චූලවංශය
| මෙම ලිපිය බුදු දහම හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
|
බුදුරජාණන් වහන්සේ |
|
මූලික සංකල්ප |
|
|
චූලවංශය යනු සිංහලේ රාජාවලිය ගැන පාලි භාෂාවෙන් ලියැවුන ඓතිහාසික වාර්තාවකි. මෙයින් සිව්වන (4) ශතවර්ෂයේ සිට 1815 දක්වා වූ කාලය ආවර්ණය වේ.
චූලවංශය, සිංහල බෞද්ධ භික්ෂූන් විසින් වසර ගණනාවක් මුළුල්ලේ සංස්කරණය කරන ලද්දකි වන අතර මෙය හයවන (6) සියවසේ මහානාම හිමියන් විසින් රචිත මහාවංශයේ, දෙවන කොටස ලෙසද සැලකනු ලබයි. එසේම සමහර අවස්ථා වලදී මහාවංශය සහ චූලවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වසර දෙදහසකට (2000) වඩා වැඩි කාලයක් ගැන විස්තර කෙරෙන එකම (මහාවංශය යන නමින්ම) ග්‍රන්ථයක් ලෙසද සලකනු ලබයි.
චූලවංශය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙයි. එහි මුල් කොටස සිව් වන (4) සියවසේ සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේගේ දන්ත ධාතුව ලක්දිවට වැඩමවීමෙන් ආරම්භ වී මහා පරාක්‍රමබාහු රජුගේ (1153-1186) රාජ්‍ය කාලයෙන් අවසන් වෙයි.