දකුණු රාජ වංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

‍‍ජින් රාජවංශය ක්‍රි.ව. 280 දී වූ රාජධානිය පරාජය කිරීමට තරම් බලවත් වූ නමුත් ක්‍රි.ව. 291-306 කාලයේ කුමරුන් 8 දෙනාගේ යුද්ධයට පසු එය ‍බොහෝ ලෙස දුර්වල විය. ජින්හි හුවායි අධිරාජ්‍ය‍යාගේ හා ජින් හා මින් අධිරාජ්‍යයාගේ කාලයේ දී, උතුරේ ෂියාන්බෙයි ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණය සමඟ රට පිරිහීමට පත් විය. 311 දී සිදු වූ චැන්ගන් නඟරය වැටලීම හා පැහැරීම ද නිසා 316 දී සිදු වූ චැන්ගන් නඟරය වැටලීම හා පැහැරීම ද නිසා රාජ වංශය විනාශ වී ගියේය. කෙසේ වෙතත් රාජකීය පවුලේ උරුමක්කාර‍යකු වූ ලොන්ග්යා කුමාරයා ඉතිරි වූ දේ බේරා ගැනීමට දකුණට පැන ගියේය. දකුණේ තම බලය ඒකාබද්ධ කරමින් ජින්වරු තම අග නඟරය නැන්ජින් ලෙස පත් කළහ. (එකල එය ජියෑන්කෑං ලෙස හැඳින්විණි) රාජ වංශය ද පෙරදිග ජින් රාජ වංශය (ක්‍රි.ව. 317 -420) ලෙස නම් කරන ලදී. පුරාණ ලුවොයෑංවලට ගිණිකොණ දිගින් නව අග නගරය පිහිටවුණු දින සිටයි.

දකුණු චීනය (යැංසි ගඟට පහළ) උතුරු සහ දකුණු රාජ වංශ පැවති කාලයේ දී විශාල ලෙස දියුණු විය. කලින් සිටම දකුණු කුඩා තනි චීන කණ්ඩායම් මඟින් ජනාවාස වී තිබුණි. ඒ චීන ජාතික නොවන ගෝත්‍රවලට අයත් අති විශාල ජනාවාස නොවූ ප්‍රදේශවලයි. එමඟින් ශක්තිමත් ශිෂ්ට ප්‍රදේශයක් බිහි විය. ආතර් ඒෆ් රයිට් තම චීනයේ ඉතිහාසයේ බුද්ධාගම නම් ග්‍රන්ථයේ ආරම්භයේ දී එය මෙලෙස දක්වා ඇත.

භේද, අසමඟිකම් පැවති යුගයේ යැංසි මිටියාවත හා ඒ අවට ප්‍රදේශය ගැන අප කතා කරන විට, ඝන ජනගහණයක් සහ සශ්‍රීකාව වගා කෙරුණු දකුණු චීනයක් ගැන චිත්‍රය අප අපේ මනසින් බැහැර කළ යුතුය. 4වන ශත වර්ෂය මුල් භාග‍යේ දී චින් (ජින්) වලින් පැවත එන කුලීනයන් නැන්කින් (නැන්ජිං) වෙතට සංක්‍රමණය වූ විට, චීනයේ ජනගහණයෙන් 1/10 ක් පමණ දකුණට අයත් විය. එහි චීන සංස්කෘතික හා පරිපාලන මධ්‍යස්ථාන තිබුණි. නමුත් මෙම මහා වල් බිහි වූ ප්‍රදේශවල සිට ජනාවාසවලට පැමිණීම සෙමින් සිදු වුණි.

චීනයේ උතුරු වෙයි හි ගලින් කළ මිනී පෙට්ටියක භූමි දර්ශන පසුබිම් කරගෙන යුආන් ගූ නම් වූ දරු මුණුබුරාගේ කතාව ප්‍රදර්ශනය කර ඇති අයුරු‍.


රාජකීය ආර්යාවන්ට ගුරුවරියන් විසින් කළ අවවාද අඩංගු කළහ. ලියවිල්ලක කොටසක්, ගූ කයිසිහි මුල් පිටපත අනුව ටෑංග් රාජ වංශය විසින් සෑදූ දෙවන පිටපත.

නැ‍ඟෙනහිර ජින් සහ ඉන්පසු බලයට පැමිණි දකුණු රාජ වංශය, යැංසි ගඟ දිගට නාවික බල ඇණි ස්ථාන ‍ගත කොට උතුරෙන් පැමිණෙන බලවේගවලට හොඳ ආරක්ෂක වැටක් ඉදි කර තිබුණ ද මෙහි යුධ බලය ගොඩ නැඟීමේ හා නඩත්තු කිරීමේ විවිධ ගැටළුවලට මුහුණ දෙන්නට සිදු විය. විශේෂ පවුල් සාමාජිකයන් යුධ සේවයට නියම කිරීම අවසානයේ විවිධ අවස්තාවල හමුදා භටයින් පැන යාම හේතු කොට ගෙන ඔවුන්ගේ සමාජ තත්වය භේද වීමට ලක්වන්නට පටන් ගත්තේය. හමුදා භටයින්ගේ සංඛ්‍යාව අඩු වීමත් සමඟ ජින් සේනාධිපතියෝ චීන ජාතික නොවන ගෝත්‍රිකයින් (දකුණේ සිටි) අල්ලා හමුදාවට බඳවා ගැනීමට පිරිස් යැවූහ. නැඟෙනහිර ජින් රාජ වංශය වැටුණේ බාහිර ආක්‍රමණය නිසා නොවෙයි, රාජ්‍යධිකාරි ලියු සොන්ග් වූ අධිරාජ්‍යයා බවට පත් වීමෙන් එය සිදු විය. ඔහුගේ රාජ්‍ය කාලය ක්‍රි.ව. 420-422 දක්වා පැවතුණි.

චීනයේ දකුණු රාජවංශ බුද්ධාගම හා ඩයෝ ආගම පතුරුවමින් සංස්කෘතික අතින් වඩාත් පොහොසත් විය. පසුව සුපිරි ශුද්ධ විනය නීතිය හා එහි සම ලෙස සිටින නුමිනස් රත්න නීතිය සඳහා ධර්ම ග්‍රන්ථ ලියවුණි. බුද්ධාගමත් සමඟම බුද්ධාගම විස්තර කරන ඩයොස්ට් නියම අනිත් චීන්නුන්ට ද පෙන්වා දුන් හුයියුවෑද වැනි භික්ෂූන් ලේඛනවල බලපෑම දකුණු චීනයට බලපෑවේය. චීන්නුන්ට ඉන්දියාවේ සහ ඉන් ඔබ්බට සිටි වෙළඳ සහකරුවන් වූ ෂුනාත් සහ චම්පා වැනි රාජධානි (වර්තමානයේ කාම්බෝජයේ හා වියට්නාමයේ පිහිටා ඇති) වල සංස්කෘතීන් බලපෑවේය. මේ කාලය තුළ චීනයේ කාව්‍ය නිර්මාණය,  ලේඛන විද්‍යාව, චිත්‍ර කලාව සහ සංගීතය වැනි කලාවන් දියුණු විය. කාවෝ කාවෝගේ පුත්‍ර කාවෝ ෂි ඔහුගේ කාලයේ සිටි ශ්‍රේෂ්ට ගණයේ කවියෙක් ලෙස සැලකේ. ඔහුගේ ලේඛනයේ තිබූ ගැඹුරු හැඟීම් එළි දැක්වීම, පසුව පැමිණි ‍ටාවෝ ක්වෑන් (ක්‍රි.ව. 365-427) හෝ ටාවෝ යුඈන්මින් වැනි කවියන් ද බලපෑවේය. වෑං ෂිෂී (ක්‍රි.ව. 307-365) විසින් ලියන ලද “ලේඛන විද්‍යාවේ මුනිවරයා” කෘතිය බොහෝ සම්මානයට පාත්‍ර විය. චිත්‍ර කලාව ගැන කතා කරන විට, ගූ කයිසි (ක්‍රි.ව. 344-406) වැනි කලාකරුවන් යටතේ එය උසස් මට්ටමක තිබුණි. ඔහු සම්භාව්‍ය චීන චිත්‍ර කලාවේ භූමි ‍දර්ශන ඇඳීමේ සම්ප්‍රදාය විශාල ලෙස ව්‍යාප්ත කරලීය. (වැඩි විස්තර සඳහා “චිත්‍ර” ලිපිය යටතේ ඇති “ඈත පෙරදිග” අධ්‍යයන කරන්න) දකුණේ අධ්‍යාපන ආයතන බොහෝ කීර්තිමත් විය. ඊ‍ට සූ චොන්ෂි (ඉහත සඳහන් කරන ලද) අධ්‍යාපනය ලැබූ සොන්මින්ගුවන් (රාජකීය නැන්ජිං විශ්ව විද්‍යාලය) ද අයත් ය. ක්‍රි.ව. 465 දී නව ඩේමින් දින දර්ශනය සොයා ගනු ලැබුවේ සූ චොන්ෂි විසින්ය. තවද ඔහු වසරකට දින 365.24281481 ක් ඇති ලෙස ගණනය කළේය. (දැනය එට ඊට‍ආසන්න 365.24219878 ක් බව සොයා ගෙන ඇත) හිරු සහ චන්ද්‍රයා අතර එක මත එක පිහිටා තිබීම් ගණන ඔහු සොයා ගත් පරිදි 27.21223 කි. (දැනට එහි අගය 27.21222කි) මෙම ගණනය උපයෝගී කර ගනිමින්, වසර 23 ක කාල පරිච්ඡේදයක් ඇතුළත චන්ද්‍ර-සූර්යග්‍රහණ 4ක් සිදු වන බවට සාර්ථකව ඔහු නිමිති පළ කළේය. (ක්‍රි.ව. 436-459 දක්වා)


හිරිගල් නිම වන ලද උතුරු ෂෝවු ඩයොයිස්ට් ශිලා ස්තම්භය.

ජින් රාජවංශය කූට ලෙස පහකොට ලිවූ සොන්ග් රාජවංශය (ක්‍රි.ව. 420-479), දකුණු ක්වි රාජවංශය (ක්‍රි.ව. 479-502), ලියෑං රාජවංශය (ක්‍රි.ව. 502-557) සහ අවසාන වශයෙන් චෙන් රාජවංශය (ක්‍රි.ව. 557-589) යන රාජවංශ විසින් පිළිවෙලින් රට පාලනය සිදු විය. මෙම කෙටිකාලීන රාජ වංශවල පාලකයන් වූයේ දශක කීපයකට බලය අල්ලා ගෙන සිටි හමුදා සෙන්පතියන්ය. නමුත් තම රාජවංශය පවත්වා ගෙන යාමට තම උරුමක්කාරයන්ට බලය පැවරීම සාර්ථකව සිදු කිරීමක් ඔවුන් අතින් ඉෂ්ට නොවුණි. ලියෑං හි වූ අධිරාජ්‍යයා (ක්‍රි.ව. 502-549) කෙසේ වෙතත් සමකාලීන විශේෂිතම පාලකයා විය. ඒ ඔහු බුද්ධාගම හා කලාවන් ආරක්ෂා කළ අයෙක් වීම නිසාවෙනි. කාව්‍යත්වයට ආදරය කළ කවියෙකු වූ අධිරාජ්‍යයා බොහෝ සාහිත්‍යමය කටයුතු සංවිධානය කළේය. කවි තරඟ පවත්වා හොඳම කවියන්ට රත්රන් හෝ සේද ත්‍යාග පිරිනැමීය. අවසාන නිල ලියෑං රාජවංශික පාලක ලියෑංහි ජින්ග් අධිරාජ්‍යයාගේ බලය එහිම සිටි සාර්ථක හමුදා සෙන්පතියෙක් වූ චෙන් බැක්සියන් විසින් පැහැර ගෙන ඔහු ක්‍රි.ව. 557 දී චෙන්හි වූ අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලැබීය. චෙන් රාජ වංශයේ අවසාන පිරිහිණු පාලනය යටතේ දකුණු චීන්නු උතුරේ එකතු වූ හමුදා බලයට ඔරොත්තු දීමට නොහැකි ව සිටියහ. ඒ තම තරඟකරු වෙයිචි ජයොන්ග් සේනාධිපතියා පරාද කළ යෑන්ග් ජියෑං විසින් එකතු කරන ලද හමුදා බලයයි. වරක් යෑන්ග් ජියෑං උතුරු ෂෝවූහි ජින්ග් අධිරාජ්‍යයා සිංහාසනයෙන් පහ කොට සුයිහි චෙන් අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලැබීය. ඔහුගේ සුයි රාජවංශය පිහිටුවීම හා දකුණු පෙදෙස ආක්‍රමණය නිසා මුළු චීනයම නැවත එක්සත් විය.

"http://si.wikipedia.org/w/index.php?title=දකුණු_රාජ_වංශය&oldid=151933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි