ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් සමාගම

විකිපීඩියා වෙතින්
DreamWorks Animation SKG, Inc.
වර්ගයPublic
පූර්වගාමියාAmblimation
ස්ථාපිතය1998
ප්‍රාරම්භකSteven Spielberg
Jeffrey Katzenberg
David Geffen
මූලස්ථානයGlendale, California, United States
පිහිටිස්ථානයන් ගණනRedwood City, California, United States
ප්‍රධාන පුද්ගලයන්Jeffrey Katzenberg, CEO
Roger Enrico, Chairman
Lew Coleman, President
කර්මාන්තයCGI animation
Motion pictures
නිෂ්පාදිතයන්Animated films
කොටඨාශMoonBoy Animation
වෙබ්අඩවියdreamworksanimation.com/
විකුණනු ලබන්නේසැකිල්ල:Nasdaq

ඩ්‍රීම් වර්ක්ස් ඇනිමේෂන් SKG,Inc ( NYSE:DWA) යනු ස්වාධීන ඇමරිකානු සජීවීකරණ චිත්‍රාගාරයක් වන අතර මූලිකව සජීවීකරණ චිත්‍රපටි නිපදවයි. එය ඩ්‍රීම් වර්ක්ස් SKG හි සජීවීකරණ ඒකකය හා පැසිෆික් ඩේටා ඉමේජස්හි ඒකාබද්ධ වීම මගින් නිර්මාණය විය. මුලින්ම ඩ්‍රීම් වර්ක්ස් SKG යන වෙළඳ නාමය යටතේ ආරම්භ වූ මෙය 2004 දී වෙන් වූ පොදු සමාගමක් බවට පත්වන ලදී.

සමහරක් හොඳින්ම දන්නා චිත්‍රපට අතරට Sherk, Shark Tale, Madagascar, Over the hedge හා Bee Movie ඇතුළත් වේ.

ඒවා වර්තමානයේ දී බෙදා හරිනු ලබන්නේ 2006 පෙබරවාරි මස දී ඩ්‍රීම් වර්ක්ස් SKG හි ඉතිරි කොටස මිළට ගත් පැරා මවුන් පික්චර්ස් (Viacom ට අයිති) හරහා පමණි. ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාර 2ක් නඩත්තු කරයි. කැලිෆෝනියා, ග්ලෙන්ඩේල්හි පිහිටි මුල් ඩ්‍රීම් වර්ක්ස් සජීවීකරණ චිත්‍රාගාරය

ඉතිහාසය[සංස්කරණය]

DreamWorks Animation SKG logo
DreamWorks Animation SKG logo

1980 දී කාල් රොසෙන්ඩොල් විසින් තම පියාගේද උපකාරය ඇතිව Pacific Data Image ආයතනය ආරම්භ කරන ලදි. පසු කලකදී රිචඩ් චුවැන්ග් සහ ග්ලෙන් එන්ටිස් ඔහු‍ට එකතු වුණු අතර, ඔවුන් විසින් පසුගිය දශක දෙක තුළ භාවිතයට ගත් inhouse පරිගණක සජිවිකරණ මෘදුකාංගය නිර්මාණය කරන ලදි. 1980 වකවානුවේ දී PDI ආයතනය NBC, Sky Movies වැනි ආයතන සඳහා සජිවිකරණය කරන ලද රූප සහ ලාංඡන ඇතුලත් නොයෙකුත් රූපවාහිනි දැන්වීම් නිර්මාණය කරන ලදී. ඒ අතර ඔවුන් විසින් පසු කලක දී එනම් වර්ෂ 1991 වකවානුවේ දී Terminator 2; විනිශ්චය කිරීමේ දිනයට සමගාමීව පින්තූර සජිවිකරණය කිරීමේ දෘශ්‍යමාන මෙවලම් බිහි කරන ලදි.

The PDI/DreamWorks Studio in Redwood City, California

1997, Dreamwork SKG ආයතනය විනෝදයන් සැපයීමේ ශිල්පීන් තිදෙනෙක් විසින් ආරම්භ කරන ලදි. ස්ටීවන් ස්පෙල්බර්ග් මහතා එහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකයා ලෙසත්, ඩේවිඩ් ගැෆැන් එහි සංගීත පාලකයා ලෙසත්, ක්‍රියාකළ අතර පෙර Disney හි විධායකයා වූ ජෙෆ්රෙ කැට්ස්බර්ජ් මහතා ද ඔවුනට සහය විය. Dream work සමාගම PDI සමාගම සමඟ වෙනම ආයතනයක් පිහිටු වීමට ලිඛිත එකඟතාවයක් ඇති වූයේ ඉන්පසුවයි. එම ආයතනය මඟින් 1998 දී Antz චිත්‍රපට‍යෙන් ආරම්භ කර දිගටම චිත්‍රපට නිෂ්පාදනය සිදුකරන ලදි. එම අවුරුද්දේදීම Dream Works SKG ආයතනය මඟින් සම්ප්‍රදායික ශිල්පීය ක්‍රම උපයෝගී කරගනිමින් The Prince of Egypt චිත්‍රපටය නිර්මාණය කරන ලදි.


2000 වසරේ දී Dream work SKG ආයනය, Dream Works Animation නමින් නව ආයතනයක් ඇති කළ අතර එමඟින් දෙවර්ගයටම අයත් සජිවිකරණය කරන ලද චිත්‍රපට නිෂ්පාදනය කෙරිණි.


සාම්ප්‍රදායික ලෙස සජීවිකරණය කළ චිත්‍රපට දකුණු කැලි‍ෆෝනියා ශාඛාවේ අංශයක් මඟින් නිෂ්පාදනය කෙරේ. එහි ලාභයෙන් වැඩි‍කොටසක් Dream works SKG ආයතනය ලබාගනී.මෙම ආයතනය පසු කලෙක දී වෙන්ව ගොඩනැංවුණු අතර, Dream Works Animation SKG Inc. නව ආයතනයක් ඇති කළ අතර එහි ලාභය PDI සහ PDI LLC හි තැන්පත් කරන ලදි.

වර්තමානය[සංස්කරණය]

2004 වන තෙක්, Dream Work සජිවිකරණ ආයතනය මඟින් CG සජිවිකරණය කළ චිත්‍රපට නිෂ්පාදනය වූ අතර සම්ප්‍රදායික ද්විමාන චිත්‍රපට භාවිතයෙන් බැහැර කරන ලදි.

Dream Work සජිවිකරණ ආයතනය එංගලන්තයේ බ්‍රිරිස්ටල් හි ස්ථාපිත Aardman සජිවිකරණය සහ stop-motion සජිවිකරණ ආයතන සමඟ සබදකම් පවත්වන ලදි. මෙම සම්බන්ධතා මඟින් Dream Work ආයතනය විසින් stop-motion චිත්‍රපට බ්‍රිරිස්ටල් හි නිෂ්පාදනය කරන ලදි. එමෙන්ම ඇමරිකාවේ සමහර CG සජිවිකරණ චිත්‍රපට සඳහා Aardman ආයතනය සහය දැක්වීය. මෙම සම්බන්ධකම් Flushed Away චිත්‍රපටයේ පිළිගැන්වීම 2006 නොවැම්බර් මාසයේ දී අවසන් වූ අතර මේ පිළිබඳව ඔක්තෝබර් 3 වැනි දින දැනුම් දෙන ලදි. එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ “නිර්මාණාත්මක වෙනස” යි.

2004 තෙක් මෙම ආයතනය විසින් පරිගණකයෙන් සජිවිකරණය කළ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කරන ලදි. මෙම ආයතනයේ ලාංඡනය, වර්ණවත් අකුරුවලින් සමන්විත වන අතර, එහි ළමයෙක් සඳ එළියේ මාලු අල්ලන පින්තූරයක් ද ඇත. මෙම ශබ්ද පථය Dream work තේමා ගීතයෙන් ලබාගෙන ඇත. 2001 දී Shrek බිහිකිරීම නිසා මෙය ඉතා සාර්ථක වූණි. ජෝන් පවෙල් විසින් අධ්‍යක්ෂණය කරන ලද True lover's first kiss චිත්‍රපටයට Shrek හි ශබ්ද පථය යොදා ගන්නා ලදි.