ඩයිසැකරයිඩ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය කොට ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |
ඩයිසැකරයිඩයක් හෝ බයොසයක්[1] යනු මොනොසැකරයිඩ දෙකක් සංඝනන ප්‍රතික්‍රියාවකට භාජනය වීමෙන් ක්‍රියාකාරී කාණ්ඩවලින් පමණක් ජලය වැනි කුඩා අණුවක් බැහැරීම නිසා සැදෙන කාබොහයිඩ්රේටයයි. මොනොසැකරයිඩ ලෙසින්ම, ඩයිසැකරයිඩද ජලයේ දිය කළ විට ජලීය ද්‍රාවණයක් තනයි. වඩාත් ප්‍රචලිත ලෙසින් දන්නා නිදසුනක් වන්නේ සුක්රෝස් වන අතර, අනෙක ලැක්ටෝස් වෙයි.[2]
'ඩයිසැකරයිඩ' යනු කාබොහයිඩ්රේටයන්හී රසායනික කාණ්ඩ සතර අතුරින් එකකි (මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, ඔලිගොසැකරයිඩ, හා පොලිසැකරයිඩ).
[සංස්කරණය] ඩයිසැකරයිඩ ජලවිච්ඡේදනය
ජලවිච්ඡේදනය එන්සයිම හෝ තනුක අම්ලයක් හා ක්‍ෂාර භාවිතයෙන් සිදුකළ හැක. මෙහිදී ග්ලයිකොසිඩික බන්ධනය බිඳ වැටෙන අතර ජල අණුවක ඇති -H හා -OH කාණ්ඩ නැවත ඒ ඒ මොනොසැකරයිඩයට එක්වේ.
[සංස්කරණය] ආශ්‍රිත
- ↑ Biose on www.merriam-webster.com
- ↑ IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය: (2006-) "disaccharides".
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||