ඩොමීනියන් රාජ්‍යය දිනය

විකිපීඩියා වෙතින්

ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, නවසීලන්තයෙහි ජාතික තත්ත්වය ප්‍රදානය කිරීම සමරන දිනයක් වන අතර, 1949 වසර වන තුරු නිව්ෆවුන්ඩ්ලන්තයෙහි සහ 1982 වසර වන තුරු කැනඩාවෙහි එම සිද්ධිය අරභයා එය සමරන ලදි.

කැනඩාව[සංස්කරණය]

මෙයද බලන්න: කැනඩා දිනය
පාර්ලිමන්ට් හිල් වෙත රැස්වූ ජනතාව, 1927 වසරෙහිදී ඩොමීනියන් රාජ්‍යය දිනය, එනම් සහසන්ධියනයෙහි 60 වන ජයන්ති උත්සවය සමරන අයුරු

ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1867 ජූලි 1 වන දිනදී ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් කැනඩාව සංස්ථාපනය කිරීම සිහිකිරීම වෙනුවෙන් පැවැති නිවාඩුදිනයට භාවිතා කල නම වෙයි. 1982 ඔක්තොම්බර් 27 වන දින නීතිගතවූ පාර්ලිමේන්තු පණත තුලින්, මෙම නිවාඩුදිනය කැනඩා දිනය බවට වෙනස් කෙරිණි.

නිව්ෆවුන්ඩ්ලන්තය[සංස්කරණය]

මෙයද බලන්න: කැනඩා දිනය

ඩොමීනියන් රාජ්‍යය දිනය යනු, 1907 සැප්තැම්බර් 26 දිනදී ( නවසීලන්තය සඳහාවූ දිනයෙහිදීම) ඩොමීනියන් රාජ්‍යයක් වශයෙන් නිව්ෆවුන්ඩ්ලන්තය ස්ථාපනය කිරීම සැමරීම සඳහා පැවති නිවාඩු දිනයක් වන අතර, 1949 වසරෙහිදී කැනඩාව හා සහසන්ධීයනයක් ලෙසින් එය එක් වීම වන තුරු සමරන ලදි.

නවසීලන්තය[සංස්කරණය]

මෙයද බලන්න: නවසීලන්තයේ නිදහස සහ නවසීලන්ත ඩොමීනියන් රාජ්‍යය

ඩොමිනියන් රාජ්‍යය දිනය යනු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල, ඩොමීනියන් රාජ්‍ය තත්ත්වය, 1907දී නවසීලන්තය වෙත පිරිනැමීමෙහි සංවත්සරය වන, සැප්තැම්බර් 26 සඳහා දී ඇති නමයි. [1] එය තවදුරටත් ව්‍යවස්ථාපිත (බැංකු) නිවාඩු දිනයක් නොවන අතර, මෙම දිනය තුල වර්තමානයේ සිදුකෙරෙන එකම නිල සැමරුම වන්නේ, දකුණු කැන්ටබරියේ පළාත්මය සංවත්සර දිනයක් වන අතර, එය සැප්තැම්බරයේ සතරවන සඳුදා දිනයේ පැවැත්වෙයි.[2] නවසීලන්තයේ වර්තමාන ජාතික දිනය වන වයිටන්ගි දිනය යළි-නම්කිරීම වෙනුවට, විකල්ප නවසීලන්ත දිනයක් ලෙසින්,මෙම දිනය පැවැත්වීම පිළිබඳව සහයෝගයක්, කිසියම් කොටස් වෙතින් පිරිනැමෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. ඩොමීනියන් ස්ටේටස් | NZHistory.net.nz, නිව් සීලන්ඩ් හිස්ට්‍රි ඔන්ලයින්. NZHistory.net.nz.
  2. NZ පබ්ලික් හොලිඩේ ඩේට්ස් 2006-2009 : එම්ප්ලෝයිමන්ට් රිලේෂන්ස් සර්විස්., http://www.ers.dol.govt.nz/holidays_act_2003/dates/2006_9.html, ප්‍රතිෂ්ඨාපනය 2013-09-25 

සටහන්[සංස්කරණය]