ඒවීජි පීසී ටියුන්අප්

විකිපීඩියා වෙතින්
(ටියුන්අප් යුටිලිටීස් වෙතින් යළි-යොමු කරන ලදි)
ඒවීජි පීසී ටියුන්අප්
ගොනුව:TuneUp Utilities 2011.png
ගොනුව:TuneUp Utilities - Start Center.png
ටියුන්අප් යුටිලිටීස් 2012 ඇරඹුම් මධ්‍යස්ථානය
සංවර්ධක(යෝ)ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච්
ප්‍රථම නිකුතුව1997; වසර 27 කට පෙර (1997)[1]
ස්ථායි නිකුතුව
2012 (සංස්කරණය 12.0.2040.9) / 2 නොවැම්බර් 2011; වසර 12 කට පෙර (2011-11-02)[2]
මෙහෙයුම් පද්ධතියවින්ඩෝස් එක්ස්පී, වින්ඩෝස් විස්ටා සහ වින්ඩෝස් 7
පරිගණක වේදිකාවIntel x86 - 32bit සහ x64
Size25.4 MB
ලබාගත හැකි භාෂා ගණනඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, සපාඤඤ , ලන්දේසි, ඉතාලි, පෘතුගාල, පෝලන්ත, ජපන් සහ රුසියානු[1]
වර්ගයඋපයෝජ්‍යතා මෘදුකාංග Utility software
බලපත්‍රයහිමිකාර මෘදුකාංග Proprietary software ව්‍යාපාරික මෘදුකාංග commercial software
වෙබ් අඩවියtune-up.com

ඒවීජි පීසී ටියුන්අප් යනු (පෙර: ටියුන්අප් යූටිලිටීස්) උපයෝජ්‍යතා මෘදුකාංග කට්ටලයක් වන අතර එය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය මගින් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය හැසිරවීම, නඩත්තු කරවීම, ගුණාත්මක බව ඉහල දැමීම, වින්‍යාසගත කරවීම සහ දෝෂ සමනය කිරීම සඳහා සහයක් දක්වනු ලබයි. මෙය ප්‍රභූත කිරීම සහ වර්ධනය කිරීම ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් (TuneUp Software GmbH) ආයතනය විසින් සිදු කරනු ලබන අතර එහි මූලස්තානය ජර්මනියෙහි ඩර්ම්ස්ටඩ්ට් හි පිහිටා තිබේ. මෙම ආයතනයේ ප්‍රධාන ප්‍රාරම්භකයන් වන ටිබෝර් ස්චිමාන්(Tibor Schiemann) සහ ක්‍රිස්ටොප් ලෞමාන්(Christoph Laumann) විසින් 1997[3][4] වසරේදී ආරම්භ කරන ලද්දකි. මෙම මෘදුකාංගයේ අමෙරිකානූ සංස්කරණය ටියුන්අප් කෝපරේෂන් (TuneUp Corporation) නම් ෆ්ලොරීඩා,මියාමි (Miami, Florida[1].) හි පිහිටා තිබෙන ටියුන්අප් සොෆ්ට්වෙයර් ජීඑම්බීඑච් (TuneUp Software GmbH) ආයතනය සතුව පවතින අතිරේක ආයතනයක් මගින් බෙදා හරිනූ ලබයි.

2011 වසරේදී ටියුන්අප් යුටිලිටීස් නව වන සංස්කරණය ප්‍රකාශයට පත්කළ අතර අඩංගු සංරචකයන් ගණන 16 සිට 32 දක්වා වැඩි කරණු ලැබීම විශේෂ කරුණකි. ටියුන්අප් යුටිලිටීස් සඳහා බහුතර ධනාත්මක ප්‍රතිචාර පවතුනත් බහුතර විචාරකයන් එහි වටිනාකමට සාපේක්ෂව මිල අනුමත නොකරයි.

ලක්ෂණ[සංස්කරණය]

2011 වසරේදී නිකුත් කෙරුණු නවතම නිෂ්පාදිතයෙහි එකිනෙකට වෙනස් සංරචක 30 කින් සමන්විත වෙයි. මෙම සියලුම සංරචක ප්‍රධාන මධ්‍යස්ථානයකදී පරිශීලනය කළ හැකි අතර එය ටියුන්අප් ආරම්භක මධ්‍යස්ථානය (TuneUp Start Center) ලෙස හදුන්වනු ලබයි. එසේම මෙම සියලු සංරචක මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ස්ටාර්ට් ලේඛනය (Start menu) මගින් පරිශීලනය කිරීමේ හැකියාවක් ද පවතී.

කාර්ය තත්වය සහ නිර්දේශ කිරීම්[සංස්කරණය]

කාර්ය තත්වය සහ නිර්දේශ කිරීම් සංරචකය ප්‍රධාන උප සංරචක 4 කට වර්ග කෙරෙන අතර ඒවා නම්, 1-ක්ලික් නඩත්තු කාරකය (1-Click Maintenance), කාර්ය ඵලය ඉහල දමනය (Performance Optimizer), දෝෂ ප්‍රතිස්ඨාපනය (Fix Problems) හා සජීවීත්ව ප්‍රතිස්තිකරණය (Live Optimization). 1-ක්ලික් නඩත්තු කාරක උපසංරචකය ආකාරික පරිපෝෂණ මෙවලම් කිහිපයක් එකවර ධාවනය කරණු ලබයි. දෝෂ ප්‍රතිස්ඨාපනය හා සජීවීත්ව ප්‍රතිස්තිකරණය යන උපයුක්තතාවන් දෝෂ හඳුනා ගැනීම හා දෝෂ සමනය සඳහා උපදෙස් ලබාදීම, අනවශ්‍ය දෘෂ්ඨි රංග ප්‍රයෝග අත්හිටුවීම, භාවිත නොකරන වින්ඩෝස් සේවාවන් හා ක්‍රම ලේඛයන් අත්හිටුවීම හා ඉවත් කිරීම වැනි කටයුතු මගින් කාර්ය සාධනය ඉහල දැමීම සිදු කරණු ලබයි. මෘදුකාංග කර්තෘට අනුව වින්ඩෝස් උපයෝග වල ප්‍රතිචර්යතාව (responsiveness) ඉහල දැමීම සිදු කරනු ලබන අතර මේ සඳහා ඒවායෙහි ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතාව (tweaking execution priorities) ඉහල දමනු ලබයි.

ගොනුව:TuneUp Utilities in list view mode.png
ටියුන්අප් යුටිලිටීස් 2012 ගොනු දර්ශනය, සියළුම සංරචකය 30 පෙන්වන ආකාරය.

පද්ධති ප්‍රතිස්තිකරණය[සංස්කරණය]

පද්ධති ප්‍රතිස්තිකරණ කාණ්ඩය සතුව වැඩසටහන් අත්හිටුවීම (TuneUp Program Deactivator) නම් වඩසටහනක් පවතින අතර මෙමගින් වැඩසටහන් පරිගනකයෙන් ඉවත් කිරීම (uninstalling) වෙනුවට එම වැඩසටහන් මතකයෙන්(memory) ඉවත් කිරීම හා ඒවා ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම නැවත්වීම සිදු කරනු ලබයි. මෙම අත්හිටුවනු ලැබූ වැඩසටහන් දෘඩ තැටියෙහි ඉඩක් පරිභෝජනය කරන නමුත් ඒවා තවදුරටත් ආරම්භක කාලයේ (startup time) දී, නැවතුම් කාලයෙහි (shutdown time) හෝ පද්ධති කාර්යඵලයට බල නොපායි[5]. මීට අමතරව ඛණ්ඩනීකරණ පිලිසැකසුම් කාරකයක් (defragmentation tool) , ලේඛනගත කිරීම් (registry cleaner)හා MSConfig ප්‍රතිස්ථාපානයට ආරම්භක සැලසුම් කාරකයක් (startup manager) අඩංගු වේ.

දෘඩතැටි පිරිසිදු කිරීම[සංස්කරණය]

දෘඩතැටි අවකාශය දියුණු කිරීම කාණ්ඩයෙහි, වින්ඩෝස් දෘඩතැටි පිරිසිදු කාරකය (Windows Disk Cleanup) ප්‍රතිස්ථාපානයට දෘඩතැටි පිරිසිදු කාරකයක් ද ටියුනප් දෘඩතැටි ගවේශකයක් TuneUp Disk Space Explorer (disk space analyzer) හා ආරක්ෂාකාරී දත්ත මකනයක් TuneUp Shredder (data erasure tool) ඇතුලත් කර තිබේ.

දෝෂ නිවැරදි කිරීම[සංස්කරණය]

දෝෂ සමන කාණ්ඩයෙහි ටියුන්අප් ප්‍රතිසමධාන ක්‍රියාවලියට (repair wizard) ප්‍රවේශය සලසන අතර මෙම සංරචකය මගින් ටියුන්අප් මෘදුකාංගයට ස්වයංක්‍රීයව හඳුනාගත නොහකි දෝෂ, සුවිශේෂී තෝරා ගැනීම් තුලින් ඒවා ප්‍රතිසමධානය කිරීමේ පහසුව භාවිත කරන්නාට ලබා දෙයි. උදා: අයිකොන් (icon) අවශිෂ්ඨ වීම හෝ මයිකොම්පියුටර්, ප්‍රතිචක්‍රීකරණ බඳුන ස්ථිර ලෙසම අතුරුදහන් වීම.

එසේම මෙම කාණ්ඩයෙහි ටියුන්අප් ඩිස්ක් ඩොක්ටර් නම් උපයෝගයක් පවතී. මෙමගින් දෘඩතැටියෙහි ඇති ගොනුවල අවංකභාවය (integrity) සහ හානි වූ ගොනු පිළිසකර කිරීම සිදු කරනු ලබයි. එසේම මෙමගින් දෘඩතැටියෙහි භෞතික දෝෂ එනම් අශිෂ්ඨ අංගයන් (bad sectors) හඳුනාගෙන ඒවා හුදෙකලා කිරීමත් කරණු ලබයි. මෙය වින්ඩෝස් හි CHKDSK සඳහා ප්‍රස්ථායිකග්‍රාපිකරූපී (graphical) ප්‍රතිස්ථාපනයකි. එසේම ක්‍රියා කලමනාකාරකයක් (Task manager), මකා දැමූ දත්ත නැවත ලබා ගැනීමේ උපාංගයක් (undeletion tool) අඩංගු වේ.

කවුළු මෝස්තරීකරණය[සංස්කරණය]

මෙම කාණ්ඩයෙහි ටියුන්අප් කවුළු මෝස්තරීකරණය හා ටියුන්අප් පද්ධති පාලනය සඳහා ඉඩ සලසනු ලබයි. ටියුන්අප් පද්ධති පාලකය මගින් වින්ඩෝස් හි අප්‍රකට හා පරිශීලනයට අපහසු පරිස්ථිතියන්ට ප්‍රවේශ වීමට ඉඩ සලසා දෙනු ලබයි. ටියුන්අප් කවුළු මෝස්තරීකරණය ඩෙස්ක්ටොප් දර්ශනයන් (Desktop appearance), අයිකොන් (icon), පුරන්න (logon) හා ආරම්භක පැලැල්ල (startup screen) වෙනස් කිරීමට ඉඩ සලසමින් වින්ඩෝස් අතුරුමුහුණත් වෙනස් කිරීම සිදු කරයි.

තල බමන ප්‍රකාරය[සංස්කරණය]

ටියුන්අප් ආරම්භක මධ්‍යස්ථානයෙහි පහල කොටසින් ප්‍රවේශ විය හැකි මෙම කොටස වින්ඩොස් සේවාවන් හා පරිශීලක තෝරාගැනීම් මුහුණුවර තාවකාලිකව නවතා දමමින් කාර්යඵලය ඉහල දැමීම සිදු කරනු ලබයි. උදා : වින්ඩෝs (Aero themes) සහ දෘෂ්ටි රංගප්‍රයෝග.[5][6]

ප්‍රවර්ධනය[සංස්කරණය]

සහාය ලබාදෙන මෙහෙයුම් පද්ධති
මෙහෙයුම් පද්ධති පැරණිතම
සංස්කරණ
නවතම
සංස්කරණ
 
වින්ඩෝස් 95 97 2003 [7]
වින්ඩෝස් 98 97 2007 [8]
වින්ඩෝස් Me 2003 2007 [8]
වින්ඩෝස් 2000 2003 2008 [9]
වින්ඩෝස් එක්ස්පී සමග සේවා අසුරුව1 හෝ පැරණීA 2003 2008 [9]
වින්ඩෝස් එක්ස්පී සමග සේවා අසුරුව2 හෝ නවතමA 2009 2012 [10]
වින්ඩෝස් එක්ස්පී වෘත්තිමය x64 සංස්කරණය 2006 2012 [10]
වින්ඩෝස් විස්ටා 2007 2012 [10]
වින්ඩෝස් 7 2010 2012 [10]

ටියුන්අප් ප්‍රථම සංස්කරණය ටියුන්අප් 97, එළිදැක්වීම 1997[1] දී සිදුවිය. එතැන්සිට අද දක්වා සංස්කරණ නවයක් එළිදැක්වා තිබේ.[11]

ටියුන්අප් යුටිලිටීස් 2003[11]

පළමු සංස්කරණය මූලික ජර්මන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි [7] හා ප්‍රංශ [12] යන භාෂාවන් ගෙන්ද නිකුත් විය. මෙය ස්ටාට් සෙන්ටර් මගින් මෙන්ම වින්ඩෝස් ස්ටාට් මෙනු ආධාරයෙන් පිවිසිය හැකි ස්වාදීන සංරචකය 16 කින් සමින්විත විය. මෙහි දෘඩ තැටි පිරිසිදු කාරකයක්, වින්ඩෝස් ලේඛන පිරිසිදු කාරකයක්, වින්ඩෝස් ලේඛන (Windows Registry) කැබලිකරණ සකසනයක්, වින්ඩෝස් ප්‍රශස්තිකරණයක් සහ අන්තර්ජාලය සම්බන්ධන පරිස්ථිතිය සකසනයක් සහ වින්ඩෝස් හි පෙනුම සකසනයක් ප්‍රධාන වශයෙන් අඩංගු විය. එසේම මෙය මගින් පරිගනක දැනුම මධ්‍යස්ථ හෝ ඉහළ මට්ටමක සිටින භවිත කරන්නන් හට වින්ඩෝස් ලේඛන සංස්කරණය, ධාවනය වන ක්‍රියාවලි (processes) හසුරුවීම, ක්‍රමලේඛයන් ඉවත් කිරීම (uninstall), දත්ත විනාශ කිරිම (shred) හා නැවත විනාශ කල දත්ත ලබා ගැනීම (undelete), සහ පද්ධතියෙහි තොරතුර දර්ශනය කර ගැනීම සඳහා ඉඩ සලසයි.[13]මීට අමතරව වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98 සඳහා සහය දැක්වු ටියුන්අප් යුටිලිටීස් 2003 වින්ඩෝස් 2000, මී සහ වින්ඩෝස් එක්ස්පී.[7] සඳහාද සහය දක්වයි.

ටියුන්අප් යුටිලිටීස් 2004[11]

ටියුන්අප් 1-ක්ලික් නඩත්තුව සහ ටියුන්අප් වින්ස්ටයිලර් (කලින් පැවති ටියුන්අප් ස්ටයිලර්. [14]).[3] මෙයට අලුතින එකතු වූ අංග වන අතර වින්ඩෝස් ලේඛන කැබලිකරණ සකසනය වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් එක්ස්පී සදහා සහය දක්වීම මෙහි වදගත් කරුණකි. [9]

ටියුන්අප් යුටිලිටීස් 2006[11]

ටියුන්අප් යුටිලිටී 2006 ප්‍රශස්තිකරණය, සැකසීම් සහ දෘඩ තැටිය පිරිසිදු කිරීමේ මෙවලම මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox) සඳහා සහය දක්වන පරිදි නිකුත් වීම මෙහිදී සිදුවිය. මෙහි ටියුන්අප් ආරම්භක කළමනාකාරකය, කතුවැකිය ඇගැයුමක් සහ පරිගණකය පණ ගන්වන අතරතුර නිවැරදිව දැනුවත් වැඩ සටහන් පිලිඹඳව පැහැදිලි කිරීම දර්ශනය කරන අතර ටියුන්අප් ස්ටයිලර් මගින් වින්ඩෝස් එක්ස්පී හි බූට් ලාංචනය වෙනස් කිරීමේ පහසුකම සලසයි.[15][16]

ටියුන්අප් යුටිලිටීස් 2007[11]

මෙහිදී නවතම සංරචක දෙකක් එළිදැක්වුනු අතර ඒවා නම් ටියුන්අප් ඩිස්ක් ඩොක්ටර් [17] සහ ටියුන්අප් ඩිස්ක් ස්පේස් එක්ස්ප්ලෝරර් [17] වන අතර ටියුන්අප් යුටිලිටීස් 2007, වින්ඩෝස් විස්ටා සදහා සහය දැක්වීම ද මෙහි වදගත් සිදුවීමකි.[8]

ටියුන්අප් යුටිලිටීස් 2008 [11]

මෙහිදී ටියුන්අප් ඩ්‍රයිව් ඩීෆ්‍රග් (defragmentation tool) සහ ටියුන්අප් රිපයාර් විසාඩ් (දෝශ නිවරදි කරන මෙවලම) යන සංරචක දෙක සංයුක්ත කරමින් තනි සංරචකයක් ඉදිරිපත් කෙරුන අතර ටියුන්අප් යුටිලිටීස් 2008 හි තවදුරටත් දෘඩ තැටි පිරිසිදු කාරක සංරචක දෙකක් වෙනුවට දෘඩ තැටි පිරිසිදු කාරකය ටියුන්අප් ස්ටාට් සෙන්ටර් හි ගේන් ඩිස්ක් ස්පේස් නම් කාණ්ඩයෙහි එක් අංහයක් ලෙස ඇතුලත් කෙරුණි.

ටියුන්අප් යුටිලිටීස් 2009 [11]

මෙහිදී ස්ටාට් සෙන්ටර් හි පද්ධතිය විශ්ලේශණය කිරීමට, දැන් පවතින තත්වය දර්ශනය කිරීමට හා නිර්දේශ කිරීම් (ඇති නම්) ලබා දීමට කාණ්ඩ වෙන් කෙරුණු අතර එහි සිස්ටම් මේයින්ටේන්, ස්පීඩ් හා සිස්ටම් ස්ටේටස් නම් ක්ෂේත්‍රයන තුනක් ඉදිරිපත් කෙරුණි.[18] මෙහිදී පැරණි සංස්කරණ වල පැවති සටාර්ටප් ඔප්ටිමයිසර් හි නම වෙනස් කරමින් ටියුන්අප් ස්පීඩ් ඔප්ටිමයිසර් නම් සංරචකයක් ද ටියුන්අප් ශෝර්ට්කට් ක්ලීනර් නම් නව සංරචකයක් ද ඉදිරිපත් කෙරුණි. එසේම නව ටියුන්අප් ස්ටයිලර් මගින් වින්ඩෝස් විස්ටා හි පරිගනකය පණ ගැන්වෙන අවස්ථාවේ දිස්වන වින්ඩෝස් විස්ටා ලාංචනය වෙනස් කිරීමේ හකියාවද පැවතුණි.[18]

ටියුන්අප් යුටිලිටීස් 2010 [11]

මෙම සංස්කරණය වින්ඩෝස් 7 ( Windows 7) සඳහා සහය දක්වමින් ඉදිරිපත් උන අතර.[19]මෙහි ටර්බෝ මොඩ් මගින් භාවිත කරන්නාට එක ටිකියක් (1-click) මගින් වින්ඩෝස් ඒරෝ(Windows Aero), වින්ඩෝස් සර්ච් (Windows Search), වින්ඩෝස් එරර් රිපෝර්ටින් (Windows Error Reporting) හෝ ජංගම දුරකතන සමග සමමුහූර්තකරණය කිරීම වැනි[6]විවිධ පසුතල වඩසටහන් නවතා දැමීමේ පහසුව සලසා දීම විශේෂ කරුණකි. එසේම ටියුන්අප් ලයිව් ඔප්ටිමයිසේශන් නම් සංරචකයද ඇතුලත් කෙරුණි.[19][20]

ටියුන්අප් යුටිලිටීස් 2011 [11]

මෙහිදී ඉදිරිපත් කෙරුණු ටියුන්අප් ප්‍රෝග්‍රැම් ඩිඇක්ටිවේටර් මගින් මෙහෙයුම් පද්ධතියේ පද්ධති භාරයට බලපාන ක්‍රමලේඛයන් නවතා දැමීම හා ඒ අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් මෘදුකාංග ඉවත් කිරීමකින් තොරව පද්ධති භාරය ඉවත් කිරීමේ හැකියාවද ලබා දුන අතර පරිශීලකයා නවතා දැමූ ක්‍රමලේඛ නැවත පණ ගන්වන මොහොතේදී ටියුන්අප් ප්‍රෝග්‍රැම් ඩිඇක්ටිවේටර් මගින් ස්වයංක්‍රීයව ඒව නැවත ආරම්භ කිරීමේ හැකියාවත් ලබා දෙයි.[10] නව ක්‍රමලේඛ ඇගැයුම ශ්‍රිතීයතාව මෙම සංස්කරණය සමග ඉදිරිපත් උන අතර සෙසු ටියුන්අප් යුටිලිටීස් භාවිත කරන්නන් විසින් ප්‍රයෝජනවත් භාවය ඇගැයුමට ලක් කල ආකාරය තරු එකක සිට පහ දක්වා ප්‍රමාණයකින් දර්ශනය කර ගත හැකි වීම මෙහිදී දැක ගත හකි කරුනක් විය.[10] එසේම ස්ටාට් සෙන්ටර් හි ටියුනින් ස්ටේටස් නම් නව අංගයක් එක් කෙරුන අතර මෙමගින් ප්‍රශස්තිකරණ අභිවෘද්ධිය සහ ප්‍රශස්තිකරණය දියුණු කළහැකි අංගයන් හඳුනාගෙන ඒවා ප්‍රදර්ශනය කිරීමත් සිදු කරණු ලබයි.[5]

ටියුන්අප් යුටිලිටීස් 2012 [11]

ඉකොනොමි මොඩ් නම් නව සංරචකයක් ස්ටාට් සෙන්ටර් වෙත එක් කෙරුන අතර මෙමගින් ලැප්ටොප් පරිගනක වල විදුලි කෝෂ බලය ආරක්ෂා කර දීමත් අනෙක් පරිගනක වල විදුලි බල පරිභෝජනය ආරක්ෂා කිරීමත් සිදු කෙරේ. එසේම ටියුන්අප් ප්‍රෝග්‍රැම් ඩිඇක්ටිවේටර් වඩා සාර්ථක ආකාරයකට සංස්කරණය කර තිබීමත් විශේෂ කරුණකි.

තීරණාත්මක ප්‍රතිග්‍රහණය[සංස්කරණය]

ටියුන්අප් යුටිලිටීස් වෙත වැඩි වශයෙන් ධනාත්මක ගුණදොස් විවේචනයන් ලැබුන අතර කොම්පියුටර් ශොපර් (Computer Shopper (US magazine)) සඟරාව මගින් ටියුන්අප් යුටිලිටීස් 2009 සඳහා ධනාත්මක ප්‍රතිචාර ලකුණු 10 න් 8 ලබා දී තිබුණි.[21] ටියුන්අප් යුටිලිටීස් 2009, දෙදහස් නවය වසරේ හොදම නිෂ්පාදන 100 අතරින් 37 වන ස්ථානය දිනා ගැනීමට හැකි වූ අතර වසරේ විශිෂ්ටතම උපයෝගිතා මෘදුකාංගයට හිමි තැන ටියුන්අප් යුටිලිටීස් 2009 සඳහා කොම්පියුටර් ශොපර් (Computer Shopper (US magazine)) සඟරාව ලබා දී තිබේ.[22]

එසේම සීනෙට් (CNET) විසින් ටියුන්අප් යුටිලිටීස් 2009 සඳහා තරු 5 න් 5 ම ලබා දී තිබේ. සීනෙට් හි සහකාර සංස්කාරක සෙත් රොසෙන්බැට් (Seth Rosenblatt), ටියුන්අප් යුටිලිටීස් 2009 වටිනාකම තක්සේරු කළ අතර එය බලවත් සහ භාවිතයට පහසු මෙව්ලමක් බවත්, එහි ඩිස්ක් ක්ලීනප් හා රෙජිස්ට්‍රි ක්ලීනර්',' පාන් හා බටර් වලට සමාන බවට උපමා කෙරිණ. [23]

පීසී වර්ලිඩ් (PC World (magazine)) හි ප්‍රෙස්ටන් ග්‍රලා (Preston Gralla) 2010 සංස්කරණය ගැන ප්‍රකාශනයක් සිදු කල අතර එය පරිපූර්ණ සංරචක ගොන්නක් බවත් එහි ස්ටාර්ට්අප් ඔප්ටිමයිසර් හි සිට සියල්ල පවතින බවත්, කෙසේ වුවත් මිල අධික වීම මිලදී ගැනීම තීරණය අපහසු කරන කාරණයක් බවත් සඳහන් කෙරිණ.[6] එසේම ප්‍රෙස්ටන් ග්‍රලා (Preston Gralla) ටියුන්අප් යුටිලිටීස් 2009 සඳහා පීසී ඇඩ්වයිසර්' '(PC Advisor) හිදී 5 න් 4.5 ක වටිනාකම තක්සේරු කරන ලදී.[24]

පීසී මැගසින්' '(PC Magazine)' ටියුන්අප් යුටිලිටීස් 2011 සඳහා ප්‍රකාශනයක් සිදු කල අතර ඔහු එය සඳහා 5 න් 4 ක ටිනාකම තක්සේරු කරන ලදී. [5]

ටියුන්අප් යුටිලිටීස් එසේම සොෆ්ට්පීඩියා (Softpedia) වෙතින් සම්මානය දිනාගත් අතර [25] එනමුත් සංස්කාරක ඇලෙ‍ක්ස් මුරාඩින් (Alex Muradin, Softpedia) ටියුන්අප් යුටිලිටීස් 2006 සඳහා තාක්ෂණික සහයෝගය හිඟ බවක් පැවති බව සදහන් කල අතර ඔහු විසින් ටියුන්අප් යුටිලිටීස් සදහා අවසාන ලකුණු ගණන ලෙස 5 න් 5 ම ලබා දුනි.[26] ක්‍රිස්ටියන් ඉම්ලර් (Christian Immler) ටියුන්අප් යුටිලිටීස් සුසරන මෙවලම් අතර ශ්‍රේෂ්ඨයෙක් බව සදහන් කරන ලදී..[27]

සටහන්[සංස්කරණය]

  1. ^ ^ වින්ඩෝස් එක්ස්පී හෝම් සංස්කරණය, වෘත්තිමය සංස්කරණය සහ මීඩියා සෙන්ටර් සංස්කරණය සඳහා පමණක් සහාය දක්වයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "About us". TuneUp Corporation. සම්ප්‍රවේශය 27 November 2010.
  2. Latest release date is acquired from the package's digital signature.
  3. 3.0 3.1 "TuneUp Utilities 2004". MajorGeeks.com. 5 April 2004. {{cite web}}: External link in |work= (help)
  4. "Unternehmen". TuneUp Deutschland. TuneUp Distribution GmbH. සම්ප්‍රවේශය 3 January 2011.
  5. 5.0 5.1 5.2 5.3 Wilson, Jeffrey L. (27 October 2010). "TuneUp Utilities 2011". PC Magazine. Ziff Davis, Inc. සම්ප්‍රවේශය 27 November 2010. {{cite web}}: External link in |work= (help)
  6. 6.0 6.1 6.2 Gralla, Preston (3 December 2009). "TuneUp Utilities 2010 Replaces Many Other Utilities". PC World (magazine). PCWorld Communications, Inc. සම්ප්‍රවේශය 27 November 2010. {{cite web}}: External link in |work= (help); Text "PC World" ignored (help)
  7. 7.0 7.1 7.2 "TuneUp Utilities 2003". cnet download.com. 14 July 2003. සම්ප්‍රවේශය 30 November 2010.
  8. 8.0 8.1 8.2 "TuneUp Utilities 2007". cnet download.com. 13 July 2007. සම්ප්‍රවේශය 1 December 2010.
  9. 9.0 9.1 9.2 "Table of operating systems supported by TuneUp Utilities". TuneUp Corporation. 19 July 2010. සම්ප්‍රවේශය 7 December 2010.
  10. 10.0 10.1 10.2 10.3 10.4 10.5 Williams, Mike (29 October 2010). "Review: TuneUp Utilities 2011". Softwarecrew. සම්ප්‍රවේශය 30 November 2010.
  11. 11.00 11.01 11.02 11.03 11.04 11.05 11.06 11.07 11.08 11.09 "TuneUp Utilities Download Archive". TuneUp Corporation. සම්ප්‍රවේශය 5 December 2010.
  12. Condo, Jean-Charles (24 July 2003). "TuneUp Utilities 2003 (optimisation Windows et PC)". BRANCHEZ-VOUS!. සම්ප්‍රවේශය 30 November 2010.
  13. Price, Mike (12 January 2004). "TuneUp Utilities 2003 review". Expert Reviews. සම්ප්‍රවේශය 7 December 2010.
  14. "Customize Windows". TuneUp Utilities website. TuneUp Corporation. සම්ප්‍රවේශය 16 January 2011. Improves the appearance of your Windows interface with TuneUp Styler
  15. "TuneUp Utilities 2006". Online-Bestellung. Digital River. සම්ප්‍රවේශය 16 January 2011. {{cite web}}: External link in |publisher= (help); Text "Digital River GmbH" ignored (help)
  16. Muradin, Alex (13 December 2005). "TuneUp Utilities 2006 Rocks!". Softpedia. SoftNews NET SRL. සම්ප්‍රවේශය 16 January 2011. {{cite web}}: External link in |work= (help)
  17. 17.0 17.1 Copestake, Stephen (9 January 2007). "Review: Tuneup Utilities 2007 Windows optimiser". PersonalComputerWorld. සම්ප්‍රවේශය 30 November 2010.
  18. 18.0 18.1 Wilson, Jeffrey L. (24 April 2009). "TuneUp Utilities 2009". LAPTOP Magazine – Online (www.laptopmag.com). Bedford Communications, Inc. සම්ප්‍රවේශය 20 July 2010.
  19. 19.0 19.1 McKinnon, David (24 January 2010). "TuneUp Utilities 2010 review". Expert Reviews. සම්ප්‍රවේශය 30 November 2010.
  20. "TuneUp - Utilities 2010 review". IT Reviews. 16 December 2009. සම්ප්‍රවේශය 5 December 2010. The wealth of tools available is impressive and most are well structured enough for anyone to get involved, and the improvements on offer build nicely on the core benefits of the suite.
  21. "TuneUp Utilities 2009". Computer Shopper (US magazine). SX2 Media Labs, LLC. 2009. සම්ප්‍රවේශය 17 January 2011. {{cite web}}: External link in |work= (help); Text "Computer Shopper" ignored (help)
  22. Anderson, Sarah E.; Burek, John A.; Haselton, Lauren; Jerome, Will; Krawczyk, Konrad; Rougeot, Jonathan; Safford, Matt; Smith, Catharine (2009). "Best Utilities Suite: TuneUp Utilities 2009". Computer Shopper (US magazine). SX2 Media Labs, LLC. සම්ප්‍රවේශය 30 November 2010. {{cite web}}: External link in |work= (help); Text "Computer Shopper" ignored (help)
  23. Rosenblatt, Seth (25 November 2008). "TuneUp Utilities 2010 9.0.4300.7 — CNET Editors' review". Download.com. සම්ප්‍රවේශය 20 July 2010. {{cite web}}: External link in |publisher= (help)
  24. Gralla, Preston (20 January 2009). "TuneUp Utilities 2009 review". PC Advisor magazine – Online (www.pcadvisor.co.uk). International Data Group (IDG). සම්ප්‍රවේශය 20 July 2010. {{cite journal}}: External link in |journal= and |publisher= (help)
  25. "TuneUp Utilities 2011". Softpedia. SoftNews NET SRL. සම්ප්‍රවේශය 29 November 2010. {{cite web}}: External link in |work= (help)
  26. Muradin, Alex (13 December 2005). "TuneUp Utilities 2006 Rocks!". Softpedia. SoftNews NET SRL. {{cite web}}: |access-date= requires |url= (help); Missing or empty |url= (help)
  27. Immler, Christian. Das PC-Handbuch (German බසින්). Pearson Education. p. 690. ISBN 9783827244642. සම්ප්‍රවේශය 5 December 2010. Die TuneUp Utilities (www.tuneup.de) sind ein Klassiker unter den Tuning-Tools. [TuneUp Utilities represent a classic amongst tuning tools.] {{cite book}}: Cite has empty unknown parameter: |chapterurl= (help); Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)

බාහිර යොමු[සංස්කරණය]

නිල වෙබ් අඩවිය

"https://si.wikipedia.org/w/index.php?title=ඒවීජි_පීසී_ටියුන්අප්&oldid=336141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි