ද්වාරය:නවීන විද්‍යාව/හැඳින්වීම

විකිපීඩියා වෙතින්

Icon

නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම්,

  • ඔප්පු කරනලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පුකල දෙයකි එය පලමු වර්ගයට අයත්වේ. මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පුකල දෙයක් නොවේ විශ්වයේ බිහිවීම පිලිබදව පැවසීමේදී. ආරම්භයේ නෙබියුලා “Nebulae” යයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. පසුව මෙය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවු බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ ″විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය″ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැදින්විය. පසුව එය ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කරන ලදී. මේ වනතුරු මෙම වාදයන් ඔප්පුකොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගයට අයත්වේ.