චන්ද්‍ර මාස ක්‍රමය

විකිපීඩියා වෙතින්

සාමාන්‍ය අවුරුද්දකට මාස 12කි. සිංහල මාස සඳෙහි තිථියට අනුව පොහොය ලැබීම සහ පොහොය ගෙවීම ලෙස චන්ද්‍ර මාස පිරීමෙන් සකසයි .අමාවක දින සිට ගැණෙන පළමු දිනයේ සිට ගණනය කෙරේ . අමාවක දින යනු සඳ නොපෙනෙන දිනයයි. එයින් පැමිණෙන පළමු දිනයේ සිට සඳ පිරෙන කාලය පුර පක්ෂයයි. පෑළවිය යනු චන්ද්‍රයාගේ කුඩා තීරුවක් පමණක් පෙනෙන දිනයයි. එමෙන්ම දින 30 ඇතුලත පුර පක්ෂයෙන් දෙකක්ද අව පක්ෂයෙන් දෙකක්ද ලෙස පොහොය හතරක් යෙදේ. මෙය "සතර පෝය" ලෙස හැදින්වේ. එනම් "පුර අටවක", "පුර පසළොස්වක","අව අටවක" සහ "අව අමාවක" ලෙසයි.මෙය චන්ද්‍ර මාස ක්‍රමයයි

තිථි[සංස්කරණය]

පුර පක්ෂය[සංස්කරණය]

  • පුර පෑළවිය – 1 දිනය -(පෝය පුරන දිනය)
  • පුර දියවක – 2 දිනය
  • පුර තියවක – 3 දිනය
  • පුර ජලවක – 4 දිනය
  • පුර විසේනිය – 5 දිනය
  • පුර සැටවක – 6 දිනය
  • පුර සතවක – 7 දිනය
  • පුර අටවක – 8 දිනය – මෙය පොහොය දිනයකි
  • පුර නවවක – 9 දිනය
  • පුර දසවක – 10 දිනය
  • පුර එකොළොස්වක – 11 දිනය
  • පුර දොළොස්වක – 12 දිනය
  • පුර තෙළෙස්වක – 13 දිනය
  • පුර තුදුස්වක – 14 දිනය
  • පුර පසළොස්වක – 15නි දිනය – මෙයද පොහොය දිනයකි (පසොලොස්වක පෝය දිනය)

අව පක්ෂය[සංස්කරණය]

පුර පක්ෂයට පසුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදීලෙස ගැනේ. මෙහි ඇති විශේෂත්වය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් සලකා තිබීමයි.

  • අව පෑළවිය – 16 දිනය -(පෝය පුරන දිනය)
  • අව දියවක – 17 දිනය
  • අව තියවක – 18 දිනය
  • අව ජලවක – 19 දිනය
  • අව විසේනිය – 20 දිනය
  • අව සැටවක – 21 දිනය
  • අව සතවක – 22 දිනය
  • අව අටවක – 23 දිනය – මෙය පොහොය දිනයකි
  • අව නවවක – 24 දිනය
  • අව දසවක – 25 දිනය
  • අව එකොළොස්වක – 26 දිනය
  • අව දොළොස්වක – 27 දිනය
  • අව තෙළෙස්වක – 28 දිනය
  • අව තුදුස්වක – 29 දිනය
  • අවඅමාවක – 30 වන දිනය – මෙයද පොහොය දිනයකි

දිනය ලිවීම[සංස්කරණය]

සිංහල ක්‍රමය[සංස්කරණය]

ශ්‍රී සාලිවාහන ශක වර්ෂ' (අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී සාලිවාහන ශක වර්ෂ 1915 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

බෞද්ධ ක්‍රමය[සංස්කරණය]

ශ්‍රී බුද්ධ වර්ෂ' (සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඉක්මගිය අවුරුද්ද දැක්විය යුතුය)---- වැන්නේ (මාසය දැක්විය යුතුය)----මස (පුර / අව වශයෙන් තිථිය දැක්විය යුතුය )----නම් තිථිය ලත් (දිනය දැක්විය යුතුය)
නිදසුනක් ලෙස "ශ්‍රී බුද්ධ වර්ෂ 2500 වැන්නේ බක් මස පුර සැටවක නම් තිථිය ලත් කිවිදා"

මාස 12[සංස්කරණය]

සිංහල ක්‍රමයට වසර බක් මාසයෙන් ඇරඹේ.
බෞද්ධ ක්‍රමයට වෙසක් මාසයෙන් ඇරඹේ.

