ජුලී බිෂොප්

විකිපීඩියා වෙතින්
ජුලී බිෂොප්
Minister for Foreign Affairs
තනතුර දරමින්
2013 සැප්තැම්බර් 18
අග්‍රාමාත්‍යවරයාටෝනි ඇබට්
පූර්වප්‍රාප්තිකයාBob Carr
Deputy Leader of the Liberal Party
තනතුර දරමින්
29 November 2007
LeaderBrendan Nelson
Malcolm Turnbull
ටෝනි ඇබට්
පූර්වප්‍රාප්තිකයාPeter Costello
Deputy Leader of the Opposition
තනතුර දරමින්
2007 දෙසැම්බර් 3 – 2013 සැප්තැම්බර් 18
LeaderBrendan Nelson
Malcolm Turnbull
ටෝනි ඇබට්
පූර්වප්‍රාප්තිකයාජුලියා ගිලාඩ්
අනුප්‍රාප්තිකයාAnthony Albanese
Minister for Ageing
තනතුර දරමින්
2003 ඔක්තෝම්බර් 7 – 2006 ජනවාරි 27
අග්‍රාමාත්‍යවරයාJohn Howard
පූර්වප්‍රාප්තිකයාKevin Andrews
අනුප්‍රාප්තිකයාSanto Santoro
Minister for Education, Science and Training
තනතුර දරමින්
2006 ජනවාරි 27 – 2007 දෙසැම්බර් 3
අග්‍රාමාත්‍යවරයාJohn Howard
පූර්වප්‍රාප්තිකයාBrendan Nelson
අනුප්‍රාප්තිකයාජුලියා ගිලාඩ්
Member of the Australian Parliament
for Curtin
තනතුර දරමින්
1998 ඔක්තෝම්බර් 3
පූර්වප්‍රාප්තිකයාAllan Rocher
බහුතරය17.42%
පුද්ගලික තොරතුරු
උපත1956 ජුලි 17
Lobethal, දකුණු ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියාව
දේශපාලන පක්ෂයලිබරල් පක්ෂය
වෙනත් දේශපාලන
සබැඳියා
Coalition
කලත්‍රයාNeil Gillion (1983–1988)
Domestic partnerPeter Nattrass[1]
උගත් ශාස්ත්‍රාලයUniversity of Adelaide
Harvard Business School

ජුලී ඉසබෙල් බිෂොප් (1956 ජුලි 17), ඕස්ට්‍රේලියාවේ දේශපාලඥවරියකි. ඕස්ට්‍රේලියාවේ 38 වන විදේශ කටයුතු අමාත්‍යවරිය වන්නේද ඇයයි. බිෂොප් මහත්මිය 2013 සැප්තැම්බර් 18 වන දින, ටෝනි ඇබට් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.[2] වර්තමාන ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලය තුල සිටිනා එකම කාන්තාව වන්නේද බිෂොප් මහත්මියයි.

බිෂොප් මහත්මිය ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායකවරිය වන අතර,[3] එම පක්ෂය තුල නියෝජ්‍ය නායක ධූරය ලැබූ පලමු කාන්තාවද වෙයි. ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුල විපක්ෂයේ එවැනි තනතුරක් දැරූ තුන්වන කාන්තාව ලෙසටද ඇය ඉතිහාසගත වෙයි.

1998 වසරේ සිට බිෂොප් මහත්මිය, ඕස්ට්‍රේලියානු මන්ත්‍රී මණ්ඩල සභික සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර, 2007 නොවැම්බර් 24 දින පැවති මැතිවරණයෙන් ලිබරල්/ජාතික සන්ධානය (Liberal/National Coalition) පරාජය වන තෙක් හෝවඩ් රජයේ (Howard government) අමාත්‍යවරියක ලෙසද ඇය කටයුතු කලාය. බිෂොප් මහත්මිය රිපබ්ලිකන් මතධාරිනියකි.[4]

පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර, බිෂොප් මහත්මිය ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයෙන් (University of Adelaide) නීතිය හැදෑරූ අතර, පසුව හාවඩ් ව්‍යාපාර පාසලේ (Harvard Business School), උසස් කළමණාකරන පාඨමාලාවක් හැදෑරුවාය.

මුල් අවධිය[සංස්කරණය]

ජුලී බිෂොප් මහත්මිය 2007 වසරේදී

1956 ජුලි 17 දින දකුණු දිග ඕස්ට්‍රේලියාවේ Lobethal හී උපත ලත් බිෂොප් මහත්මිය,[5] ශාන්ත පීතර ජේ්‍යෂ්ඨ බාලිකා පාසලෙන් (St Peter's Collegiate Girls' School) මූලික අධ්‍යාපනය හදාරා පසුව ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූවාය. 1978 දී එම විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් හිමිකරගත් ඇය, පසුව නීති ව්‍යාපාර ආයතනයක අධිනීතීඥවරියක සහ සොලිසිටාර්වරියක ලෙස පුහුණු වූවාය.

1983 දී Neil Gillion සමග විවාපත් වූ බිෂොප් මහත්මිය, ඔහු සමග පර්ත් හී පදිංචියට පැමිණියාය. නමුත් 1988 වසරේදී ඔවුහූ දික්කසාද වූ අතර, දරුවන් නොමැති වූ බිෂොප් මහත්මිය නැවත් විවාහයක් සිදු කර නොගත්තාය.

1994 වසර තුලදී Clayton Utz ආයතනයේ පර්ත් කාර්යාලයෙහි පාලන බලය සහිත කොටස්කරුවෙකු වූ බිෂොප් මහත්මිය, 1996 දී බොස්ටන් හී හාවඩ් ව්‍යාපාර පාසලට (Harvard Business School) ඇතුලත්ව ජේ‍යෂ්ඨ කළමනාකරුවන් වෙනුවෙන් වූ සති අටක උසස් කළමණාකරණ පාඨමාලාවක් (Advanced Management Program) හැදෑරුවාය. සිය නීතිඥ දිවියෙන් ඉවත්ව සාමූහික දේශපාලනය (Federal politics) වෙත පිවිසීමට ඇගේ එම පාඨමාලාව හේතුව වූ බව පැවසෙයි.[6][7]

පාර්ලිමේන්තු සාමාජිකාවක ලෙස[සංස්කරණය]

1998 දී මූලික තෝරා ගැනීම් වලදී Curtin කොට්ඨාෂය සඳහා ලිබරල් පක්ෂයෙන් අසුනක් හිමි කර ගත් බිෂොප් මහත්මිය, ඊලඟ වසරේ පැවැති ෆෙඩරල් ඡන්දයෙන්ද, බලයේ සිටි පිරිස පරදවා තමන් හට අසුනක් වෙන් කර ගැනීමට සමත් වූවාය.

2001 පෙබරවාරි මැතිවරණයෙන් ලිබරල් පක්ෂය පරාජය වීමත් සමග, පක්ෂයේ නායක ධූරය එනම් පාලන රජයේ විපක්ෂනායක තනතුර සඳහා බිෂොප් මහත්මිය පත්විමේ ලකුණු පහල වූ අතර, එවකට පක්ෂ නායකයාව සිටි Richard Court එම තනතුරේ දිගටම රැඳෙමින්, කටයුතු සිදුකරන ලදී. නමුත් අවසානයේදී ඔහුගේ ක්‍රියාවන් නිසා, Court හට දේශපාලනයෙන් ඉවත්වන ලෙස බලපෑම් එල්ල වූ අතර, ඔහු විසින් දැරූ එම ධුරය සඳහා පසුව Colin Barnett තේරී පත්විය.

හෝවඩ් රජයේ අමාත්‍යවරියක ලෙස[සංස්කරණය]

2003 වර්ෂයේදී හෝවඩ් රජයේ Minister for Ageing තනතුර බිෂොප් මහත්මියට හිමිවූ අතර, 2006 වසරේදී හෝවඩ් රජයේ අධ්‍යාපන, විද්‍යා සහ අභ්‍යාස අමාත්‍යධූරය (Minister for Education, Science and Training) සහ Minister Assisting the Prime Minister for Women's Issues යන තනතුරද ඇයට හිමිවිය. 2007 වර්ෂයේ මැතිවරණයෙන් සන්ධානය බිඳවැටෙනතෙක් එම තනතුරු හෙබවීමට බිෂොප් මහත්මියට හැකිවිය.

ලිබරල් පක්ෂයේ නියෝජ්‍යනායකවරිය ලෙස[සංස්කරණය]

2007 මැතිවරණයෙන් සන්ධානය පරාජය වීමත් සමග, එම වර්ෂයේ නොවැම්බර් 29 දින ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය බිෂොප් මහත්මියට හිමිවිය. එම තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී, බිෂොප් මහත්මියට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර, එම තනතුරටම තරඟ කල අනෙක් අපේක්ෂකයින් දෙදෙනාටම ලබා ගත හැකි වූයේ සමස්ථ ඡන්ද 43 ක් පමණි.[8]

2008 සැප්තැම්බර් 22 දින, එවක ලිබරල් පක්ෂයේ නායකයා එනම් රජයේ විපක්ෂ නායකයා වූ Brendan Nelson විසින්, බිෂොප් මහත්මියට පක්ෂයේ Shadow Treasurer තනතුර ලබා දුන්නද, එම තනතුරේදී ඇය අසාර්ථක වීම නිසා, 2009 පෙබරවාරි 16 වන දින බිෂොප් මහත්මිය එම තනතුරින් ඉල්ලා අස්වූවාය.[9] බිෂොප් මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග හිස් වූ එම තනතුර සඳහා, Joe Hockey මහතා පත්විය.[10] 2009 දෙසැම්බර් 1 වන දින, ටෝනි ඇබට් මහතා පක්ෂයේ නායක ධූරයට පත්වූ අතර, බිෂොප් මහත්මිය නියෝජ්‍ය නායක ධූරයේම රැඳී සිටියාය.[11]

2010 ෆෙඩරල් මැතිවරණයෙන්ද සන්ධානය සුළු පරාජයක් ලැබුවද,[12] පක්ෂයේ සිය නියෝජ්‍යනායක ධූරය, විදේශ කටයුතු පිළිබඳ Shadow අමාත්‍යධූරය සහ වෙළඳ Shadow අමාත්‍යධූරය යන ධූරයන්, අභියෝගයකින් තොරව පවත්වාගෙන යාමට බිෂොප් මහත්මියට හැකිවිය.[13]

ටෝනි ඇබට් රජයේ අමාත්‍යවරියක ලෙස[සංස්කරණය]

ජුලී බිෂොප් මහත්මිය විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් අවස්ථාව

2013 සැප්තැම්බරයේදී ටෝනි ඇබට් සන්ධාන රජය ඕස්ට්‍රේලියාවේ බලයට පැමිණීමෙන් පසු, එතෙක් එරට ලිබරල් පක්ෂයේ නියෝජ්‍ය නායකවරිය වූ බිෂොප් මහත්මියට, ඕස්ට්‍රේලියාවේ ප්‍රථම විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස තනතුරු හිමිවිය.[14]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "True blue to her boots". Sydney Morning Herald. 2007-09-07. සම්ප්‍රවේශය 2013-10-20.
  2. "Tony Abbott's cabinet and outer ministry". smh.com.au. AAP. 16 September 2013. සම්ප්‍රවේශය 16 September 2013.
  3. "Nelson wins Liberal leadership". The Sydney Morning Herald. 29 November 2007. සම්ප්‍රවේශය 29 November 2007.
  4. Abbott 'won't set back republican cause' - Ninemsn, http://news.ninemsn.com.au/national/2013/08/26/17/06/abbott-won-t-set-back-republican-cause, ප්‍රතිෂ්ඨාපනය 2014-02-18 
  5. Joe Spagnolo (21 September 2013). "Julie Bishop is living the dream following Coalition election to government". Daily Telegraph. සම්ප්‍රවේශය 20 October 2013.
  6. http://www.exed.hbs.edu/programs/amp/Pages/default.aspx
  7. Mark Davis (11 October 2003). "True blue to her boots". Sydney Morning Herald. සම්ප්‍රවේශය 4 October 2009.
  8. Nelson sinks Turnbull, The Age, 29 November 2007.
  9. "Bishop quits as shadow treasurer". The Sydney Morning Herald. 16 February 2009. සම්ප්‍රවේශය 16 February 2009. {{cite news}}: |first= missing |last= (help); Cite has empty unknown parameter: |coauthors= (help)
  10. Coorey, Phillip (16 February 2009). "Bishop to quit as shadow treasurer: SMH 16/2/2009". Smh.com.au. සම්ප්‍රවේශය 13 June 2010.
  11. සංරක්ෂිත පිටපත, http://www.australia.to/index.php?option=com_content&view=article&id=17088:a-reshaped-coalition-team-for-australias-future&catid=72:australian-news&Itemid=200, ප්‍රතිෂ්ඨාපනය 2014-02-18 
  12. Shanahan, Denis (10 September 2010). "Coalition minimises portfolio changes: PerthNow". 19 April 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 September 2010.
  13. සංරක්ෂිත පිටපත, http://www.aph.gov.au/Library/parl/43/Shadow/index.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-02-18 
  14. Harris-Rimmer, Susan (2013-09-20). "Bishop joins ranks of the few". Canberra Times. 2014-02-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-10-20.

භාහිර සබැදි[සංස්කරණය]

පූර්වප්‍රාප්තිකයා
Allan Rocher
Member of Parliament
for Curtin

1998–වර්ථමානය තෙක්
පදවිය හොබවයි
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා
Kevin Andrews
Minister for Mental Health and Ageing (Australia)
2003–2006
අනුප්‍රාප්තික
Santo Santoro
පූර්වප්‍රාප්තිකයා
Brendan Nelson
Minister for School Education, Early Childhood and Youth සහ Minister for Industry and Innovation (Australia)
2006–2007
අනුප්‍රාප්තික
ජුලියා ගිලාඩ්
පූර්වප්‍රාප්තිකයා
Kay Patterson
Minister Assisting the Prime Minister for Women's Issues
2006–2007
අනුප්‍රාප්තික
Tanya Plibersek
Minister for the Status of Women ලෙස
පූර්වප්‍රාප්තිකයා
ජුලියා ගිලාඩ්
Deputy Leader of the Opposition
2007–2013
අනුප්‍රාප්තික
Anthony Albanese
පූර්වප්‍රාප්තිකයා
Malcolm Turnbull
Shadow Treasurer of Australia
2008–2009
අනුප්‍රාප්තික
Joe Hockey
පූර්වප්‍රාප්තිකයා
Helen Coonan
Shadow Minister for Foreign Affairs
2009–2013
අනුප්‍රාප්තික
Tanya Plibersek
පූර්වප්‍රාප්තිකයා
Bob Carr
විදේශ කටයුතු අමාත්‍යධූරය
2013–වර්ථමානය තෙක්
පදවිය හොබවයි
පූර්වප්‍රාප්තිකයා
Peter Costello
Deputy Leader of the Liberal Party
2007–වර්ථමානය තෙක්
පදවිය හොබවයි
"https://si.wikipedia.org/w/index.php?title=ජුලී_බිෂොප්&oldid=596641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි