ටෙරාකොටා හමුදාව

විකිපීඩියා වෙතින්
සොහොන් ගැබ ප්‍රථම ක්වින් ෂී හුවන්ජි අධිරාජ්‍යය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිර්ණායකයසංස්කෘතික: i, iii, iv, vi
මූලාශ්‍ර441
අභිලේඛනය1987 (11th සැසිය)


පෞරාණික ටෙරාකොටා පිළිම දක්නට ලැ‍බෙන්නේ චිනයේය.මෙම පිළිම වසර 2250කටත් වඩා පැරණි වේ. දම්මැටි පිළිම හෙවත් ටෙරාකොටා හමුදාව නමින් ද මෙම පිළිම හඳුන්වනු ලැ‍බේ.

ගොනුව:Terracotta-warriors-5.jpg
ටෙරාකොටා පිළිම

ටෙරාකොටා පිළිම මුලින්ම සොයාගත් ආකාරය[සංස්කරණය]

1974දී මෙම ටෙරාකොටා මැටි පිළිම මුලින්ම සොයාගනු ලැබුවේ චීනයේ ෂියාන් ශාන්ෂි පළාතේ ගොවියෙකු විසිනි.නැගෙනහිර ලිෂාන් කඳුකරයේ වතුර ලබා ගැනීම පිණිස ලිඳක් කැපීමට ගිය එම චීන ගොවියා ප්‍රමුඛ ගැමියන් පිරිසකට එම ලිඳ කපමින් සිටියදී මෙම චීන මැටි පිළිම මතු වී ඇත.මෙම මැටි පිළිමවලට අමතරව අධිරාජයා වෙනුවෙන් තනන ලද අති විශාල සොහොන් බිමක්ද සොයා ගනු ලැබ ඇත.මෙම මැටි පිළිම නිර්මාණය කිරීමට අවශ්‍ය දම් මැටි ලබාගෙන ඇත්තේ ද මෙම ලීෂාන් කන්දෙන් බව අනාවරණය වී ඇත.

ටෙරාකොටා පිළිමවල ඉතිහාසය[සංස්කරණය]

ගොනුව:Qin Shi Huangdi Cover.png
පලමුවන චීන අධිරාජයා වු ක්වින් ෂී හුවන්ජි

මෙම ටෙරාකොටා හමුදාව පලමුවන චීන අධිරාජයා වු ක්වින් ෂී හුවන්ජි සමඟ ඔහුගේ සොහොනේ තැම්පත් කර ඇතැයි සැලකෙන්නේ ක්‍රි.පූ.210-209 අතර කාලය තුලදීය.එම අධිරාජයා චීනයේ ක්වින් ප්‍රදේශයේ ක්‍රි.පූ.247 සිට 221 දක්වා කාලය තුල රජකම් කර ඇත.පසුව ක්‍රි.පූ.221දී චීනය එක්සේසත් කර ක්‍රි.පූ.210 දී ඔහුගේ අභාවය සිදුවන තෙක් චීනයේ පලමුවන අධිරාජයා ලෙස එරට පාලනය කරන ලදි.මෙම ටෙරාකොටා හමුදාවත් සමඟ චීන අධිරාජයාගේ සිරුර මෙලෙස මිහිදන් කර ඇත්තේ මරණින් මතු ෂී හුවන්ජි සමඟ තවත් අධිරාජ්‍යයක් පාලනය කිරීමට අවස්ථාව ලබා දෙනු පිණිස බව ප්‍රකාශ වේ.

වසර 2250ක් පැරණි සොහොන් බිමකින් මතු වු චීන රණවිරුවෝ[සංස්කරණය]

ගොනුව:11-Terra Cotta Soldiers.jpg
ටෙරාකොටා රණවිරුවන්

මෙම ටෙරාකොටා හමුදාව චීන බසින් හඳුන්වා ඇත්තේ "පින්යින් බිංමා යොං" යනුවෙනි.එහි අරුත "ටෙරාකොටා රණවිරුවන් හා අශ්වයින්" යන්නයි.මෙම හමුදාවට පිළිම 8099ක් අතුලත් වේ.මෙම රණවිරු පිළිම සමඟ අශ්වයින්ගේ මූර්ති ද නෙළා ඇත.රණවිරුවන්ගේ පිළිම තනා ඇත්තේ ඔවුන්ගේ තනතුරුවලට අනුව විවිධ ප්‍රමාණ වලිනි.ජනරාල්වරුන් වැනි හමුදා නායකයින්ගේ පිළිම ප්‍රමණනයෙන් විශල වන ලෙස තනා එත.මෙහි සෑම මූර්තියක්ම නිමව ඇත්තේ අවමඟුලකට උචිත වන ආකාරයේ ඉරියව්වකිනි.මෙම දම් මැටි පිළිමවල උස සෙන්ටිමීටර 184ත් 197ත් එනම් අඩි 6ත් 6 1/2ත් අතර පමණ වේ.මෙම සොල්දාදුවෙකුගේ උස අතීතයේ සිටී සැබෑ සොල්දාදුවෙකුගේ උසට වඩාඅඩියකින් වැඩි බව හෙළි වී ඇත.චීනයේ ප්‍රථම අධිරාජයා ලෙස සැලකෙන ක්වීන් අධිරාජ සමයේ පමණක් නොව ඉන් පසුව රජකල හැන් අධිරාජ සමයේ පවා මෙම දම් මැටි පිළිම ඉදිකර ඇති අතර එම පිළිම සහිත සොහොන් බිම් පසුකාලයේදී පුරාවිද්‍යාඥයින්ට හමු වී ඇත.

ටෙරාකොටා පිළිම තනා ඇති ආකාරය[සංස්කරණය]

මෙම ටෙරාකොටා සොහොන් ගැබ තුල ඇති සෑම පිළිමයක් ම නිමවා ඇත්තේ මිනිස් ප්‍රමාණයෙනි.නමුත් කිසිම පිළිමයක් එක සමාන නැත.එනම් සෑම පිළිමයක් ම එකිනෙකට වෙනස් ආකරයෙන් නිමවා ඇත.මෙම පිළිම තැනීමේදී රජුගේ සේවකයන් හා කම්හල්,වැඩපොලවල් මෙන්ම පුද්ගලික අංශයේ නිර්මාණ ශිල්පීන්ද යොදාගෙන ඇති බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලින් අනාවරණය වී ඇත.මෙම මූර්ති තනා ඇත්තේ මිනිසාගේ ප්‍රමාණයට සමානව සැබෑ ස්වරූපය පිලිබිඹු වන ආකරයටයි.එහිදි එකල අපවහන නළ තනන ආකාරයට කොටස් වශයෙන් නිමවා පසුව පුලුස්සා මෙම පිළිම නිර්මාණය කර ඇත.අවසානයේ ඒ ඒ කොටස් එකලස් කර පිළිමයෙන් පිළිමයට විය යුතු වෙනස්කම් සිදුකර ඇත.මෙමඟින් පැහැදිලි වන්නේ නූතනයේ මහා පරිමාණයේ කර්මාන්ත ශාලාවන්හී පවතින එකලස් කිරීමේ තාක්ෂණය අතීතයේදී භාවිතයට ගෙන ඇති බවයි.විවිධ වර්ණ යොදා ලාක්ෂා කර්මාන්තයට අනුව නිමවා ඇති මෙම ටෙරාකොටා පිළිමවල මුහුණුවල ස්වභාවය ඒ ඒ සොල්දාදුවාට අනුව ඔහුගේ නිල ඇඳුම, තරාතිරම ,හැගීම් ආදිය වෙනස් වෙනස් අයුරින් පිළිබිඹු වන ආකාරයට නිර්මාණය කර ඇත.මෙම සොල්දාදුවන්ගේ මුහුණුවල ඇති සියුම් වෙනස්කම් අනුව ,මෙම පිළිම නිම කිරීමේදී ඇතැම් විට එකල රජු සමඟ සැබවින් ම විසූ මිනිසුන්ගේ හැඩරුව මේවාට එක්කරන්නට ඇතැයි විවිධ විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත. එමෙන්ම මෙම පිළිම තැනීමෙදි ඒවාට පළඳවා ඇත්තේ සැබෑ අවි ආයුධ හා සන්නාහයි.නමුත් ඒවායින් බොහොමයක් සොහොන තැනූ කාලයේදී ම සොරකම් කරන්නට ඇතැයි පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසයයි.මෑත කාලය වන විට මෙම පිළිමවල වර්ණ ක්ෂය වී යන බවක් දක්නට ලැබේ.නමුත් දැනට ඉතිරි වී ඇති පිළිම වලින් මෙම පිළිමවල පෞරාණික බවත් ‍ප්‍රෞඩ බවත් පැහැදිලි වේ.

වසර 38ක් තිස්සේ ඉදි කළ සොහොනක්[සංස්කරණය]

ගොනුව:4222209023115 e640665d07.jpg
ටෙරාකොටා සොහොනක්

මෙම රාජකීය සොහොන ඉදි කිරීම පටන්ගෙන ඇත්තේ ක්‍රි.පූ.246 දීය.මෙය තනා නිම කිරීමට වසර 38ක් ගත වී ඇත.ඉදිකිරීම සඳහා නිර්මාණ ශිල්පීන් හා සේවකයන් 700,000කගේ සේවය ලබාගෙන ඇත.සොහොන සාදා නිම කිර තබා ක්‍රි.පූ.210 දී අධිරාජයාගේ මරණයත් සමඟ එම මළ සිරුර එහි තැම්පත් කොට ඇත.මෙම ප්‍රථම චීන අධිරාජයා මිහිදන් කර ඇත්තේ විශාල වස්තු සම්භාරයක් ද සමඟ බව චීන ජාතික ඉතිහාසඥයකු වු" සිමා කියාන්" (ක්‍රි.පූ.145-ක්‍රි.පූ.90) සඳහන් කොට ඇත.මෙම වස්තු සම්භාරය අතරට ඉතා වටිනා නිර්මාණ රැසක්ද අතුළත් කොට ඇතැයි කියැවේ.එසේම මෙම සොහොන් ගැබ තුල විශ්වය දැක්වෙන කුඩා ප්‍රමාණයේ අනුරුවක්ද දැකගත හැක.සොහොන් ගැබ තුල වහලයට අල්ලා ඇති මිණි මුතු කොටස් වලින් අහස,එහි දිලිසෙන තාරුකා හා ග්‍රහලෝක නිරූපණය කෙරේ.ගැබ තුල බිමෙහි තැනින් තැන තැම්පත් කර ඇති රසදිය මඟින් පොලොවෙහි ඇති ජලය දක්වා ඇත.මේ අනුව මෙම කන්දේ රසදිය විශාල වශයෙන් පවතින බව මේතාක් කරන ලද පර්යේෂණ මගින්ද හෙළි වී ඇත. මෙම ක්වින් ෂි හුවන්ජි සොහොන් ගැබ අසලින් වර්ග මීටර 350ක පමණ ප්‍රමාණයක පැතිරුණු මීටර් 76ක් උස පිරමීඩයක් ද සොයාගෙන ඇත.වර්තමානය වන විට මෙම සොහොන විවෘත කර නොමැති අතර ප්‍රදේශය අවට මුලු ප්‍රදේශයම වසා මුද්‍රා තැබීමට මෙ වන විට සැලසුම් සකසමින් පවති.ඊට අමතරව පිටස්තර වාතය සමග ගැටීමෙන් මෙම පිළිම විනාශ වීම වැලැක්විමට විශේෂ කූඩාරමක් වැනි දෙයකින් ආවරණය කිරීමට ද යෝජනා ඉදීරිපත් වී ඇත.මෙවන් විශාල භූමි ප්‍රමාණයක් ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් අවරණයක් මේ වන තෙක් කිසිඳු සමාගමක් විසින් නිපදවා නොතීබීමත් මේ වන විට ගැටලුවක්ව පවතී.

ටෙරකොටා අස් හමුදාව[සංස්කරණය]

ගොනුව:ටෙරාකොටා අස් හමුදාව.jpg
ටෙරකොටා අස් හමුදාව
ගොනුව:9955c.jpg
ටෙරාකොටා අශ්වයින්

මෙම ක්වින් ෂී හුවන්ජි සොහොන් බිම සකස් කර ඇත්තේ රජමාලිගයක් ලෙසටය.ඒ තුල විවිධ කාර්යයන් සඳහා වෙන්වුනු කාමර,ශාලා හා වෙනත් ඉදිකිරීම් රැසක් තනා තිබේ.ඒ වටා ප්‍රාකාරයක් හා විශේෂ පිවිසුම් දොරවල් ද තනා ඇත.මේ තුල නිර්මාණ කට‍යුතු කල ශිල්පීන්ගේ ඇට කැබලි කොටස් දැක ගත හැක.ඊට හේතුව ඔවුන් නිර්මාණ කටයුතු කරමින් සිටියදී පණපිටින් ම මෙම සොහොන් ගැබ වසා දමන්නට ඇතැයි යන්න පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසය වී ඇත.ඒ මේ තුල ඇති වස්තු සම්භාරය ගැන හෝ මෙයට ඇතුලු වන මාර්ග ගැන හෝ තොරතුරු පිටතට පිටවීම වැලක්වීමටයි.අති විශාල රණවිරුවන් හා අස් හමුදාවක් ද මෙය ආරක්ෂාවට මෙහි තැම්පත් කරන්නට ඇත්තේ ද ඒ නිසාම වෙන්නට ඇති බව පුරාවිද්‍යාඥයින්ගේතවත්විශ්වාසයකි.එමෙන්ම 2007 ජුලි මාසයේදී දුරස්ථ සංවේධක යොදාගෙන කරන ලද පරීක්ෂන වලින් මෙම සොහොන් ගැබට අයත් ගොඩනැඟිල්ල අඩි 90ක් උසින් යුතු බව හා සොහොන මත එකක පියගැට 9 බැගින් එහි බිත්ති හතරක් ද ඉදිකර ඇති බව හෙළි වී ඇත.එසේ ඒවා තනා ඇත්තේ අධිරාජයාගේ ආත්මයට අවශ්‍ය විට එතැනින් පිටවී යාමට බව ද පර්යේෂකයන්ගේ අදහස වී ඇත.

ගොනුව:Eeeterracotta04 428x269 to 468x312.jpg
ටෙරකොටා අස් හමුදාව

චීනයෙන් පිට දැක ගත හැකි වු ටෙරාකොටා භටයෝ[සංස්කරණය]

2007 සැප්තැම්බර් 11 වෙනිදා සිට 2008 අප්‍රේල් 6 දක්වා මෙම ටෙරාකොටා පිළිම ලන්ඩනයේ ප්‍රධාන ‍කෞතුකාගාරයේ දී ප්‍රදර්ශනය කර ඇත.එම ප්‍රදර්ශනය සඳහා ටෙරාකොටා රණවිරුවන් 20ක ප්‍රතිමා සමග විවිධ කලාකෘති 120ක් පමණ යොදාගෙන ඇත.ඊට පෙර 1981 දී චීන වෙළඳ දැක්මක ආකර්ෂනයක් ලෙස ද මෙම ටෙරාකොටා රණවිරුවන් 6ක් ලන්ඩනයේ දී ප්‍රදර්ශනය කර ඇත.

ගොනුව:Wwwwwwww2399172001 3d08e659c7.jpg
ටෙරාකොටා පිළිම ලන්ඩනයේ ප්‍රධාන ‍කෞතුකාගාරයේ ප්‍රදර්ශන‍යේ දී
ගොනුව:Www1371932089 0769953bd7.jpg
ටෙරාකොටා පිළිම ප්‍රදර්ශන‍ය නැරඹීමට පැමිණි ජනතාව
ගොනුව:MM2110831576 e8ea932db8.jpg







ටෙරාකොටා පිළිම ගිනි ගනී[සංස්කරණය]

මෙම ටෙරාකොටා පිළිම කැනීම්වලින් පසු විවිධ අවස්ථාවල විවිධ තැන්වලින් ගොඩ ගෙන එකලස් කර ඇත.නමුත් මෙම ටෙරාකොටා හමුදාව තැම්පත් කර තිබූ දැව ගොඩනැඟිල්ල විශාල ගින්නකට හසු වී ඇත.එය ලෝකයේ මෙතෙක් නොවු විරූ ගින්නක් ලෙසද හඳුන්වයි.මෙම ගින්න පිළිබඳ පුරාවිද්‍යාඥ"සිමා කියාන්" සඳහන් කර ඇත්තේ ප්‍රථම චීන අධිරාජයාගේ මරණයෙන් වසර පහකටත් අඩු කාලයකට පසු ඔහුගේ හමුදා ප්‍රධානියා වු ජනරාල් ෂ්යෑන් යු ගේ හමුදාව මේ සොහොන් බිම කොල්ල කෑ බවට සාක්ෂි ඇති බවයි.කොල්ල කෑ පසු ඔවුන් විසින් මෙම පිළිම ගෙයට ගිනි තබා ඇත.මෙම ගින්න නිවාගත නොහැකිව මාස තුනක් පැවතී ඇත.එනම් ලෝකයේ එතෙක් සිදු වු විශාල ගිනි අතර 1871 දී චිකාගෝ නගරයේ ඇති වු ගින්න,ලන්ඩන් ගින්න,1812දී ඇති වු මොස්කව් ගින්න ආදියටත් වඩා දරුණු ලෙස දීර්ග කාලයක් මෙම ගින්න පැවත ඇත.මෙම ගින්න අවසානයේදී කලින් පැවති ආකාරයෙන්ම ඉතිරි වී ඇත්තේ එක් පිළිරුවක් පමණි.එය දුනුවායකුගේ පිළිරුවකි.අනෙක් පිළිරූ එක් එක් මට්ටමෙන් විනාශ නොවී පැවති පසුව විවිධාකාරයෙන් සංරක්ෂණය කර ඇත. 1999 දී මෙම පිළිම වලට විවිධාකාර දිලීර රෝග නවයක් වැළඳී ඇත.ඊට හේතුව එම හමුදාව තැම්පත් කර ඇති ගොඩනැඟිල්ල තුල වරින් වර වැඩි වන උෂ්ණත්වයත්, ඒ තුල ඇති තෙතමනයත්,ඒවා නැරඹීමට පැමිනෙන අයගේ ප්‍රාශ්වාසයෙහි ඇති තෙතමනයත් නිසා බව පර්යේෂණ මඟින් අනාවරණය කරගෙන ඇත.

ගොනුව:Xian Terracotta3.jpg

පිංතූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිතයන්[සංස්කරණය]

1.විජය පුවත්පත- 008 ජනවාරි මස 08 වෙනිදා අඟහරුවාදා (ලුසිත ජයමාන්න,"මොනවද මේ ටෙරාකොටා පිළිම" ,පිටු16-17)


අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ටෙරාකොටා_හමුදාව&oldid=287109" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි