ජූම්ලා

විකිපීඩියා වෙතින්
ජූම්ලා! (Joomla!)
ජූම්ලා
Joomla! 4 administration backend
සංවර්ධක(යෝ)Open Source Matters
ප්‍රථම නිකුතුව17 අගෝස්තු 2005
ස්ථායි නිකුතුව
5.0.1[1] / 27 නොවැම්බර් 2023
Repositoryhttps://github.com/joomla/joomla-cms
ක්‍රමලේඛන භාෂා(ව)PHP, ජාවා උපදේශාවලිය
මෙහෙයුම් පද්ධතියමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්, Unix-like operating system
Sizeප්‍රමාණය 26.3 MB (compressed) 68.3 MB (uncompressed)
වර්ගයcontent management system
බලපත්‍රයGNU General Public License, version 2.0 or later
වෙබ් අඩවියhttps://www.joomla.org

හැදින්වීම[සංස්කරණය]

ජූම්ලා (Joomla) කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්. මූලික වශයෙන් ජූම්ලා යනු CMS (content management system) එකකි. ප්‍රසිද්ධ Wordpress, Drupal වැනි පහසුවෙන් වෙබ් පිටු සාදා ගැනීමට හැකි මෘදුකාංගයක්. ( ජූම්ලා ගැන වැඩි විස්තර සඳහා මෙතන බලන්න ) CMS මගින් සිදුකරන්නෙ වෙබ් අඩවියක ඇති සියළුම දත්ත (content) ලිපි ,පින්තූර, සංගීත ,වීඩියෝ, ලිපිගොනු වැනි දෑ පහසුවෙන්ම කළමණාකරණය කර දීමයි. මෙවන් පද්ධතියක තිබෙන ප්‍රධාන වාසිය නම් අපිට මෙය භාවිතා කරන්න විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. ජූම්ලා 1.0 සංස්කරණ මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්තමානයේ බහුලව භාවිතා කරන්නේ ජූම්ලා 1.5 සංස්කරණය. නමුත් 1.7 සංස්කරණයද දැනට භාවිතයේ ඇත.

ජූම්ලා භාවිතා කරමින් ගොඩනැඟිය හැකි වෙබ් අඩවි[සංස්කරණය]

  • පාසල් ආගමික ස්ථාන අඩවි
  • රාජ්‍ය ආයතන අඩවි
  • පුද්ගලික හෝ පවුලේ අඩවි
  • ව්‍යාපාරික අඩවි
  • ප්‍රවෘත්ති අඩවියන්
  • ශාස්ත්‍රීය ජර්නල අඩවි
  • ක්‍රීඩා අඩවියන්
  • පණිවුඩ පුවරු
  • අන්තර්ජාල පාදක විද්‍යුත්-තැපෑල් සේවාවන්
  • සමාජ ජාලකරණ වෙබ් අඩවියන්
  • තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන්

ස්ථාපනය[සංස්කරණය]

ජූම්ලා 1.7 බාගත කරගැනීමට

ජූම්ලා ස්ථාපනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකකි. එනම්,

  1. Local host Installation:- තම පරිගණකයේම ජූම්ලා ස්ථාපනය කිරීම
  2. Remote Host Installation :- අන්තර්ජා‍ලයේ වෙබ් අඩවිය හොස්ට් කරගන්න සේවා සපයන ආයතනයක හොස්ට් අවකාශයේ ජූම්ලා ස්ථාපනය කරන්න යනවා නම්, එතකොට අපි අපේ වෙබ් අඩවිය ස්ථාපනය කරන්නෙ අන්තර්ජාලය හරහා. මේ විදියට ජූම්ලා ස්ථාපනය කරන්න නම් ගොඩක් පහසුයි. මොකද ගොඩක් හොස්ට් කරගන්න සේවා සපයන ආයතන එක ක්ලික් එකකින් ජූම්ලා ස්ථාපනය කර ගැනීමේ පහසුකම සපයනවා. නැත්නම් තමන්ගේ පරිගණකයේ ඉහත කිව්ව විදියට ස්ථාපනය කරගෙන හොස්ට් අවකාශට FTP client කෙනෙක් මගින් යොමු කරගන්න පුලුවන් .

ස්ථාපනයට අවම අවශ්‍යතාවයන්[සංස්කරණය]

  • වෙබ් සවර් එකක් (Apache )
  • දත්ත ගබඩාවක් (MySQL)
  • සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් (PHP)

භාවිතා කල හැකි පැකේජ්[සංස්කරණය]

වෙබ් අඩවිය තමන්ගේම වෙබ් ස'වර්යක් තුල ස්ථාපනය කරගැනීමට අවශ්‍ය නම් එකට අපේ ස'වර් එක MySql, php එක්ක හැඩගස්වා (configure) ගත යුතුයි. වෙන වෙනම Apache, MySql, php ස්ථාපනය කිරීමේදී හැඩගස්වා (Configure) ගැනීම ඉතා අසීරුය . එම ක්‍රමය සංකීර්ණ නිසා මෙම මෘදුකාංඟ තුනම (Apache, MySQL,PHP) එකට හැඩගස්වා එකට තිබෙන පැකේජ්යක් භාවිතා කිරීම මගින් සංකීර්ණතා මඟහරවා ගැනීමට හැකියාව පවතී. පරිගණකයට හා භාවිතා කරන්නාට සුදුසු පැකේජයක් මේ සඳහා යොදා ගත හැක.
උදා:

ජූම්ලා! ස්ථාපනය සඳහා බගත කරගත් ගොනුව (ready made package) සවරයේ root directory එකට ( WAMP නම් www, XAMPP නම් htdoc) joomla 1.(x).zip ගොනුව අන්සිප් (extract) කිරීමයි. ඉන්පසු තමන් භාවිතා කරන වෙබ් බ්‍රව්සරය මගින් ස්ථාපනය (වැඩිදුර උපදෙස් සඳහා මෙතනට යන්න.) කරගැනීම හෝ තමන් විසින්ම පියවරෙන් පියවර ස්ථාපනය කළ හැකියි. (ස්ථාපනය ගැන වැඩි විස්තර මෙතනින්)


ඉතිහාසය[සංස්කරණය]

Mambo ව්‍යාපෘතිය වෙන්ව සංවර්ධනය වීම ජූම්ලා 2005 අගෝස්තු 17 දින බිහිවීමට මූලික හේතුව විය.


බාහිර වෙබ් අඩ්වි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Release 5.0.1". 27 නොවැම්බර් 2023.
"https://si.wikipedia.org/w/index.php?title=ජූම්ලා&oldid=621716" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි