ඡනසංඛ්‍යා වර්ධනය
පටුන |
[සංස්කරණය] 1.ඡනසංඛ්‍යාව යනු
ඡනසංඛ්‍යාව පිළිබඳව පැහැදිලිව හඳුනාගැනීම සඳහා විවිධ පුද්ගලයින් හා ආයතන විසින් අර්ථකතන රැසක් ඉදිරිපත්කර ඇත. එවැනි අර්ථකතන කිහිපයක් පහත දැක්වේ.
"යම් කාල පරිච්‍ජේදයක් තුළ යම් ප්‍රදේශයක ඡිවත්වන මිනිසුන් ප්‍රමාණය" යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රඡාවිද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා වර්ෂ 2004 දි තම ඡනගහන අධ්‍යන කෘතියෙන් පෙන්වාදි ඇත.
"යම් ප්‍රදේශයක ස්තිර හෝ අර්ධ ස්තිර වශයෙන් සිටින පුද්ගලයින් සංඛ්‍යාව" ඡනසංඛ්‍යාව යනුවෙන් ජේ.ඩොනල්ඩ් බර්ග් විසින් 1969දි තම Principels of Demography කෘතියෙන් අර්ථ දක්වා ඇත.
ඉහත දක්වා ඇති නිර්වචන පිළිබඳව සලකාබැලීමේදි පැහැදිලි වන්නේ "නිෂ්ච්ත කාල පරාසයක් තුළ තෝරාගන්නා ප්‍රදේශයක ඡවත් වන සියළුම මිනිසුන් සංඛ්‍යාව " ඡනසංඛ්‍යාව වශයෙනි.
[සංස්කරණය] 2.ඡනසංඛ්‍යා වර්ධනය.
ඡනසංඛ්‍යාව යනු ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රපංචයකි. මේ නිසා ඡනසංඛ්‍යා වර්ධනය යනු ’දිනක් සතියක් මාසයක් අවුරුද්දක් හෝ අවුරුදූ කිහිපයක් තුළ ඡනසංඛ්‍යාවේ සිදූවන වැඩිවීම, බව 1969 දි Donald J Berg විසින් ප්‍රකාශකර ඇත. කාලයත් සමඟ ඡනසංඛ්‍යාවේ වර්ධනය කෙරෙහි සඵළතාවය මර්ත්‍යතාවය හා සංක්‍රමණය බලපා ඇත. මර්ත්‍යතාවය අභිබවා සඵළතාවය ඉහළ යයි නම් හෝ සඵළතාවය හා මර්ත්‍යතාවය එක් මට්ටමක පවතින විට අභ්‍යන්තර ආගමනය ධන අගයක් ගන්නාවිට ඡනසංඛ්‍යාව වර්ධනයවේ. මේ අයුරින් සිදූවන ඡනසංඛ්‍යා වර්ධන වේගය හාඳුනාගැනීම සඳහා තොරාගන්නාලද කාල පරාසයේ ඡනසංඛ්‍යාවෙ වෙනස පළමු අවස්ථාවේ ඡනසංඛ්‍යාවෙන් ඛෙදා එය සියයෙන් වැඩිකිරීම තූළින් ඡනසංඛ්‍යාවෙ වර්ධන වේගය හඳුනාගත හැක. ඡනසංඛ්‍යා වර්ධන වේගය ගණනයකරණ ආකාරය පහත දැක්වෙන ආකාරයෙන් සිදූනරණු ලබයි.
X හා Yකාලය තූළ ඡනසංඛ්‍යා වර්ධන වේගය= (X හා Y ඡනසංඛ්‍යා වෙනස / X වර්ෂයේ ඡනසංඛ්‍යාව) *100
[සංස්කරණය] 2.1 ජනසංඛ්‍යා වර්ධනයට හේතු
- සාක්ෂරතාවය අඩු මටිටමක පැවතීමග
- දුප්පත්කම ඉහළයාමග
- සංස්කෘතිකමය සාධක.
- ආගමික බලපෑම.
- උපත්පාලන ක්‍රම භාවිතය නොකිරීමග
[සංස්කරණය] 2.2 ලොක ජනසංඛ්‍යා වර්ධනය.
පහත සඳහන් අංක 1 වගුවේ දැක්වෙන ආකාරයෙන් ලෝක ඡනසංඛ්‍යාව වර්ධනයවි ඇත. එහි සඳහන් පරිදි ක්‍රි.පු 8000 දි ලෝක ඡනසංඛ්‍යා වර්ධන වේගය 0.0015% ක් වු අතර වර්ෂ 2000 වන විට 1% දක්වා වැඩිවී ඇත. 2007 වන විට ලෝක ඡනසංඛ්‍යා වර්ධන වේගය 1.2% කි. මේ අනුව ලෝක ඡනසංඛ්‍යා වර්ධන වේගය වැඩි වෙත්ම ඡනසංඛ්‍යාවෙ ප්‍රමාණයද වර්ධනයවේ.
අංක 1 වගුව• ලෝක ඡනසංඛ්‍යාව වර්ධනය වු ආකාරය.
| කාලය | ඡනසංඛ්‍යාව මිලියන | වාර්ෂික වර්ධන අනුපාතය % |
|---|---|---|
| ක්‍රි . පු 8000 | 10 | 0.0015 |
| ක්‍රි . ව 1 | 120 | 0.015 |
| ක්‍රි . ව 1500 | 280 | 0.006 |
| ක්‍රි . ව 1650 | 520 | 0.04 |
| ක්‍රි . ව 1750 | 730 | 0.03 |
| ක්‍රි . ව 1800 | 890 | 0.04 |
| ක්‍රි . ව 1850 | 1170 | 0.05 |
| ක්‍රි . ව 1900 | 1670 | 0.07 |
| ක්‍රි . ව 1950 | 2500 | 0.7 |
| ක්‍රි . ව 1975 | 4150 | 1.9 |
| ක්‍රි . ව 1995 | 5800 | 1.7 |
| ක්‍රි . ව 2000 | 6100 | 1 |
| ක්‍රි . ව 2005 | 6500 | 1.2 |
මූලාශ්‍රය•- http:// education.yahoo.com/reference/dictionary/entry/population
ඉහත අංක 1 වගුව මඟින් ලෝක ඡනසංඛ්‍යාව වර්ධනය වු ආකාරය හඳුනාගත හැක. එහි දැක්වෙන පරිදි 1900 සිට 2000 දක්වා ඡනසංඛ්‍යාවේ ප්‍රමාණය වේගවත් ලෙස වර්ධනයවී ඇත.
අංක 1. සිතියම ලොක ජනසංණ්‍යා වර්ධනය.
නමුත් ලෝකයේ රටවල් අනුව ඡනසංඛ්‍යා වර්ධනයේ වෙනස්කම් හඳුනාගත හැක. පහත අංක 2 වගුවේ දැක්වෙන ආකාරයට පකිස්ථානයේ ඉහළ ඡනසංඛ්‍යාව වර්ධනයක් පවතින අතර කසකස්ථානයේ අඩු ඡනසංඛ්‍යාව වර්ධනයක් දක්නට ලැබේ. ශ්‍රි ලංකාවේ 1.2% ප්‍රසස්ත ඡනසංඛ්‍යා වර්ධනයක් දක්නට ලැබේ.
අංක 2 වගුව• රටවල් කිහිපයක ඡනසංඛ්‍යා වර්ධනයන් (1980-1996).
| රට | 1980 | 1985 | 1990 | 1994 | 1995 | 1996 |
|---|---|---|---|---|---|---|
| ච්නය | 1.3 | 1.5 | 1.7 | 1 | 1.1 | 0.9 |
| මොංගෝලියාව | 2.5 | 2.5 | 1.8 | 1.7 | 1.5 | 1.8 |
| පකිස්ථානය | 3 | 3.2 | 3 | 3 | 3 | 3 |
| තායිලන්තය | 2.8 | 1.9 | 1.1 | 1.2 | 1.2 | 1.1 |
| ශ්‍රී ලංකාව | 1.9 | 1.8 | 1 | 1.4 | 1.4 | 1.2 |
| කසකස්තානය | - 1.1 | 0.8 | -0.5 | -0.2 | -0.1 |
මුලාශ්‍රය:Statistical Indicators for Asia and The Pacific United Nation 1998
[සංස්කරණය] 2.3 ශ්‍රි ලංකාවේ ජනසංඛ්‍යා වර්ධනය.
ශ්‍රි ලංකාවේ 1871 පවත්වන ලඳ පළවන ඡනසංගනනයෙන් පසුව ඡනසංඛ්‍යා වර්ධන පිළිබඳ දත්ත ලබාගතහැකිවේ. පහත අංක 1 ප්‍රස්තාරයේ දැක්වෙන ආකාරයට 1881 සිට 1963 දක්වා ඡනසංඛ්‍යා වර්ධනය ක්‍රමිකව සිදූවී ඇත. නමුත් 1963 න් පසුව ඡනසංඛ්‍යා වර්ධන අනුපාතය ක්‍රමයෙන් අඩුවී 2001 වනවිට 1.2% දක්වා අඩුවී ඇත.
අංක 1 ප්‍රස්තාරය• ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යා වර්ධනය.
වර්ෂ 2001 වනවිට සමස්ත ශ්‍රි ලංකාවේම ඡනසංඛ්‍යා වර්ධන අනුපාතය 1.2 ක් වුවද එය දිස්ත්‍රික්ක අනුව වෙනස් වන ආකාරය පහත අංක 3.2 ප්‍රස්තාරය මඟින් දක්වා ඇත. එහි දැක්වෙන ආකාරයට ගම්පහ දිස්ත්‍රික්කයේ 1.9% ක ඡනසංඛ්‍යා වර්ධන වේගයක් හඳුනාගත හැක. සෙසු දස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ අභ්‍යන්තර ශුද්ධ සංක්‍රමණය +12.1 වීම ඡනසංඛ්‍යා වර්ධනයට හේතුවේ.
මූලාශය:-Statistical Abstract , Department of Sensus and Statistice.1997
අංක 2 ප්‍රස්තාරය• ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක අනුව ඡනසංඛ්‍යා වර්ධනය 1981-2001.
මුලාශ්‍රය: ද සිල්වා ඉන්ද්‍රලාල්. ඡනගහන අධ්‍යනය 2004 පිටු 183.
ඡනසංඛ්‍යා වර්ධනය පිළිබඳව මහා චාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා විසින් වර්ෂ 2004 දි ශ්‍රි ලංකාවේ ප්‍රඡාවිද්‍යා උපනතීන් හා දේශපාලන ප්‍රචන්ඩත්වය යනුවෙන් කර ඇති අධ්‍යනය තුළින් ඡනසංඛ්‍යාවේ ව්‍යුහය හා ව්‍යාප්තිය සොයාබැලීම ප්‍රධාන අරමුණු විය. ද්විතීක දත්ත භාවිතයෙන් සිදූකරණු ලැබු මෙම අධ්‍යනයේදි ඡනසංඛ්‍යා වර්ධන වේගය අඩුවී ඇති බව මොහු පෙන්වාදි ඇත.
1960 දි බී.ටී පණඩිතරත්න විසින් ශ්‍රි ලංකාවේ 1824-1954 කාලය තුළ ඡනසංඛ්‍යා වර්ධන වේගය හා ඡනඝනත්වය පිළිිබඳව සිදූකරණුලැබු අධ්‍යනය මඟින් ඡනසංඛ්‍යාවේ ප්‍රමාණාත්මක වර්ධනයක් සිදූව පවතින බව පෙන්වාදි ඇත.
වර්ෂ 2002 ඡුලි මස නිකූත්කළ Sri Lanka Journal of population studies කෘතියේ Demography Trends and Political violence in Sri Lanka ලිපියෙහි අංක 31-37 පිටුවල ගාමිණි සමරණායක විසින් ඡනසංඛ්‍යා වර්ධනය පිළිබඳ විස්තරාත්මකව විමර්ෂණයක් සිදූකර ඇත. ඒ තුළින් පෙන්වාදි ඇත්තේ ශ්‍රි ලංකාවේ සංක්‍රමණ රටාව හා ඡාතීන් අනුව ඡනසංඛ්‍යා වර්ධනයවි ඇති ආකාරයයි. එසේම 1940 සිට 1970 අතර කාලය තුළ ඡනසංඛ්‍යාවේ සිදූව ඇති වර්ධනය පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දක්වා ඇත.
නිමල් දෙනුගල විසින් 1998 පෙබරරවාරි මස නිකුත් කළ Lanka Journal of population studies කෘතියේ Controlling Population Growth in Sri Lanka ලිපිය මඟින් ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යා වර්ධනය පාලනය හා ඊට ගත යුතු පියවරයන් පිළිබඳව සඳහන්කර ඇත. ඒ.ටී.පී එල් අබේකෝන් විසින් වර්ෂ 2001දි Lanka Journal of population studies කෘතියේ පළ කළ Demography Trends Among Major Ethnic Groups in Sri Lanka යනුවෙන් ඉදිරිපත් කළ ලිපියෙහි ශ්‍රි ලංකාවේ ප්‍රඡාවිද්‍යා උපනතීන් ඡනසංඛ්‍යා වර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමුකර ඇත.ජනසංඛ්‍යා වර්ධනය පිළිබද වැඩි දුර තොරතුරැ මෙම ලිපි මගින් හදුනාගත හැක.
මේතෙක් කථා කළ කරුණු අනුව ලෝකයේ හා ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යා වර්ධනයන් හා ඒ පිළිබඳව සිදූකර ඇති අධ්‍යනයන් මඟින් ඡනසංඛ්‍යාව ක්‍රමිකව වර්ධනය වන බව හඳුනාගත හැක.
[සංස්කරණය] 3. ඡනසංඛ්‍යා වර්ධනය හඳුනාගැනීමට යොදාගතහැකි ආකෘති න්‍යායන් හා ආදර්ශක.
කාලීනව සිදූවන ඡනසංඛ්‍යා වර්ධනය හඳුනාගැනීම සඳහා මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිලවා විසින් 2004 දි ප්‍රකාශනය කළ ඡනගහන අධ්‍යනය කෘතිය මඟින් පෙන්වාදි ඇත. එහි දැක්වෙන ආකාරයට ඡනසංඛ්‍යා වර්ධන ආකෘතීන් තුනක් ඇසුරින් ඡනසංඛ්‍යා වර්ධනය හා ප්‍රමාණය හඳුනාගතහැක.
[සංස්කරණය] 3.1 ආකෘති.
1 සමාන්තර වර්ධන ආකෘතිය.
යම් කාල සීමාවක ඇරබුමේ සිට එහි අවසානය දක්වා සෑම වර්ෂයකදීම නියත සංඛ්‍යාවක් යටතේ සමාන්තර ශ්‍රෙණියක ආකාරයෙන් ඡනසංඛ්‍යා වර්ධනය වීමය. පහත සුතය මඟින් එය ගණනය කරණු ලබයි.
PT = PO (1+r n)
2 ගූණෝත්තර වර්ධන ආකෘතිය.
යම් කාලසීමාවක ඇරබුමේ සිට එහි අවසානය දක්වා සෑම වර්ෂයකදීම නියත සංඛ්‍යාවක් යටතේ ගූණෝත්තර ශ්‍රෙණියක ආකාරයෙන් ඡනසංඛ්‍යා වර්ධනය වීමය. පහත සුතය මඟින් එය ගණනය කරණු ලබයි.
PT = PO (1+r n)n ඉහත සුත්‍රයට අනුව ඡන ගහනය ක්‍රමයෙන් විශාලවශයෙන් වර්ධනයවේ.
3. ඝාතීය වර්ධන ආකෘතිය.
යම් කාලසීමාවක ඇරබුමේ සිට එහි අවසානය දක්වා සෑම වර්ෂයකදීම නියත සංඛ්‍යාවක් යටතේ ඝාතීය ආකාරයෙන් ඡනසංඛ්‍යා වර්ධනය වීමය. පහත සුත්‍රය මගින් එය ගණනය කරණු ලබයි.
Pt = Poern
- Po= අදාළ කාල පරිච්ඡෙදයේ ආරම්භයේ සිටින ඡනසංඛ්‍යාව
- Pt= අදාළ කාල පරිච්ඡෙදය අවසානයේ සිටියයුතු ඡනසංඛ්‍යාව
- r= ඡනගහන වර්ධන වේගය.
- n=අදාල කාලය.(වර්ෂවලින්)
- e= නියතයකි (ස්වාභාවික ලඝුවල පාද අගය)
මෙම ආකෘතීන් මඟින් ඡනසංඛ්‍යා වර්ධනයවන ආකාරය හඳුනාගතහැක. එය රටේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වැඳගත්වේ.
[සංස්කරණය] 3.2. න්‍යායන්.
රටක හො ප්‍රදේශයක ඡනසංඛ්‍යාව වෙනස්වන ආකාරය 1945 දි ෆ්‍රෑන්ක් නොටෙස්ට්න් විසින් ප්‍රඡාවිද්‍යා සංක්‍රාන්ති න්‍යාය මඟින් පෙන්වාදි ඇත. එහිදි ඡනසංඛ්‍යා වෙනසට බලපානුලබන සඵළතාවය හා මර්ත්‍යතිවය පාදකකරගනිමින් මෙය නිර්මාණයකර ඇත. "ඉදූවර" භුගෝල විද්‍යාත්මක පර්යේෂණ ලේඛන සංග්‍රයට පුෂපිකා මාසකෝරාල විසින් "ඡනගහන සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති න්‍යායන් හා ආකෘතීන් පිළිකඳව විවේචනාත්මක විග්‍රහයක් " ලිපිය මඟින් ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යා වර්ධනය ප්‍රඡාවිද්‍යා සංක්‍රාන්ති න්‍යාය මඟින් පෙන්වාදි ඇත.
අංක 1 රූප සටහන: ශ්‍රි ලංකාවේ ප්‍රඡාවිද්‍යා සංක්‍රාන්ති න්‍යාය.
මුලාශය: භූගොල විද්‍යා තොරතුරු සඟරාව 1998 ඡුනි
ඉහත අංක රූපසටහනින් දැක්වෙන ආකාරයට තුන්වන අවස්ථාවේ A කාණ්ඩයට ශ්‍රි ලංකාව අයත්වේ. ඒ අනුව 1871 සිට 2000 වන විට උපත් අනුපාතය 30 සිට 17 දක්වාද මරණ අනුපාතය 37 සිට 5.8 දක්වා අඩුවී ඇත. මේ ආකාරයේ සිදූවු වෙනස සංවර්ධිත රටවල සිදූවු ආකාරයෙන් සිදූවී ඇත. මානව සංවර්ධන දර්ශකයේ 81 වන ස්ථානයේ පසුවන ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යා වර්ධනය සතූටුදායක මට්ටමක පවතින බව පෙන්වාදි ඇත. මෙවැනි අවස්ථාවක රටේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්ම කිරීමට යෝග්‍යවේ. නමුත් රටේ පළාත් අනුව දිස්ත්‍රික්ක අනුව හෝ ප්‍රදේශීය ලේකම් කෙට්ඨාස අනුව මෙම රටාවේ වෙනසක් හඳුනාගතහැකිවේ.
[සංස්කරණය] 3.3.ආදර්ශක.
ආදර්ශක් යනු යමක් පහසුවෙන් හඳුනාගැනීම සඳහා සංකීර්ණ සැලැස්ම සරල ආකාරයට ගෙන නිර්මාණය කරණු ලබන අනුරුවකි. යථා ලෝකයේ සංකීර්ණත්වය තේරුම්ගැනීම සඳහා එය සරල මට්ටමට ගෙනආ යුතුය. උදා : ශ්‍රි ලංකාවේ දැවැන්ත ව්‍යාපාරයක් වන මහවැලි සංවර්ධන ව්‍යාපාරය ඉතාම සරළ මට්ටමින් ගෙන කිසියම් සැළසුමකට අනුව ආදර්ශකයක් ගොඩනගා ඒ අනුව සංකීර්ණ මට්ටම දක්වා නිර්මාණය කර ඇත. මෙය තර්කානුකූලව ඉදිරිපත්කිරීම සඳහා සරළ මට්ටමට උපකල්පන රාශියක් අන්තර්ගතකර අක අතර එම උපකල්පන ලිහිල් කිරීම තූළ සැබෑ ලෝකයේ සංකීර්ණත්වය අවබොධකරගත හැක. භුගෝල විද්‍යාවේ හරය වශයෙන් ක්ෂත්‍රය වැදගත්වේ. ක්ෂත්‍රයේ යම් යම් සංරචක අධ්‍යනය කිරීම පිහිටීම් ආදර්ශක වශයෙන් සරළව අදහස්වේ.
1 බර්ගස් ආදර්ශකය.
පහත අංක 3.4 රූපසටහනින් පෙන්වා දෙන අකාරයට මධ්‍ය ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ සිට ඡනසංඛ්‍යාව ක්‍රමයේන් අඩුවන බව පෙන්වාදි ඇත. අංක 3.4 රූපසටහන: බර්ගස් ආදර්ශකය. මධ්‍ය ව්‍යවාපාරික දිස්ත්‍රික්කය
[සංස්කරණය] 4.මුලාශ්‍ර
- ද සිල්වා අයි 2004 ජනගහන අධ්‍යානය
- දික්වැල්ල රංජිත් 2003 ශ්‍රි ලංකාවි ප්‍රාදේශීය සංවර්ධනයේ පරිපාලනය,අිරිය ප්‍රකාශකයෝ වරකාපොළ.
- Peterson W. 1995, Population Co.lnc.New York.
- Category:People
- http://images.google.lk/images?hl=si&q=population+growth&btnG
[සංස්කරණය] 5.වැඩි දුර කියවීම සදහා
- ශ්‍රි ලංකාවේ ප්‍රඡා ව්ද්‍යා උපනතීන් හා දෙශපාලන ප්‍රචන්ඩත්වය මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා 2004
(ශ්‍රි ලංකාවේ ඡනසංඛ්‍යාවේ ව්‍යාප්තිය හා ව්‍යුහය හඳුනාගැනීම)
- Population Growth and Increase බී.ටි පණ්ඩිතරත්න 1960 "ශ්‍රි ලංකාවේ 1824-1954 කාලය තුල ඡනසංඛ්‍යා වර්ධන වේගය හා ව්‍යාප්තිය හමීනාගැනීම"
( ද්විතීක දත්ත භාවිතාකර ඇති රතර 1824-1554 කාලය තුල ඡනසංඛ්‍යාව ප්‍රමාණාත්මකව වර්ධනයව්ම හා ක්ෂේත්‍රිය විෂමතාවන් විග්‍රහකර ඇත)