප්රදේශ බවයි. ‘ඊලාම්’ යනු චෝල ශබ්දකෝෂයේ වදනක් බවද එල්ටීටීඊ ලාංඡනය වූ කොටියා චෝල අධිරාජ්යයේ සංකේතය බව වැඩිදුරටත් පෙන්වා දුන් ඔහුට අනුව දෙමල ධනපති පංතියේ අවශ්යතාවක් වන සම්පදායික නිජබිම් සංකල්පය පිළි ගැනීම යනු රටේ සෙසු පිරිසගේ අයිතිය අහිමි කිරීමකි. සමානාත්මතාව තහවුරු කෙරෙන නීති පද්ධතියක් තුලින් මෙම ගැටළුව විසඳිය හැකි බවට න්යායාත්මකව තර්ක කල ඔහු තම කෘතිය මඟින් පැහැදිලි නොකරන එකම කරුණ වන්නේ දෙමල ජනතාවගේ නියෝජිතයන් එම විසඳුම භාර ගැනීමට දක්වන මැලිකමට ප්රතිචාර දැක්විය යුත්තේ කෙසේද යන්නයි. ඒ වෙනුවට ඔහු සිදු කොට ඇත්තේ ගැටළුව උත්සන්න කිරීම පිළිබඳ ධනපති පංතියට දොස් නැඟීම පමණි. ප්රායෝගිකව ගත් කල මෙය සොරුන් විසින් නිවසේ දොර කඩා දැමීමට ප්රතිචාර ලෙස දොර තැනූ වඩුවාට දොස් නැඟීම හා සමානය. එහෙත් ඔහුගේ ලියැවිල්ලේ පොදු හරය තුලින් වක්ර ලෙස ගම්යවන්නේ දෙමල සම්පදායික නිජබිම් සංකල්පය පැරණි චෝල අධිරාජ්යවාදීලාභිලාඅෂයන් මුදුන් පත් කොට ගැනීමට දරන උත්සාහයක් බවත්, එය පවතින සමතුලිතාව (status quo) උල්ලංඝනය කිරීමක් බැවින් ලෙනින් වාදී ආකෘතිය තුල දෙමල ජනතාවගේ ‘ස්වයං නිර්ණ අයිතියක්’ සුජාත ඉල්ලීමක් සේලා කොහෙත්ම සැලකිය නොහැකි බවත්ය. කෙසේ වුවද වත්මන් ලංකාවේ බහුතරයකගේ තවමත් විශ්වාසය නම් පෝලන්තය අරබයා මාක්ස්ගේ මුල් අර්ථකථනය නොහොත් සුළු ජාතීන්ගේ ස්වයං නිර්ණය අයිතිය අවිවාදිතව පිලිගැනීම මාක්ස්-ලෙනින් වාදයේ මෙන්ම විජේවීරගේද මූලික ප්රතිපත්තිය වූ බවයි.

(මෙම ලිපිය මඟින් අපේක්ෂා කෙරෙන්නේ න්යායාත්ම කරුණු හා ජනප්රිය ආකල්ප අතර ඇති පරතරය විදහා දැක්වීම මිස සුළු ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ කෙරෙන ඉල්ලීම් වලට පක්ෂව හෝ විපක්ෂව කරුණූ දැක්වීම නොවන බව කරුණාවෙන් සලකන්න)

Chamara Siriwardene

ලංකාවේ ජනවාර්ගික ගැටළුව හා විදෙස් උගුල්[සංස්කරණය]

තුන් වන ලෝකය යනු මහ බලවතුන්ගේ කෙළි බිමකි. දේශ ගවේශනයෙන් ඇරඹුන යටත් විජිත කරණය දෙවන ලෝක යුද්ධයෙන් පසු අවසන්වූයේ ද නාමික වශයෙන් පමණක් බව වටහා ගැනීමට මහා ප්‍රඥාවක් උවමනා නොවේ. සෙසු ජාතීන් මත සිය ආධිපත්‍යය පතුරුවමින් ඔවුන් සිය උවමනා එපා කම් සඳහා යොදවා ගැනීම ලෝක බලවතුන්ගේ එදත් අදත් අභිප්‍රාය වන අතර මෙම නොවැලැක්විය හැකි විපතට උපායශීලී අන්දමින් මුහුණදී සිය පැවැත්ම ආරක්ෂා කොට ගැනීම අසරණ කුඩා රටවල් හමුවේ ඇති මූලික අභියෝගයයි. වෙනත් අඩුපාඩු කම් කුමක් වුවද නිදහසින් පසු ලංකාව අනුගමනය කල නොබැදී පිළිවෙත බොහෝ දුරට නිවැරදි බව පව පෙනී යයි. 71 කැරැල්ල අවස්ථාවේ ධනවාදී මෙන්ම සමාජවාදී කඳවුරද සිරිමා රජයට නොමසුරුව ආධාර කිරීමට ඉදිරි පත්වූවෝය. එහෙත් මෙමත තත්වය 77 පසු වෙනස් විය. ජයවර්ධන බලයට පත්වන විට ඩොලරයේ අගය රු 8කි. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ දුෂ්කර ආර්ථික අභ්යාස ඔස්සේ රටේ වෙළඳ ශේෂය ධන අගයක් කරා යමින් සිටියද ජයවර්ධන ආර්ථිකය මුළුමනින්ම විවෘත කොට දේශීය නිෂ්පාදනය නොසලකා හැරියේය. මෙහි ප්‍රතිපලය වූයේ නොනැවතී ප්‍රසාරනය වන වෙළඳ හිඟයක් ඇතිවීමත්, ලංකාව IMF ADB ණය මත යැපෙන රටක් බවට පත් වීමත්ය. මේ උවමනාවනට උචිත අන්දමින් ජයවර්ධන බටහිර හිතවාදී පිළිවෙතකට මාරු විය. බටහිර ගැති ආකල්ප දැරුවද ජයවර්ධන සිංහල ජාතිවාදියෙකි. රටේ ඒකීය භාවය අනතුරට ලක්වීම හේ නුරුස්සයි. එහෙයින් උතුරේ වර්ධනය වෙමින් තිබූ දමිල බෙදුම්වාදය බලය යොදා මැඩලීමට කටයුතු කල හේ ඒ හේතුවෙන් ප්‍රාදේශීය බලවතා වූ ඉන්දියාව සමඟ නොපැකිල මතභේද ඇතිකොටගත්තේය. තමිල්නාඩුවට නෑකම් ඇති උතුරු දිග ලංකාවේ වෙසෙන වාර්ගික දමිලයන්ට අගතියක් සිදුවනු දැකීමට නවදිල්ලියේ ඇති අකමැත්ත ස්වභාවිකය. ඉන්දු පාකිස්ථාන් යුද්ධයේ අත්දැකීම් ඇති RAW සංවිධානයේ සම්මත උපාය වූයේ සටන්කාමී කණ්ඩායම් වලට සීමා සහිත සහායක් දැක්ව්ම තුලින් ලංකාව පාලනය කිරීම වන අතර පාකිස්ථානයේදී මෙන් අමෙරිකාව එතැනදී ඉන්දියාවට එරෙහිව සෘජුවම තමාට සහාය වනු ඇතැයි ජයවර්ධන අපේක්ෂා කල බව පෙනේ. එහෙත් පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ සෝවියට් පාලනය එරෙහිව මුජාහිදීන් වරු පුහුණු කිරීමේදී වොෂින්ටනයේ උපාය මාර්ගික සහකරුවකු වූ අතර ලංකාවට තිබුනේ හුදෙක් භූදේශපාලන වැදගත් කමක් පමණි. ලංකාවේ ජනවාර්ගික අර්බුදයේදී බටහිර බලවත්තු සුළු ජාතීන් ගේ මැසිවිලි වලට කන්දීමට පෙළඹුනේ ඩයස්පෝරාවක් දක්වා වර්ධනයවූ දේශපාලන සරණාගත ගැටළුවයි. රෝ පුහුණුව ලත් සටන්කාමී කණ්ඬායම් දුසිම් ගණනක ප්‍රහාර හමුවේ මිතුරන් නොමැතිව අසරණ වූ ලංකාවට අවි ආයුධ හා හමුදා පුහුණුව සඳහා ඊශ්රායලයේ සරණ පැතීමට සිදුවිය. රට වෙනුවෙන් තමා යකා සමඟ වුව කෑමට ඉඳ ගන්නා බව ජයවර්ධන කියා සිටියේය. යුදෙව්වෝ සහකරුවෝ නොව කපටි වෙළෙන්දෝ වූහ. මොසාඩ් සංවිධානය ලංකාවේ සන්නද්ධ හමුදා වලට සමඟාමීව සටන්කාමීන් ද පුහුණු කොට සන්නද්ධ කල බවට සැක කෙරෙන අතර ඔවුන්ගේ සහායෙන් 1987 දී යාපනය අර්ධද්වීමය අත්පත් කොටගැනීමට ජයවර්ධන දැරූ උත්සාහය කෙළවර වූයේ සෘජු ඉන්දීය මැදිහත් වීමක් තුලිනි. කෙසේ වුවද 87 ඉන්දියන් හමුදාව පැමිණිම ලියලමින් තිබූ දකුණේ කැරලිකාරීත්වයට මුහුණ දීමට ජයවර්ධන රජයට අනියම් ලෙස මහත් පිටිවහලක්වූ බව පෙනේ. කෙසේ වුවද ඔහුගේ පුත්‍රයා මෙන්ම ආරක්ෂක උපදේශකයාවූ රවි ජයවර්ධනගේ මෙන්ම ආරක්ෂක ඇමති ඇතුලත්මුදලිගේද උත්සාහය වූයේ ඉන්දීය මැදිහත්වීමට එරෙහි පුළුල් පෙරමුණක් දකුණේ ගොඩ නැඟීමය. මේ අරමුණින් රවි ජයවර්ධන විසින් 1988 දී අතඩංගුවේ සිටි ශාන්ත බණ්ඩාර නිදහස් කරනු ලැබුවද සටන්කාමී දේශපාලන මණ්ඩලයේ රැඩිකල් පාර්ශ්වයන් ඒ යෝජනාවට අකැමැතිවූ බව නිසා කියැවේ. ප්රධානම දමිල සටන්කාමී කණ්ඩායම හා ඉන්දියාව අතර මේ කාලයේ විරසකයක් හටගැනීමත් උතුරේ ඔවුනොවුන් යුද වැදීමට පටන් ගැනීමත් තුල ලංකාවේ රජයට වාසිදායක වුවද දකුණේ සිය බලය රැක ගැනීමේ අරගලයකට මුහුන දී සිටි ජයවර්ධන හෙම්බත්ව සිටියේය. 89 බලයට පත් ප්‍රේමදාස රජය පැවති තත්වය යථාර්ථවාදී ලෙස කලමණාකරනය කිරීමට උත්සහයක් දැරූ බව පිළිගත යුතුය. ප්‍රේමදාස දැඩි ඉන්දීය විරෝධී වූ අතර ඒ හේතුවෙන්ම දකුණේ අතිශය ජනප්‍රිය විය. ඒ අනුව සියළු ඉන්දීය විරෝධී කන්ඬායම් වලට ඔහු මිතුදමේ දෑත දිගු කලේය. උතුරේ හා දකුණේ කැරලි කාර කණ්ඩායම් වල ඒකාබද්ධ ශක්තිය ඉන්දීය හමුදාවට එරෙහිව යෙදවීමේ රවි ජවර්ධනගේ සිහිනය සැබෑ කොට ගැනීමට ඔහු තැත් කලේය. රුක්මන් සේනානායක හරහා ඩී. ඇම්. ආනන්ද සමඟ පණිවුඩ සබඳතා තිබූ හේ තමා දෑස් බැදගෙන හෝ සාකච්ඡා කිරීමට කැමති බව කියා සිටියේය. දකුණේ සටන්කාමීන්ගේ ඉහල බල මණ්ඩලයේ රැඩිකල් පාර්ශ්ව සාකච්ඡා කිරීම සඳහා රජය විසුරුවා මැතිවරණ පැවැත්වීම වැනි යථාර්ථවාදී නොවන කොන්දේසි ඉදිරිපත් කිරීම නිසා ඔහුගේ ඒ වෑයම සාර්ථක වූයේ නැති. එය රටේ අවසානවක් විය. එහෙත් ඉන්දීය හමුදාව විසින් කොදු නාරටිය කඩා දැමීමමට ඔන්න මෙන්න සිටි දමිල සටන් කාමීන් ප්‍රේමදාසගේ ආරාධනය පිළිගත්හ. එය ප්‍රාණ වායුව යලි ලබා ගැනීමෙහිලා ඔවුනට මහඟු අත්වැලක් විය. ප්‍රේමදාසට චාටු බස් කියමින් ඔහු රැවටූ උතුරේ සටන්කාමී නායකයෝ ඉන්දීය හමුදාවට හා ඔවුන්ගේ සහචර මිලිෂියා කණ්ඩායම් හා සටන් කිරීමට යැයි කියමින් අවි ආයුධ, සිමෙන්ති හා වාහන පමණක් නොව සපත්තු පවා ලබා ගත් බව දැන් හෙලිවී තිබේ. එහෙත් නායකයකු ලෙස ප්‍රේමදාස දැරූ උත්සාහය තාර්කිකය. දකුණේ කැරලි කාරිත්වයට එරෙහිව තම හමුදා යොදවමින් සිටි ඔහු ඒ හා සමඟාමීව ඉන්දියාව විසින් උතුරේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දරන උත්සාහය කඩාකප්පල් කිරීමට වෑයමක් දැරීම ස්වභාවිකය. එහෙත් උතුරේ ජාතිවාදීන්ගේ අරමුණු අවතක්සේරු කල ඔහු අනාගතයේ ඔවුන් ඉන්දියාවට එරෙහි බලවේගයක් ලෙස කටයුතු කරනු ඇතැයි සිහින දුටු අතර උතුරේ ඡන්ද මල්ල ගැනද බොහෝ බලාපොරොත්තු සහගත විය. එම වැරදි තක්සේරුව නිසා වඩාත් අසීරු තත්වයන් යටතේ තවත් යුද්ධයකට මුහුන දීමට 1990 ඔහුට සිදුවූ අතර අවසානයේ තමාගේ ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය. දකුණේ සටන්කාමීන් තම ඇරියුම පිළි නොගෙන තවදුරටත් අභියෝග කිරීමෙන් කුපිත වූ ඔහු අතිශය කුරිරු ලෙස ඔවුන් මැඩලූ බව සැබෑවක් වුව, අපමණ වැරදි තුලින් හෝ නිර්භීත ලෙස කිසියම් සැලස්මක් අත්හදා බැලූ නායකයෙක් බවද අප අමතක නොකල යුතුය. ප්‍රේමදාසගේ අකල් මරණයේ ප්‍රතිඵලය වූයේ එජාපය තුල ජයවර්ධනගේ බෑනා වූ වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල් වාදී කණ්ඩායම හිස එසවීමයි. බටහිර හිතවාදී මෙම කණ්ඩායම ජාතිවාදී නුවූ අතර ඒ හේතුව නිසාම ජයවර්ධන හා ප්‍රේමදාස විසිනනේ දක්වා රැකගත් සිංහල බෞද්ධ ඡන්ද පදනම අහිමි කොට ගත්තේය. 1994න් පසුව වික්‍රමසිංහ මැතිවරණ විශාල ගණනාවක් පරාජය වීමෙන්ද, ඔහු කලාතුරකින් ලද බලය පවා සුළු ජාතීන්ගේ කරුණාව මත තීන්දුවීම තුලින් මෙය වඩාත් පැහැදිලි වේ. අසීරු හා රැවටිලි සහගත තවත් සටන් විරාමයක් හරහා 1995 යලි යුද්ධය ඇරඹෙන විට ලංකාවට හරි හමන් විදෙස් මිතුරන් නොවීය. එය ලංකාවේ හමුදාමය හා ආර්ථික වශයෙන් විශාල පරිහාණියක් සිදුවූ යුගයකි. යුරෝපා සංගමය ලංකාවේ මානව හිමිකම් වාර්තා මත අවිසැපයීමට තහංචි පැනවූයෙන් චන්දිකා රජයට අවි මිලදී ගැනීම සඳහා ඊශ්රායලයේ හා නැගෙනහිර යුරෝපයේ පැරණි වෝර්සෝ හවුලේ රටවල පිහිට පැතීමට සිදුවිය. ලංකාවට කෆීර් හා මිග් ජෙට් යානා සහ ග්‍රාඩ් රොකට් පද්ධති ලැබුනේ ඒ අන්දමටයි. එහෙත් ආර්ථිකය බොහෝ දුරට විනාශවීමත්, සටන්කාමීන්ට ශක්තිමත් සැපයුම් ජාලයක් හා රාජ්‍යතාන්ත්‍රික සහාය ලැබීම නිසා යුද්ධය පවත්වාගෙන යාම අපහසු වූ අතර 2001 බලයට පත් වික්‍රමසිංහ නෝර්වේ මැදිහත් වීම මත අතිශය අවාසිදායක කොන්දේසි යටතේ සටන්විරාම ගිවිසුමකට එලැඹියේය. දමිල සංක්‍රමණික ගැටළුවෙන් පීඩා විදීමින් සිටි ඔහුගේ බටහිර අනුග්‍රාහකයෝ ෆෙඩරල් විසඳුමකට එලැඹෙන ලෙස ඔහුට බල කල බව පෙනේ. යුද්ධය පවත්වාගෙන නොහැකි බවට වික්‍රමසිංහ කල ප්‍රකාශය දකුණේ ජාතිවාදීන්ගේ දැඩි කෝපයට හේතුවුවද එක් අතකින් ඔහු පැවසූවේ සත්‍යයකි. එදා ඔහු හමුවේ වූ අභියෝගය වූයේ අතිශය බලවත්ව සිටි උතුරේ සටන්කාමීන් කුපිත කරවීමෙන් වැලකී සිටීම මිස හරිහමන් සැලැස්මක් හෝ අනුග්‍රාහකයෙකු නොමැතිව නියත පරාජයෙන් කෙලවර විය හැකි යුද්ධයක් ඇරබීම නොවේ. යුද්ධය ඔහුට හෝ ඔහුගේ බටහිර අනුග්‍රාහකයන්ට කොහෙත්ම උවමනා නුවූ බව වෙනම කරුනකි. මෙම නව ලිබරල් හවුලට අවසන් මොහොතේ ජනාධිපති චන්ද්රිකා එක්වීමත්, රැඩිකල් ජාතිවාදී කණ්ඩායම් හා රාජපක්ෂ උපායශීලී එකඟත්වයෙන් කටයුතු කිරීමත් සිංහල බෞද්ධ බලවේගයේ නායකත්වය රාජපක්ෂ අතට පත්වීමට හේතුවිය. 2005 දී ජාතිකවාදී බලවේග විසින් බලයට පත්කල රාජපක්ෂ හමුවේ වූයේද යුද්ධය ඇරඹීම නොව ජයග්‍රහනය සඳහා සෑහෙන හමුදාමය ආර්ථික හා රාජ්‍යතාන්ත්රික සහායක් ලබාදිය හැකි සහ කරුවෙකු සොයා ගැනීමේ අභියෝගයයි. සටන්විරාම ගිවිසුමින් ඉවත්වන ලෙස සෝමවංස අමරසිංහ බල කල විට ' මොන කෙහෙම්මලකින්ද අපි ගහන්නෙ' යැයි රාජපක්ෂ ඇසූ බව ප්‍රකටය. දේශපාලන හේතු මත ඔහුට යුද්ධය සඳහා ඉන්දියාවෙන් හා බටහිරින් සහායක් අපේක්ෂා කල හැකි නුවූ අතර, IMF ADB මූල්ය ආධාර මත දේශපාලන හා හමුදාමය කොන්දේසි පැනවෙන බවද හේ දත්තේය. 87 දී යුද ජයග්‍රහනය ආසන්නයටම ගොස් හකුලා ගැනීමට ජයවර්ධනට සිදුවීමෙන් මෙන්ම ප්‍රේමදාස චන්දිකා යුගයේ විනාශකාරී පසුබැසීම් තුලින් පෙනී ගියේ බලවත් විදෙස් අනුග්‍රාහකයෙකු නොමැතිව යුද්ධයට අතගැසීම නිශ්ඵල බවයි. 2007 දී ලංකාවට අවි විකිනීම අමෙරිකාව විසින් අත්හිටවනු ලැබීමත් සමඟ මෙය වඩාත් තහවුරු විය. එදා ජයවර්ධන කෑමට හිඳ ගත්තේ යකා සමඟයි. එහෙයින් මෙදා මකරා සමඟ කෑමට හිඳ ගැනීමට රාජපක්ෂ තීරණය කලේය. ඉන්දියාවේ ප්‍රතිවාදියා වූ චීනය සතුව දකුණු ආසියාවේ බොහෝ ඕනෑ එපාකම් තිබිණ. 2007 දී ලංකාව හා දැවැන්ත අවි සැපයුම් ගිවිසුමකට චීනය එලැඹියේ ඒ අනුවය. සමස්ත යුද වියදම ඩොලර් කෝටි 550 කි. ඔවුන් සැපයූ 3D රේඩාර් පද්ධති හා F7 ජෙට් යානා සටන්කාමීන්ගේ ගුවන් බලය මැඩලීමෙහිලා තීරණාත්මක වූ අතර යුද්ධයේ අවසන් දින කිහිපය තුල සටන් විරාමයක් සඳහා එක්සත් ජාත්න්ගේ ආරක්ශක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බටහිර බලවතුන් දැරූ තැත වැලකී ගියේ නිශේෂ බලය හිමි චීනයේ දැඩි විරෝධය නිසාය. එහෙත් මෙම දැවැන්ත දේශපාලනය අර්ථික හා හමුදාමය සහන පැකේජය නොමිලයේ ලැබුනක් නොවේ. ඒ වෙනුවෙන් චීනයට දැවැන්ත ආර්ථික වරදාන දීමට රාජපක්ෂට සිදු විය. හම්බන්තොට වරාය වැදගත් වූයේ අප්‍රිකාවේ සිට ඉන්දියන් සාගරය හරහා අමුද්‍රව්‍ය ගෙනයන චීන වෙලඳ නැවු වලට මිස අපට නොවේ. රටේ යටිතල පහසුකම් වර්ධනය කරීමට ආධාර දීමේදී තම දීර්ඝකාලීන අවශ්‍යතා මත ව්‍යාපෘති තෝරා ගැනීම ඔවුන්ගේ පිළිවෙතයි. බලය අවභාවිතය හා දූෂන පිළිබඳ (මේ දක්වාත් හරිහැටි තහවුරු නොකැරුන චෝදනා ඇති) රාජපක්ෂට බලය අහිමි වූ 2015 මැතිවරණයේ දී මෙන්ම ඉන් පසුවද ඔහුගේ චීන ගණුදෙණුව දැඩි විවේචනයට ලක්විය. කෙසේ වුවද බටහිර පාර්ලිමෙන්තු තුල ලන කිඹුල් කඳුළු නම් ඔවුනට අහිමිවූ අවස්ථාව ගැන මිස අපට ඇති ආදරයක් නිසා නොවන බව අවබෝධ කොටගත යුතුය. චීනය හෙලා දකිමින් බලයට පැමිණි වික්‍රමසිංහට පවා චීනුන් නොතකා හැරිය නොහැකි වීමෙන් පෙනී යන්නේ ඔවුන් තම ඉලක්ක සපුරාගෙන ඇති බවයි. විය යුත්ත ඇස්පනාපිට සිදුවී හමාර අතර දැන් මුවහමට තඩිබෑමෙන් පලක් නොවේ. 87දී ඉන්දීය ගිවිසුම් උගුලින් හා 2005 නෝර්වේ සාම උගුලින් අප මුදවා කිසිවෙකු ඉදිරිපත් නුවූවා සේම මෙදා චීන නය උගුලින් ගලවා ගැනීමේ ‘පැකේජයක්’ ඉදිරිපත් කිරීමට කිසිදු රටක් ඉදිරිපත් නොවේ. එහෙයින් කල යුතුව ඇත්තේ උපාය මාර්ගික වැඩසටහන්ක් තුලින් ඊට මුහුන දීමත්, අනාගත විදෙස් උගුල් හා මැදිහත්වීම් හැකිතරම් පිටුදැකීමත්ය. එනයින් ගත් කල චීන ණය කන්දරාව හා ආර්ථ්ක කප්පම් යනු ඒකීය භාවය වෙනුවෙන් ගෙවීමට සිදුවූ මිලක් බව සලකා හිත හදා ගැනීම ඇර අන් විකල්පයක්ද නැත. එහෙත් මකරාට එතරම් දොල පිදෙනි දීමෙන් අනතුරුව හෝ එකීය භාවය රැක ගැනීමට රටට නොහැකි වෙ නම් එය වඩාත් ලොකු අපරාධයක් වනු ඇත.

1988 ජානාධිපතිවරණය හා එහි නොවිසඳුන ගැටළු[සංස්කරණය]

Chamara Siriwardene ඉන්දියාවේ පැත්තෙන් ගත් කල 1987 සාම ගිවිසුම විහින් පළඳා ගත් උරචක්ර මාලයකි. ප්රධාන සටන්කාමී පාර්ෂ්වය වූ එල්ටීටීඊය ගිවිසුම පිළිකෙව් කොට සුපුරුදු ප්රචන්ඩත්වයට යොමුවීමත් සමඟ පවන් මෙහෙයුම දියත් කරනු හැර අන්විකල්පයක් ර්ජීව් ගාන්ධි හමුවේ නුවූ අතර දමිලයන්ගේ ගැලවුම් කරුවන් ලෙස ලංකාවට ආ ග්රාමීය ඉන්දීය භටයන් නියම ආක්රමණික හමුදාවක් සිහි ගන්වමින් සිවිල් වැසියන් මරාදමමින් උතුරේ කාන්තාවන්ට නිර්ලජ්ජිත ලෙස අඩන්තේට්ටම් කිරීමත් නිසා යාපනයේ හා ලකුණූ ඉන්දියාවේ දැවැන්ත නොසන්සුන්තාවක් පැන නැඟින. හත්පොලේ ගාගෙන සිටි නවදිල්ලිය වඩාත්ම අපහසුතාවට පත් කල කරුණ වූයේ ලොව හතරවන විශාලතම බල ඇණිය ලෙස පාරම් බෑ ඉන්දීය හමුදාවට යාබද දිවයිනේ සුළු ප්රදේශයක ක්රියාත්මක වූ සන්නද්ධ ගැටවර කණ්ඩායම මැඩලීම පහසු නොවන බව පෙනී යාමය. භූමිය පිළිබඳ සටන් කරුවන් තුල වූ දැනීම මෙන්ම ඔවුන් අත වූ සැහැල්ලු ස්වයංක්රීය අවි හා පණිවුඩ හුවමාරු උපකරණ හමුවේ සම්ප්රදායික අවි වලින් සන්නද්ධව සිටි තම භටයන්ගේ සංඛ්යාත්මක ශක්තිය ප්රමානවත් නොවන බව ඉන්දීය අනදෙන නිලධාරීහූ පවා නොපමාව අවබෝධ කොට ගත්හ. මේ අවසරයෙන් ඵල නෙලූ ජනාධිපති ජයවර්ධන ගිවිසුමෙ ප්රථිඵලයක් ලෙස දකුණේ පැන නැඟුන දැවැන්ත කැරැල්ලට මුහුන දීම සඳහා 50,000 ක තම හමුදාව කොලඹ හා පිට පළාත් තුල ස්ථානගත කලේය. 1988 ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුනද, මෑතදී පැවති පළාත්සභා මැතිවරණයේ අත්දැකීම් තුලින් පෙනීගියේ උතුරේ හා දකුණේ සන්සුන් වාතාවරණයකින් තොරව තවත් ජන්දයක් පැවැත්වීම ප්රායෝගික නොවන බවය. ගිවිසුම නිසා රටේ මහත් අපකීර්තියට පාත්රව සිටි ජනාධිපති ජයවර්ධන නැවත තරඟ නොකරන තත්වයක් තුල ඉදිරිපත් වන එජාප අපේක්ෂකයා කවරෙකු වුවද ඔහුගේ විශාලතම අභියෝගය වූයේ උතුරේ එල්ටීටීඊය හා දකුණේ ජවිපෙය අතර එකඟත්වයක් ඇතිකොට ගැනීමය. 1988 පෙබරවාරිය වන විට එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපෙල තරඟ කරුවන් වූයේ මහවැලි ඇමති ගාමිණී දිසානායක හා ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි යන දෙදෙනාය. ප්රභූ පසුබිමකින් පැවැතෙන දෙදෙනාම ජයවර්ධනගේ සමීපතයන් වූ අතර වෙනස වූයේ දිසානායක ඉන්දිය හිතකාමී වීමත් ඇතුලත්මුදලි ගිවිසුමට විරුද්ධ වීමත්ය. සාමාන්ය පසුබිමකින් පැවත ආ අගමැති පේමදාස එජාප රජයේ උග්රතම ඉන්දීය විරෝධීයා වුවද, මේ දක්වාත් ඔහු බරපතල අපේක්ෂකයෙකු ලෙස ගැනුනේ නැති. ජනපතිවරණය ඉලක්ක කොටගෙන කුමාර් පොන්නම්බලම් හරහා එල්ටීටීඊය හා කතාබහ ඇරඹීමට පෙබරවාරියේ ගාමිණි දිසානායක හා මාර්තුවේ ඇතුලත්මුදලි දැරූ උත්සාහයන් ද සඵල වූයේ නැත. නැඟෙනහිර පලාතේ දමිල ජනයාගේ නියෝජිත අයිතිය අත්හැරීමට එල්ටීටීය මෙහිදී එකඟ වුවද, හරහට හිරියේ ඉන්දීය මෙහෙයුම් නවතා දෙන මෙන් හෙම්බත්ව සිටි ප්රභාකරන් පැනවූ කොන්දේසියයි. තම හමුදාව යාපනයේ පෙන්වූ අසමත් කම් ගැන කෝපයෙන් සිටි රජීව් ගාන්ධි තුල ප්රභාකරන්ගේ පොරොන්දු කෙරේ විස්වාසයක් නුවූ අතර ඇතුලත් මුදලිගේ සාකච්ඡා සාර්ථකවනු ඇතැයි විශ්වාසයක්ද නොවීය. එහෙයින් යාපනයේ යුද මෙහෙයුම් තීව්ර කරන මෙන්ද, නැඟෙනහිර පලාත් සභාවේ බලය නතුකොටගත් එල්ටීටීඊ විරෝධී දෙමල කණ්ඩායම් වලට සහාය දක්වන ලෙසද ඔහු හමුදාපති ක්රිෂ්නස්වාමි සුන්දාර්ජිට අණ කලේය. උතුරේ හා දකුණේ දැඩි ඉන්දීය විරොධී ජන මතය හා සසඳන කල නවදිල්ලි හිතවාදී දිසානායක තවදුරටහ් සුදුසු අපේක්ෂකයකු වනු ඇතැයි ජයවර්ධන පවා මෙකල නොසිතූ බව පෙනේ. මේ වන විට ආණ්ඩු පක්ෂයේ ප්රමුඛයා ලෙස පෙනී සිටියේ ආරක්ෂක ඇමති ඇතුලත්මුදලිය. එල්ටීටීඊය හා සාකච්ඡා අසාර්ථක වීමෙන් අධෙර්යමත් නුවූ හේ අනතුරුව ජවිපෙය සමඟ එකඟත්වයක් ඇතිකොට ගැනීමට තැත් කලේය. නොහොත් ඒ බව කියා සිටියේය. බාලසූරිය පියනමගේ මැදිහත්වීමෙන් කෙරුන මෙම සාකච්ඡා වලින් අනතුරුව ජවිපෙය සමඟ ගිවිසුමක් අත්සන් කල ඇතුලත්මුදලි පක්ෂයට ඒ දක්වා පනවා තිබූ තහනමද ඉවත් කලේය. ඇතුලත්මුදලිට නොමැකෙන අපකීර්තියක් ගෙනදෙමින් කේ සී සේනානායක නැමැත්තා විසින් අත්සන් කල එම ගිවිසුම පිළිබඳ ඇති මතභේදය මේ දක්වාද නොපැහැදිලිය. ගිවිසුමට කැමැත්ත පලකොට ජවිපෙය විසින් කලින් එවන ලද බව කියැවෙන ලිපියේ අත්සන උපතිස්ස ගමනායකයේ බව පොලිසිය තහවුරු කොට තිබූ අතර විජීවීරගේ අත්සන ද නිවැරදි බවට එවකට අතඩංගුවේ පසුවූ ඔහුගේ මස්සිනා වූ දොස්තර චන්ද්රා ප්රනාන්දු ඇතුලත්මුදලිට පෞද්ගලිකව සහතික කල බව පැවසේ. එසේනම් ඊට තම පක්ෂයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ජවිපෙ නායක විජේවීර දින කිහිපයකට පසු පිටු 6ක ප්රකාශයක් නිකුත් කලේ ඇයි? ඇතුලත්මුදලි පසුව පැවසුවේ මෙය තමාට අපකීර්තිය ගෙනදීමට කල කුමන්ත්රණයක් බවය. තමාට නොරිසි ඇතුලත්මුදලි ජනාධිපති අපේක්ෂකයා වනු වැලැක්වීමේ අවශ්යතාවක් 1988 මැයි මස වන ජවිපෙට තිබුනේද? නොඑසේනම් ඔවුන් ගේ වැඩි කැමැත්ත හිමිවූ ඉඩකඩ ලබා දියයුතු වූ වෙනත් අපේක්ෂයෙක් වීද? පිලිතුරු නොපැහැදිලි මුත් අනුමානයන් බැහැර කල නොහැක. එජාපයේ අනිත් තරඟකාරී අපේක්ෂකයා වූ අගමැති පේමදාස ජනපතිවරණය සඳහා සූදානම් වූයේ තමාඟෙම වූ පිළිවෙතට අනුවය. තමා බලයට පැමිණී වහා ඉන්දීය හමුදාව වහා ආපසු යවන බව කීයා එල්ටීටීයේ හා ජවිපෙ සහාය පැතූ හේ මසකට රු 2500 ක සහන මල්ලක් දීමට ජනතාවට පොරොන්දු විය. ග්රාමීය පදනමක් සහිත ජවිපෙය පිළිබඳ ඔහු දැරුවේ අතිශය හිතකර ආකල්පයකි. ඔක්තෝබර් 01 දා ජවිපෙ ශෛලිය අනුව මුද්රණය කල “මේ කවුද ? මොනවද කරන්නෙ?” යන පෝස්ටර අලවමින් සිටි පිරිසක් අතඩංගුවට ගත් හමුදාවට දගැනීමට ලැබුනේ ඔවුන් සිරිසේන කුරේගෙ ආධාර කරුවන් බවයි. ඉදිරි දිනකිහිපයේ මේ පෝස්ටරය රටපුරා දැකිය හැකි විය. ඔහු අළුත්ම පුද්ගලයකු ලෙස රටේ මුළු අවධානය තමා වෙත දිනා ගැනීමට තැත් කලේය. දකුණේ උත්සන්නවෙමින් පැවති භීෂණයේ වගකීම කරුණු කාරණා සොයා බැලීමකින් තිරව ජවිපෙ මත පැටවීමට නොහැකි යයි ද ඔහු විදෙස් මාද්ය හමුවේ කියා සිටියේ ආරක්ෂක ඇමති ඇතුලත්මුදලිගේ පමනක් නොව ජයවර්ධනගේ ස්ථාවරයද නොතකා හරිමිනි. පේමදාස හැඟවීමට තැත් කලේ ප්රතිපත්තිමය වශයෙන් තමා හා ජවිපෙ සමාන්තර මඟක ගමන් කරන බවයි. ජවිපයේ දේශපාලන මණ්ඩලයේ සභිකයකයකු වූ ඩී එම් ආනන්ද සමඟද මෙ වන විටත් පේමදාස සන්නිවේදන මාර්ගයක් ගොඩනඟා ගෙන තිබූ බව සැක කෙරෙන අතර සෝමවංශ අමරසිංහ ඔහුගේ සමීපතමයකු වන කොලඹ පුරපති සිරිසේන කුරේ ගේ ලඟ ඥාතියෙක් බව තහවුරුව ඇත. ගිවිසුම තුලින් තමා අපකීර්තියට පත් කිරිමේ කුමන්ත්රණයක් ගැන ඇතුලත්මුදලි නැඟූ චෝදනා තුලින් මේ සබඳතාව පිළිබඳ ඔහුද දැන සිටි බවද ගම්ය වේ. ඇතුලත්මුදලි හා ජයවර්ධන වැනි දේශපාලකයන් කී දේට වඩා නොකී දෑ බොහෝය.

 එලඹෙන ජනපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයා වූ සිරිමා මණ්ඩාරනායක හා එකඟත්වයක් ඇතිකොට ගැනීම පිළිබඳ මේ දක්වාත් ධානාත්මක අදහසක් දැරූ බව කියන විජේවීර, නොනැවතී කෙරෙන ප්රචණ්ඩ ක්රියා අරබයා රජයේ චෝදනාවට ලක්වූ දේශපේමී ජනතා ව්යාපාරය ජවිපෙට අනුබද්ධ සන්නද්ධ ශාඛාවක් නොවන බව මෙකල පුන පුනා පැවසීමද  සැලකිල්ලට ගතයුතුය. සමන් පියසිරි ප්රනාන්දු විසින් පුහුණු කොට මෙහෙයවනු ලැබූ  එම සවිධානයේ ක්රියාකාරීත්වය  අරබයා මෙ වනවිටත් උලපනේ ශානත මේරි වතුයායේ රහසිගත ජීවිතයක් ගතකල විජේවීරට බොහෝ ගැටළු තිබූ බවත්, උද්වේගමත් සිසු නායකයන් ගේ ඇතැම් සීමාන්තික කටයුතු පිළිබඳ ඔහුද නොසතුටින් පසුවූ බවටත් සාක්ෂි ඇත. මේ කාලයේ දේශප්රේමී ජනතා ව්යාපරය (හෝ ඒ නමින් පෙනී සිටි පිරිස්)  විසින් ගරිල්ලා ව්යාපරයක නුසුදුසු අන්දමින් දියත් කල ඝාතන රැල්ලට ලක්වූ  බහුතරය ජවිපෙය සෘජුව විවේචනය කල  එක්සත් සමාජවාදී පෙරමුණේ හා එජාපයේ පේමදාස විරෝධී පිලේ (එනම් ජයවර්ධන හා ඇතුලත්මුදලි පාර්ෂ්වය නියෝජනය කල ) ආධාරකරුවන් වීමද මෙහිදී කැපී පෙනේ.  

1988 සැප්තැම්බරය වනවිට එජාපයේ ශක්තිමත්ම අපේක්ෂකයා ලෙස පෙරමුන ගෙන සිටියේ අගමැති පේමදාසය. ප්රසිද්ධියේ ඉන්දීය විරෝධී පිළිවෙතක් අනුගමනය කල ඔහු ජවිපෙ සමඟ තවදුරටත් සහයෝගීතාව පැතීය. අපකීර්තියට පත් ඇතුලත්මුදලි දුර්මුඛව සිටි අතර වෙනත් විකල්පයක් නුවූයෙන් යටතේ පේමදාස එජාපයේ නිල අපේක්ෂකයා ලෙස නම් කිරීමට කෘත්යාධිකාරී මන්ඬලයට සිදු විය. තම අපේක්ෂකයා වෙනුවෙන් හොඳ හිත පලකිරීමක් ලෙස අතඩංගුවේ සිටි ජවිපෙ දේශපාලණ මණ්ඩල සභික ශාන්ත බණ්ඩාර නිදහස් කොට හරින ලදී. ශාන්ත බණ්ඩාරට පැවරුන කාර්යය වූයේ පක්ෂය හා සාකච්ඡා කොට ජනපතිවරනයට පෙර රජය හා යම් එකඟත්වයක් ඇතිකොට ගැනීමයට කටයුතු කිරීමයි. ඊට යහපත් ප්රතිචාර දක්වන්නේ නම් ඉන්දීය හමුදාව හා සටන් කිරීමට අවි පුහුණුව ලබා දීමට රවි ජයවර්ධන පොරොන්දුවූ බවට කියති. පෙමදාස ඒ හා සමාන පොරොන්දුවක් උතුරේ සටන් වැදී හෙම්බත්ව සිටි එල්ටීටීඊයටද ලබා දුන් බව කියැවේ. එහෙත් පේමදාසගේ බලාපොරොත්තු මොහොතකට සුන් කරලීමෙහිලා හේතුවූයේ ජවිපෙට හිතවත් නීතීඥයකු වූ විජයදාස ලියනාරච්චි පොලිසිය අතින් ඝාතනයට ලක්වීම හරහා ප්රධාන විපක්ෂය වූ ශ්රීලනිපය හා ජවිපෙ අතර එකමුතුවක් ගොඩමනැඟීමෙහිලා පැනනැඟුන අවදානමයි. සිරිමා බණ්ඩාරනායකගේ දේශපාලන රැලියකට සමාන වූ ලියනරාච්චි අවමඟුලට උපතිස්ස ගමනායක සහභාගී වූ බවට කට කතා පැතිරිණ. ශ්ඊලනිපය, එක්සත් ලංකා ජනතා පක්ෂය, මුස්ලිම් කොන්ග්රසය හා දෙමල කොන්ග්රසය ආදී විරුද්ධ මතධාරී පක්ෂ රැසක හවුල හා සහයෝහගයෙන් කටයුතු කිරීමට ජවිපෙ කැමති බවක් පලවුවද එය යටපත් කර දමන ලද්දේ දේශපේමී ජනතා ව්යාපාරය විසින් දියත් කල දැවැන්ත විරෝධතා හා ඝාතන රැල්ලයි. ජවිපෙ හා ගණුදෙනු කොට පලපුරුදු සිරිමා බණ්ඩරනායක පවා මෙහිදී ඔවුන් ප්රචන්ඩ ක්රියා අතහැරිය යුතුය යන මතය දැරූ අතර, ජවිපෙයේ සුපුරුදු පිළිතුර වූයේ දේශප්රේමී ජනතා ව්යාපාරයේ කටයුතු පිළිබඳ තම වගකීමක් නොමැති බවයි. මෙය විජේ වීරගේ පැත්තෙන් බලන කල අවංක පිළිතුරක් ලෙසද අර්ථ දැක්වවිය හැක. ව්යාකූලතාවය වඩාත් උග්ර වූයේ පාර්ලිමේණ්තුව විසුරුවා හැර භාරකාර රජයක් යටතේ ජනපතිවරණය පැවැත්විය යුතුබවට ඔක්තෝම්බරයේදී ජවිපෙය පැණවූ අසීරු කොන්දේසියයි. පාසැල් හා රජයේ ආයතන ඉලක්ක කොටගෙන දේශප්රේමී ජනතා ව්යාපාරය විසින් දියත් කල දැවැන්ත වර්ජන රැල්ල හා හමුදා කඳවුරු වලට එල්ලවූ ප්රහාර මාලාව හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වුව ජයවර්ධන හා ඇතුලත්මුදලි පාර්ෂ්වය මේ වනවිට සූදානමින් සිටියද පේමදාස පාර්ෂ්වයේ දැඩි මතය වූයේ මැතිවරණය තෙක් එවැන්නක් නොකල යුතු බවය. එසේ නොකරන බවට ජයවර්ධන කලින් පොරොන්දු වී තිබිණ. ජවිපෙ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවට පක්ෂ වූ එජාප නිළධාරීන් කිහිප දෙනෙක් ද මෙකල ඝාතනය ලක් වීම ගැටළු සහගතය. ජවිපෙ අන්තර්වාර රජයක කොටස් කරුවන් බවට පත්වන්නේ නම් පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමා සූදානම් බව අවසානයේ ජයවර්ධන පිළිතුරු වශයෙන් රොස්මීඩ් පෙදෙසට දන්වා යැවුවද, එවැනි සහතිකයක් දීමෙහිලා සිරිමා බන්ඩාරනායක අසමත් වූවාය. දේශප්රේමී ජනතා ව්යාපාරය වැඩි වැඩියෙන් ක්රියාත්මක වූ තත්වයක් තුල ජවිපෙය සමඟ ඇගේ සබඳතා නොපැහැදිලි හා අවුල් සහගත වී. විජේවීර හා සෘජු ස්බඳතා ගොඩනඟා ගන්නා මෙන් ඇතැම් පක්ෂා නායකයන් ඉල්ලා සිටි අතර දකුණේ එජාප ආධාරකරුවන් තරමටම තම ආධාරකරුවන්ද ඝාතන වීම නිසා කෝපයෙන් පසුවූ අතැම් ප්රාදේශීය ශ්රීලනිප නායකයන් කියා සිටියේ ජවිපය පොදු සතුරා ලෙස සලකා රජය හා එක්විය යුතු බවය. තම ශක්තිය ගැන කවදත් අධිතක්සේරුවෙන් පසුවූ සිරිමා බන්ඩාරනායක දෙවැනි ඉල්ලීමට වඩාත් නැඹුරු වූ බව සිතිය හැක. ජවිපෙ හා එල්ටීටීඊයේ එකඟත්වයෙන් තොරව චන්දයකට යාම ඇගේ පරාජයේ මුද්රාව වැන්න. 1988 ජනාධිපතිවරණයේ ප්රථිඵලය තීන්දු කරමින් ඡන්දය වර්ජනය කරන ලෙස දේශප්රේමී ජනතා ව්යාපාරය නොවැම්බරයේදී මහජනයාට නියෝග කලේය. දේශපාලන මණ්ඩල සභික සුමිත් අතුකෝරාලගේ මරනය මීට කදිම නිදහසට කරුණක් සැපයීය. මේ අපූරු තීරණය අරබයා විජේවීර පවා මනා පැහැදිලි කිරීමක් කොට නැත. මැදහත් පිළිගැනීම නම් 1988 විජේවීරට උවමනාව තිබුනේ විප්ලවයක් නොව තමා අතිශය ප්රියකල මැතිවරනයක් බවත්, කිසියම් නොදත් හේතුවක් නිසා ඔහුගේ දේශපාලන මන්ඩල සගයන් බහුතරය ඊට අකැමති වූ බවත්ය. මෙනයින් බලන කල 1988 ජනාධිපතිවරණය පිළිගත් දේශපාලන බලවේගයක් ලෙස කරලියට ඒමට අවස්ථාවක් ලෙස යොදා ගැනීමට විජේවීරට උවමනා වුවද තරුන සිසු නායකයන් දුටුවේ එය ලඟ එන විප්ලවය මඟින් පහසුවෙන් පෙරලා දැමිය හැකි කෙරෙන්ස්කි පන්න්යේ සුදුසු ‘තාවකාලික රජයක්’ පත්කොට ගැනීම සඳහා එලඹෙන අවස්ථාවක් ලෙසය. මේ තත්වය හමුවේ 1988 දෙසැම්බර් 19 දැඩි භීෂණය තුල පැවැත්වුන ජනපතිවරණයෙන් තුල ප්රකාශිත වලංගු චන්ද 29% න් අඩකට වඩා ලබා ගත් පේමදාස එහි ජය හිමි කොට ගත්තේය. දේශප්රේමී ජනතා ව්යාපරයා හා ගණුදෙණු කිරීම මුළුමනින්ම සන්නද්ධ කණ්ඩායම් වලට පැවරුනේ ජවිපෙය හා එකඟතාවක් ඇතිකොටගැනීමට පේමදාස තවදුරටත් දැරූ තැතතාසාර්ථක වීම නිසා බව පැවසේ. නිල් පැහැති අව්කණ්ණාඩි පැළඳ වුඩ්ලන්ඩ් මන්දිරයේ 1989 ජුනි මස සාකච්ඡා වලට සහඟාගී වූ ඩී ඇම් ආනන්ද ඇතුළු තරුණ සිසු නායකත්වය ලඟ එන විප්ලවයයේ ජයග්රහණය ගැන පමණට වඩා බලාපොරොත්තු තබා ක්රියා කල බව සිතිය හැක. එහෙත් පේමදාසගේ ආරාධනය පිළිගත් එල්ටීටීඊය ලද තෑගි මල්ලද සුළු පටු නැත. 1988 ජනාධිපතිවරණය වර්ජනය කිරීම විජේවීරගේ නොව ඔහුගේ සගයන්ගේ උවමනාවට සිදුවූවක් බව පෙන්වා දෙන්නෝ පවසන්නේ 1989 මැද සිට ඇරඹුන දැවැන්ත හීෂණය මෙන්ම නොවැම්බර් මස ජවිපෙ නායකත්වය සමූලඟාතනය වීමද පේමදාසගේ පෞද්ගලික වුවමනාවට වඩා ඔහුගේ සගයා වූ රන්ජන් විජේරත්නගේ මැදිහත් වීම මත සිදූවූවක් බවට ඉදිරිපත් කරන තර්කයද මෙහිදී බැහැර කල නොහෙන බවය. විජෙවීර අතඩංගුවට පත්වීමෙන් පසු ගතවූ පැය කිහිපය අතරතුරදී 1988 මැතිවරණය පිළිබඳ හා ඒ හමුවේ දේශප්රේමී ජනතා ව්යාපාරයේ ක්රියාකාරීත්වය පිළිබඳ තමා තුල කිසියම් දෙගිඩියාවක් තිබූ වගක් සඳහන් කොට ඇත්දැයි මෑතකදී ජීවිතයේ සැදෑ සමය ගෙවන එක්තරා විශ්රාමික ආරක්ෂක නිළධාරියෙකුගෙන් විමසන ලදුව ඔහු සිනාසුනේය. “විජේවීර එදා හැසිරුනේ දැඩි විනයක් ඇති විප්ලවවාඳී නායකයෙක් වගේ. අදකාලෙ දේශපාලඥයො වගේ නෙවෙයි. ඔහු අවසන් මොහොත දක්වා තමන්ගෙ පක්ෂය හා සගයන් ආරක්ෂා කලා. ඔහු මරා දැමීමට සිදුවීම වෙනම කරුණක්…” ඉතිහාසය විටෙක ගුප්ත මෙන්ම දුක්බරය.

ජනතා විමුක්ති පෙරමුණ[සංස්කරණය]

විජේවීරට වැරදුන තැන ආරක්ෂක නිලධාරියෙකුගෙ ඇසින් (මෙම ලිපියට පදනම් වී ඇත්තේ විශ්රා මික අරක්ෂක නිලධාරියකු හා කෙරුන සංවාදයකි. මෙය හුදෙක්ම ඔහුගේ පුද්ගලික දෘෂ්ඨිය මත කෙරුන විග්ර හයක් බව සැලකිය යුතු අතරෙහි මෙහිලා සදහන් කෙරෙන විජේවීර හා ඔහුගේ සගයන් අතර වූ බව කියවෙන දෘෂ්ටිමය විරසකය හා අන්තර් සන්නිවේදනය අරබයා මතු කෙරෙන දැක්වෙන ඇතැම් කරුණු මෙන්ම හමුදාවේ ක්රියාකාරිත්වය ගැන ඉදිරිපත් කරන ඇතැම්සාධාරණීකරනය කිරීම් ද තරමක් මතභේදාත්මක වුවද ඒවා මුළුමනින්ම බැහැර කිරීමේ හැකියාවක්ද නොපෙනේ. ඔහුගේ තර්කය වන්නේ 71 න් පසු එලිමහන් දේශපාලනයට ආශා කල විජේවීර සන්නද්ධ විප්ලවයක් සඳහා වෙත යලි යොමු කරවන ලද්දේ 84 නව දේශපාලන මණ්ඩලයේ සගයන් විසින් බවය. ) ප්රසිද්ධ වේදිකාවේ විප්ලවය ගැන පුරසාරම් දෙඩවීමට විජේවීර තුල වූ උනන්දුව සැබෑ ලෙස එය දියත් කිරීමේදී ඔහුගෙන් පල නුවූ බව 71 සගයන් විසින් නඟා ඇති එක් චෝදනාවකි. ඔහුගේ සතුරන් විසින් ඇතැම් විට මෙය අවස්ථාවාදීත්වයේ ලක්ෂණයක් ලෙස හුවා දැක්වීමට උත්සුක වුවද ඉන් පිළිබිඹු වන්නේ ඔහු විප්ලවීය මාවතට වඩා ප්රජාතන්ත්රවාදී දේශපාලනය ප්රිය කල බවය. පෞද්ගලිකව ගත් කලද ඔහු කථිකයකු මිස සටන්කරුවකු නොවේ. 77 ලද පොදු සමාවෙන් අනතුරුව විජේවීර තෝරා ගත්තේ තමා වඩාත් ප්රිය කල මේ ප්රජාතන්ත්රවාදී දේශපාලනයයි. පක්ෂයේ ප්රධාන සාමාජික පදනම ලෙස ශිෂ්ය ව්යාපාරය තවදුරටත් සැලකුවද 77-83 කාලය තුල එය හැසිරවීමේදී ඔහු ඉතා පරෙස්සම් සහගත වූ බව පෙනේ. මෙකල ශිෂ්ය ව්යාපාරය මුළුමනින්ම ඔහුගේ පාලනයට නතුව පැවති බවත් එතුල වූ සීමාන්තික සාධක දක්ෂ ලෙස කළමණාකරණය කිරීමට ඔහු සමත් වූ බවත් අවිවාදයෙන් පිලිගත යුතුය. මෙය ඔහුගේ දේශපාලන ජීවිතයේ ස්වර්ණය යුගය ලෙස සැලකීමෙහි ලා වරදක් නැත. එහෙත් 83 පක්ෂය තහනම් සංවිධානයක් බවට පත්වීමත් සමඟ විජේවීර මුහුන පෑවේ නොසිතූ අසීරුතාවයකටයි. තම ප්රධාන අවිය වූ කථිකත්වය ඵලදායී ලෙස භාවිතා ක්රීමේ අවස්ථාව ඉන් ඇහිරිණ. එපමණක් නොව උද්ගත වූ අනපේක්ෂිත තත්වය තුල පැවති යාන්ත්ර ණය මුළුමනින්ම අඩාල වූ අතර බොහෝ සාමාජිකයෝ නැවත පක්ෂය හැර ගියහ. අඩියටම ඇද වැටුන පක්ෂය යලි සංවිධානය කිරීමට විශාලතම බාධකය වූයේ පොලිසිය විජේවීර හා ගමනායක පිළිබඳ විමසිල්ලෙන් පසුවීමයි. මේ වාතාවරණය තුල සැඟවී සිටීමට ඔවුන් දෙදෙනාටම සිදුවූ අතර ප්රතිසංවිධාන කටයුතු සඳහා දක්ෂ ක්රියා ශීලී නව නායක ස්ථරයක අවශ්යතාව තදින් දැණින. 84 අවසානයේ පත්වූ නව දේශපාලන මණ්ඩලය තුල බහුතරය සටන්කාමී ශිෂ්යි නායකයන් බවට පත්වීම තුලින් පෙන්නුම් කලේ රහසිගත දේශපාලන චාරිකාවක් සඳහා විජේවීර තුල වූ අදිටනයි. විජේවීර හා ගමනායක වෙනුවෙන් සුදුසු ආරක්ෂා ස්ථාන පිලියල කිරීමට දේශපාලන මණ්ඩලයේ පැරණි සගයකු වූද පැවති රජයේ ප්රබල ඇමතිවරයකුගේ ඥාතියෙකු වූද සෝමවංශ අමරසිංහ සමත් විය. තෙමේම ධනවත් බර්ගර් ජාතිකයකු ලෙස වෙස්වලාගෙන මෙකල කොලඹ ඉහල සමාජයේ ජීවත් වූ අමරසිංහට නිදැල්ලේ කටයුතු කිරීමට වැඩි අවකාශ තිබූ අතර විජේවීර ඔහු කෙරේ පූර්ණ විශ්වාසය තබා කටයුතු කලබව පෙනේ. අමරසිංහ ඉහල නායකයන් දෙපොල ගේ ආරක්ෂාව හා බාහිර සබඳතා පිළිබඳ වගකීම දරන අතර අභ්යන්තර ප්රතිසංවිධානය මුළුමනින්ම පැවරුනේ දේශපාලන මණ්ඩලයේ ශිෂ්ය නායකයන් වෙතටයි. එම කාලයේ පැවති තත්වය හා සසඳන විට එය පිළිගත හැකි හා සාධාරණ විධිවිධානයක් ලෙස පෙණින. වෙනසකට වූයේ මෙම ජව සම්පන්න ශිෂ්ය නායකයන් තවත් විප්ලවයක් සඳහා සිහින දකිමින් සිටීමත්, සන්නද්ධ දේශපාලනය හුදෙක්ම දුරස්ථ විකල්පයක් ලෙස පමණක් සැලකූ විජේවීර තවදුරටත් ප්රජාතන්තරවාදී දේශපාලනයට පිවිසීම සඳහා වූ අවස්ථාවක් කෙරේ බලාපොරොත්තු රඳවාගෙන කටයුතු කරමින් සිටීමත්ය. එහෙත් මේ වන විට හල්දුම්මුල්ලේ නිවෙසක සැඟවී සිටි ඔහු අතින් පක්ෂය කෙරේ වූ බලපෑම කෙමෙන් ගිලිහෙමින් පැවතිණ. සමන් පියසිරි ප්රනාන්දු විසින් ඇතැම් පක්ෂ සාමාජිකයන්ට සබරගමුවේ හා දකුනේ වනගත පෙදෙස් තුල අවි පුහුණුව ලබාදෙමින් සිටින බව 1986 දී ඔහු දැන සිටියද එය හුදෙක්ම සිය තරුන සගයන් සැනසීමේ ක්රමවේදයක් හෝ උපරිම වශයෙන් ආත්මාරක්ෂක පියවරක් ලෙස විනා බරපතල මිලිටරි සූදානමක් ලෙස ඔහු සැලකූ බවක් පෙනෙන්නට නැත. ‘ඊලාම් අර්බුදයට විසඳුම’ මැයෙන් මෙකල ඔහු විසින් පල කෙරුන ග්රන්ථය තුල පවා තවත් ලේ වැකුන විප්ලවයක් පිළිබඳ අපේක්ෂා පල කොට නොතිබීම තුල දේශපාලන මණ්ඩලයේ ශිෂ්ය නායකයන් පක්ෂය මෙහෙයවූ දිශාව හා ඔහුගේ දැක්ම අතර වූ ප්රතිවිරොධතාවය කැපී පෙනේ. උතුරේ සටන්කාමී කණ්ඩායම් වලට සාපේක්ෂව සැලකූ කල ප්රමාණවත් සැපයුම්, බාහිර සහායක් හෝ භූගෝලීය වාසියකින් තොරව සන්නද්ධ ක්රියාදාමයකින් බලය අල්ලා ගැනීමට තැත් කිරීම අනතුරුදායක බව 1986 නොවැම්බරයේදී පක්ෂය සන්නද්ධ විය යුතු බවට කෙරුන යෝජනාවට පිළිතුරු ලෙස ඔහු දේශපාලන මණ්ඩලයට පෙන්වා දුන් බවට සාක්ෂි ඇත. උතුරේ අර්බුදය එහි උච්චාවස්ථාවට පැමිණි 87 වසරේ නාදුනන පිරිසක් විසින් පල්ලෙකැලේ යුද කඳවුරට හදිසි ප්රහාරයක් එල්ල කොට ස්වයංක්රී ය අවි කිහිපයක් පැහැර ගෙන ඇති වග හල්දුම්මුල්ලේ නිවසෙ සිටි විජේවීර දැනගත්තේ ගුවන්විදුලියෙන් බවත් ඔහු ඉන් පුදුමයට පමණක් නොව කෝපයටද පත් වූ බවද කියැවේ. එහි සත්ය තාව මුළුමනින් තහවුරු කල නොහැක. එහෙත් මැයි මස පැවති දේශපාලන මණ්ඩල රැස්වීමේදී හමුදා කඳවුරු වලින් අවි පැහැර ගෙන කලින් පුහුණුව ලැබූ සාමාජිකයන් සන්නද්ධ කිරීමේ පිළිවෙත වෙනුවෙන් සමන් පියසිරි ප්රහනාන්දු හා ඩී එම් ආනන්ද දැඩි ලෙස පෙනී සිටී විට ශාන්ත බණ්ඩාර, නන්දසිංහ විජේනායක හා එච් බී හේරත් පමනක් නොව ගමනායක හා අමරසිංහ පවා ඊට සහාය පල කල බව සැබෑය. අනතුරුව එලැඹි ඉන්දු ලංකා ගිවිසුමත් ඒ හා සමගාමීව දේශප්රේමී ජනතා ව්යා පාරය නමින් දියත් කෙරුන දැවැන්ත උද්ඝෝෂණ හා ප්ර චණ්ඩ ක්රි යා මාලාවද විජේවීරගේ පූර්ව එකඟතාවකින් තොරව සමන් පියසිරි ප්රනාන්දු, ඩී එම් ආනන්ද හා එච් බී හේරත් යන ශිෂ්ය නායකයන් අවස්ථානුකූලව ගත් තිරණ මත සිදුවූ බව සිතීමටද බොහෝ හේතු ඇත. ගිවිසුමින් අනතුරුව යුද හමුදාව දකුණට පැමිණිමත් සමඟ මර්දනය දැඩිවීමත් එමඟින් ශිෂ්ය නායකයන් දැරූ මතයට මොහොතක සුජාත බවක් හිමි වීමත් නිසා තම අභිමතයට පරිබාහිරව ඇරඹි සන්නධ ක්රියාදායමය ඉදිරියට ගෙන යාමට ඉඩ හැර බලා සිටිනු හැර අන් විකල්පයක් විජේවීරටද නොතිබූ බව පෙනේ. කෙසේ වුවද සන්නද්ධ ක්රි්යාවලියේ වගකීමෙන් පක්ෂය හැකිතාක් දුරස් කොට තැබීමට ඔහු තවදුරටත් තැත් කලේය. 87 නොවැම්බරයේදී කැසට් පටයක් හරහා ඉන්දීය මැදිහත් වීම දැඩිව විවේචනයට ලක් කල ඔහු එහිදී උදක්ම කියා සිටියේ සන්නද්ධ ක්රිවයා වල යෙදුන දේශප්රේමී ජනතා ව්යාපාරය ඇතැම් ජවිපෙ සාමාජිකයන් ගෙන් සමන්විත වුවද එය කොහෙත්ම ජවිපෙට අනුබද්ධිත සංවිධානයක් නොවන බවය. මීට මූලික හේතුව වූයේ සමන් පියසිරි ප්රනාන්දු විසින් මේ වනවිට ප්රා දේශීය මට්ටමින් බඳවා ගනිමින් සිටි විධිමත් දේශපාලන අධ්යා පනයෙන් තොර හුදෙක්ම ත්රා‍සජනක ක්රි්යා සඳහා ආශා කල අපරිනත නවක සාමාජිකයන් මෙන්ම විටින් විට ඔහු සේවය ලබා ගත් වෘත්තිය මැරවරයන් ගේ කියුම් කෙරුම් කෙරේ විජේවීර තුල වූ අමනාපය බව පෙනේ. එහෙත් එය වැලැක්වීමෙහිලා හැකියාවක් ඔහුට දැන් නොතිබිණ. අනිත් අතට විජේවීර දැඩි ඉන්දීය විරෝධී ස්ථාවරයක් දරන අතරතුර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අවශ්‍ය අවි ආයුධ හා බිම් බෝම්බ තාක්ෂණය ලබාගැනීම සදහා සමන් පියසිරි ප්‍රනාන්දු ප්ලොට් සංවිධානය සමඟද, සෝමවංශ අමරසිංහ ඉන්දීය තානාපති නිලධාරීන් සමඟද සබදතා පැවැත්වූ බව හෙලිවීම දේශපාලන මණ්ඩලය තුල වූ මතවාදී ප්‍රතිවිරුද්ධතාවන්ට තවත් උදාහරණයකි. ප්රජාතන්ත්ර වාදී ප්රවවාහයට එලැබීමට විජේවීර තුල වූ දීර්ඝ අපේක්ෂාව මල්ඵල ගැන්වීමේ සම්භාවිතාවන් පෙන්නුම් කල පළමු සංසිද්ධිය වූයේ 88 ජනපතිවරණයයි. පොලිස් අතඩංගුවේදී ඝාතනය වූ දේශප්රේමී ජනතා ව්යාපරයට සමීප සබඳතා තිබූ නීතීඥයකු වූ විජේදාස ලියනාරච්චි ගේ අවමඟුල් උත්සවයේදී ජවිපෙ හා ප්රධාන විපක්ෂය අතර ප්රදර්ශනය කෙරුන විවෘත සහයෝගීතාව තුල මෙම අපේක්ෂාව යථාර්ථයක් වන ලකුණු පහල වී තිබිණ. මැතිවරණය හරහා දේශපාලන ක්රි යාවලියට එක්වීමට විජේවීර කැමැත්තෙන් සිටියේය. එහෙත් ඊට බාධාව වූයේ සන්නද්ධ අරගලය වෙනුවෙන් දැඩිව පෙනී සිටි දේශපාලන මණ්ඩල සභිකයකු වූ නන්දිසිංහ විජේනායක (සුමිත් අතුකෝරාල) අනපේක්ෂිත හලාවතදී පොලිස් අත්ඩංගුවට පත්වීමත් ඔහුගේ සිරුර දින කිහිපයකට පසු මාඔයේ පාවෙමින් තිබීමත් නිසා වියරු වූ දේශප්රේමී ජනතා ව්යාපාරය හදිසියේ පන්නල හමුදා කඳවුරට පහර දෙමින් දැවැන්ත විරෝධතා මාලාවක් දියත් ලකිරීමත් නිසාය. නන්දිසිංහ විජේනායක අතඩංගුවට පත් පළමු දේශපාලන මණ්ඩල සභිකයා වූ අතර ඔහු විජේවීර වාසය කල හල්දුම්මුල්ලේ නිවස ගැනද දැන සිටියේය. මෙම තත්වය යටතේ ආරක්ෂාවට ප්රමුඛත්වය දීමට අත්යාවශ්ය වූ අතර සෝමවංශ අමරසිංහගේ මැදිහත් වීමෙන් විජේවීර වෙනත් අනන්තාවක් යටතේ උලපනේ ශාන්ත මේරි වතුයායේ ය ලි පදිංචි වීමට සිදුවිය. සිය සගයා අහිමි වීමේ වේදනාවත්, පන්නල ප්ර හාරයේදී විශාල අවි ප්රමාණයක් (රජයේ වාර්තා වලට අනුව විවිධ වර්ගයේ අවි 600ක්) පැහැර ගැනීමෙන් ලත් ආත්ම විශ්වාසයත් නිසා සන්නද්ධ ක්රි්යාමාර්ගය කෙරේ ශිෂ්ය නායකයන් තුල වූ අදිටන වඩාත් දැඩිවූ තත්වය තුල ප්ර්ජාතන්ත්ර වාදී ප්ර වාහයට එක්වීම සඳහා විජේවීර හා පියදාස රනසිංහ විසින් කෙරුන යෝජනාව පරයා ජනපතිවරණය වර්ජනය කල යුතුබවට දේශපාලන මණ්ඩලයේ බහුතරය විසින් තීන්දු කරන ලදී. ජවිපෙය ජනාඬිපතිවරණය වර්ජනය කිරීම එදා එජාප අපේක්ෂක පේමදාසගේ මූලික අවශ්යයතාව වූ බවත්, ඔහු මේ වන විට එක්සත් ලංකා ජනතා පක්ෂය හරහා ඩී එම් ආනන්ද සමඟ සබදතා ගොඩනඟාගෙන තිබූ බවත්, පේමදාස කෙරෙන්ස්කිට සමාන කරමින් ඔහුට බලයට පත්වීමට ඉඩදී අනතුරුව විප්ලවයක් දියත් කිරීම වඩාත් යෝග්ය බව එදා ඩී එම් ආනන්ද දේශපාලන මණ්ඩලය හමුවේ තර්ක කල බවත්, සිරිසේන කුරේගේ ඥාතියෙකු වූ සෝමවංශ අමරසිංහ ඊට පක්ෂ වූ බවත් මෙහිදී සැලකිල්ලට ගත යුතුය. විජේවීර වචනයේ අර්ථයෙන් දේශපාලන මණ්ඩලය තුල තනිවී සිටියේය. සැලසුම් කල පරිදි පේමදාස බලයට පත් වීමත් සමඟ රට තුර ප්ර්චණ්ඩ ක්රියා පෙර නොවූ විරූ ලෙස ඉහල යද්දී රජයට ඉදිරිපත් කෙරුන රහස්ය් වාර්තාවක් මඟින් ජාතික ඔත්තු සේවා කාර්යාංශය (NIB) බිය පලකොට සිටියේ ඉන්දු ලංකා ගිවිසුමේ සංවත්සරය ඉලක්ක කොට ගනිමින් සටන්කාමීන් බලය අත්පත් කොට ගැනීමට සැලසුම් කොට ඇති බවයි. සැබවින්ම දේශප්රේමී ජනතා ව්යාපාරයේ අපේක්ෂාව වූයේ දැවැන්ත සිසු විරෝධතාවක් හා හර්තාල් ව්යා පරයක් තුලින් ජුලි අවසානයේ පේමදාස රජය බිඳ හෙලීමය. මෙය සාර්ථක වනු ඇති බවට සැකයක් නොතිබිණ. ආරක්ෂක ගැටළු මත උලපනේ නිවසට වී බාහිර ලෝකයෙන් මුළුමනින්ම හුදෙකලාවී සියල්ල දෙස නිහඬව බලා සිටි විජේවීර මේ වන විට මුළුමනින්ම යැපුනේ සිය දේශපාලන මණ්ඩල සගයන්ගෙන් ලද තොරතුරු වලිනි. එහෙත් දේශපාලන මණ්ඩලය සැලසුම් කල අන්දමින් කටයුතු සිදුවූයේ නැත. තත්වය සුළුවෙන් නොතැකූ පේමදාස රජය පාසැල් දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කිරීම නිසා සිසුන් සංවිධානය කරලීමෙහිලා වූ අවස්ථාව දේශප්රේීමී ජනතා ව්යාපාරයට අහිමි වූ අතර එම තත්වය යටතේ රජය පෙරලීමේ හර්තාල් ව්යාාපාරය මුළුමනින්ම පැවරුනේ ඩී එම් ආනන්ද විසින් මෙහෙයවූ ජාතික කම්කරු සටන් මධ්යරස්ථානයයි. විරොධතාව අතර තුර සන්නද්ධ ගැටුමක් ඇරබීමට සමන් පියසිරි ප්ර නාන්දු කල සැලස්මද අඩාල වු‍යේ අනපේක්ෂිත ලෙස ඉහල ගිය හමුදා ක්රියාකාරකම් හමුවේ මතුවූ අවි ප්රවාහනය කිරීමේ අපහසුතා නිසාවෙනි. වර්ජන හමුවේ අත්යවශ්යන සේවා පවත්වාගෙන යාම හමුදාවට භාර කල ආරක්ෂක ඇමති රන්ජන් විජෙරත්න ජුලි 29 දා අගනුවර රැස්වූ නිරායුධ පෙලපාලි කරුවන්ට නිර්දය ලෙස වෙඩි තැබීමට අණ කලේය. මියගිය පිරිස සිය ගනනකි. දහස් ගණනක් අතඩංගුවට පත් වූහ. රජය පෙරලීමේ තැත එතැකින් කෙලවර වූ අතර පරාජයෙන් වියරුවැටුන දේශප්රේ මී ජනතා ව්යාතපාරය විසින් මෙතැනදි කල විශාලතම වරද නම් පලිගැනීමේ අරමුණින් හමුදා භටයන්ගේ දරු පවුල් මරා දැමීමේ නිවේදනයක් නිකුත් කිරීමයි. දේශපාලන මණ්ඩලයේ පූර්ව අනුදැනුමින් පරිබාහිරව උද්වේගශීලී ශිෂ්ය නායකයන් අතලොස්සක් විසින් ගනු ලැබු බව පෙනෙන මෙම හදිසි තීන්දුවේ අනිටු විපාකය වූයේ පක්ෂය හමුදා භටයන්ගේ පෞද්ගලික වෛරයට ලක් වීමය. ප්රජාතන්ත්රවාදී දේශපාලනයට එක්වීම සදහා විජේවීර ලද අවසන් හා අගනාම අවස්ථාව ඒකපාර්ශ්වික සටන් විරාමයක් කැදවමින් සාකච්ඡා සඳහා පේමදාස රජය විසින් සැප්තැම්බරයේ කල විවෘතා ආරාධනයයි. ඔහු හා දේශප්රේමී ජනතා ව්යා්පාරය අතර වූ විරසකය පිළිබඳ මේ වන විට හොඳ අවබොධයෙන් පසුවූ පේමදාස එහි ඵල නෙලීමට උත්සුක වූ බව සිතිය හැක. කලින් මාසයේ දේශපාලන මණ්ඩල සභිකයකු වූ පී බී විමලරත්න සිරභාරයට ගෙන මරා දමනු ලැබ සිටි තත්වය තුල පෙනී ගියේ හමුදාව සංවිධානයේ අහ්යඅන්තරය කඩා වැදීමට ඉතා ආසන්න බව මුත් මෙම අවසන් අවස්ථාව පවා ඉවත දැමීමට එම මස මැද දී බණ්ඩාරවෙල ලෙව්වෙගොඩ වත්තේ රැස්වූ දේශපාලන මණ්ඩලය තීරණය කලේ මන්දැයි ඉමහත් ගැටළුවකි. දැඩි මර්දනය හමුවේ ජයග්රණහනය සඳහා අවස්ථාවක් නැති බව දැක දැකත් සිය ගෞරවය වෙනුවෙන් දණ නොනැවීමට සිසු නායකයන්ට අවැසි වූවා විය යුතුය. විජේවීර මේ වන විටදේශපාලන මණඩලය තුල බහුතර මතයේ සැබෑ සිරකරුවෙක් ව සිටියේ යැයි ස්ලකීම වඩාත් නිවැරදිය. ඔක්තෝබර් මාසය වනවිට සිදුවූ දැවැන්ත අතඩංගුවට ගැනීම් මාලාව හේතුවෙන් පක්ෂ යාන්ත්රිනය අඩාලවීමත්, අභ්යීන්තර සම්බන්ධීකරණය මුළුමනින්ම බිද වැටීමත් නිසා සිදුවන්නේ කුමක්දැයි ඉහල නායකත්වය පවා නිසි ලෙස දැන නොසිටියහ. නොවැම්බර් 10 දා හෝ ආසන්න දිනක අවසන් දේශපාලන මණ්ඩල රැස්වීම මහනුවර ගලහ අරලිය වතුයායේ ඇරඹෙන විට ඩී එම් ආනන්ද හා ගුනරත්න වනසිංහ යන දේශපාලන මණ්ඩල සභිකයන් අත් අඩංගුවට පත්ව ඇති බවට විජේවීර ඇතුළු පිරිස අනුමාන කලේ හුදෙක්ම ඔවුන් ඊට සහභාගී නොවීම හේතුවෙනි. මෙම රැස්වීමට තමාද සහභාගී වූ බවත් වහා උලපනේ නිවසින් පිටවන ලෙස එහිදී තමා විජේවීරගෙන් ඉල්ලා සිටි බවත් සෝමවංශ අමරසිංහ කියා ඇති මුත් ඔහු ඊට සැබවින්ම සහභාගීවූයේද යන්න අවිනිශ්චිතය. මෙය තහවුරු කොට ගැනීම අපහසු වී ඇත්තේ සෙසු සියළු දෙනා ඒ වන විට ජීවතුන් අතර නොසිටි නිසාය. (රැස්වීමෙන් අනතුරුව නිවසට පැමිණි විජේවීර ඉමහත් කලබලයෙන් පසු වූ බවත් සෝමවංශ රැස්වීමට නොපැමිණි බව ඔහු පවසනු තමාට අසුන බවත් විජේවීර මැතිණිය පවසා ඇත. ඔහුගේ ගෘහස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පසුව පවසා ඇත්තේ පක්ෂයේ ගමන් මඟ පිළිබඳ අවසන් මාස කිහිපයේ ඔහු දැඩිකණස්සල්ලෙන් පසුවූ බවකි). සෙසු නායකයන් සිර භාරයට පත් වන අතර සෝමවංශ අමරසිංහ පමණක් තාවකාලිකව අතුරුදන් විය. ඔහු නාහෙට නාහන ලපටි ශිෂ්ය නායකයන්ට වඩා පරිණත දක්ෂ හා සට කපට පුද්ගලයකු වූ හෙයින් අරුම පුදුම ලෙස ගැලවී පළා යාම සඳහා ඔහුගේ ඉහල සබඳතා ඉවහල් නොවී යයි කිව නොහැක. ප්රා යෝගික තලයේ නොනිල නායකයා වූ ඩී එම් ආනන්ද මෙන්ම නොවැම්බර් 13 දා අරලිය වතු යායේදී අත්ඩංගුවට පත් එ‍ච් බී හේරත් හා පියදාස රනසිංහ ද රැඳවුම් භාරයේදී යම් තරමක හෝ වධ හිංසාවට භාජනය වූ බව සැබෑවක් විය හැකි වුවද නිරුප්රයදිතව නාරාහේන්පිට හමුදා මූලස්ථානයට රැගෙන විත් ප්ර ශ්න කරනු ලැබූ විජේවීරට ඉහල පෙලේ යුද සිරකරුවෙකුට හිමි සියළු සැලකිලි හිමි විය. ඉහල හමුදා නිලධාරීන් ඔහුට ගරුකලහ. තමා එක් රැස්කල බුද්ධි තොරතුරු ඇසුරින් පක්ෂය තුල විජේවීර දිගින් දිගටම දැරූ ස්ථාවරය හා ශිෂ්යර නායකයන් හා ඔහු අතර වූ දෘෂ්ඨිමය පරතරය පිළිබඳ ඔවුන් මනා අවබෝධයකින් පසුවීම ඊට හේතුවයි. ජනාධිපති පේමදාස තුලද විජේවීර අරබයා වූයේ මේ හා සමාන අවබෝධයකි. ඩී ඇම් ආනන්ද සමඟ පවා කලින් සන්නිවේදනය කොට අත්දැකීම් තිබූ පේමදාස කිසි සේත්ම මෝඩයෙක් නොවේ. එහෙත් සෙස්සන් පසුබට වූ විට පවා ධෛර්යසම්පන්න ලෙස කැරැල්ල මැඩලීමේ මුළු බර කර ගැසූ ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නගේ මතය වූයේ සංවිධානය සමස්ත නායකත්වය සමඟ මුලිනුපුටා දැමිය යුතු බවය. හිටපු හමුදා නිලධාරියෙකු වූ හා සිත්පිත් නැති වතු පාලකයෙකු ලෙස නම් දැරූ ඔහු ජනාධිපති වරයා විජේවීර නිදහස් කිරීමට තීරණය කරනු ඇතැයි අනියත බියෙන් පසු විය. මෙතැනදී සම්ප්රදායට පිටින් යමින් පරීක්ෂණ ක්රියාවලියට මැදිහත් වූ ඔහු ප්රශ්න අසමින් කාලය නාස්ති නොකොට විජේවීර ඇතුළු සියළු දෙනා වහා ඝාතනය කරන ලෙස අණ නොකලේනම් ඉතිහාසය වඩාත් වෙනස් වීමට ඉඩ තිබිණ. මේ අවස්ථාවේ කැපී පෙනුන කරුණ නම් පේමදාස පවා නොසලකා හැර කටයුතු කිරීමට තරම් ඔහුගේ ආරක්ෂක ඇමති බලවත්ව සිටි වගයි. සන්සන්දනාත්මකව සැලකූ කල මෙය සමන් පියසිරි ප්ර නාන්දු හා ශාන්ත බණ්ඩාර විසින් විජේවීරගේ අදහස් නොසලකා හරිමින් කටයුතු කල ආකාරයට සමානය. රන්ජන් විජේරත්න සැමවිටම වගකීම ගෙන ක්රියා කල බැවින් සියල්ලෝ ඔහුට අවනත වුවද විජේවීර මරා දමන ලෙස ඔහු කල සම්මතයට පටහැනි නියෝගය ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ එවකට ප්ර ධානියාගේ සතුටට හේතු වූයේ නැත. ගමනායක හා සෙසු නායකයන් ඒ වනවිටත් අත්ඩංගුවට ගෙන නොතිබූ තත්වයක් තුල තොරතුරු වැඩිදුර තහවුරු කොටගෙනීමෙන් තොරව ඉහලම නායකයා මරා දැමීම සෛද්ධාන්තික වශයෙන් ගත් කල අඥාන ක්රි යාවක් විය. අනිත් අතට වැදගත් පවුල් පසුබිම් වලින් පැවත කොළඹ ඉහල විදුහල් වල ඉගනුම ලැබූ ඔවුන් විජේවීරට පෞද්ගලිකව වෛර නොකල අතර සීමාන්තික ක්රෑුරත්වයේ කිසිදු අර්ථයක් නුදුටූහ. කෙතෙක් අසතුටට පත් වුවද ලද අණ ක්රියාත්මක කිරීම නිළධාරියාගේ වගකීමයි. පිරිස් පරිපාලනයේ පල පුරුදු රන්ජන් විජේරත්න විනය ගරුක ඉහල හමුදා නිළධාරීන්ගේ මෙම මනෝ භාවය මෙන්ම ඔවුන් විජේවීර අරබයා දැරූ ආකල්පය පිළිබඳවද මනාව දැන සිටියේය. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කෙරුන විජේවීර ඝාතනය හා ආදාහනය පිළිබඳ අධීක්ෂණය තමාට හිතවත් ඉහල පොලිස් නිලධාරියෙකු යටතේ යෙදවූ කනිෂ්ඨ හමුදා නිලධාරීන් ලවා සිදු කිරීමට ඔහු තීරණය කලේ මේ නිසා විය හැක. කිසිවෙකුගේ අනුකම්පාව හිමි නුවූ ශිෂ්ය නායක එච් බී හේරත් ද ඒ සමඟම මරා දමන ලදී. අනතුරුව අතඩංගුවට ගැනුන ගමනායක මෙන්ම ඒ වනතුරුත් සිරභාරයේ පසුවූ ඩී එම් ආනන්ද හා පියදාස රණසිංහද මරා දැමුනේ ඒ පටිපාටියටම අනුවය. මෙහිදී හමුදාව කටයුතු කරන ලද්දේ හැඟීම් විරහිත යන්ත්රයයක් ලෙසිනි. මේ අවිධිමත් ඝාතන වැල නිසා සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර ඇතුළු සෙසු නායකයින් අතඩංගුවට ගැනීම මසකින් පමා විය. කෙසේ වුවද අවි බිමතබන මෙන් සිය මරනයට පෙර විජේවීර කල සිය අවසන් කථාව හරහා අනුගාමිකයන්ගෙන් කල ඉල්ලීම තුලින් පිළිබිඹු වන්නේ බලාත්කාරයෙන් කරවනු ලැබූ ප්රකාශයකට වඩා අවංකව හා හිතට එකඟව කෙරුන ආයාචනයක් බව එය රූපවාහිනියෙන් දුටු ඕනෑම අයෙකු විසින් පිළි ගනු ඇත. කඩිමුඩියේ පටිපාටියට බැහැරව කෙරුන විජේවීර ඝාතනය ගැන ඇසූ ජනාධිපති පේමදාස ප්ර තිචාර දැක්වූ අන්දම අප නොදනිතත් විජේවීර පවුලේ සාමාජිකයන් ආරක්ෂක ඇමති ගේ බලපෑමට වඩාත් අඩුවෙන් නතුවූ නාවුක හමුදා භාරයට නතු කිරීමට ඔහු ගත් තිරණය තුලින් පෙන්නුම් කරන්නේ කරුණු කාරණා සිදුවූ අන්දම ගැන ඔහු තුල වූ අමනාපය බවට සිතිය හැක. කවරෙකු හෝ තමාට ඉහලින් යනු දැකීම පේමදාසට රුචි නැත. නොවැම්බර් 13 දා රෑ ගොල්ෆ් පිටියේදී ඇතැම් හමුදා ලුතිනන් වරුන් හැසිරුන අන්දම ඔවුන්ගේ පෞද්ගලික සදාචාරාත්මක බව පිළිබඳ ගැටළුවක් විනා එහි වගකීම සමස්ථ ආයතනයට පැවරීමද සාධාරණ නොවන බව හමුදා නිලධාරීන්ගේ හැඟීමයි. ආරක්ෂක ඇමතිගේ ආකල්ප වලින් ඇතිවූ උද්දීපනය හා පෞද්ගලික වෛරය මත ඇති කොටගත් හැඟීම් වලට වහල්ව කටයුතු කල හමුදාවේ ඇතැම් පහල සෙබළුන් හා කනිටු නිලධාරීන් සුළු පිරිසක් තමා දැරූ තනතුරු වලට හො අයතන විනයට නොහොබිනා තරම් නින්දිත අන්දමින් සිරකරුවන් අරබයා කටයුතු කොට ඇති අවස්ථා බව සැබෑවක් මුත් එම තත්වය මුළුමනින් වැලැක්වීමෙහි ලා විනය ගරුක නිළධාරීන් අපොහොසත් වූයේ ඉහත කී පන්නයේ දේශපාලන මැදිහත් වීම් හේතුවෙන් බවත්, සෙසු අහඹු පැහැර ගැනීම් හා සාපරාධී ඝාතන සියල්ලක්ම පාහේ හමුදාවට සම්බන්ධයක් හෝ පාලනයක් නොමැති නැති දේශපාලන අනුග්ර හය ලත් අර්ධ මිලිටරි කල්ලි විසින් සිදු කල බවත් ඔවුහු විශ්වාස කරති. පසු වදන: ඉතිහාසයට අර්ථ කථන රැසක් තිබිය හැක. එය විශ්ලේශණය කරනු විනා විනිශ්චය කිරීම අර්ථ රහිතය…

(c) Chamara Siriwardene

සිවු වසරක් පුරා නොවිසඳුන බැඳුම්කර ගණුදෙනුව[සංස්කරණය]

ඕනෑම රටක මහ බැංකුවේ කාර්යය වන්නේ ජාතිය සතු ධනය හා ණය පද්ධතිය මනා ලෙස කලමණාකරණය කිරීමය. සියළුම වාණිජ බැංකු වල බැංකුකරු ලෙස රටේ පොළි අනුපාත පාලනය කිරීමද එය සතු කාර්යයකි. දේශීය වශයෙන් ලබා ගන්නා ණය මඟින් තම විය හියදම් පියවාගැනීම දශක ගණනාවක් ලංකා රජය අනුගමය ක පියවරකි. අනූවෙ දශකයේ මැද වනතුරුත් භාන්ඩාගාර බිල්පත් උපරිම වසරක කාලයක් සඳහා නිකුත්වූ අතර සුරැකුම් සහ දේශීය ණය වඩාත් වැඩි කාලයක් නියැම විය. මෙම ණය ලබාගන්නා ලද්දේ වාණිජ බැංකු, මූල්‍ය හා රක්ෂණ සමාගම් හා සේවක අර්ථ සාධක මුදලෙනි. එහෙත් 1997 මාර්තුවෙදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි ලංකා රජය වසර 2 සිට 30 දක්වා (අවශ්‍යනම් ඊටත් වැඩි) නිකුත් කල හැකි භාණ්ඩාගාර බැඳුම්කර විශේෂයක් හඳුන්වා දුන්නේය. මෙම නව බැඳුම් කර විකුණන ලද්දේ විවෘත වෙළඳපොල තුලයි. තරඟකාරී ටෙන්ඩර් පටිපාටියක් හරහා ඒවා මිලදී ගැනීමට අවසර තිබුනේ තෝරාගත් මූලික තැරැව්කාර සමාගම් වලට (Primary Dealers) පමණී. මේ නිකුතුව සඳහා තෝරාගනු ලැබූ එක් තැරැව්කාර සමාගමක් වූ Perpetual Treasuries සමාගමේ විශාලතම කොටස් කරු වූයේ නව මහ බැංකුව අධිපතිගේ බෑනා වූ අර්ජුන් ඇලෝසියස් බව රහසක් නොවීය. යහපාලන රජයේ චන්ද ව්‍යාපාරවලටද යහමින් මුදල් වියදම් කරන අයෙකි මේ ඇලෝසියස්. 2015 ජනවාරියේ බලයට පත් යහපාලන රජය සංවර්ධනය සඳහා රුපියල් බිලියන 520ක් ඇස්තමේන්තු කලේය. ඉන් අඩක් විදෙස් ආධාර ලෙස අපේක්ෂා කෙරුන අතර ඉතිරිය දේශීය වශයෙන් පියවා ගැනීමට සැලසුම් කරන ලදී. මින් රුපියල් බිලියන 138ක් සේවක භාරකාර හා අර්ථසාධක අරමුදල් (ETF/EPF) තුලින්ද තවත් රුපියල් බිලියන 70ක් වාණිජ බැංකු තුලින්ද රුපියල් බිලියන 40ක් බැඳුම්කර නිකුතුව මඟින්ද පියවා ගැනීමට අදහස් කෙරිණ. ලංකාවේ පුරවැසියෙකු නුවූ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස අගමැති වික්‍රමසිංහ විසින් නම් කරන ලද්දේ කැබිනට් ඇමතිවරු තිදෙනෙක් (වෙනත් හේතූන් මත) එල්ලකල විරෝධතා නොතකා වීමද විශේෂත්වයකි. කිසියන් හේතුවක් මත මහේන්ද්‍රන් කෙරේ විශාල පැහැදීමක් හා විශ්වාසයක් අගමැති තුල තිබිණ. වියදම් සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වහා අවශ්‍ය බව පෙබරවාරි 26 දා පැවති සාකච්ඡාවේදී මුදල් ඇමති, මහ බැංකු අධිපති හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එකඟ වූහ. මීට එජාප සභාපති සමරවික්‍රමද නොනිල වශයෙන් සහභාගී වූ බව පැවසේ. පසුවදා රුපියල් බිලියනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුන බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 20 දක්වා ඉල්ලුම් ඉදිරිපත් වූ අතර ඉන් අඩක්, එනම් බිලියන 10ක්ම පිළිගන්නා ලදී. එපමණක් නොවේ. මහ බැංකුව එදින බැඳුම් කර පිළිගත්තේ 9.5% - 12.5% දක්වා තරම් වූ නොවටනා තරම් අධික පොලී අනුපාතයක් යටතේය. මේ වග නොදැන සිටි බව පෙනෙන සෙසු තැරැව්කාර සමාගම් ඉල්ලුම් කොට තිබුනේ 9.5%- 10.50% අතර පොලියකට වන අතර පුදුම සහගත කරුණ වූයේ අර්ජුන් අලෝසියස් කොටස් හිමිකාරතව්ය දරන Perpetual Treasuries සමාගම පමණක් 9.5% -12.5% පොලී අනුපාතය සඳහන් කොට තිබීමය. සුදානමින් පසුනුවූ අන් තැව්කාර සමාගම් පරයා පිළිගත් ඉල්ලුම් වලින් අඩකට වැඩි බැඳුම් කර ටෙන්ඩර ප්රමාණයක් හිමිවූයේ ඔවුනටය. මහ බැංකු අධිපතිවරයා මෙම ක්‍රියාවලියේ පියවරයන්ට අසාමාන්‍ය ලෙස මැදිහත් වී ඇති බව පරීක්ස්ෂන වාර්තා කියාසිටී. පෙබරාවාරි 26 රැස්වීමේ අනුමත කල ගණන මෙන් දහගුණයක මුදල් අවශ්‍යතාවක් පැය කිහිපයක් තුල ඇතිවූයේ කෙසේද? අනිත් අතට 12% තරම් ඉහල පොලියකට 30 වසරක බැඳූම් කර නිකුත් කිරීම සති කිහිපයක් පුරා සිදු කරමින් වගකීම පුළුල් පරාසයක් තුල බෙදා හැරිමේ හැකියාව ඕනෑ තරම් තිබිණ. අනිත් අතට ඉන්දියාව හා රුපියල් බිලියන 198ක් වටිනා විනිමය හුවමාරුවක් නියමිතව තිබුනෙන් හදිසි මුදල් ප්‍රවාහය කලමණාකරගැනීමේ නොහොත් රෝලක් ගැසීමේ හැකියාව පිළිබඳ අගමැති (ඔහු මේ ක්‍රියාදාමය පිලිබඳ නිසි අවධානයකින් පසු වීනම්) නොදැන සිටිය නොහැක. වඩාත්ම බරපතල කරුණ වූයේ පැය කිහිපයක් තුල පැන නැඟුන මේ අතිරේක බැඳුම්කර අව්ශ්‍යතාව හෝ විශේෂිත ඉහල පොලී අනුපාතය ගැන Perpetual Treasuries හැර සෙසු තැරැව්කාර සමාගම් දැනුවත් නොවී සිටි බව පෙනී යාමය. බදු ගෙවන්නන් මත ඇතිකරන පීඩනය හා පොලී අනුපාත ලිහිල් වන අන්දමින් දීර්ඝකාලීන බැඳුම් කර වෙනුවට කෙටිකාලීන බැඳුම්කර 8% වැනි පොලියකට නිකුත් කිරීමට තිබූ හැකියාව ලෙස නොසලකා හැරීම සැබෑ අපරාධයකි. මේ වෙනුවෙන් ණයට ගත් මුල් මුදල මෙන් තුන් ගුණයක පිරිවැයක් දැරීමට භාණ්ඩාගාරයට සිදුවනු ඇත. අනවශ්‍ය ණය ධාරිතාවක් අධික පොළියකට ලබා ගැනීමෙන් වූ රජයට වන පාඩුවට අමතරව ඒ බැඳුම්කර සඳහා තැරැව්කාර ගාස්තු ලෙස අයුතු ගෙවීමක් කිරීමටද රජයට සිදුවිය. නඩු පැවරීමේදී රජයට වූ පාඩුව රුපියල් මිලියන 688ක් ලෙස ගණන් බලා ඇත. මෙ අරබයා නැඟුන මහා ආන්දෝලනය හමුවේ දිගින් දිගටම මහ බැංකු අධිපති ආරක්ෂා කිරීමට අගමැති උත්සහ දැරුවද, එය ඔහුගේ මහත්මා හැසිරීමේ ලක්ෂණයක් ලෙස හෝ වගකීම් රහිත බව ලෙස සලකනු විනා ඔහු ඉන් අයුතු ලාභයක් ලැබූ බව ඔහුගේ සතුරෝ පවා නොකියති. පමණට වැඩිය ලිබරල් දක්ශිණාංශයට නැඹුරු වුව ඔහු ලිහිල් පිලිවෙත් සහිත පිරිසිදු කොන්සර්වේටිව් වරයෙක් බව පොදු පිලි ගැනීමය. සමස්ත පටිපාටිය අතර තුර ඔහු කල බව කියැවෙන එකම මැදිහත් වීම නම් පෞද්ගලික බැඳුම් කර විකුණුම් අත්හිටුවා ටෙන්ඩර් පටිපාටිය පමණක් අනුගමනය කරන ලෙස දින කිහිපයකට පෙර මහ බැංකු අධිපතිට දුන් උපදෙසයි. ඉන් තැරැව් කාර සමාගම් අධික ලාභ ලැබූ අතර ඔහුට වූ දේශපාලන හානිය අති විශාලය. වඩාත්ම බරපතල වූයේ ඔහුගේ ලිහිල් ආකල්ප හමුවේ මෙම බැඳුම් කර විකුණුම් නැවත නැවතත් සිදුවීමය. අගමැති තැබූ විශ්වාසය මහෙන්ද්‍රන් කඩ කොට ඇති බව පැහැදිලි මුත් එමඟින් අගමැති කටයුතු කල සැහැල්ලු වගකීම් රහිත ස්වභාවය සිත් පාරවන සුළුය. ඔහුගේ ඇතැම් මැති ඇමතිවරු ඇලෝසියස් හෝ ඔහුට අයත් සමාගම් හරහා විවිධ ප්‍රතිලාභ ලබා ඇති බවට පවා තොරතුරු හෙලිවී ඇත. එහෙත් ලිපියේ මාතෘකාව වන්නේ රජයට වූ සෘජු පාඩුව මිස ඒ ඒ දේශපාලකයන් ලද ප්‍රතිලාභ නොවන හෙයින්ද, ඒවා සදාචාරාත්මක කරුණු මිස නීතිමය කටරුණු නොවන හෙයින්ද ඒ පිළිබඳ වැඩිදුර විග්‍ර කිරීමේ අර්ථයක් නැත. මන්ද ඔවුන් ඒ මැති ඇමති කම් ලද්දේ මවුපිය උරුමයෙන් නොව මහජන චන්දයෙන්ම බැවිනි. තමා විසින් තෘප්තිමත් කොට සනසන ලද රජයේ බළධාරීන්ගේ ඇස් වසන ක්‍රියාමාර්ගයක් ඔස්සේ (ඔවුන්ගේ නොසැලකිල්ල ඉන් වසන් කල නොහේ) පාඩුදායක අන්දමින් බැධුම්කර නිකුත් කිරීම හා ඉන් තම බෑනාට අයත් සමාගමකට අධික ලාභ උපයාදිමට කටයුතු කල මහ බැංකු අධිපති සිද්ධිය ප්‍රචාරය වීමත් සමඟ දැන් රටින් පිටව උසාවි මඟ හැර සිටී. මෙ අතින් ගට් කල හේ උදයංග වීරතුංගට කදිමට ගැලපෙන සගයෙකි. වීරතුංග මෙන්ම මගහේන්ද්‍රන්ද ආපසු ගෙන්වා ගැනීමට මේ වනතුරුත් නොහැකි වූ තත්වය තුල වෙනත් අයවළුන් හා මහ බැංකුවේ නිළධාරීන්ට මෙ වනවිට චෝදනා ගොනු කෙරී ඇත. බැංකු නිළධාරීන් තම රාජකාරිය හරි හැටි ඉටු නොකිරීම වරදක් වුවද ඔවුන්ට රාජකාරී කල වාතවරණය කුමක්දැයි යන්න අප තවමත් නොදනිමු. මේ නිල්ධාරීන්ද නොකී දෑ තව බොහෝ තීබීමට ඉඩ ඇත. යුක්තිය පසිඳලීමෙ ක්‍රියාවලිය අතින් ගත් කල මෙය මෙයද මිග් නඩුවේ තත්වයට වැඩි අසමාන කමක් නැත. මිටි තැනින් ගලා බැසිම ජලයේ ලක්ශණයයි. නිසි යෙදුම් හා ඌණ පූර්න ඊට එක්කොට තමාට රිසි පරිදි අර්ථ ගන්වා ගැනීම කියවන්නාටම භාර කරමු.

12 වසරක් පුරා නොවිසඳුන ලංකාවේ මිග් 27 ගණුදෙණුව[සංස්කරණය]

මිග් 27 ජෙට් යානා වලින් සමන්විත 12 වන බලඝනය ලංකා ගුවන්හමුදාවේ වඩාත්ම ආන්දෝලනයට ලක්වූ ඒකකය ලෙස හැදීන්වීමෙහිලා වරදක් නැත. සටන් විරාම ගිවිසුමට අනතුරුව සැපයුම් හා සූදානම අතිශය අසීරු අඩියක සිට ඇරඹුන 4 වන ඊලාම් යුද්ධයෙදී ඉමහත් කාර්යභාරයක් ඉටුකල එය සතු පැරණි සෝවියට් ජෙට් යානා කිහිපය අරබයා ඇතිවූ ප්‍රධානතම මතබේදය නම් ඒවායේ ක්‍රියාකාරීත්වය හෝ ප්‍රගතිය නොව ඒවා මිළදී ගැනීමේදී සිදුවූ බවට කියැවෙන විශාල අක්‍රමිකතාවකි. චෝදක පාර්ශ්වයනට අනුව මෙය ඊලාම් යුද්ධය සඳහා අවි මිලදී ගැනීමේදී කෙරුන විශාලතම මූල්‍ය වංචාවයි. දේශපාලන ඌන පූර්ණ විසින් වඩාත් ව්‍යාකූල කොට ඇති මෙම අපූරු කතාවේ අගමුලද එම චෝදනාව තරමටම සංකීර්ණය. ගුවන්හමුදාව සඳහා මුලින්ම සෝවියට් ප්‍රහාරක යානා ගෙන්වන ලද්දේ 1971 වසරේදී ය. හදිසි කැරල්ලකට මුහුණ පෑ සමඟි පෙරමුන රජය විසින් මොස්කොව් නුවරින් හදිසි ආධාර පතා කල ඉල්ලීම අසා කම්පා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් ‘බණ්ඩාරනායක කෙල්ලට’ මිග් 15- හා 17 කාන්ඩයේ යානා සපයන ලෙස නියම කලේය. එහෙත් 1981 වන විට මේවා සේවයෙන් ඉවත් කෙරුන අතර කළු ජූලියෙන් අනතුරුව උදාවූ 1 වන ඊලාම් යුද්දයේදී ජයවර්ධන රජය අපේක්ෂා කල අන්දමේ ප්‍රමානවත් අනුග්‍රහශීලීත්වයක් කිසිදු බටහිර රටක් වෙතින් පල නුවූ හෙයින්ද, ඉන්දියාව උරණව සිටි හෙයින්ද ඊශ්‍රායලයෙන් අවි මිලදී ගැනීමට ඔහුට සිදුවිය.ඒ සදහා ලෝක බැකුවෙන් නය ආධාර ගන්නා ලද්දේ මහවැලිය මුවාවෙන් බවටද, මොසාඩ් සංවිධානය යුද්ධයේ දෙපාර්ෂ්වයටම අවි හා පුහුණුව සපයූ බවටද එකල චෝදනා තිබිණ. කුඩා ගුවන් හමුදාව එකල තම අවැසිතා පිරිමහ ගනා ලද්දේ 1985 ඉතාලියෙන් මිලදී ගත් සියාමාචෙට්ටි කාණ්ඩයේ සැහැල්ලු ගුවන්යාන වලිනි. එහෙත් 1990 ඇරඹි 2 වන ඊලාම් යුද්දය වන විට එල්ටීටීඊය සතුව 5.0 ගුවන් යානා නාශක අවි යහමින් තිබූ හෙයින් නවින ගුවන් යානා මිළදී ගැනීමේ උවමනාව තදින් දැණින. බටහිර රටවල් විසින් තවදුරටත් යුද සැපයුම් සීමා කල තත්වයක් තුල චීනයෙන් මිලදී ගත් එෆ් 7 හා ආර්ජන්ටිනාවෙන් මිලදී ගත් ‘පුකාරා’ යානා තාවකාලිකව ප්‍රමාණවත් වුවද, එල්ටීටීය ඇෆ්ගන් තස්ත කල්ලි හරහා මිලදී ගත් ස්ට්‍රින්ජර් මිසයිල යාපන අර්ධද්වීපයේ ස්ථානගත කිරීම නිසා 1996 දී නැවත ඊශ්‍රායලයෙන් කෆීර් යානා මිලදී ගැනීමට හර අන්විකල්පයක් ගුවන් හමුදාවට නොවීය. මෙම අනගි කෆීර් යානා වල වරද වූයේ නඩත්තු අසීරුතවයයි. හිටපු ගුවන් හමුදාපති වරයකු මෙන්ම දක්ෂ ගුවන් නියමුවකුද වූ එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම පවසන අන්දමට කෆීර් යානා භාවිත‍යයේ දී ඒවාට අමතර කොටස් ලබා ගැනීමට බාධා සිදුවූයේ ඊශායලයේ සියළු සිල්ලර අවි විකුණුම් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සිදු වීම හේතුවෙනි. ගුවන්යානා විකිණීමට ඉඩහල ඇමෙරිකානුවෝ අමතර කොටස් විකිණීමෙදී ගැටළු මතු කලහ. එල්ටීටීඊය සම්ප්‍රදායික හමුදාවක් ලෙස සීග්‍රයෙන් උතුරේ බලය තහවුරු කොටගනිමින් සිටි මෙම කාලයේ තවදුරටත් බටහිර හා ඊශ්‍රායල් වෙළඳ පොල මත බලාපොරොත්තු තැබීමට හැකියාවක් නුවූ චන්ද්‍රිකා රජයට යාපනය අර්දද්වීපය රැකගනු වස් චෙක් ජනරජයෙන් කඩි මුඩියේ මිලදී ගත් සෝවියට් ග්‍රාඩ් රොකට් පමණක් සෑහුනේ නැත. මිසයිල වාතාවරණය යටතේ පහර දීමට වැඩි සමත් කම් ඇති අඩු වියදම් සෝවියට් මිග් ජෙට් යානා මිලදී ගැනීම කෙරේ අවධානය යොමුවූයේ මෙම තත්වය තුලයි. පැයට සැතපුම් දහසක වෙගයෙන් පියාසර කරමින් පහරදෙන 1975 නිපදවූ මෙම සෝවියට් යානය මිසයිල වාතාවරණය යටතේ සටන් වැදීමට ඉතා යෝග්‍ය විය. මේ තත්වය යටතේ යුක්‍රේනයෙන් පළමු මිග් 27 යානා 6 හා තවත් පුහුණු යානයක් මිලදී ගනීමට තීරනය කරන ලදී. එකක මිල ඩොලර් මිලියන 1.2කි. ප්‍රවාහන වියදම් ඊට ඇතුලත් නැත. ගිවිසුම් අත්සන් කරන ලද්දේ ගුවන් හමුදාව හා යුරේනයේ රාජ්‍ය අවි අවිඅපනයන සමාගමක් වූ UKRINMASH සමාගම අතරයි. මිලදී ගැනුම් අතරමැදියා වූයේ DS Alliance නම් සමාගමකි. කෙසේ වුවද 2002 සටන් විරාම ගිවිසුම අත්සන් තැබීමත් සමඟ මෙම යානා වල වැදගත් කම තාවකාලිකව අහෝසි වූ අතර 2004 සුනාමි ව්යසනයත් හමුවේ උද්ගතවූ වාතාවරනය හමුවේ ගුවන් හමුදාවේ හෝ වෙනත් සෙවාවවන් හි උපාය මාර්ගික අවශ්‍යතා පිලිබද නිසි අවධානයක් යොමු නොකෙරුන තරම්ය. නෝර්වේ මැදිහත් වීම මත උපරිම විශ්වාසය තැබූ කොලඹ රජය, වොෂ්න්ටනයෙදී නව අගමැති වික්‍රමසිංහ හා ජෝර්ජ් බුෂ් අතර හමුවෙන් පසු ආරක්ෂ අංශ තුල සිදුවිය විය යුතු වෙනස් කම් පිළිබඳ ඇමෙරිකාව දුන් ඇතැම් හිතකර හා අනාගතයට වැඩදායී ආරක්ෂක උපදෙස් පවා සිතා මතා නොතකා හැරියේය. සටන්විරාම ගිවිසුමට සහාය දක්වුවද ලංකාව තම අභ්‍යන්තර ආරක්ෂාව ගැන තවදුරටත් සැලකිලිමත් විය යුතු බව එදා වොෂින්ටනයේ පවා අදහස විය. එහෙත් මෙ වනවිට 2000 ගෙන්වූ මිග් යානා 6න් 3ක් විනාශ වී තිබූ අතර ඉතිරි තුන ද තාක්ෂණික දෝශ නිසා අකර්මන්‍යව තිබිණ. සුන්දර සාම සිහිනය තුල එයද නොතකා හරින ලදී. විදේශ ඇමති කදිර්ගාමර් ඝාතනය 4 ඊලාම් යුද්ධය අරබයා කෙරුන සඥාවයි. මේ ඔස්සේ රාජපක්ෂ රජය බලයට පත්වීම හරහා උත්සන්නවූ ආතතිය මත සටන් විරාමය බිඳ වැටී නැවතත් දෙපාර්ෂ්වය අතර සතුරු ක්‍රියා ඇවිලී 4 වන ඊලාම් යුද්ධය ආරම්භවන විට සුපුරුදු ලෙස සාම කාලයේ සැපයුම් හරහා මැනෙවින් සන්නද්ධව සිටි එල් ටී ටී ඊයට මුහුණ දීම සඳහා ප්‍රහාරක හැකියාවන්ගෙන් අනූන ජංගමශීලී මිග් යානාවල අගය ගුවන් හමුදාවට අන්කවරදාටත් වඩා තදින් දැනින. මෙහිදී ද ලංකාව මුහුණ පෑ විශාලතම අභියෝගය නම් අවි සැපයීම සඳහා ජාත්‍යන්තර අනුග්‍රාහකයකු නොමැතිවීමයි. නවදිල්ලියට ගිය මහින්ද රාජපක්ෂ මිග් යානා ඉල්ලා දෙකක් සිටියද ඉන්දියානුවෝ තාක්ෂණික හේතු මත එය ඉටු කිරීමට මැලි වූහ. 1991න් පසු මෙම යානා නිෂ්පාදනය රුසියාව පවා අත් හිටුවා තිබිණ. මෙ තත්වය යටතේ ඊලඟ සැපයුම් කරුවා වූයේ සෝවියට් අවි තොග හිමි යුක්රේනයයි. මෙම පැරණි අවි වල ඉතිරි ව තිබූ පියාසර කාලය අඩු වූ බැවින් ඒවා අඩු මිලට අළුත්වැඩියා කොට දීමට යුක්‍රේනය කැමැති වූ අතර මෙය එදා ලංකාවේ අවශ්‍යතාව හා මොනවට ගැලපිණ. මෙකල කෆීර් යානයක මිල ඩොලර් මිලියන 3කි. ප්‍රවාහන වියදම් ඇතුළුව අළුත්වැඩියා කල මිග් 27 යානයක ගැණූම් මිල ඩොලර් මිලියන 2.4කි. මෙම ගණුදෙනුවට දුව පැන කපුකම් කරන ලද්දේ එවකට රුසියානු තානාපති මෙන්ම ආරක්ෂක ලේකම්ගේ නෑයෙකු වූ උදය වීරතුංග විසිනි. ඔහුගේ මැදිගත් වීම මත ගිවිසුම් අත්සන් කරන ලද්දේ ගුවන් හමුදාව හා යුක්රේනයේ රාජ්‍ය අවි අවිඅපනයන සමාගම වූ UKRINMASH සමාගම අතර වන අතර ගිවිසුම් අනුව ගෙවීම් කල යුතුව තිබුනේ Bellimissa Holdings නම් අතර මැදි තැරැවු කාර සමාගමකටය. ප්‍රකාශිත අර්ථය පරිදි මෙම තැරැව් කාර සමාගම ඉටුකලේ 2000 ගිවිසුම තුල DS Alliance සමාගම ඉටුකල කාර්ය භාරයයි. කෙසේ වුවද සිය පුවත් පතේ මහත් ආන්දෝලානාත්මක ලිපියක් පලකල කතෘ ලසන්ත වික්‍රමතුංග Bellimissa Holdings සමාගම සැපයූ මිග් යානාවල මිල කලින් වතාවේ මෙන් දෙගුණයක් බවත්, ගණුදෙණුව පසුපස සිටින DS alliance සමාගම විසින් යුක්‍රේනයෙන් අඩුමුදලට මිලදී ගත් ජෙට් යානා Bellimissa Holdings සමාගම හරහා වැඩි මිලට ලංකාවට විකුනා ඇති බවත් හෙලි කලේ 2007 වසරේය. එහිදී ඔහු සෘජුවම ඇඟිල්ල දික් කලේ හිටපු ආරක්ෂක ලේකම් වරයාටය. මින් උරණ වූ ආරක්ෂක ලේකම් වික්‍රමතුංගට එරෙහිව වන්දි නඩුවක් පැවරීය. වික්‍රමතුංග ඝාතනයට ලක්වන්නේ ඒය විභාගයට ගැනීමට පොරොතුවයි. වික්‍රමතුංගගේ පවුලේ අයගේ හා හිතවතුන්ගේ පෞද්ගලික මතය වන්නේ මිග් ගණුදෙණුව අරබයා එල්ල කල චෝදනා මත ආරක්ෂක ලේකම් ගේ මැදිඟත්වීම ඝාතනය සිදු කල බව වුවද එදා අධිකරණය හමුවේ වඩාත් වාසි සහගත අඩියක සිටි ආරක්ශක ලේකම්ට පුවත්පත් කතෘ වරයා මරාදැමීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභය කවරේදැයි යන ගැටළුව ඉතිරිව ඇත . පවුලෙ අය පමනක් දන්නා වෙනත් හේතු තිබුනේදැයි අපි නොදනිමු. එහෙත් අපහාස නඩුවේදි ගණුදෙනුව අරබයා ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කල ලියකියවිලි හා ගුවන් හමුදාවේ ඉඅහල නිළධාරීන් දුන් සාක්ෂි වලින් පසු වික්‍රමතුංග සෙවය කල පුවත් පත චෝදනා අරබයා ආරක්ෂක ලේකම් ගෙන් එදා සමාව අයැද සමථයකට එලැබීමෙන් පෙනී ගියේ වික්‍රමතුංග කලින් නැඟූ චෝදනා සනාථ කිරීමෙහිලා සාක්ෂි ඔවුන් සතුව තිබී නැති බවයි. ඒ නීතිමය වශයෙන් කථාවේ සමාප්තියයි. එහෙත් මිග් ගණුදෙනුව හා වික්‍රමතුංග ඝාතනය 2015 මැතිවරන වේදිකාවේ රාජපක්ෂ පාලනයට එරෙහිව රැවුපිළිරැවු දුන් සුවසහසක් චෝදනා අතර ප්‍රධාන මාතෘකාවක් ලෙස යලි තෝරා ගැණින. එදා කියැවුනේ මිග් ගනුදෙනුවේ දැවැන්ත වංචාවක් සිදුව ඇති බවත් එය හෙලි කිරීම මත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබූ බවයි. දේශපාලඥයන් ගේ කැරැට්ටු පිළිබඳ මහජනයා අත්දුටු දෑ අනුව එය සැක කිරීමට හෙතුවක් ද නොතිබිණ. දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමෙහිලා රිසිවූ ලක්ෂ සංඛ්‍යාත දනෝ ඉමහත් අපේක්ෂා ඇතිව පත් කොටගත් නව පාලනයට කේක් ගෙඩිය බෙදා ගනු විනා පෙර පාලනයේ වැරදි ගැන සොයා බැලීමෙහිලා ඉස්පාසුවක් නුවූවා සේම, කරුණු සොයාබැලීමකින් තොරව දේශපාලකයන් මැතිවරණ වේදිකාවේ පල කරන අදහස් වලට සරිලන පරිදි චෝදනා ගොනු කිරීම වෘත්තක නිළධාරීතන්ත්‍රයටද ඉමහත් අසීරු කාරියක් වන්නට ඇත. මේ තත්වය මත මහජනයා හමුවේ ඉමහත් අපහසුවට පත් ඇතැම් දේශපාලඥන් තමාට බලපෑම් කල බවට ඉහලම පෙලේ නිලධාරීන් තිදෙනෙකු මෑතකදී කල හෙලිදරව් අන් අයුරකින් පැහැදිලි කල නොහේ. රාජපක්ෂ රජය යටතේ කල බව කියන වංචා හා දුෂන වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පිළිවෙතේ අපූරුව දෙස බැලූ විට ඕනේම අයෙකුට වැටහෙන කරුණක් නම් චෝදනා ගොනු කොට ඇත්තේ වරද පිළිබද හෝ පැහැදිලි දැක්මකින් තොරව බවයි. බොහෝ කලක් අඳුරේ අතපත ගෑ බලධාරීහූ අවසානයේ මිග් අගනුදෙනුව අරබයා අවසානයේ උදයංග වීරතුංග හා ඉහතකී විදෙස් සමාගම් නියෝජිට්තයන් කිහිප දෙනෙකුට පමණක් එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ UKRINMASH සමාගම හා ගුවන් හමුදාව අතර ගිවිසුම ව්‍යාජ ලියැවිල්ලක් ය යන පදනම මතය. එහි අත්සන් වෙනස් යැයිද එම කොන්ත්‍රාතුවේ මුල් පිටපත අස්ථාන ගත වී ඇති බවද කියැවේ. ශ්‍රීලංකාව හා තමා කිසිදා ගණුදෙනු නොකල බව යුක්‍රේන රජය පැවසූ බව එක් ඇමතිවරයෙක් කීය. එහෙත් මිග් යානා මිළදී ගන්නා ලද්දේ ගුවන් හමුදා නිළධාරීන් UKRINMASH ආයතනයට ගොස් ඒවා දැක බලාගැනීමෙන් අනතුරුව බව පැවසේ. එසේ නම් ලංකාවට අවි විකුනා ඇත්තේ කවුද? මිග් යානා කියෙව් නුවර කඩ වීදියේ සිල්ලරට විකිණීමට නැත. කිසියම් හේතුවක් මත උදය වීරතුංග උසාවිය මඟ හැර සිටීම හේතුවෙන් මෙය නිරාකරනය කොට ගැනීමට නොහැකිවී ඇත. අර්ජුන් මහ්න්දන් මෙන්ම උදය වීරතුංග ද ලංකාවට අත්‍යාවෂ්‍ය පුද්ගලයකු වන අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම මත මිග් ගණුදෙනුවට අදාල වංචා සිදුවී ඇත්නම් ඒවාට වගකිව යුත්තන්ට දඩුවම් පැමිනවීමට පමණක් නොව නොව ඒ ගැන අසත්‍ය ප්‍රචාර කරමින් මහජනයා නොමඟ යැවූවන් පිළිබඳ සැබෑ තතුද හෙලිවනු ඇත. දැන් පවතින තත්වය අනුව පෙනීයන්නේ එලෙස සිද්ධිය පිළිබද සැබෑ තතු හෙලි වීමෙන් චූදිතයන් මෙන්ම ඉන් දේශපාලන වාසි ගත් චෝදකයන්ද අගතියට පත් වීමට ඉඩ ඇති හැඩකි. කෙසේ වුවද ලසන්ත වික්‍රමතුංග එදා සිය පුවත් පත හරහා නැඟූ මූලික චෝදනාව වන වැඩි මිලට ජෙට්යානා මිලදී ගැනීමේ අක්‍රමිකතාව වෙනුවෙන් හෝ වික්‍රම තුංග ඝාතනය පිළිබඳ පවුලෙන් එල්ලවන චෝදනා අරබයා ආරක්ෂක ලේකම්ට මේ තාක් නඩු පවරා ඇති බවක් අසන්නට නොමැත. ඝාතනය පිළිබද අමෙරිකාවේ පවරනු ලැබ ඉවත දැමූ නඩුව මඟින් නම් ඉලක්ක කොටගෙන ඇත්තේ යුක්තිය පමණක්ම නොවන බව පැහැදිලිය. සාක්ෂි ඇත්නම් ආරක්ෂක ලේකම්ට එරෙහිව ලංකාවේ නඩු පවරන්නට නොහැක්කේ මන්ද? මෙ අරබයා එෆ්සීඅයිඩීයේ නොනිල මතය වී ඇත්තේ ආරක්ෂක ලේකම්ට එරෙහිව චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු නැති බවකි. එය සැබවක් විය හැක. එහෙත් නඩු පැවරීමකින් තොරව ඡන්ද සමයේ චෝදනා නැඟීම දිගටම සිදුවේ. පොදුවේ ගත් කල පෙනී යන්නේ මිග් යානා පරීක්ෂනයද සෙසු පරීක්ෂණ මෙන් නිසි පදනමකින් තොරව ගත් අහඹු පියවර වැලක් විනා හධුනාගත් නිශ්චිත අපරාධ මත පදනම් වූ ක්‍රියාවලියක් නොවන බවය. මේ සියල්ල අතරතුර වඩාත් සිත් ගන්නා සුළු කරුණ වන්නේ 2018 කොළඹ පැවති ආරක්ෂක සමුළුවේ සම අනුග්‍රාහයයකු වූයේ ද මේ සා ආන්දෝලනයට ලක්වූ සුප්‍රකට UKRINMASH සමාගම බව පෙනී යාමයි. ඊට අගමැති වික්‍රමසිංහද සහභාගීව සිටියේය. එපමණක් නොව 2019 ඔක්තෝබර් 10 දා lankanewswek.com වෙබ් අඩවිය පලකලේ වික්‍රමසිංහ කැබිනෙට්ටුව UKRINMASH ආයතනයෙන් තවත් ඇන්ටනොව් යානා 03ක් ලබා ගැනීම සඳහා කොන්ත්‍රාතු අත්සන් කිරීමට සැරසෙන බවයි. ලංකා ඉතිහාසයේ දැවැන්තම වංචාවට සම්බන්ධ යැයි තමා විසින්ම චෝදනා කල ආයතනයක් සමඟ එම වංචාවට අදාල කරුණූ විසඳා නොගෙන තවත් ගණුදෙනු කර්න්නේ කෙසේදයි යන්න ඉමහත් ගැටළුවකි. දූෂණ හා වංචා පරීක්ශණ ක්‍රියාවලිය ද, ඒවා සිදුවූයේ යැයි කියන වාතාවරණය තරමටම (හෝ ඊටත් වඩා) දුෂිත හා බලපෑම් වලින් ගහන එකක් වූ බවත්, රාජ්‍ය නිළධාරීන් දේශපාලන අතකොළු ලෙස කටයුතු කොට ඇතිබව (හෝ එසේ කිරීමට බල කරනු ලැබ ඇති බව) තවදුරටත් සැඟවිය නොහැක. එය අපට දෙන පණිවුඩය නම් සත්‍යය සියළු දේශපාලන වේදිකාව වලට ඔබ්බෙන් පිහිටා ඇති බවයි. තීරණ තීන්දු ගැනීමේදී සියළු කරුණු සලකා බලා තමාම නිගමන වලට එලැබෙනු විනා ගැලරි පිනවන දේශපාලන දේශකයන් ට සවන් දීමෙන්ද උදා කොට ගත හැකි ප්‍රඥාවක් නැත. ඔබම යමක් පසක් කොටගන්නේ නම් විනා ඔවුන්ගෙන් නම් කිසිදා ඇත්තක් ඇසීමට නොලැබෙනු ඇත.

1962 'මහත්වරුන්ගේ' කුමන්ත්‍රණය[සංස්කරණය]

1962 'මහත්වරුන්ගේ' කුමන්ත්‍රණය හා එහි පසුබිම - 1[සංස්කරණය]

1962 පෙබරවාරි 27 දා බණ්ඩාරනායක මැතිණිය සිටිය යුතු වූයේ කතරගමය. එහෙත් කිසියම් හේතුවක් නිසා කලින් දින ඈ තමා කලින් යොදා ගත් මේ ගමන අවලංගු කලාය. තෙවසකට පෙර තම සැමියාගේ අකල් වියෝවට පසු ඔහුගේ උරුමක්කාරිය ලෙස දේශපාලනයට පිවිස සිටි ඈ ලංකාවේ මෙන්ම ලෝකයේ පලමු අගමැතිණිය ලෙස තේරී පත්වී එවකට දෙවසරකි. 1960 මැතිවරණයේදී ඈ කඳුලු බරව ඉල්ලා සිටියේ තම සැමියාගේ මහජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්ති ක්‍රියාත්ක කිරීම සඳහා ජනවරමක් ලබා දෙන ලෙසටය.ඇගේ ප්‍රතිවාදීන් 'අඬාවැටෙන වැන්දඹුව ' ලෙස සමච්චල් කලද දේපොල ජනසතු කරණය හා ඉන්දීය වතු ශ්‍රමිකයන් ආපසු යැවීම වැනි අරමුණු වෙනුවෙන් බහුතරය ඈට සවන් දුන්හ. කන්‍යාරාමයක ඉගෙනුම ලැබූ ලාංකීය කුල කතක් වූ නව අගමැතිණිය සතුව කෘහස්ත දේශපාලන අත්දැකීම් නුවූයෙන් රාජ්‍යපාලන කටයුතු වලදී නොනිල නියෝජිතයා හා උපද්ශකයා වූයේ ඇගේ බෑනා වූ ද, නීති වේදියෙකු වූද ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායකටය ඔහු ඇගේ රජයේ මුදල් ඇමති මෙන්ම ආරක්ෂක හා විදේශ කටයුතු ලේකම්ද විය. මේ අනභිබවනීය තත්වයත්, දේශීය ප්‍රභූ වරයකු ලෙස දැරූ කීර්තියත්, අගමැතිණියට ඇති ඥාති සම්බන්ධතාවත් නිසා නොනිල පාලකයා ලෙස සැලකුනේ තරුණ ෆෙලික්ස්ටය. එවිට ඔහුගේ වයස 32 කි. එහෙත් තම නැන්දනියගේ රජයට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් වෙමින් තියන බවක් ඔහු පවා නොදත්තේය. ලංකාවට නිදහස ප්‍රදානය කරන මොහොත වන විටත් රටේ අනාගතය පිළිබඳ බ්‍රිතාන්‍යය තුල යම් යම් කුකුස් නොතිබුනා නොවේ. යුරෝපයේ වර්ගවාදයෙන් දෙවරක් බැට කා මේ වන විට හති වැටී සිටි ඉංග්‍රීසීන් ගේ ඔකුම සිත් තැවුල වූයේ දකුණු ආසියාව වර්ධනය වෙමින් පැවති කොමියුනිස් තර්ජනයට ගොදුරු වනු ඇතයි යන බියයි. එහෙත් තමා යටතේ දේශපාලනික වශයෙන් හීලෑ කෙරුණ දේශීය කොන්සර්වේටිව් ප්‍රභූ පැලැන්තිය මෙහිදී එක්සත්ව කටයුතු කරනු ඇතයි ඔවුන් අපේක්ෂා කල බව සිතිය හැක. හඳුනාගෙන සිටි සියළු දේශීය නායකයන් මිෂනාරි අ‍ධ්‍යාපනය ලැබ (ජාති බේදයකින් තොරව) ඉංග්‍රීසි පන්නයට අනුව හැඩ ගැසුන, යුරෝපීය වටිනාකම් හඳුනාගත් වූවන් වීම ඔවුන්ගේ සැක සංකා අඩු කිරීමට හේතු විය. එහෙත් කිරීටය අපේක්ෂා කල කරුණු ලංකාව සම්බන්ධයෙන් සත්‍යය නොවනු ඇති බව පෙනී ගියේ නිදහසින් අනතුරුව ගතවූ මුල් වසර කිහිපය ඇතුලතදීය. එයට හේතුව වූයේ පළමු හා දෙවන ලෝක යුද්ධ අතරතුර යුරෝපයේයාති සාර්ථක දේශපාලන උපක්‍රමයක් ලෙස පෙනීගිය වර්ගවාදය වශයෙන් අනුකරණය කොට අත්හදා බැලීමට දේශීය කොන්සර්වේටිව් පන්තිය තුලවූ නොඉවසිල්ලයි. රාජාණ්ඩු ක්‍රමය යටතේ තම ජාතික හා අගමික පදනම මත තමා අත්විඳි වරප්‍රසාදිත තත්වය නිදහස් ලංකාව තුල ස්ථාපිත කරනු ලැබීම මහ ජාතියේ ආශාව විය. එය අසාධාරණ අපේක්ෂාවක් නුවුවද ගැටළුව වූයේ රාජාණ්ඩු සමහ හා සසඳන කල සුළු ජාතීන් ඒ වනවිට රටේ සමාජීය ආර්ථික හා දේශපාලන සාධක තුල මුල් බැසගත් සාධක බවට වී තිබීමය. කාලය විසින් ඇතිකොට තිබූ වෙනස හමුවේ සියවස් කිහිපයක පෙර පැවති තත්වයක් ඒ අන්දමින්ම ප්‍රතිෂ්ඨාපනය කිරීම අපහසු බව උගත් දේශීය කොන්සර්ව්ටිව් පන්තිය මැනවින් දැන සිටියද සිය උද්වේගකර අනුගාමිකයන් පිනවා බලය ලබා ගනු විනා ඔවුන්ට පරිණත නායකත්වයක් ලබා දීමට ඔවුන් අපොහොසත් වීම නිදහසින් පසු හටගත් සමාජීය මෙන්ම ජාතික අර්බුදයේ ද රෝග නිදානය ලෙස සැලකිය හැක. අනිත් අතට මිෂනාරි අධ්‍යාපනය ක්‍රමයේ ප්‍රතිලාභ ලැබූ සුළු ජාතීන්ද තමා රජ දවස මෙන් තවදුරටහ් අසරණ නොවන බව දැන සිටියෝය. ඔවුන්ගේ නායකයන් එහිදී කල වරද නම් නූතන නිදහස් ශ්‍රීලංකාව තුල සිය ජාතික අනන්‍යතාව පිළිබඳව ඇතිවූ අතිශය සාධාරණ දුක්ගැනවිලි වලට විසඳුම ලෙස තමා යුරෝපයේ ඇසූ දුටු ෆෙඩරල් හා ස්වයං නිර්න විසඳුම් එකල එවැන්නක් ගැන සිහිනෙන් පවා නොසිතූ තම අනුගාමිකයන්ගේ හිස් ගෙඩි තුලට පැටවීමයි. එමෙන්ම දූපතකින් වටවී සිටීම නිසා සතුරන් හැර සෙසු මිත්‍රශීලී ජාතීන් හා සංස්කෘතික හා සමාජමය බැදීම් ඇති කොට ගැනීමේ අවස්ථාව නොලද පොදු ජන මතයට එකල ඔවුන් වෙනුවෙන් යුරෝපීය වට්ටෝරු වලට අනුව පිළියෙල කෙරුන සලාක විසඳුම් දේශපාලන වශයෙන් නිසි ලෙස ජීර්ණය කොට ගැනීමෙහි ලා අපහසු වූ බවද පිළිගත යුතුය. ලංකාව වැනි කුඩා රටක් තුල පරිපාලන මය වශයෙන් පමණක් ඇවැසි බලය විමධ්‍යගත කිරීම වාර්ගික පදනමක් මත යෝජනා කිරීම තුලින් ද පෙන්නුම් කරන්නේ අර්බුදයට සම්බන්ධ පාර්ශ්වයන් තම බුද්ධිය පරදවා ඉවට මුල් තැන දී කටයුතු කිරීමයි. නිදහ්ස ලද සෙසු ජාතීන් තම ආර්ථිකය හා ජීවන තත්වය ගොඩ නැඟීමට කටයුතු කරන අතර තුර ලංකාවේ දී අත්දුටුවේ වාර්ගික පදනම මත බලය තහවුරු කොටගැනීමේ අරගලයකි. එහි අනාගත අනතුර මුලින්ම වටහා ගත්තෝ ඉංග්‍රීසීන්ගේ සාර්ථකම නිපැයුම වූ මිෂනාරි ක්‍රමය තුලින් ඉංඝ්‍රීසි උප සංස්කෘතිය තුල හැඩ ගැන්වුන වෘත්තිමය නිළධාරීතන්ත්‍රයයි. පණහේ දශකයේ සිංහල සාහිත්‍ය තුල මෙම වරප්‍රසාද ලත් පංතිය හා ඔවුන්ගේ ආකල්ප අපූරුවට නිරූපණය කොට ඇත. ඉංග්‍රීසි උප සංස්කෘතියට නතුවූ නිළධාරී පන්තිය තුල වූ විශේෂත්වය වූයේ ඔවුන්ගෙන් අති බහුතරය ක්‍රිස්තියානින් වීම නොව ඔවුන් වාර්ගික පදනමක් මත බෙදී නොසිටීමය. ඔවුන්ගේ වැටහීම නිවැරදි වුවද තම වරප්‍රසාද ලත් පංතිය දේශීය බලවේගයන් වෙතින් එල්ල වූ තර්ජනය හමුවේ පමණක් එක්සත් වූ ඔවුන් ගේ අරමුණුද ඔවුන්ගේ අමනාපයට හේතු වූවන්ගේ අරමුණු තරම් ම පටු වූ බවට සැකයක් නැත. විශේෂයෙන් බෞද්ධ පොලිස්පති වරයකු පත් කලයුතු බවට බණ්ඩාරනායක මැතිතුමාට එල වූ පීඩනය හමුවේ ඔවුන් වඩාත් කලබල වූයේ නොසලකා හරින ලද ජ්‍යොෂ්ඨයන් ක්‍රිස්තියානින් වීම නොව හෝ පත් කෙරුන බෞද්ධයා කණිෂ්ඨයකු වීමත් එමගින් තම පටිපාටිය (protocol) නොසලකා හැරීමත් නිසාය. නිළධාරීවාදය තුල වැදගත් වන්නේ වර්ගය හෝ ආගම නොව නිලය හා ජ්‍යොෂ්ඨත්වයයි. අද රටේ පවා ඇතිවන වර්ජන තුල ඇති ඉල්ලීම් වල ස්වභාවයෙන් මෙය තහවුරුවේ. අනිත් අතට ඔවුන්ගේ බලගතු නිවුන් සොයුරන් වූ වැවිලිකරුවන් නොහොත් 'ලාංකීය ජුන්කර් පන්තිය' තුල බණ්ඩාරනායක මැතිණියගේ රජයට එරෙහිව වූ මැසිවිල්ල නම් විදෙස් ශ්‍රමිකයන්ගේ ගැටළුව හා ජනසතු කරණ පිළිවෙතයි. ඉන්දීය ශ්‍රමිකයන් ආර්ථික වශයෙන් ලාභදායී වූ අතර පරිපාලයෙහි හා කලමණාකරනයෙහි ලා වඩාත් පහසු විය. ව්‍යාපාරිකයෝ ද ඈට වෛර කලහ. රටේ ව්‍යාපාර ක්ෂෙත්‍රය දියුණු කල හැක්කේ එක්තරා එකම එක දේශපාලන පක්ෂයක රජයකට පමණකැයි අද පවා පංති බේදයකින් තොරව පොදුවේ සමාජ ගතවී ඇති මතයට මුල්වූයේද 60 දශකය ආරම්භයේ වැවිලිකරුවන් මහා ව්‍යාපාරිකයන් හා ඉහල නිලධාරීතන්ත්‍රය විසින් ඔවුන් එදා මුහුන පෑ විශේෂිත තත්වය යටතේ පලකල අදහසය. ඇතිවෙමින් පැවති වාතාවරණය හමුවේ රටේ අනාගතය අවිනිශ්ත බවට ( ආත්මාර්ථය තුලින් හෝ අමනාපය තුලින්) තමා ලද අවබෝධය රටට ඵලදායී ලෙස යොදවා ගැනීමට තරම් පරිණත බවක් හෝ උවමනාවක් මෙම උගත් ක්‍රිස්තියානි පන්තිය තුල වූ බවක් නොපෙනේ. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව හෝ දේශීය බලවේගයන් හා විනීත ලෙස මිශ්‍ර වෙමින් ගමන් මඟ නිවැරදි කිරීමෙහි ලා තමාට තිබූ අවස්ථාව ඔවුහු බැහැර කලහ. ඒ වෙනුවට ඔවුන්ගේ තීරනය වූයේ පකිස්ථානයේ ජනරාල් අයුබ් කාන්ගේ උදාහරනය අනුගමනය හමුදා කුමන්ත්‍රණයක් හරහා රාජ්‍ය බලය අත්පත් කොට ගැනීමත් අනතුරුව වර්ගවාදී පාර්ෂ්වයන් නියෝජනය නොකරන ජාතික නායකත්ව මණ්ඩලයකට බල පැවරීමත්ය. එහෙත් නිදහසින් පසු රට හමුවේ තිබූ සැබෑ අභියෝග හා සසඳන කල, කුමන්ත්‍රණයකින් ජනප්‍රිය රජයකට අභියෝග කිරීමට තමා දැරූ තැත මහජාතිය පූර්ණ එකාධිකාරිය ඉල්ලා සීටම හා සුළු ජාතිය ස්වයංනිර්න අයිතිය ඉල්ලා සිටිම තරම් ම විනාශකාරී බව අවබෝධ කොට ගැනීමට ඔවුහු අසමත් වූහ. එහි ප්‍රථිඵලය වූයේ හමුදාවේ පොලිසියේ සිවිල් සේවයේ හා වැවිලි ක්ෂෙත්‍රයේ ඉහල නිළධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 1962 පෙබරවාරි 27 දා රැයේ පොලිස් ඇඳිරි නීතිය පණවා අගමැතිණිය ඇගේ බෑනා ඇතුළු රජයේ ප්‍රධාන පෙලේ මැති ඇමති වරු සිරභාරයට ගැනීමටත්, ගුවන් විදුලිය හා මධ්‍යම විදුලි සංදේශ කාර්යාලය අත් පත් කොට ගැනීමටත් අනතුරුව අග්‍රාණ්ඩුකාරයා ලවා පාර්ලිමේන්තුව බලාත්කාරයෙන් විසුරුවා හැර ජාතික රජයක් පත් කරවීමත් ය. අනතුරුව තව දුරටත් නිළධාරීතන්ත්‍රය නියෝජනය කිරිමටත් සිය වරප්‍රසාද ලත් පංතියේ අවශ්‍යතාවන් වෙනුවෙන් එම රජයට බලපෑම් කිරීමටත් ඔවුහු අපේක්ෂා කලහ. ජුන්ටාවක් ඇටවීමෙහි ලා සූදානමක් මේ උගත් ක්‍රිස්තියානින් නුවුවද තවදුරටත් අදෘෂ්‍යමාන ලෙස ක්‍රියාත්ක වමින් නියත ලෙසම නැගී සිටිනු ඇති ජාතික බලවේග අවැසි නම් බලය යොදා මැඩලීමේ අරමුණක් ඔවුන් තුල නොතිබුනේ යැයි නිගමනය කල නොහැක්කේ එය ඔවුන් අයත් කොන්සර්වේටිව් පන්තියේ පිළිගත් ආරක්ෂක උපක්‍රමය වූ හෙයිනි..

(මෙම ලිපිය මඟින් කිසිදු පාර්ශ්වක් ආගමික හෝ වාර්ගික පදනම මත විග්‍රහ නොකෙරෙන බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා උපාය මාර්ග හා හැසිරීම් 1962 කුමන්ත්‍රණය යන අතීත සංසිද්ධියට අදාල ව සලකා බැලෙන බවත් සලකනු මැනවි)

(c) Chamara Siriwardene

ගොනුව:SWRD Bandaranayaka.jpg
SWRD Bandaranayaka

thumb|දකුණ|Sirimavo Bandaranayaka

1962 'මහත්වරුන්ගේ' කුමන්ත්‍රණය හා එහි පසුබිම - 2[සංස්කරණය]

කුමන්ත්‍රනයට සහභාගී වූ හමුදා නිළධාරීන් අතර සංචිත බල ඇණියේ කල්නල් වරු දෙදෙනෙක්, ලුතිනන් කල්නල් වරු තිදෙනෙක්, කපිතාන් හා මේජර් නිල වලට අයත් 8 දෙනෙක් ද වූහ. පොලිස් නිළධාරීන් පිරිස නියෝජ්ය පොලිස්පතිවරයෙක්, පොලිස් අධිකාරී්වරු දෙදෙනෙක් කා හා සහකාර පොලිස් අධිකාරී වරු තිදෙනෙකු ගෙන් සමන්විත විය. විශාමික නියෝජ්‍ය පොලිස්පති වරයෙක්, විශ්‍රාමික නාවුක කපිතන් වරයක්, ඉහල පෙලේ සිවිල් නිලධාරියෙක් හා වැවිලි කරුවන් දෙදෙනෙක් ඇතුළු පිරිසක් ඔවුනට සහාය වුවද ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති වරයා රහස් පොලිස් ප්‍රධානියා හාංකවසියක් දැන සිටියේ නැත.

නිළධාරීතන්ත්‍රය දේශපාලන මතිමතාන්තර නොදැරුවද බණ්ඩාරනායක මැතිතුමාගේ පාලනයට එරෙහිවීම පොලිස්යට මෙන්ම හමුදාවටද තමාගේම වූ දුක් ගැනවිලි තිබිණ. ඔවුන් විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගය මේ දුක් ගැනවිලි වලට සාපේක්ෂව කෙතරම් සදාචාරාත්මක ද යනවග වෙනම සලකා බැලිය යුතුය. සෛද්ධාන්තිකව සැලකූ විට තමා විසින් පක්ෂපාතීත්වයේ දිවුරුම දෙන ලද කවර හෝ ප්‍රපංචයකට එරෙහිව රහසිගතව නැඟී සිටින පුද්ගලයෙක් නිළධාරියෙකු ලෙස සැලකීමට සුදුසුකම් කොහෙත්ම නොලබති. එය තාක්ෂණිකව රාජ ද්‍රෝහී ක්‍රියාවක් වේ. එහෙත් මේ සියළු සම්ප්‍රදායන් හා රීතීන් ඇතිවී ඇත්තේ යම් යම් තත්වයන් තුල බවත් ශ්‍රී ලංකාවේ නිදහසින් පසු උද්ගතවූ තත්වය එම රීතීන් කොතෙක් දුරට ගැලපේදැයිද යන්නද වෙනම සලකා බැලිය යුතුය. තමා බලයට පත්කල බලවේග උද්දාමයට පත්ව සිටි මොහොතක මන්නාරමේ කඳවුරක හමුදා සෙබළුන් පිරිසක් තම පහසුකම් පිළිබඳ මැසිවිලි නගමින් උපවාසයක් ඇරඹීමත්, ඒ ඇසූ බණ්ඩාරනායක මැතිතුමා වහා හෙලිකොප්ටරයකින් එහි ගොස් ඔවුන්ගේ ගැටළු වලට විසධුම් දීමට අණකිරිමත් අධිකාරී ලත් නිළධාරීන්ගේ නොමනාපයට හේතු වූයේ එය හමුදා විනය හෑල්ලුවට ලක් කිරීමක් ලෙස ඔවුන් දුටු හෙයිනි. නමුත් ඇන්ග්ලිකානු කිතුණුවෙකු ව සිට පසුව බෞද්ධයෙකු වූ බණ්ඩාරනායක මහතා ද තමා නායකත්වය දුන් දේශීය බලවේග පෙළූ ක්‍රිස්තියානි නිළධාරිවාදයේ තරම මැනවින් දැන සිටියේය. ඔහුගේ මැදිහත් වීම නොවන්නට අදාල සෙබළුන්ට දඬුවම් පමුණුවා සිද්ධිය නිම කිරීමට හමුදා බළධාරීන් කටයුතු කිරිමටද බොහෝ දුරට ඉඩ තිබිණ. මිළධාරිවාදල තුල නිතර දක්නට ලැබෙන එවන් ක්‍රියාද සදාචාර විරෝධීය. තවද එම සිද්ධියට අදාලව සෙබළුන්ද මෙය දේශපාලන මෙහෙයවීමක් හෝ කිසියම් මැදිහත් ඉලක්ක කොටගෙන උපවාසය දියත් කරා වීමටද බැරි නැත. ඒ ඒ සිදුවීමේ සම්භාවිතාවන් ගේ ප්‍රතිශතය කවරක් වුවද එහි අවසන් ප්‍රති ඵලය වූයේ කුමන්ත්‍රණයකට සුදුසු වාතාවරණයක් රට තුල ඇතිවීමයි. එහෙයින් සිද්ධිය හා එහි ස්වභාවය සලකා බලනු විනා වරද නිවරද විග්‍රහ කිරීමට තැත් කිරීම නිශ්ඵලය.

අගමැතිණිය කතරගම යන බවට කෙරුන උපකල්පනය මත 27 දා මධ්‍යම රාත්‍රියේ ශබ්ද විකාශ යන්ත්‍ර ගැටගැසූ පොලිස් මොටෝරථ කිහිපයක් කොළඹ නගරය වටා යවමින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත්, රජය පහ කොට තාවකාලික ආඥාදායකත්වයක් පිහිටබූ බව ප්‍රකාශ කිරීමටත් ඒ හාඅ සමගාමීව නොනිල රාජ්‍ය පාලක ෆෙලික්ස් ඩයස්, රජයේ ප්‍රධාන මැති ඇමතිවරු, පොලිස් ප්‍රධානීන් ඇතුළු පිරිසක් සිර භාරයට ගෙන හමුදා මූලස්ථානයේ සිර කිරිමට කුමන්ත්‍රණ කරුවෝ තීරණය කලහ. කලින් එකඟවූ පරිදි ගැටඹේ විහාරයට යාමට පෙර කතර ගම යාම නුසුදුසු බව තම ලේකම් විසින් පෙන්වා දීමෙන් අනතුරුව අගමැතිණිය තම ගමන අවලංගු කලද කුමන්ත්‍රණයට එය ඒ හැටි බල පෑමක් ඇති නොකලේය. අගමැතිණිය හා ඇගේ පවුලේ සාමාජිකයන් කතරගම දී අත් අඩංගුවට ගනු වෙනුවට අරලියගහ මැදුරේම රඳවා ගැනීම වඩාත් පහසු බව පෙණින. අවැසි වූයේ අරලිය ගහ මැදුරේ රාජකාරි භාර නිළධාරියා ලෙස හිතවතකු පත්කොට යැවීම පමනී. බණ්ඩාරනායක මැතිණියගේ හා දරුවන්ගේ ආහාර පාන කැමති පරිදි ගාලු මුවදොර හෝටලයෙන් ඇණවුම් කරන ලබා දෙන මෙන් ද, අගමැතිණියගේ තරුන දූවරුන්ගේ ආරක්ෂාව (සුනේත්‍රා හා චන්ද්‍රිකා) පිළිබඳ විශේෂ විධිවිධාන යෙදිය යුතුබවද කල්ලි නායකයා වූ ලංකා කාලතුවක්කු හමුදාවේ කල්නල් ෆෙඩ්‍රික් ද සේරම් නියම කොට තිබිණ . රාජකීය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ කල්නල් ද සේරම් අතිශය විනීත පුද්ගලයෙක් විය. හේ පාසැල් ක්‍රිකට් කණ්ඩායම් නායකයා මෙන්ම ඔකස්පර්ඩ් අධ්‍යාපනය ලත් හේ බැරිස්ටර් වරයෙකි . ක්‍රිකට් ක්‍රීඩා පුහුණු කරුවෙකු ලෙස කටය්තු කිරිම නිසා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුල විසින්ද ගරු ආදි සිසුවෙකු ලෙස පිළිගෙන තිබිණ. සුප්‍රකට ද සේරම් නීති සේවා ස්මාගමේ ඔහුගේ සීයා විසින් අරඹන ලද්දකි. හේ විවාහ වූයේ ස්ටැන්ලි ඔබ්සකරයන්ගේ දියණිය සමඟය. නව රජය පිහිටවූ පසු අගමැතිණියට හා පවුලේ සාමාජිකයන්ට මිතුරු රටක පදිචියට යාමට කටයුතු සැලසීමට අදිටන් කොටගත් ඔහු බණ්ඩාරනායක පවුලේ දේපොල රාජසන්තක කිරිමට ඇතම් සගයින් කල යෝජනාවට අකැමැති විය. ද සේරම් කල්නල් තැන කියා සිටියේ විදෙස් රටක පදිංචියට යාමට එකඟ වේ නම් අගමැතිනියට යාව ජීව වැටුපක් ගෙවිය යුතු බවයි.

ෆෙලික්ස් ඩයස් ඇතුළු අතඩංගුවට ගැනෙන සෙසු ප්‍රභූන් හා නිළධාරීන් සම්බන්ධව කටයුතු කිරීමේ සැලැස්මක් ඔවුන් තුල නොවීය. පොදු අදහස වූයේ රැඳවුම් භාරයට පත් කෙරෙන ඔවුන් පිළිබධ කටයුතු කිරීම නව රජයට පැවරිය යුතුය යන්නයි. කුමන්ත්‍රණය නිම වනතුරු හමුදා පති ඇතුළු තවත් සෙසු නිළධාරීන් කිහිප දෙනෙක් නිවාස අඩස්සියේ තැබීමට කල්පනා කල ද සේරම් ඇතුළු කුමන්ත්‍රණ කරුවන්ගේ උදාන වැකිය වූයේ කවර තත්වයක් තුල හෝ ලේ බිඳුවක් හෝ නොසෙල්විය යුතු බවයි. ගුවන් විදුලි සංස්ථාව ලේක් හවුසිය, සිලෝන් ටයිම්ස් කර්යාලය හා මධ්‍යම විදුලි සංදේශ කාර්යාලය අත්පත් කොට ගැනීම සංඥා බලකායට අයත් යතුරු පැදි වල නැගුන සන්නද්ධ පණිවුඩ දූත කණ්ඩායමකට පැවරිණ. මෙහි අරමුණ වූයේ කුමන්ත්‍රණය පිළිබධ නොදත් පනාගොඩ හමුදා මූලස්ථානය විසින් හදිසි දැනුම් නිසා කල හැකි මැදිහත් වීමක් වැලැක්වීමය. පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මැදියමට පෙර කැලණි පාලම් දෙක හා පෑලියගොඩ ඇතුළු නගරයේ පිවිසුම් මාර්ග අසල බ්‍ර්තාන්‍යයේ නිෂ්පාදිත ඩේම්ලර් සන්නද්ධ රථ හා ෆෙරට් චරපුරුෂ මෝටර් රථ කිහිපය රැඳවීම ද සේරම් හා ඔහුගේ සහයා වූ කල්නල් මොරිස් ද මැල් හේ සැලැස්ම විය. 26 වනදා රාත්‍රිය වන විට සියළු කටයුතු තිතට සූදානම් කෙරුනද එකම පරහකට වූයේ කොළඹ නගරය භාර සහකාර පොලිස් අධිකාරී වරයා ගේ සහාය ඊට අත්‍යවශ්‍ය වීමයි. ඔහු කුමන්ත්‍රණය පිළිබඳ නොදන සිටිම කොළඹ නගරය තුල පොලිස් ඇඳිරි නීතිය පැනවීමට මෙන්ම යතුරු පැදි කරුවන් ලවා මර්මස්ථාන අත්පත් කොටගැනීමට බාධාවක් බව කිව යුතු නොවේ. කොළඹ සහකාර පොලිස් අධිකාරී ධුරය දැරූ ස්ටැන්ලි සේනානායක අවංක පොළිස් නිලධාරියෙකු ලෙස ප්‍රකටය. හයයි හතරේ කඩවසම් පොලිස් නිළධාරියා විවාහ ව සිටියේ ආනන්දයේ හිටපු විදුහල්පති පී ද එස් කුලරත්නගේ දියණිය වූ මායා කුලරත්න සමඟය. ස්ටැන්ලි-මායා යුවල තම පෙනුම නිසාම එකල කොළඹ ඉහල සමාජයේ අතිශය ප්‍රසිද්ධියක් දැරූහ. රෝසි සේනානායක මැතිණිය විවාහ වී සිටින්නේ මේ යුවලගේ වැඩිමහල් පුතා සමඟය. අවංක නිළධාරියෙකු හා තම ගෝලයා වූ සහකාර පොළිස් අධිකාරී වරයා කුමන්ත්‍රනයේ අරමුණු හා එකඟවනු ඇතැයි කල්නල් ද කුමන්ත්‍රනය තුල පොලිසිය නියෝජනය කල නියෝජ්‍ය පොලිස්පති සයිරස් දිසානයක කල්පනා කලේය. ආදී රාජකීයයකු හා ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධරයකු වූ හේ ඒ වගකීම තමාටම පවරා ගත්තේය. එසේ වුවද අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරව සිටි ඔහුගේ සොයුරා වූ නියෝජ්‍ය පොලිස්පති එස්. එ දිසානායක වැඩි යහපත තකා අත් අඩංගුවට ගැනීමේ ලයිස්තුවට ඇතුලත් කෙරිණ. කුමන්ත්‍රණයට සහකාර පොලිස් අධිකාරී වරයා එකඟ වන්නේය යන පදනම මත 26 දා රාත්‍රිය වනවිට පසුදාට යොදාගෙන තිබූ ඔවුන්ගේ සැලැස්ම සම්පූර්ණය.

1962 'මහත්වරුන්ගේ' කුමන්ත්‍රණය හා එහි පසුබිම - 3[සංස්කරණය]

ජනවාරි 27 දා උදේ ගාලූ මුව දොර පිටියේ තමා සමඟ උදෑසන සක්මන සඳහා එන මෙන් තම ප්‍රධානියාගෙන් කලින් දා සවස ලද ආරාධනාව ස්ටැන්ලි සේනානායක මහතාට පුදුම වීමට කරුණක් නොවීය. ඔහු හා නියෝජ්‍ය පොලිස්පති වරයා අතර ඇත්තේ අනෝන්‍ය ගෞරවය මත පදනම් වූ සමීප බවකි. එහෙත් තමා කැඳවන ලද සැබෑ හේතුව ඇසූ සේනානායක මහතාට ගාළු මුවදොර පිටියේ දැඩි සුලඟ මැද සීන් දාඩිය දමන්නට විය. තවත් පැය 10-12 අතර කාලයක් තුල රජය පෙරලා තාවකාලික ආඥාදායකත්වයක් පිහිටුවීමේ සැලැස්මක් ඇති බව හෙලි කල සයිරස් දිසානායක මහතා ඊට සහාය වන ලෙස තම ගෝලයාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තම ව්‍යාකූලත්වය පල නොකල ගෝලයා මේ පිළිබඳ සිතා බලා බැලීමට අවසර ඉල්ලූ අතර එදින සවස දිසානායක මහතාගේ නිවසේ පැවැත්වෙන හමුවට පැමිණෙන බවට ද එකඟ විය. දෙදෙනා විසිර යන විට ගෝලයා තමා හා අත්වැල් බැද ගනු ඇතිය යන අපේක්ෂාවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුවූ බව පෙනේ. නො එසේනම් ඔහු එ බව කල්නල් ද සේරම්ට දැනුම් දෙනු ඇත. කුමන්ත්‍රණ කරුවන් සතුව විකල්ප වැඩපිලිවෙලක් ඇති බවට හෙලි නොවීමෙන් පෙනී යන්නේ ඔවුන් තුල සේනානායක මහතාගේ කැමැත්ත කෙරේ සැකයක් නුවූ බවයි. අකමැති නම් අඩු තරමේ ඔහු මධ්‍යස්ථව සිටිනු ඇතැයි ඔවුන් සිතුවා විය හැක.

මධ්‍යස්ථව සිටීමට හැකි නම් සේනානායක මහතා වඩාත් සතුටු වනු ඇත. එසේ නුවූයේ උදෑසන ගෝල්ෆේස් සක්මනේ ගොස් පැමිණි සැමියා දැඩි කල්පනාවක පසුවන බව මායා සේනානායක මැතිණියගේ ඇස ගැටීම නිසාය. ප්‍රධනියාට සැඟවුවද කෙනෙකුට බිරිඳට තම සැඟවීමට නොහැක. සෙසු සැමියන් ගැන කවර කතාද? බිරිඳගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇත්ත පාපොච්චාරණය කිරිමට කොළඹ දිසාව භාර සහකා පොලිස් අධිකාරී තුමාටද සිදුවිය. උගත් කතක් වූ සේනානායක මැතිණිය තත්වයේ බැරෑරුම් කම අවබෝධකොට ගත්තී කුමන්ත්‍රණ කරුවන් හා එක්නොවන මෙන් සැමියාගෙන් උදක්ම ඉල්ලා සිටියාය. ඈ පසුව එසේ පවසා ඇත. සැබවින්ම ඔහු ඊට එකඟ නොවී නම් ඈට සිය සැමියා සමඟ සණ්ඩු කිරීමට වුව හේතු තිබිණ. මන්ද ඔවුන් පෙරළාදැමීමට සූදානම් වූයේ තම පියා වූ පී ද ඇස් කුලරත්න මැතිතුමා මංත්‍රී වරයකු වූ ආණ්ඩුව වූ හෙයිනි. එහෙත් ස්ටැන්ලි සේනානායක මහතා තත්වය ගැන සැබෑ අවබෝධයෙන් පසු වූ හෙයින් එවැන්නක අවශ්‍යතාවක්ද නොවීය. එහෙත් සේනානායක මහතා තුල කුමන්ත්‍රණයට වූ අකමැත්තට හේතුව තමා බෞද්ධයෙකු වීම නොවන බව අවබෝධ කොටගැනීම වැදගත්ය. ඔහුගේ විරෝධයට පදනම වූයේ ආගම නොව දේශපාලනයයි. "මම ඩැඩීට ටැලිපෝන් කරනව," මායා සේනානායක මැතිණිය නැඟී සිටියාය. ඇගේ සැමියා ඊට එරෙහි වූයේ නැත. ඔහු හමුවේ අන් විකල්පයක් නොතිබිණ. බිරිඳට ඇත්ත කීම ද්‍රෝහී කමක් ලෙස සැලකිය හැකි නොවේ. මේ අතරවාරයේ දහවල් කෑමෙන් පසු පූර්ණ නිල ඇඳුමෙන් සැරසී සිටි නියෝජ්‍ය පොලිස්පති සයිරස් දිසානායක කුමන්ත්‍රණයට සහාය වන පොලිස් නිළධාරීන් වෙන වෙනම කොළඹ 7 ලොන්ඩන් පෙදෙසේ වූ තම නිල නිවෙසට කැඳවමින් රාත්‍රියට පැවරී ඇති රාජකාරී පිළිබඳ පෞද්ගලිකව උපදෙස් නිකුත් කලේය. වැඩි යහපත තකා හේ තම බිරිඳ හා දියණියන් සාප්පු සවාරියක යැවීය. ඔහුගේ එක දියණියක් හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ මවයි. මුලින්ම සහකාර පොලිස් අධිකාරී ටෙරී විජේසිංහ පැමිණියේය. ඔහුට පැවරුණේ රාත්‍රී 11ට ආග්‍රාණ්ඩුකාර මැදුර අසලට වාර්තා කිරීමයි. යම් හෙයකින් හමුදා භටයන් බාධා කලොත් 'ඩව්බිගින්' යන මුර පදය භාවිත කරන මෙන්ද සේනානායක ඔහුට උපදෙස් දුන්නේය. (සර් හර්බට් ඩව්බිගින් 1912-1937 දක්වා ලංකාවේ පොලිස්පති වරයා විය)

අනතුරුව පැමිණියේ සහකාර පොලිස් අධිකාරී ලයනල් ජිරසිංහය. ඔහුද මනාව හැඳ තම පිස්තෝලය කාරිය පැලඳ කුමන්ත්‍රණයට සූදනම්ව සිටියේය. වැදගත්ම කාර්යය පැවරී තිබුනේ ඔහුටය. ඒ හමුදාව සමඟ අරලිය ගහ මැදුරට ගොස් අගමැතිණිය ඇතුළු පවුලේ සාමාජිකයන් නිවාස අඩස්සියට ගැනීමයි. ඇතුළු වීමේ මුර පදය වූයේ ලංකා කාලතුවක්කු හමුදාවේ පාගමන් තනුව වූ 'British grenadier' ය. "හරියටම 11.59ට හමුදාව අරලිය ගහ මන්දිරේට ඇතුල් වෙනවා. කල්නල් ද සේරම් බන්ඩාරනායක මැතිණියගෙන් යටත් වෙන ඉල්ලා සිටිවි. කරුණා කර ඇගේ හා පවුලේ සාමාජිකයන්ගේ, විශේෂයෙන් ඇහැට කණට පේන ගෑනු ලමයි දෙන්නගෙ (සුනෙත්‍රා හා චන්ද්‍රිකා සොයුරියෝ) ආරක්ෂාව ගැන බලන්න ඕන. කෑම බීම වෙද්‍ය පහසුකම් හැමදෙයක්ම ඉල්ලන විදියට දෙන්න." "හොඳයි සර් නමුත් මැතිණිට මොකද්ද අපි කරන්නෙ?" "එක තමයි අපටත් තියන ඉසරදේ. කල්නල් ද සේරම් කව්ද යාළුවෙකුට කතා කරල සෙනෙත්‍රව ඔක්පර්ඩ් විශ්ව විද්‍යාලෙට දාන්න හදනවා. අනිත් ලමයි දෙන්නත් එහේ ඉස්කෝලෙකට දාල මැතිිණිවත් එහේටම යවන්නයි අපි බලන්නෙ. ස්ටර්ලින් පවුම් වලින් හොඳ විශ්‍රාම වැටුපක් ගෙවමු එහේ එයාට ගේ දොර බලාගෙන ඉන්න කියල. ඒ වැඩට මැතිණි දක්ෂයි හැබැයි දේශපාලනය දන්නෙ නැහැ. හැබැයි තමුසෙගෙ ඔය පිස්තෝලෙ ගලව ගන්නවා. අද රෑට අපි කවුරුවත් පිස්තෝල එල්ලන් ඉන්නෙ නෑ. මේක මහත්වරුන්ගෙ කුමන්ත්‍රණයක් තේරුණාද?" දෙදෙනාම කොක් හඬ ලා සිනාසුනහ. අනතුරුව පැමිණියේ සහකාර පොලිස් අධිකාරී ස්ටැන්ලි සේනානායකයි. තමාට කුමන්ත්‍රනයට සහභාගී විය නොහැකි බව ඔහු තම ප්‍රධානියාට කියා සිටියේය. "සර් ඔබතුමාම තමයි මට කියාදුන්නෙ නීති විරොධි නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියල," එය සැබවින්ම මහත්වරුන්ගේ කුමන්ත්‍රනයක් විය. සයිරස් දිසානායක රහස දත් තම ගෝලයා රඳවා ගැනීමට හෝ සිර කිරීමට හෝ බලපෑම් කිරීමට උත්සහ නොගත්තේය. ඒ වෙනුවට නිකම්ම යන්නට හැරියේය. ස්ටැන්ලි සෙනානායක නිහඬව සිටිනු ඇතයි ඔහු විශ්වාසකල බව පෙනේ. එහෙත් ගෝලයා මේ බිහිසුනු රහස බිරිඳට හෙලි කල ඇතිවගක් හේ නොදත්තේය. තම දියණියගේ දුර ඇමතුම නිසා කලබලය පත් පාර්ලිමෙන්තු මන්ත්‍රී හා ආනන්දයේ හිටපු විදුහල්පති ගරු පී ද ඇස් කුලරත්න මැතිතුමා වහා කොළඹ පැමිණියේය. ඔහු තම බෑණා සමඟ මේ පිළිබඳ කතා බහ කල බවක් සඳහන් නොවෙතත් ඔහු එසේ නොකොට සිටිනු ඇතැයි සිතීම අසීරුය. පියවරක් ගැනීමට පෙර සේනානායක මහතාගෙන් කුමන්ත්‍රණයේ ස්වභාවය හා වේලාව හා සෙසු හවුල් කරුවන් පිළිබඳ තොරතුරු කුලරත්න මැතිඳුන් තමාම අසා දැනගත්තාට සැකයක් නැත. එහෙත් කුමන්ත්‍රණයට බොහෝ නොදන්නා උසස් පොලිස් නිළධාරීන් සම්බන්ධ බව පෙනුන තත්වයක් තුල එතුමා සෘජුවම පොලිස්පතිවරයාට මේ පිළිබඳ දුරකථනයෙන් දැනුම් දීමේ අවදානම ගත්තෙ මන්දැයි යන්න අපහැදිලිය. පොලිස්පතිවරයා කුමන්ත්‍රණයට සම්බන්ද නැති බවට උපකල්පනය කිරිමට ඇති එකම හේතුව නම් මේ පොලිස්පතිතුමා බණ්ඩාරනායක මැතිඳුන් විසින් පටිපාටියට පිටින් පත්කල බෞද්ධයකු වීම පමණි. ඇරත් කුමන්ත්‍රනයට පොලිස්පති තුමා සම්බන්ද වුවද ඒ බව දැනගැනීමට ඇවැසි පදනම මත හැර සෙසු කුමන්ත්‍රණ කරුවන්ට පවා ලෙහෙසියෙන් හෙළි කෙරෙනු ලැබේ යැයි සිතීම අපහසුය. යම්හෙයකින් එසේ වී නම් ගරු කුලරත්න මන්ත්‍රී තුමාගේ දුර ඇමතුමින් හට ගත හැකිව තිබූ ප්‍රතිඵලය කවරේ ද? ඕනෑම දෙයක් විය හැකිව තිබිණ. එහෙත් විදුහල්පති වරයෙකු ලෙස තම ලද දීර්ඝ අත්දැකීම් තුලින් ලද ඉව නිසාදෝ කුලරත්න මැතිඳුන් එම අවදානම් සහගත තීරණයට එලැඹියේය. පදනම කුමක් වුවද එතුමන්ගේ තක්සේරුව වැරදී නොයෑමට බලපෑ හේතු දෙකක් විය. වාසනාවට මෙන් පොලිස්පති වෝල්ටර් අබේකෝන් මහතා කුමන්ත්‍රණ කරුවෙක් නොවීය. එසේ වුවද ඉන් එතරම් අගතියක් සිදු නොවීමට ඉඩ තිබිණ. මන්ද කුමන්ත්‍රණ කරුවෝ ද (සිය ප්‍රතිඥාව කඩ කිරීමේ ද්‍රෝහී කම පසෙක ඌ කල) බොහෝ දුරට මහත්වරු වූහ. කල්ලි නායක කල්නල් ෆෙඩ්‍රික් ද සේරම් බැරිස්‍ටර් තැනට උවමනා නුවූ දේ නම් කවර අන්දමේ හෝ ලේ වැගිරිමකි.

සවස 5ත් 6ත් අතර පී ද එස් කුලරත්න මන්ත්‍රී තුමාගේ දුරකථන පණිවුඩය ලැබෙන විට පොලිස්පති අබේකෝන් මහතා සිටියේ කොළඹ සමාජ ශාලාවක බ්‍රිජ් ක්‍රීඩාවේ යෙදෙමිනි. හිටපු විදුහල්පති වරයා හෙලිකල කතාව සැකැවින් ඇසූ ඔහු එකෙනෙහිම ස්ටැන්ලි සේනානායක මහතා සහ රහස් පොලිස් ප්‍රධානි හා සයිරස් දිසානායක මහතාගේ සොයුරු එස්. ඒ දිසානායක මහතා කැඳවීය. සහකාර පොලිස් අධිකාරී වරයාට සවන්දුන් ඔහුට වැටහී ගියේ තවදුරටත් නාසිති කිරිමට කාලයක් ඉතිරි ව නැති බවය. ඔහුගේ රාජකාරිය වූයේ මේ අනතුර පිළිබඳ වහාම වැඩබලන අරක්ෂක ඇමති වරයාට වාර්තා කිරීමයි. ඒ මොහොතෙම ඔහු කොල්ලුපිටියේ මහනුග උයනේ පිහිටි ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතාගේ නිවහන බලා ගියේ පොලිස් නිළධාරීන් දෙදෙනා ද කැටුවය. එ වන විට පෙබරවාරි 27 දා රාත්‍රී 7.00 පමණ වන්නට ඇත. (c) Chamara Siriwardene

1962 'මහත්වරුන්ගේ' කුමන්ත්‍රණය හා එහි පසුබිම - 4[සංස්කරණය]

27 දා රාත්‍රි 7.00 ට පොලිස්පති වරයා තම නිළධාරීන් දෙදෙනා සමඟ කොල්ලුපිටියේ ඇමැති වරයාගේ නිවසට පැමිණෙන බව අසන විට ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා පසුවූයේ නින්දේය. කෙඩෙත්තුව යැයි සිය බිරිඳට පැවසූ මේ දැවැන්ත නීතිවේදියා එදා දවසම තම කාමරයට වැදී සිටියේය. නෑ කමට මැතිණියගේ බෑනා වූ ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක කිසිවකට නොනැමෙන හේ තද පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටි අයෙකි. නැන්දනිය වෙනුවෙන් නාම මාත්‍රිකව තමා පෙනී සිටි දේශීය බලවේගයන් කෙරේ කිසිදු ලබැඳියාවක් ඔහු තුල නුවූවද, ඔහු කුමන්ත්‍රණකරුවන්ගේ විශේෂ වෛරයට පාත්‍ර වීමට හේතු වූයේ දේශපාලනය නොව නිළධාරීවාදයයි. රජයේ නිළ නොවන ප්‍රධානයා ලෙස සැලකුන දෙතිස් හැවිරිදි බණ්ඩාරනායක වරයා, සම්ප්‍රදායික කොලඹ ප්‍රභූන් වූ ද සේරම් වරු හෝ ද සොයිසා වරු හෝ ද මැල් වරු තුට්ටුවකට හෝ ගණනකට නොගත්තේය. ස්වාභවයෙන් උඩඟු හිතූ දේ කියන පුද්ගලයෙක් වූ ෆෙලික්ස් ඩයස් බෞද්ධ නිළධාරීන් හෝ බන්ඩාරනායක වරුන්ට හිතවත් පවුල් කෙරේ පවා විශේෂ සැලකිල්ලක් නොදැක් වූවෙකි. වරක් සහල් සහනාධාරය අඩු කල යුතු යැයි තම නැන්දනියගේ රජය සමඟ කලහ කොට මුදල් ඇමති පදවියෙන් ඉල්ලා අස්වූයේ තමා උගත් ආර්ථ්ක විද්‍යා න්‍යායන් මත පදනම් ව එලැඹුන සැද්ධාන්තික කරුණු මත මිස නැන්දනිය කෙරේ අමනාපයෙන් හෝ ගොවියන් කෙරේ වෛරයක් හෝ වෙනත් දේශපාලන හේතුවක් නිසා වත් නොවේ. මිල මුදල් ගරුනම්බු නොමඳව හිමි ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායකට දේශපාලනය යනු තවත් එක් විනෝදාංශයක් පමණක් විය. බලය ඔහුට තම සංකල්ප අත් හදා බැලීමේ මඟක් මිස පුද්ගල පැවැත්ම සඳහා අවැසි සාධකයක් නොවීය. ඔහු ක්‍රීඩාවට කැමති වුවද රීති බිඳිමට අකැමතිය. 1985 ඔහු සිවිල් පුරවැසියෙකු ලෙස මිය ගිය අවස්ථාවේ බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් පෞද්ගලික ශෝක පණිවුඩයක් එව්වාය. එනයින් බලන විට හරි වැරදි කුම වුවද ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක ඔහුට නොකැමති වූවන් තුල පවා ගෞරවය මුසු මතකයක් ඉතිරි කල පුද්ගලයෙක් ලෙස ඉතිහාස ගත වනු ඇත. පොලිස් නිළධාරීන් ගේ බහට සවන් දුන් දැවැන්ත වැඩබලන ආරක්ෂක ඇමතියා එකෙනෙහිම ඔවුන් දෙපල කැටුව හූවේ දුරින් වූ අරලිය ගහ මන්දිරයට ගොස් තම නැන්දනියට තතු සැල කලේය. ද සේරම් වරු, ද සොයිසා වරු හා ද මැල් වරු තමාට එරෙහිව අත්වැල් වැල බැඳගෙන ඇති බව බණ්ඩාරනායක මැතිණියට පෙනී ගියද කුමන්ත්‍රණය හමුදාව හා පොලිසිය තුල කෙතෙක් පැතිරී ඇත්දැයි කිසිවෙක් නොදත්හ. එහෙත් ස්ටැන්ලි සේනානායකගෙන් දිගින් දිගටම කරුණු විචාල බුද්ධිමත් ෆෙලික්ස් ඩයස් වහා අවබෝධ කොටගත්තේ කිසිදු ආරක්ෂක සේවා ප්‍රධානියෙකු මෙන්ම නාවුක හා ගුවන් හමුදා කුමන්ත්‍රනයට සම්බන්ධ නොවන බවයි. වහාම ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අරලිය ගහ මැදුරට කැඳවූ ඔහු ගත් පලමු පියවර වූයේ නාවුක හමුදා අණු ඛණ්ඩයක් කැඳවා අරලිය ගහ මන්දිරය හා අවට ප්‍රදේශයේ ආරක්ෂාව ඔවුන්ට පැවරීමය. ස්ටැන්ලි සේනානායකගේ ප්‍රකාශය මත කුමන්ත්‍රණ කරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස අගමැතිණිය සේවා ප්‍රධානීන්ට නියම කලාය. නියෝජ්‍ය පොලිස්පති සයිරස් දිසානායක, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිඩ්නි ද සොයිසා, කල්නල් මොරිස් ද මැල්, සිවිල් සේවක ඩග්ලස් ලියනගේ ඇතුලු පිරිස අත් අඩංගුවට ගනු ලැබූහ. කල්නල් ෆෙඩ්‍රික් ද සේරම් තෙමේම මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයට පැමිණ භාර විය. නීත්‍යානු කූල රජය පෙරලීම සඳහා නිලධාරීතන්ත්‍රය අතර සූදානමක් තිබිනැයි ඇසීම පවා ෆෙලික්ස් ඩයස්ට බණ්ඩාරානායක නීතීඥ තුමාට ගෙන දුන්නේ කෝපයකි. නිදහස් ලංකාව ගොඩ නැඟීමේ තමාගේේම යැයි සැලසුමක් නුවුවද නිලධාරීතන්ත්‍රය තෙමේම පටිපාටිය බිඳ හෙලා අධිකාරියට අභියෝග කිරීම නොනිල පාලකයා වූ තමාට කල අභියෝගයක් සේ ඔහු දුරු බවට සැක නැත. සිරකරුවන්ගෙන් පෞද්ගලිකවම ප්‍රශ්න කල ඔහුට ඉක්මනින්ම වැටහී ගියේ කුමන්ත්‍රණය පොතට සීමාවූ බැවින්ද, එය හසු වන අවස්ථාව වනවිට කිසිදු ආරම්භක පියවරක් ගෙන නොතිබූ බැවින්කොවුන්ට එරෙහිව නීතික ක්‍රියාත්ක කිරීම අපහසු බවයි. එහෙත් 'කඳුළු සලන වැන්දඹුවගේ' ප්‍රජාතන්ත්‍රවාදී රජයට කෙනෙහිලි කල දුෂ්ඨ බලවේග වලට යස පාඩමක් ඉගැන්වීමට කල්පනා කලේය. ඒ අනුව කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව නඩු පවරන ලද්දේ කට කථා හා මතිමතාන්තර පවා රාජද්‍රෝහී ක්‍රියා යන පදනම මත කෙරුන විශේෂ නීති ප්‍රතිපාදන (1962 අපරාධ පණත) යටතේය. ප්‍රධාන චෝදකයා ලෙස ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක තෙමේම ඉදිරිපත් විය. චෝදනා ලැබූ නිළධාරීන් අතර සිංහලයන් 12 ක් දමිලයන් 6ක් හා බර්ගර් ජාතියන් 6කි. 14 දෙනෙක් වැරද් කරු වූහ. කල්නල් ෆෙඩ්‍රික් ද සේරම් කුමන්ත්‍රණයේ මුළු වගකීම තමා පිටට ගත්තේ සෙස්සන් තමා යටතේ ක්‍රියා කා බව කියමිනි. දඬුවම් ලද්දන් අතර කල්නල් මොරිස් ද මැල් යන කල්නල් වරු ඇතුලු හමුදා නිළධාරීන් 10ක්ද, විශ්‍රාමික නිපොප සිඩ්නි සොයිසා, හා නිපොප සයිරස් දිසානායකද සිවිල් නිළධාරී ඩග්ලස් ලියනගේ ද වූහ. රජයේ සාක්ෂි කරුවෙකු ලෙස ගැණුන ස්ටැන්ලි සේනානායක මහතා නිදහස් විය. නඩුව විභාග කල තිපුද්ගල මඩුල්ල ඔහු කටයුතු කල ආකාරය අගය කලේය. එහෙත් නඩු තීන්දුවේ වලංගු භාවය අභියෝගයට ලක්කොට විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුන පෙත්සමක් සලකා බැලූ බ්‍රිතාන්‍ය ප්‍රීවි කවුන්සිලය කියා සිටියේ 1962 විෂේශ විධිවිධාන පණත ලංකා ව්‍යවස්ථාවට පටහැණි මෙන්ම නඩු විභාගය තුල විත්ති කරුවන්ට සාධාරණ අවස්ථාවක් හිමි නොවූ බව තීන්දු කලෙන් 1965 පත් වී නව රජය විසින් ඔවුන් නිදහස් කොට හරින ලදී. කුමන්ත්‍රණයට එවකට විපක්ෂයේ දේශපාලඥයන් ගේ සහාය හිමිවූ බවට පොදු මතයක් ඇති අතර එය සත්‍යය වීමට බොහෝ දුරට ඉඩ ඇත. මන්ද කුමන්ත්‍රණකරුවන් තුල ජුන්ටා රජයක් පවත්වාගෙන යාමට සැලැස්මක් නොතිබීමෙන් අදහස් වන්නේ ඔවුන් සම්ප්‍රදායික කොන්සර්වේටිව් පංතිය අතට බලට භාරදීමට සූදානම් ව සිටි බවයි. ඊට සුදුසු කම් ලද්දවුන් විපක්ෂය නියෝජනය කල හෙයින් ඔවුන් හා සන්නිවේදනයකින් තොරව කුමන්ත්‍රණයක් සලසුම් කරනු ඇතැයි සිතිය නොවේ. එසේ වුවද සැසෞම් කිරීම නීතිය හමුවේ වරදක් නොවන බවට කෙරුන නිහමනය හමුවේ ඔවුනට එරෙහිව ඇති සාක්ෂි සලකා බැලීම නිශ්ඵලය. ඒ බව වටහා ගත් ප්‍රධාන චෝදක ෆෙලික්ස් ඩයස් බණ්ඩාරනායක පවා දේශපාලන පදනම මත චෝදනා එල්ලකිරීමට නොසිතුවේය. එහෙත් අග්‍රාආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මැතිතුමා සිය ධුරයෙන් ඉවත් වී බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියේය.

කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක මැතිණියගේ රජය තුල පැරණි නිළධාරීතන්ත්‍ර කෙරේ වූ විශ්වාසය මුලුමනින්ම බිඳ වැටීම හා සිය සැමියාගේ පිළිවෙත ඉදිරියට ගෙනයාමට ඈ තුල වූ අදිටන වඩාත් දැඩිවීමයි. කතෝලික පාසැල් රජයට පවරා ගනිමින්ද පෞද්ගලික ව්‍යාපාර ජනසතු කරමින්ද ඈ ගත් පියවර නිසා (කුමන්ත්‍රණ සැලසුමට ආශීර්වාද කලේ යැය් සිතිය හැකි) බටහිර රටවල් ඈ හුදෙකලා කිරීමට තැත් කිරීමේ ප්‍රතිඵලය වූයේ ඈ සෝවියට් කදවුරට සමීප වීමය. ඈ කෙරේ බොහෝ පැහැදී සිටි සෝවියට් නායක ලියෝනිඩ් බ්‍රෙෂ්නෙව් ලංකාවට වානේ, සීනි හා ටයර් කර්මාන්තායතන තුනක් ඉදි කොට දීමට කැමති විය. එහෙත් ලංකා සිවිල් සේවය අහෝසි කොට ලංකා පරිපාලන සේවය පිහිටිවීමට ඇගේ රජය ගත් තීරණය මතබේදයට තුඩු දුන් අතර නිළධාරරිවාදය මැඩලීමෙහි ලා ෆෙලික්ස් ඩයස් බණ්ඩාරණායක ගත් ඇතම් තීරණ හේතුවෙන් ආරක්ෂක සේවා වල තිබූ ගුණාත්මක භාවය පහල ගියේය. මෙය දේශපාලන වශයෙන් අර්ථකථනය කිරිම ඵල රහිතය. එහෙත් මැදහත් මතය වන්නේ ක්‍රිස්තියානි නිළධාරී පංතිය වෙනුවට ආදෙශ කිරීමෙහි ලා තරම් පොහොසත් සාධක දේශීය බලවේග තුල බිහි වීමට පෙර සතුරා විනාශ කිරිමට මැතිණියගේ රජය උත්සුක වීම මෙම ගුණාත්මක භාවයේ ඇද වැටීමට හේතුවූ බවයි. කතෝලික පාසැල් රජයට පවරා ගනිමින් සිටියා මිසා ඒ හා සමාන විකල්ප බෞද්ධ ව්දුහල් පද්ධතියක් ගොඩ නැඟීමට ඔවුන් කල්පනා කලේ නැත. වඩාත් විනාශකාරී වීයේ නිදහස් අද්‍යාපනයේ පල භුක්ති විදිමින් ග්‍රාමි‍ය පාසැල් පිරිවෙන් හා විශ්ව ව්ද්‍යාල තුලින් පිට වෙමින් සිටි තරුණ පරම්පරාව සඳහා දේශපාලන වාර්ගික හා ආගමික මතිමතාන්තර මත ගැටෙමින් සිටි රටේ ආර්ථිකය සූදානම් තත්වයක නොවීමය. එය ඇගේ පෞශ්ගලික වරදක් නුවුවද එහි අවසන් ප්‍රතිපලය වූයේ 1971 වසරේ තරුණ කැරැල්ලයි. එවර ඈට එරෙහිව නැඟී සිටියේ සිය සැමියා නායකත්වය දුන් බලවේග වල දෙවැනි පරපුර වීමත්, කැරලි කරුවන් විරැකියාවෙන් අවිනිශ්චිත තාවයේ හැඟීමෙන් මඬනා ලද ග්‍රාමීය තරුනයන් මිස ක්‍රිස්තියානි ඉහල පැලැන්තියේ තරුණයත් නොවීමත් දෛවයේ සරදමකි.

(c) Chamara Siriwardene

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම ACSA ගිවිසුම[සංස්කරණය]

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (1) - ACSA ගිවිසුම[සංස්කරණය]

හතරවන ඊලාම් යුද්ධයේ ආරම්භක අදියරයේදී ලංකාණ්ඩුව මුහුණ පෑ විශාලතම අභියෝගය වූයේ සටන් විරාම සමය තුල සැපයුම් අතින් බෙහෙවින් ශක්තිමත්ව සිටි එල්ටීටීඊයට මුහුණදීම සඳහා ප්‍රමාණවත් ගුවන් හා නාවුක බලයක් නොමැති වීමය. ඊශ්‍රායල විකුණුම් ලයිස්තු අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියට යටත් වූ බැවින් ඒ වෙනුවට යුක්‍රේනයෙන් මිග් යානා ලබා ගැනීමට හැකියාව තිබුනද මුහුදු මාර්ග ඔස්සේ නිරුප්‍රදිතව උතුරට ලඟාවූ එල්ටීටීයේ අවි සැපයුම් අඩාල කිරීම ඉතා අසීරු විය. රජයේ හමුදාවට මේ වන විට වැඩිම හානියක් සිදුවූයේ මුහුනට මුහුන ලා කෙරුන කෙටිදුර ගැටුම් වලින් නොව ඈත සිට එල්ල වූ බර අවි හා මෝටාර් ප්‍රහාර නිසාය. මේ තත්වය හමුවේ ලංකාණ්ඩුව අවි සඳහා වැඩි වැඩියෙන් චීනය වෙත යොමු වූ අතර එය ඇමෙරිකාණු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දැඩි කණස්සල්ලට හා කෝපයට හේතුවූ බව රහසක් නොවේ. කලාපය තුල වර්ධනය වන චීන බලය ට මුහුන දීම සඳහාඳැ වනවිට නව උපාය මාර්ග සලකා බලමින් සිටි වොෂින්ටනය ‘සේද මාවතේ’ උපාය මාර්ගික වශයෙන් වැදගත් පිහිටීමක් සහිත ලංකාව දුටුවේ තම ඉන්දු-පැසිපික් බල ඇණිය (US Indo-Pacific Command) සඳහා අතිශය යෝග්‍ය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙසය. එහෙයින් උතුරේ යුද්ධය අරබයා සාකච්ඡා කොට විසඳුමකට එළැඹෙන ලෙස බල කරන අතරවාරයේ අනිත් අතට සිය නාවුක හා ගුවන් යාත්‍රා සදහා සේවා ලබා ගැනීමේ එකඟතාවකට නොහොත් ACSA ( Acquisition and Cross-Service Agreement) රාජ්‍ය දෙපාර්තමේන්තුව ලංකාණ්ඩුවට යෝජනා කලේය. සාමාන්‍යයෙන් වරායෙන් සැපයුම් ලබා ගැනීමේදී අනුගමනය කල යුතු විදේශ අමආත්යාංශයේ දීර්ඝ නිළ විකුණුම් පටිපාටිය සරල කොට ගැනීමේ අරමුණ ඇතිව අත්සන් කෙරෙන මෙම ගිවිසුම මඟින් ඇමෙරිකානු සේවා භටයන්ට රට තුලට ගොඩ බැසීමට අවසර නොතිබිණ. 2002 සටන් විරාම ගිවිසුම මත එල්ටීටීය සමඟ සාකච්ඡා කොට බල බෙදිමේ විසඳුමකට එලැඹිය යුතුය යන ස්ථාවර දැරූ ලෝක බලවතා සමඟ ගිවිසුමකට එලැඹීමෙන් ජාත්යන්තර වශයෙන් තමාට ඇතිවන වාසිය ගැන මනා අවබෝධයකින් පසු වුවද, තම රජය නියෝජනය කල සිංහල ජතික වාදී කණ්ඩායම් ඒ හේතුව නිසාම ඇමෙරිකාව කෙරේ දැඩි කෝපයෙන් පසු වූ හෙයින්ද, මෙමඟින් ලංකාවට අත්වන වෙනත් සෘජු මිලිටරි ප්‍රයෝජනයක් නොමැති හෙයින්ද ලංකාණ්ඩුව කෙරෙන් මුලදී මේ යෝජනාව සඳහා පල වූයේ විනීත අලස බවකි. එහෙත් සිය උපාය මාර්ගික කාලසටහනට අනුව කටයුතු කල වොෂින්ටනයට එසේ නාස්ති කිරිම සදහා කාලයක් නැත. සැප්තැම්බර් 11 සිද්ධියේ අමිහිරි අත් දැකීම් මත එල්ටීටීඊය හමුදාමය වශයෙන් පමණට වඩා බලවත් වනු දැකීමට අකමැත්තෙන් ද පසුවූ අමෙරිකානුවෝ, එල්ටීටීඊ අවි ප්‍රවාහන නැවු ගැන බුද්ධි තොරතුරු ලබා දීමට තමා තුල ඇති සූදානම පිලිබඳවද 2006 දෙසැම්බර් 07 දා ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂට කොළබ එවකට ඇමරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් මඟින් සංඥාවක් කලහ. ලංකාණ්ඩුව ගිවිසුම කෙරේ මෙ තාක් දැක්වූ හීන උනන්දුව උද්යෝගීමත් අපෙක්ෂාවක් බවට පත් කරලීමට එම සංඥාව හොඳටම ප්‍රමාණවත් විය.

2007 ජනවාරි 10 බ්ලේක් හමුවූ ගෝටාභය රාජපක්ෂ වසර 10 කාලයක් සඳහා යෝජිත ACSA ගිවිසුම අත්සන් කිරිම සඳහා තමා සූදානම් බව දැනුම් දුන්නේය. එහෙත් නුදුරේදී උතුරේ විශාල මෙහෙයුම් සිදුවිය හැකි බවටද වැඩිදුරටත් ඉඟි කල ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරියා බුද්ධි තොරතුරු වලට අමතරව ‘Justice’ කාණ්ඩයට අයත් අඩි 27 Bosten Whaler වෙරළාරක්ෂක බෝට්ටු මිලදී ගැනීමට තමා තුල ඇති උනන්දුවද නොසැඟවීය. ඒ පිළිබඳ වොෂින්ටනයට දැනුම් දෙන බව පොරොන්දු වූ බ්ලේක් පෙන්වා දුන්නේ ගිවිසුම මඟින් ලංකාවේ හමුදාවට අනියම් උපකරණ (Non-Lethal items) හුවමාරු කොට ගැනීමේ අවස්ථාවක් ලැබෙන බවය. “උදාහරණයක් හැටියට ලංකා හමුදාව පකිස්ථානෙ ආපදා සහන සේවා වල යෙදුනොත් ඔවුන්ට හිම කබා සපන්න කිසිම බාධාවක් නැහැ. ලංකාවට පුළුවන් ඊලඟ වතාවෙ අපේ යාත්‍රාවල් කොලඹට ආවම ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන වලින් ගෙවන්න”, හේ වැඩිදුරටත් කීය. මේ කතා බහ පිළිබඳ වොෂින්ටනයට යැවූ යොමු අංක 07COLOMBO81a කේබල් පණිවුඩයේ තානාපති වරයා සදහන් කලේ යෝජිත ගිවිසුම මඟින් ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට විශාල ප්‍රතිලාභ අත්වන මුත් ලංකාණ්ඩුව මෙම ගිවිසුම අයථා ලෙස හමුදාමය උවමනා සදහා ඈඳා ගැනීමට තැත් කිරීමේ මෙන්ම එය සිංහල හා දමිල ජාතික වාදී කොටස් වල විරෝධයට ලක්වීමෙද අවදානමක් ඇති හෙයින් මෙන්ම නුදුරේදී ලංකාවට පැමිනෙන ස්වාධීන ජාත්‍යන්තර නිරීක්ෂකයන් විසින් එය කොළඹ රජයට යුද සහාය පලකිරීමක් ලෙස වැරදි ලෙස අර්ථ කථනය කිරීමට ද ඉඩ ඇති හෙයින් ඉතා අඩු ප්‍රචාරයක් සහිතව එය අත්සන් කිරීමට තමා යෝජනා කරන බවයි. ඊට පිටස්තර ඡායාරූප ශිල්පීන් සහභාගී නොකර ගැනීම හා ප්‍රකාශයක් නිකුත් නොකිරීම මැනවයි කෙබල් පණිවුඩයේ විශේෂයෙන් සඳහන් කොට තිබිණ. සමස්ථයක් වශයෙන් ගත් කල එය එකිනෙකා කෙරේ අවිශ්වාසයෙන් පසුවූ පාර්ශ්ව දෙකක් තම තමාගේ අභිවෘද්ධිය තකා එලැඹුන අසීරු එකඟත්වයක් ලෙස සැලකිය හැක.

මාර්තු 04 දා අභිනව තැපැල් හා විදුලිසංදේශ ඇමති රවුෆ් හකීම් හමුවූ බ්ලේක් තානාපති තැන ශ්‍රීලනිපයේ ප්‍රතිසංස්කරන වාදී කොටස් හා එජාපයෙන් ආණ්ඩුවට පැමිණි කණ්ඩායම හා එක්ව දේශපාලන විසඳුමක් සඳහා ජනධිපති රාජපක්ෂට බල කරනමෙන් ඉල්ලා සිටියේය. සුළු ජාතීන් වෙනුවෙන් පුළුල් බලය බෙදීමක් ස්ඳහා පෙනී සිටි අයෙකි මේ හකීම්. එහෙත් ඇමතිවරයා කියා සිටියේ ජනාධිපති මෙ ගැන හරි හමන් වචනයක් නොදෙන බවය. (non-committal) තනතුරු වලින් තෘප්තිමත්ව සිටින එජාප කණ්ඩායමද ඒ පිළිබද උනන්දුවක් නොදක්වන බව කී ඔහුගේ අනොඉත් චෝදනාව වූයේ කරුණා පාර්ෂ්වය නැගෙනහිර මුස්ලිම් වරුනට හිරිහැර කරන බවත් පොලිසිය නිහධව සිටින බවත්ය. තානාපති වරයා පෙරළා ආපසු පැමිණියේ බිඳුනු අපේක්ෂා ඇතිවයි.

ACSA ගිවිසුම සඳහා දින නියම වූයේ පසුවදාට, එනම් 2007 මාර්තු 05 දාටය. කොළඹ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ගෝටාහය රාජපක්ෂ ද පෙන්ටගනය වෙනුවෙන් තානාපති බ්ලේක් ද ඊට අත්සන් තැබූහ. පිටු 08 කෙටුම්පත ද අතැතිව සම්ප්‍රදායානුකූලව එදින සවස විදේශ ඇමති බෝගොල්ලගම බැහැ දුටු තානාපති වරයාට පෙනී ගියේ ගිවිසුමට ප්‍රචාරය නොදැන ලෙස කරන ලද ඉල්ලීම ලාංකිකයන් විසින් අකුරටම ඉටු කොට ඇති බවයි. ඇමතිවරයා හෝ විදේශ ලේකම් පාලිත කොහොන පවා උදෑසන අත්සන් තැබුන ගිවිසුම පිළිබඳ හාංකවසියක් දැන නොසිටියහ. කෙසේ වුවද ගිවිසුම ගැන තම සතුට පලකල බෝගොල්ලාගම ඊලඟ සතියට යෙදී ඇති තම ඇමෙරිකානු සංචාරය අතරතුර රාජ්ය ලේකම් ආචාර්ය කොන්ඩලීසා රයිස් හමුවී ඇය හරහා මහින්ද රාජපක්ෂ හා ජෝර්ජ් බුෂ් අතර හමුවක් සංවිධානය කිරීම තමා අපේක්ෂා කරන බව කියා සිටියේය. බ්ලේක්ගේ පිළිතුර වුයේ සුළු ජාතීන් හා බලය බෙදාගැනීමේ යෝජනාවක් ලංකා පාර්ලිමේන්තුව තුල සම්මත කොට ගැනීමෙන් අනතුරුව බුෂ් සමඟ හමුවක් සංවිධානය කිරීම වඩාත් පහසු වනු ඇති බවයි. ගිවිසුමේ තීන්ත වියලීමට ප්‍රථමයෙන් ලංකාණ්ඩුව ගිවිසුමේ ප්‍රචාරක වාසිය ලබා ගැනීමට තැත් කරන බවට මෙහිදී ඇමෙරිකානුවෝ සැක කලහ. සමස්ත පටිපාටිය තුල ඔවුන් අනුගමනය කල රහස්‍ය භාවයත්, ඉන් අනතුරුව පවා ලංකාව සමඟ වඩාත් සමීප රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් ප්‍රදර්ශනය කිරීමට පල කල මැලිකමත් තුලින් පෙනී යන්නේ වොෂින්ටනය මෙම ගිවිසුම විවාහයක් නොව අනියම් සබඳතාවල තත්වයෙහි ලා සැලකූ බවයි. අමෙරිකානුවන්ගේ මේ ආකල්පය ගැන අවබෝධයෙන් පසුවූ ජනාධිපති රාජපක්ෂගේ තර්කය වූයේ ඕනෑම බලය බෙදීමේ යෝජනාවකට දකුණේ ජනයාගේ කැමැත්ත මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරනයේ ආශීර්වාදයද තිබිය යුතු බවයි. “ කොහොම උනත් අපට රටේ ව්‍යවස්තාව උල්ලංඝනය කරන්න බැහැ” ඔහු මානව හිමිකම් නියෝජිතයන් හමුවේ කීය. බලය බෙදීමක් ගැන සලකා බලනු වෙනුවට උතුරේ හමුදා ක්‍රියාකාරකම් වඩාත් උත්සන්න කිරිමට ඔහු කටයුතු කරන බවට වොෂින්ටනය ඇතිකොටගත් හැඟීම හේතුවෙන් ACSA ගිවිසුමට පසු දෙපාර්ශ්වය අතර ඇතිවු‍යේ මිත්‍රත්වයට වඩා විරසකයකි.

Chamara Siriwardene

Sources: Wikileaks (Library of US Diplomacy)

World Socialist Website

Asia Times

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (2) - ACSA ගිවිසුමින් ඔබ්බට[සංස්කරණය]

ACSA අත්සන් කොට තෙදිනකින්, එනම් 2007 මාර්තු 08 දා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්යම ආසියාතික කලාපය භා සහකාර ලේකම් ස්ටීවන් ආර් මෑන් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ හමුවිය. සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වූයේ පුළුල් ලෙස බලය බෙදීමයි. එහෙත් එල්ටීටීය තුල සාම අපෙක්ෂා නොමැතිබව තර්ක කල ලංකා ආරක්ෂක බලධාරියා සාමාන්‍ය දමිල ජනයාට යුද්ධය අවශ්‍ය නොමැති බව විශ්වාසය පලකොට සිටියේය. “ අර්බුදයට මිලිටරි විසඳුමක් නැති බවත්, යුද්දයෙන් පසු ඔවුන්ටත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් කියල ඔවුන්ද අවබෝද කොට ගත යුතුයි. අපේ ඉලක්කය ඒකයි.” අනතුරුව නැගෙනහිර පලාතේ ඉදිරියේ විශාල යුද මෙහෙයුම් සිදු විය හැකි බවට ඔහු ඉඟි කොට සිටියේය. කරුණා පාර්ෂ්වයට නැගෙනහිර පළාතේ පමනට වඩා නිදහසක් ලබා දී ඇතැයි සිවු දිනකට පෙර රවුෆ් හකීම් කල මැසිවිල්ල ගැන ඇමෙරිකානුවන් කරුණු විමසූ කල ගෝටාභය රාජපක්ෂ සිනාසුනේය. “ඔය ගැන මගේ සහෝදරයත් ලඟදි මගෙන් ඇහුව. අපි මේ තරම් උත්සහයක් ගෙන තැගෙනහිර පිරිසිදු කරන්නෙ තව කණායමකට භාර දෙන්න නෙවෙයි. තොප්පිගල අල්ලගත්ත හැටිය අපි මඩකලපුව භාර දෙනව පොලිසියට. නිසි වෙලාවට දෙමල හා මුස්ලිම් පොලිස් භටයන් බඳවා ගැනීමටත් අපි අදහස් කරනවා.” හේ කීය. ඇමෙරිකානුවෝ යන්නට ගියහ. සාකච්ඡාවෙන් ඔවුන් ඇති කොට ගත් හැඟීම නම් ලංකා ආරක්ෂක බළධාරීන් තීරණාත්මක යුද ජයකින් තොරව දේශපාලන විසඳුමක් සාකච්ඡා කිරිමට සූදානම් නැති බවත්, කරුණා පාර්ශ්වය දෙමල ජනයාගේ නියෝජිතයන් ලෙස පිළිගැනීමට කැමැත්තෙන් පසුවන බවය. එහෙත් කරුණාගේ ත්‍රස්තවාදී සම්භවය හේතුවෙන් මෙය සාර්ථක නොවනු ඇතැයි මාර්තු 14 දා වොෂින්ටනයට යැවුන තම 07COLOMBO416_a දරණ කේබල් පණිවුඩයෙන් රොබර්ට් බ්ලේක් සැක පහල කොට සිටියේය. හාස්‍යයට කරුණ වූයේ සමස්ත ක්‍රියාවලිය තුල ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී සම්භවය පිළිබඳ ඔහු එවන් සැක සංකා පහල නොකිරීමය. මාර්තු 26 දා එල්ටීටීඊය චෙක් Zlin 143 සැහැල්ලු ගුවන් යානා2ක් යොදාගනිමින් කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට පහර දීමට සමත් විය. මෙය ලංකාණ්ඩුව තුල ඇති කලෙ අප්‍රසන්න විමතියකි. පසුදින නෝර්වීජියානු දූත මෙහෙවරේ සම සභාපති තානාපති වරු හමුවූ විදේශ ඇමති බෝගොල්ලාගම හා විදේශ ලේකම් කොහොන පෙරදින එල්ල කල ප්‍රජහාරය හෙලා දකින මෙන් ඉල්ලා සිටියහ. ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ සටන් විරාම සමයේ මෙරටට ගෙන්වූ කන්ටේනර් පරීක්ෂාවට භාජනය නුවූ බැවින් ඒවා තුල මෙම ගුවන් යානා කොටස් ගෙන එන්නට ඇති බවයි. එය එක්තරා ආකාරයක චෝදනාවකට සමාන විය. ඇමෙරිකානු තාමනාපතිගේ ස්ථාවරය වූයේ බෝගොල්ලාගම ඉල්ලසිටින ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීමේ සිරිතක් වොෂින්ටනට නැති බවකි. “අනික ඔබගේ රජය කිව්ව මෙ ප්‍රහාරය නිසා සංචාරකයන් අනාරක්ෂිත වෙන්නෙ නෑ කියල? ” “ඔවුන් පහරදෙන්නෙ හමුදාවට හා රජයේ ගොඩනැඟිලි වලට මිසක් ඇමෙරිකානු සංචාරකයන්ට නෙවෙයි. මානුෂික ආධාර මුවාවෙන් ගුවන් යානා ගෙන්වීම (හා අනුබල දීම) කොහොමටත් 2002 සටන්විරාම කොන්දේසි දරුණු විදියට උල්ලංඝනය කිරීමක්.” බෝගොල්ලාගම කීය. සටන් විරාම ගිවිසුම තවමත් බල පැවැත්වෙන බවට ලංකාණ්ඩුව විසින් සලකනු ලබන්නේදැයි ජර්මන් තානාපති විසින් අසනු ලදුව කොහොන ක්ෂණිකව පිළිතුරු දුන්නේය. “එක මෙතෙන්ට අදාල නැහැ.” “අපි කවද හරි කිව්වද සටන් විරාම ගිවිසුම අවලංගු කරා කියල?” බෝගොල්ලාගමද පෙරළා ඇසීය. අවසන්නයේ සම සභාපති වරුන්ගේ ස්ථාවරය වූයේ තමාට කල හැක්කේ සාකච්ඡා මඟින් ඉක්මන් විසඳුමකට එලැඹෙන ලෙස දෙපාර්ෂ්වයෙන්ම ඉල්ල සිටීම පමණක් බවයි. කෙසේ වුවද අප්‍රේල් 03 දා ටී ඇන් ඒ නායක සම්බන්දන් ලංකාණ්ඩුව උතුරේ සිදුකරන මානව හිමිකම් උල්ලංඟණය කිරීම් ගැන චෝදනා කරමින් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කල ඉල්ලීමට තානාපති දැක්වූ ප්‍රතිචාරය වඩාත් යහපත් වූ බව සැලකිය යුතුය. දෙමල ජනතාව වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට ඇමෙරිකානුවී එහිදී පොරොන්දු වූහ. සම්බම්දන් වැඩිදුරටත් චෝදනා කලේ බලය බෙදීමේ යෝජනාවලිය පිලිබඳ මූලිකත්වය දී ඇත්තේ තම පක්ෂය නොව රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයට බවය. “අපි කියන්නෙ ආණ්ඩුවට ටිකක් රිදෙන්න කණේ පාරක් දෙන්න” සම්බන්දන් අවසානයේ දී යලි ඉල්ලා සිටියේය. ජුනි 13 වනදා තානාපතිවරු හමුවූ හමුවූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා මන්ත්‍රී රවි කරුණානායක ලංකාණ්ඩුව උතුරේ සිදු කරන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් දැඩි ලෙස හෙලා දකිමින් කියා සිටියේ තොප්පිගල මෙහෙයුම් අසාර්ථක බවත් එල්ටීටීඊයේ ගුවන් බලයට මුහුන දීමෙහිලා ශක්තියක් ලංකාවට නැති බවත්ය. “අවාසනාවකට වගේ අපටත් ඉන්නවා අවලස්සන ඇමෙරිකානුවෙක් - ඔහු ගෝටාභය රාජපක්ෂ” හේ බ්ලේක් දෙස හැරී මඳ සිනා පෑය. රජයෙන් මෑතකදි නෙරපා හරිනලද ඇමතිවරයකු වූ මංගල සමරවීරගේ ඉල්ලීම වූයේ බුද්ධි සහයෝගිතාව අත්හිටුවීමට හා ඉහල පෙලේ සිංහල බළධාරීන්ට වීසා සම්බාධක පැණවීමට වොෂින්ටනය නොවලහා ක්‍රියා කලයුතු බවයි. බොහෝ දෙනා අපේක්ෂා නොකල අන්දමින් තොප්පිගල එල්ටීටීඊ බලකොටුව බිඳ වැටිණ. ලංකාණ්ඩුවේ අනතුරු ඇඟවීම නොසලකමින් ජුලි 11 දා කිලිනොච්චියේදී තමිල් සෙල්වම්, පුලිදේවන් හා නඩේසන් හමුවූ නෝර්වේ තානාපති බ්‍රැට්ස්කර් ට පෙනී ගියේ එල්ටීටීඊ නායකයන් තරමක් දුර්මුඛව සිටි බවය. බලාත්කාරයෙන් සැබළුන් බඳවා ගැනීම පිළිබඳ චෝදනාවට පිළිතුරු ලෙස තම සංවිධානයට සෑම පවුලකින්ම සාමාජිකයෙකු උවමනා බව පැවසූ තමිල් සෙල්වම් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන දමිල පවුල් මෙම නීතියෙන් නිදහස් කිරිමට කැමති විය. සිවිල් ඉලක්ක වලට පහරදීම ගැන නැඟූ පැණයට ඔහු හරි හමන් පිළිතුරක්ක් නුදුන්නේය. එල්ටීටී නයකයන්ගෙ චෝදනාව වූයේ හමුදා මෙහෙයුම් අත්හිටුවීම සඳහා බටහිර ප්‍රජාව ප්‍රමානවත් බලපෑමක් ලංකාණ්ඩුවට නොකරන නිසා මේ තත්වය උද්ගත වූ බවකි. මෙය මංගල සමරවීර හා රනිල් වික්‍රමසිංහ යුද්දය අරබයා දැරූ ස්ථාවරයට බොහෝ දුරට සමානය. මේ අතර මානව හිමිකම් ගැටළුව මත ලංකාවට කෙරෙන බ්‍රිතාන්‍ය අතපෙවීම් හෙලා දකිමින් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මැයි මස දැවැන්ත උද්ඝෝෂණයක් කල මේ වනවිටත් වාමාංශික සිංහල ජාතිකවාදී පක්ෂයක් ලෙස සැලකුන ජනතා විමුක්ති පෙරමුණ මාර්තුවේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ලංකා ආරක්ෂක අමාත්‍යාංශය අතර ඇතිකොටගත් ACSA ගිවිසුම ‘රහස් ගිවිසුමක්’ බවට චෝදනා කරමින් එහි අන්තර්ගතය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමිනි. ජුලි 15 දා පාර්ලිමේන්තුව තුල ජවිපෙය හා එජාපය මේ අරබයා කල මහත් කලබගෑනිය නිසා ස්ඇසිය කල්තැබීමට සිදුවී අතර තෙදිනකට පසු ඇමෙරිකානු තානාපති කාර්යාලය ඇමතූ ජනාධිපති ගේ මාණ්ඩලික ප්‍රධානී ලලිත් වීරතුංග පැවසූයේ ගිවිසුමේ සැඟවීමට දෙයක් නොමැති බැවින් එය ප්‍රකාෂයට පත් කිරීම වඩා සුදුසු බවයි. ඇමෙරිකා තවත් රටවල් 89ක් සමඟ කලින් කලට මෙවැනි ගිවිසුම් වලට එලැඹ ඇති බවත් හේ පෙන්වා දුන්නේය. සම්ප්‍රදායිකව ඇමෙරිකානු පාක්ෂික ස්ථාවරයක් දරණ එජාපයද විරෝධතාවට හවුල් වීම ගැන තානාපතිවරයා තුල ඇතිවූයේ නොසතුටකි. එහෙත් කල හැකි දෙයක් නුවූයෙන් ලංකාණ්ඩුවට සුදුසු යැයි හැඟෙන පරිදි ක්‍රියා කිරීම ගැන තම විරුද්ධත්වයක් නැති බව පැවසූ හේ ගිවිසුමේ ඇති සංවේදී තොරතුරු, එනම් සේවා දායක ඇමෙරිකානු ආයතන වල නම් ලිපින හා දුරකථන අංක සභාගත නොකරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ලංකාණ්ඩුව විසින් ඉටු කලද, බලය බෙදීම හා මානව හිමිකම් අරබයා තමා විසින්ම දිගින් දිගටම චෝදනා නඟමින් සිටි රටක් සමඟ රාජ්‍යතාන්තික ගිවිසුමකට එලැඹුන බව ලොවට හෙලිදරවු වීම නිසා වොෂින්ටනයට එල්ටීටීය කෙරේ අනුකම්පා කල තම යුරෝපීය සගයන් මෙන්ම තමා කෙරේ විශ්වාසය තැබූ දේශිය විපක්ෂ පාර්ෂ්ව හමුවේ මුහුන පෑමට සිදුවූ අපහසුතාව සුළු පටු නැත. අනිත් අතට ජුලි 20 දා ඉතා කැමැත්තෙන් ගිවිසුම ප්‍රකාශයට පත් කල ලක් රජය ඇමෙරිකාව සමඟ තම සහයෝගීතාව ප්‍රදර්ශනය කෙරෙන අයිතමයක් ලෙස එය අර්ථ දක්වමින්ද, අමෙරිකාව ලවා තමාට බලපෑම් කරවීමට තැත්කල එකී පාර්ෂ්වයන් අධෛර්යමත් කරවීමින්ද ඉමහත් දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිලාභයක් අත්කොට ගත්තේය.

Chamara Siriwardene

Sources: Wikileaks To End a Civil War: Norway's Peace Engagement in Sri Lanka - Mark Salter Asian Tribune

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (03) - ජනාධිපති රාජපක්ෂගේ ඉරාන සංචාරය[සංස්කරණය]

ඉක්මන් බලය බෙදීමේ යෝජනාවලියක් සඳහා වොෂින්ටනයෙන්ද, මානව හිමිකම් අරබයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් කෙරෙන්ද දැඩි පීඩනයක් එල්ල වුවද ලංකාණ්ඩුවේ අවධානය මේ වන විට මුළුමනින්ම යොමු වී තිබුනේ අගනුවර හා පිට පලාත් තුල සිවිල් ජනයා ඉලක්ක කොටගනිමින් එල්ටීටීය උත්සන්න කල ත්‍රස්ත ප්‍රහාර මැඩලීම කෙරෙහිය. සංචාරයක යෙදුන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ලේකන් ජෝන් හොල්ම්ස් ලංකාව ජීවත් වීම සඳහා අතිශය භයානක රටක් බව අගෝස්තුවේදී ප්‍රකාශ කොට තිබිණ. ලංකාණ්ඩුව මේ කරුන මත හොල්ම්ස් දැඩි ලෙස දෝෂදර්ෂණයට ලක් කලේය. බලය බෙදීමේ යෝජනාවලිය සඳහා අවංක උවමනාවක් ලංකාන්ඩුවට නොමැති බව එල්ටිටීය හා දෙමල ජාතික සන්ධානය මෙන්ම එජාපය හා මුස්ලිම් කොන්ග්‍රසය ද දිගින් දිගටම චෝදනා නැඟූ අතර යුද්ධය සඳහා ජනාධිපති රාජපක්ෂට සහාය ලබා දුන් ප්‍රබලතම හස්තය වූයේ තවමත් සිංහල ජාතික වාදී බලවේග නියෝජනය කල ජවිපෙ යයි. ඒ අනුව 2007 ඔක්තෝබර් 04 දා ඇමෙරිකානු තානාපති බ්ලේක් එම පක්ෂයේ ජනප්‍රියතම මන්ත්‍රී වරයා වූද, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක විමල් වීරවංස හමුවිය. දූෂණ අරබයා රජය අනුගමනය කරන පිළිවෙත මෙහිදී විවේච්නය කල වීරවංස දිගින් දිගටම බලය බෙදීඊමක් සඳහා කෙරෙන බලපෑම් ගැන අමෙරිකාවට චෝදනා කලේය. “ඇමෙරිකාවට සදාම් හුසේන් මරන්න පුළුවන් නම් ලංකාවට ඇයි බැරි ප්‍රභාකරන් මරන්න? ත්‍රස්තවාදය මැඩලීමට අවශ්‍යනම් වොෂින්ටනය කල යුත්තේ ලංකාවට යුද ආධාර දීමයි.” “ඒක නිවැරදී අදහසක් නෙවෙයි” තානාපති තැන පෙරලා කීය. “සදාම් හුසේන් මැරුවෙ ඇමෙරිකාව නෙවෙයි. නිසි නඩු විඟාගයකට පසු ඉරාක අධිකරණයක් විසින්. ඉරාකයේ සුන්නු ෂියා හා කුර්දි ජන කොටස් අතර සාර්ථක බලය බෙදීමකට අපි මේ වන විට අඩිතාලමක් දාල තියනවා. අනික එල්ටීටීය හමුදාමය වශයෙන් පරාජය කරන්න බැහැ. කලයුත්තේ ගැටළුවට හේතු හොයා දේශපාලන විසඳුමක් දීමයි” (Embassy notes: E.O. 12958: DECL: 10/04/2017 MEETING WITH NATIONALIST JVP PARTY) මේ තර්කය වීරවංසට නොරිසි විය. ඔහු තරයෙම කියා සිටියේ සාකච්ඡා පැවැත්වීඊමට පෙර එල්ටීටීය අවි බිma තැබිය යුතු බව තම පක්ෂයේ ස්ථාවරය බවයි. කෙසේ වුවද ජවිපෙය තුල මේ වනවිට අර්බුදයක් මෝරායමින් පැවති බව ඇමරිකානුවන් දැන සිටි බව පෙනේ. තානාපති වරයා විසින් වොෂින්ටනයට යැවූ 07COLOMBO748_a කේබල් පණිවුඩයේ සඳහන් වූයේ වීරවංස ජනාධිපතිට දුන් අභ්‍යන්තර තොරතුරු හේතුවෙන් වෘත්ති සමිති නායකයා වූ සිරිපාල අමරසිංහට පක්ෂය හැර යාමට සිදුවූ බවත්, පොලිසිය විසින් ලුහු බැඳීම නිසා 89 අරගලයේ වැදගත් චරිතයක් වූ ප්‍රේමකුමාර් ගුනරත්නම් නොහොත් කුමාර් මහත්තයාට රට හැර ගොස් ඇති බවත්ය. කේබල් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වූයේ මන්ත්‍රී අනුර දිසානායක තමාට හෙලිකල පරිදි විරවංස දැන් ජනාධිපතිගේ සහායෙන් පක්ෂ නායක සෝමවන්ස අමරසිංහ අපකීර්තියට පත් කිරීමට තැත් කරන බවකි. කලින් ලද බුද්ධි තොරතුරක් මත නොවැම්බර් 02 දා උදෑසන 6.15ට මහත් ආන්දොලනයට තුඩු දුන් MIG 27 හා Kfir ජෙට් යානා දෙකකින් එල්ල කල කිලිනොච්චියේ එල්ටීටීඊ පුහුණු කඳවුරකට එල්ල කල ගුවන් ප්‍රහාරයකින් දේශපාලන අංශ ප්‍රධානී තමිල් සෙල්වල් ඇතුළු ඉහල පෙලේ නායකයෝ පස් දෙනෙක් මිය ගියහ. ඉතා අඩු ප්‍රසිද්ධියක් සහිතව යුක්‍රේනයෙන් මිලදී ගත් මෙම යානා පිලීබඳ අගෝස්තුවේදී පළමු වරට තොරතුරු හෙලි කලරන ලද්දේ මාධ්‍යවේදියෙකු වූ ඉක්බාල් අත්තාස් විසිනි. සංවේදී තොරතුරු හෙලිදරවු කලෙ යයි චෝදනා කරමින් සිංහල ජාතිවදීහූ ඔහුගෙ නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වූ අතර තම පරිවර්තකයාට මේ හේතුවෙන් ජීවිත තර්ජන එල්ලවී ඇති බව හේ ඇමෙරිකානු තානාපතිට පැමිණිලි කලද මේ පිළිබඳ කරුණු විමසීමේදී ආරක්ෂක ලේකම් ගෝටාහය රාජපක්ෂ එය හිතළුවක් ලෙස බැහැර කලේය. “ඔයිට වඩා වැදගත් ආරක්ෂක තොරතුරු එළිදරවු කරපු මිනිස්සුත් අද ජීවතුන් අතර ඉන්නවා,” හේ උපහාසාත්මකව කීය. පසුව පරිවර්තකයා ප්‍රකාශ කලේ තමාට මරණ තර්ජන එල්ල නුවූ බවත් තොරතුරු ලද මූලාශ්‍ර පිලිබඳ තමාගෙන් ප්‍රශ්න කල බවත්ය. කෙසේ වුවද ඔයින් මෙයින් ලංකාව සතුව නව MIG යානා ඇති බව නොවැම්බරය වන විට එල්ටීටීඊය ද දැන සිටිමුත් තමිල් සෙල්වම් ගේ ජීවිතය රැක ගැනීමට එම දැනුම ප්‍රමානවත් වූයේ නැත. ඇමෙරිකානුවන්ගේ හා නෝර්වීජියානුවන්ගේ මතය වූයේ මෙම ඝාතනය නිසා සාකච්ඡා තුලින් විසදුමක් සෙවීමට වූ ඉඩකඩ ඇහිරෙන බවය. විශේෂත්වය වූයේ පාර්ලිමේන්තුවේදී තැපැල් ඇමති රවුෆ් හකීම් ද මුස්ලිම් තමිල් සෙල්වම් වෙනුවෙන් ශෝකය පලකොට සිටීමයි. එහෙත් අය වැය සදහා රජයට සහාය දීමට එපමණකින් ජවිපෙය තීරණය කලේය. කෙසෙ වුවද මේ වනටවිට වොෂින්ටනයේ කණස්සල්ලට මූලික හෙතුව වූයේ තමිල් සෙල්වම්ගේ මරණය නොව ඉරානයේ නිල සංචාරයක් සදහා ජනාධිපති රාජපක්ෂ තුල වූ සූදානමයි. ඉරානයේ විප්ලවීය ආරක්ෂක හමුදාවට (IRGC) අයත් කුඩ්ස් (Quds) බල ඇණිය නීති විරෝහී ස්අංවිධානයක් ලෙස නම් කොට හා එහි නායක ක්වාසිම් සොලෙයිමානි ඇතුළු ඉහල පෙලේ ඉරාන නිලධාරීන් රැසකට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සම්බාධක පණවා තිබිණ. ( ඉන් දහතුන් වසරකට පසු 2020 ජනවාරියේ ඇමෙරිකාව විසින් සොලෙයිමානි ඝාතනය කරනු ලැබූයේද ලංකාව තමිල් චෙල්වම් ඝාතනය කල අන්දමටමය). ලහිලහියේ විදේශ ඇමති බෝගොල්ලගම හමුවූ තානාපති බ්ලේක් ත්‍රස්තවාදය සමඟ සටන් වදිමින් සිටින ලංකාවේ රාජ්‍ය නායකයා ත්‍රස්තවාදයට අනුබල දෙන රටක් ලෙස ඇමෙරිකාව සලකන ඉරානයට යාම සුදුසු නොවන බවත් එමඟින් ඉරානයට තමා හුදෙකලා වී නොමැති බවට ලොවට පෙන්වීමට අවස්ථාවක් ලැබෙන බවත් කියා සිටියේය. මෙය මානව හිමිකම් චෝදනා වලට මුහුණ දෙමින් ACSA ගිවිසුම හරහා ලංකාව විසින් අත්පත් කොටගත් වාසියට සමාන වනු ඇතැයි ඇමෙරිකාව බිය වූ බව පෙනේ. මෙම පණිවුඩය සන්නිවේදනය කිරිමටද, ඉරාන සංචාරය කල්දමන ලෙස උපදෙස් දීමටද බෝගොල්ලගම පොරොන්දු වූ මුත් ජනාධිපති රාජපක්ෂ ගේ තීරණය ගැන බ්ලේක්ට විශ්වාසයක් නොතිබිණ. (B COLOMBO 1429) සංචාරයේ අරමුන වෙළද අරමුණු වුවද තමාට නිරන්තර බලපෑම් එල්ලකරන බටහිර බලවතුන් දමනය කරගැනීමෙහිලා යටි අරමුණින් ක්‍රියා කරන රාජපක්ෂ හා ඉරානය අතර අනාගතයේ ආරක්ෂක ගිවිසුමක් ඇති වීමේ හැකියාව බැහැර කල නොහෙන බවද බ්ලේක්දැන සිටියේය. ලංකාණ්ඩුවට මාරක යුද උපකරණ උවමනාය. එසේ වුවව්හොත් ඉමහත් අපවාදයක් මෙද අත්සන් කෙරුන ACSA ගිවිසුම ඵල රහිත වනු ඇත. නොවැම්බර් 08 දා ඇමෙරිකාව විසින් ලංකා නාවුක හමුදාවට ඩොලර් මිලියන 10.8ක් වටිනා නවීන රේඩාර් ආරක්ෂක පද්ධතියක් හා මුර සංචාරක බොට්ටු 10ක් ප්‍රදානය කරන ලදී. මෙමඟින් ලංකාවේ මුහුදු සීමාව තුල කෙරෙන සියළු දෑ නිරීක්ෂණය කිරීමටද පෝක් සමුද්‍ර සන්ධිය අවට ජංගමශීලී මුරසංචාර සෙවයක් පවත්වාගෙන යාමටද නාවුක හමුදාවට හැකිවනු ඇතයි අපේක්ෂා කෙරිණ. මෙම සැපයුම් අනුමත කරන ලද්දේ ඇමෙරිකානු ජාතික ආරක්ෂක පනතේ 1206 වන වගන්තිය යතේ සහකාර රටවලට ත්‍රස්තවාදය වැලැක්වීමට ආධාර දීමේ ප්‍රතිපාදන යටතේය. 7-10 දක්වා ගම කල හැකි ඩීසල් එන්ජින් සහිත මෙම බෝට්ටු GPS හා රේඩියෝ පද්ධති වලින් සමන්විත වුවද අවි සම්බාධක හෙතුවෙන් ඒවායේ මැෂින් තුවක්කු සවි කොට තිබුනේ නැත. සිය අරමුණු කරා කුඩා රාජ්‍යයන් පොලඹවා ගැනීමේදී ඇමක් යොදා ගැනීම දවල සම්දිරයේ සම්ප්‍රදායික උපායයි. ලංකාව හා ACSA ගිවිසුම අත්සන් කෙරුනේ ද මාරක යුද උපකරණ වෙනුවට එල්ටීටීඊ අවි නැව් ගැන බුද්ධි තොරතුරු ලබා දීමට පොරොන්දු දෙමිනි. මෙම රේඩාර් පද්ධතිය හා බෝට්ටු ආරක්ෂක ලේකම් විසින් ඉල්ලා තිබුනේ කලින් වසරේය. එහෙත් රාජපක්ෂගේ ඉරාන සංචාරය වැලැක්වීමට මෙවර ඇමෙරිකානුවෝ අසමත් වූහ. ලංකාවේ තෙල්පිරිපහදු කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 750ක අයෝජනයකට ටෙහෙරානය එකඟ වීමයි. කලින් ලංකාණ්ඩුව සැලසුම් කොට තිබුනේ සෞදි අරාබියෙන් ඩොලර් මිලියන 500ක් ණයක් ලබාගෙන මෙම කටයුත්ත සඳහා කොන්ත්‍රාතු භාර දීමටය. විදේශ ණයක් වෙනුවට ලද ඉරාන ආයෝජනය මූල්‍ය වශයෙන් ලංකාවට ඉමහත් වාසියක් වුවද ඒ හේතුවෙන් ඉදිකිරීම් ටෙන්ඩරය අපෙක්ෂාවෙන් සිටි අමෙරිකානු Global Energy and ENGlobal යන සමාගම් වලට අහිමි වූයේ තවත් අගනා අවස්ථාවකි. වොෂින්ටනයට වඩාත් සිත් සසල කරවන සුළු පුවත වූයේ ලංකාවට යුද අවි හා හමුදා උපකරන ණය පහසුකම් සැපයීමටද ඉරානය එකඟ වීමයි. මෙනයින් බලන කල ප්‍රකාශිත හේතු කවරක් වුවද ඔවුන් රාජපක්ෂ හා අමනාපයක් ඇතිකොට ගැනීම පුදුමයට කරුනක්ද නොවේ.

Chamara Siriwardene Sources Wikileaks International Terrorism Monitor -South Asia Analysis Group Paper 303

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (04) – ජිනීවා මානව හිමිකම් වාර්තාව හා කොසෝවෝ අර්බුදය[සංස්කරණය]

2007 අවසන් වන විට ලංකාව වචනයේ පරිසමාප්ති අරුතින් පෙරමුණු දෙකක යුද්ධයකට මැදිව සිටියාය. උතුරේ එල්ටීටී‍ය සමඟ භූමිය සඳහා වූ අවි ගැටුමට අමතරව ජත්‍යන්තරයේදී ඇමෙරිකාව කැනඩාව හා නෝර්වේ ප්‍රමුඛ බටහිර කදවුර සමඟ මානව හිමිකම් හා බලය බෙදීම යන කරුණූ උදෙසා රාජ්‍යතාන්ත්‍රික අරගලයක යෙදීමටද ඈට සිදුව තිබින. අගෝස්තුවේ ලංකාවේ කල සංචාරය මත පදනම්ව ජිනීවාහිදී ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවද පැහැදිලිවම පක්ෂග්‍රාහී විය. සිවිල් අයිතිවාසිකම් හා අතුරුදන්වීම් යන මැයෙන් කෙරුන කෙරුන අර්ථකථනය තුල රජයේ හමුදා සිදුකල අත්ඩංගුවට ගැනීම් හා හමුදා මෙහෙයුන් නිසා උතුරේ සිවිල් ජීවිතයට සිදුවන බලපෑම් මිස එල්ටීටීය විසින් සිදුකල බලාත්කාරී ක්‍රියා, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම් හා දකුණේ සිවිල් වැසියන් ඉලක්ක කොටගත් ප්‍රහාර කෙරේ ලුයිස් ආර්බර් මහත්මිය ප්‍රමානවත් අවධානය යොමු කොට නොතිබිණ. බටහිර බලවතුන්ගේ තක්සේරුව වු‍යේ ලංකාවේ මුහුදු සීමාවෙන් තුනෙන් දෙකක් ආවරණය වූ උතුරු නැගෙනහිර දමිල පාලනයකට නතුවීම තම උපාය මාර්ගික අරමුණු සදහා වඩාත් හිතකර වනු ඇති බව පෙනේ. මෙ පිළිබඳ මනා අවබෝධයකින් පසුවූ එල්ටීටිඊය ද බටහිර රටවල සැලකිය යුතු දේශපලන නියෝජනයක් සහිත ඩයස්පෝරාවේ ආධාරයෙන් එහි ඵල නෙලීමට තැත් කලේය. මේ තත්වය යටතේ ලංකාව අසරණ වුවද හුදෙකලා නුවූවාය. ආර්ථික හේතූන් මත චීනයේද, රාජ්‍යතාන්ත්‍රික හේතූන් මත ඉරානයේද අඛණ්ඩ අනුග්‍රහය ගැන විශ්වාසය තබා කටයුතු කිරීමට තරම් ධෛර්යයක් හා ආත්ම විශ්වාසයක් කොළඹ රජයටද තිබිණ. දෙසැම්බර් 14 දා ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙවැනියා (Deputy Chief of Mission) ජේම්ස් මූර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි අමාත්‍යාංශයට කැඳවූ විදේශ ලේකම් පාලිත කොහොන ජිනීවා වාර්තාව ගැන සිය දැඩි විරෝධය පල කොට සිටියේය. “ බලාත්කාරයෙන් අතුරුදන් කරවීම් වැඩි උනා ඔබතුමාල කියන්නෙ කොහොමද? රතු කුරුසෙ කියනවා දැන් අතුරුදන් වීම් අඩුයි කියල. මේව කරන්නෙ අපි නෙවෙයි. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ කටයුතු ව්‍යාප්ත කරන්න මමත් සෑහෙන උදවු කරා. දැන් මට ඒ ගැන කණගාටු වෙන්න සිදු වෙලා.” “අනිත් එක රටේ බහුතරයට බටහිර දූත කණ්ඩායම් ගැන විශ්වාසයක් නැත්තෙ යටත් විජිත කාලෙ ලබපු අත්දැකීම් නිසා. කරුණාකරල එක තේරුම් ගන්න…” යටත් විජිත යුගය අරබයා කල මෙම සදහන උරා ගේ මාළු ඌරාගේම පිටේ තබා කපීමට තැත් කිරීමකට සමාන කල හැක. “මානව හිමිකම් ගැන අපේ ස්ථාවරය එදත් අදත් එකයි. ලංකාවෙ ඇතැම් දේශපාලකයන් නිලධාරීන් හා මාධ්‍ය මේ විදියට එක්සත් ජාතීන්ගෙ නිළධාරීන් විබවේචනය කරන කිරිමෙන් වෙන්නෙ මානව හිමිකම් මෙහෙවර තව දුෂ්කර වීමයි. කරුණාකරල වඩාත් සමතුලිත වාතාවරණයක් ඇතිකරන්න” මේ ඇසූ දෙවැනි තානාපති මුළදෑනියා කීය. එහෙත් මානව හිමිකම් වාර්තාවේ කිසිදු අසමතුලිත බවක් ඔහු නුදුටුවේය. “මොනව කරත් අපිට රටේ බහුතර මතයට ගරු කරන්න වෙනවා” විදේශ ලේකම් පිළිතුරු ලෙස කීය. සාකච්ඡාව කෙලවර වුවද සිද්ධිය එතැනින් අවසන් වූයේ නැති. සටන් විරාම ගිවිසුම එකපාර්ශ්විකව අහොසි කිරීමට නව වසරේ ජනවාරි 02 දා ලක් රජය තීන්දු කලේය. ඉටුකිරීම සඳහා තව දුරටත් කාර්යභාරයක් නුවූයෙන් රටින් පිටව යාමට සටන් විරාම නිරීක්ෂක කණ්ඩායම් වලට සිදුවිය. මෙය පක්ෂග්‍රාහී මානව හිමිකම් වාර්තාවේ අතුරු පලයකි. ඊට සිවු දිනකට පෙර ආරක්ෂක ලෙකම් ගෝටාභය රාජපක්ෂ ඩේලිනිවුස් පුවත් පතට කියාසිටිය් සටන් විරාම ගිවිසුම විහිළුවක් බවට පත්ව ඇතිබවයි. සටන් විරාමය අහෝසි කිරීම යුද්ධය වෙනුවෙන් රජයේ ප්‍රධානතම සහාය බලවෙගය වූ ජේවීපීයේ මූලික ඉල්ලීමකි. ජේවීපිය ආර්බර්ට එරෙහිව උද්ඝෝෂනයක් පවා සංවිධානය කලේය. සටන්විරාමය අහෝසි කෙරුන දින සවස ඇමෙරිකානු තනාපති බ්ලේක් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් සිය නිවහනේ රාත්‍රී භෝජනයක් පැවැත්වීය. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අමතරව ලංකාවේ හදිසි සංචාරයක යෙදුන නම් සදහන් නොකල සෙනේට් සභිකයකුද මෙම අවස්ථාවට සහභාගී විය. සටන් විරාම ගිවිසුම අහෝසි කිරිම ජාත්‍යන්තර ප්‍රජාව විසින් බරපතල ලෙස තකනු ඇතැයි බ්ලේක් සැක පහල කරනු ඇසූ ජනාධිපතිවරයා කීවේ එය එල්ටීටීයේ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් දුන් පිළිතුරක් මිස සාම ක්‍රියාදාමයේ අවසානය නොවන බවයි. ජනවා රි 08 දා රජයේ ඇමතිවරයකු වු ද මු දසනායක එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් මරා දමන ලදී. තෙදිනකට පසු ආධාර කණ්ඩායමේ සම-සභාපති වරු ඇතුළු තානාපති නිලධාරීන් හමුවූ රනිල් වික්‍රමසිංහ සටන් විරාමය අහෝසිකිරීම දැඩි ලෙස විවේචනය කරමින් උතුරේ විශාල මෙහෙයුමක් සඳහා රජය සූදානම් වන බවත් මෙමගින් දස දහස් ගණනක් අතුරුදන්වීමට හා අවතැන් වීමට ඉඩ ඇති බවත් කියා සිටියේය. ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ මෙමඟින් ලංකාවේ බහු-වාර්ගික අනන්‍යතාව අවදානමට ලක් වනු ඇති බවයි. බටහිර සංස්කෘතිය උසස්කොට තැකූ නාගරික පදනමකින් යුත් ලිබරල් වාදී යූඇන්පිය බටහිර කඳවුරට පක්ෂපාතී ස්ථාවරයක් දැරීය. දෙමල ජාතික සන්ධානය එල්ටීටීඊය වෙනුවෙන් සෘජුවම පෙනී සිටීම හා රවුෆ් හකීම්ද තමිල් සෙල්වම් ගේ මරනය ගැන අයථා ලෙස ශෝක වීම තුලින් සිංහල ජාතිකවාදීන් ඇතිකොට ගත් හැඟීම නම් දේශපාලන විසඳුමක් ලෙස අදහස් කෙරෙන්නේ ගෞරවනීය සහයෝගිතාවයෙන් ජීවත් වීම නොව මහ ජාතිය යටපත් කොට තම ‘සීමාව ඉක්මවූ’ අරමුණු ඉටුකොට ගැනීමට සුළු ජාතීන් තුල වූ අභිප්‍රාය බවයි. මෙහි අතුරු ඵලය වූයේ අනාගතයේ සිංහල ජාතිකවාදය වඩාත් ශක්තිමත් වීමය. අනතුරක් හමුවේ එක්සත් වීම වර්ග වාදයක් නොව ඕනෑම නිරෝගී ශිෂ්ඨචාරයක ලක්ෂණයක් බව ඉතිහාසයේ එමට උදාහරණ ඇත. එසේ වුවද සාකච්ඡාව අවසානයේ ඇමෙරිකානු තානාපති ඇති කොටගත් හැඟීම නම් උපකල්පන මත රජය විවේචනය කරනු විනා සර්ව පාක්ෂික සමුළුව තුලින් දෙශපාලන විසඳුමකට එලැඹීමට යූඑන්පීය ද ප්‍රමානවත් දායකත්වයක් නොසපයන බවය. විසඳුමක් ඉදිරිපත් විය යුත්තේ තම රජයක් හරහා පමනක් බව වික්‍රමසිංහ සිතූ සැටියකි. පෙබරවාරි 01 දා ජිනීවාහි පැවත් මානව හිමිකම් සමුළුවේදී ලංකාණ්ඩුවේ නියෝජිත මහාචාර්ය රජීව් විජේසිංහ විසින් ලුයිස් ආර්බර්ගේ පක්ෂාග්‍රාහී මානව හිමිකම් වාර්තාව දැඩි විවේචනයට ලක් කරන ලදී. ලංකාවට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂක කණ්ඩායමක් එවීමට විරෝධය පලකල හේ වොෂින්ටනය ආර්බර්ට අවවාද කලයුතු යයි කියා සිටියේය. විශේෂයෙන්ම ඔහු පෙන්වා දුන්නේ ලක් රජය හා එල්ටීටීය සමාන කොට සලකමින් දෙසතියකයට පෙර ඈ නිකුත් කල නිවේදනයෙන් ත්‍රස්තවාදී සංවිධානයට අනවශ්‍ය පිළිගැනිමක් ලබා දී ඇති බවය. ලංකාවේ මානව හිමිකම් කොමිසම සමඟ කටයුහු කිරීමට ඇගේ අකමැත්ත පිළිගත නොහැකි බවත් ඈ එල්ටීටීයට වාසි සහගත ලෙස කටයුතු කරන බවත් විජේසිංහ වැඩිදුරටත් චෝදනා කලේය. ඇමෙරිකානුවන්ගේ ප්‍රතිචාරය වූයේ මෙවැනි සතුරු ආකල්පය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානිදායක වනු ඇති බවයි. මානව හිමිකම් වාර්තාව මත හටගත් ආරවුල ලංකාවේ ප්‍රතිරූපයට වඩා බටහිර න්‍යායපත්‍රයට නම් බොහෝ හානිදායක වූ බව ඇමෙරිකාවට පෙනී ගියේ සතියක් ගතවීමෙන් අනතුරුවයි. පැරණි යුගොස්ලාවියාවට අයත් කොසෝවෝ රාජ්‍යය බටහිර බලවතුන්ගේ පූර්න ආශීර්බවාදය මත සර්බියාවෙන් වෙන්ව ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට සූදානම් වෙමින් සිටි පෙබරවාරි 11 දා නැවත බෝගොල්ලාගම හමුවූ ඇමෙරිකානු තානාපති ඒවෙනුවෙන් කැදවීමට නියමිත එක්සත් ජාතීන්ගේ චන්ද විමසීමේදී ලංකාවේ සහාය ඉල්ලා සිටියේය. එක්සත් ජනපදය කොසෝවෝ ස්වාධීනත්වය උතුරේ ඊලාම් රාජ්‍යයක් සඳහා වන ඉල්ලීම හා සම තත්වයේ නොසලකන බවත් ලංකාවේ භෞමික අඛන්ඩතාවට වොෂිඉන්ටනය ගරුකරන බවත් බ්ලේක් පුන පුනා කීවද බෝගොල්ලාගම ඒ හැටි තැකීමක් කලේ නැත. ඔහු කියා සිටියේ මෙය ප්‍රතිපත්තිමය කරුණක් හෙයින් ඇමෙරිකාවේ ඉල්ලීම සලකා බැලීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. සර්බියාවේ දැඩි විරෝධය මත කොසෝවෝ රාජ්‍යය පෙබරවාරි 18 ද ස්වාධීනත්වය ප්‍රකාශ කලාය. අයුතු බටහිර මැදිහත් වීම හෙලා දකිමින් සර්බ්වරු රට පුරා දැඩි විරෝධතාවක් දියත් කලහ. වොෂින්ටනයේ බලවත් කණස්සල්ලට හේතුවෙමින් පෙබරවාරි 18 දා ලක් රජය කියා සිටියේ කොසෝවෝ ස්වාධීනත්වය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය උල්ලංඝනයක් බවත්, කොසෝවෝවට සර්බියාවෙන් වෙන්ව යාමට ඉඩදීම වැරදි උදාහරනයක් බවත් ඒ හේතුවෙන් තමා නව රාජ්‍යය පිළි නොගන්නා බවත්ය. ඊලාම් රාජ්යයක් සඳහා සටන් වදින එල්ටීටීඊයට දේශපාලන වාසියක් අත්කර නොදීමේ අදිටනත්, ජනවාර්ගික ගැටළුවට මැදිහත් වෙමින් තමා අමනාපයට පත්කල බටහිර බටහිර කඳවුරට අභියෝගයක් එල්ල කිරීමේ ආකල්පයත් හැරුන විට ලංකාවේ මෙම තීරණයට පදනම් වූ තවත් වැදගත් හේතුවක් තිබිණ. ඒ සර්බියාවේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ ක්‍රෙම්ලිනය කුපිත නොකරවීමේ අවශ්‍යතාවයයි. ඉදිරියේ එලැබීමට නියමිත දුෂ්කර කාල සීමාවේදී ආරක්ෂක මණ්ඩලය තුල නිශේධ බලය හිමි රුසියාවේ හොඳ හිත තමාට ඉතා වැදගත් බව කොලඹ රජය මනාව දැන සිටියේය.

Chamara Siriwardene Photos: Ms Louise Arbour HR High Commissioner JVP protesting against Ms Arbour's intervention Situation Map early 2008 LTTE child soldiers which Ms Arbour largely overlooked in her report Serbs protesting against Kosovo independence

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (05) - සිංහල ජාතිකවාදී බලවේගය රාජපක්ෂ ග්‍රහණයට හසුවේ[සංස්කරණය]

යටත් විජිත ආකෘතිය යටතේ හික්මවනු ලැබූ කුඩා ආසියාතික රාජ්‍යයක් වන ලංකාව මෑතක පටන් තම අභිමත නොතකා කටයුතු කිරීම බලගතු ඇමරිකාවට මහ මදි කමකි. මානව හිමිකම් හා බලය බෙදීම යනාදී දේශීය කටයුතු අරබයා පමණක් නොව චින මිත්‍රත්වය, ඉරානය හා ඇයි හොදයිය වැනි නොමනා ජාත්‍යන්තර සබඳතා මඟින් මෙන්ම කොසෝවෝ අර්බුද වැනි තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික සන්ධිස්ථානයන්හිදීද ඈ වොෂින්ටනයේ අමනාපයට හේතු වන අන්දමින් කටයුතු කලාය. ජයවර්ධන, පේමදාස හා චන්ද්‍රිකා රජයන් බටහිර සම්බන්ධව අනුගමනය කල කීකරු පිළිවෙතට හුරුව සිටි ධවල මන්දිරය කිසිකලෙකත් මෙවන් තත්වයක් අපේක්ෂා කොට තිබුනේ නැත. අනිත් අතට තමා ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් ඇපකැප වන බව ලොවට හැඟවූ ලංකාණ්ඩුව බලය බෙදීම පසෙක ලා අටමසකට පෙර මුදාගත් නැගැනහිර පලාත තුල එලැඹෙන මාර්තුවේ පලාත් මැතිවරණයක් කැඳවීය. මේ අතර තමාට මුහුණ පෑමට සිදුව ඇති දුෂ්කරතා ගැන ජාත්‍යන්තර රාජ්ය නොවන සංවිධාන විසින් පෙබරවාරි 19 දා බටහිර තානාපති වරුනට නැඟූ මැසිවිලි හද කම්පාකරවන සුළුය. කිසි කලෙකට්ත් නුවූ පරිදි දැන් දැන් ශ්‍රීලංකාවට වීසා ලබා ගැනීම ඉතා අපහසු බවත්, බලධාරීන් ඉතා ගැඹුරින් පෞද්ගලික තොරතුරු හාරා අවුස්සන බවත්, මෑතකදී පිහිටවුන මැදවච්චිය හා ඕමන්තෙයි හි මුරපොල වලදී සියළු ම බඩුබාහිරාදිය බිමට බා දැඩි ලෙස පරීක්ෂා කිරිම නිසා විශාල ප්‍රමාදයක් ඇතිවන බවටත් ප්‍රාදේශීය අණදෙන නිලධාරීන් කොළඹ දී නිකුත් කරන ලද අවසර පත්‍ර කෙරේ තැකීමක් නොකරන බවටත්, රජය තම සංවිධාන රට තුලට ගෙන එන අරමුදල් වලින් විශාල බදු අයකරන බවටත් ඔවුහු මැසිවිලි නැඟූහ. ඔවුන්ගේ අනිත් චෝදනාව වූයේ එල්ටීටීඊ පලන ප්‍රදේශවල දකුණු දිග සීමාවේ සටන් ඇවිලී ඇති නිසා තම රජකාරි අසීරු වී ඇති බවයි. උත්සන්න වන ගුවන් ප්‍රහාර හේතුවෙන් තම කාර්යාල අනාරක්ෂිත වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පැවසූහ. එල්ටීටීඊ සටන් කරුවන්ගේ මනෝභාවය පිළිබඳ විමසන ලදුව ඔවුන් කියාසිටියේ ජයග්‍රහනය පිළිබඳ ඔවුන්ගේ ආකල්පය ඉතා සුභවාදී බවයි. මේ හේතුවෙන් අමෙරිකානු තානාපති පවා හමුදාමය තත්වය අරබයා යම්තාක් දුරට වැරදි තක්සෙරුවකට එලැඹුනාට නිසැකය. රාජ්‍ය නොවන සංවිධාන මුහුණ පා ඇති ගැටළු සාකච්ඡා කරනු වස් එදින සවස ඇමෙරිකානු තානාපතිද, යුරෝපීය දුත කණ්ඩායමේ ප්‍රධානියාද, නෝර්වීජියානු තානාපති කාර්යාලයේ දෙවැනියාද (DCM) ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ හමුවූහ. සුදු ජාටිකයන් පිරිසට සාවධානව සවන් දුන් ජනාධිපතිගේ සහෝදරයා කීවේ එදින උදෑසනඑක්සත් ජාතීන්ගේ නිත්ය නියෝජිතයා සමඟ ගැටළුව සාකච්ඡා කල බවත්, මින් මතුවට උතුරට යන එක්සත් ජාතීන්ගේ වාහන හා දූතයන්ගේ තොරතුරු කලින් දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දීමට ඔහු එකඟ වූ බවත්ය. එම වාහන සාමාන්‍යයෙන් කෙරෙන ‘දැඩි පරීක්ෂාවට’ භාජනය නොවනු ඇත. මැදවච්චියේ මුරපොල තාවකාලික විධිවිධානයක් බවද හේ කීය. ඇමෙරිකානු තනාපති පෞද්ගලකව ඇති කොටගත් හැඟීම නම් යුද කලාපයන්හි තොරතුරු හෙලිකිරීම නිසාත්, මාන හිමිකම් කඩකිරීම් විවේචනය කිරීම නිසාත්, ජාතිකවාදී ජේවීපීයේ බලපෑම නිසාත් ලංකාණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන වල කටයුතු වලට අවහිර කරන බවයි. ඉදිරියේදී මේ තත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි හේ 08COLOMBO177_a කේබල් පණිවුඩයෙන් වොෂින්ටනයට දැනුම් දුන්නේය. මාර්ත් 11 දා නැගෙනහිර පැවති මැතිවරනයේ ජය රජයෙ අනුග්‍රහය ලත් හිටපු කොටින්ට හිමිවිය. මෙය සාමාන්‍ය තත්වයක් යටතේ පැවති මැතිවරණයක් නොවන බව සැබෑ වුවද මධ්යස්ථව බැලූ කල දිගු කලක් යුද්දයෙන් බැට කෑ මෙම ප්‍රදේශ වල සිවිල් පාලනය ස්ථාපිත කිරීම සඳහා කිසියම් හෝ ප්‍රවේශයට යොමුවීම එල්ටී ටී ඊ අණසක යටතේ හෝ හමුදා අධිකාරිය යටතේ පැවතීමට වඩා යහපත් විය. එහෙත් විදේශ නිරීක්ෂකයන් මෙන්ම දේශීය පාර්ශ්වද චෝදනා කලේ මැතිවරණය සාදාරන නුවූ බවකි. එය සැබෑය. ගැටළුව නම් එල්ටීටීඊ පාලනය යටතේ නිහඬව සිටි සියළු දෙනා දැන් සියළු දෑ එක් රැයකින් අපේක්ෂා කිරීමයි. අනිත් අතට ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ වසර ගණනාවක් සටන් කිරීමෙන් අනතුරුවත් ත්‍රස්තවාදය පරාජය කල නොහැකි වූ ඇමෙරිකාවේ තානාපතිට කුඩා ලංකාව ත්‍රස්තවාදී ග්‍රහනයෙන් මුදාගත් පලාතක අට මසක් තුල මැතිවරණයක් පැවැත්වීම ප්‍රශංසා කටයුතු පියවරක් ලෙස නොපෙනීම පුදුම සහගත නැත. මන්ද යත් මැසිවිලි නැඟූ බොහෝ දෙනාගේ සැබෑ කණස්සල්ලට හේතුවූයේ වාතාවරණයට වඩා එල්ටීටීඊ විරෝධීන් අතට බලය ලැබීම බව රහසක් නුවූ බැවිනි. රතුකුරුසය විසින් වැඩිම අතුරුදන් වීම් ප්‍රමානයක් වාර්තා කරනු ලැබ තිබුනේ එස්.ටී.එෆ් බලඇණිය ක්‍රියාත්මක වූ ප්‍රදෙශ වලිනි. ඔවුනට එරෙහිව නැඟුන චෝදනා සාපේක්ෂ වශයෙන් ඉහල විය. බ්ලේක් විසින් මේ ගැන විමසනු ලදුව එහෙත් ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ පැවසුවේ ත්‍රස්ත මර්දන එකකයක් වන එස්ටීඑෆ් බලඇණිය මහජනයා සමඟ ඇති සබදතාව ඉතා අඩු බවය. දිගු දුර මෙහෙයුම් වල යෙදෙන ලංකාවේ විශේෂ බලකායන් කටයුතු කරන අන්දම ගැන වාර්තාවක් එවීමටද හේ එකඟ විය. මේ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් හමුදාවේ නීති අධ්‍යක්ෂ වරිය වන මේජර් ජනරාල් මොහන්ති පීරිස් වොෂින්ටනයට එවිය හැකිබවද හේ කීය. දෙමල ජාතික මොහන්ති පීරිස් එවකට ලංකා හමුදාවේ ඉහලම නිලය දැරූ කාන්තාවයි. ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ 2007 මානව හිමිකම් වාර්තාව නිකුත් වුනේ මේ අතර වාරයේදීය. විය යුතු පරිද්දෙන්ම එහි අන්තර්ගතය ලංකාවට ඉතා අහිත කරවිය. හදිසි කැදවීමක් මාර්තු 14 දා බාරොන් ජයතිලක මාවතේ විදේශ ආමාත්යාංශයට ගිය තානාපති බ්ලෙක් දුටුවේ බෝගොල්ලාගම කෝපයෙන් සිටි බවයි. වාර්තාව සමන්විත වන්නේ ලංකාණ්ඩුව සමඟ සන්නිවේදනයෙන් තොරව අන්තර්ගත කෙරුන ව්‍යාජ තොරතුරු වලිනැයි කියමින් හේ තානාපටි තැනට දෙහි කපන්නට විය. සියළු තොරතුරු ගැන සොයා බලා ඇති බවද, වාර්තාවක් ප්‍රසිද්ධ කිරිමට පෙර එහි අන්තර්ගතය සාකච්ඡා නොකිරීම වොෂින්ටනයේ පිළිවෙත බවද බ්ලේක්ද පෙරලා කියා සිටියේය. මානව හිමිකම් වාර්තාව අරබයා ලංකාණ්ඩුවේ පිළිතුර අඩංගු පිටු තුනක ප්‍රකාශනය එවෙලේම තානාපතිට භාර දෙන ලදී. එය මෙසේය. “ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමෙන්තුවේ ලංකාව ගැන වාර්තාව පදනම් විරහිතය 2007 වසරේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිකුත් කොට ඇති කරුණු විකෘති කරන ලද වාර්තාව ගැන ලංකාන්ඩුව දැඩි සැලකිල්ල හා නොසතුට පල කොට සිටී. අවාසනාවකට මෙන් එය ඔප්පු නොවූ චෝදනා, වක්‍රෝත්තීන් හා අතිශයෝක්තියෙන් නැගෙන අවලාද මාලාවක පුරුච්චාරනයකි” පසුවදා ඇමරිකානු තානාපති කාර්යාලයද සිය ස්ථාවරය සාධාරනීකරමින් ප්‍රකාශයක් නිකුත් කලද රජ්‍ය මාධ්‍ය එය වාර්තා කලේ නැත. සිද්ධියේ උණුසුම මදක් පහවූ පසු එක් නිහඩ හැන්දෑවක සංචාරක ඇමති මිලින්ද මොරගොඩ නිවිහැනහිල්ලේ තානාපති හමුවුයේ මානව හිමිකම් වාර්තාව නිසා ජනාධිපති හා ආරක්ෂක ලේකම් විමතියට පත්ව ඇති බව පැහැදිලි කිරීමටය. එහෙත් භෙදය නිරාකරනය කිරීමෙහිලා ඔහුගේ වෑයම නිරර්ථක වූයේ ආණ්ඩු දෙකම සිය ස්ථාවරයන් වෙනස් කිරිමට සූදානම් තත්වයක පසු නුවූ හෙයිනි. සිද්ධියෙන් අනතුරුව ඇමෙරිකාව ලංකාණ්ඩුව අරබයා වඩාත් දැඩි පිලිවෙතකට එලැඹි බව පැහැදිලි වූයේ ඔවුන් තම න්‍යාය පත්‍රයට ළමා සොල්දාදුවන් පිළිබඳ ගැටළුවද එක් කිරීම නිසාය. මාර්තු 18 දා අධිකරන ලේකම් සුහද ගම්ලත් හමුවූ බ්ලේක් රජයට පක්ෂපාතී දමිල අර්ධ මිලිටරි කණ්ඩායම් (පිල්ලෙයාන් කණ්ඩායම මින් අදහස් කෙරින) වල සිටින බාලවයස් කාරය සෙබළුන් අරබයා ගත් පියවර පිළිබද විමසා සිටියේය. මේ කරුන අරබයා එල්ටීටීය කෙරේ මේ දක්වාත් දැඩි පිළිවෙතක් ඔවුන් විසින් අනුගමනය කොට නොතිබීමද මෙහිදී කැපී පෙනේ. කෙසෙ වුවද ජේවීපිය මෙම කරුන අරබයා පසුවූයේ පිල්ලෙයාන් පාර්ශ්වයේ ළමා සොල්දාදුවන් විසුරුවා හැරිය යුතුය ස්ථාවරයේය. එමෙන්ම පිල්ලෙය්යන් පාර්ශ්වය මැයි මස පළාත්සභා මැතිවරනයට පෙර නිරායුද කල යුතු බවද ඔවුහු කියා සිටියහ. නැගෙනහිර පළාත්සභාවට තරඟ කිරීමට සූදානමින් පසුවූ සෙසු පක්ෂ මෙන්ම ජේවීපීය ද සාමකාමී මැතිවරණයක් අපේක්ෂා කලේය. ප්‍රචණ්ඩ කාරී වාතාවරනයක මැතිවරන පැවැත්වීමේ රඟ එය 88-89 දී අත්දැකීමෙන් දැන සිටියේය. මෙනයින් බලන කල පිල්ලෙයාන් සන්නද්ධව සිටීම තර්ජනයක් නුවූයේ ආන්ඩුවට පමණි. එහෙත් පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වූද ආකර්ෂණීයතම කථිකයාවූද විමල් වීරවංස මේ කරුණු අරබයා ජනාදිපතිවරයා හා සමාන්තර සථාවරයන් හි පසුවීම නිසා ඔහු හා සෙසු නායකයන් අතර භෙදයක් පැන නැඟින. පක්ෂයේ සම්ප්‍රදයන්ට නොගැලපෙන තරම් රාජපක්ෂ වරුනට සමීප වීම ගැනද ඇතුලත තොරතුරු රජයට දීම ගැන චෝදනා ඔහුට තිබිණ. ඔහු ජේවීපිය රජයේ අනුශාඛාවක් බවට පත් කරනු ඇතැයි ඇතැම්හු සැක කලහ. ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට මධ්‍යම කාරක සභාව මාර්තු 21 දා රහස් තීරණයක් ගෙන තිබූ බවත් එය මැතිවරණයට පසු ප්‍රකාශ කිරිමට නියමිතව තිබූ බවත් කියති. කෙසේ වුවද අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුවෙදී හැඟුම් බර ප්‍රකාශයක් කරමින් පක්ෂය වියලි නිලධාරිවාදයකට හසුව ඇතැයි චෝදනා කල වීරවංස තවත් මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ජේවීපියෙන් වෙන් විය. පසුවදා තකහනියේ බ්ලේක් හමුවූ විපක්ෂ නායක වික්‍රමසිංහ කියා සිටියේ මේ සමඟ ජේවීපිය දුර්වල වුවද එහි ස්ථාවරය වෙනස් වනු ඇති බවයි. ජේවීපීය යුද්දය අරබයා නිරතුරුව ආණ්ඩුව සමඟ එක්වීමත් දැඩි ජාතිවාදී ස්ථාවරයක පසුවීමත් ඔහුට මහත් හිසරදයකි. මේ කරුණ පිළිබද බොහෝ ඇසූ පිරූ තැන් වික්‍රමසිංහ එදා ඇමෙරිකානු තානාපතිට කල ප්‍රකාශය සියයට සියයක් නිවැරදි බව කාලයා විසින් ඔප්පු කොට හමාරය. කෙසේවුවද භේදයේ අතුරු ඵලය වූයේ මේ තාක් ජේවීපියේ කොඳුනාරටිය වූ දැවැන්ත සිංහල බෞද්ධ පදනම ඔවුනට අහිමි වීමත් ජනාධිපති රාජපක්ෂ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයෙ එකම නියෝජිතයා බවට පත්වීමත්ය. වීරවංසට ඔවුන් ගොණුකොට ගැනීමේ ධාරිතාවක් නොවූ බැවින් මෙම බලවේගය ජනාධිපති රාජපක්ෂගේ පහසු ගොදුරක් වනු ඇතැයිද එය ඉදිරි මැතිවරණ වලදී තමාට බිහිසුනු තර්ජනයක් වනු ඇතැයිද පාර්ලිමේන්තුවේ බලය ගැන පමනක් තකා කටයුතු කල වික්‍රමසිංහ කිසිදා නොසිතන්නට ඇත. ජේවීපීයට මෙහිදී සිදුවූ විශාලතම වරද වූයේ වීරවංශ බැහැර කිරීම නොව නුසුදුසු මොහොතක කෙරුන පිළිවෙත් මාරුව හා ඊට සමගාමීව සියළු අනුගාමිකයන්ද කීකරු ලෙස තමා අනුගමනය කරනු ඇතැයි කෙරුන නුසුදුසු උපකල්පනයයි. සිය ඓතිහාසික උරුමය රඳාපවතින යුද්ධය වෙනුවෙන් ජීවන වියදම මෙන්ම රාජපක්ෂ පාලනයේ සෙසු සිත් පාරවන සුළු වැරදි හා අඩුලුහුඬු කම් සියල්ල සුහද සිතින් ඉවසා විඳදරාගත් සිංහල බෞද්ධ ජාතිකවාදය යනු සංස්කෘතිය හා ආගම සමඟ බැඳුන හැඟීමක් මිස හුදු දේශපාලන මතිමතාන්තරයක් නොවීය. ඇමෙරිකානු තානා පති තැනගේ අපේක්ෂාව වූයේ දැන් ලංකාණ්ඩුව කලමණාකරණය කිරීම වඩාත් පහසු වනු ඇති බවයි.

Chamara Siriwardene Photos

Foreign Minister with Ambassadors Opposition leader protesting to disarm paramilitary groups in Eastern province Eastern Province polls

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (6) - සිවිල් යුද්ධය අනපේක්ෂිත ලෙස නිමාවේ[සංස්කරණය]

කොළඹ ඇමෙරිකානු තනාපති බ්ලේක් වොෂින්ටනය සමඟ කල කේබල් පණිවුඩ තුලින් පෙනී යන්නේ එදා සිංහල ජාතිකවාදී බලවේග වල දැඩි බලපෑම නොවන්නට සුළු හමුදාමය නොවන වරදාන යටතේ රාජපක්ෂ පාලනය පාලනය ඉතා පහසුවෙන් තවත් සටන් විරාමයක් සදහා පොලඹවා ගැනීමට හැකිවනු ඇති බවට ඔවුන් සිතූ සෙයකි. එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරනු ලැබ සිටියද, කලාපීය දේශපාලනයේ දුරස්ථ පාලකයක් ලෙස යොදාගත හැකිව තිබූ එය සිය අභිමතය පරිදි පුනරුත්ථාපනය කලමණාකරනය කිරීමෙහිලා මිස එය මුළුමනින්ම විනාශ කිරීමේ අභිමතාර්ථයක් ඔවුන් තුල නොතිබිණ. මුජහිදීන් අල් කයිඩා හා තලෙබාන් කල්ලි වල නිර්මාපකයා CIA සංවිධානය බවත් ඔවුන් අදටද ISIS සංවිධානය අරබයා ඒ හා සමාන ආකල්පයක් දරන බවද අප අවබෝද කොටගත යුතුය. ප්රාචාරක හේතූන් මත ‘ගෝලීය ත්රස්තවාදයට එරෙහි යුද්ධය’ යන මැයෙන් ප්‍රකාශ කෙරුනද, ත්රස්තවාදීන් ලෙස සැබවින්ම සලකනු ලැබූයේ ඇමෙරිකානු අභිමතයට තර්ජනයක් විය හැකි සංවිධාන මිස ඒ ඒ රටවල වාර්ගික අරමුණු මත සටන් වැදුන කණ්ඩායම් නොවන බවත්, රාජ්යතාන්ත්රිතක හේතූන් මත ත්රස්තවාදී කණ්ඩායම් ලෙස ලයිස්තු ගත කෙරුන සියළු කණ්ඩායම් වලට එරෙහිව සටන් වැදී සතුරන් ඇතිකොටගැනීමේ උවමනාවක් වොෂින්ටනයට කිසිදා නුවූ බව නොරහසකි. එහෙත් රාජපක්ෂ පාලනය පිළිබඳ 2008 ඔවුන් තුල වූ තක්සේරුව නිවැරදි නොවන බව පෙනී ගියේ යුද තේමාව යටතේ පුළුල් ජාතිකවාදී බලවේගය ද රාජපක්ෂ විසින් නොපමාව තම ග්රහණයට නතු කොටගනු ලැබීම නිසාය. මේ හේතුවෙන් 2008 වසර අවසන් වන විට ඔහු පෙර නුවූ විරූ තරම් දේශපාලන වශයෙන් ශක්තිමත් වූ අතර සිය සහෝදරයාගේ මෙහෙයවීමෙන් උතුරේ හමුදාව අත්පත් කොටගත් සීග්ර ජයග්රහන මාලාව ඔහුගේ ජනප්රි යතාව විශාල ලෙස ඉහල නැංවීමට සැපයූවේ ඉමහත් රුකුලකි. යුද්ධය වෙනුවෙන් සියළු දුක් කම්කටොළු දරා ගැනීමට සිංහල ජන සමාජය තුල වූ සූදානම ගැන රොබර්ට් බ්ලේක් විශේෂයෙන් සඳහන් කොට ඇත. බටහිර බලවතුන් විස්මයට පත් කරවමින් මුලතිවු කරා දිශා කිහිපකින් හමුදාව ලඟා වෙමින් සිටි 2009 අපේල් මස 10 දා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්-කී-මූන් ට එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති කොන්ඩලීසා රයිස් ගෙන් හදිසි දුරකථන ඇමතුමක් ලැබිණ. ඊට මාතෘකාව වූයේ ලංකාවේ යුදමය වාතාවරණයයි. එල්ටීටීය නියත වශයෙන්ම පරාජය වනු ඇති බවට ජාත්යින්තර බුද්ධි අංශ විසින් තහවුරු කොටගෙන තිබූ මේ මොහොතේ සිවිල් වැසියන්ගේ තත්වය බැරෑරුම් බවට පලවූ වාර්තා ගැන සිය අවධානය යොමුකල ආචාර්ය රයිස් වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකාව සදහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කිරීමේ අවශ්ය තාව අවධාරණය කොට සිටියාය. ඈ වැඩිදුරටත් එහිදී පෙන්වා දුන්නේ කොටුවී සිටින සිවිල් වැසියන් මුදා ගැනීම සදහා සටන් විරාමයක් ද, තෙවන පාර්ශ්වයකට අවි භාරදීමෙන් අනතුරුව එල්ටීටීඊයට පොදු සමාවක් ද සඳහා සාකච්ඡා කිරීම නව තනතුරේ වගකීම විය යුතු බවත්, තනතුර සඳහා එක්සත් ජාතීන්ගේ මාණ්ඩලක ප්රීධානියා වූ විජේ නම්බියාර් වඩාත් සුදුසු බවත්ය. ඇගේ 09USUNNEWYORK393_a දරන කේබල් පණිවුඩයෙන් හැඟෙන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා මේ අරබයා වොෂින්ටනයේ උපදෙස් මත කටයුතු කල බවයි. අප්රේල් 21 දා මහ බැංකු අධිපති අජිත් කබ්රායල්ට කරුණු පැහැදිලි කල අමෙරිකානු තානාපති රොබර්ට් බ්ලේක් ලංකාව විසින් මූල්ය අරමුදලින් අපේක්ෂා කල හදිසි ණය ආධාරය සඳහා මෙම තත්වය බලපානු ඇති බවට අනතුරු අඟවා සිටියේය. ණය මුදල අරබයා වොෂින්ටනයේ ස්ථාවරය හා තමා මුළුමනින්ම එකඟ වන ඊලඟ සති‍යේ කැනඩාව හා ජර්මනියද කියා සිටියහ. එසේ වුවද මේ මොහොතේ ලංකාවට ණය ආධාර වෙනුවෙන් දේශපාලන කොන්දේසි පැනවීම අරබයා යුරෝපා සංගමය තුල එකඟත්වයක් නොතිබිණ. කෙසේ වුවද දැඩි බලපෑම් හමුවේ අපේල් 27 දා මධ්යා.හේනයේ සිට බර අවි භාවිතය හා ගුවන් ප්රහාර අත්හිටුවවන බවට ප්රකකාශ කිරීමට ජනාධිපති රාජපක්ෂට සිදුවිය. දෙදිනකට පසු හදිසි සාකච්ඡාවක් සඳහා බ්රිතාන්ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් හා ප්රංශ විදේශ ඇමති කෝච්නර් ඇතුළු ඉහල පෙලේ යුරෝපීය දූත කණ්ඩායමක් මෙරටට සැපත් වූහ. එහෙත් ලංකා බලධාරීන් වෙතින් පළවූයේ සැකමුසු හා සතුරු ප්රතිචාරයකි. දූත පිරිසේ සාමාජිකයකු වූ ස්වීඩ්න විදේශ ඇමති ට රටට ඇතුළු වීම සඳහා වීසා ලබාදීම පවා කොලඹ රජය ප්රතික්ෂේප කලේය. මෙය මෑතකදී ඇමෙරිකාව විසින් ඉරාන විදෙශ ඇමතිට වීසා නිකුත්කිරීම ප්රතික්ෂෙප කිරීමට සමානය. ගැටුම් අත්හිටුවා වහා සටන් විරාමයක් ඇති කොටගන්නා මෙන් යුරෝපීයයන් කල ඉල්ලීම බැහැර කල ජනාධිපති රාජපක්ෂ එවැන්නක ප්රතිඵලය පරාජය හමුවේ සිටින එල්ටීටීය ශක්තිමත් වීම පමනක් බව තර්ක කල අතර මෙම ගැටළුවට GSP සහනය හා යෝජිත IMF ණය මුදල ඈඳා ගැනීම ගැන සිය කණස්සල්ල පල කොට සිටියේය. යුරෝපා සංගමයේ මීලඟ සභාපති ධූරයට පත්වීමට නියමිත ස්වීඩ්න් විදේශ ඇමතිට වීසා ලබා නොදීමෙන් තත්වය වඩාත් උග්ර අතට ඇරෙනු ඇතැයි මිලිබෑන්ඩ් කී කල රාජපක්ෂ ඊට උපහසාත්මකව සිනාසුනේය. රජයේ පොරොන්දුව නොතකා ලංකාවේ හමුදාව තව දුරටත් බර අවි භාවිතා කරන බවත්, විපතට පත්වන දමිල සිවිල් වැසියන්ගැන නොකඩවා වාර්තා ලැබෙමින් පවතින බවට යුරෝපීයයන් කල පැමිණිල්ල හිතළුවක් බැහැර කරන ලදී. සිංහලයන් එහිදී දැඩි ලෙස කියා සිටියේ එල්ටීටීඊ බලපෑම යටතේ නිකුත් වන සංඛ්යා ලේඛණ පිළිගැනීමට තමා කොහෙත්ම සූදානම් නැති බවයි. මෙවන් දැඩි ප්රතිචාරයකට යුරෝපීයයෝද සූදානමින් නොසිටියහ. ඇමෙරිකානුවන් වඩාත් උරණ වූයේ Lanka Logistics and Technologies Ltd නම් ආයතනය හරහා උතුරු කොරියාවේ KOMID ආයතනයෙන් රොකට් වෙඩි මිලදී ගැනීමට ලංකාව සූදානම් වන බවට ලද බුද්ධි තොරතුරක් නිසාය. ආචාර්ය අහමඩ්නෙජාඩ් හා රාජපක්ෂ අතර වූ සමීප සබඳතාව මත ඉරානයේ IRGC බලඇණියේ කාර්යාලයක් මෙකල කොලඹ ක්රිමයාත්මක වූ බවද, ටෙහෙරානයේ (MODLEX)ආයතය විසින් නාවුක රොකට් සැපයිම සඳහා ඩොලර් මිලියන 11.5ක මිල කියුමක් කොලඹට එවා තිබූ බවත් CIA සංව්ධානය දැන සිටියේය. බ්රිතාන්යයේ උවමනාව මත ලංකාවේ තත්වය අරබයා සාකච්ඡා කිරිමට මැයි 13 දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් විය. මෙහි විශේෂත්වය වූයේ එම සැසිය නියෝජනය එල්ටීටීඊයට හිතවත් ලෙස සැලකුන Caritas, Save the Children, Oxfam and Human Rights Watch යන උතුරේ රාජ්ය නොවන සංවිධාන නියෝජිතයන් වහා ක්රි යාමාර්ගයක් ගනා ලෙස ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටීමය. (කොන්ඩලීසා රයිස් වෙනුවෙන්) ලක් රජය දැඩි ලෙස විවෙචනය කල මිලිබෑන්ඩ් මැදිහත් වීමක් යෝජනා කල අතර ඇමෙරිකාව ප්රංශය මෙක්සිකෝව උගන්ඩාව හා ක්රෝඒෂියාව ඊට පක්ෂ වූහ. රයිස් කෝපගන්වමින් ලංකාවේ ප්ර ධාන අනුග්රා‍හකයා වූ චීනය මෙහිදී කියා සිටියේ උතුරේ තත්වය දැන් වඩාත් යහපත් බවයි. මෙය ලංකාවේ අභ්යකන්තර ගැටළුවක් බවත් පලස්තීනයේ හට ගත් වඩා බරපතල තත්වයන් ආරක්ෂක කවුන්සිලය විසින් නොතකා හැර ඇති බවින් මැදිහත්වීමේ කිසිදු උවමනාවක් නැතැයි රුසියාවේ සර්ගෙයි ලැව්රොිව් ද කියා සිටියේය. තීරණයකින් තොරව අවසන්වූ එම රැස්වීමෙන් පසු කොන්ඩලීසා රයිස් සමඟ සාකච්ඡාවක යෙදුන මිලිබෑන්ඩ් ගේ අදහස වූයේ ලංකා පාලකයන් ‘බොරු කාරයන්’ බවත්, ඉහල යමින් ඇති සිවිල් ජීවිත හානිය ගැන රජය වගකිව යුතු බවත්ය. IMF ණය මුදල ලංකාවට සැපයීම ගැන වැඩිදුරටත් සිතා බැලිය යුතු බව රාජපක්ෂ සමඟ දෙසතියකට පෙර කල සාකච්ඡාවෙන් පසු අමනාපයෙන් පසුවූ ඔහු වැඩිදුරටත් කීය. වරක් යටත් විජිතයක් වූ කුඩා ලංකාව විසින් මහා බලවත් බ්රිතාන්යය මෙසේ සුළුකොට තැකීම තෙදැති ඉංග්රීසීන්ට මහ මදිකමකි. දෙදිනකට පසු ආරක්ෂක මණ්ඩලය ලංකාව අරබයා විවාදයක් කැඳවීමට සූදානම් වූ අවස්ථාවේ චීනය හා වියට්නාමය ඊට එරෙහි වූහ. උතුරේ මානුෂීය කේදවාචකය පිළිබඳ නිළ නිවේදනයක් නිකුත් කිරීමට පමණක් අවසානයේ එකඟත්වයක් ඇති වුවද, කොන්ඩලීසා රයිස් පසුව ප්රකාශ කලේ එම නිවේදනය තුල එල්ටීටීඊයේ තස්තවාදී ක්රියා තරයේ හෙලාදැකිය යුතු බවත්, ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට කොලඹ රජයට ඇති සුජාත අයිතිය පිළිගත යුතුබවටත් රුසියානුවන් ඉදිරිපත් කල ‘විනාශකාරී’ කොන්දේසීය නිසා එහි අගය බෙහෙවින් හෑල්ලු වූ බවයි. මුලතිවු වෙරල තීරය ඔස්සේ උතුරින් හා දකුණින් එකිනෙක මුහුන ලා ගමන් කල බලසම්පන්න හමුදා කණ්ඩායම් දෙකක් මැයි 14 දා මධ්යාෑහේනයේ එකිනෙක හමු වීම නිසා මුහුදු මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර මුදා නොගත් පෙදෙස වටා සම්පූර්ණ වූ හමුදා වලල්ල හේතුවෙන් එල්ටීටීය මුළුමනින්ම කොටු විය. හමුදාවේ තක්සේරුව වූයේ ප්රභාකරන් මෙම ප්රීදේශය තුල සැඟවී සිටින බවයි. ප්ර්දේශයෙන් වාර්තාවූ මහා පරිමාණයේ පිපිරීම් රජය විසින් අර්ථ කථනය කරන ලද්දේ එල්ටීටීඊට පෙරමුණ බල ඇණි වෙත එල්ල කල මරාගෙන මැරෙන ප්රහාර ලෙසිනි. ප්රභාකරන් සිය දිවි නසා ගත් බව ඇතැම්හු අනුමාන කලහ. රතු කුරුසය මෙ අතර පුන පුනා කියා සිටියේ සිවිල් වැසියන්ගේ තත්වය ඇදහිය නොහෙන තරම් ඛේදජනක බවය. ආහාර ද්රව්ය හා බෙහෙත් වල දැඩි හිඟයක් පැවති අතර ප්රදේශය වටා සම්පූර්ණවූ හමුදා වලල්ල හේතුවෙන් පිටතින් සැපයුම් ගෙන ඒම අසීරු විය. එල්ටීටීඊ පාලන ප්රදේශය වර්ග කිලෝමීටරයකට සීමා වූ මැයි 16 දා ලහිලහියේ ලංකාවට පැමිණී එක්සත් ජාතීන්ගේ විෂේශ නියෝජිත විජේ නම්බියාර් ප්රදේශයේ කොටුවී සිටි බව කියැවුන තවත් සිවිල් වැසියන් දස දහස් ගණනක් මුදා ගැනීම සඳහා රතුකුරුසයට එම ප්රදේශයට මුහුදින් ඇතුළු වීමට ඉඩ දෙන කල ඉල්ලීම බැසිල් රාජපක්ෂ විසින් ප්රේතික්ෂෙප කරන ලදී. ඔහු නම්බියාර්ට පෙන්වා දුන්න් ගතවූ දින කිහිපයේ රතු කුරුසය විසින් සිවිල් වැසියන් නිදහස් කිරීමට එල්ටීටීඊය නම්මා ගැනීමට ක්රියා කොට නැති බැවින් දැන් ඔවුන්ගේ මැදිහත් වීමක් අනවශ්ය බවය. හමුදාව මෙන්ම දකුණෙ ජනයාද සැක කලේ මෙය කොටුවී සිටි එල්ටීටීඊ නායකයන් ගලවා ගැනීමේ අවසන් උප්පර වැට්ටියක් විය හැකිබවයි. එදින රැයේ සැටලයිට් දුරකථයකිනින් නෝර්වීජීයානු තානාපති අමතා තෙවන පාර්ශ්වයකට අවිභාරදී යටත් වීමට එල්ටීටීඊය සූදානම් බවට පණිවුඩයක් එවා ඇති බව ඇසූ ඇමෙරිකානු තානාපති බ්ලේක් වහා ආරක්ෂක ලේකම් වරයා හමුවී ශමථයක් ඇති කොටගැනීමට කටයුතු කරන මෙන් උදක්ම ඉල්ලා සිටියේය. එහෙත් සටන අවසන් වෙමින් පැවති බැවින් ‘දැන් ඊට පමා වූවා වැඩි’ යැයි පැවසූ ආරක්ෂක ලේකම් කියාසිටියේ එල්ටීටීඊ නායකයන් යටත්වීමට කැමති නම් තවම ඊට අවස්ථාව ඇති බවයි. යටත් වීමට සූදානම් නායකයන්ගේ ලයිස්තුවක් තමාට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ කටය්තු කල හැකි බව හේ වැඩිදුරටත් කීය. මැයි 17 හිමිදිරියේ නැවත සටන් ඇවිලින. පසුවදා වැටලීම බිද දමමින් කලපුවේ සිට මුලතිවු කැලය දෙසට පලා යාමට තැත් කල එල්ටීටීඊ සාමාජිකයන් 200ක් පමණ මරාදමනු ලැබ ඇති වගට වාර්තා පලවිය. ඔවුනතර ප්ර්භාකරන් ගේ වැඩිමහල් පුත්ර යා ද සිටියේය. යාපනයේ මන්ත්රී වරයකු වූ ගජේන්ද්ර්කුමාර් පොන්නම්බලම් කියා සිටියේ පැය විසි හතර තුල 3000ක් මිය ගොස් ඇති බවත්, තවත් එල්ටීටීඊ නායකයන් යටත් වීමට කැමැත්තෙන් සිටින බවත්ය. කෙසේ වුවද බ්රිතාන්ය මාධ්ය වේදිනියක වූ මාරී කොල්වින් පැවසුවේ 17 දා රැයේ සැටලයිට් දුරකථනයකින් තමා ඇමතූ නඩේසන් ආරක්ෂාව ගැන බ්රිතාන්ය හා ඇමරිකානු සහතිකයක් ලැබෙන්නේ නම් යටත් වීමට එල්ටීටීය සූදානම් බව කියා සිටි වගකි. තමා මෙම පණිවුඩය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත නම්බියාර් දැනුවත් කල බවත්, ඔවුන්ට සුදු කොඩි රැගෙන පැමින යටත් විය හැකි බවට ජනාධිපති රාජපක්ෂ එකඟ වූ බවත්ය. එසේ පැමිණි නඩේසන් හා පුලිදේවන් ඇතුළු නායකයන් රැසක් ඝාතනය කල බවට චෝදනාවක් තැන තැන රැවු පිළිරැවු දුන්නේය. එහෙත් මාරි කොල්වින් එල්ටීටීඊ හිතවාදී මාධ්යස වේදිනියක් බවද, ඈ විසින් දුන්නේ යැයි කියැවෙන පණිවුඩය පිළිබඳ කිසිදු රාජ්ය තාන්ත්රික විදුලි පුවතක සටහන් ව නැති බවද සැලකිය යුතුය. ඇමෙරිකානු තානාපති කාර්යාල‍යේ ලේඛන වලට අනුව කලබලයට පත් තානාපති විසින් එකෙනෙහිම මේ පිලිබඳ විමසනු ලදුව විදේශ ලේකම් කොහොන ඒ චෝදනාව මුළුමනින්ම ප්ර තික්ෂෙප කලේය. කොටුවී තිබූ වර්ග මීටර් හාරසියයක පමණ බිම් කඩ තුල සිවිල් වැසියන් 60,000 ක් පමණ සිටින බවට උතුරේ තවත් බිෂොප් වරයකු සැක පහල කලද, එයද ප්ර තික්ෂෙප කල රජයේ පිළිතුර වූයේ ඉතිරිව සිටින සුළු පිරිස එල්ටීටීඊ පවුල්වල සාමාජිකයන් විය යුතු බවයි. මයි 19 වනදා ප්රරභාකරන්ගේ මල සිරුර හමුවීමත් සමඟ යුද්ධය නිල වශයෙන් අවසන් වීම එල්ටීටීඊය පුනරුත්ථාපනය කොට කලමණාකරණය කිරීමේ ඇමෙරිකානු පිළිවෙතට එල්ලවූ මරු පහරක් බව නොකිවමනාය. ලංකාවට සුභ පතා පණිවුඩයක් නිකුත් කිරීමේ අභාග්ය යට මුහුන පෑ රාජ්ය ලේකම් හිලරි ක්ලින්ටන්, අවතැන් වූවන් හා දේශපාලන විසඳුමක් ගැන එහි ලා අවධාරණය කිරීමට අමතක නොකලාය. කොලඹ තානාපති රොබර්ට් බ්ලේක් මැයි 20 දා වොෂින්ටනය බලා ආපසු කැඳවන ලදී. ජනාධිපති රාජපක්ෂ හා පැවති ඔහුගේ නිල සමුගැනීමේ හමුව අප්‍රසන්න අත්දැකීමක් විය. තමා දේශපාලන විසඳුමක් සදහා කටයුතු කරන මුත් එය ජාත්යන්තර හා දේශීය ප්රජාවේ ඇතැම් කොටස් අපේක්ෂා කරන අන්දමේ එකක් නොවනු ඇතැයි ජනාධිපති අනතුරු ඇඟවූ අතර එක්සත් ජාතීන් හා රතුකුරුසය යුද්ධය තුල කටයුතු කල ආකාරය දැඩිව විවේචනය කල ඔහුගේ සහෝදරයා වූ ආරක්ෂක ලේකම් කියා සිටියේ මින් මත්තට එම නියෝජිතයන් රටේ සැබෑ තත්වය පිළිබද වැටහීමක් ඇති දේශීය පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතු බවයි. මලසිරරු ඉවත් කිරීමට උතුරට ඇතුළුවීමට ඉඩ දීමට රතුකුරුසය කල ඉල්ලීම ප්රතික්ෂෙප කෙරිණ. නිදහසින් පසු පළමු වතාවට යුරෝපීයයන්ට අභියෝග කල සිංහලයෝ කිසිවකු නොසිතූ ජයක් අත්පත් කොටගෙන සිටියහ. තමා මෙහෙයවීමට තැත් කල බලගතු බටහිර කඳවුරට කුඩා ලංකාව එදා කල අභියෝගය මෙන්ම අනේක රාජ්යතාන්ත්රි ක කුඩුකේඩුකම් මැද අත්පත් කොට ගත් සාර්ථකත්වය බටහිර බලවතුන්ගේ අමනාපයට බඳුන්වීමද ස්වභාවිකය. අනිත් අතට ඒකධ්රැ‍වීය ලෝකයේ එදා ඈ කල හුදෙකලා අරගලය ආසියාවේ, අප්රි කාවේ හා ලතින් ඇමෙරිකාවේ බටහිර පීඩනයට ලක්ව සිටි සෙසු කුඩා ජාතීන්ට ඉමහත් ආශ්වාදයක් වූ බවද නොරහසකි. චීනය ලංකාවේ සමීපතම මිතුරා බවට පත්වීම ඇමෙරිකානුවන්ට ඉවසුම් නොදීමද පුදුමයක් නොවේ. මැයි 20 දා රොබර්ට් බ්ලේක් ආපසු සියරට බලා කැඳවීම තුලින් ගම්යය වූයේ පශ්චාත් යුද ලංකාව අරබයා වොෂින්ටනය අනුගමනය කිරීමට අපේක්ෂා කල නව ප්රතිපත්තියයි. කලින් යුද කලාපය සොහොන් බිමක් මෙන් ප්රානීන්ගෙන් තොර බවත්, විශාල වශයෙන් ජාත්යන්තර නීතිය කඩවී ඇතිබවට සාක්ෂි ඇති බවටත් වොෂින්ටනයේ රෙකමදාරුවෙන් පත් කෙරුන නම්බියාර් විසින් ‘පමනට කලින්’ කල ප්රකාශය ඔවුන්ගේ ආකල්ප හා ඉදිරි සැලැස්ම පිළිබඳ කෙරුන ඉඟියකි. මානව හිමිකම් කවුන්සිලය හරහා උඩඟු සිංහලයන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමෙරිකාවේ මීලඟ අභිප්රාය බවට සැකයක් නොතිබිණ.

Chamara Siriwardene

Sources: Wikileaks Marie Colvin and Sri Lanka War Crimes

ලංකාවේ ඇමෙරිකානු මැදිහත්වීම (7) රාජපක්ෂගේ සීතල යුද්ධය[සංස්කරණය]

මෑතකදී නිදහස ලද කුඩා ආසියාතික දූපතක පසුගාමී යැයි කියැවුන ජාතියක් මෑතක් වනතුරු අපරාජිත යයි සැලකුන ගරිල්ලා සංවිධානයක් මුළුමනින් විනාශ කිරීම ඇමෙරිකාවට මෙන්ම බටහිර යුරෝපයටද ගෙන දුන්නේ කෝපය මුසු මවිතයකි. මෙහිදී තම අභිමථාර්ථයන් හා උපදෙස් ලංකාවේ පාලකයන් විසින් නොසලකා හැරීම නිසා ඒ ඒ රටවල දමිල ප්‍රජාව හා ජාත්‍යන්තරය හමුවේද ඔවුනට සිදුවූ අවමානය සුළුපටු නැත. විජයග්‍රහන උලෙල ඇමතූ ජනාධිපති රාජපක්ෂ තුෂ්නිම්භූතව අසරනව සිටි දෙමල ප්‍රජාව සැනසීමට තැත් කලද, එල්ටීටීයේ බලපෑමට නතුවීම ගැන බටහිර රටවලට සෘජුවම ඇඟිල්ල දිගු කලේය. ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකය ඩයස්පෝරාව සැනසීමට තැත් කලේ ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම තුලිනි. තමාට කල අවමානයට පාඩමක් ඉගැන්වීමට ලැබෙන අවස්තාව එමඟින් ඔවුන් ලද ඵලදායී අතුරු ඵලයක් විය. සන්ඩේ ලීඩර් පුවත් පතේ මාධ්‍ය වෙදියෙකු වූ රුවන් පෙතියාගොඩ තමාට ජීවිත තර්ජන ඇති බව පවසමින් මැයි 26 දා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් රැකවරන ඉල්ලා සිටියේය. ඔහු ජනවාරියේදී අභිරහස් ලෙස මරා දැමුන පුවත් පතේ කතෘ ලසන්ත වික්‍රමතුංගගේ සමීපතමයෙකි. ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියෙකු වූ ඔහු පසුවදා ඔස්ට්‍රේලියාව බලා පිටත් කර හරින ලදී.. එදිනම හමුදාපති සරත් ෆොන්සෙකා හා පොලිස්පති ජයන්ත වික්‍රමරත්න කියාසිටියේ සිරභාරයට පත් ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එල්ල්ටීටීය හා රහසේ සබඳතා පැවැත්වූ දකුණේ පුද්ගලයන්ගේ නම් ලයිස්තුව හෙලිවී ඇති බවයි. පසුවදා රොසෑන් ඇන්ඩර්සන්, හා පෝද්දල ජයන්ත යන මාධ්‍යවේදීහූ ද ඇමෙරිකානු තානාපති නිලධාරීන් හමුවී විදෙස් දේශපාලන රැකවරණ පැතූ බව දේශපාලන නිලධාරී මූර් වොෂින්ටනයට යැවූ කේබල් පණිවුඩයේ සදහන් වේ. තෙදිනකට පසු පෝද්දල ජයන්ත මැර ප්‍රහාරයකට ලක්විය. ඒ පිළිබඳ කරුණු විමසූ ඇමෙරිකානු තානාපති නිලධාරීන්ට බැසිල් රාජපක්ෂ පැවසුවේ තම පක්ෂයේ මාධ්‍ය එකකයේ කලින් සෙවය කල ජයන්තට සිදුවූ විපත ගැන තමාද කණගාටු වන බවයි. එහෙත් යුද්ධය අතරතුර පෙන්නුම් කල හැසිරීම මඟින් ඔහු මහජනයාගේ සැකයට පාත්‍ර වී ඇති බවත් රජයට මහජන හැඟීම් පලනය කල නොහැකි බවත් හේ වැඩිදුරටත් කීය. උතුරේ අවතැන් වූවන් ගැන පෞද්ගලිකව සොයා බැලීම පිණිස ජුනි 10 දා ලංකාවට පැමිණී කැනඩාවේ ටොරොන්ටෝ පලාත නියෝජනය කල ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකු වූ බොබ් රායි කටුනායක ගුවන් තොටුපලින් රටට ඇතුල්වීමට අවසර ලැබුනේ නැත. දමිල චන්ද වෙනුවෙන් විශාල උනන්දුවක් දැක්වූ ඔහු ලංකාවේ ගැටළුවට ප්‍රමාණවත් මැදිඟත් වීමක් නොකිරීම ගැන නිරතුරුව කැනඩා රජය විවේචනය කල අයෙකි. එල්ටීටීඊ මුදල් රැස්කිරීමේ ව්‍යාපාරවලට ඔහු සහභාගීවූ බවට චෝදනා තිබිණ. මේ පිළිබඳ විමසීමට කැනේඩියානු මහකොමසාරිස් ඇන්ජෙලා බොඩ්ගන් ආරක්ෂක ලේකම්ට දුන් ඇමතුමට ඔහු පිළිතුරු නුදුන්නේය. අනතුරුව ඈ යැවූ කෙටි පණිවිඩයට ලද ප්‍රතිචාරය සිත් රිදවන සුළු විය. “අපි ඔහුගේ පසුබිම ගැන දන්නවා. එල්ටීටීඊ හිතෙෂියෙකුට රටට ඇතුල්වෙන්න දෙන්න බැහැ” අනතුරුව විදේශ ලේකම් කොහොන කැනෙඩියානු මහ කොමසාරිස් කාර්යාලයට දෙනුම් දුන්නේ කැනඩා පාර්ලිමෙන්තුවේ බොබ් රායි ව්සින් ලංකාවට එරෙහිව කල ප්‍රකාශ ඉල්ලා අස්කොට ගැනීමේ ප්‍රකාශයකට අත්සන් තැබීමට සූදානම් නම් පමනක් ඔහුට රටට ඇතුළු වීමට අවසර දිය හැකි බවයි. එහෙත් උතුරේ අවතැන් කලාප වලට යාමට ඔහුට අවසර දීම ආරක්ෂක අමාත්‍යාංශය දුෂ්ඨ ලෙස ප්‍රතික්ෂෙපකලේය. ඩයස්පෝරා නියෝජිතයකු ලෙස පැමිණි බව පැහැදිලිවම පෙනුන බොබ් රායි පෙරලා යන්නට ගියේය. ඊලඟ සතියේ එක්සත් ජාතින්ගේ මෙහෙවරේ ද්‍රවිඩ ජාතික රියැදුරන් දෙදෙනෙකුද සිරභාරයට ගන්න්නා ලදී. යුද සමයේ කොළඹට පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය වීම ගැන ඔවුන් බලධාරින්එ සැකයට ලක්ව තිබිණ. උතුරේ ජන සංහාරයක් සිදුවීයැයි දමිල ඩයස්පෝරාව හා ඇතැම් කණ්ඩායම් ද මැසිවිලි නැඟුවද, රතු කුරුසියේ මතය වූයේ බොහෝ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදු වුවද ජනසංහාරයක් (Genocide) සිදු නුවූ බවය. එපමණක් නොව ජුලි 14 දා ජිනීවාහි මානව හිමිකම් නියෝජිතයන්ගේ රැස්වීමේදී එය ලංකාවේ හමුදාව විටෙක පැසසුමට ලක් කලේ, සිවිල් වැසියන් ගැන මුළුමනින්ම නොතකා කටයුතු කලේ නම් ඔවුන්ට වඩාත් අඩු හානියකින් වඩාත් ඉක්මන් ජයක් ලබා ගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බව පෙන්වා දෙමිනි. සිවිල් වැසියන්ට හානි වන බවට තමන් කල දැනුම් දීම් වලින් පසුව හමුදාව ෂෙල්වෙඩි හා රොකට් ප්‍රහාර අත්හිටවූ අවස්ථා කොතෙකුත් ඇති බව රුතුකුරුසිය කීය. එහෙත් සහන සැලසීමේ වැඩ පිළිවෙලට බාධා කිරිම ගැන ලංකා රජය එහිදී දැඩි දෝෂ දර්ෂනයට ලක්විය. කෙසේ වුවද එහිදී මානව හිමිකම් නියෝජිතයන් අනතුරු අඟවා සිටියේ කොලඹ පාලනය තවදුරටත් කුපිත කරවීම තුලින් ලද හැකි එකම ප්‍රතිඵලය තම සහන සේවා කටයුතු වඩාත් බාධා එල්ල වීම පමණක් බවයි. නැගෙනහිර පලාතේ කටයුතු අත්හිටුවන මෙන් රතු කුරුසියට ආරක්ෂක අමාත්‍යාශයෙන් ආඥාවක් ලැබී තිබූ අතර පැවති තත්වය අනුව සියළු විදෙස් සහන සේවා සංවීධාන ඕනෑම මොහොතක රටින් පිටමන් කිරීමට බෙහෙවින් ඉඩ තිබිණ. මෙම තත්වය යටතේ අතීතයේ ක්‍රිස්තියානි මිෂනාරින් හා බාලදක්ෂ ව්‍යාපාරය හරහාද, වර්තමානයේ රාජ්‍ය නොවන සංවිධාන හරහාද විදෙස් රට වල් තුල කටයුතු නිරීක්ෂනය කරන එක්සත් ජනපදය හා ඇගේ ඇතැම් යුරෝපීය සහකරුවන් තුල හීලා කොට නොහෙන ලංකාවේ දරදඬු පාලනය වෙනස් කරලීමෙහි ලා ආශාවක් පහලවීම ස්වභාවිකය. ගැටළුව වූයේ දකුණේ අතිශය ජනප්‍රිය රාජපක්ෂට අභියෝග කල හැකි චරිතයක් එකල ලංකා දේශපාලනය තුල නොසිටීමය. රනිල් වික්‍රමසිංහගේ සමීප මිතුරෙකු වූ ලලින් ප්‍රනාන්දු හා ජෝන් අමරතුංග ගේ බෑනා වූ දිනේෂ් වීරක්කොඩි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන මුළාදෑනියා හමුවූයේ මේ තත්වය යටතේය. රාජපක්ෂ රජය තවමත් යුද්ධාවසානයේ මධුසමය ගෙවමින් සිටියද එය ඉක්මනින්ම අවසන් වනු ඇතැයි එහිදී ඔවුහු අපේක්ෂාව පලකලහ. “ලංකාවෙ මිනිස්සුන්ට දේවල් අමතක වෙන්න වැඩි කලක් යන්නෙ නෑ” වීරක්කොඩි කීය. එහෙත් ගැටළුව වූයේ සුදුසු විපක්ෂ අපේක්ෂකයා කවුරුන්ද යන්නයි. රාජපක්ෂ සමඟ තරඟ කොට රනිල්ට ජය ගත නොහෙන බව සියල්ලෝ පිළි ගත්හ. වීරක්කොඩි එහිදී විශ්වාසය පල කලේ රනිල්ට වඩා එස් බී දිසානායක අපේක්ෂකත්වයට සුදුසු බවයි. ඇමෙරිකානුවන් දුටු අන්දමට එස්. බී දිසානායක සැහැල්ලු පැවතුම් ඇති ක්‍රියාශීලී පුද්ගලයෙකි. ජුලි 24 දා සැහල්ලු කමිසයකින් හා සරමකින් සැරසී පාවහන් රහිතව උඩ පනිමින් පඩිපේලි බැස විත් තානාපති නිලධාරීන් හමුවූ ඔහු කතා බහ අතර තුර විටෙක අවානක් අතට ගෙන මැස්සන් හඹා ගියේය. රනිල් හා කරු යන දෙදෙනාම මහජනයා අතර ජනප්‍රිය නැති බව කී හේ එජාප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම පල කොට සිටියේය. ජුලි අගදී චීන සංවර්ධන බැංකුව (Chinese Development Bank) ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් මිලියන 25ක තැන්පතුවක් විවෘත කරමින් ලංකාව හා සමීප ආර්ථික සබඳාවකට මුල පිරීය. ආයෝජන මණ්ඩලය (BOI) අමෙරිකාවෙන් ද ඒ හා සමාන වටිනාකමක ආයෝජන අපේක්ෂා කලද එය ඵල නොදැරුනේ රාජ්‍ය අනුග්‍රහය ලත් දැවැන්ත චීන සමාගම් සමඟ කරට කර සිටීමෙහිලා අපොහොසත් ඇමෙරිකානු පුද්ගලික ආයෝජකයන් බේ වන විට අධෛර්යයට පත්ව සිටටීම හේතුවෙනි. යුද්ධයට අනලස්ව සහාය පල කල චීනය කෙමෙන් කෙමෙන් ලංකාවේ ආර්ථ්ක එකාධිකාරය අත්පත් කොට ගනිමින් සිටියාය. (මෙය රුසියාව අද සිරියාවේ අනුගමනය කරමින් සිටින පිළිවෙතට සමානය) යුද්ධයෙන් පසු බොහෝ ඉදිකිරීම් කොන්ත්‍රාතු හිමිවූයේ චීන සමාගම් වලටයි. ලතින් ඇමෙරිකාවේ දී සාර්ථක ලෙස අත්හදා බැළුන ආර්ථික පීඩනය යොදා දෙශපාලන අරමුණු ඉටු කොට ගැනීමේ සම්ප්‍රදායික වොෂින්ටන් පිළිවෙත ලංකාවේදී ඒ හැටි සාර්ථක නොවීමට මෙම චීන මැදිහත් වීම බොහෝ දුරට බලපෑ බව පෙනේ. මෙම තත්වය පාලනයේ ඉක්මන් වෙනසක් දැකීමේ ස්වභාවික අමෙරිකානු ආශාව තීව්‍ර අභිලාෂයක් බවට පත් කලාට නිසැකය. එහෙත් එය එතරම් පහසු නොවන බව පෙනී ගියේ අගෝස්තු 8 දා පැවති පලමු පශ්චාත්-යුද මැතිවරනයේ ප්‍රතිඵලයයි. රාජපක්ෂ සෙසු විපක්ෂ කණ්ඩායම් අභිභවමින් ඌවේ දැවැන්ත ජයග්‍රගනයක් ලබා ගත් අතර උතුරේ පැවැති සීමිත නාගරික මැතිවරණ වලදී පමණක් එල්ටීටීඊයේ දේශපාලන අනුප්‍රාප්තිකයා ලෙස ඉදිරිපත් වූ දෙමල ජාතික සන්ධානය ඉදිරියෙන් සිටියේය. වඩාත් විශේෂිත කරුණ වූයේ පුරා හතලිස් වසරක් තමාට ආවේණික ජාතිකවාද් දේශපාලනය අතහැර උතුර යලි ගොඩනැඟීම හා ජනවාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාදීම යන වඩාත් ලිබරල් වාදී මැයෙන් මැතිවරනයට තරඟ කල ජවිපෙට ඒ තාක් තම දැවැන්ත බලකණුවක් වූ මොනරාගල දිස්ත්‍රික්කයෙන් එවර ඉතා අඩු ඡන්ද ප්‍රමානයක් වාර්තා කිරීමයි. ඡන්ද විමසීමට පැය කිහිපයකට පොරොතුව එල්ටීටීඊයේ අවසන් ඉහල නායකයා මෙන්ම සැපයුම් ප්‍රධානියා වූ කුමාරන් පත්මනාදන් හෙවත් කේපී මැලේසියාවේදී ශ්‍රීලංකා බුද්ධි අංශ විසින් විස්මය ජනක ලෙස පැහැර ගනු ලැබ ජීවග්‍රහයෙන් කොලඹට රැගෙන ගෙන ඒමේ පුවතද මෙම මැතිවරණ ප්‍රථිඵලයට කල බලපෑමද බැහැර කල නොහේ. පුදුමයකට මෙන් අග්නිදිග ආසියාතික පාතාලයේ පුළුල් ඒජන්ත ජාලයක් මෙහෙයවූ සීඅයිඒ සංවිධානය පවා මෙම ජාත්‍යන්තර මෙහෙයුම ගැන කලින් දැන නොසිටීයේය.

Chamara Siriwardene Sources: Wikileaks AFP - May 24, 2011 UN tried 'to help Tamil Tigers flee': report Chinese investments in Asia

ලංකාවේ ඇමෙරිකානු මැදිහත් වීම (08) - යුද අපරාධ වාර්තාව[සංස්කරණය]

ලොව පුරා ඇමෙරිකානු උවමනා එපාකම් වලට අකුල් හෙලන්නන් පිළිබඳ දැඩි ස්ථාවරයක් දැරූ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සැප්තැම්බරයේදී කොළඹ තානාපති කාර්යාලයට විශේෂ ඊ මේල් පණිවුඩයක් එව්වාය. එමඟින් කියැවුනේ සුපරීක්ෂා කාරී කඳවුරු තුලට ගාල් කොට සිටින දමිල සිරකරුවන්ට හැකි ඉක්මනින් නිදහස ලබා දෙන මෙන් ලක් රජයට බලපෑම් කලයුතු බවයි. එළිමනහ් කඳවුරු තුල සිටින ඔවුන් එළෙඹෙන ඊසාන දිග මෝසම නිසා දැඩි අපහසුවට පත්වනු අතැයි ඩයස්පෝරාව විසින් ඈ දැනුවත් කරනු ලැබ තිබිණ. සැම්තම්බර් 17 දා අක්තපත්‍ර භාර දීම සඳහා පැමිණි නව ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීෂියා බියුටනිස්ට අසන්නට ලැබුනේ ඈ හා පෞද්ගලික කතාබහක නිරත වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවයි. නිල කටයුතු හා චාරිත්‍ර වාරිත්‍ර වලින් අනතුරුව ඇරඹුන මෙම සංවාදයට බෝගොල්ලාගම හා ජනාධිපති ලේකම් වීරතුංගද සහභාගී වූහ. නොසන්සුන්ව සිටි රාජපක්ෂ අමනාපයට පත්ව සිටි සෙයකි. “බුෂ් ජනාධිපති තුමා අපිව පෞද්ගලිකව උනන්දු කරා ත්‍රස්තවාදය පරාජය කරන්න කියල, නමුත් දැන් ඔය ගොල්ල ලංකාව යුද්ධ කරපු විදියෙ වැරදි හොයනව. බලන්න මේ රාජ්‍ය දෙපාර්තමේන්තු යුද අපරාධ වර්තාවෙ ලියල තියෙන්නෙ මොනවද කියල..” “වාර්තාව ඉල්ල තියෙන්නෙ කොන්ග්‍රස් එකෙන් ජනාධිපතිතුමනි. ඒකෙ අඩංගු සියළු කරුණු ගැන අතිරේක ලේකම් බ්ලේක් විදේශ ඇමති තුමා සමඟ කලින් සාකච්ඦා කරලයි තියෙන්නෙ. අනික ඒක සභාගත කිරීමත් අපි මාසයකින් කල් දැම්මා. මේ වෙලාවෙ වඩාත් වැදගත් වෙන්නෙ අවතැන් කඳවුරු වල සිටින අය වහා සිවිල් සමාජයට මුදා හැරීමයි.” තානාපතිනිය කීවාය. “ඔය කියන තරම් ඉක්මන්ට එයාල පදිංචි කරවන්න බැහැ. බිම්බෝම්බ ඉවත් කරන්න ඕන. යටිතල පහසුකම් හදන්න ඕන. (2010) ජනවාරිය වෙනකොට නම් සීයට හැත්තෑවක් විතර අවතැන් කඳවුරු වලින් ඉවත් කරන්න පුළුවන් වේවි.” “ඉවත් කරන අය යවන්නෙ ගෙවල් වලටද නැත්නම් නැත්නම් ආසන්න ප්‍රදෙශ වල හදන කඳවුරු වලටද?” සහන සේවා කණ්ඩායම් වලට නිරීක්ෂන සීමාවන් ගෙන් එපිටට ඔවුන් රදවනු ඇත්දැයි සැකය එක්සත් ජාතීන් තුල ඇත්තේ කලක පටන්ය. “තම තමන්ගෙ ගෙවල් වලට,” බෝගොල්ලාගම කීය. එහෙත් රාජපක්ෂගේ එතනින් දෝස්මුරය අවසන් වූයේ නැත. “සුනාමිය වෙලාවෙ NGO 3000ක් ලංකාවට ආව. සමහරු LTTE යට එකතුවෙලා වැඩකරා. එහෙම වෙලත් අපි තවමත් NGO 50 කට එක්සත් ජාතීන් යටතෙ රටේ ක්‍රියාත්මක වෙන්න අවසර දීල තියනව. මෝසම ගැන දන්න නිසා තමයි අපි කලින්ම කිව්වෙ රැදවියන්ට ස්ථිර ගොඩ නැගිලි හදන්න ඕන කියල. ඒත් UN එක දුන්නෙ තාවකාලික කූඩාරම්. දැන් කියනව මෝසමෙන් රැදවියොන්ට පීඩා වෙනව කියල…” මැණික් ෆාම් කදවුරේ ස්ථිර ගොඩ නැගිලි තනන ලෙසට රජය කලින් කල යෝජනාව එක්සත් ජාතීන් ප්‍රතික්ෂෙප කලේ ස්ථිර සිරකඳවුරක් ගොඩනැඟීම සඳහා දායක වීමට නොහැකිය යන පදනම මතය. අවතැන් වූවන් අරබයා නෙගෙන ඕනෑම ගැටළුවකදී නිදහසට කරුණක් ලෙස මෙය උළුප්පා දැක්වීමට මෑතක සිට ලංකාව අමතක නොකල බව තානාපතිනිය දැන සිටියාය. “අනිත් කාරණය ත්‍රස්තවාදය විරුද්ධ අපේ යුද්දය තාම ඉවර වෙලා නැහැ. අදත් ඔවුන් පිටරවල අරමුදල් එකතුකරනවා කිසිම බාධාවක් නැතුව. ඇමෙරිකාව ඉන්න රුද්‍රකුමාරන් එයින් එක්කෙනෙක්. බටහිර ඉඳන් අපිව විවෙචනය කරන ඔය ඩයස්පෝරාකරයො කවුරුවත් අවුරුදු ගානකින් ලංකාවට පය ගහලවත් නැහැ.” තානාපතිනිය සාකච්ඡාව තුලින් ඇතිකොටගත් හැඟීම නම් කතාබහ ඉතා සුහද වාතාවරණයක් යටතේ සිදුවුවද සිය ස්ථාවරය වෙනස් කිරීමෙහිලා සූදානමක් රාජපක්ෂ තුල නැති බවය. කෙසේ වුවද සත් දිනකට පසු අතිරේක ලේකම් බ්ලේක් ලංකාවේ ආරක්ෂක ලේකම් සමඟ කල සංවාදය වඩාත් යහපත් විය. “අපිට පොඩි කාලයක් දෙන්න. මටත් ඕන ඉක්මනට මේ මිනිස්සු ගම් බිම් වල පදිංචි කරවන්න තමයි. කඳවුරු ඇතුලෙ හැමෝම ගැන ඇහැ ගහගෙන ඉන්න අමාරුයි. හිටපු එල්ටීටීඊ කාර්යො මිනිස්සුන්ගෙ ඔලුවලට විෂබීජ දානව. යලි පදිංචි කරාම මේ ප්‍රශ්න අඩුයි…” තෙමේද ඇමෙරිකානු පුරවැසියෙකු වූ ගෝටාහය රාජපක්ෂ කීය. එදිනම විදේශ ඇමති බෝගොල්ලාගම හමුවූ රාජ්‍ය දෙපාර්තමෙන්තුවේ අතිරේක ලේකම් බෲන්ස්, දිවිපාර්ශ්වික සහයෝගිතාව දියුණු කොට ගැනීම සදහා ඇමෙරිකාව සූදානම් මුත් පළමුව අවතැන්වූවන් වටා එතී ඇති ‘කටු කම්බි බාධක’ ඉවත් කල යුතු බව පෙන්වා දුන්නේය. මින් අදහස් කෙරුනේ අවතැන් වූවන්ගේ ගමන් කිරීමේ නිදහසයි. “ මගේ ගෙදර තාප්පෙ වටෙත් කටුකම්බි තියනවා” බෝගොල්ලාගම පැවසුවේ උපහාසයෙනි. “අපිත් ඒ මිනිස්සු තියාගෙන ඉන්නෙ කැමැත්තෙන් නෙවෙයි, යවන්න තැනක් නැති කමට. හැමතැනම බිම්බෝම්බ. තියන නිෂ්ක්‍රිය කරන යන්ත්‍ර ගණන මදි. කරුණාකරල මේව තෙරුම් ගන්න ” “අමෙරිකානු රජය ඩොලර් මිලියන 6ක් දීල තියනව NGO හතරකට මේව ඉවරයක් කරන්න” බෲන්ස් මෙහිදී සිහිපහ් කලේය. “එයාලගෙ වැඩ කමකට නෑ” ලංකාවේ විදේශ ඇමති NGO හතරට දෙහි කපන්නට විය. කොළඹ රජයට මේ දිනවල රාජ්‍ය නොවන සංවිධාන අරහං බව බෲන්ස් දනී. අනතුරුව බෝහොල්ලාගම යුද අපරාද වාර්තාව ගැන කරුණු විමසන්නට විය. තවදුරටත් පඳුරට ගල් නොගැසූ ඔහු මෙවර කෙලින්ම හාවා ඉලක්ක කලේය. “මේව ලියල තියන විදියට පේන්නෙ ඇමෙරිකාව ලංකාව එක්ක ලොකු තරහකින් ඉන්නව වගේනෙ. මේ තරං වෙනස් කම් කරන්න මොකද්ද අපි ඔහෙලට කරපු වැරැද්ද? අනිත් අතට අමෙරිකාවෙ දෙමල කණ්ඩායම් නම් එල්ටීටීඊ එක එක්ක සෘජු සම්බන්ධකම් පවත්වනවා.” ” වාර්තාව පිලියල කෙරෙන්නේ කොන්ග්‍රසය ඉල්ලා සිටි ආකෘතියට බව පැවසූ බෲන්ස් එහි දෙපාර්ශවය විසින්ම කල අපරාධ අන්තර්ගත වන බව කීය. එහි අරමුණ අදාල කාලසීමාව තුල ඇමෙරිකාවට එකී කලාප වලට ප්‍රවේශ නොතිබූ බව පැහැදිලි කිරීමයි. අවසානාවකට මෙන් වාර්තාවේ දල පිටපතක් බෲනින් අත තිබුනෙද නැත. මෙම වාර්තාව මත පදනම් නොවී ලංකාව තමා විසින්ම මෙම චෝදනා විමර්ශනය නොකරන්නේ මන්දැයි හේ බෝගොල්ලාගම ගෙන්විමසා සිටියේය. බෝගොල්ලාගමගේ පිළිතුර වූයේ ලංකාව හැකි සියළු දේ කරන බවයි. එහෙත් යුද අපරාධ වාර්තාව නිසා රට යථා තත්වයට පත් කිරීමේ වැඩපිලිවෙලට බාධා වනු අඑතැයි ඔහු බෲන්ස්ට අනතුරු ඇඟවීය. සැප්තැම්බර් 30 දා නව තානාපතිනිය මැල්කම් රන්ජිත් අගරදගුරු තුමා බැහැදුටුවාය. අවතැන් වූවන් වෙනුවෙන් පෙනී සිටි කතෝලික සභාව යුද්දය අතර තුරදී සාම සකච්ඡා වෙනුවෙන් පෙනීසිටීම නිසා මෙකල බෞද්ධ ජාතිකවාදීන්ගේ අමනාපයට ලක්ව තිබිණ. කෙසේ වුවද අගරදගුරු තුමා තානාපතිනියට අනතුරුඅඟවා සිටියේ යුද අපරාධ වාර්තාව මඟින් රාජපක්ෂ පාලනය දුර්වල කිරීමට තැත් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක වනු ඇති බවය. මධ්‍යස්ථ පුද්ගලයකු වන රාජපක්ෂ සීමාන්තික ජාතිකවාදී කොටස් වල බලපෑමට ලක්ව සිටින බව සැබෑ වුවද මේ මොහොතේ රාජපක්ෂ නොමැති ලංකාව එකම අවුල් ජාලයක් වනු ඇති බවත් පැට්‍රීෂියා බියුටනිස්ට පැහැදිලි කොට දෙන ලදී. මේ මොහොතේ යුද අපරාද පසුපස එලැවීම බූමරංගයක් වනු ඇතැයි තමාටද පෙනීයන බවත්, පවතින තත්වය අනුව රටේ පාලනය වඩාත් අන්තගාමී ජාතිකවාදී කොටස් අතට පත්වුවහොත් එහි ප්‍රතිඵලය වඩාත් භයානක විය හැකි බවත් පසුවදාම ඈ වොෂින්ටනයට ලියා යැව්වාය. එදින සවස්වරුවේ සිට රෑබෝ වනතුරුම තම වැඩභාරගැනීම වෙනුවෙන් මහා සාදයක් පැවැත්වූ තානාපතිනියට පසුවදා උදේ අසන්නට ලැබුනේ රජයේ පාර්ශ්ව කරුවකු වූ ජාතික හෙල උරුමය කොලඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරි පිට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ යුද අපරාධ වාර්තාවට එරෙහිව උද්ඝෝෂණයක් පැවත්වන බවයි. විශේෂත්වය වූයේ පෙරදින සවස සාදයට සහභාගී වූවන්ද එහි අමෙරිකානු විරෝධී සටන්පාඨ කියනු දක්නට ලැබීමය. යුද අපරාධ වාර්තා නිකුත් කිරීමට පෙරදින, එනම් ඔක්තෝබර් 02 දා සවස ලද හදිසියේම විදේශ අමාත්‍යාංශයට කැඳවනු ලැබූ ඇමෙරිකානු තානාපතිනියට පෙනුනේ විදේශ ඇමති බෝගොල්ලාගම කෝපයෙන් රතුවී සිටි බවයි. ලිංගික හිංසනය ලංකාවේ සිවිල් යුද්දයේදී අවියක් ලෙස භාවිත කොට ඇතැයි පෙරදින රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එක්සත් ජාතීන් අමතා කල කථාව දැඩි ලෙස හෙලා දුටු බෝගොල්ලාගම තම මිත්‍ර ජාතියක් ලෙස සලකනු ලබන ඇමෙරිකාව මීට වඩා කරුණු කාරණා සොයා බලා කතා කලයුතු බව කීය. හිලරි ක්ලින්ටන්ගේ ගේ ප්‍රකාශයට විරෝධය පල කරමින් හා චෝදනා වලට පදනම් වූ සාක්ෂි ඉල්ලා බෝගොල්ලගම ඇමෙරිකානු රජයට නොනිල රාජ්‍යතාන්ත්‍රික තුණ්ඩුවක්ද (Aide Memoire) භාර දුන්නේය. තානාපතිනියට පවා හැඟී ගියේ යුද අපරාද වාර්තාව මත ලංකාව තුල දුර්වල ව තිබූ ඇමෙරිකාවේ විශ්වාසනීත්වය මේ සිද්ධිය නිසා වඩාත් බොඳ වී ගිය බවකි. මේ තත්වය මත ලංකාවේ සිවිල් යුද්ධයේදී එවන් අපරාධ සිදුව ඇති බවට සාක්ෂි තමා සතුව නැති බව පිලිගැනීමට ඔක්තෝබර් 05 දා රාජ්‍ය දෙපාර්තමේන්තුවට සිදුවිය. ඔක්තෝබර් 09 කොලඹ රජය භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 33.8 ක අතිරේක ආරක්ෂක අයවැයක් ඉල්ලා සිටියේ දේශපාලන විසඳුමක් කෙරේ කොළඹ රජය තුල වූ කැපවීම ගැන බටහිර තුල වූ සැක සංකාඋත්සන්න කරමිනි. අවතැන් වූවන් 250,000 සිටියදී, හමුදා ප්‍රතිසංවිධානය කිරීමට විරෝධය පලකල ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් තීරණය යලි සලකා බලන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියාය තම අරමුණ වූයේ 210,000ක් වූ සක්‍රිය බල ඇණිය සියයට දහයකින් වැඩි කිරීමත්, යුද්ධයෙන් ක්ෂය වී ගිය යුද වත්කම් ප්‍රතිෂ්ඨාපනය කිරීමත්, අනාගත ආරක්ෂක උපාය මාර්ගික වැඩසහනට අවශ්‍ය ප්‍රාග්ධන වියදම් සපයා ගැනීම බව රජය කියා සිටියද, මෙම හදිසි අතිරේක ආරක්ෂක අයවැය තුල ගැබ්වූ වැදගත් දේශපාලන අරමුණක් තිබූ බවද පෙනී ගියේ පසුවදා තම බලකොටුව වූ ජාතික වාදී දකුණේ පැවති පලාත් මැතිවරණයෙන් සියයට හැට හතක බහුතරයක් ලබා ගැනීමට රාජපක්ෂ සමත්වීම හේතුවෙනි. අනිත් අතට ඔහු විසින් අපේක්ෂිත සියයට හැත්තෑ පහකට වැඩි බහුතරය මැතිවරණ ප්‍රතිඵලය මඟින් පිළිබිඹු නොවීම මඟින් පෙන්නුම් කල යථාර්ථය නම් යුද ජයග්‍රහනයේ මධු සමය දැන් දැන් පහවෙමින් පැවති බවයි. ජනාධිපති රාජපක්ෂ හා හිටපු හමුදාපති ෆොන්සේකා අතර යම් මතබේදයක් පැන නැඟී තිබූ බව ප්‍රකට කරුණක් වූ අතර මේ තමා හමුදාව අමතන අවසන් අවස්තාව විය හැකි බව ජනරාල් ෆොන්සෙකා විසින් ඒ සතිඅන්තයේ කල කතාවකින් ඉඟි කොට තිබිණ. ඔක්තෝබර් 14 දා මුල් වරට නව ඇමෙරිකානු තානාපතිනිය හමුවූ රනිල් වික්‍රමසිංහ අවතැන් වූවන් අරබයා සහ වන්නියේ සිංහල ජනපද ඇතිකිරීමට රජය අනුගමනය කරන ක්‍රියාකලාපය දැඩිව හෙලා දුටු අතර යෝජිත යුද අපරාධ වාර්තාවේ අඩංගු කරුණු පිළිබද කොන්ග්‍රසය විසින් රජයෙන් කරුණු විමසා විභාග කල යුතු බවට යෝජනා කලේය. රජය දකුණේදී දැවැන්ත මැතිවරණ ජයක් ලබනු ඇතැයි බියෙන් පසුවූ හේ ප්‍රථිඵලය ගැන තෘප්තිමත්ව සිටියේය. ඔක්තෝබර් 19 දා තානාපතිනය හමුවී බැරැක් ඔබාමාට යැවීම පිණිස ලිපියක් භාර දුන් TNA නායක සම්පන්තන් ද රාජපක්ෂ පාලන දැඩි ලෙස විවේචනය කලේය. යුද අපරාද පිලිබඳ බොහෝ මැසිවිලි නැඟුවද හිටපු හමුදාපති සරත් ෆොන්සෙකා පිළිබඳ ඔහු දැන් මධ්ය්ස්ථ ආකල්පයක් දැරූ බව එහිදී කැපී පෙණින. ෆොන්සේකා විපක්ෂය සමඟ සබදතා පවත්වන බවත්, ඉදිරි චන්දයකදී ඔහු රාජපක්ෂට විශාල අභියෝගයක් වනු ඇති බවත් හේ ඉතා පරෙස්සම් සහගත ලෙස පිළිගත්තේය. ඔබාමාට යැවුන ඔහුගේ ලිපියෙන් ඉල්ලා තිබුනේ අවතැන් වූවන් යලි පදිචි කරවීමට යුද අපරාධ විමර්ශනය කිරීමට හා සම්ප්‍රදායික දමිල නිජ බිම් වල සිංහලයන් පදිචි කිරිම වැලැක්වීමට මැදිහත් වන ලෙසයි. දෙදිනකට පසු යුද අපරාද වාර්තාව වොෂින්ටනයේ ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට භාර දෙන ලදී. එහෙත් ලංකාවේ විදේශ ඇමතිට එහි පිටපතක් භාරදීමට කොළඹ තානපතිනිය දැරූ සෑම උත්සාහයක්ම ව්‍යවර්ථ විය. කිසිවෙකු වාර්තාව භාරගැනීමට ඉදිරිපත් නොවීම ඊට හේතුවයි. යුද අපරාධ වාර්තාව දැඩි ලෙස විවේචනය කල සති අන්ත පුවත් පත් එවන් නිගමන වලට එලැඹීමට ඇමෙරිකාවට ඇති අයිතිය ගැන ප්‍රශ්න කලහ. රජයෙන් පලවූයේ අලස නිහඬතාවකි. වාර්තාව ගැන තවදුරත් අප්‍රසාදය පලකල බෝගොල්ලාගම කෙසේවුවද එහි කරුණු අධ්‍යයනය කිරිමට කමිටුවක් පත් කරනු ඇතැයි කියා සිටියේය. මේ වනවිට ඉක්මන් ජනාධිපතිවරනයක් අපේක්ෂාවෙන් සිටි ලංකාවේ දල ජාතික නීෂ්පාදිතය සියයට පහකි. එහි මූලික ගැටළුව වූයේ බෙදීයාමේ විෂමතාවයයි. ඒකපුද්ගල ආදායම අතින් දකුණු ආසියාවේ දෙවන තැන දැරුවද ආර්ථිකයට වැඩිම දායකත්වයක් සැපයුනේ කොලඹ ඇතුළු බටහිර ප්‍රදේශ වලිනි. දකුන හා ඌව සාපේක්ෂව පසුපසින් වූ අතර උතුරු නැගෙනහිර තත්වය දුක්බර විය. තම නිර්යාත වලින් සියයට හතලිස් තුනක් සැපයූ ඇඟළුම් නිෂ්පාදන සදහා වූ ප්‍රධාන වෙළඳ පොල වූ බටහිර ලෝකය සමඟ මානව හිමිකම් ගැටළුව මත මතබේද ඇතිකොටගෙන සිටි ලංකාව GSP බදු සහනය අහිමි වීමේ අවදානමටද මුහුන පා සිටියාය. ඈ මෙම තත්වයට මුහුන දිමට අදහස් කලේ චීනය, ඉරානය හා ලිබියාව වැනි බටහිර විරෝධී රටවල් හා සහජීවනයෙනි. නොවැම්බර් 06 දා ඇමෙරිකානු තානාපතිනිය මුල්වරට හමුවූ ජවිපෙ මන්ත්‍රී විජිත හෙරත් කියා සිටියේ නව දැක්මක් තුලින් රාජපක්ෂ පාලනය මැතිවරනයකින් පැරදවීම තම පක්ෂයේ ඉලක්කය බවයි. එහෙත් ඔවුන් මෑතක් වනතුරුම නියෝජනය කල සිංහල ජාතික වාදී චන්ද පදනම රාජපක්ෂ ව්සින් ඩැහැගෙන සිටි තත්වයක් තුල මේ තක්සේරුව ගැන සාකයෙන් පසුවූ ඇමෙරිකානුවෝ ජනපතිවරණය වෙනුවෙන් ජවිපෙය එජාපය හා සන්ධානයකට එලැඹෙන්නේදැයි විමසා සිටියහ. හේරත්ගේ පිළිතුර වූයේ එක පතේ කෑම අසීරු මුත් හවුලේ කෑම පිසීමට තමා සූදානම් බවයි (march separately and fight together). උතුරේ ජනයාගේ දේශපාලන අයිතිවාසිකම් හා ආර්ථික සහන යන මැයෙන් තමා දියත් කරන ජනාපතිවරණ සටනේ , බොහෝ දුරට තම අපේක්ෂකයා ජනරාල් ෆොන්සේකා විය හැකි බව පැවසූ ජවිපෙ සභිකයා එමඟින් විශාල සිංහල චන්ද ප්‍රමාණයක් ආකර්ශනය කරගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පල කලද, දමිල හා මුස්ලිම් චන්දදායකන්ට ෆොන්සෙකා ආකර්ශනීය අපේක්ශකයකු නොවන බවද පිළිගත්තේය. ජවිපෙය එ දිනවල ෆොන්සේකා දිනා ගැනීමට වලි කන බව සම්පන්තන් විසින් තානාපති කාර්යාලයට කලින් හෙලි කොට තිබිණ. මේ හේතුව නිසා අවතැන් වූවවන්ගේ ගැටළුවේ සිට උතුරට දේශපාලන විසඳුමක් දක්වා ඇමෙරිකානු ස්ථාවරය හා සමාන අදහස් දැරූ ජවිපෙය යුද අපරාධ පරීක්ෂනයක් සදහා තවදුරටත් විරුද්ධ විය. විභාග කොට තහවුරු නොකරගන්නා තාක් සියළු චෝදනා ආරක්ෂක ලේකම් මත පවරා ෆොන්සෙකා නිදොස් කොට දැක්වීම දේශපාලන වශයෙන් කල නොහැකි දෙයක් නොවීය. අනාගතය විසින් පෙන්නුම් කලේ ෆොන්සෙකා මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් බවයි. තෙමේද එක්සත් ජනපද පුරවැසියකු වූ ෆොන්සෙකාගෙන් යුද අපරාද සම්බන්ධව ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇමෙරිකානු දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) තුල ඇතැයි පැතිර යන ආර්ංචිය පිළිබඳව විජිත හේරත් විෂේශයෙන් විමසා සිටියේ, එමඟින් තම මැතිවරණ සැලසුම් වියවුල් වනු ඇති බවට මැසිවිලි නඟමිනි. තානාපතිනිය ඇති කොටගත් පෞද්ගල්ක හැඟීම නම් ඒ වන විට ඇමෙරිකාවේ සංචාරයක යෙදි සිටි ෆොන්සෙකා යම් හෙයකින් රඳවාගනු ලැබුවහොත් තානාපති කාර්යාල ඉදිරිපිට තවත් උද්ඝෝෂනයක් බලාපොරොත්තු වීය හැකි බවයි. එමෙන්ම මෙමඟින් සිද්ධිය මැතිවරණය සඳහා සූදානම් වන පාර්ෂ්වයන් තම දේශපාලන ප්‍රතිලාභ යොදා ගැනීමට තැත් කරන්නේය යන සැකයද ඇමෙරිකානුවන් තුල තිබිණ. මන්ද යත් දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවට (DHS) දෙන ප්‍රකාශය ඉතා රහසිගතව ලබා දිමේ අවස්ථාව තිබියදීත් එම තොරතුර ලංකාවේ මාධ්‍ය වෙත ලබා දී මහා කලබගෑනියකට මුල පුරන ලද්දේ ජනරාල්වරයා විසින්ම බවට කිසිදු සැකයක් නුවූ නිසාය.

Chamara Siriwardene Sources Wikileaks- Diplomatic Cables (Library of US Diplomacy) Tamil Guardian "IMF 'objected' to Hillary Clinton intervention on Sri Lanka in 2009". 6 July 2015. Sangam.org

ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාකාරීත්වය[සංස්කරණය]

අයි.එස්.අයි.එස්.ජාලයට රිංගූ අපේ බුද්ධි අංශය බිඳ දමපු දුක හිතෙන කතාව[සංස්කරණය]

2019.may 2001 වර්ෂයේ ඇමෙරිකාවේ සිදුවුණු ’නයින් ඉලවන්’ ප්‍රහාරයට නොදෙවෙනිය. අවාසනාවට මේ සියල්ල සිදුවන්නේ අපේ රටේ බුද්ධි අංශ සහරාන්ගේ කල්ලියේ ඝාතකයන් ගැන සියලු තොරතුරු දැනගෙන සිටියදීය. සහරාන් තව්හිද් ජමාත් ව්‍යාපාරයට සම්බන්ධ වන්නට පෙර සිටම අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදීන් ගැන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය තොරතුරු සොයාගෙන තිබුණේ නම්, ගම් සහ ඡායාරූපද සහිතවය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් අයි.එස්.අයි.එස්. සංවිධානයට ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම්වරුන් බැඳෙන්නට යන බවට මුලින්ම අනතුරු ඇඟෙව්වේ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාවය. ඒ 2013 වර්ෂයේය. ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් බෙදී යන තව්ෆික් කණ්ඩායම්, ඉස්ලාම් ආගම අනුව කළු හමුදාවක් ගැන දැඩිව විශ්වාස කරන්නේය. ඉස්ලාම් ආගමට අනුව ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන අය බේරාගන්නට කළු හමුදාවක් එන බව තව්හිත්ලාගේ විශ්වාසයයි. ලෝකයට හොඳ ඉස්ලාම්වරුන් යැයි කියන කණ්ඩායම් ඉතිරි වන්නේ ඉරාකය, සිරියාව වැනි රටවල බවද ඔවුන් තරයේ විශ්වාස කරන කාරණයකි. බොහෝ දෙනෙක් ලෝකයේ හොඳ ඉස්ලාම්වරුන් ලෙස සිතා දිවි පිදීම පිණිස සිරියාවට යන්නට කැමැති මේ නිසාය. මොසාඩ් ඔත්තු සේවාව අනතුරු හැඟවීම් කරන විටත් මෙරට මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සිරියාව බලා පිටත්ව ගොස් තිබිණි. ඔවුන් විශ්වාස කරන පරිදි සිරියාවට යාමෙන් තම පරම්පරාවටම ස්වර්ගයට යාමට අවස්ථාවක් උදා වේ. මෙම තත්ත්වය නිසා ඔවුන්ගේ පවුල් පිටින්ම සිරියාවට යන්නට පෙලඹී සිටිති. මේ කාරණය ඔවුන් විස්තර කරන්නේ ’හිජ්රත්’ යන වචනයෙනි. ‘හිජ්රත් කරනවා‘ කියන්නේ පරම්පරාවම රැගෙන යෑමටය. සිරියාවට යන අන්තවාදී පවුල් තම මෙහෙකාරියන් පවා රැගෙන යන අවස්ථා හමුවී තිබේ. ඉෂාක් අහමඩ් මොහමඩ් මුසින්’ හෙවත් ‘අබු හම්සා (ඉක්‍රිමා) සෙයිලානි’ 2013 වසරේ අගෝස්තු 13 වැනිදා සිරියාවට ගිය තැනැත්තෙකි. ඔහු තවමත් අයි.එස්.අයි.එස්. සංවිධානයේ අධ්‍යාපන අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කරන අතර එහි ලංකාව නියෝජනය කරන කණ්ඩායම් නායකයාය. ශ්‍රී ලංකාවෙන් අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳෙන ඕනෑම අයකුගේ නමේ අගට ‘සෙයිලානි’ යන වචනය එක් කෙරේ. එය කරන්නේ එම තැනැත්තා ශ්‍රී ලංකාවේ බව කියන්නටය. තමන් හා එක්වන පිරිමින්ගේ නම ඉදිරියට ‘අබු’ යන නාමයද කාන්තාවන්ගේ නම ඉදිරියට ‘උම්මු’ යන නාමයද ලබාදීම අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිරිතයි. ඉෂාක් අහමඩ් සිය භාර්යාව හා ළමුන් පස්දෙනාත් සමග ඕමානයට ගොස් එතැනින් තුර්කිය හරහා සිරියාවට ගිය පුද්ගලයෙකි. සිරියාවේදී ඔහු අයි.එස්.අයි.එස්. සංවිධානයේ අධ්‍යාපන අංශයට බැඳුණි. ඒ කාලයේ මුස්ලිම් එයිඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ අප්‍රිකානු කලාපය භාර ප්‍රධානියා වශයෙන් කටයුත් කළේද ඉෂාක් අහමඩ්ය. ඉන් පසුව 2015 ජනවාරියේදී ඉෂාක් අහමඩ්ගේ බාල සොහොයුරා වූ මොහමඩ් මුසින් සෆාස් නිලාම් සහ ඔහුගේ බිරිඳ සහ දරුවන්ද සිරියාවට ගියහ. ඒ ගමනේදී ඔවුහු සිය ​වයෝවෘද්ධ මව්පියන් දෙදෙනාද රැගෙන ගියහ. ඔවුන් එසේ කර ඇත්තේ හිජ්ත් කරන්නටය. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් වෙනුවෙන් සටන් කරන්නට ගොසින් මරුමුවට පත්වූ පළමු ශ්‍රී ලාංකික මුස්ලිම් අන්තවාදියා වන්නේ නිලාම්ය. ඔහු 2015 ජුලි 11 වැනිදා ඇමෙරිකානු ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුමුවට පත්විණි. මියයන විට නිලාම් දරුවන් අටදෙනෙකුගේ පියෙකි. හමුදා ප්‍රහාරයක් නිසා නිලාම්ගේ බිරිඳද සිරියාවේදී මියගියාය. එයින් පසුව නිලාම්ගේ දරුවන් අටදෙනා අනාථ වූහ. නිලාම්ගේ බිරිඳගේ දෙවැනි සොහොයුරා වන තාකිර් අහමඩ් තාජුඩීන්’ සිරියාවට පැමිණ අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වන්නේ ‘අබු දුජාන් සෙයිලානි’ නමින්ය. ඔහුගේ අනෙක් සොහොයුරා වූ තාජුඩීන් මුහම්මද් තවුෂි සිය බිරිඳත් සමග සිරියාවට යන්නේ කොල්ලුපිටියේ පරිගණක අලෙවිසලද අත්හැර දමමිනි. අයි.එස්. ග්‍රාමාරක්ෂකයකු වු තාකිර් අහමඩ් තාජුඩින් 2017 අගෝස්තු 31දා ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේය. නිලාම් හා තාජුඩින්ලා මරණයට පත්වන අවස්ථාව වන විට ඔවුන්ගේ පවුල් පහකට අයත් තිස්අට දෙනෙක් ඔවුන්ගේ ආගම වෙනුවෙන් මියැදෙන්නට පවුල් පිටින්ම (හිජ්ත්) ලංකාව අතහැර සිරියාවට ගොස් තිබුණේය. දෙමටගොඩ මල්ලිකාරමය අසල තව්හිද් ජමාද් පල්ලිය ආරම්භ කරන්නේ සිරියාවේදී මරණයට පත්වූ තාජුඩින්ලාගේ පරම්පරාවය. දැනට මියගොස් සිටින තාජුඩින්ලාගේ පියා තව්හිත් ජමාද් පල්ලිය දෙමටගොඩ ස්ථාපිත කරන්නට මුල් වූ පුද්ගලයකු විය. ශ්‍රී ලංකා තව්හිද්, ජමාද් සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජාතික තව්හිද් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆී සෙයිලානි යනුවෙන් තව්හිද් සංවිධානය කැඩී වෙන්වී යන්නේ මොවුන්ගෙන් පසුවය. මේ සියලු සිදුවීම් අතරේ අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ගැන සොයන්නට යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය යොදවා මෙහෙයුම් අරඹන්නේ හිටපු ආරක්ෂක ​ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙනි. ඒ සඳහා එවකට බුද්ධි අංශයේ අධ්‍යක්ෂව සිටි බ්‍රිගේඩියර් සුරේෂ් සලෛයි යටතේ විශේෂ බුද්ධි මෙහෙයුමක් අැරඹිණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මතුවන මීළඟ තර්ජනය ගැන සොයන්නටය. ඔවුන්ට හැඟී ගියේ මෙය අනාගතයේදී ලංකාවේ හිස එසවීමට ඉඩ ඇති කොටි ඩයස්පෝරා ප්‍රශ්නයට වඩා බරපතළ දෙයක්ය යන්නයි. බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි ඇතුළු නිලධාරීන් මේ කාරණය පෙන්වා දෙද්දී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවවලින් නවීණ තාක්ෂණික මෙවලම් හා පුහුණුවීම් ඇතුළු සහායද මෙම බුද්ධි විමර්ශන නිලධාරීන්ට ලබාදුන්නේය. එම බුද්ධි මෙහෙයුමට අනුව ඉෂාක්ගේ නායකත්වයෙන් යුතු අයි.එස්.අයි.එස්. තර්ජනය සොයන්නට අන්තවාදීන් අතරට රිංගන රහස්‍ය බුද්ධි මෙහෙයුම් ඇරඹුණු අතර කාලයක් යද්දී එය ඇමෙරිකාවත් පරයන තොරතුරු ජාලයකින් සමන්විත වූයේය. ඉෂාක් හෙවත් අබු හම්සාගේ බෑණා මොහමඩ් අරුෂ්ය. හෙතෙම ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ඇති පුද්ගලයෙකි. ඔහු සිරියාවේ අයි.එස්. රෝහලක භෞත චිකිත්සක ලෙස බැදෙන්නේ ඉෂාක්ගේ දුව සමග විවාහ වූ පසුවය. මොහමඩ් සුහයිර් අරුෂ් අයි.එස්.අයි.එස්. සංවිධානයට එක්වන්නට යන්නේ ඔහු සමග ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරු ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ඇති ජමිල් මොහමඩ් අබ්දුල් ලතිෆ් සමගය. ජමිල් මොහමඩ් තුර්කියට ගොස් අරුෂ් සමග සිරියාවට යන්නේ ආගම වෙනුවෙන් එහිදී ජීවිතය පුදන්නටය. තේ කම්හල් හිමි හාජියාර් කෙනෙකුගේ සොයුරා වූ ‘ජමිල්’ සිරියාවට ගොස් නැවත ලංකාවට ආවේය. ඔහු ආපසු එන්නේ අයි.එස්. සංවිධානය වෙනුවෙන් ලංකාවේදී මියැදෙන්නටය. පාස්කු ඉරිදා ප්‍රහාරය අවස්ථාවේ දෙහිවල ලොජ් එකකදී මරාගෙන මැරෙන බෝම්බය පුපුරා ගන්නේ ජමිල්ය. නිලාම්ගේ මිතුරෙකු වූ ඉමාඩ් පාස්කු ප්‍රහාරයෙන් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් ප්‍රබල චරිතයකි. ඉමාඩ්ගේ මව නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කළ කාන්තාවකි. ඇයගේ දැනුවත්කමකින් තොරව ඔහු සිරියාවට ගිය බව කියතත්, ඉමාඩ් සිරියාවට ගොස් දින තුනක් ගතවෙද්දී බිරිඳත් සමග යළි මෙරටට පැමිණෙන්නේත් ඉදිරි ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙනි. අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳෙන්නට මුලින්ම ගිය පිරිස් සමග සබඳකම් පැවැත්වූ ඉමාඩ් හා ජමිල් ලංකාවට පැමිණි පසු සහරාන්ලා එයට එක්වන තුරු අන්තවාදීන් සමග සබඳතා පැවැත්වූහ. සහරාන් මව්ලවි 2011 පටන් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානය බිහිකර අන්තවාදී මත පතුවරමින් සිටියේය. හමුදා බුද්ධි අංශ ඒ වන විටත් සහරාන් පසුපස ගියේ සහරාන් අනාගත අභියෝගයක් බව දැනගත් නිසාය. සහරාන් මව්ලවි 2017 මාර්තු 10දා රවුෆ් මව්ලවි හට පහරදී කාත්තන්කුඩියෙන් පැනයන විටත්, හතළිහක පනහක පමණ කණ්ඩායමක් සහරාන් සමග එක්ව සිටින බව බුද්ධි අංශ ඉලක්ක කරගෙන තිබිණි. මේ අතර අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් වෙනුවෙන් සිරියාවට ගිය ඉෂාක් අහමඩ්ගේ පවුලේ සාමාජිකයන් ලංකාවේ කණ්ඩායම් මෙහෙයවීමද අරඹා තිබුණේය. ඉෂාක් අහමඩ්ලාගේ ප්‍රචාරන කටයුතු සියල්ල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුවෙද්දී යුද හමුදා බුද්ධි අංශය එල්.ටී.ටී.ඊ. අභ්‍යන්තර ජාලයට තම ඔත්තුකරුවන් රිංග වූ අයුරින්ම අයි.එස්.අයි.එස්. ජාලයටත් තම ඔත්තුකරුවන් රිංගවන්නේ දිගුකාලීන මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවට හෝ ඉන්දියාවට නැති තොරතුරුවලින් පවා බුද්ධි නිලධාරීන් සන්නද්ධ වූහ.අයි එස් ත්‍රස්තයන් ක්‍රියාත්මක වන සෑම තත්පරයකම ඔවුන්ගේ ක්‍රියාකාරකම් තාක්ෂණික මෙවලම් හරහා අනාවරණය කරගන්නේ ඇමෙරිකාවටත් නැති තොරතුරු සමගය. ​ෙලාව ​ඕනැම තැනක එල්ල කරන ප්‍රහාරයන් ගැන බුද්ධි අංශ එසැනින් දැනගත්තේ අයි ත්‍රස්තයන් මරාගෙන මැරෙන ප්‍රහාර සජීවීව ඔවුන්ගේ කණ්ඩායම් අතර බෙදාහරින නිසාය. මේ සෑම තොරතුරක්ම හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා මගින් ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත ලබාදෙන්නට කටයුතු කළේය. එම බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන් මෙහෙයවූ කණ්ඩායම් සඳහා වෙන වෙනම ලිපි ගොනු හැදුණේය. මේ වන විටත් අයි.එස්.අයි.එස්. සංවිධානය වෙනුවෙන් ක්‍රියාත්මක කණ්ඩායම්වල ලංකාව සම්බන්ධයෙන් ප්‍රහාරක සැලසුමක් නොතිබිණි. බහුතරය උත්සාහ කළේ සිරියා, ඉරාක භූමියට ගොස් මියැදෙන්නටය. මේ සිදුවීම් අතරේ අයි.එස්. ත්‍රස්තයන් ආසියානු කලාපයේ ක්‍රියාත්මක වීම නවත්වන්නට ඉන්දියාවත්, ඇමෙරිකාවත් මෙරට බුද්ධි මෙහෙයුම්වලදී තොරතුරු හුවමාරු කරන්නට විය. ඉෂාක් අහමඩ් හෙවත් අබු හම්සා සෙයිලානිගේ නායකත්වයෙන් ලංකාව තුළ ක්‍රියාත්මක වන කණ්ඩායම්, ලංකාව තුළ ප්‍රහාරයක් සඳහා සූදානම් වන්නේ ඔවුන්ගේ සංවිධානය දෙකඩ වී ගිය පසුය. සහරාන් සමග එක්ව තව්හිද් ජමාත් සංවිධානය සමග පෙරට එන කණ්ඩායම් ආගම වෙනුවෙන් මැරෙන බවට ප්‍රතිඥා දී පොරොන්දුවෙන්නේ මල්වානේදීය. 2017දී සහරාන් වෙනමම කණ්ඩායමක් සමග හිස ඔසවන බවට හමුදා බුද්ධි අංශ ඒ වන විටත් තහවුරු කරගෙන ජාතික ආරක්ෂක කවුන්සිලය දක්වා එම තොරතුරු ලබාදී තිබුණි. සහරාන් බුද්ධි මෙහෙයුම්වලින් බේරීම සඳහා ජංගම දුරකථන භාවිත කළේ නැත. ඔහු අවශ්‍ය තැනට ගොස් ගෙදරට කතා කරන තුරු කිසිවෙක් දැන සිටියේත් නැත. සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරවලට සූදානම් වන කණ්ඩායම් තම අරමුණු කරා යන්නට පුහුණු වන්නේ තනිවමය. ඔවුනොවුන් තනි තනිවම මරාගෙන මැරෙන්නට පුහුණුව ලබන අතරේ සුවිශේෂ පොත් දෙකක් තම කණ්ඩායම්වල පුහුණුකිරීම්වලට යොදාගත්තේය. බුද්ධි අංශ තොරතුරු අනුව එයින් එක් පොතක පිටු දෙදහසකි. අසු නොවන ආකාරයට දුරකථන භාවිතා කිරීම, තොරතුරු නිරීක්ෂණය කරන ආකාරය ඇතුළු ඕනෑම උපක්‍රමයක් ගැන එහි සඳහන්ය.​ ෂේක්වරුන් ලියූ මෙකී පොත් අන්තර්ජාලය ඔස්සේ පරිහරණය කරමින් අන්තවාදී කණ්ඩායම් මරාගෙන මැරෙන ප්‍රහාර දක්වා සූදානම් කළෝය. මේ ආකාරයට සූදානම් වුණු අන්තවාදීන් එකසිය හතළිස් දෙනකු බුද්ධි අංශ නිලධාරීන් විසින් 2017 වන විටත් හඳුනාගෙන තිබිණි. බුද්ධි මෙහෙයුම කෙතරම් සාර්ථකද යත් අන්තවාදී කණ්ඩායම් රැස්වන ආරක්ෂිත නිවෙස්වල සිදුකරන දෑ සජීවීව දැකබලා ගත හැකිව තිබිණ. ඒ ඇමෙරිකාවෙන් ලද තාක්ෂණික ආධාර නිසාය. එමගින් මෙරට බුද්ධි සහරාන්ගේ මරාගෙන මැරෙන කණ්ඩායම් එකරැස් වන තැන් වෙන වෙනම හෙළි කරගන්නට හමුදා බුද්ධි නිලධාරීන් සමත් වූහ. අයි.එස්. සංවිධානයට එක්වී සිරියාවේ ලංකා නායකයාව සිටි අබු හම්සා (ඉෂාක්) වත් මෙල්ල කරන්නට හැකිවූයේ එම බුද්ධි මෙහෙයුමෙනි. සිය පවුලම සමග සිරියාවේදී මැරෙන්නට සිතා දෙමාපියන්වත් එරටට ගෙන්වාගත් ඉෂාක්ට යළිත් දෙමාපියන් මෙරටට එවීමට නොහැකිව ලතවන බව බුද්ධි මෙහෙයුමට අනුව අන්තවාදීන් අතරට රිංගාගත් ඔත්තුකරුවන් එවකට හෙළිකර ගත්තේය. ඒ අනුව හමුදා බුද්ධි බළකාය ඇමෙරිකාවේ සහාය​ ගෙන ඉෂාක්ගේ දෙමාපියන් මෙරටට ගෙන්වා දීමට උත්සාහ කළේ බුද්ධි මෙහෙයුම ඉදිරියට ගෙන යන අනාගත සැලසුම මතය. ඇමෙරිකාවත් පසු බසිද්දී එම වයෝවෘද්ධ යුවළ තුර්කියට ගෙන්වාගෙන රහසිගත බුද්ධි මෙහෙයුමක් කරමින් ඔවුන්ව ලංකාවට ගෙන එන්නට සැලසුම් සකස් කෙරිණි. තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සිරියාවේ සිට එවූ ඉෂාක්ගේ දෙමාපියන්ට ආරක්ෂිතව මෙරටට එන්නට මගපෑදුණ මෙහෙයුම ගැන ඇමෙරිකන් ඔත්තු අංශත් විස්මයට පත්වූයේය. 2015 ජනවාරි 15දා ඉෂාක්ගේ සොහොයුරා වූ නිලාම් (අබු සුහයිර්) සමග සිරියාවට ගිය මෙම වයෝවෘද්ධ දෙමාපියන් 2016 ජනවාරි 29දා මෙරටට පැමිණි බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සතියේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේදීත් කියැවුණි. මෙරට හමුදා බුද්ධි අංශය සාර්ථක බුද්ධි මෙහෙයුමක් මගින් අයි.එස්. ජාලයට ඔවුන්ගේ සමාජ ජාල ඔස්සේ එම කණ්ඩායම් රිංගවන්නේය. රජය නුවර, දිගන සිදුවීමේ පටන් ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා අවහිර කළත් ඉස්ලාම් ත්‍රස්තයන් භාවිතා කළේ ටෙලිග්‍රෑම් ඇතුළු කිසිවෙකු නොසිතූ සමාජ ජාලාය. හමුදා බුද්ධි මෙහෙයුම අනුව මීළඟට තිබුණේ අන්තවාදීන් සියලු පුපුරන ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය, අවි ආයුධ එක තැනකට රැස් කළ පසුව එකවර සියලු කණ්ඩායම් අත්අඩංගුවට ගෙන මෙරටින් අන්තවාදය තුරන් කිරීම පමණි. එහෙත් වර්තමාන රජය ඒ මෙහෙයුමට එකඟ වූ‍‍යේ නැත. එය සිදුවන්නේ බුද්ධි අංශ විසින් ආරක්ෂක කවුන්සිලය හමුවේ සියලු තොරතුරු ලබාදී තිබියදීය. මුස්ලිම් ඡන්ද, මුස්ලිම් ජනමතය, මුස්ලිම් දේශපාලනඥයන්, මුස්ලිම් ප්‍රභූවරුන් ගැන පමණක් සිතා ජාතික ආරක්ෂාව පසෙක දැමූ වත්මන් රජය මීට වසර දෙකකට පෙර සියලු හමුදා බුද්ධි මෙහෙයුම් නවත්වන්නේ බුද්ධි නිලධාරීන් සීසීකඩ යවමිනි. අන්තවාදීන් 147 දෙනකු එකවර අත්අඩංගුවට ගැනීමට බිය වූ පාලකයන් නීතියේ හිඩැස් ගැන කතා කරන්නට වූහ. නීති ප්‍රමාණවත් නොමැති බව රජය කියද්දී අන්තවාදී ත්‍රස්තයන් කොටුකරන්නට හැකි නීති කෙටුම්පතක් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ඉදිරිපත් කළද එයද ක්‍රියාත්මක වූයේ නැත. හමුදා බුද්ධි අංශවල මෙහෙයුම් නතර වූ පසුව සහරාන් ඇතුළු අන්තවාදීහු තම ක්‍රියාකාරීත්වයන් යළි පණ ගැන්වූහ. ලංකාවේ ප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමද එයට ඇතුළත්ව තිබිණි. කෙසේ වෙතත් ඔවුන්ගෙන් ඇතැමෙක් ඊට කැමැති වූයේ නැත. මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ඊබ්‍රාහිම් සාදික්, සාදිත්ලා සහරාන්ගෙන් කැඩී යන්නේත් හදිසි ප්‍රහාරයකට සූදානම්​ වෙද්දීය. සිරියාවට ගොස් පැමිණි ඉමාඩ් මාතලේ ඔමෙර් ඇතුළු ප්‍රබලයින් කියන්නේ ඒ සඳහා තවම වෙලාව හොඳ නැති බවයි. ඔවුන් කියන්නේ ඒ සඳහා තවත් වසර දෙකක්වත් බලා සිටිය යුතු බවයි. නමුත් ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ පුතුන් දෙදෙනාත්, ජමිල් ඇතුළු පිරිසත් සහරාන් සමග පාස්කු ඉරිදා ප්‍රහාරයට සූදානම් වන්නේ ඉක්මන් ප්‍රහාරයකට අනෙක් කණ්ඩායම් අකමැතිව දෙකට බෙදෙද්දීය. දෙහිවලදී බෝම්බය පුපුරවාගත් ජමිල් සමග විසිපස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රහාර සඳහා එකතු වී තිබුණේය. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට එක්වූ සහරාන්ගේ කණ්ඩායම්වල තව්හිද් ජමාත් තමිල්නාඩු කණ්ඩායම්වලට සෘජු සහාය ලැබුණු බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරන්නේ සාධකද සහිතවය. ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා වූ සහරාන් වැඩිපුරම ගොස් තිබුණේ ඉන්දියාවටය. චෙන්නායිවලට ගොස් එතැනින් කේරළය දක්වා ගිය සහරාන් එහිදී කුමක් කළාද යන්න ඉන්දියානු රෝ ඔත්තු සේවාව නොදැන සිටි බව කීම හාස්‍යයක්ය. හමුදා බුද්ධි අංශවලට අනුව මෙරට තුළ රෝ ඔත්තුකරුවන් දහස් ගණනක් සිටියදීත් සහරාන් ඉන්දියාවට ගිය ආකාරය රෝ ඔත්තු සේවයට හෙළි නොවීම විහිළුවකි. සහරාන් පමණක් නොව මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාගේ පියාවන ඊබ්‍රාහිම් හාජ්ජියාර් වැඩිපුරම ගොස් ඇත්තේද දකුණු ඉන්දියාවටය. ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ කුළුබඩු වැඩිපුරම ගෙන ගියේ ඉන්දියාවටය. ඉන්දියාවෙන් ගම්මිරිස් ගෙනවිත් ශ්‍රී ලංකා නමින් ප්‍රති අපනයනය කරන්නේත් ඊබ්‍රාහිම් හාජ්ජියාර්ය. ඊබ්‍රාහිම්ගේ මරාගෙන මැරුණ එක් පුතකු ගිය වසරේ දෙපාරක්ම මියන්මාරයටත් ගොස් තිබිමද දැන් සැක පහළ වී ඇත. තමිල්නාඩු මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය පාස්කු ඉරිදා ප්‍රහාරයට ලද බව හෙළි වෙද්දී ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ගෝවාහි ක්‍රිස්තියානි ප්‍රජාව අමතා කළ මැතිවරණ ප්‍රකාශයද කතාබහට ලක්ව ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ගෝවා ඡන්දයට පෙරදින කළ මෙම ප්‍රකාශයෙන් කියා තිබුණේ කොංග්‍රස් පක්ෂය බලයට ආවොත් ඉන්දියාවටද අයි.එස්.අයි.එස්. තර්ජනයට මුහුණදෙන්නට සිදුවන වගය. ඉන්දියාවේ මේ හැසිරීමත් පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ජමිල් නමැති දෙහිවලදී පුපුරුවා ගත් ත්‍රස්තයා ඉන්දියාවට අයත් ටාජ් සමුද්‍රා හෝටලයට ඉලක්කයක් ගැනීමට ගොස් එය අත්හැර දැමීමත් විමර්ශනවලදී සැක සංකා මතු වු කාරණාය. චීන සමාගමකට අයත් ෂැංග්‍රිලා හෝටලයට පමණක් මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක්ම එල්ල කිරීමත් කලාප බලවතුන්ගේ ගැටලුවක පෙර නිමිති පෙන්වා දී ඇත. මේ සියලු කාරණා ඔස්සේ අත්අඩංගුවට ගන්නා සාමාජිකයන් අතර සිටින ප්‍රබල ක්‍රියාකාරීන් හා සැකකටයුතු කණ්ඩායම්, එකම සිරමැදිරිවල තබාගෙන පරීක්ෂණ කිරීමෙන් අනාගතයේ තවත් අභියෝගයක් ඇතිවන බව බුද්ධි අංශවල මතයයි. විවිධ ප්‍රදේශවල රහසිගතව ක්‍රියාත්මක වූ කණ්ඩායම්වලට එකිනෙකාට හඳුනාගත හැකි අවස්ථාවක් මෙමගින් සැලසී ඇති බවට බුද්ධි අංශ අනතුරු හඟවන්නේය. මාකඳුරේ මධූෂ් පාතාල මෙහෙයුම්වල හිරගෙදරදී කණ්ඩායම් එක්රැස් කළ අයුරෙන් මුස්ලිම් අන්තවාදීන්ට එක්වීමට අවස්ථාවක් නොදීමට වගබලා ගත යුතු බව ආරක්ෂක අංශවල අදහසය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ලංකාවේ සහරාන් ලාට මඟ පෙන්වූ සිරියාවේ සහ්රාන් ගේ කථාව[සංස්කරණය]

1971 වසරේ උපත ලද තම පුත් සහ්රාන් දිනෙක සිරියාව හොල්ලනු ඇතැයි සෞදි සම්හවයක් සහිත සිරියානුවකු වූ අබ්දුල්ලා මොහමඩ් අලෝෂ් කිසිදිනෙක නොසිතන්නට ඇත. ලොකු මහත් වන කොල්ලා ආගම ධර්මය කෙරේ පල කල නැඹුරුව ඩැමස්කස් නුවර ආගමික ඇකඩමියක අධ්යක්ෂ වරයකු වූ මහල්ලා තුල ඇති කලේ ආඩම්බරයකි. සහ්රාන් පාසලේ දීප්තිමත් සිසුවෙකු බව ඔහුගේ සමකාලීනයෝ කියති. මූලික අධ්යාපනය ලැබීමෙන් අනතුරුව ෂරියා නීතිය පිළිබඳ මදීනා සරසවියෙන් ආචාර්ය උපාධියක් දිනාගත් සහ්රාන් ගේ අවධානය දේශපාලනයට යොමු වීමට බලපෑවේ මැදපෙරදිග හරහා හමා ගිය අරාබි වසන්තයේ සුලි කුණාටුවයි. බෂාර් අල් අසාද් ගේ රජය පෙරලා දැමීමට කැස කවමින් සිටි අමෙරිකාව සිරියාවේ මූලධර්මවාදී කණ්ඩායම් වලට නොමඳව අනුග්රහය ලබා දුන්හ. සලාෆ් (මහමුත් තුමාගේ පටන් මුල් ඉස්ලාම් පරම්පරා කිහිපය යන අර්ථය දේ) සම්ප්රදායන් දේශනා කිරීමේ වරදට 2009 වසරේ සිරියානු පොලිසිය විසින් අතඩංගුවට ගනු ලබන විට අලෝෂ් බිරියන් තිදෙනෙකුගේ සැමියෙකි. 2011 වසරේ සිරියානු සිවිල් යුඳ්ධය ඇරඹීමත් සමග කැරලි කාරී පාර්ශ්ව සමඟ සහයෝගයක් ඇති කොටගැනීමට ජනාධිපති බෂාර් අල් අසාද් උත්සහ කලේ ලිබියාවේ ගඩාෆිගේ ඉරණම දැකීමෙන් ලත් අත්දැකීම මතය. ඒ අනුව නිදහස් කෙරුන මූලධර්මවාදීන් අතර අලෝෂ්ද විය. නිදහස ලද හේ සෞදි අරාබියේ සහායෙන් සටන් කාමී කණ්ඩායමක් ගොඩ නැඟූ අතර ඔවුන්ගේ උදාන පාඨය වූයේ රජය පෙරලා අසාද් මරා දැමීම හා ෂියා මුස්ලිම් වරු ‘සමූල ඝාතනය’ කිරීමයි. සහ්රාන්ගේ හමුදාව CIA සංවිධානය විසින් තම ඩොලර් මිලියන 500 වැඩපිලිවෙල යටතේ ආධාර කිරිමට තෝරාගත් එක් මූලධර්මවාදී කණ්ඩායමකි. 2012 වසරේ ඩැමස්කස් නුවර බෝම්බ පිපිරීමකින් සිරියානු ආරක්ෂක ඇමතියා ඝාතනය කිරීමටද සහ්රාන් සමත් විය. CIA හා සෞදි ආධාර වලින් සන්නද්ධවූ සහ්රාන් 2013 Jaysh-Al-Islam නම් හමුදාව පිහිටුවීය. එම බල ඇණිය තුල ජිහාඩ් වාදීන් 17000 ක් වූහ. සුන්නි මූලධර්මවාදීන්ගේ කුරිරු කම් විවේචනය කල සිරියානු මානව හිමිකම් ක්රියාකාරිනියක වූ රසාන් සයිතුනා හා ඇගේ සැමියා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාව එල්ල වන්නේද ඔහුටය. අනතුරුව අමෙරිකාව විසින් ‘මධ්යස්ථ සටන්කාමීන් ‘ ලෙස වර්ණනා කල Al-Nusra පෙරමුණේ ජිහාඩ් වාදීන් සමඟ එක්වූ සහ්රාන් ඩැමස්කස් නුවරට එරෙහිව තම හමුදා මෙහෙයවීය. 2014 වසර වන විට සිරියාවේ හමුදා යටතේ වූයේ රටේ මුළු භූමියෙන් 15% කි. බෂාර් අල් අසාද් පරාජය අභිමුව සිටියේය. ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් ඔහුගේ සහායට කුඩා බල ඇණී කිහිපයක් එවුවද මැනවින් සන්නද්ධව සිටි සහ්රාන් ඇතුළු ජිහාඩ්වාදීන්ගේ ප්රහාරයෙන් ඩැමස්කස් නුවර රැක ගැනීමට හැකි වනු ඇතැයි සිතුවෝ අල්පයකි. ජය පෙනී පෙනී සිටි සහ්රාන්ලාගේ දාසව නරක් වීමට හේතුවූයේ සැතපුම් 2000 කට එපිටින් හටගත් කොහෙත්ම අදාල නොවන සිදුවීමකි. තම ‘සඳලූ තලය’ වූ යුක්රේනය තුල 2014 ඇමෙරිකාව සිදු කල දේශපාලන මැදිහත් වීම නිසා උරණවූ රුසියානුවෝ අසාද්ට සෘජු හමුදා සහාය ලබා දීමට උත්සුක වූහ. එහෙත් IS සංවිධානය උතුරු සිරියාව මුළිමනින්ම අත්පත් කොටගෙන සිටි හෙයින් සහ්රාන් ගේ විශ්වාසය වූයේ රුසියානු ආධාර ලඟාවීමට පෙර යුද්ධය අවසන් වනු ඇති බවයි. අසාද් සියතින්ම මරාදැමීමට තමාට ඇවැසි බව සහ්රාන් කිහිප වරක් පවසා ඇත. 2015 මාර්තු මස ප්රධාන රුසියානු සැපයුම් සිරියාවට ලඟා විය. ඒ අතර T 90 යුද ටැංකි මෙන්ම දිගු දුර රොකට් පද්ධතිද විය. මේ අවසරයෙන් සහරාන්ලාගේ පෙරමුණ අර්ධ වශයෙන් වැටලීමට සිරියානු හමුදා සමත් විය. උතායා නම් සිරියානු ගම්මානයේ කිසියම් ස්ථානයකට අයත් ඛණ්ඩාංකයක් රුසියානු FSB ඔත්තු සේවය විසින් සිරියානු ඉහල අණදෙන මූලස්ථානයට ලබා දුන්නේ 2015 දෙසැම්බර් මස 25 දහවලය. ඒ සහ්රාන් ගේ සිවු වැනි බිරිඳ සිටි නිවසයි. සහ්රාන් ‘නත්තල සැමරීම’ සඳහා එදා රැයේ එහි පැමිණෙන බව පණිවුඩයෙන් වැඩිදුරටත් දන්වා තිබිණ. එදා රෑ සිරියානු ගුවන් හමුදාවට අයත් Mig යානා එම ගම්මානය සුනු විසුණු කලහ. සිවිල් වැසියන් 50ක් මිය ගිය බවට වාර්තා කල මානව හිමිකම් සංවිධාන අසාද් යුද අපරාධකරුවකු බව කියා සිටියහ. සහ්රාන් හා ඔහුගේ හතරවන බිරියගේ මරණය වාර්තා වූයේ ඉන් අනතුරුවයි. සහ්රාන්ගේ මරණයට පසු බටහිර පුවත්පත් වාර්තා කලේ ඔහු මිය යන කාලයේ මූලධර්මවාදී අදහස් ඉවතලා ප්රජාතන්ත්රවාදය කෙරේ නැඹුරු වූ බවය. සිරියානු ජාතිවාදය හා ශරියා නීතිය මිශ්ර වූ පාලනයක් ගැන ඔහු නිතර කතා කල බව බරහිර නිදහස් මතධාරීහූ පවසති. ඔහු විසින් කල බවට කියවෙන අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ඒ කිසිවක් හරු හැටි ‘ඔප්පු’ වී නැති බවය. සහ්රාන්ගේ මරණය සිරියාවේ සෞදි හිතවාදී මූලධර්මවාදී පාලනයක් පිහිටිවීමේ ඇමෙරිකානු සැලැස්මේ අවසානය ලෙස සැලකිය හැක. IS සංවිධානය බලල් අතක් ලෙස යොදවා ගැනීමට වොෂින්ටනය හා රියාද් නුවර දැරූ උත්සාහයද රුසියානු මිසයිල ප්රහාර මැද බොඳවී ගියේය. අසාද් ගේ ජයග්‍රහණයත් සමඟ රුසියානුවන්ට යටත් වූ Jaysh-Al-Islam සටන් කාමීන් හා ඔවුන්ගේ පවුල් මේ වනවිට උතුරු සිරියාවේ තුර්කි පාලන ප්රදේශ තුල පදිංචි කරවනු ලැබ සිටිති. 2018 එලි දැක්වුන තුර්කි බුද්ධි වාර්තාවක දැක්වෙන්නේ ඔවුන්ගෙන් ඇතමෙක් විදෙස් ත්රස්ත කණ්ඩායම් හා එක්ව ඇතිබව.

Chamara Siriwardene