චිත්‍රය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
චිත්‍රය යනු ද්විමාන මාධ්‍යයෙන් එළි දැක්වෙන දෘශ්‍ය කලාවක් වන අතර එයට විවිධ මාධ්‍ය භාවිතකර - නිර්මාණය කළ හැක. බහුලව යොදාගන්නේ මිනිරන් පැන්සල්, පෑන් හා තීන්ත , තීන්ත පෙඟ වූ පින්සල්, පාට පැන්සල් , පාට හුණු කූරු, අඟුරු, හුණු කූරු,පැස්ටල්, පන්හිඳ හෝ රිදී කුඩු විධික්‍රමය වැනි විවිධ මාධ්‍යයි. චිත්‍රකරණයේ නියුතු ශිල්පියෙකු සැලසුම්කරුවෙකුට සමාන කළ හැකිය. චිත්‍ර ඇඳීමට යොදා ගන්නා මාධ්‍ය බොහෝ ප්‍රමාණයක් තිබුණද චිත්‍ර ඇඳීමට යොදාගන්නා පෘෂ්ඨ ඇත්තේ ස්වල්පයකි. බොහෝ විට කඩදාසි බහුලව යොදා ගත්තද කාර්ඩ්බෝර්ඩ්, ප්ලාස්ටික්, ලෙදර්, කැන්වස් හෝ පුවරු යොදා ගනිමින්ද චිත්‍ර අඳී. මේ වන විට ක්‍රරුටු චිත්‍රවලටද විශාල ජනප්‍රිය තාවක් ලැබී ඇති අතර එයට හේතු වී ඇත්තේ පර්මනන්ට් මාකර් [ Permanent Markers] බහුල වීමයි.