ජෛව රසායන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ජීව රසායන විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජෛව රසායන විද්‍යාව යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Chemical biology) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.

විවිධ ආකාරයේ ජෛව අණු විශාල ප්‍රමාණයක් තිබුණද ඒවායින් බොහෝමයක් සංකීර්ණ විශාල බහු අවයවික අණු වන අතර (Polymers) මේවා සෑදි ඇත්තේ ඒ හා සමාන පුනරාවර්ථනය වන ඒක අවයවික කුඩා උප ඒකක මගිනි. (Monomers) ඉහත සදහන් කළ බහු අවයවික ජෛව අණු සදහා විවිධ ආකාරයේ උප ඒකක වර්ග ඇත. උදාහරණයක් ලෙස ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල 20 ක් ‍හෝ වැඩි ප්‍රමාණයකින් සෑදි ඇති බහු අවයවිකයකි. ජෛව රසායනික විද්‍යාවේදී ප්‍රෝටීන වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණාංගයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. උදාහරණයක් ලෙස එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා පිළිබදව මෙහිදී අධ්‍යයනය කරයි.

සෛල පර්වෘත්තියෙහි සහ අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනික විද්‍යාව පිළිබද වඩාත් පුළුල් ලෙස විග්‍රහ කර ඇත. ජෛව රසායනික විද්‍යාවේ වෙනත් ක්ෂේත්‍රයන් වනුයේ ඩී.එන්.ඒ සහ ආර්.එන්.ඒ වැනි ජාන කේත , ප්‍රෝටීන් සංස්ලේෂණය, සෛල පටලවල පරිවහණය සහ සංඥ‍ා ගමනා ගමනය පිළිබදව කරන අධ්‍යයනයන්ය.

Woohler යූරියා වල සංයෝගය අධ්‍යයනය කරමින්

ජෛව රසායන විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් βίος, bios, ‘ජීවිතය’ හා ඊජිප්තුව භාෂාවෙන් kēme , ‘පෘථිවිය’) යනු සජීවී පටකවල රසායනික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමයි. ප්‍රෝටීන , කාබොහයිඩ්‍රේට් , ලිපිඩ , න්‍යෂ්ටික අම්ල හා අනෙකුත් ජෛව අණු වැනි සෛලික අංගවල ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය පිළිබදව කටයුතු කරයි. ජෛව රසායනය තුළින් නැගෙන බොහෝ ප්‍රශ්නවලට රසායනික විශ්ලේෂණ තුළින් දියුණු කරන ලද මෙවලම් භාවිතයෙන් පිළිතුරු සැපයීමට රසායනික ජිව විද්‍යාව උත්සාහ දරයි.

විවිධ ජෛව අණු විශාල සංඛ්‍යාවක් තිබුණ ද බොහොමයක් එක සමාන පුනරාවර්තී උප ඒකක (ඒක අවයවක ලෙස හදුන්වන) විශාල සංඛ්‍යාවක එකතුවෙන් ඇතිවන විශාල හා සංකීර්ණ අණු වෙයි. (බහු අවයවක ලෙස හදුන්වන) සෑම බහු අවයවක ජෛව අණු කණ්ඩායමකටම වෙනස් උප කොටස් කාණ්ඩ ඇත. උදාහරණ ලෙස ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල 20 ක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති බහු අවයවයකි. ජෛව රසායනය ප්‍රෝටීන් වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණ අධ්‍යයනය කරයි. විශේෂයෙන් එන්සයිමීය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවල රසායනය.

සෛල පරිවෘත්තීය හා අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනය පුළුල් ලෙස විස්තර කර ඇත. ජෛව රසායනයේ අනෙකුත් අංශවලට ප්‍ර‍ෙව්ණි කේත (DNA , RNA) , ප්‍රෝටීන් සංස්ලේෂණය , සෛල පටල ප්‍රවාහනය හා සංඥා සම්ප්‍රේෂණය ඇතුළත් වේ.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ භෞමික ජෛව විද්‍යාව පිළිබදව පමණි. කාබන් සහ ජලය පදනම් කරගත් දැනට පවතින සියලු ජීවී ප්‍රභේද පැවැත එන්නේ එකම පොදු පූර්වජයාගෙන් නිසා ඒවාට පවතිනුයේ සමාන ජෛව රසායනයි. වෙනස් ජෛව අණුවල අත්පුරුව වැනි මූලිකවම පදනමක් නොමැති දේවලට පවා එය එසේමය. විකල්ප ජෛව රසායනයක් පැවතීම හෝ එහි ප්‍රායෝගික බව නොදන්නා කරුණකි.

අනෙකුත් අණුක මට්ටමේ ජෛව විද්‍යාවලට ඇති සම්බන්ධය[සංස්කරණය]

ජෛව රසායනය , ප්‍රවේණි විද්‍යාව හා අණුක ජීව විද්‍යාව අතර ක්‍රමානුරූප සම්බන්ධයකි

ජෛව රසායනයේ පරීක්ෂණයන් ජෛව රසායනයටම අදාල විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතයට ගනී. නමුත් දැන් වැඩි වශයෙන් මේවා ප්‍රවේණි විද්‍යාව , අණුක ජීව විද්‍යාව හා භෞතිකයේ තාක්ෂණික ක්‍රම හා අදහස් සමග සම්බන්ධ වේ. ඒවායේ තාක්ෂණික ක්‍රම හා අන්තර්ගතය අතින් කොටස් අතර කිසිම විටෙක පැහැදිලි වෙන් කිරීමක් නොතිබුණි. නමුත් අතීත‍යේ මෙම අංශවල සාමාජිකයන් විශාල ලෙස වෙන් කර තිබිණි. වර්තමානයේ අණුක ජීව විද්‍යාව හා ජෛව රසායනය යන අංශ එකිනෙක හුවමාරු කළ හැකි තරම්ය. පහත දැක්වෙන්නේ එම ක්ෂේත්‍ර අතර සබඳතාව දක්වන පටිපාටිකයකි.

· ජෛව රසායනය යනු ජීව පටක තුළ සිදුවන රසායනික ද්‍රව්‍ය හා ජෛව ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනයයි. ජෛව රසායනඥයන් ජෛව අණුවල ව්‍යුහය හා ක්‍රියාව පිළිබඳ ප්‍රභලව අවධානය යොමු කරයි. ජෛව ක්‍රියාවලි පිටුපස රසායනය අධ්‍යයනය හා ජීවීය ලෙස සක්‍රීය අණු සංස්ලේෂ්ණය ජෛව රසායනයේ උදාහරණ ලෙස දැක්විය හැක.

· ප්‍රවේණි විද්‍යාව පටකවල ප්‍රවේණි වෙනස්කම් මගින් ඇතිවන ප්‍රතිඵල නොසිත්ත දර්ශය පිළිබඳ අධ්‍යයනයයි. සාමාන්‍ය සංරචකයක නොමැති වුවද මෙය තාර්කිකව නිගමනය කළ හැක. (උදා - ජානය) නොහික්ත දර්ශ සමග හෝ ස්වාභාවික රූපානුදර්ශය සමග සංසන්දනය කළහ. ක්‍රියාකාරී කොටස් එකක් හෝ කිහිපයක් නොමැතිවීමෙන් ඇතිවන විකෘති දර්ශ පිළිබඳව - අධ්‍යයනය ද මෙහිදී සිදු කෙරේ. එවන් අධ්‍යයන වලින් සිදු කරන සරල අර්ථ දැක්වීම් ජාන අන්තර්ක්‍රියා මගින් ව්‍යාකූලත්වයකට පත් කළ හැකි වේ.

· අණුක ජීව විද්‍යාව යනු ප්‍රවේණි ද්‍රව්‍ය ගුණනය වීම, පිටපත් කිරීම හා පරිවර්තනය කිරීම වැනි ක්‍රියාවලිවලට ආධාර දෙන අණු පිළිබඳ අධ්‍යයනයයි. අණුක ජීව විද්‍යාවේ ප්‍රධානම පදනම වන්නේ ප්‍රවේණි ද්‍රව්‍යය RNA බවට පිටපත් වී ප්‍රෝටීන බවට පරිවර්තනය වීමයි. මෙමගින් වඩාත් සරලව ක්ෂේත්‍රය හඳුනාගැනීමට හොඳ ආරම්භයක් සපයයි. මෙමගින් RNA වල නව කෘත්‍ය පිළිබඳව වඩා හොඳින් අවබෝධ කරගත හැකි වී ඇත.

· රසායනික ජීව විද්‍යාවේදී ජෛව පද්ධතිවලට අඩුම බලපෑමක් ඇති කරන කුඩා අණු මත පදනම් වූ නව මෙවලම් දියුණු කිරීම හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්තරාත්මක තොරතුරු සැපයීම සිදු කරයි. තව දුරටත් රසායනික ජීව විද්‍යාව මගින් ජෛව අණු හා කෘත්‍රීම උපකරණ අතර කෘත්‍රීම මුහුම් සිදු කිරීමට ජෛව පද්ධති යොදවනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=ජෛව_රසායන_විද්‍යාව&oldid=319666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි