ටී.එම්. ජයරත්න

විකිපීඩියා වෙතින්
ටී.එම්. ජයරත්න
පසුබිම් තොරතුරු
උපත් නාමයටී.එම්. ජයරත්න
සම්භවයදොඩංගොඩ, බ්‍රිතාන්‍ය ලංකාව
ප්‍රභේදශ්‍රී ලාංකික සංගීතය
වෘත්තියගායක, වයලීන වාදක, සංගීතාචාර්ය
සක්‍රීය වර්ෂ1970 – වර්තමානය

ජනප්‍රිය ගායකයෙකු වන ටී. එම්. ජයරත්න 1944 අප්‍රේල් මස 13 වන දින බ්‍රිතාන්‍ය ලංකාවේ දොඩන්ගොඩදී උපත ලැබීය. 1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ලංකා ජනධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානය ලබා ගත්තේය.

ජීවිතය සහ වෘත්තිය[සංස්කරණය]

හැඳින්වීම[සංස්කරණය]

ටී. එම්. ජයරත්න දොඩන්ගොඩදී උපත ලැබීය.ඔහු තම උසස් අධය්‍යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා මලියදේව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය.තම යොවුන් අවධියෙදි ඔහු වයලීන වාදකයෙක් ලෙස පුරුදු පුහුණු විය.

1966 දී ජයරත්න මහතා රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කිරීම ආරම්භ කලේය.ගුවන් විදුලි සංස්ථාවේ ජන හා පර්යෙෂණ අංශයේ ප්‍රධානියා වන සී.ජේ.එස්.කුලතිලක මහතා ඔහුව ගායනයට ඇද දමමින්, සිංහල ජන සංගීත ඇසුරින් නිර්මාණය කරන ලද ගේය පද කිහිපයක් තම ආයතනයෙන් විකාශනය වන ගාන තෙල් සඳුන් වැඩසටහන සඳහා ටී.එම්. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව ඔහු තම ප්‍රථම ගීතය 1970 දී පටිගත කරන ලදී.

ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ආරම්භ කරන ලද්දේ, සුනිල් ආරියරත්න විසින් රචිත සහ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනලද ලා හිරු දහසක් ගීතය ගායනා කිරීමත් සමගය. 1978 වසරෙදි ඔහු ඔහුගේ මුල්ම කැසට් පටිය "තරංගා වෙලුම 1" නමින් එලිදක්වන ලදී.

වසර 1980 දී ඔහු සුනිලා අබේසේකර සමග විසින් නිර්මාණය කරන ලද "හංස විලක්" චිත්‍රපටිය සඳහා "හෙමින් සැරේ පියා විලා" ගීතය ගායන කරනලදී. මෙම ගීතය ඩබ්ලියු. ජයසිරි විසින් රචනා කල අතර කේමදාස මහතා විසින් සංගීතය සපයන ලදී. මෙය ශ්‍රි ලංකවේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් විය.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

ටී.එම්.ජයරත්න මහතා , මාලිනී ජයරත්න සමග විවාහ වූ අතර දරුවන් ඔහුට දෙදෙනෙක් සිටියි. ඔහුගේ පුතා වන ඉසුරු ජයරත්න, තම පියා මෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට බලපොරොත්තුවෙන් සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ටී.එම්._ජයරත්න&oldid=549507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි