ජිමී වේල්ස්

විකිපීඩියා වෙතින්
ජිමී වේල්ස්
(ජනවාරි 2011)
උපත
ජිමී ඩොන්ල් වේල්ස්

අගෝස්තු 7, 1966 (1966-08-07) (වයස 57)
නිවහනලන්ඩනය, එංගලන්තය, එරා[1]
වෙනත් නම්ජිම්බෝ
උගත් ශාස්ත්‍රාලයඕබන් විශ්වවිද්‍යාලය
ඇලබාමා විශ්වවිද්‍යාලය
ඉන්ඩියානා විශ්වවිද්‍යාලය බ්ලූමිංටන්
රැකියාවඅන්තර්ජාල ව්‍යවසායක, පෙරදී මූල්‍ය වෙළෙඳ මහතෙක්
තනතුරවිකියා, ඉන්කෝපරේටඩ් හි සභාපති (2004–වර්තමානය)
විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006)
ගෞරව සහිතව විශ්‍රාමික සභාපති, විකිමීඩියා පදනම (ඔක්තොම්බර් 2006–වර්තමානය)
අනුප්‍රාප්තිකයාෆ්ලොරන්ස් ඩිවෝර්ඩ්
මෙහි මණ්ඩල සාමාජිකවිකිමාධ්‍ය පදනම
ක්‍රියේටිව් කොමන්ස්
සෝෂල්ටෙක්ස්ට්
සන්ලයිට් පදනම (උපදේශක සභාව)
සාමුහික බුද්ධිය සඳහා වන එම්අයිටී කේන්ද්‍රය (උපදේශක සභාව)
සිවිලිනේෂන්[2]
සම්මානපහත බලන්න
වෙබ් අඩවියjimmywales.com/


ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි. විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.


එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

මුල් දිවිය සහ අධ්‍යාපනය[සංස්කරණය]

1966, අගෝස්තු 7 දිනදී, වේල්ස් උපන්නේ හන්ට්ස්විල්, ඇලබාමාහිදීය. ඔහුගේ පියා ජිමී,[3] සිල්ලර බඩු කඩ කළමනාකරුවෙකු ලෙසින් සේවය කළ අතර, ඔහුගේ මව ඩොරිස් සහ ඔහුගේ ආච්චි අර්මා, හවුස් ඔෆ් ලර්නිං,[4] නම්වූ තනි කාමර පාසැල් නිවසක සම්ප්‍රදායට අයත් කුඩා පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය අතර, වේල්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරීයන් තිදෙන ඔයුන්ගේ මුල් අධ්‍යාපනය ලැබුවේ එහිදීය.

වෘත්තිය[සංස්කරණය]

වේල්ස්ගේ අන්තර්ජාල සමාගමවූ බොමිස් හී කාර්ය මණ්ඩලය, 2000 ගිම්හානයෙහි ඡායාරූපයකට මුහුණ දෙමින්. පිටුපස පේළියෙහි වමේ සිට තෙවැන්නා වේල්ස් වන අතර, ඔහු එකල ඔහුගේ බිරිය ක්‍රිස්ටීන් සමග වෙයි

චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස් සහ බොමිස්[සංස්කරණය]

චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.

න්‍යුපීඩියා සහ විකිපීඩියාවේ සම්භවය[සංස්කරණය]

මුදල් උපැයීමේ මාර්ගයක් ලෙසින් සාර්ථකත්වයට පිවිසීමට බොමිස් අසමත් වුවද, ඔහුගේ ඉමහත්වූ ආශාවවූ මාර්ගගත විශ්වකෝෂයකට අවශ්‍ය මූලධනය සැපයීමට එය සමත් විය.

විකිපීඩියා[සංස්කරණය]

සැංගර් විසින් විකිපීඩියාව දුටුවේ, ප්‍රාථමික වශයෙන් න්‍යුපීඩියාව ප්‍රවර්ධනයට සහය කර ගත හැකි මෙවලමක් ලෙසින් වන අතර, වේල්ස්ට හැඟී ගියේ, ඔහු සිහින මවමින් සිටි සත්‍ය වශයෙන්ම සහයෝගී, දැණුම ඒකරාශී කිරීමේ නිදහස් උත්සාහය බවට පත් වීමේ හැකියාව විකිපීඩියාව සතු බවයි.

මතභේදය[සංස්කරණය]

පත්‍රකලාවේදිනී ඉරීනා ස්ලූට්ස්කී හා සමග වේල්ස් SXSW 2006 හිදී, ග්‍රීක් එන්ටර්ටේන්මන්ට් ටීවී නම් ඇයගේ වැඩසටහනෙන් උපුටා ගත්තකි [5]

ඔහු විකිපීඩියාවේ එකම ආරම්භකයා වන බව, වේල්ස් තරයේ ප්‍රකාශ කර සිටි අතර,[6] සමාරම්භක ලෙස සැංගර්ගේ නම්කිරීම ගැන ඔහු විසින් ප්‍රසිද්ධයේ විරුද්ධත්වය පළ කළේය. 2001 සැප්තැම්බර් තරම් අතීතයෙහිදී ද නිව්යෝර්ක් ටයිම්ස් විසින් සැංගර් සහ වේල්ස් සමාරම්භකයන් විසින් නියම කොට දැක්වුනු අතර, 2002 ජනවාරි මසදී නිකුත් කෙරුණු විකිපීඩියාවේ පළමු පුවත් පත් නිවේදනයෙහිදී වේල්ස් සහ සැංගර් ආරම්භකයන් ලෙසින් නම් කෙරිණි. [7][8] එම වසරේ අගෝස්තු මාසයේදී, වේල්ස් විසින් තමාන් හඳුන්වාදුන්නේ විකිපීඩියාවේ "සමාරම්භක" ලෙසිනි. [9] තමන්ගේ පුද්ගලික වෙබ් පිටුවෙහි සැංගර් විසින් එක්රැස් කෙරුණු සබැඳි ගොන්නකින් සනාථ කෙරුණේ සැංගර් සහ වේල්ස් සමාරම්භකවරුන් යන තත්ත්වයයි.

ප්‍රකාශිත කෘතීන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්

  1. හෆ්, ස්ටීවන් (11 මාර්තු 2012). "ජිමී වේල්ස්: විකිපීඩියා චීෆ් ටු ඇඩ්වයිස් වයිටෝල් ඔන් පොලිසි". ද ඩේලි ටෙලිග්‍රාෆ්. http://www.telegraph.co.uk/technology/wikipedia/9137339/Jimmy-Wales-Wikipedia-chief-to-advise-Whitehall-on-policy.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 මැයි 2012. 
  2. "බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්". සිවිලිනේෂන් වෙබ් අඩවිය. සම්ප්‍රවේශය පෙබරවාරි 19, 2011.[භින්න වූ සබැඳිය]
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; kazek නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; bookstopshere නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. ඉරීනා ස්ලූට්ස්කී, එඩී කොඩෙල් (මාර්තු 24, 2006). "SXSW2006: ජිමී වේල්ස්, ඌබර් විකිපීඩියන්". ග්‍රීක් එන්ටර්ටේන්මන්ට් ටීවී. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2012.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Parmy Olson නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; sanger-NYTimes නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wikipedia Press Release of 2002 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Yahoo! නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=ජිමී_වේල්ස්&oldid=413012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි