තාරකාශාස්ත්‍ර සහ නවීන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
නව සහස්‍රයේ ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිලිබඳ ප්‍රස්ථාරය

තාරකාශාස්ත්‍ර යනු තාරකා විද්‍යාත්මක සංසිද්ධි සහ සිදුවීම් සමඟ සබැඳි මානව විශ්වාස විශාල ප්‍රමාණයක එකතුවකින් සමන්විත විෂයකි. නමුත් සවිස්තරව ලෝකය විස්තර කිරීමට දක්වන නොහැකියාව හේතුවෙන් නවීන විද්‍යාත්මක ප්‍රජාව විසින් තාරකාශාස්ත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබයි. තාරකාශාස්ත්‍ර පිලිබඳ නවීන විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් මේ වන විටත් පවත්වා ඇති අතර තාරකාශාස්ත්‍රනුකූල සම්ප්‍රදායන් මගින් විස්තර කරනු ලබන විෂය කරුණුවල සත්‍යතාව ඔප්පු කල හැකි සාක්ෂි කිසිවක් එමගින් සොයාගෙන නොමැත.

තාරකාශාස්ත්‍ර ඉදිරිපත් කරනු ලබන අනාවැකියක අසත්‍ය බව යම් හෙයකින් ඔප්පු වූ කල එය ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රයේ අසත්‍යතාව ඔප්පුවීමකි. මේ පිලිබඳ සිදුකර ඇති පරීක්ෂණ වලින් වඩාත් ප්‍රසිද්ධ පරීක්ෂණයක් වන්නේ ෂෝන් කාල්සන් විසින් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින්ගෙන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණයයි. එම පරීක්ෂණයෙන් නිගමනය වුයේ සූති ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය මගින් කියනු ලබන අනාවැකි අහඹු ඒවා බවයි. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥ සහ මනෝවිද්‍යාඥ මිෂෙල් ගෞක්ලින් විසින් යමෙකුගේ උපන්දිනය ගැන අනාවැකි පලකල හැකි සංඛ්‍යාමය දත්ත අඟහරුගේ බලපෑම් උපයෝගී කරගෙන සොයාගනු ලැබුවද වැඩි දුර අධ්‍යනයන් සඳහා එම දත්ත භාවිතා කළ නොහැකි විය. තාරකාශාස්ත්‍ර එහි අධ්‍යනයන් තුල කාර්යසාධකත්වය ඔප්පු කර නොමැති අතර නවීන විද්‍යාත්මක වලංගු බවක් ද නොමැති බැවින් එය නවීන විද්‍යාවට අනුකුල නොවන විද්‍යාවක් ලෙස සලකනු ලබයි.


හැඳින්වීම[සංස්කරණය]

තාරකාශාස්ත්‍ර[සංස්කරණය]

වෘත්තීයමය තාරකාශාස්ත්‍රඥයින්ගෙන් බහුතරය කරනු ලබනුයේ තාරකාශාස්ත්‍රාණුකූල පෞරුෂත්වයක් රඟ දැක්වීම හා තමන්ගේ ගාස්තුව ගෙවන අය හට උචිත පරිදි අනාවැකි ප්‍රකාශ කිරීමයි.[තහවුරු කරන්න] නවීන විද්‍යාත්මක පදනමක් නොමැතිව කරුණු කාරණා විශ්වාස කරන පිරිස හා එය විශ්වාස කිරීමෙන් වැළකීමට ප්‍රබල හේතු සාධක ඇති බව විශ්වාස කරන පිරිස ලෙස ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිලිබඳ විශ්වාස තබන්නන් වර්ගීකරණය කළ හැක.ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය යනු අප අවට සොබාදහමේ නීතිරීති හා අප සිතන පතන ආකාරය විස්තර කිරීමට තරම් දැනුමක් හා හැකියාවක් නොමැතිව කරනු ලබන පැහැදිලි කිරීමක් බවත් එබැවින් ඔබ, එයින් වාසි ලබා ගැනීමට උත්සහ කරන්නෙකුගේ ගොදුරක් බවට පත්විය හැකි බවත් නක්ෂත්‍ර භෞතික විද්‍යාඥයෙකු වන නීල් දි ග්‍රාස් ටයිසන් ගේ මතයයි.

නවීන විද්‍යාව[සංස්කරණය]

තාරකා විද්‍යාව සමඟ පවතින ඓතිහාසික සම්බන්ධතාව'[සංස්කරණය]

තාරකාශාස්ත්‍රයන්හි න්‍යායාත්මක ව්‍යුහයේ පදනම ගොඩනැගෙනුයේ බැබිලෝනියානු ජාතිකයින් අතිනි. නමුත් ඇලෙක්සැන්ඩර් යුගයෙන් පසු හෙලනිස්තික යුගය වන තුරු ග්‍රීසියේ තාරකාශාස්ත්‍රය විශාල වශයෙන් ව්‍යාප්ත වී නොතිබුණි. තාරකා මණ්ඩල ඛගෝලයේ නොපිහිටා ඇති බව හා ඒවා වෙන්ව බොහෝ දුරින් පිහිටා ඇති බව බැබිලෝනියන්වරු නොදැන සිටියහ. ඒවා ළඟින් පිහිටා ඇති බව පෙනුනත් එය මිථ්‍යාවකි. තාරකා රාශීන්ගේ සීමා අංකනයන් විවිධ සංස්කෘතීන් අනුව හා විවිධ ශිෂ්ඨාචාරයන්ට අනුව වෙනස් වේ. ටොලමිගේ දායකත්වය හේතුවෙන් තරමක් දුරට ව්‍යාප්ත වූ තාරකා ශාස්ත්‍රය එකල සිටි සියලුම ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින්ට ග්‍රහලෝක වල චලනයන් අධ්‍යනයට රුකුලක් විය. වෛද්‍යු ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥය ග්‍රහලෝක වලට හා අනෙකුත් ග්‍රහවස්තු වලට සිදු වුයේ කුමක්ද යන්න ගැන තොරතුරු සැපයුවත් ආරම්භයේදී බටහිර තාරක විද්‍යාඥයින් පර්යේෂණ ඇරඹුයේ පැරණි ග්‍රීක් සංකල්පයන් වු මහා සක්වල හා ක්ෂුද්‍ර ලෝකය පදනම් කරගෙනයි. එය තව දුරටත් තාරකා අධ්‍යනය සඳහා උනන්දු කරවීමට රුකුලක් විය. ටොලමි විසින් හඳුන්වා දෙන ලද ග්‍රහලෝක වල භ්‍රමණය පිලිබඳ හා අනෙකුත් ග්‍රහවස්තු වල චලනයන් පිලිබඳ හැකියාව ඔවුන් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිලිබඳ අනාවැකි ලෙස ඉදිරිපත් කරන්නට විය.

ඉස්ලාමීය ස්වර්ණමය යුගය තුල සොයා ගන්නා ලද තාරකා පරාමිතියක් වූ හිරුගේ කක්ෂයේ උත්කේන්ද්‍රීයතාව උපයෝගී කරගෙන ටොලමිගේ ආකෘතියෙන් ආසන්න ලෙස නිවැරදි අගයක් ගණනය කරගත හැකි විය. නිරීක්ෂණ මගින් තාරකා විද්‍යාවේ පුරෝකථන නිර්මාණය කළ ද ඒවායින් කොටසක් නිර්මාණය කරන අතර තුර හෝ නිර්මාණයෙන් පසු ඉස්ලාම් ආගම විසින් බොහෝ කාලයක් තහනම් කර තිබිණි.

1679 දී ලා කානෝසන්ස් දෙස් ටෙම්ප්ස් නම් කෘතිය එළිදැක්වීමත් සමඟ තාරකා විද්‍යාව තුලින් ගොඩනැගෙන ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිලිබඳ පැහැදිලි ප්‍රතික්ෂේපනයක් ඇති විය. බටහිර රටවල මෙන් නොව ඉරානය තුල ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය හා අජටාකාශ විද්‍යාව පිලිබඳ විශ්වාසය විශාල වශයෙන් පැතිරීම බිය අභිප්‍රේරණය කරමින් පීඩා ඇති කිරීමක් යයි සලකා සුර්ය කේන්ද්‍රීයතාව පිලිබඳ විරෝධය 20 වන සියවසේ ආරම්භය දක්වා පැවතිණි. පළමු ලෙස 1861 දී ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය හා පැරණි තාරකා ශාස්ත්‍රය පිලිබඳ ඇදහීම් වල පීඩා පමුණුවීම් ඉලක්ක කර ගනිමින් ලික්ටයිසඩ් අල් සල්තානාගේ ෆැලක් අල් සාඩා කෘතිය ප්‍රසිද්ධ කරන ලදී. එහිදී ඔවුන් සඳහන් කරන ලද්දේ ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින් කිහිපදෙනෙක් යමක් හා සම්බන්ධව සිදුවන සිදුවීමකදී හෝ ග්‍රහ තාරකා පිලිබඳ සත්‍යරුපී උපලක්ෂණ විස්තර කිරීමකදී ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින් සියලු දෙනාම එකම අනාවැකිය පලකිරීමට නොහැකියාවක් දක්වන බවයි.


නවීන විද්‍යාවේ චින්තනය[සංස්කරණය]

පරීක්ෂණ අතරතුරදී අසත්‍යේක්ෂණය නොකරන සංකල්පයක් වශයෙන් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය උදාහරණයට ගෙන අවිද්‍යාවෙන් විද්‍යාව වෙන් කරමින් මහා ප්‍රස්තූත අසත්‍යේක්ෂණ සංකල්ප පැහැදිලි කරන ලදී.

පරීක්ෂණ හා නැවත පරීක්ෂණ පවත්වා, ඒවා නිෂ්ඵල වී තිබුන ද ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින් නවීන විද්‍යාව විසින් පිලිනොගන්නා උදාහරණ ගෙනහැරපාමින් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රයේ නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ දරයි.

අසතොය්ක්ෂණය[සංස්කරණය]


විද්‍යාත්මක හා විද්‍යාත්මක නොවන දේ අග්‍රගන්‍ය කොට සලකනු ලබනුයේ අසතොය්ක්ෂණයේ සමහර මිනුම් තල මගිනි. මෙම මිනුම් තල යෝජනා කරනු ලැබුවේ විද්‍යාත්මක චින්තකයකු වනු කාල් පොප්පෙර් විසිනි. හැදින්වීම වෙනුවට වර්තමාන විද්‍යාත්මක ගවීෂණ සහජයෙන් වරද්දන්න තැත් කරන අලුත් පරීක්ෂණ විද්‍යාව විසින් බලාපොරොත්තු නොවේ. එම නිසා , සැම නිෂ්ඵල සහිත විද්‍යාත්මක සිද්ධාන්ත පරීක්ෂණ අනිවාර්යෙන්ම කල යුතුයි, සහ අනෙකුත් විශේෂ සිද්ධාන්ත සහිත ප්‍රතිඵල බලාපොරොත්තුවේ . අසතොය්ක්ෂණය උපයෝගී කරගන්න තාරකා විද්‍යාව මිත්‍යා විද්‍යාවකි. පොප්පෙර් නිරතුරුවම ගෙනහර දක්වන්නේ තාරකා විද්‍යාව මිත්‍යා විද්‍යාව බවයි . පොප්පෙර් සලකන අන්දමට තාරකා විද්‍යාව " මිත්‍යා - අනුභූතික " ඒ තුල "සිත් ඇදගන්නා සුළු පරීක්ෂණ - ගවීෂණ " ඇති අතර ,කිසිවක් විද්‍යාත්මක ප්‍රමිතියකට නැති බැවයි. විද්‍යාත්මක පිලිසසදුමට අනුව අසත්‍යයන ගවේෂණයන්ට තාරකා විද්‍යාව කිසිවිටකත් ප්‍රතිචාර නොදක්වන්යි.

ප්‍රහේලිකා විසදීමට නැත[සංස්කරණය]


පොප්පෙර්ගේ පිලිසසදුමට අනුව, චින්තක තෝමස් කුහං වාද කරනුයේ එය අසත්යෙක්ෂණය අඩුපාඩු නැතිවිට තාරකා විද්‍යාව විද්‍යාත්මක නොවූ එකක් බවයි. නමුත් ක්‍රියාවලි සහ සංකල්ප වලට වඩා තාරකා විද්‍යාව අනුභූතික නැත. කුහං ට අනුව තාරකා විද්‍යාව දුර්වල ගණයට වැටනුයේ ඉතිහාසත්මක අනාවැකි කීම සම්භාන්ධයෙන්ය, මෙම පසුබිම නිසා හදහන්පත් සැකසීම ඉතා බැරෑරුම් කාර්යයකි. කුහ්න්ස්ට එහා ගියහොත් තාරකා විද්‍යාව විද්‍යාවක් නොවන අතර නමුත් එය සැමවිටක පුරාතන ව්‍යිදයන්ට සමානය. අඩුපාඩුකම් සහිත ක්ෂේත්‍රයක් වූවත් ඔවුන් මගපෙන්වීම් හා නීති රීති ක්‍රියා පටිපාටි පිලිපදියි . මේ ක්ෂේත්‍රය සුනම්‍ය එකක් වන නිසා ඔවුන් පරේෂණ සිදු නොකරයි . මේ අතර තාරකා ශාස්ත්‍රඥයා නිවැරදි කරත් ධෛවඥයා එසේ කරන්නේ නැත.

වැඩිදියුණුව, පුහුණුව සහ සංස්ථයිතාවය[සංස්කරණය]


චින්තකයකු වන පුල් තගර්ඩ් සිතන අනන්දමට තාරකා විද්‍යාව අසත්‍ය බවට සලකන්නේ නැත්තේ අනුප්‍රප්තය ප්‍රතිස්ථාපනය කරන තුරුය. මෙම අවස්ථාවේදී අන්නවෙකි සලකන අන්දමට මානස ශාස්ත්‍රය ඒකාකාරී බවයි. වැඩිදියුණුව මෙහි අර්ථකතන දක්වා ඇත්තේ අලුත් සංසිද්දී හා දැනට පැනනැගී ඇති ප්‍රශ්න විසදීමයි. තගර්ඩ්ට අනුව නැකෙත්කරුවන් සාමාන්‍ය විද්‍යාව හා සම්භන්ධය ඔවුන්ගේ අඩිතාලම වී ඇත්තේ තාරකා විද්‍යාවය එය හොදින් ස්ථාපිත කරනලද වුව ද "නොවිසදු ප්‍රශ්න " ඇත. තර්ගර්ඩ් මිත්‍යා විද්‍යාවන් කිසිවිටකත් තකන්නේ නැත. හරි වැරදි සහ අසතොක්ෂණය අතරතුර සිද්ධාන්තය ගෙන සැලකීමත් වැදගත්ය. කුහ්න්ස් යොමුවෙලා සිටියේ ඉතිහාසය පිළිබදව ඇති සන්දර්බයන්ටය. නමුත් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය පිළිබද කමිටු ගැනත් සිතන්නට ගත්තේය.

  1. ඔවුන්ගේ දේ සහ අනිත් අයගේ දේ සේසදීම කේන්ද්‍ර ගත කරගෙන සිටීම.
  2. ස්ථීර මාර්ගයක් තිබීම.
  3. ඔවුගේ සිද්ධාන්ත මගින් වැරදි කියා ඔප්පු කිරීම.



ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පරීක්ෂණ[සංස්කරණය]

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය බොහෝවිට සත්‍යතාව බැලිය හැකි අනාවැකි පල කිරීමෙන් වලකින අතර ඒ වෙනුවට අසත්‍යනය කිරීම වැළක්විය හැකි අනුමාන ප්‍රකාශ මත විශ්වාසය තබයි. [18]:48-49 ශත වර්ෂ ගණනාවක් පුරාවට කල පරීක්ෂණ අනුව ජ්‍යෝතිශ්ශාස්ත්‍ර අනුමාන, අපේක්ෂිත ඉබේ සිදු වන සිදුවීම් වලට වඩා වැඩියෙන් නිරවද්‍ය වී නැත.[2] ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ප්‍රමාණාත්මකව පරික්ෂා කිරීම සඳහා භාවිතා කළ එක් ක්‍රමයක් ලෙස ව්‍යාජ අත්හදා බැලීම හැදින්විය හැක. අවශ්‍ය ජ්‍යෝතිශ්ශාස්ත්‍ර අනාවැකියක් තදබල පරික්ෂණාත්මක ක්‍රියා මාර්ග යටතේ කාල්මන් අත්හදා බැලීම් වලට ලක් කර පරික්ෂා කරන විට, එම අනාවැකි අසත්‍යතාවයට පත් විය.[2] සියලු පාලිත පරීක්ෂණද ප්‍රතිපල පෙන්වීමට අසමත් වේ.[16]:24

කාල්සන්ගේ පරීක්ෂණ[සංස්කරණය]

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය පරීක්ෂා කල හැකි යුගල ව්‍යාජ අත්හදා බැලීම් ක්‍රියා මාර්ගය සඳහා එය පිටුපස සිටින භෞතික විද්‍යාඥයා වන ශෝව්න් කාල්සන් සමග ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් සහ භෞතික විද්‍යාඥයන් එකග වී ඇත. පරීක්ෂණයෙහි නිගමනය වී ඇත්තේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයාගේ ක්‍රියාකාරිත්වයෙත්, අහම්බෙන් සිදුවිය හැකි ක්‍රියාවන්ගේත් වැඩි වෙනසක් නැති බවයි.


යුගල ව්‍යාජ අත්හදා බැලීම්ගේ යුගල ව්‍යාජ අත්හදා බැලීම් ගැලපුම් සටහන් පරීක්ෂණ, කීර්තිමත්ම ජ්‍යෝතිශ්ශාස්ත්‍ර පරීක්ෂණ ආයතනය [24][25] ලෙස ‘Nature’ [11]:67 සඟරාවේ සඳහන් California Psychological Inventory(CPI) මගින් ඇති කල මනෝමය පැතිකඩ උත්පත්ති සටහන් සමග ගැලපීමට ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 28ක් කැමැත්ත පල කර ඇත. යුගල ව්‍යාජ අත්හදා බැලීම් මගින් සහභාගිව ක්‍රියා කරන්නන්, අධ්‍යනය කරන පුද්ගලයන් ඇතුළු සියලුම නැඹුරුතාවයන් ප්‍රායෝගිකව ඉවත් කිරීමට උපකරී වේ.[11]:67 කාල්සන්ගේ අධ්‍යනයන් සඳහා භාවිතා කරන පරීක්ෂණ ක්‍රමවේදය භෞතික විද්‍යාඥයන් හා ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් කණ්ඩයමක් විසින් පුර්ව අනුමත කිරීමකට ලක් කර ඇත. [1] National Council for Geocosmic Research මගින් තෝරා පත් වූ ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන්, ජ්‍යෝතිශ්ශාස්ත්‍ර උපදේශකවරුන් ලෙස කටයුතු කර පරීක්ෂණය සාදාරණ බවට එකග විමට සහ සහතික කිරීමට උපකාරී වේ. [25]:117[26]:420 ඔවුන් ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 28 දෙනාගෙන් 26ක් පරීක්ෂණය සඳහා තෝරා ගන්නා අතර අනිත් දෙදෙනා ස්වේච්ජාවෙන් ඉදිරිපත් වුවන් ලෙස පසුව යොදා ගනී.[26]:420 ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් යුරෝපයෙන් හා ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණි අය වෙති.[25]:117 ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් පරීක්ෂණය සඳහා අවශ්‍ය මධ්‍ය ජ්‍යෝතිශ උත්පත්ති සටහන් ඇදීමට උපකාර කරයි.[26]:419 1985 ප්‍රකාශයට පත් වු Nature සඟරාවෙහි අනුමාන පදනම් කර ගත් ජ්‍යෝතිශ්ශාස්ත්‍රහි හා අහම්බෙන් සිදුවිය හැකි ක්‍රියාවන්ගෙන් වැඩි වෙනසක් නැති බව සහ එම පරීක්ෂණ “පැහැදිලිවම ජ්‍යෝතිශ්ශාස්ත්‍ර උපකල්පන නිශ්ප්‍රභා කරයි” යන බව සදහන් වේ.[26]

ඩීන් සහ කෙලී[සංස්කරණය]


විද්‍යාඥ සහ පෙර ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදී ජෙෆ්රි ඩීන් සහ මනෝවිද්‍යාඥ ඉවාන් කෙලී[27], මහා පරිමාණ විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වූ අතර ඒවා සිය ගණනකට අධික ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදයට අදාල නොවූ ඥානාත්මක, චර්යා, කායික සහ අනෙකුත් විචල්‍ය වලට අයත් වේ. වසර 10කට ආසන්න අත්දැකීම් ඇති, අත්හදා බැලීම් මූල 160ක් ඇති (මුල් නියැදි තරම 1198ක් වූ අත්හද බැලීම් මූල අතුරෙන්), Eysenck Personality Questionnaire හි අදාල ලක්ෂණ අන්තයට ඇති, විශ්වාසී ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 45ක් සම්බන්ධ කර ගෙන තව දුරටත් පරීක්ෂණ කරණ ලදී. මෙම ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් වයස අනුව එක් එක් පුද්ගලයාගේ තීරණ ගැනීමේදී සහ උපන්දින සටහන් රහිත පාලක විෂය 46ක් සඳහා වඩා නරක ලෙස ප්‍රතිපල දැක්වූවා.

වෙනත් පරීක්ෂණ[සංස්කරණය]


ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 700ක් සහ උපන්දින සටහන් 1000කට අධික ප්‍රමාණයක් මගින් අධ්‍යන 40ක් විශ්ලේෂණය කරන ලදී. නිවැරදි අර්ථකථනය රහිත සටහන් අතරින් නිවැරදි අර්ථකථනය සහිත එක් සටහනක් ගන්නා (3 – 5 වෙනත් සටහන්) තෝරා ගන්නා පරීක්ෂණ 10ක්, ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදීන් 300ක සහභාගිත්වයෙන් කරන ලදී. දිනය සහ අනෙකුත් පැහැදිලි ඉඟි ඉවත් කළ විට සටහනක් ඉදිරිපත් කිරීමට අර්ථාන්විත ප්‍රථිපල දැක්විය නොහැකි විය.

අධ්‍යන 10කදී ඉදිරිපත්වුවන් නිවැරදි තොරතුරු ඇතැයි සිතු කේන්දර තොර ගන්න ලදී. එයින් එකක් “නිවැරදි” පිළිතුරක් විය. නැවතත් එම ප්‍රතිපලයන්, අහම්බෙන් සිදුවිය හැකි ක්‍රියාවන්ගෙන් වැඩි වෙනසක් නැති බව පැහැදිලි විය.

2011 දී කළ අධ්‍යනවලදී එකිනෙකට විනාඩි 5ක් ඇතුලත ඉපදුන පුද්ගලයන් (කාල නිඹුල්ලු) කණ්ඩායමක් යොදා ගෙන ඒවා අතර තේරුම් ගත හැකි බලපෑමක් ඇත්දැයි පරික්ෂ කරන ලදී. එවැන්නක් සොයා ගත නොහැකි විය.

සංඛ්‍යාත්මක සමාජ විද්‍යාඥ ඩේවිඩ් වෝස් එංගලන්තයේ සහ වේල්ස්හි මිලියන 20කට අධික එක් එක් සංගණන දත්ත පරික්ෂා කර නක්ෂත්‍රය විවාහ කටයුතු සඳහා බලපානවාද යැයි සොයා බලන ලදී. එවැනි බලපෑමක් සොයා ගත නොහැකි විය.

අඟහරු ග්‍රහයාගේ බලපෑම[සංස්කරණය]

අඟහරු ගේ බලපෑමේ ආරම්භය සෙවීම, කීර්තිමත් ක්‍රීඩකයාගේ (N=570) ජන්ම පත්‍රය තුල අඟහරුගේ දෛනික පිහිටීමෙහි සාපේක්ෂ සංඛ්‍යාතය දැක්වීම හා අපේක්ෂිත ඵලාඵල සමඟ සංසන්දනය කිරීම ( රතු රේඛාව ).


1995දී ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදී සහ භෞතික විද්‍යාඥ මයිකල් ගොක්ලින් රාශි චක්‍රය සහ දශාව පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරිමට අපොහොසත් වුවද, ඇතැම් ග්‍රහලෝකවල දිනපතා පිහිටිම් තත්වය සහ වෘත්තිය සාර්ථකත්වය (වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, ක්‍රීඩකයන්, නළුවන්, ලේකඛයන්, චිත්‍ර ශිල්පියන් වැනි) අතර ධනාත්මක සහසම්බන්ධයක් ඇතැයි සොය ගන්න ලදී. එම ග්‍රහලෝක සම්ප්‍රදායිකව ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදය සමග බැඳී ඇතැයි කියනු ලැබේ. ගොක්ලින්ගේ හොඳම සොයා ගැනීම පදනම් වී ඇත්තේ උත්පත්ති සටහනෙහි අඟහරු ග්‍රහයාගේ පිහිටීම හෙවත් “අඟහරු බලපෑම” මතයි.

ප්‍රංශ විද්‍යාඥයින් 7 දෙනෙකු විසින් කරන ලද අධ්‍යනයකදී ප්‍රතිවලිත අයිතිවාසිකම් කියා පෑමට උත්සහ කල නමුත් සංඛ්‍යාන සාක්ෂි සොයා ගත නොහැකි විය. ඔවුහු ගොක්ලින්ගේ කොටසෙහි තෝරාගත් නැඹුරුතාවයන්ගේ බලපෑම ආරෝපිත කළ අතර තමන්ගේ නම් එකතු කිරීමට හෝ ඉවත් කිරීමට ගොක්ලින්ට චෝදනා මුඛයෙන් ඒත්තු ගැන්වීම සිදී කරන ලදී.

ජෙෆ්රි ඩීන් මෙම බලපෑම සිදු වන්නේ ගොක්ලින්ගේ අදහස අනුව නොව දෙමවුපියන් විසින් උපන් දිනයන් නැවත ඉදිරිපත් කිරීමෙන් බවට අදහස් ඉදිරිපත් කරන ලදී. අදහස වුයේ ඇතැම් දෙමවුපියන් හොඳ වෘත්තියක් සහිත උත්පත්ති සටහනක් ලබා ගැනීම සඳහා උපන් වේලාවන් වෙනස් කර ඇති බවයි. මෙම දත්ත සාම්පල ලබා ගෙන ඇත්තේ ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදය පිළිබඳව විශ්වාසය මිනිසුන් අතර පොදු දෙයක් බවට පත්ව තිබු කාලයකයි. හෙදියන් හා වෛද්‍යවරුන් විසින් උපන් වේලාවන් පිළිබඳව තොරතුරු සටහන් කරන නූතන ජනගහනය සමග අඟහරු ග්‍රහයාගේ බලපෑම පිළිබඳව සොයා ගැනීමට ගොක්ලින් අපොහොසත් විය. ජ්‍යෝතිශ්ශාස්ත්‍රවේදය අනුව නුසුදුසු උපත් සංඛ්‍යාවද අවම වී ඇත. එමගින් දෙමවුපියන් තමන්ගේ විශ්වාසයන්ට අනුව උපන් දිනයන් සහ වේලාවන් වෙනස් කර ගන්නා බවට සාධක ලැබේ.

මනෝවිද්‍යාව සහ සමාජ විද්‍යාව[සංස්කරණය]


පක්ෂපාතිත්ව නැඹුරුතාව තාරකාශාස්ත්‍රය ගැන ඇති විශ්වාසය කෙරෙහි බලපාන මානසික සාධකයක් බව පෙන්වා දී ඇත. පක්ෂපාතිත්ව නැඹුරුතාව යනු ඥානාත්මක නැඹුරුතාවයේ එක් ස්වරූපයකි. තාරකාශාස්ත්‍රය විශ්වාස කරන්නන් සැබෑ වූ අනාවැකි මතකයේ තබා ගෙන සැබෑ නොවූ අනාවැකි අමතක කර දමන බව පෙනී යයි.

තාරකාශාස්ත්‍රය ගැන විශේෂ හැකියාවකින් කරනු ලබන බව පෙනෙන අනාවැකි හා එසේ නොවන අනාවැකි වෙන්කර හඳුනා ගැනීමට තාරකාශාස්ත්‍රය විශ්වාස කරන්නන්ට නොහැකි වීම තුල ද පක්ෂපාතිත්ව නැඹුරුතාවයේ තවත් ස්වරුපයක් පෙන්නුම් කරයි.

මේ අනූව තාරකා විද්‍යාව කෙරෙහි ඇති විශ්වාසය සම්බන්දයෙන් වන පක්ෂපාතිත්ව නැඹුරුතා වෙනස් ප්‍රභේද දෙකක් අධ්‍යයනය වෙමින් ඇත.