චාල්ස් ඇන්තනී සේනාංකය

විකිපීඩියා වෙතින්
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ
චාල්ස් ඇන්තනී සේනාංකය
Participant in ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය
Leadersබාලසේගරම් කන්දයියා, ලුතිනන් කර්නල් අමුතාබ්, ලුතිනන් කර්නල් ගෝබිත්

චාල්ස් ඇන්තනී සේනාංකය[1] යනු, දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සවිධානයේ මුල්ම ගතානුගතික සටන් කණ්ඩායම වෙයි. 1991 අප්‍රේල් 10 දිනදී එය ඇරඹුනු අතර, කර්නල් බල්රාජ් යටතේ මූලික පුහුණුව ලබා දෙන ලදි. මෙය, දෙමළ කොටි සංවිධානයේ පැරණිම සහ අතිශයින් පුහුණු කරන ලද පාබළ ඒකක අතුරින් එකක් වෙයි. ශ්‍රී ලාංකික යුද්ධ හමුදාවට (SLA) එරෙහිව සටන් කෙරුණු ජයසිකුරු මෙහෙයුම, මුලතිවු සටන[බහුරුත්හරණය අවශ්‍යයි], කිලිනොච්චි සටන සහ දෙවන අලිමංකඩ සටන ආදි බොහෝ ගතානුගතික සටන් සඳහා එය සහභාගී වී ඇත. [2]

අලිමංකඩ බිඳ වැටීමත් හා සමගම, සංකීර්ණ හමුදාමය යුද්ධ අභ්‍යාසන්හි නිරතවිය හැකි එකම රාජ්‍ය-නොවන හමුදාමය බලකාය බවට කොටි සංවිධානය පත් කිරීමට චාල්ස් ඇන්තනී සේනාංකය විසින් සමත් වූ බවට හමුදා විශ්ලේෂකයෝ පැවසූහ. [2] 2000 වසරෙහි අප්‍රේල් මාසයේදී දෙමළ කොටි සංවිධානය විසින් අලිමංකඩ කඳවුර අත්පත් කර ගැනුමට මාස කිහිපයකට පෙර එම ආරක්ෂක බලකොටුව වෙත පැමිණි එජ යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් පවසා තිබුණේ එය "බිඳ හෙළිය නොහැකි" බවකි.[2]

ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙතින් බිහිවූ චාල්ස් ලූකස් ඇන්තනී නමැත්තා, දෙඊවිකො සංවිධානයේ නායකව සිටි වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සඹිපතම සහායෙකුව සිටි අතර, 1983 ජූලි 15 දිනදී මේසාලෙයිදී ශ්‍රී ලාංකික යුද්ධ හමුදා සොල්දාදුවන් හා සමගින් ඇතිවූ දැඩි සටනකින් පසුව මිය ගියේය. ඔහුගේ සමීප මිතුරාට උපහාර වශයෙන්, ප්‍රභාකරන් විසින් චාල්ස් ඇන්තනී සේනාංකය නම් කෙරිණි.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චාල්ස්_ඇන්තනී_සේනාංකය&oldid=305209" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි