ජීව රසායන විද්‍යාව
ජීව රසායන විද්‍යාව යනු ජීවීන්ගේ රසායනක ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනයයි. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, නියුක්ලික් අම්ල අනෙකුත් ජීව අණු ආදී සෛල සංඝටකවල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ ගණුදෙණු කරයි. රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේ දැනුම මෙවලම් ලෙස ගෙන ජීව රසායනයේ නැගෙන ගැටලුවලට පිළිතුරු සොයයි. මොනොමර් නමින් හැඳින්වෙන නැවත නැවත යෙදෙන උපච්කකවලින් සමන්විත විශාල සංකීර්ණ අණු වන පොලිමර්වලින් මෙම බොහෝමයක් උප ඒකක අඩංගුය. ආම්ලික අම්ල 20ක් හෝ ඊට වැඩි සංඛ්‍යාව තැනුණු පොලිමරයක් වන ප්‍රෝටීන මෙයට උදාහරණයකි. වැදගත් ජීව රසායන අණු (ප්‍රෝටීන, ඇත්ත වශයෙන්ම එන්සයිම මඟින් වන ප්‍රතික්‍රියාවල රසායනය) වල රසායනික වැදගත්කම අධ්‍යයනය කරයි. සෛල පරිවෘත්තීය ක්‍රියා හා හෝමෝන පද්ධතියේ ජීව රසායනය ඉතා විශාල ලෙස විස්තර කෙරේ. ජාන කේත (DNA,RNA) ප්‍රෝටීන නිෂ්පාදනය, සෛල පටල හරහා පරිවහනය, සංඥා නිකුත් කිරීම් පිළිබඳ අධ්‍යයනය ජීව රසායනයේ අනෙකුත් පැතිකඩය. මෙම ලිපිය මඟින් භෞමිකජීව රසායනය පිළිබඳ විතරක් කතා කෙරේ. (කාබන් හා ජලය පදනම් වු) එකම යුගයක සිට පැවත එන අද පැවතෙන සියලු ජීව ආකාරවල සමාන ජීව රසායන ක්‍රියාවලින් පවතී. විකල්ප ජීව රසායනයන් කළ හැකි ද, කාලානුරූපී ද යන්න ප්‍රශ්නයක්ව පවතී.