ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් රැස් කොට ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ශතක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
Black and white image of a man in cap and white cricket kit with batting pads and gloves on, walking onto a cricket ground. A number of spectators are in the background behind a fence.
"සමස්ත කාලයේදීම හොඳම ටෙස්ට් ඉනිම" ලෙස හැඳින්වෙන, 1937 දී එංගලන්තයට එරෙහිව ලකුණු 270 රැස් කිරීම සඳහා බ්‍රැඩ්මන් පිටිය මැදට ඇවිද යන අයුරු.[1]

සමස්ත කාලයේදී බිහිවූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් බොහෝවිට හැඳින්වෙන, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින්, [2][3][4] 1928 සිට 1948 දක්වා පැවැති ඔහුගේ ජාත්‍යන්තර අභිවෘත්තියෙහිදී, ටෙස්ට් ක්‍රිකට් ශතක විසි නවයක් රැස් කර ගෙන ඇත. [N 1] > කෙසේවෙතත්, දෙවන ලෝක යුද්ධය ඇරඹීම නිසාත් ඉන්පසුව අසනීප තත්වයෙහි පසුවීම නිසාත්, 1940 සිට 1946 දක්වා ඔහුගේ ක්‍රිකට් අභිවෘත්තිය අතරමැද බිඳිණි. [5] 1936–1937 තරග වාරයේදී, ඔහු ඕස්ට්‍රේලියානු පිළෙහි නායකත්වය භාර ගත් අතර, [6] නායකයා වශයෙන් කටයුතු කරද්දී ඔහුගේ ශතකයන්ගෙන් දහහතරක් රැස් කර ගති. [7]තනි පිතිකරුවෙකු විසින් රැස් කර ඇති වැඩිම ද්විත්ව ශතක ගණන පිළිබඳ ලෝක වාර්තාවට බ්‍රැඩ්මන් හිමිකම් කියන්නේ ඔහු විසින් රැස් කර ඇති ද්විත්ව ශතක දොළස නිසාය.[8] දෙවතාවක් ත්‍රිත්ව ශතක රැස් කල පිතිකරුවන් සතරදෙනා අතුරින් පළමුවැන්නා වූයේ ඔහු වන අතර, බ්‍රයන් ලාරා, විරෙන්ද්‍ර ෂෙවාග් සහ ක්‍රිස් ගේල් යන පිතිකරුවෝ ඔහුට පසුව මෙය සිදු කලහ. [9] එංගලන්තයට එරෙහිව ඔහු විසින් රැස් කරන ලද ශතක දහනවය, තනි කණ්ඩායමකට එරෙහිව රැස් කරන ලද වැඩිම ශතක සංඛ්‍යාවෙහි ලෝක වාර්තාව වෙයි. [10]

1930 අළු බඳුන කරගාවලියෙහිදී එංගලන්තයට එරෙහිව ඔහු විසින් 334—ඔහුගේ පළමු ත්‍රිත්ව ශතකය —රැස් කල විට, බ්‍රැඩ්මන් විසින් එම ලකුණු අතරින් ලකුණු 309 ප්‍රමාණයක් රැස් කලේ, 1930 ජූලි 11 දිනදී වන අතර, වර්තමානයෙහිදීද තනි පිතිකරුවෙකු විසින් එක් දිනයකදී රැස් කෙරුණු වැඩිම ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාව එය වෙයි. [11] එය වැඩිම පෞද්ගලික ටෙස්ට් ලකුණු ප්‍රමාණය වූයේ, 1933 දී වොලී හැමන්ඩ් විසින් ලකුණු 336 රැස් කල තෙක්ය. [12] ලෙන් හට්න් විසින් 1938දී ලකුණු 364ක් රැස් කර වොලී හැමන්ඩ් පසු කල අතර, එම වාර්තාව 1958 වන තුරු පැවතියේ ගාෆීල්ඩ් සෝබර්ස් විසින් නොදැවී ලකුණු 365 රැස් කරන තුරුය. පසුව, වසර 2004 දී බ්‍රයන් ලාරා විසින් ලකුණු 400 ක් රැස් කලේය. පෙර සඳහන් කල තරගාවලියෙහිදීම, බ්‍රැඩ්මන් විසින් තවත් ශතකයක් සහ ද්විත්ව ශතක දෙකක් රැස් කල අතර, ඉනිම 7 කදී ලකුණු 974ක් රැස් කලේය;මෙය තනි පිතිකරුවෙකු විසින් එක් තරගාවලියකදී රැස් කල වැඩිම ලකුණු ප්‍රමාණය වෙයි.[13] 1937දී, ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් පෙලෙමින් සිටි බ්‍රැඩ්මන්, පිතිකරන ලැයිස්තුවෙහි සත්වන ස්ථානයේ ක්‍රීඩා කරමින් සිටියදී, ලකුණු 270 රැස් කරමින්, තම පිළ එංගලන්තයට එරෙහි ජයග්‍රහණයක් වෙත මං යොමු කර දුනි. [14] 2001 වසරෙහිදී, විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලිත විසින් තක්සේරුකෙරුණේ එය සමස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙහි විශිස්ටතම ඉනිම බවයි.[1]7 වන අනුස්ථිතියෙහි පිටියට පිවිසි පිතිකරුවෙකු විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව එය වන අතර, 1934දී එංගලන්තයට එරෙහි ඔහුගේ ලකුණු 304, අංක 5 පිතිකරුවෙකු විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.[15]

1948 වසරෙහිදී ක්‍රීඩාවෙන් ඔහු සමුගැනීම සිදු වන විට, ඉනිම අසූවක් තුලදී බ්‍රැඩ්මන් ශතක විසි නවයක් රැස් කර තිබුණි. ඔහුගේ ටෙස්ට් ලකුණු 6,996 අතුරින් ලකුණු 5,393 ක් රැස් කිරීමට උපකාරී වූ මෙම ශතක, [16] ක්‍රීඩා කල ඉනිමකට 36.25% ප්‍රමාණයක් ශතක යන අනුපාතයක් ඇතිව රැස් කර තිබුණි. [17] මෙය නිසා 99.94අභිවෘත්ති පිතිකරන සාමාන්‍ය අගයයක් පවත්වාගෙන යෑමට ඔහුට හැකි වූ අතර, වෙනත් කිසිම පිතිකරුවෙකුට 61 සංඛ්‍යාව තරමට හෝ පිවිසීමට නොහැකි විය.[N 2] [18] ඔහුගේ අවසන් ඉනිමේ තවත් ලකුණු සතරක් රැස් කලේ නම්, මෙම සාමාන්‍ය අගයය 100 ක් සහිතව ක්‍රීඩාවෙන් සමු ගැනීමට ඔහුට හැකියාව තිබුණි. [19][20]

සූචිය[සංස්කරණය]

සංකේතය අර්ථය
* නො දැවී රැඳී සිටියේය
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරීය
ටෙස්ට් එම තරගාවලියේ ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව
ස්ථානය පිතිකරන අනුපිළිවෙලෙහි ස්ථානය
ඉනිම තරගයේ ඉනිම
සි/පි ක්‍රීඩා කරන තැන පිහිටුම සියරට (ඕස්ට්‍රේලියාව) ද නැතිනම් පිටරටද යන බව.
පැරදුනි ඕස්ට්‍රේලියාව විසින් තරගය පැරදුනි.
දිනාගති ඕස්ට්‍රේලියාව විසින් තරගය දිනාගති.
ජය පැරදුමකින් තොරව තරගය ජය පැරදුමින් තොර විය

ටෙස්ට් ක්‍රිකට් ශතක[සංස්කරණය]

අංකය. ලකුණු ගණන එරෙහිව ස්ථානය. ඉනිම. ටෙස්ට් පිහිටුම සි/පි දිනය ප්‍රතිඵලය
1 &0000000000000112.000000112  එංගලන්තය 6 3 3/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0029-12-19281928 දෙසැම්බර් 29 පැරදුනි[21]
2 &0000000000000123.000000123  එංගලන්තය 5 2 5/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0008-03-19291929 මාර්තු 8 දිනාගති[22]
3 &0000000000000131.000000131  එංගලන්තය 3 4 1/5 ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් පිටරට 0013-06-19301930 ජූනි 13 පැරදුනි[23]
4 &0000000000000254.000000254  එංගලන්තය 3 2 2/5 ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය පිටරට 0027-06-19301930 ජූනි 27 දිනාගති[24]
5 &0000000000000334.000000334  එංගලන්තය 3 1 3/5 හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් පිටරට 0011-07-19301930 ජූලි 11 ජය පැරදුමකින් තොරව [25]
6 &0000000000000232.000000232  එංගලන්තය 3 2 5/5 දි ඕවල් , ලන්ඩනය පිටරට 0016-08-19301930 අගෝස්තු 16 දිනාගති[26]
7 &0000000000000223.000000223  බටහිර ඉන්දීය කොදෙව් 3 1 3/5 බ්‍රිස්බන් ප්‍රදර්ශන ක්‍රීඩාපිටිය, බ්‍රිස්බන් සියරට 0016-01-19311931 ජනවාරි 16 දිනාගති[27]
8 &0000000000000152.000000152  බටහිර ඉන්දීය කොදෙව් 3 2 4/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0013-02-19311931 පෙබරවාරි 13 දිනාගති[28]
9 &0000000000000226.000000226  දකුණු අප්‍රිකාව 3 1 1/5 ද ගැබා, බ්‍රිස්බන් සියරට 0027-11-19311931 නොවැම්බර් 27 දිනාගති[29]
10 &0000000000000112.000000112  දකුණු අප්‍රිකාව 4 2 2/5 සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි සියරට 0018-12-19311931 දෙසැම්බර් 18 දිනාගති[30]
11 &0000000000000167.000000167  දකුණු අප්‍රිකාව 3 3 3/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0031-12-19311931 දෙසැම්බර් 31 දිනාගති[31]
12 &0000000000000299.000000299*  දකුණු අප්‍රිකාව 3 2 4/5 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් සියරට 0029-01-19321932 ජනවාරි 29 දිනාගති[32]
13 &0000000000000103099999103*  එංගලන්තය 4 3 2/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0030-12-19321932 දෙසැම්බර් 30 දිනාගති[33]
14 &0000000000000304.000000304  එංගලන්තය 5 2 4/5 හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් පිටරට 0020-07-19341934 ජූලි 20 ජය පැරදුමකින් තොරව[34]
15 &0000000000000244.000000244  එංගලන්තය 3 1 5/5 දි ඕවල්, ලන්ඩනය පිටරට 0018-08-19341934 අගෝස්තු 18 දිනාගති[35]
16 &0000000000000270.000000270♠  එංගලන්තය 7 3 3/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0001-01-19371937 ජනවාරි 1 දිනාගති[36]
17 &0000000000000212.000000212♠  එංගලන්තය 3 3 4/5 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් සියරට 0029-01-19371937 ජනවාරි 29 දිනාගති[37]
18 &0000000000000169.000000169♠  එංගලන්තය 3 1 5/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0026-02-19371937 පෙබරවාරි 26 දිනාගති[38]
19 &0000000000000144.000000144*♠  එංගලන්තය 3 3 1/5 ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් පිටරට 0010-06-19381938 ජූනි 10 ජය පැරදුමකින් තොරව[39]
20 &0000000000000102.000000102*♠  එංගලන්තය 3 4 2/5 ලෝඩ්ස් ක්‍රිකට් පිටිය, ලන්ඩනය පිටරට 0024-06-19381938 ජූනි 24 ජය පැරදුමකින් තොරව[40]
21 &0000000000000103000000103♠  එංගලන්තය 4 2 4/5 හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් පිටරට 0022-07-19381938 ජූලි 22 දිනාගති[41]
22 &0000000000000187.000000187♠  එංගලන්තය 3 1 1/5 ද ගැබා, බ්‍රිස්බන් සියරට 0029-11-19461946 නොවැම්බර් 29 දිනාගති[42]
23 &0000000000000234.000000234♠  එංගලන්තය 6 2 2/5 සිඩ්නි ක්‍රිකට් පිටිය, සිඩ්නි සියරට 0013-12-19461946 දෙසැම්බර් 13 දිනාගති[43]
24 &0000000000000185.000000185♠  ඉන්දියාව 3 1 1/5 ද ගැබා, බ්‍රිස්බන් සියරට 0028-11-19471947 නොවැම්බර් 28 දිනාගති[44]
25 &0000000000000132.000000132♠  ඉන්දියාව 3 1 3/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0001-01-19481948 ජනවාරි 1 දිනාගති[45]
26 &0000000000000127.000000127*♠  ඉන්දියාව 6 3 3/5 මෙල්බර්න් ක්‍රිකට් පිටිය, මෙල්බර්න් සියරට 0001-01-19481948 ජනවාරි 1 දිනාගති[45]
27 &0000000000000201.000000201♠  ඉන්දියාව 3 1 4/5 ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ් සියරට 0023-01-19481948 ජනවාරි 23 දිනාගති[46]
28 &0000000000000138.000000138♠  එංගලන්තය 3 2 1/5 ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටිංහැම් පිටරට 0010-06-19481948 ජූනි 10 දිනාගති[47]
29 &0000000000000173.000000173*♠  එංගලන්තය 3 4 4/5 හෙඩිංලි ක්‍රීඩාංගණය, ලීඩ්ස් පිටරට 0022-07-19481948 ජූලි 22 දිනාගති[48]

සටහන්[සංස්කරණය]

  1. බ්‍රැඩ්මන් ක්‍රීඩා කලේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග වලදී පමණක් වන අතර, එකල ඒවා ක්‍රීඩා නොකල බැවින්, එක් දින ජාත්‍යන්තර සහ විස්සයි20 ජාත්‍යන්තර සඳහා ක්‍රීඩා කර නොමැත.
  2. අවම වශයෙන් ඉනිම විස්සක් හෝ පිතිකරනයේ යෙදුනු පිතිකරුවන් අතුරින් ගණනය කෙරිණි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "ලක්ෂ්මන්, කුම්බ්ලේ ඉන් විස්ඩන්ස් ටොප් ටෙන් ලිස්ට්". ක්‍රික්ඉන්ෆෝ. 26 ජූලි 2001. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  2. ආම්ස්ට්‍රෝං, ජෙෆ් (2003). ලෙජන්ඩ්ස් ඔෆ් ක්‍රිකට්. ඇලන් ඇන්ඩ් අන්වින්. p. 14. ISBN 978-1-86508-836-5.
  3. ඈෂ්ලි ඇලෙක්සැන්ඩර්, මැලට් (2001). ඉලෙවන්: ද ග්‍රේටස්ට් ඉලෙවන් ඔෆ් ද ට්වෙන්ටියත් සෙන්චරි. ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 39. ISBN 978-0-7022-3258-9.
  4. නැෂනල් ට්‍රෙෂර්ස් ෆ්‍රොම් ඕස්ට්‍රේලියාස් ග්‍රේට් ලයිබ්‍රරීස්. ඕස්ට්‍රේලියාවේ ජාතික පුස්තකාලය. 2005. p. 114. ISBN 978-0-642-27620-9.
  5. පේජ්, මයිකල්. "බයෝග්‍රැෆිකල් එසේ බයි මයිකල් පේජ්". දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත පුස්තකාලය. සම්ප්‍රවේශය 3 ජනවාරි 2010.
  6. "සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්". ද ටෙලිග්‍රාෆ්. 27 පෙබරවාරි 2001. http://www.telegraph.co.uk/news/obituaries/1324263/Sir-Donald-Bradman.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 ජනවාරි 2010. 
  7. "ඩීජී බ්‍රැඩ්මන් – සෙන්චරීස් ඉන් ටෙස්ට් ක්‍රිකට් ඈස් කැප්ටන්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 5 ජනවාරි 2010.
  8. "මෝස්ට් ඩබල් හන්ඩ්‍රඩ්ස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  9. "මෝස්ට් ට්‍රිපල් හන්ඩ්‍රඩ්ස් ඉන් අ කරියර්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  10. "මෝස්ට් හන්ඩ්‍රඩ්ස් අගේන්ස්ට් වන් ටීම්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  11. "මෝස්ට රන්ස් ඉන් අ ඩේ". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  12. "මෝස්ට් රන්ස් ඉන් ඇන් ඉනිංස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 19 ජනවාරි 2010.
  13. "මෝස්ට රන්ස් ඉන් අ සීරීස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  14. "ඉංග්ලන්ඩ් වර්සස් ඕස්ට්‍රේලියා 1936/37". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  15. "මෝස්ට් රන්ස් ඉන් ඇන් [[ඉනිම#ක්‍රිකට්|ඉනින්ස්]] (බයි බැටිං පොෂිසන්)". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010. {{cite web}}: URL–wikilink conflict (help)
  16. "ඩීජී බ්‍රැඩ්මන් – සෙන්චරීස් ඉන් ටෙස්ට් මැචර්ස්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  17. "ප්ලේයර්ස් බැටිං 30 ඉනිංස් විත් 10% සෙන්චරීස්". Howstat. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  18. "හයස්ට් කැරියර් බැටිං ඇවරේජ්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  19. "විස්ඩන්ස් ක්‍රිකටර්ස් ඔෆ් ද සෙන්චරි". බීබීසී නිවුස්. 5 අප්‍රේල් 2000. http://news.bbc.co.uk/2/hi/sport/cricket/702818.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 5 ජනවාරි 2010. 
  20. "ද ලෙජන්ඩ් ඔෆ් "ද ඩොන්" (රූපවාහිනී වැඩසටහන් පිටපත)". ඕස්ට්‍රේලියානු පුළුල්විදැමුම් සංස්ථාව. 26 පෙබරවාරි 2001. සම්ප්‍රවේශය 5 ජනවාරි 2010.
  21. "ද ඈෂර්ස් (1928/29) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  22. "දි ඈෂර්ස් (1928/29) – ෆිෆ්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  23. "දි ඈෂර්ස් (1930) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  24. "දි ඈෂර්ස් (1930) – සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  25. "දි ඈෂර්ස් (1930) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  26. "දි ඈෂර්ස් (1930) – ෆිෆ්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  27. "වෙස්ට් ඉන්ඩීස් ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1930/31) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  28. "වෙස්ට් ඉන්ඩීස් ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1930/31) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  29. "සවුත් ඇෆ්රිකා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1931/32) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  30. "සවුත් ඇෆ්රිකා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1931/32) – සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  31. "සවුත් ඇෆ්රිකා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1931/32) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  32. "සවුත් ඇෆ්රිකා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1931/32) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  33. "දි ඈෂර්ස් (1932/33) – සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  34. "දි ඈෂර්ස් (1934) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  35. "දි ඈෂර්ස් (1934) – 5th Test". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  36. "දි ඈෂර්ස් (1936/37) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  37. "දි ඈෂර්ස් (1936/37) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  38. "දි ඈෂර්ස් (1936/37) – ෆිෆ්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  39. "දි ඈෂර්ස් (1938) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  40. "දි ඈෂර්ස් (1938) – සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  41. "දි ඈෂර්ස් (1938) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  42. "දි ඈෂර්ස් (1946/47) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  43. "දි ඈෂර්ස් (1946/47) – සෙකන්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  44. "ඉන්ඩියා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1947/48) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  45. 45.0 45.1 "ඉන්ඩියා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1947/48) – තර්ඩ් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  46. "ඉන්ඩියා ඉන් ඕස්ට්‍රේලියා ටෙස්ට් සීරීස් (1947/48) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  47. "දි ඈෂර්ස් (1948) – ෆර්ස්ට් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.
  48. "දි ඈෂර්ස් (1948) – ෆෝර්ත් ටෙස්ට්". ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 1 ජනවාරි 2010.