ගෝල අකුණ

විකිපීඩියා වෙතින්
1901 වසරෙහිදී නිර්මිත ගෝල අකුණුගැසීමක සංවර්ණනයක්

ගෝල අකුණු තවමත් පැහැදිලි කර ගෙන නොමැති වායුගෝලීය විදුලිමය ප්‍රපංචයකි. මෙම පදයෙන් හැඳින්වෙන්නේ, කඩල ඇට ප්‍රමාණයෙහි සිට මිටර කිහිපයක විෂ්කම්භයක් තරම් ප්‍රමාණයක් දක්වා විශාලත්වය විචල්‍යය වන්නාවූ සහ සාමාන්‍යයෙන් ගෝලීය හැඩයක් ගන්නාවූ, දීප්තිමත් වස්තූන් පිළිබඳ වාර්තා වෙති. සාමාන්‍යයෙන් අකුණු කුණාටු ආශ්‍රිතව මෙය සිදුවුවද, අකුණු හෙණ පහරක් පවතින්නාවූ තත්පරයෙන් පංගුවක කාලයට වඩා බෙහෙවින් විශාල කාලයක් පුරා පවතියි. විටෙක මරණීය ප්‍රතිවිපාද සහිතව, ගෙන්දගම් ගඳ ඉතිරිකරමින්, මෙම ගෝලය අත්‍යන්තයේ පුපරා යන බව, බොහෝ මුල් වාර්තා වල සඳහන් විය .[1][2]

ලොව පුරා බොහෝ දර්ශනය වීම් වාර්තාගතව තිබුණද, 1960 ගණන් වන තුරුම, බොහෝ විද්‍යාඥයින් තර්ක කලේ, ගෝල අකුණු යනු ස්වභාවික ප්‍රපංචයක් නොවන බවකි. [3] විද්‍යාගාර පරික්ෂණ තුලින් ගෝල අකුණු වාර්තා වලට දෘශ්‍ය ලෙසින් සදෘශ්‍ය ආචරණ නිපැයිය හැකිව තිබූ මුත්, ස්වභාවිත ප්‍රපංචයන්ට ඒවා කෙතරම් බන්ධුතාවයක් දැක්වූවාද යන්න තවමත් පැසැදිලි නොමැත.

ඒවා කලාතුරකින් සිදුවීම හා පුරෝකථනය කල නොහැකි වීම නිසා ගෝල අකුණු පිළිබඳ විද්‍යාත්මක දත්ත බෙහෙවින් විරලය. එහි පැවැත්ම පිළිබඳ පූර්ව නිගමනයන් පදනම්ව ඇත්තේ, දර්ශනය වීම පිළිබඳ මහජන වාර්තා මත වන අතර, එබැවින්ම තරමක් පටහැකි අදිගමනයන් සපයා ඇත. මෙම පටහැනි භාවය සහ විශ්වසනීය දත්ත විරල වීම සැලකිල්ලට ගත් කල, ගෝල අකුණු වල නියම ස්වභාවය පිළිබඳ අප තවමත් නොදනිමු.[4] ගෝල අකුණක් යැයි පෙනෙන සිදුවීමක පළමුතම දෘශ්‍ය වර්ණාවලිය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2014 ජනවාරි මසදී වන අතර, එයට උච්ච රාමු සීඝ්‍රතාවයක සදෘශ්‍යයක් සහ වර්ණාවලී දර්ශක දත්තද අඩංගු විය.[5][6]

සටහන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Rowe1905 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Day1813 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. හවු ස්ටෆ් වර්ක්ස් එන්ට්‍රි. සම්ප්‍රවේශය 21 ජන 2014.
  4. ඇනා සල්ලේ (2008-03-20). "බෝල් ලයිට්නිං බැම්බූසල්ස් ෆිසිසිට්". 35.2772;149.1292: Abc.net.au. සම්ප්‍රවේශය 2014-01-21.{{cite web}}: CS1 maint: location (link)
  5. සෙන්, ජියංයොං; යිවාන්, පිං; සියු, සර්මිං (17 ජනවාරි 2014). "ඔබ්සර්වේෂන් ඍෆ් ද ඔප්ටිකල් ඇන්ඩ් ස්පෙක්ට්‍රල් කැරැක්ටරිසිටික්ස් ඔෆ් බෝල් ලයිට්නිං". ෆිසිකල් රිවිව් ලෙටර්ස්. ඇමරිකන් ෆිසිකල් සොසයිටි. 112 (035001). සම්ප්‍රවේශය 19 ජනවාරි2014. {{cite journal}}: Check date values in: |accessdate= (help)
  6. ඩේලි මේල් පුවත් වාර්තාව. සම්ප්‍රවේශය 21 ජන 2014.
"https://si.wikipedia.org/w/index.php?title=ගෝල_අකුණ&oldid=286439" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි