ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය -ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්

ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය

ජාතික විද්‍යා පදනම යටතේ ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තොරතුරු එක් රැස් කිරීමේ හා බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානය වශයෙනි.මෙම මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක හා තාක්ෂණික පුස්තකාල අතර සහයෝගීතාව නංවාලීම හා ජාතික මට්ටමේ තොරතුරු අර්ථවත්ව හා කර්යක්ෂමව හුවමාරු කර ගැනීමයි. මෙම අරමුණු වඩාත් ඵලදායී අන්දමට ඉටුකිරීම සදහා විද්‍යා හා තාක්ෂණික පුස්තකාල 100කට වැඩි සංඛ්‍යාවකගේ සහයෝගීත්වයෙන් ශ්‍රී ලංකා විද්‍යාත්මක හා තාක්ෂණික තොරතුරු ජාලය (SLSTINET) පිහිටුවන ලදී.එහි මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනේ ජාතික විද්‍යා පුස්තකාල හා සම්පත් මධ්‍යස්ථානයයි.