දඹදෙණිය යුගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දඹදෙණිය අගනගරය බවට පත් වූයේ ක්‍රිස්තු වර්ෂ 1232 දී තුන්වන විජයබාහු රජතුමාගෙනි. එතැනින් ඇරඹි දඹදෙණි යුගය ස්වර්ණවත් සාහිත්‍යයක් බිහි කරමින් පාළමුවන බුවනෙකබාහු රජතුමා යාපහුව තම රාජධානිය ලෙස තෝරා ගැනීමත් සමඟම අවසන් විය.

දඹදෙණි යුගය[සංස්කරණය]

පහත දැක්වෙන්නේ දඹදෙණි යුගයේ රජ කළ එක් එක් රජකුගේ රාජ්‍ය කාලයයි.


තුන්වන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1232 සිට ක්‍රිස්තු වර්ෂ 1236 දක්වා

දෙවන පරාක්‍රමබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1236 සිට ක්‍රිස්තු වර්ෂ 1270 දක්වා

හතරවන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1270 සිට ක්‍රිස්තු වර්ෂ 1272 දක්වා

පළමු බුවනෙකබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1272 සිට යාපහුවට රාජධානිය ගෙන යන තෙක්


සාහිත්‍යය[සංස්කරණය]

විසුද්ධි මාර්ග සන්නය, කව් සිළුමිණ, සද්ධර්ම රත්නාවලිය, භෙසජ්ජ මඤ්ජුසාව, සිංහල ථූප වංශය, සමන්ත කූට වර්ණනාව, පූජාවලිය, සිදත් සඟරාව හා එළු සඳෙස් ලකුණ දඹදෙණි යුගයේ බිහි වූ ග්‍රන්ථ කිහිපයෙකි. බුත්සරණ නම් වූ ග්‍රන්ථයට පසුව බිහි වූ දහම් සරණ හා සඟ සරණ නම් වූ ග්‍රන්ථ ද දඹදෙණි යුගයේ බිහි වූ බවට අනුමාන කෙරේ.

සබැඳි පිටු[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=දඹදෙණිය_යුගය&oldid=291204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි