ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය-යුරෝපය

විකිපීඩියා වෙතින්

යුරෝපය[සංස්කරණය]

2001 ඔක්තෝම්බර් මාසයේ ආරම්භ වූ “ඇක්ටිව් එන්ඩෙවර්” මෙහෙයුම යනු නැටෝ සංවිධානයේ නාවික මෙහෙයුමකි. එය ආරම්භ කරන ලද්දේ 9/11 ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙනි. මෙය මධ්‍යධරණි මුහුදෙහි ක්‍රියාත්මක වූ අතර සැළසුම් කරන ලද්දේ ත්‍රස්තවාදින් විසින් සමූල ඝාතන අවි ජාවාරම වැලැක්වීම මෙන්ම නාවික කටයුතුවලදී ආරක්ෂාව අපේක්ෂාවෙනි. මෙම මෙහෙයුම ග්‍රිසියට අනවසරයෙන් ඇතුල් වන්නන් වැලැක්වීම සඳහාද සහයෝගය දැක්වීය.

මැද පෙරදිග

1990 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරාකය නම් කර තිබුනේ ත්‍රස්තවාදය පෝෂණය කරන රටක් වශයෙනි. එමෙන්ම ගල්ෆ් යුද්ධය ඇරඹි‍දින පටන් ඉරාකය හා එක්සත් ජනපදය අතර සබඳතා පැවතියේ දුර්වල මට්ටමකිනි. 1990 දශකයේදි ඉරාකය හා එක්සත් ජනපදය අතර පැවති නොසන්සුන් වාතාවරණය 1998 දී එක්සත් ජනපදය විසින් ඉරාකයට එරෙහිව ‘ඔපරේෂන් ඩෙසර්ට් ෆොක්ස්’ මෙහෙ‍යුම ක්‍රියාත්මක වීම දක්වා උග්‍ර අතට හැරුනේය. ඒ වන විට ඉරාකය තුල තිබෙන අවි පරික්ෂාවට ‘කොන්දේසි විරහිත එකඟවීමට’ ඉරාකය අසමත් වී තිබුනේය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඉරාකය එක්සත් ජනපදයට තර්නජනයක් වනු ඇතැයිද, එසේ වන්නේ ඉරාකය විසින් ත්‍රස්තවාදි කණ්ඩායම් වලට සමූල ඝාතණ අවි සැපයීම ආරම්භ කිරීමෙන් බවද එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කර තිබුනේය.

ඉරාකය වෙත අවි පරීක්ෂකවරු යවා එහි තිබෙන සමූල ඝාතණ අවි සොයා විනාශ කිරීමටද එක්සත් ජාතීන්ගේ අ‍ාරක්ෂක කවුන්සිලයේ විසඳුමක් ලබා දෙන ලෙසද ඉල්ලා ජනාධිපති බුෂ් එම ආරක්ෂක කවුන්සිලයට ඉල්ලීමක් කර තිබුනේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 1441 දරණ යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වුනු අතර එය සමූල ඝාතණ අවි සම්බන්ධව ඉරාකයට තිබෙන චෝදනාවෙන් ගැලවීමට ලැබුණු අන්තිම අවස්ථාවද එසේ නොවුනහොත් එහි නරක ප්‍රතිඵල භුක්ති විඳිමට ලැබෙන අවස්ථාවක්ද විය. එක්සත් ජාතීන්ගේ අවි පරික්ෂකවරුනට ඉරාකයේ අදාල ප්‍රදේශවලට ප්‍රවිශ්ඨ වීමේ අවසරය පසුව සදාම් හුසේන් විසින් ලබා දෙන ලදී. 2002 ඔක්තෝම්බර් මාසයේදි එක්සත් ජනපද කොංග්‍රසය විසින් අවශ්‍ය නම් බලය යොදවා ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය කිරීමට ඉරාකය නිරායුධ කිරීමේ බලය ලබා දෙන ලදී. එහෙත් ප්‍රංශය,රුසියාව සහ චීනය එක්සත් ජාතීන්ගේ යෝජනාවට එරෙහි වූ අතර එය අභිබවා යාමට එක්සත් ජනපදයට නොහැකි විය. ඒ වන විට අවි පරීක්ෂකවරුන්ගේ අවි පරික්ෂණ කටයුතු අවසාන වී නොතිබුනි. අවි පරක්ෂකවරුන්ගේ තීරණය සමහර විට ඉරාකය විසින් කරනු ලැබේ යයි කියන රැවටිලි කාරි ක්‍රියාවන් නිසා එක්සත් ජනපදය විසින් පිළිනොගන්නා තත්වයක පැවතියේය. මේ අතර එක්සත් ජනපදය, ඉරාකයට එරෙහිව යුද්ධයක් සඳහා උදව් කිරීමට කැමති රටවල් වලින් යුත් සන්ධානයක් කැ‍ඳෙව්වේය. 2003 මාර්තු 20 වෙනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මගින් කියා තිබුනු “බරපතල විපාක” නමින් හැඳින්වෙන ඉරාක ආක්‍රමණය ආරම්භ කරන ලද්දේය.

සදාම් හුසේන් පාලනය ඉක්මණින් ඇද වැටුනේ 2003 මැයි 1 වැනි දින ජනාධිපති බුෂ් කියා සිටියේ ඉරාකයට එරෙහි මහා පරිමාණ මෙහෙයුම් අවසාන බව සහ තමන් ජයග්‍රහණය ලත් බවයි. එහෙත් ත්‍රස්තවාදි ක්‍රියාවන් ලෙස යුද්ධය දික් ගැස්සුනේ ඔවුන් පිහිටුවා තිබු ඉරාක පොලිසිය ඒකාබද්ධ හමුදාව රජයේ ව්‍යුහයන්ට එරෙහිව ත්‍රස්තවාදි ක්‍රියා ඇති විය. ත්‍රස්තවාදි ක්‍රියා මෙහෙයවන ලද්දේ ඉරාක ජාතිවාදි සහ සම්පූර්ණයෙන් අරාබි ජාතිකයන් වූ සුන්නි මුස්ලිම් පිරිස් විසිනි. ඇතැම් ත්‍රස්තවාදි නායකයින් ඉස්ලාම් භක්තිකයින් මෙන්ම ශුද්ධ වූ යුද්ධයක් කරන්නවුන් ලෙස ඔවුන්ම හඳුන්වා ගත් ඉරාකය විදේශීය වූත්, මුස්ලිම් ‍නොවන වූත් අයගේ ප‍ාලනයෙන් මුදා ගැනීමේ අභිප්‍රායෙන් කටයුතු කළ අය වූහ.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/War_on_terror#Europe