ජේතවනාරාමය, අනුරාධපුර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

ඛණ්ඩාංක: 8°21′06″N 80°24′13″E / 8.35167°N 80.40361°E / 8.35167; 80.40361

ශ්‍රී ලංකාවේ අනුරාධපුර පූජා නගරයේ ජේතවන ආරාම භූමියේ නටබුන් මැද පිහිටි ස්ථූපයකි - ජේතවනාරාමය.

ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව

[සංස්කරණය] ස්ථූපය

ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය තැනීමේ ගෞරවය හිමි වන්නේ මහසෙන් (273 - 301) රජුටයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ.

අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලයි. පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට නැවතී සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව

මෙම පූජා භූමියේ කැණීම් කටයුතු කළ බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෙකු කියන්නේ ථූපය ගොඩනැගීමට පාවිච්චි කරන ලද ගඩොල්වලින් එඩින්බරෝ සිට ලන්ඩන් දක්වා දුරට මීටර් 3 ක් උසට වේල්ලක් තැනීමට වුවද හැකි බවයි.



[සංස්කරණය] See also

  • This page incorporates content from Dr. Rohan Hettiarachchi's [1] used with permission of website owner.

Ratnayake, Hema (1993) Jetavana. In The Cultural Triangle of Sri Lanka. Paris: Unesco Publishing/CCF.

[සංස්කරණය] External links

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්