චීන-සෝවියට් බෙදීම

විකිපීඩියා වෙතින්
A balding Russian man (Nikita Kruschev) and a younger Chinese man (Mao Zedong) sit and smile, the balding man holding a fan
සභාපති මා ඕ සේතුං සහ අගමැති නිකිතා කෘෂෙෆ්, ප්‍රසිද්ධයේ ජාත්‍යන්තර මිතුරන් වුවද, පෞද්ගලික වශයෙන් මතවාදීය පසමිතුරෝ වූහ. (චයිනා, 1958).
චීන-සෝවියට් බෙදීම
චීන නම
සාම්ප්‍රදායික චීන 中蘇交惡
සරල චීන 中苏交恶
රුසියානු නම
රුසියානු Советско–китайский раскол
රෝමානුකෘත කිරීම Sovietsko–kitayskiy raskol

චීන-සෝවියට් බෙදීම (1960–1989) යනු, සීතල යුද්ධය අතරතුර, චීන මහජන සමූහාණ්ඩුව (චීමස) සහ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය (සෝසසස) අතර දේශපාලන සහ මතවාදීය සම්බන්ධතාවයන් නරක අතට හැරීමයි. 1960 ගණන් වලදී, ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් වූයේ, චීනය සහ සෝවියට් සංගමය විය. මෙම මතවාදී අපසරණය ව්‍යුත්පන්න වූයේ, චීන හා රුසියානු ජාතික අභිරුචියන් තුලින් සහ, රජයනයන් විසින් මාක්ස්වාදය අර්ථ නිරූපණය කළ, පිළිවෙලින් මාවෝවාදය සහ මාක්ස්වාදය–ලෙනින්වාදය නම්වූ, ස්වකීයවූ ආකාරයන් නිසාය.

1950 ගණන් සහ 1960 ගණන් වලදී, රුසියානු සහ චීන කොමියුනිස්ට් පක්ෂ අතර මතවාදී විවාදය අතරතුර, ධනවාදී බටහිර හා සමගින් සාමකාමී සහජීවනයෙහි පැවතීමෙහි හැකියාවද සලකා බැලිනි.

"https://si.wikipedia.org/w/index.php?title=චීන-සෝවියට්_බෙදීම&oldid=305197" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි