ජෝර්ජ් වොෂින්ටන් (නව නිපැයුම්කරු)

විකිපීඩියා වෙතින්
පළමු ලෝක සංග්‍රාමයට පෙර වොෂින්ටන්ගේ කෝපි පිලිබඳ ජනතාවට හදුන්වාදුන් වෙළඳ දැන්වීමක්. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, 1914 පෙබරවාරි 23.

ජෝර්ජ් කොන්ස්ටන්ට් ලුවිස් වොෂින්ටන්[I] (1871 මැයි – 1946 මාර්තු 29) ඉංග්‍රීසි-බෙල්ජියමේ උපත ලද ඇමෙරිකානු නව නිපයුම්කරුවෙක් සහ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නම මතකයට නැගෙනුයේ ඔහුගේ සොයාගැනීමක් වූ G. වොෂින්ටෝන් කෝපි සමාගම වෙනුවෙන් ක්ෂණික කෝපි සැකසුම් ක්‍රියාවලිය සොයාගැනීම සහ එය තොග නිෂ්පාදනය වෙනුවෙනි.

ඔහු ඔහුගේ උපන් බිම වූ බෙල්ජියමෙන් නික්මී, 1897 දී නිව්යෝර්ක් ප්‍රදේශයට පැමිණයේය. ඔහු ක්ෂණික කෝපි නිෂ්පාදනයට යොමු වීමට ප්‍රථම මධ්‍යම ඇමෙරිකාවේ තාවකාලිකව පදිංචි වී සිටි කාලය තුල, 1906 හෝ 1907 යම් තාක්ෂණික ක්ෂේත්‍රයන් කිහිපයක් කෙරේ මුලික දැනුමක් ලබාගත්තේය. ඔහුගේ කෝපි වෙළදාම 1909දී ආරම්භ කල අතර ඒ සඳහා කෝපි නිෂ්පාදනයට සමාගමක් 1910 දී ඔහු විසින් ආරම්භ කළේය. නිව්යෝර්ක් සහ නිව් ජර්සි මුලික කරගනිමින්, ඔහුගේ සමාගමේ දියුණුව ඇති වූ අතර පළමු ලෝක යුද්ධය ඇතිවූ කාලයේ හමුදාවට වැදගත් සැපයුම් කරුවෙක් බවට පත්විය. තවද සමාගමේ නිෂ්පාදන නිව්යෝර්ක්හි පුවත්පත් මගින් සහ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කරවීය. ඔහුගේ සමාගමේ සාර්ථකත්වය ඔහුව ඉසුරුමත් කල අතර, බෘක්ලින් හි පිහිටි සුවිසල් මන්දිරයක ඔහු දිවි ගෙවීය. පසුව 1927 දී නිව් ජර්සි ප්‍රාන්තයට පදිංචිය සඳහා පැමිණියේය. එම වසරේම ඔහු බදු අධිකාරීන් සමග තිබු අරගලය පරාජයට පත්වූයේය. ඔහු විවාහකයෙකු වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

1943 දී සිදුවූ ඔහුගේ මරණයට මද කලකට ප්‍රථම දී වොෂින්ටන්ගේ සමාගම ඇමෙරිකන් හෝම් ප්‍රොඩක්ට් වෙත අලෙවි කරන ලදී. කෝපි සන්නාමය 1961 දී අත්හිටවූවද, වොෂින්ටන්ගේ නාමය අදටද G. Washington's Seasoning & Broth නිෂ්පාදනයන් කෙරේ භාවිතා කරයි.


පවුල් පසුබිම[සංස්කරණය]

1900 එක්සත් ජනපද සාමුහික සංගණනය

ජෝර්ජ් වොෂින්ටන් ඉංග්‍රීසි ජාතික පියෙකුට හා බෙල්ජියම් ජාතික මවකට දාව උපත ලද්දේ 1871 මැයි මස බෙල්ජියමේ,[1] කොර්ට්‍රයික් හිදීය. [1][2] ඉන් අනතුරුව පැවති පුරවැසිභාවය පිලිබඳ නීතිය අනුව පීතෘත්වයට මුල්තැන දෙමින් වොෂින්ටන් බ්‍රිතාන්‍ය යටත්වැසියෙක් විය. නමුත් 1918 දී ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත්තේය.[3] අවම වශයෙන් ඔහුගේ සහෝදර සහෝදරියන් හය දෙනෙකු පමණ මධ්‍යම ඇමෙරිකාවේ සහ එක්සත් ජනපදයේ පදිංචියට පැමිණියේය. වාර්තා කිහිපයකට අනුව ඔහු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් වොෂින්ටන් හට නෑකම් කියන අතර, එම වාර්තා කිසිවක ඒ පිළිබඳව පැහැදිලි දත්ත නොමැත.[4]

වොෂින්ටන් නැවත බ්‍රසල්ස් වෙත පැමිණි අතර ජර්මනියේ බොන් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිලිබඳ උපාධියක් ලබා ගත්තේය. .[2] 1895 දෙසැම්බර් මස වොෂින්ටන්, 1876 බෙල්ජියමේම උපත ලද අන්ජෙලින් සෙලින් වර්ජිනි වැන් නියුවෙන්හයිස්ව විවාහ කරගත්තේය(එක්සත් ජනපදයේදී ඇය තමාව "ලීනා" නමින් හදුන්වාදෙන ලදී).[1][5] 1900 ඇමෙරිකානු සංගණනය අනුව ලිනාද ඇයගේ ස්වාමිපුරුෂයා මෙන්ම ඉංග්‍රීසි හා බෙල්ජියම් සම්භවයකින් පැවත එන්නියකි.(බෙල්ජියම් ජාතික පියෙක් සහ ඉංග්‍රීසි ජාතික මවක්).[1] වොෂින්ටන්ගේ ඇමෙරිකානු සම්ප්‍රාප්තිය සිදුවන්නේ 1896 ඔක්තෝම්බර් 6 වන දින බෙල්ජියමේ ඇන්ට්වර්ප් සිට නෞකාවකින් බවට එලිස් අයිලන්ඩ් හි වාර්තාවල සඳහන් වන නමුත්, 1900 ඇමෙරිකානු සංගණන වාර්තාවන්හි සඳහන් වන්නේ ඔවුන් ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ 1897 දී බවයි.[1] නිව්යෝර්ක් ප්‍රදේශයේ වොෂින්ටන් සිය වාසස්ථානය සකසා ගත් අතර, ඔහුට සහ ඔහුගේ බිරිඳට දරුවන් තිදෙනෙකු විය.:[1][6] ඒ 1897 මැයි මස දී උපත ලද ලුයිසා වොෂින්ටන්,[1] 1898 මැයි මස දී උපත ලද අයරීන් වොෂින්ටන්,[1] සහ 1899 අගෝස්තු මස දී උපත ලද ජෝර්ජ් වොෂින්ටන් (කණිෂ්ට).[1][7]

වොෂින්ටන් නිව්යෝර්ක් ප්‍රදේශයට පැමිණි පසු, භූමිතෙල් භාවිතා කර දල්වාගන්නා පහන් සඳහා ගෑස් මැන්ටල නිෂ්පාදනය කරන සමාගමක් ස්ථාපිත කලේය. මෙම කාල සීමාව තුල ඔවුන් ස්ටේටන් අයිලන්ඩ් ආසන්නයේ නිව් බ්‍රයිටන් හි පදිංචි වී සිටි නමුත්, ඔහුගේ ව්‍යාපාරය වූ George Washington Lighting සමාගම, නිව් ජර්සි මුලික කරගෙන පිහිටියේය. තාපදීප්ත ආලෝක බල්බ තාක්ෂණය පරිණත වීම හමුවේ මෙම ව්‍යාපාරය අතහැර දමන්නට ඔහුට සිදුවිය.[2] කලකදී වොෂින්ටන් සතුව කැමරා සමාගමක්ද පැවතිණි. 1900 ඇමෙරිකානු ජන සංගණන කාලයේදී, එම වාර්තාවල වොෂින්ටන් නව නිපයුම්කරුවෙක් ලෙස වාර්තා වෙයි. ඒ වන විට ඔහුගේ වයස අවු. 29ක් වූ අතර, ඔහු සමග ඔහුගේ 23 හැවිරිදි භාර්යාව, ඔවුන්ගේ දරුවන් තිදෙනා, ඔහුගේ නැගණිය(අවු 25), මෙහෙකරුවන් තිදෙනෙක් සහ ඉන් දෙදෙනෙකුගේ දරුවෙකුද ඔවුන් සමග බෘක්ලින්හි කුලී නිවසක වාසය කලහ.[1]

1906 හෝ 1907දී අතරතුර වොෂින්ටන් ග්වතමාලාවේදී එලහරක් යොදාගෙන විශාල ගොවිපලක් පවත්වාගෙන යාමටද කටයුතු කලේය.[2] [8] [2] මේ අතරතුර, ඔහුගේ ක්ෂණික කෝපි සැකසුම් ක්‍රියාවලිය වැඩිදියුණු කලේය. වොෂින්ටන් වසරකට පමණ පසුව නිව්යෝර්ක් වෙත නැවත පැමිණි අතර, අනතුරුව ඔහුගේ ප්‍රධාන ජිවන වෘත්තීය වූ කෝපි නිෂ්පාදනය නොනැවතී කරගෙන යාම ආරම්භ කලේය.

පුද්ගලික ජීවිතය[සංස්කරණය]

වොෂින්ටන් 1910 දී ඔහුගේ කෝපි ව්‍යාපාරය පිහිටුවීමෙන් අනතුරුව බෘක්ලින්හි නො.47, ප්රෝස්පෙක්ට් පාර්ක් වෙස්ට් හි වාසය කරන ලද්දේ, සෆ්ෆොක් ප්‍රාන්තයෙහි බෙල්පොර්ට්හි පිහිටි නො. 287 සවුත් කන්ට්‍රි පාරේ දෙවැනි නිවසක්ද සහිතවය. [3][9][IV] 1926–1927 වොෂින්ටන් ඔහුගේ නිවාස දෙකම බෘක්ලින්හි විසු, සමාජ ශාලාවක් ඇරඹීමේ අභිප්‍රායෙන් සිටි ධනවත් මිනිසුන් කණ්ඩායමකට අලෙවි කලේය (වාර්තාවල ආකාරයට $ මිලියනයකට වඩා වැඩි මිලකට).[10][11] නිව්ජර්සි හිදී ඔහුගේ සමාගම නැවත ස්ථාපනයත් සමග 1927 දී එහි ඉඩමක් මිලදී ගෙන, හිටපු ආණ්ඩුකාරවරයෙකු ෆ්‍රැන්ක්ලින් මර්ෆිට අයත්ව තිබු මෙන්ඩම් හි පිහිටි "ෆ්‍රැන්ක්ලින් ගොවිපල" වෙත පැමිණියේය.[12] වොෂින්ටන් විදේශික සතුන් කෙරෙහි ඇල්මක් දැක්වුයෙකු වූ අතර එලෙසම ගෙවතු වගාව කෙරෙහිද උනන්දුවක් දැක්වූයේය.[9] මුල් කාලීනව බෙල්පොර්ට් හි සහ අනතුරුව මෙන්ඩම් හිදී ඔහු පුළුල් ගෙවත්තක් ඔහුගේ ඉඩම තුල වගා කරගත්තේය. ලෝන්ග් අයිලන්ඩ් හිදී ඔහු නිතරම වාගේ ඔහුගේ උරහිස් මත පක්ෂීන් සහ වඳුරන් තබාගෙන සිටි බව වාර්තා වෙයි.[9] ඔහුගේ ගෙවතු දෙකේදීම දුර්ලභ ගණයේ පක්ෂීන් විශේෂිත වූ අතර, [2][10] බෙල්පොර්ට්හි මුවන්, බැටළුවන්, එළුවන් සහ කුරංග මුවන් ද සිටි බවටද, මෙන්ඩම්හි සුවිසල් භුමිය තුල මුවන්[10] ලාමාවන් සහ සීබ්‍රාවන් ද සිය ගණනක් සතුන් අතරින් සිටි බව වාර්තා වෙයි. සමාජයීය වශයෙන් ඔහු නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝටස් සමාජයේ සහ උගත් මහත්වරුන්ගේ සමාජයේ ක්‍රියාශීලී සාමාජිකයෙකුද විය. 1920 ජනාධිපතිවරණයට වොෂින්ටන්ගේ නාමයද ප්‍රමුඛ ලෙස දකුණු ඩකෝටා ප්‍රදේශයෙන් ඇමෙරිකානු පක්ෂයෙන් යෝජනා වී තිබු අතර, නමුත් ලියකියවිලි සකස් වී තිබුනේ වලංගු කාල සීමාව ප්‍රමාද වීමකින් පසුවය.[3] පැහැදිලි සාධක නොතිබුණද, නාමයෝජනා භාරදීම බරපතල ස්වභාවයක් ගත්තේය. ජෝර්ජ් වොෂින්ටන් විදේශිකයෙකු ලෙස උපත ලබා තිබීම ඔහු එම තනතුරට යෝග්‍ය නොවීමට බලපාන සාධකයක් බවට පත්වීමටද ඉඩ තිබිණ. ඉතිහාසයේ ඇමෙරිකානු පක්ෂ කිහිපයක් සඳහන් වන අතර, ඔහුගේ ජීවන ගමන තුල තුල සිදුවූ සිදුවීම් හා බලන කල මෙම නම යෝජනා භාර දීම ඔහුට කරන ලද උපහාසයක්ද යන්න නොපැහැදිලිය.[III]

ඔහු තමයි මිනිසා, ඔහු අපට ඉහලින් සිටිනවා. මෙම ව්‍යාපාරය කරදරයකින් තොරව ගෙනයාමට ඔහු සතුව පීප්ප ගණනක මුදල් තිබෙනවා. ඔබට අමතකද ? ඔහු ඇල්බර්ට් ෆෙල්ට්මන්ගෙන් වෙස්ට් ප්රෝස්පෙක්ට් උද්‍යානයේ පිහිටි ඩොලර් 100,000 ක් වටිනා මන්දිරය මිලට ගත්තා. ඔහුගේ අසල්වැසියන් වන සෙනෙට් සභික කැල්ඩර් සහ ජෝර්ජ් හැම්ලින් චයිල්ඩ්ස් ගෙන් ඔහු දේශපාලනය ගැන විශාල දැනුමක් ලබාගත්තා. ඔබ ඒ ගැන මදක් සිතන්න පෙළඹෙනවානම්, එම ඇමෙරිකන් පක්ෂයේ හොඳ ප්‍රචාරණ ආරංචියක් මේ වසරේ ගෙනයනවා. ඔක්තෝම්බර් විප්ලවය සහ පළමු රතු බියගැන්වීමත්, ජාතික එක්සත් මණ්ඩලයේ ඇතිවූ තැතිගැන්මත් යන සියල්ලම ගත් විට අපි යම් දෙයක් ගැන ඉතා ඉහලින් බලාපොරොත්තුවෙන් සිටිනවා.

— බෘක්ලින්හි දේශපාලනඥයෙක් (නිර්නාමිකයි), .1920 ජනවාරි 4, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත[3]

නිපදවීම් සහ ව්‍යාපාර[සංස්කරණය]

1922 ජනවාරි 2 දින, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පලවූ මෙම දැන්වීම ක්ෂණික කෝපි සහ පිරිසිඳු කල සුදු සීනි වල "පවිත්‍රතාව" හා සංසන්දනය කර පෙන්වීමකි.
පළමු ලෝක යුද්ධයට පසු, කෝපි පානය නැවත ජනතාවට අදුන්වාදුන්නේ එවකට සටන් පාඨයක් වූ, Went to War! Home Again සමගිනි. 1919 ජුනි 22 නිව්යෝර්ක් ට්‍රිබියුන් පුවත්පතේ පළවූ දැන්වීමකි.

හයිඩ්රෝ කාබන් පහන්, කැමරා, සහ ආහාර නිෂ්පාදනය ක්ෂේත්‍ර කෙරේ ජෝර්ජ් වොෂින්ටන් සතුව පේටන්ට් බලපත්‍ර 24 කට අධික ප්‍රමාණයක් ඇත. ක්ෂණික කෝපි නිෂ්පාදනය සොයාගත් පළමුවැන්නා ඔහු නොවූ අතර, අන් සියලු දෙනා අතරින් සටෝරි කටෝගේ මුලික කාර්යන් ඔහු විසින් ඔහුගේ පෙරනිමිත්ත ලෙස යොදා ගත්තේය. නමුත්, වාණිජ නිෂ්පාදනයක් ලෙස මුලින්ම නිෂ්පාදන කටයුතු ඇරඹීමට පුරෝගාමී වූයේ වොෂින්ටන්ගේ සොයාගැනීමයි. කෝපි පෝච්චියේ ගැට්ටේ රැඳෙන වියලි කෝපි කුඩු දැකීමෙන් ඔහු මෙය නිෂ්පාදනයට පෙළඹුනේ යයි ඇඟවුවද,[13] පසුකාලීනව යුරෝපයේ අලෙවි කල ක්ෂණික කෝපි සැකසුමක් මේ කාල සීමාවේදීම, ෆෙඩ්රිකෝ ලෙන්හොෆ් වයිල්ඩ් නම් වූ ජර්මන්-ගෝතමාලා සම්භවයක් සහිත පුද්ගලයෙකු නිපදවූයේය.[8]; වොෂින්ටන්ගේ පුද්ගලික වෙද්‍යවරයා වුයේ වයිල්ඩ් බැවින්, මෙම සොයාගැනීම් ස්වාධීන නොවන බවටද අදහසක් පැතිර ගියේය.[14]

1909 දී වොෂින්ටන්ගේ නිපැයුම මුලින්ම වෙළඳපොළට පැමිණියේ "රතු ඊ කෝපි" (a pun on "ready") යන නමින්ය. පසුව 1910 දී G. Washington Coffee Refining සමාගම ඇරඹුවේය.[14] වොෂින්ටන්ගේ පළමු නිෂ්පාදන යන්ත්‍රෝපකරණ බෘක්ලින්හි , 41 වීදියේ, නො.147 දරන ස්ථානයේ කර්මාන්ත සංකීර්ණයක ස්ථාපිත කරන ලදී. පසුකාලීනව 1927 දී සමාගමේ මෙහෙයුම් කටයුතු නිව් ජර්සි වෙත ගෙනයන ලද්දේ, මොරිස් තැනිතලාවේ හි නො 45 නැගෙනහිර හැනොවර් මාවතේ පිහිටි ඉඩම අත්පත් කරගෙන එහි නව යන්ත්‍රෝපකරණ ස්ථාපිත කරමිනි.[12][IV]

සමාගමේ දැන්වීම් ප්‍රචාරණයෙදී නිතරම පාහේ නිෂ්පාදනයේ පිරිසිඳු බව, භාවිතයේ පහසුව සහ නවීනතාව ගැන නිතරම අවධාරණය කර සිටියේය. තවද එය ආහාර දිරවීම පහසු කරවන බවත්, එම "පිරිසිඳු" කෝපි වල අවදිකරවා සිටීමේ බලපෑම නොමැති බවත් පවසා තිබිණ (දෙයාකාරයෙන්ම පවතින කැෆේන් නම් රසායනයේ අඩංගු සංඝටක මගින් ඇතිවන සෘජු බලපෑම). පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු, ඇමෙරිකානු හමුදාවේ කෝපි භාවිතය ඔහුගේ කෝපි අලෙවිය සඳහා තවත් පිටුවහලක් විය. 1930 සිට 1935 දක්වා NBC සහ Blue Network ගුවන් විදුලි නාලිකාවන්හි විකාශනය වූ "ෂර්ලොක් හෝම්ස්" නාටක මාලාව සඳහා අනුග්‍රහය දැක්වීමත් සමග ප්‍රචාරණය සඳහා තවත් වෙනස් මගක් මුණගැසිනි. .[15]

කෙසේ වෙතත් මුල්කාලීන ක්ෂණික කෝපි නිතරම පාහේ අඩු ගුණාත්මක බවකින්ද, අමුතු රසයකින්ද යුක්ත වූ අතර, නුපුරුදු අලුත් දෙයකට වඩා යමක් නොවීය.[16]

ඔහු සහ ඔහුගේ සමාගම අතර බදු සමග සම්බන්ද මුල්‍යමය කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් බලධාරීන් සමග වොෂින්ටන් යම් ගැටලුකාරී තත්වයක්ද ඇතිකර ගත්තේය. කෝපි නිෂ්පාදනයට ඔහුගේ වෙළඳ රහස් භාවිතයට 1918 නොවැම්බර් මස ඔහු සමාගම සමග සංක්ෂිප්ත ගත විය. මසකට පසුව ඔහුගේ තැන්පතු පහෙන් හතරක් ඔහුගේ පවුල වෙත ලබා දුන්නේය. වොෂින්ටන් උදක්ම කියා සිටියේ පවුලේ සාමාජිකයන්ගේ අදායම වෙනුවෙන් බදු නොගෙවවියයුතු බවයි. මෙය මුලින්ම බදු අභියාචනා මණ්ඩලයට යොමු වූ අතර, පසුව අභියාචනා අධිකරණයට යොමු විය. 1927 දී වොෂින්ටන්ට එරෙහිව තුනෙන් දෙකක තීන්දුවක් ලැබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කල පෙත්සමද නොසලකා හැරියේය.[17]

වොෂින්ටන්ගේ පුත්‍රයා වූ ජෝර්ජ් වොෂින්ටන්(කනිෂ්ඨ) ඔහුගේ පියාගේ සමාගමේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කල අතර, ඔහුගේ පියා මෙන්ම යම් සොයාගැනීම් කිහිපයකට යොමුවුනේය. 1948 දී හඳුන්වාදුන් පුවත්පත් සඳහා ඉතා විශාල වශයෙන් භාවිතා වූ Fairchild Camera and Instrument භාවිතයෙන් ඡායා උත්කීරණය සැකසුම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ඔහු විසින් හිමිකරගත්තේය.[18]

හමුදා ගිවිසුම්[සංස්කරණය]

එම කාල වකවානුව තුල වොෂින්ටන්ගේ අසමසම නිපදවීම පළමු ලෝක යුද්ධයේ ආහාර සලාකය තුල විශාල වශයෙන් භාවිතා විය. යුද්ධභූමිය තුල කෝපි පරිභෝජනය ඉතා වටිනාකමක් ගත්තේ, එය සොල්දාදුවන්හට කැෆේන් ප්‍රබෝධයක් ලබා දුන් නිසාය.[16] එවකට ඇමෙරිකානු යුධ දෙපාර්තමේන්තුවේ කෝපි සැපයුම් අංශ ප්‍රධානී E.F. හෝල්බෘක් පැවසුයේ කෝපි පානය, අබ වායුව මගින් ඇතිවන ව්‍යකුලත්වයෙන් සුවය ලබා ගැනීමට වැදගත් සාධකයක් වන බවයි.[14] 1917 දී ඇමෙරිකානු කාර්ය සාධක හමුදාව යුද්ධයට අවතීර්ණ වන තුරු, 1914 සිට කැනේඩියානු කාර්ය සාධක හමුදාවේ භාවිතය යටතේ තිබු එහි, ඉන් අනතුරුව සියලුම නිෂ්පාදන ඇමෙරිකානු හමුදාවේ භාවිතය සඳහා භාවිත විය. [4]යුද්ධය අවසාන කාල සීමාවේ ජාතික අවශ්‍යතාව මෙන් හය ගුණයක් පමණ ඉතා විශාල වූ හමුදාවට සිදුකල කෝපි සැපයුම සපුරාලීමට, නව කුඩා කෝපි නිෂ්පාදකයන්ද ඇතිවූයේය.[8]

ක්ෂණික කෝපි පානය පිලිබඳ සොල්දාදුවන් අතර යම් ජනප්‍රියත්වයක් හටගත්තේය. ඔවුන් එයට "ජෝර්ජ්ගේ කෝපි කෝප්පය" යන නමද පටබැන්දේය. කෝපි රසයට වඩා කැෆේන් උත්තේජනය මෙහිදී මුල්තැනක් ගත් නිසා යම් අවස්ථාවන්හිදී එය සීතල වුවද පානය කල හි විය.[8]

මම ඉතාම සතුටුයි මීයන්, වැස්ස, මඩ, දාන් සෙල්ලම[sic], කාලතුවක්කු වල ගෙරවීම සහ ෂෙල් වෙඩි වල දෝංකාරය නොසලකා හරින්න. මට මිනිත්තුවයි ගතවෙන්නේ මගේ තෙල් තාපකය දල්වාගෙන ජෝර්ජ් වොෂින්ටන්ගේ කෝපි කෝප්පයක් සාදා ගන්න... සෑම රාත්‍රියකම මම දෙවියන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා ජෝර්ජ් වොෂින්ටන් මහතා හට මනා සෞඛ්‍යක් සහ හොද දිවියක්.

—ඇමෙරිකානු සොල්දාදුවා, 1918 අගලේ සිට ලියු ලියුම්.[8]

පළමු ලෝක යුද සමයේ ඇමෙරිකානු හදිසි ආහාර සලාකයේද නා නා වර්ගයේ ආහාර සමග එක් අයෙක් වෙනුවෙන් අවුන්සයකින් (ග්‍රෑම් 7) හතරෙන් එකක් සහිත ද්විත්ව ශක්ති ක්ෂණික කෝපි පැකට්ටුවක්ද, කන්ටේනර් තුල සිටින මිඉසුන් 24 දෙනෙකුට සපයන ලදි.[4] ක්ෂණික කෝපි අගල් කපන්නන් හා විශේෂිත කණ්ඩායම් වෙනුවෙන් සැපයූ ආහාර වලද අඩංගු විය. දෙවන ලෝක යුද සමයේ ඇමෙරිකානු හමුදාව නැවතත් වොෂින්ටන් මත යැපෙන්නට පටන් ගත්තේය. නමුත් මෙම යුද සමයේ ප්‍රධාන වශයෙන් ඉස්මතු වූ නෙස්කැෆේ සහ වෙනත් ප්‍රධාන ක්ෂණික කෝපි නිෂ්පාදකයන්ද වොෂින්ටන් හා සමග උරෙන් උර ගැටී හමුදාවට අවශ්‍ය සැපයුම ලබා දුන්නේය.[16]

සමාගමේ සහ ඔහුගේ අවසානය[සංස්කරණය]

1943 දී G. Washington Coffee Refining සමාගම American Home Products සමාගම මගින් මිලදී ගත්තේය. ඒ සමගම ජෝර්ජ් වොෂින්ටන් විශ්‍රාම ගත්තේය. පවුලේ සාමාජිකයන් විසින් පවත්වාගෙන ගිය මෙම සමාගම, ඇමෙරිකන් හෝම් ප්‍රොඩක්ට් සමාගම මිලදී ගත්තේ ඔවුන්ගේ කොටස් නිකුතුවේ කොටස් 29,860 හුවමාරුව වෙනුවෙනි (දල වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7). මෙම වකවානුවේ ඇමෙරිකන් හෝම් ප්‍රොඩක්ට්ස් සමාගම වේගවත් ලෙස සමාගම් මිලට ගත්තේය. ඔවුන් වසර 8 දී සමාගම් 34 ක් මිලට ගත්තේය.[19][20] "ජි.වොෂින්ටන්ගේ" සමාගමේ සාමාන්‍යාධිකාරී වූ ක්ලැරන්ස් මාර්ක් වොෂින්ටන් වෙනුවෙන් සමාගමේ එකතු කල අංශ පවත්වාගෙන යාමට සමත්වීය.[19]

වොෂින්ටන්ගේ අවසාන කල වකවානුවේදී ඔහු "ෆ්‍රැන්ක්ලින් ගොවිපල" ද විකුණා දමා, මෙන්ඩම්හි නව වර්නන් පාරේ නිවසක දිවි ගෙවීය.[2] ඔහුගේ සමාගම විකුණා දමා තුන් වසරකට පසුව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්, 1946 මාර්තු 29 දින ඔහු මිය ගිය අතර ඒ වන විට ඔහුගේ වයස අවු. 74ක් විය. අවමංගල්‍ය දින තුනක් පැවතිණි. [21]

1961 දී ජි.වොෂින්ටන් කෝපි සන්නාමය නතර කරනු ලැබුවේය. ඒ ඔහුගේ නිව් ජර්සි ඉඩමද, එවකට කොකාකෝලා සමාගමේ අංශයක් වූ ටෙන්කෝ වෙත අලෙවි කිරීමෙන් අනතුරුවය.[16] ජි.වොෂින්ටන් සන්නාමයේ අවසාන වශයෙන් ඉතිරිව තිබෙන්නේ 1938 දී ආරම්භ කල G. Washington's Seasoning & Broth පමණි. මෙම සන්නාමයද 2000 දී ඇමෙරිකන් හෝම් ප්‍රොඩක්ට් විසින් අලෙවි කරන ලදී. අතරමැදියන් කිහිප දෙනෙක් අතරේ හුවමාරු වෙමින් තිබු මෙය, අවසානයේ හෝම්ස්ටැට් සමාගම මගින් 2001 දී මිලට ගෙන මේ දක්වා පවත්වාගෙන යයි.[22]

වැඩි විස්තර[සංස්කරණය]

පේටන්ට් බලපත්‍ර[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

I^ : He does not appear to have used his full name while in the United States—it is absent from census and immigration records, his patent applications and contemporary news articles about him.
II^ : The New York Times gives the place of birth as Kortrijk, while The New York Herald Tribune gives Brussels. It is presumed that the more obscure city would be the less likely error. Belgian records clearly indicate that he was at least married in Kortrijk.
III^ : In 1920, former Texas governor James E. Ferguson actually ran under an "American Party" label.
IV^ : The Bellport home is currently known as "Washington Lodge". The Morris Plains address at 45 Hanover Avenue is given in a 1928 ad;[23] the plant is described in the New York Times as adjoining the Morristown Line, so the address must be 45 East Hanover Avenue.

References[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 Image of census page containing George Washington; 1900 US Census; Staten Island; New York City
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 "G. Washington Is Dead, Made Instant Coffee", The New York Herald Tribune, March 29, 1946.
  3. 3.0 3.1 3.2 3.3 "Presidency Candidate Found in Brooklyn", The New York Times, January 4, 1920.
  4. 4.0 4.1 4.2 The Story of a Pantry Shelf: An Outline History of Grocery Specialties. New York: Butterick Publishing Company. 1925.
  5. "Mrs. George Washington" (1876–1952), obituary, The New York Times, October 30, 1952.
  6. 1897 මැයි මස දී උපත ලද ඔහුගේ වැඩිමහල් දියණියගේ උපන් ස්ථානය වශයෙන් 1900 ඇමෙරිකානු සංගණන වාර්තාවන්හි සඳහන් වන්නේ බෙල්ජියමේ බවය. මෙය එලිස් අයිලන්ඩ් වාර්තා අනුව පරස්පර විරෝධීය. The US Census also records the year of their emigration to the USA as 1897. The other two children are recorded in the census as being born in New York.
  7. George Washington, Jr. was born on August 6, 1899 and died on December 1, 1966 in Morristown, New Jersey; Social Security Death Index.
  8. 8.0 8.1 8.2 8.3 8.4 Pendergrast, Mark (1999). Uncommon Grounds: The history of coffee and how it transformed our world. Basic Books. ISBN 0-465-05467-6.
  9. 9.0 9.1 9.2 Principe, Victor (2002). Bellport Village & Brookhaven Hamlet, NY. Arcadia Publishing. ISBN 0-7385-0968-X.
  10. 10.0 10.1 10.2 "Big Bellport Sale", The New York Times, May 23, 1926.
  11. "Brooklyn Club Buys", The New York Times, February 25, 1927.
  12. 12.0 12.1 "Coffee Company Builds New Plant", The New York Times, May 26, 1927.
  13. History of Instant Coffee. Nestlé UK. Retrieved on March 31, 2007. සංරක්ෂණය කළ පිටපත ජනවාරි 28, 2007 at the Wayback Machine
  14. 14.0 14.1 14.2 Ukers, William H. (1922). All about Coffee. The Tea and Coffee Trade Journal Co.
  15. Haendiges, Jerry. "Sherlock Holmes episodic log". The Vintage Radio Place. Retrieved on March 27, 2007.
  16. 16.0 16.1 16.2 16.3 Talbot, John M. (1997). "The Struggle for Control of a Commodity Chain: Instant Coffee from Latin America". Latin American Research Review 32 (2), 117–135.
  17. "George Washington Sues", The New York Times, May 26, 1927.
  18. "George Washington Jr. is Dead; Invented an Engraving Device", The New York Times, December 27, 1966.
  19. 19.0 19.1 "To Buy Coffee Company", The New York Times, April 8, 1943.
  20. "Buy, Buy, Buy" සංරක්ෂණය කළ පිටපත 2012-01-05 at the Wayback Machine, Time, December 6, 1943.
  21. "Deaths", The New York Times, March 30, 1946.
  22. "History – G. Washington's Seasoning & Broth". Homestatfarm.com. සම්ප්‍රවේශය 2012-06-10.
  23. "George Washington's Instant Coffee - picture of advert". සම්ප්‍රවේශය 2012-06-10.

අතිරේක සබැඳුම්[සංස්කරණය]