බක්[සංස්කරණය]

භක්තිමත් මාසය නමින් හැඳින්වෙන මේ මාසය තුළ අලුත් සහල් මංගල්‍යය, මුට්ටි මංගල්‍යය හා කෝණ මංගල්‍යය (හෙවත් සිංහල, හින්දු අවුරුදු උත්සවය) ආදිය පැවැත්විණි. බක්මී මල් හා එරබදු මල් පිපෙන සමයද වේ.

වෙසක්[සංස්කරණය]

වෙසක් මාසය බෞද්ධයන්ගේ මංගල මාසයකි.මෙම කාලයට බෞද්ධයන් තෙමඟුල සිහි කිරීමට වෙසක් තොරණ්,පහන් කූඩු වැනි දෑ සකකස් කර ප්‍රදර්ශණය කරනු ලබයි.,දන්සල් දෙමින්, සිල් රකිමින් බොහෝ දනා මෙය මහත් ඉහළින් සමරනු ලබයි. මෙම මාසය බෞද්ධයන්ට වැදගත් වනුයේ ,

බුදුරජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවීම ,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවීම.දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.බුද්ධත්වයෙන් අටවන වසරේදි කැළණියට වැඩමකිරීම. මෙය බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකාගමනයයි. පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.විජය කුමරු ලක්දිවට පැමිණීම.ධර්මාශෝක රජු විසින් තිළිණ කොට එවන ලද පංච කකුධ භාණ්ඩ සහිතව (සිංහාසනය, කඩුව, හක් ගෙඩිය, මිරිවැඩි සඟල, ඔටුන්න) දෙවන පෑතිස් රජු දෙවන අභිෂේකය ලැබීම.අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම. ආනන්ද හිමියන් පිරිනිවන් පෑම. මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම. වෙසක් මාසය බොහොම වැදගත් මාසයකි.

පොසොන්[සංස්කරණය]

පස්සොන කාලය ,කරල්වලින් බීජ වෙන්කරන කාලය

ඇසල[සංස්කරණය]

ඇහැළ මල් පිපෙන මාසය

නිකිණි[සංස්කරණය]

නිකිණිය යන්නෙහි අර්ථය ඉඩෝරය යන්නයි.මෙම කාලයේදි වර්ශාව අඩු වීමත් ඉඩෝර වැනි තත්ව ඇති වීමත් මෙම මාසයට නිකිණි යන නාමය ලැබී තිබේ.

බිනර[සංස්කරණය]

බිනර මල් පිපෙන මාසය

වප්[සංස්කරණය]

වපුරන කාලය

ඉල්[සංස්කරණය]

මෙය සිල් මාසය ලෙස හදුන්වයි. කඨින පිංකම මෙම මාසයේ පවත්වයි. ස්වාමීන්වහන්සේලා වස් වසන මාසයයි. සිල් මාසය යන්න ඉල් මාසය ලෙසද හදුන්වයි. එමෙන්ම මෙකල වර්ෂාව බහුල කාල සමයක් වන අතර හීල් සුළඟ සහිත වර්ෂාවද බහුල වේ. මෙම හීල් යන පදය ඉල් ලෙසද හඳුන්වනු ලැබේ.

උඳුවප්[සංස්කරණය]

උඳු වපුරන කාලය

දුරුතු[සංස්කරණය]

ගස්වල කොළ අතු දුරු වෙන කාලය "දුරුතු"

නවම්[සංස්කරණය]

නව අංකුර එන කාලය "නවම්" ( නැවුම් මාසය)

මැදින්[සංස්කරණය]

මැදින් රිකිලි එන කාලය "මැදින්"

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_මාස_ක්‍රමය&oldid=513213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි