ජනවර්ග මුලිනුපුටාදැමීම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යටත් විජිත සමය[සංස්කරණය]

  • කිංග් (king) රාජ වංශය විසින් පනවන ලද ආර්ථික හා සංස්කෘතික ප්‍රතිසංස්කරණ සීමාවන් යටතේ 18 වෙනි ශත වර්ෂයේදී මියාඕ කණ්ඩායම් සහ අලුතෙන් පැමිණි හන් පදිංචිකරුවන් අතර ආරවුල් වැඩි විය. මේ නිසා ආයුධ සන්නද්ධ අරගල ඇති වූ අතර ඒ හේතුවෙන් ආරම්භ වුනු මහා පරිමාණ විගමනයන් 19 වෙනි ශත වර්ෂය තෙක් නොකඩවා සිදු වුනේය. මෙම කාලය තුල බොහෝ ජනතාව දකුණු ආසියාවට සංක්‍රමණය වූහ.
  • 1755 දී සිදු වූ මහා පිටුවහල් කිරීමේදී බ්‍රිතාන්‍යයන් විසින් 4000 සිට 5000 දක්වා ප්‍රංශ ඇකේඩියන් වරු ප්‍රමාණයක් ඇකේඩියාවෙන් පිටමං කරනු ලැබූහ. මෙම පිරිසෙන් බොහොමයක් ලුයිසියානාවෙහි පදිංචි වූ අතර පසුව කැජුන්ස්වරු ලෙස ඔවුන් හැඳින්වුනේය.
  • 1791 සිට 1804 දක්වා කාලය තුල හයිටියෙහි විප්ලවය පැවතිකාලයේ ශාන්ත ඩොමිනිග් හි සිටි 40000 ක්වූ සුදු ප්‍රංශ ජාතිකයින් පිටමං කිරීම සහ ජනවාර්ගිකව ඉවත් කිරීම. ජීන් - ජැකුවේ දෙසොලින් නම් නිදහස් හයිටියේ පළමු පාලකයා හයිටිය සමුපූර්ණ කලු ජාතීන්ගේ රාජ්‍යයක් බව ප්‍රකාශ කළ අතතර ඒ වන විට ඉතිරිව සිටි සුදු ජාතිකයින් සියලු දෙනා ඝාතණය කළේය. එමෙන්ම ඉන් පසු කොකේසියන්වරුනට එහි කිසිදු දේපළක් අත් කර ගැනීම තහනම් කළේය.
  • වෙනිසියුලා නිදහස් සටන ආරම්භ වන විට ස්පාඤ්ඤවරු ලනේරොස් වරු බඳවා ගත්හ. ජොසේ ‍තෝමස් බොව්ස් විසින් මෙහෙයවන ලද ලනේරොස් හමුදාව නිති පතා සුදු වෙනිසියුලා ජාතිකයින් ඝාතනය කළහ. වෙනිසියුලානු සුලු ජනතාවගෙන් භාගයක් පමණ ඝාතනය වුනු අවුරුදු කිපයක් ගත වූ යුද්ධයෙන් පසු 1821 දී වෙනිසියුලාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තේය.
  • චියොස් සමූල ඝාතණය පැවති 1822 දී චියෝ හි 42000 ක් පමණ ග්‍රීක දූපත් වාසින් ඝාතණය වුනේය. 45000 ක් වහල් සේවයට එක් කරන ලදි.23000 ක් පිටුවහල් කරනු ලැබූහ. දිවයිනේ සිටි ග්‍රීකයන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකි වූයේ 2000 ට අඩු පිරිසකට පමණී.
  • 1831 දී දොම් පේද්‍රෝ විසින් බලය අත් හරිනු ලැබීමත් සමග කලු දුගී ජනතාව, වහල්ලුද සමග එක්වී බ්‍රසීලයේ ප්‍රධාන නගර වල වීදි කෝලාහල ආරම්භ කළහ.
  • 1835 නොවැම්බර් 19 දින, මඔරි ප්‍රධාන භූමිය විසින් චැතම් දිවයින ආක්‍රමණය කරන ලදි. තුන් සියයක් පමණ මරිඔරි මිනිසුන්, ගැහැණුන්, සහ ළමයින් ඝාතණය වුනේය. ඉතිරි වූ 1300 ක පිරිසක් වහල් සේවයට එක් කරනු ලැබූහ. 1862 වර්ෂය වන විට පණ බේරා ගෙන ඉතිරිව සිටියේ මඔරි 101 දෙනෙකු පමණී. දැනට මෙහි ජීවත් වන්නේ 1835 දී මෙම දූපත් සමුහය ආක්‍රමණය කර ගෙන බලය අල්ලා ගත් අයගෙන් පැවතෙන අයයි.
  • යුකැටන් වර්ණ භේදවාදී යුද්ධය කාලයේ නැගෙනහිර යුකැටන් සහ ක්වින්ටානාරු ප්‍රදේශයේ මායා වරු විසින් ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙස්මිසෝ ජනතාව ජනවාර්ගික වශයෙන් පිරිසිදු කිරීම. මායාවරුන්ගේ කැරැල්ලේ විශාලතම ප්‍රථිඵලය නම් 1848 වසන්ත ඍතුවේදී එම අර්ධ ද්වීපයේ බොහෝ පෙදෙස් වලින් යුරෝපීයයන් සහ මෙස්ටිසෝ වරුන් පලවාහැරීමයි. මෙහිදී තාප්ප වලින් වට වී තිබුණු කැම්පෙචෙ (Campeche) නම් නගරයද මෙරිඩා සහ නිරිත දිග වෙරළ පමණක් ගැලවුනේය.
  • 19 වෙනි සියවසේ එක්සත් ජනපදයෙහි මුල් පදිංචිකරුවන් රටේ කොතැනක හෝ නැවත පදිංචි කරවීමට ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. රතු ඉන්දියන්වරු ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩ කඩම් වලින් ඉවත් කිරීමේ (ඉන්ඩියන් රිමූවල් පොලිසි) “ඉන්දියන්වරු ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය” නම් 1830 දී ඇති කර ගත් ප්‍රතිපත්තිය මෙහිදී විශේෂ වේ. (The trail of tears නොහොත්) කඳුලෙන් සටහන් වූ ගමන නම් දුක් මුසු ඉවත් වී යාමේදී චෙරොකීස් නම් ස්වදේශික ජනයා 2000 සිට 8000 ක් දක්වා ලෙඩ රෝග වලින් මිය ගියහ. තවත් උදාහරණයක් නම් (Long walk of the Navajo) නවාජෝ ගේ දීර්ඝ ගමනයි.
  • 1803 වන විට 8000 ක් සිටි තස්මේනියානු ජනතාව 1833 වන විට 300 දක්වා අඩු විය. මෙයට බොහෝ විට හේතු වූයේ ලෙඩ රෝග වසංගත යනාදියයි. වසූරිය, සහ සිෆිලිස් වැනි මෙම ‍රෝග සඳහා ඔවුනට ස්වාභාවික ප්‍රතිශක්තීකරණය නොතිබුනි මත් පැන් භාවිතය තවත් හේතුවක් විය.
  • අයිනු නම් ජනතාව‍හොකයිඩො, උතුරු හොන්ෂු, කුරිල් දිවයින් වල ස්වදේශික ජනතාවකි. ජපාන ජාතිකයින්ගේ ජනාවාස පුළුල් වන විට අයිනුවරුන් උතුරට තල්ලු විය. මෙයිජි පාලනය දක්වා රජය විසින් ඔවුන් හොකයිඩෝ හි සුලු පෙදෙනකට කොටු කර තබා ගෙන සිටියහ. මෙය හරියට එ.ජනපදයේ ස්වදේශික ජනතාව වෙන් කළ බිම් වලට සීමා කිරීම හා සමාන විය.
  • බෝල්කන් රටවල් (උදා. සර්බියා, ග්‍රීසිය, බල්ගේරියා) ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත් පසු 1800 සිට 1900 දක්වා කාලය තුල තුර්කි, මුස්ලිම් සහ යුදෙව් ජනගහණය බෝල්කන් ප්‍රදේශයෙන් පිටමං කිරීම.
  • 19 වෙනි ශත වර්ෂය පුරාම රුසියානු අධිරාජ්‍යය විසින් උතුරු කොකේසස් පෙදෙසින් මුස්ලිම් ජනතාව පලවා හැරීම. 1864 දී ඇනටෝලියාවට යැවූ සිර්කාසියන්වරු මෙහිදී විශේෂිතයි.

20 වෙනි සියවසේ ජනවාර්ගික පිරිසිදු කිරීම් පිළිබඳ උදාහරණයන්[සංස්කරණය]

  • 1913 දී ත්‍රේස් හි ඔටෝමන් කොටස තුල තරුණ තුර්කීන් විසින් ත්‍රෙෂියන් බල්ගේරියානු ජන කොටස නැති කිරීම.
  • ග්‍රෙකෝ - තුර්කි යුද්ධයේ පරාජයෙන් පසු ග්‍රීක් හමුදා විසින් තුර්කි ජනයා සමූහ වශයෙන් ඝාතණය කිරීම.
  • 1923 ලවුසන්නෙ (Lausanne) සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස ග්‍රෙකො - තුර්කි යුද්ධයෙන් පසු (1919 – 1922) ග්‍රීකයන් තුර්කියෙනුත්, තුර්කිවරුන් ග්‍රීසියෙනුත් වශයෙන් දෙපිරිස රටවල් දෙක අතර මාරු කර ගැනීම.
  • 1919 – 1920 සිවිල් යුද්ධය පැවති කාලයේ බෝල්ෂේවික් පාලනය විසින් 300,000 සිට 500,000 දක්වා ඩොන් කොසැක්වරු පලවා හැරීම හෝ ඝාතණය කිරීම.
  • 1934 – 38 කාලයේ සෝවියට් සංගමය විසින් බෙලෝරුසියාවෙන්, යුක්රේනයෙන්, සහ යුරෝපීය රුසියාවෙන් පෝලන්ත ජාතිකයින් කසක්ස්ථානයට පලවා හැරීම.
  • සෝවියට් සංගමය විසින් රුසියානු ඈත පෙරදිගින් කොරියන් ජාතිකයින් සෝවියට් මධ්‍යම ආසියාවට පලවා හැරීම. 1937 සැප්තැම්බර් සිට ඔක්තෝබර් කාලය තුලදී සිදු වූ මෙම සිද්ධියෙන් 172,000 කොරියන් ජාතිකයින් පිටුවහල් කෙරුනි.
  • ජර්මනිය, ඕස්ට්‍රියාව සහ නාසි පාලනය තිබූ අනෙක් ප්‍රදේශ වලින් යුදෙව්වන් පන්නා දැමීම සහ වධ බන්ධනයට ලක් කිරීම - මෙය සිදු වූයේ මිලියන 6 ක යුදෙව්වන් සමූලඝාතණය කිරීම ආරම්භ වීමට කලිනි.
  • II ලෝක සංග්‍රාමය පැවති කාලයේ ෆින්ලන්ත ජාතිකයින් විසින් අල්ලා ගෙන සිටි නැගෙනහිර කරෙලියාවේ පෙට්රොසැවොඩ්ස්ක් නගරයෙහි සිටි රුසියන් බස කථා කරන ජනතාව දේශපාලන හිර කඳවුරක රඳවා තබා ගනු ලැබූහ.
  • ජර්මනිය විසින් පෝලන්ත ජාතිකයින් පලවා හැරීම. දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාලයේ නාසි වරු සම්පූර්ණ පෝලන්ත ජනතාව පලවා හැරීම පිණිස සැලසුම් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස නාසි ආධිපත්‍යය පැවති කාලයේ මිලියන 1.6 සිට 2 දක්වා පෝලන්ත ජාතිකයින් පලවා හරිනු ලැබූහ. මෙයට පෝලන්තයෙන් පිටුවහල් කරනු ලැබූ මිලියන ගණනක වහල් කම්කරුවන් ඇතුලත් නොවේ.
  • 1941 – 1945 කාලය තුල සර්බියානු ජනසංහාරය සිදු වූ කාලය තුල අන්තවාදී උස්ටාෂේ (Ustashe) ජාති වාදීන්ගේ පාලනය විසින් ක්‍රොඒෂියාවෙන් 2,50,000 කට වඩා සර්බිවරුන් පිටුවහල් කිරීම.
  • දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාලයේ ජපන් අමෙරිකන් වරු සහ ජපන් - කැනේඩියානුවන් කඳවුරු වල කොටු කර තබන ලදහ. මෙසේ කරන ලද්දේ සංක්‍රමණික ජපනුන් සතුරාට සහයෝගය දක්වන කණ්ඩායමක් වේ යයි ඇති වුනු බිය හේතුවෙනි.
  • දෙවැනි ලෝක සංග්‍රාමය පැවති කාලයේ කොසවෝ සහ මෙටොහිජා හි සර්බිවරුන් 10000 කගේ ජීවිත අහිමි විය. 100,000 ක් හෝ ඊට වැඩි පිරිසක් එකී ජනවර්ගය නිසා පිටමං කරනු ලැබූහ. ඉදිරි දශකවලදී ලක්ෂ ගණනක් ජනතාව ප්‍රදේශය අතහැර යනු ඇත.
  • 1941 – 42 කාලයේදී සෝවියට් සංගමය විසින් වොල්ගා ජර්මන්වරුන් කසාක්ස්තානයට, අල්තායි ක්රායි, සයිබීරියාවට සහ වෙනත් බොහෝ දුර බැහැර ප්‍රදේශ වලට පලවා හරිනු ලැබූහ.
  • 1943 – 1944 කාල සීමාවේදී සෝවියට් සංගමය විසින් ක්‍රිමියන්, ටාටර්, කැල්මික්ස්, චෙචන්ස්, ඉන්ගුෂ්, බෝල්කර්ස්, කරචෙස් සහ මෙෂ්කේෂන් තුර්කි ආදී ජන වර්ගයන් මවධ්‍යම ආසියාවට සහ සයිබීරියාවට නෙරපීම.
  • පෝලන්තජාතිකයින් ඝාතණය හා වාර්ගික වශයෙන් පිරිසිදු කිරිම - ජාතිකවාදී UPA සංවිධානය විසින් 1944 සහ 1945 කාලයේදී මෙය සිදු කරන ලදි.
  • 1944 සහ 45 කාලය තුල ග්‍රීකයන් විසින් දකුණු එපිරස් ප්‍රදේශයෙන් චම් ඇල්බේනියානුවන් තුරන් කිරීම. 18000 – 35000 ක පමණ දෙනා ඇල්බේනියාවට පලා ගියහ. සිය ගණනක සිට දෙදාස් අටසියයක් දක්වා පිරිසක් ඝාතණය කරනු ලැබූහ.
  • දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මන් ජාතිකයින් පිටමං කිරීම. 1944 සිට 1948 දක්වා මිලියන 13.5 සිට 16.5 ක ජර්මන්වරුන් නැගෙනහිර සහ මධ්‍යම යුරෝපයෙන් පලවා හරිනු ලැබූහ. නැතහොත් පලා ගියහ. මෙහිදී මැරුණු සංඛ්‍යාව පිළිබඳව ඉතිහාසඥයින් අතරේ පවතින කරුණු විවාදාත්මකය. පන්ලක්ෂයේ සිට තිස් ලක්ෂය දක්වා සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි ගණන් බලා තිබේ.
  • දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සහ එය පැවති කාලයේදී ඉස්ට්‍රියන්වරුන්ගේ පලා යාම. ඉතාලියේ ෆැසිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු ඉස්ට්‍රියා පෙදෙසින් සහ යුගෝස්ලාවියාවේ මධ්‍ය වෙරළ ප්‍රදේශයේ සාරා පෙදෙසින් ඉතාලි ජාතිකයින් 3,50,000 ක් පමණ එළවා දැමීම.
  • දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පසු යුක්රේන් බස කථා කරන සුලු ජාතික පිරිස පෝලන්තයෙන් පිටුවහල් කිරීම. විස්ලා මෙහෙයුමෙන් ආරම්භ වූ මෙය 1947 දී එහි උච්ච ස්ථානයට පැමිණියේය. සෝවියට් සංගමය විසින් එහි බටහිර දේශ සීමාවට යා කර ගනු ලැබූ නැගෙනහිර භූමි පෙදෙසින් පෝලන්ත ජාතිකයින් දශ ලක්ෂ ගණනක් ඒ සමග ඉවත් කරනු ලැබූහ. මෙම බටහිර පෙදෙසට යා කර ගනු ලැබූ ප්‍රදේශය ජර්මනියෙන් පෝලන්තයට පවරන ලදි.
  • පකිස්තානයේ සිට අති විශාල හින්දු සහ සීක් ජනතාවක් නෙරපීම. මෙම සිදු වීම මුල් කර ගෙන පසුව සිදු වූ කැරළි කෝලාහල වලදී හින්දූන්, මුස්ලිම්වරුන් සහ සීක් ජාතිකයින් මරුමුවට පත් වූහ. මෙය 1947 දී බ්‍රිතාන්‍ය ඉන්දියාව දෙකට බෙදීම ලෙස හැඳින්වුනේය. දශ ලක්ෂයක ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියා මගින් අවතැන් කරනු ලැබූහ. මෙය ජනවාර්ගික වශයෙන් සුද්ද කරනු ලැබූ විශාලතම තනි සිද්ධියක් ලෙස ඉතිහාසයේ වාර්තා වී ඇත.
  • 1948 දී ඉන්දියාව විසින් මුස්ලිම් පාලනය යටතේ තිබූ හයිද්‍රාබාද් ප්‍රාන්තය යා කර ගැනීමෙන් පසු 7000 ක් පමණ හද්රාමි අරාබිවරුන් හිරබාරයේ තැබීම් සහ ඉන්දියවෙන් පිටමං කිරීම.
  • පලස්තීනුවන් නික්ම යාම. පසුව ඊශ්‍රායලයේ කොටසක් වූ බ්‍රිතාන්‍යය විසින් ප්‍රකාශිත පලස්තීනයේ සිටි අරාබි පලස්තීනුවන් ට පිටවී යන ලෙසට අරාබි හමුදාව විසින් ප්‍රකාශයක් කරන ලදි. මෙම ප්‍රදේශ යුදෙව්වන් විසින් මිළ දී ගත් අතර 1948 අරාබි ඊශ්‍රායල් යුද්ධයෙන් පසුව බලය සහ ප්‍රචණ්ඩත්වය යොදා එහි සිටි පලස්තීනුවන් ඉවත් කරනු ලැබූහ. අවුරුදු 60 කට පසුවද අසල්වැසි රටවල අනාථ කඳවුරු වල මෙම පලස්තිනුවන් දශලක්ෂ ගණනක් සිටිති.
  • අරාබි ප්‍රදේශ වලින් යුදෙව්වන් පිටමං වීම. මෙහිදී අරාබි රටවල සිටි යුදෙව්වන්ගෙන් 99% ක් පමණ ඉවත් වූහ. බොහෝ අය කැමැත්තෙන් ඉවත් වූ අතර සමහර රටවල් වලින් කරනු ලැබූ නොසැලකීම් හේතුවෙන් ඉවත් වන්නට සිදු විය. 1948 අරාබි - ඊශ්‍රායල් යුද්ධයෙන් සහ 1967 සය දින යුද්ධයෙන් පසුවද මෙය සිදු වූ අතර, මෙම අවස්ථාවන්හිදී ඉරාකය, සිරියාව, යේමන්, ඊජිප්තුව, ලිබියාව, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ මොරොක්කෝවේ සිටි යුදෙව්වන් විශාල ප්‍රමාණයක් ඊට අයත් වූහ.
  • 1949 දී නෙදර්ලන්තයෙන් ඉන්දුනීසියාව නිදහස ලබා ගත් පසු 300,000 ක් පමණ ජනතාව (වැඩි වශයෙන් ඉන්ඩොස් නොහොත් ලන්දේසි ඉන්දුනීසියානුවන් පිරිසක්) ඉන්දුනීසියාවෙන් පලවා හරිනු ලැබූහ.
  • එවකට පැවතුනු ඉන්දියන් විරෝධී ත්‍රස්තවාදය හේතු කොට ගෙන කාශ්මීරයේ ජීවත් වූ කාශ්මීර හින්දූන් එහි සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් එම ප්‍රදේශය තුලම අවතැන් වූහ.
  • 1955 සැප්තැම්බර් 5 සහ 6 දින වල කොන්ස්තන්තිනෝපල් හි සිටි ග්‍රීකවරුනට එරෙහිව හිංසා කිරීම් කරනු ලැබිනි. මෙයට තුර්කි රජයෙන් රහසෙන් උදව් ලැබුනි. කැරළිකරුවන් විසින් ඇතැම් යුදෙව්වනට සහ ආර්මේනියන්වරුනටද පහර දෙනු ලැබූහ. 1924 දී 100,000 ක් පමණ වූ මෙම ග්‍රීක සුලු ජාතීන් පසුව තුර්කි - ග්‍රීක ජනගහණ හුමමාරු ගිවිසුමෙන් පසු 2007 දි 5000 ක් දක්වා අඩු විය‍.
  • 1960 ජූලි 5 වැනි දින, එනම් කොංගෝව බෙල්ජියම් පාලනයෙන් නිදහස ලබා දින 5 ක් ගත වූ තැන නොර්ත් පබ්ලික් නම් හමුදාව, එහි සිටි සුදු නිලධාරින් ඉලක්ක කරමින් කලබල ඇති කළහ. ඔවුනගේ දේපළ වලට පහර දුන්හ. මෙයින් බියට පත් වූ 100,000 ක් පමණ සුදු ජාතිකයින් එම රටෙන් විශාල වශයෙන් ඉවත් වූහ.
  • 1948 දී දකුණු අප්‍රිකාවේ ඇරඹුනු වර්ණ භේද වාදය 1960 සහ 1970 දශක වලදී උච්ච අවස්ථාවට පත් විය. මෙහිදී කලු ජාතින් වෙන් කර තබන ලදි. සුදු නොවන අය ඉවත් කරනු ලැබූහ.
  • යුරෝපීයයන්ගෙන් පැවත එන පීඩ් - නුවා ජනගහණය සහ යුදෙව්වන් ඇල්ජීරියාවේ සිට ප්‍රංශයට යැවීම. 1962 වර්ෂයේ මාස කිහිපයක් තුල මෙය සිදු විය. මෙහිදී 900,000 යුරෝපීයයන් සහ ස්වදේශික යුදෙව්වන් රට හැර ගියහ.
  • 1964 දී සැන්සිබාරයේ අරාබීන් සහ ඉන්දියන් ජාතිකයින් ජනවාර්ගික වශයෙන් ඉවත් කිරීම.
  • 1971 දී සිදු වූ බංග්ලාදේශ් නිදහස් සටනේදී මිලියන 10 ක් පමණ බෙංගාලි ජනතාව රටින් පලා ගියේ පකිස්තාන හමුදාවන් විසින් කෙරුනු ඝාතණ හා හිරිහැර කිරීම් වලින් වැළකීම පිණිසයි.
  • ඉඩි අමින් පාලනය විසින් උගන්ඩාවෙන් සියලුම ආසියානුවන් බලයෙන් රටින් පිට කිරීම.
  • 1963 – 1974 කාලය තුල ග්‍රීක හමුදාව සහ ග්‍රීක් සයිප්‍රස්වරුන් විසින් තුර්කි සයිප්‍රස්වරුන් ඉවත් කිරීම.
  • තුර්කිය විසින් සයිප්‍රස් රට ආක්‍රමණය කිරීමෙන් පසු සයිප්‍රසයේ තුර්කි හමුදාව යටතේ තිබූ ප්‍රදේශ වල ග්‍රීක ජනතාව ඉවත් කිරීම (1974 – 76 කාලය තුල)
  • 1986 – 1989 කාලයේ අල් - අන්ෆල් යුධ මෙහෙයුමෙන් අඩු වශයෙන් දස ලක්ෂයක් පමණ ඉරාක කුර්දිවරුන් අවතැන් වූ අතර 100,000 – 200,000 කුර්දිවරුන් ඝාතණය කෙරුනේය.
  • 80 දශකය අවසානයේ එක්වීම සඳහා බල කෙරුනු ක්‍රියාවලියේදී බල්ගේරියානු තුර්කීන් 300,000 ක් 1986 – 89 කාලය තුල තුර්කියට පැමිණියහ.
  • නගර්නෝ - කරබක් අර්බුද හේතුවෙන් දෙපැත්තේම ජනගහණය අවතැන් වූහ. ආර්මේනියානු පාලනය යටතේ තිබෙන (නගර්නෝ කරබක් ඇතුලු) භූමියෙන් අසර්බයිජාන්වරුන් 528,000 ක්ද, 185,000 සිට 220,000 දක්වා අසෙරියස්වරුද, කුර්දිවරු 18000 ක්ද, රුසියානුවන් 3500 ක්ද, 1988 – 89 කාලය තුල ආර්මේනියාවේ සිට අසර්බයිජානයට පලා ගියහ.
  • 1989 අප්‍රේල් සිට පයුල්, වොලොෆ් සොනින්කේ සහ බම්බරා ජනවාර්ගික කණ්ඩායම් වල සාමජිකයින් වූ කලු මොරිටානියන්වරු, මොරිටානියන් රජය විසින් මොරිටානියාවෙන් පලවා හරිනු ලැබූහ.1989 දී මධ්‍යම ආසියාවේ ෆර්සානා නිම්නයේ උස්බෙක්වරු විසින් මෙෂ්කේෂන් තුර්කිවරුනට වද හිංසා කිරීමෙන් මෙෂ්කේෂන් තුර්කිවරුන් 90000 ක් පමණ උස්බෙකිස්ථානය අත හැර ගියහ.
  • 1993 දී සහ 1998 දී සටන් පැවති කාලය තුලදී සහ ඉන් පසුව ජෝර්ජියන්වරු 250,000 ක් බලෙන් අවතැන් කිරීම සහ ඇබකාසියාවෙන් එළවා දැමීම.
  • රුවන්ඩා සමූලඝාතන ලෙසින් හැඳින්වුනු හුටු ගෝත්‍රිකයින් විසින් දශලක්ෂයක් පමණ ටුට්සි ගෝත්‍රිකයින් 1994 දී සමූලඝාතණය කිරීම.
  • නේපාල සම්භවයක් ඇති භූතාන වැසියන් වූ දකුණු ලොත් පැම්පාස් වරුන් පලවා හැරීම. 1990 දී සිදුවුනු මෙම සිද්ධියේදී භූතාන් මහජාතිය වූ උතුරු දෲක්වරුන් විසින් ඉහත කී ජන කොටස පලවා හරින ලදි. අනාථ වූ සංඛ්‍යාව 103,000 කි.
  • 1994 – 1996 පැවති පළමු චෙච්නියා යුද්ධයේදී චෙච්නියාවේ වාසය කළ රුසියානු වැසියන් සහ චෙච්නියානුවන් 500,000 ක් අවතැන් වීම.
  • 1998 – 99 පැවති කොසොවෝ යුද්ධයේදී පහර දීම් හේතුවෙන් කොසොවෝ ඇල්බේනියන්වරුන් 800,000 කට වඩා පිරිසකට ඔවුන්ගේ වාස භූමි අතහැර පලා යාමට සිදු විය.

21 වෙන ශත වර්ෂයේ ජන වාර්ගික පිරිසිදු කිරීම්[සංස්කරණය]

  • 1990 දශකයේ අවසාන භාගයේදී සහ 2000 මුල් භාගයේ ඉන්දුනීසියානු හමුදාව සහ පොලිසිය විසින් ආයුධ සන්නද්ධ කරනු ලැබූ හා සංවිධානය කරනු ලැබූ සන්නද්ධ බාහිර කණ්ඩායම් නැගෙනහිර ටිමෝරයේ සිවිල් ජනයා විශාල සංඛ්‍යාවක් ඝාතනය කළහ.
  • 1990 දශකයේ පටන් බොට්ස්වානා මධ්‍යම රජය, මධ්‍යම කලහාරි දඩබිම් රක්ෂිතයෙන් බුෂ්මන් ගෝත්‍රිකයින් පිටමං කිරීමට උත්සාහ කළහ. 2005 ඔක්තෝබර් වන විට, බුෂ්මන් ගෝත්‍රිකයින් ඔවුන්ගේ ඉඩම් වලින් බලහත්කාරයන් එළවා දැමීමේ රජයේ ප්‍රතිපත්තිය නැවත ආරම්භ කෙරුනේය. මෙහිදී ඔවුනට ආයුධ සන්නද්ධ පොලිසිය මගින් මරණ බවටද හිරිහැර කරන බවටද තර්ජනය කෙරුනේය. මේ නිසා අකමැත්තෙන් පිට වූ බොහෝ බුෂ්මන්වරු අපිරිසිදු කඳවුරු වල ජීවත් වූ අතර ඇතැම් පිරිස් වෛශ්‍යා වෘත්තියේ පිහිට සෙවූහ. ඇතැමෙක් මත් පැන් වලට පුරුදු වූහ. ඒ අතර 250 ක පමණ තවත් පිරිසක් ඔවුන්ගේ පුරුදු නිදහස් ජීවන රටාව සොයා හොර රහසින් නැවතත් කලහාරි වෙත ගියහ. “මෙම පරිඝණක යුගයේ අපි තවදුරටත් ගල් යුගයේ පිරිසක් තබා ගන්නේ මන්ද?” යනුවෙන් බොට්ස්වානා ජනාධිපති ෆෙස්ටස් මොහාඒ කීවේය.
  • සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ විසින් සුදු ජාතික ගොවීන් පිටුවහල් කිරීම. කලින් රොඩේෂියාව නමින් හැඳින්වුනු සිම්බාබ්වේ රටෙහි 1970 වර්ෂය වන විට සුදු ජාතිකයින් 2,70,000 ක් සිටියහ. එහෙත් අද වන විට එහි සිටින්නේ සුදු ජාතිකයින් ස්වල්ප දෙනෙකු පමනී.
  • 2005 දී ඊශ්‍රායලයේ ඒක පාර්ශවික සැලසුමකට අනුව ගාසා තීරයෙන් යුදෙව්වන් 8500 ක්ද, බටහිර ඉවුරේ කුඩා ජනාවාස හතරකින් 660 ක පමන පිරිසක්ද මුදා ගැනිම.
  • බටහිර සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ අප්‍රිකානු ජනගහණය වෙත සුඩානයේ ජන්ජවීඩ් නම් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රහාරයන් එල්ල වීම. ඒ වන විට ගත වී තිබුනු දෙමස තුල චැඩ් සහ නයිජර් සිට 75000 ක් දක්වා අරාබීන් ප්‍රමාණයක් දේශ සීමා පැන ඩාර්ෆූර් වෙත පැමිණි බව 2007 ජූලි 4 දිනැති ලිපියකින් වාර්තා කර තිබුනේය. මෙයින් බොහෝ දෙනෙක් අවතැන් වුනු අරාබි නොවූ ජනතාව කලින් සිටි පෙදෙස් වලට සුඩාන රජය මගින් යවනු ලැබූහ. ජන්ජවීඩ් සන්නද්ධ කණ්ඩායම සහ සුඩාන හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පසු මිලියන 2.5 ක පිරිසකට ඔවුන්ගේ නිවෙස් වලින් පලා යාමේ තර්ජනයට මුහුණ පාන්නට සිදු වී ඇත.
  • දැනට පවතින ඉරාක සිවිල් යුද්ධයේදී (2003 සිට මේ දක්වා) බැග්ඩෑඩය අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වාගේ ෂියා සහ සුන්නි සටන්කාමින් විසින් ජන වාර්ගික වශයෙන් ශුද්ධ කරන ලදි. ඇතැම් ප්‍රදේශ එක්තරා විශේෂ (ආකමික නොවන)කණ්ඩායමක සියලු සාමාජිකයින් විසින් අත හැර දමනු ලැබුවේ ඔවුන් පළිගැනීමට ලක් වේ යයි යන බියෙනි. අනාථයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ගණන් බැලූ ආකාරයට 2007 ජූනි 21 දින වන විට මිලියන 2.2 ක ඉරාක ජාතිකයින් යාබද රටවල් වෙත ගොස් ඇත. මිලියන 2 ක් රට තුලම අවතැන් වී ඇත. ලක්ෂයකට ආසන්න ඉරාක ජාතිකයින් පිරිසක් සෑම මසකම සිරියාවට හා ජෝර්දානයට පලා යති.
  • UNCHR ට අනුව ඉරාක මුලු ජනගහණයෙන් ක්‍රිස්තියානි ලබ්ධිකයින් සිටින්නේ 5% ක් වුවද අසල්වැසි රටවල ජීවත්වන අනාථයින්ගෙන් 40% ක පිරිසක් වන්නේ මේ අයයි. 16 වෙනි සියවසේ ඉරාක ජනගහණයෙන් භාගයක් වූයේ ක්‍රිස්තියානි ලබිධිකයින්ය. 1987 දී පැවැත්වූ අන්තිම ජන සංගණනයේදී ක්‍රිස්තියානීහු මිලියන 1.4 ක් වුහ. එහෙත් 2003 ආක්‍රමණයෙන් පසු ඉස්ලාම් ලබ්ධිය කෙරේ ප්‍රබෝධයක් ඇති විය. ක්‍රිස්තියානින්ගේ මුලු සංඛ්‍යාව 500,000 දක්වා පහත බැස්සේය. මෙයින් 250,000 ක් සිටියේ බැග්ඩෑඩ් නුවරයි. තවදුරටත් කිවහොත් ඒ වන විට ඉස්ලාම් අන්තවාදීන් විසින් කර ගෙන ගිය දාමරික ක්‍රියා නිසා මැන්ඩේඉයන් සහ යසිඩ් ප්‍රජාවන්ට පිටමං වීමේ අවදානමකට මුහුණ පාන්නට වෙතැයි ඔව්හු බියෙන් පසු වූහ. 2007 මැයි 25 පළ වූ ලිපියක සඳහන් වන්නේ ගත වූ මාස 7 ක කාලය තුල එක්සත් ජනපදයෙහි අනාථ රැකවරණ තත්වය ලබා ගැනීමට අවසර ලැබී ඇත්තේ 69 දෙනෙකුට පමණක් බවයි.
  • මැක්සිකානු වීදි කණ්ඩායම් විසින් ජාතීන් වශයෙන් මිශ්‍ර ලොස් ඇන්ජලීස් නුවරට යාබද පෙදෙස් වල අප්‍රිකානු ඇමෙරිකානුන් ඉවත් කිරීම.
  • 2006 ඔක්තෝබරයේදී නයිජීරියා රජය එහි ඩිෆ්ෆා ප්‍රදේශයේ සිටින අරාබීන් චැඩ් දේශයට පිටුවහල් කරන බව ප්‍රකාශ කළේය. මෙම ප්‍රමාණය සංඛ්‍යාත්මකව ගත් කල 150,000 කි. මෙම අරාබි පිරිස යැවීම සඳහා එක්රැස් කරන අවස්ථාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු මිය ගියහ. වාර්තා වුනේ රජයේ හමුදා වලට බියෙන් පලා යාමේදී එය සිදුවුනු බවයි. එසේම කාන්තාවන් තිදෙනෙකු ගබ්සා වීම් වලට භාජනය වූහ. අවසානයේදී රජය මෙම ක්‍රියාව නතර කළේය.
  • 2007 දෙසැම්බරයේදී කෙන්යාවේ මහජන කැළඹිල්ලක් ඇති විය. 2008 ජනවාරි 28 දින වන විට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ගණන 800 ක් දක්වා ඉහළ නැග්ගේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බැලූ ආකාරයට එම සිද්ධියෙන් අවතැන් වූ සංඛ්‍යාව 600,000 ක් තරම් විය. රජයේ ප්‍රකාශකයෙකු “ඔඩින්ගාගේ ආධාරකරුවන් මෙම ජනවාර්ගික ශුද්ධ කිරීමට හවුල් වූහ” යනුවෙන් ප්‍රකාශ කළේය.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ethnic_cleansing#Colonial_period