ඡායාරූප කලාව

විකිපීඩියා වෙතින්

ඉතිහාසය[සංස්කරණය]

ඡායාරූප මඟින් ස්වභාවික දර්ශනයක් අප දකින ආකාරයේ ම රූපයක් ලෙස කඩදාසියක් මත නිර්මාණය කිරීමට හැකි විය. යථා රූපය එලෙසම දැක්වීම නිසා චිත්‍රකලාවට වඩා ඡායාරූපය විශ්වසනීය විය. 1880 සිට1897 ඡායාරූප ගැනීමේ සහ මුද්‍රණය කිරීමේ ක්‍රම නවීකරණයට භාජනය විය.1850 දශකයේ පමණ සිට ,ප්‍රවෘත්තිවල යෝග්‍ය අංග රූපගත කළ අතර 1880 තෙක් මුද්‍රණාලවලට හැකිවූයේ ඒවා බලා අදින චිත්‍ර මඟින් ප්‍රචාරය කිරීමට පමණි.පැරණි ප්‍රවෘත්ති ඡායාරූප කැටයම්කරුවකුලවා අච්චුවක් ලෙස සකස් කර මුද්‍රණය කෙරිණි. එහි දී තද ලෑල්ලක ඡායාරූපයේ සටහන උළැගි කැටයමක් ලෙස නිර්මාණය කළේය. එම අච්චුවේ තීන්ත තවරා කඩදාසි මත මුද්‍රණය සිදුවිය. බ්‍රිතාන්‍ය මුද්රණ වාර්තා කරුවන් වූ විලියම් සිම්ප්සන් සහ රොජර් ෆෙන්ටන් මෙලෙස ක්‍රිමියානු යුද්ධයේ ඡායාරූප මුද්‍රිත චිත්‍ර ලෙස ප්‍රචාරය කලහ.මෙලෙස ඇමරිකානු සිවිල් යුද්ධයේ ඡායාරූප ද මැතිව් බ්රේඩි විසින් ප්‍රචාරය කිරීමට පෙර චිත්‍ර බවට හැරවීය. මහජනයා පුවත් වල තාත්වික බවට ආශා කළ බැවින් ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්විය. ප්‍රති නිශ්පාදනයක් (මුද්රිත චිත්ර වලට වඩා ඉහළ )ප්රථම වරට ප්‍රචාරය කරවීය. තවදුරටත් නවීකරණය සිදු විය.1887 දී ක්ෂණික ආලෝක පහන් (flash)සොයාගන්නා ලදී.මෙමඟින් පුවත් වාර්තා කරුවන්ට වෙනත් විෂයන් සම්බන්ධ ඡායාරූප ද ප්‍රචාරය කළ හැකි විය. 1887 වන විට මෙම අර්ධතාන චායාරූප මුද්රණාලවල වැඩිවේගයකින් පිටපත් කිරීමට ඉඩ සැලසිනි.මෙම නවීකරණයන් ඇති වූවත් සමහර සීමා ද පැවතුනු අතර බොහෝ සංවේදනීය පුවත් පත් හා සඟරා කතාවල මුද්රණ චිත්‍ර ඇතුළත් විය. (1897-1927) 1921දී "wire photo"තාක්ෂණය යොදාගනිමින් වඩාත් වේගයෙන් රූප සම්ප්රේෂණය කිරීමේ හැකියාව ලැබිනි. කෙසේ වෙතත් එය 1925 දී මිලි මීටර 35 ලෙයිකා වාණිජ කැමරාව සාදන තෙක් නොතිබූ අතර ප්‍රථම ක්ෂණික බල්බ (1927-1930) මෙම සියලුම අංශ චයාරූප කලාවේ වඩාත් වැදගත් සන්ධිස්ථානයකට ගෙන ඒමට සමත් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ඡායාරූප_කලාව&oldid=471390" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි