තුන් සිංහලේ

විකිපීඩියා වෙතින්

ලංකා දූපත සහ ආශ්‍රිත ප්‍රදේශයේ අතීතයේ තිබූ දේශපාලනික හෝ පරිපාලනමය බෙදීමකි.

තුන් සිංහලේ
  1. රුහුණු රට.
  2. මායා රට හෙවත් දක්ඛින දේශය
  3. පිහිටි රට හෙවත් රජරට

මේ ප්‍රදේශ වෙන් කෙරෙන ගංගා තුන වන්නේ, දැදුරු ඔය, කළු ගඟ සහ මහවැලි ගඟයි. මෙම ප්‍රදේශ තුන (හෝ දෙකක් පමනක් යාකර) බොහෝ කාලවකවානු තුල වෙන වෙනම රජවරුන් යටතේ පැවතුනි. තුන් සිංහලේ එක් රජෙක් යටතේ පවතින අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස පැවතුනි. අනුරාධපුර යුගයට පෙර සහ ඇතුගල්පුර යුගයට පසු මෙම දේශපාලනික හෝ පරිපාලනමය බෙදීම පිලිබඳ සාධක නොමැත.[තහවුරු කර නොමැත]රුහුණු පිහිටි හා මායා යනරාජ්‍යයන් තුන එකට හමුවන ස්ථානය කටුගස්තොටයි.වර්තමානයේද ත්‍රි සිංහලය සංකේතවත් කරමින් කටුගස්තොට ත්‍රි සිංහලාරාමය විහාරය සාක්‍ෂි දරයි.

වර්ථමානයේ මෙය හුදෙක් සංස්කෘතිකමය, වාණිජමය හා ඓතිහාසාක බෙදීමකි.

ප්‍රධාන කොටස්[සංස්කරණය]

රුහුණු රට[සංස්කරණය]

මහනුවර (අගනගර)[සංස්කරණය]

  • කතරගම
  • තිස්ස

මායා රට හෙවත් දක්ඛින දේශය[සංස්කරණය]

මහනුවර (අගනගර)[සංස්කරණය]

  • විල්බාව
  • පරාක්‍රමපුර
  • යාපව්ව
  • කුරුණෑගල
  • දඔදෙනිය

පිහිටි රට හෙවත් රජරට[සංස්කරණය]

මහනුවර (අගනගර)[සංස්කරණය]

  • පඬුවස්නුවර
  • අනුරාධපුර
  • සීගිරිය
  • ජනනාථපුර (පොලොන්නරුව)

තුන් සිංහලේ එක්සේසත් බව[සංස්කරණය]

සමස්ථ ලක්දිව සෛද්ධාන්තිකව හා ප්‍රායෝගිකව එක් රාජ්‍ය නායකයෙකු යටතේ ඒකීය රාජ්‍යයක් ලෙස පවතින අවස්ථාවලදී තුන් සිංහලේ එක්සේසත් යයි සලකනු ලැබේ.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තුන්_සිංහලේ&oldid=587868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි