ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම

විකිපීඩියා වෙතින්
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කොට අවසන් වූ පසු එය දිස්වන ආකාරය චිත්‍ර ශිල්පියෙකු චිත්‍රයට නැගූ ආකාරය මෙහි දැක් වේ.
2000 වසරේ නොවැම්බර් මාසයේ ලබාගත් මෙම ඡායාරූපයෙන් ස්වෙස්ඩා සේවා මොඩියුලය තුළ සිටින අභ්‍යාවකාශ ගාමී සර්ජි ක්‍රිකලොව් දැක්වේ.

‍ලොව පුරා අභ්‍යවකාශ එජන්සි ගණනාවක සහභාගිත්වයෙන් පෘථිවියේ පහළ කක්ෂයක දී, අති දැවැන්ත අජටාකාශ ඉංජිනේරු කටයුත්තක් වන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදි කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

මධ්‍යස්ථානයේ ප්‍රථම මොඩියුලය වන සර්යා, 1998 නොවැම්බරයේදී ප්‍රෝටෝන් රොකට්ටුවක් ආධාරයෙන් අජටාකාශගත කරනු ලැබීය. ඉන් දෙසතියකට පසු STS – 88 ශටල මෙහෙයුම මගින් ප්‍රධාන මොඩියුල 3න් එකක් වන යුනිටි (Unity) ගුවන්ගත කරන ලදුව එය Zarya හා එක් කෙරුණි. මෙම මොඩියුල 2 ඊළග වසර එකහමාර තුළ මිනිසුන් රහිතව කක්ෂගතව තිබුණි. 2000 ජූලි මස දී රුසියානු මොඩියුල වන Zvezda (ස්වෙස්ඩා) එක් කිරීමත් සමගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වශයෙන් අජටාකාශ ගාමීන් දෙදෙනෙකුට නිත්‍ය පහසුකම් සැපයිය හැකි ස්ථානයක් බවට පත් වුණි.

ඉදිකිරීම් හමාර වූ පසු ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථානයේ වාසය කළ හැකි ඉඩ ප්‍රමාණය දළ වශයෙන් ඝන මීටර 1000 ක් පමණ හා එහි ස්කන්ධය දළ වශයෙන් 400000kg ක් පමණ වනු ඇත. 100kw පමණ වන විදුලි බල ජනන හැකියාවකින් යුත් එහි සැකිල්ල මීටර් 108.4 දිගකින් ද මොඩියුල මීටර් 74 ක දිගකින් හා 6 දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකින් ද සමන්විත වනු ඇත. මෙය එකලස් කිරීම සදහා අභ්‍යවකාශ ගමන් වාර 40ක් පමණ අවශ්‍යවන අතර මින් 33ක්ම ෂටල ගමන්වාර වීම විශේෂත්වයකි. දැනට ඉන් ෂටල ගමන් වාර 21ක් හමාර වී ඇති අතර ඉතිරි 13, 2007 – 2010 කාල වකවානුවේ දී සපුරාලීමට සැලසුම් කර ඇත. අනෙකුත් එකලස් කිරීමේ ගමන්වාර රුසියානු ප්‍රෝටෝන් රොකට්ටුවල හෝ ‍සෝයුස් රොකට්ටුවල ආධාරයෙන් සිදු කිරීමට නියමිතය.

සම්පත් ස්ථානීයකරණය[සංස්කරණය]

අන්තර්ජාතික අභ්‍යාවකාශ නැවතුම්පොළ ‍ටෙක්සාස් , හූස්ටන්හි ඇති ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දී අනුරුවකට නැඟූ අයුරු

අන්තර්ජාතික අභ්‍යාවකාශ නැවතුම්පොළ පෘථිවියට දළ වශයෙන් 360km උන්නතාංශයකින් පිහිටි කක්ෂයක රඳවා ඇත. මෙවන් කාක්ෂික බොහෝ විට පහත් පෘථිවි කාක්ෂික නම් වන අතර සත්‍ය උන්නතාංශය වායුගෝලීය තල්ලුව හා යලි ජවය ලබා ගැනීම් නිසා විචල්‍ය වේ. නැවතුම්පොළ පෘථිවිය වටා විනාඩි 90කින් පමණ පරිභ්‍රමණය වේ එය 1998 නො‍වැම්බර් 20 සාර්යාගේ ගොඩබැස්ස වීමේ සිට 2007 අගෝස්තු දක්වා කාලය තුලදී පරිභ්‍රමණ 50000 කට වඩා සම්පූර්ණ කර ඇත. 2010 වසරේ කල්පිරීමේ දිනය වන විට සම්පීඩිත මොඩියුල 10 ක් ISSහි එකතු කිරීමට නියමිතව ඇත ඒවා නම්,

1.සර්යා

2. සෙවඩා

3.ඩෙස්ටිනි

4.යුනිටි - පෙර නෝඩ් 1 ලෙස හැඳින්‍විණි.

5.හාටත් - පෙර නෝඩ් 2 ලෙස හැඳින්විණි.

6. නොඩ් 3

7. කොළම්බස්

8. කිබ්‍රෝ

9.MLM

10. RM

තවත් මේ හැර කුඩා සම්පීඩිත ඒකක රාශියක් ඒවාට ඇමිණෙනු ඇත.

  • සෝයුස් - ස්ථාවර ජීව යාත්‍රා 2-මාස 6 ක ආවර්ත කාලයක් සහිතව
  • ප්‍රෝග්‍රෙස් ප්‍රවාහන යානා - 2ක් හෝ වැඩිපුර
  • ක්වෙස්ට් , පයාර්ස් - ගුවන් අඟුල්

එමෙන්ම ආවර්තීයව

  • බහු කාර්ය ලෙජිස්ටික මොඩියුල
  • ස්වයංක්‍රීය ප්‍රවාහන රථ
  • H – II ප්‍රවාහන රථ.

ISS සම්පූර්ණ වූ විට රාමුවකට සවි වූ සම්පීඩිත සන්නිවේදන මොඩියුල ගොන්නකින් සහ විශාල ප්‍රභා වෝල්ටීය සූර්ය කෝෂ පාලන මොඩියුල යුගල් 4 කින් සමන් විත වනු ඇත. සම්පීඩිත මොඩියුල හා රාමුව ලම්බක වනු ඇත. රාමුව තාරකා පුවරුවේ සිට ද්වාරය දක්වා විහිදෙන අතර ජනාවාස විය හැකි කලාපය ඉදිරි - පසුපස අක්ෂය ඔස්සේ විහිදේ. ගොඩ නැඟීම අතරතුරේ දී නැවතුම් පොලේ පිහටීම වෙනස් විය හැකි වුව ද සූර්ය කෝෂ ඒවායේ නිශ්චිත ස්ථානවල පිහිට වූ විට ඉදිරි පසුපස අක්ෂය ප්‍රවේග දෛශිකයට සමාන්තර වනු ඇත. පියාසැරි එකලස් කිරීම හා සංවිධානයට අමතරව දැවැන්ත ව්‍යාපෘතීන් 2010 දක්වා සිදු කිරීමට අමතර අභ්‍යාවකාශ යානා ආසන්න වශයෙන් 30 ක් අවශ්‍යව ඇත. පරීක්ෂණාත්මක උපකරණ , ඉන්ධන හා ආහාර පාන ISS වෙත රැගෙන ඒම ෂටලය (Shuttle), රුසියානු progress යානය , යුරෝපීය ATV (පවතින බහාලුම) හා ජපාන HTV මගින් සිදු කෙරේ.

ආශ්‍රිත[සංස්කරණය]