ජයග්‍රහණ දිනය

විකිපීඩියා වෙතින්

ජයග්‍රහණ දිනය යනු, එම රටවල ඉතිහාසයේ වැදගත් සටන් හෝ යුද්ධ හෝ වලින් ජයග්‍රහණය සමරනු වස් බොහෝ රටවල විවිධ රජයේ නිවාඩු සඳහා භාවිතා වන පොදු නමකි.

කාම්බෝජයේ ජනවාරි 7[සංස්කරණය]

මෙම ජාතික නිවාඩු දිනය ඇරඹුනේ 1979දී කෙමර් රූජ් පාලනය අවසන්වීම සිහි කරනු වස්ය.

තුර්කියේ අගෝස්තු 30[සංස්කරණය]

තුර්කි නිදහස් යුද්ධයෙහි අවසන් සටන් කිහිපයෙන් එකක් වූද මහත් තීරණාත්මක සටනක් වූද, 1922දී පැවති ඩුම්ලුප්නාර් සටන තුලින් ලද ජයග්‍රහණය සිහි කරනු වස්, අගෝස්තු 30 වන දින, ජයග්‍රහණ දිනය (ස්වදේශීය නම: සෆර් බයිරමි) නමින් හැඳින්වෙමින්, තුර්කියේ ජාතික නිවාඩු දිනයක් ලෙස සැමරෙයි.

පකිස්තානයේ සැප්තැම්බර් 8[සංස්කරණය]

1965 ඉන්දු-පකිස්තාන යුද්ධයේ ධ්වාර්කා මෙහෙයුමෙහි සාර්ථකත්වය සිහිකරමින් සැප්තැම්බර් 8 දිනදී පකිස්තානය විසින් පකිස්තාන නාවික හමුදාව සඳහා ජයග්‍රහණ දිනය සමරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ජයග්‍රහණ_දිනය&oldid=276672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි