ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය

විකිපීඩියා වෙතින්
1800 දී රෙම්බ්‍රන්ට් පීල් විසින් නිර්මිත තෝමස් ජෙෆර්සන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක්.

එහි ප්‍රමුඛ අධිවාචක වූ තෝමස් ජෙෆර්සන් අනුව යමින් නම් ලද, ජෙෆර්සනියානු ප්‍රජාතන්ත්‍රවාදය යනු, 1790 ගණන් සිට 1820 ගණන් දක්වා එක්සත් ජනපදය තුල ක්‍රියාත්මකවූ ප්‍රධාන දේශපාලන දර්ශනයන් හා ව්‍යාපාරයන් දෙක අතුරින් එකකි. මෙම පදය පොදු වශයෙන් භාවිතා වූයේ, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්ගේ ෆෙඩරලිස්ට් පක්ෂයට විරුද්ධ ලෙසින් ජෙෆර්සන් විසින් ඇරඹූ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය සඳහාය.ප්‍රජාතන්ත්‍රවාදය හා දේශපාලන ඉඩ ප්‍රස්තාවෙහි සමානාත්මතාවය කෙරෙහි ජෙෆර්සනියානුවෝ විශ්වාසය පල කර සිටි අතර, විශේෂයෙන්ම "සුළු ඉඩම් හමි ගොවියා" සහ "සාමාන්‍ය ජනතාව" පිළිබඳ ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව සිතූහ.