ගොකුයෙන් ඇලිස්
| ගොකුයෙන් ඇලිස් | |
මිකාන් සකුරා විදහා පාමින් හකුෂේන්සා විසින් පලකල ආකාරයට ගොකුයෙන් ඇලිස් හී පළමු වෙළුමෙහි කවරය. |
|
| 学園アリス (ගොකුයෙන් අරිසු) |
|
|---|---|
| ප්‍රභේදය | Comedy, Supernatural, Romantic |
| Manga | |
| ලියන ලද්දේ | Tachibana Higuchi |
| ප්‍රකාශය නෙරුණේ | Hakusensha |
| ඉංග්‍රීසි ප්‍රකාශක | |
| ජනවිකාසමය | Shōjo |
| සඟරාව | Hana to Yume |
| Original run | 19 February 2003 – ongoing |
| වෙළුම් | 27 |
| TV anime | |
| අධ්‍යක්ෂණය කෙරුණේ | Takahiro Omori |
| සංගීතය සැපයූයේ | Makoto Yoshimori |
| මැදිරිය | Group TAC, Aniplex |
| අවසරය දුන්නේ | |
| ජාලය | NHK BS-2 |
| මුල් ධාවනය | 30 October 2004 – 14 May 2005 |
| කඨාංග | 26 |
| ක්‍රීඩාව | |
| Gakuen Alice ~Doki Doki Fushigi Taiken~ | |
| ප්‍රවර්ධනකරු | Kids Station |
| ප්‍රකාශක | Kids Station |
| ප්‍රභේදය | Adventure |
| ප්‍රමාණනය | CERO: All Ages |
| වේදිකාව | Game Boy Advance |
| නිකුතුවුණි | November 18, 2004 |
| ක්‍රීඩාව | |
| Gakuen Alice ~Kira Kira Memory Kiss~ | |
| ප්‍රවර්ධනකරු | Kids Station |
| ප්‍රකාශක | Kids Station |
| ප්‍රභේදය | Adventure |
| ප්‍රමාණනය | CERO: 12 and up |
| වේදිකාව | PlayStation 2 |
| නිකුතුවුණි | February 10, 2006 |
| ක්‍රීඩාව | |
| Gakuen Alice: Waku Waku Happy Friends | |
| ප්‍රවර්ධනකරු | Kids Station |
| ප්‍රකාශක | Kids Station |
| ප්‍රභේදය | Adventure |
| ප්‍රමාණනය | CERO: All Ages |
| වේදිකාව | Nintendo DS |
| නිකුතුවුණි | April 19, 2007 |
ඇලිස් අධ්‍යාපන පීඨය හෝ ඇලිස් පාසැල ලෙසින්ද හැඳින්වෙන, ගොකුයෙන් ඇලිස් (学園アリス ගොකුයෙන් අරිසු?), යනු ටචිබානා හිගුචි විසින් රචනය කොට සන්නිදර්ශනය කෙරුණු ජපාන මන්ගා කතා මාලාවක් වන අතර, දැනට හනා තු යුමෙ නම් ෂූජො මන්ගා සඟරාවෙහි කොටස් වශයෙන් පල කෙරෙයි.
පටුන |
කථා වස්තුව [සංස්කරණය]
මිකාන් සකුරා යනු ඈත පිටිසර කුඩා නගරයක ජීවත් වන අනාථ දස හැවිරිදි දැරියකි. ඇයගේ අඹ යහළු හොටරු ටෝකියෝහී පිහිටි අද්භූත දේ සඳහා වන පැසැලකට බැඳී ඇය ඉතුරු කරන මුදල් භාවිතා කරන්නේ ඔවුන්ගේ පැසැල වසා දැමීම වැලකීමටය.
මන්ගා හා ඇනිමෙ සමානයන අතර වෙනස්කම් [සංස්කරණය]
ඇනිමෙ කථාංග(කාටුන් කථාව), පළමු මන්ගා (චිත්‍ර කථාව)පරිච්ඡේද 28 ට අනුරූප වන නමුදු සමහරක් සිද්ධි වෙනස් කොට හෝ ඒකාබද්ධ කොට හෝ ඇත.
පසුතලය [සංස්කරණය]
ගොකුයෙන් ඇලිස් පිහිටා ඇත්තේ ටෝකියෝහී කිසියම් ස්ථානයක වන අතර, ඇනිමෙහි දැක්වෙන විශාල ගෝරිල්ලා දැන්වීම් පුවරුවකට ඔබ්බෙනි.
ඇලිස් අධ්‍යාපන පීඨය [සංස්කරණය]
ඇලිස් නම්වූ විශේෂ කුසලතා සහිතව උපන් දරුවන් සඳහා ජපානයේ ටෝකියෝහී පිහිටි පාසැලකි. එවැනි දරුවකු හමුවූ වහාම, එම දරුවා පාසැල වෙත ගෙන ඒමට උත්සාහ දරනු ලැබේ. ගොකුයෙන් ඇලිස් පාසැලෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් උපාධිය ලබන තුරු හෝ ඔවුන් සතු ඇලිස් කුසලතා ගිලිහී යන තුරු හෝ පාසැලෙන් පිට නොවනු ඇත. ඔවුන් හට ලිපි ලිවිමට අවසර ලබා දෙන මුත්, ගොකුයෙන් ඇලිස් පාසැල වෙත එන හා එයින් නික්මෙන ලිපි දැඩි පරික්ෂාවට ලක් වෙයි.පාසැලෙහි උගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් හට මුදල් ගෙවීම පවා පාසැල විසින් සිදු කෙරෙයි.
ඇලිසයන්/බලයන් [සංස්කරණය]
ඇලිස් වර්ග [සංස්කරණය]
1. සැඟවුණු කුසලතා අංශය (潜在能力 සෙන්සයි-නෝර්යුකු?): පාසැල තුල සුලබ ලෙසින් දක්නට ඇති අතර සැඟවුණු කුසලතා ප්‍රාථමික අංශයේ විදුහල්පතිගේ හැකියාවන් සමඟ සම්බන්ධ කර ඇත.මේවා පිළිබඳ තොරතුරු මනා ලෙස ලේඛනගත කොට ඇත. නිදසුන්: ගින්න පාලන කුසලතාව, දුරගමනය,සහ දුරචලනය.
2. කාර්මික කුසලතා අංශය (技術 ගිජුට්සු?): කාර්මික කුසලතා වලින් පෙන්නුම් කරන්නේ ඉවුම්පිහුම් හා චිත්‍ර ඇඳීම වැනි නියත කාර්යයක,තනි ක්‍රියාකාරීත්වයයි.මෙම වර්ගයට අයත් කුසලතා තාක්ෂණ විද්‍යාව හා පර්යේෂණ ක්ෂේත්‍ර මත පදනම් වී ඇත.නිදසුන්:ශාක සංචාලනය, නිපදවීම සහ ඉවුම්පිහුම්
3. ශාරීරික කුසලතා අංශය (体質 ටයිෂිට්සු?): අනෙක් ඒවා මෙන් නොව, මෙම අංශයේ කුසලතා භෞතික වශයෙන්ද විද්‍යාමාන වේ.ශාරීරික කුසලතා ජීවී දේහ (මිනිස්,සත්ත්ව හා අනෙක්)මත පදනම් වී ඇති අතර මේ යටතට අයත් වන්නේ ආකර්ෂණය හා භෞතික හැකියා සම්බන්ධ කුසලතාය.නිදසුන්:සුපිරි වේගය,මිනිසුන්/සතුන් ආකර්ෂණය කර ගැනීම.
4. විශේෂ කුසලතා අංශය (特別能力 ටොකු-රිඔකු?): ඉහත කුසලතා අංශ තුන සමගම නොසැසඳෙන කුසලතා සහිත සිසුන් විශේෂ කුසලතා අංශයට අයත් වේ.ඔවුන්ගේ කුසලතා විවිධාකාර වන අතර මෙම අංශය මනා කුසලතා සම්මිශ්‍රණයකි.නිදසුන්:නිෂ්ප්‍රභා කුසලතාවය,සෙවනැලි සංචාලනය.
5. භයානක කුසලතා අංශය (危険能力 කිකෙන්-නෝර්යුකු?): මෙය විද්‍යාලයේ අමතර අංශයක් ලෙස සැලකෙයි.මෙම අංශයට අයත් කුසලතා ඉතා ප්‍රබල හෝ ඉතා භයානක වන අතර ඒවා විද්‍යාලයට තර්ජනයකි.භයානක කුසලතා අංශය සෙසු අංශයන් කෙරෙන් බොහෝ දුරට වෙනස් වේ.එය සැඟවුණු ගුප්ත අංශයක් ලෙස හැඳින්විය හැක.මෙයට අයත් වන්නේ ද සිසුන් හය දෙනෙකු පමණි.ප්‍රාථමික අංශයේ විදුහල්පති හා ප(ර්)සෝනා විසින් ඔවුන්ව, විද්‍යාලය වෙනුවෙන් රහස් දූත මෙහෙයන් ඉටු කිරීම සඳහා යොදාගනු ලබයි.නිදසුන්:මරණයේ සලකුණ,දුෂ්ට ආත්මයන්ට ආවේෂ වීම,කෘමි පාලන කුසලතාව,ශාප කිරීමේ කුසලතාව. එසේම භයානක සිතිවිලි ස්වභාවයන් සහිත හා සිය සැබෑ ප්‍රතිරූපය නොසලකා හරින සිසුන්ද(නට්සූමේ වැනි)මෙම අංශයට ඇතුළත් කර ඇත.මිකාන් සහ ට්සුබාසා මෙහි නව සාමාජිකයන් වෙති.මිකාන් මෙම කුසලතා අංශයට ඇතුළත් කරන ලද්දේ ප්‍රාථමික අංශයේ විදුහල්පති හට ඇගේ හොරකම් කිරීමේ කුසලතාවයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට වුවද ඇය අනෙක් සිසුන් මෙන් දූත මෙහෙයන්හි යෙදුනේ නැත.
ඇලිස් (කුසලතා) ආකාර [සංස්කරණය]
එක් එක් ඇලිසය ආකාර සතරකින් එකකට අයත් බවට වර්ගීකරණය කර ඇති අතර, ඒවා දක්වා සිටින්නේ පුද්ගලයා තුල එය විද්‍යමාන වන ආකාරයයි. චරිත ප්‍රකාර මේවා වෙනස් වීමටද ඉඩ ඇත.
1. බාලවිය: වැඩිහිටියෙකු බවට දරුවා මෝරා පත්වීම ඇරඹීමත් සමගම කුසලතාවය අතුරුදහන් වෙයි.
2. විසාරී: මෙම ආකාරයේ කුසලතා සෑමවිටෙක ම පවතින නමුත් සාපේක්ෂව අඩු ශක්ති මට්ටමක පවතී.
3. සවිරාම: ඕනෑම විටෙක මෙම කුසලතාවයන් භාවිතයට ගත හැක්කේ කෙටිකාලීනව පමණි.නමුත් සාපේක්ෂව ඉහළ ශක්ති මට්ටමක පවතී.මෙම ආකාරයේ කුසලතා වැඩි වශයෙන් භාවිතයට ගැනීමේදී කුසලතාවෙහි ආයු කාලය අඩු වේ.
4. ආයුෂ අඩු කිරීම:
තරු-වින්‍යාසය [සංස්කරණය]
ශිෂ්‍යයෙකුගේ පාසැල් වැඩ,කුසලතා මට්ටම හා ආකල්පය විමසා බැලීමට අධ්‍යාපන පීඨය විසින් භාවිතා කරන ඇගයීම් ක්‍රමවේදය තරු -වින්‍යාසය ලෙසින් හැඳින්වෙයි.ශිෂ්‍යයෙකුගේ තරු පංතිය කර පටියේ ඇති රන් තරු සංඛ්‍යාව මගින් පෙන්වයි.ඔවුන්ගේ වාසස්ථාන,ආහාර,නිදහස,වගකීම් හා උපාධිය ලැබීමට ඇති දක්ෂතාව මෙමගින් පෙන්නුම් කරයි.
පාලන උපකරණ [සංස්කරණය]
පාලන උපකරණ යනු කිසියම් පුද්ගලයෙතු සඳහා සුවිශේෂී ලෙසින් සැලසුම් කොට තැනුනු වැලකුම් උපකරණ වෙති. හිස, අත, හෝ සිරුරෙහි අනෙකුත් කොටසක මෙම උපකරණ පලඳිනු ලබන අතර මං පෙත දක්වන සංඥා මෙයින් නිකුත් කරනු ලැබිය හැක.පුද්ගලයෙකුගේ කුසලතාව සංමුද්‍රණය කිරීමේ හැකියාවක් එක් එක් පාලන උපකරණ සතුව ඇත.අනෙක් පාලන උපකරණ දඬුවම් පරමාර්ථ හා කුසලතා බාධක සඳහා භාවිතා කරනු ලබයි. නිදසුන් : නට්සුමේ පළඳින බළල් වෙස්මුහුණ,ට්සුබාසාගේ මුහුණේ ඇති කළු තරුව,නෝඩා සෙන්සෙයිගේ අත් පළඳනාව
කොටස් [සංස්කරණය]
ගොකුයෙන් ඇලිස් පාසැල කොටස් හතරකින් සමන්විත වේ:ප්‍රාථමික අංශය,ද්විතික අංශය,ජේෂ්ඨ අංශය හා මධ්‍යයම නගරය.එසේම මෙහි ගොඩනැගිලි වටා වනාන්තරද ඇත.උදා - උතුරු කැලය.මෙම උතුරූ කැලය බොහෝ දරුවන් බියට පත්කරවන ස්ථානයකි.ඇතුළත් වීමේ පරීක්ෂණය සමත්වීමට නට්සුමේ විසින් මිකාන්ට පවරන ලද්දේ ද මේ හරහා යාමටය.වළහාගේ කූඩාරමද ඇත්තේ මෙහිය.
ප්‍රාථමික අංශය [සංස්කරණය]
අවු.3 සිට 12 දක්වා සිසුන් ඉගෙනුම ලබන්නේ මෙහිය. "ඒ" පන්තිය (අවු.3 සිට 9 දක්වා සිසුන්)හා "බී"පන්තිය (මිකාන්,හොටරු සහ යහළුවන්)මෙම අංශයට අයත් වේ.
ද්විතික අංශය [සංස්කරණය]
අවු.13 සිට 15 දක්වා සිසුන් සඳහා වෙන්වු අංශය.ට්සුබාසා,නොබාරා,මිසාකි,කනාමෙ ඇතුළු අය ඉගෙනුම ලබයි.මෙය විදුහලේ ඕපාදූප කූඩුවද වෙයි.
ජේෂ්ඨ අංශය [සංස්කරණය]
පාසැලේ ජේෂ්ඨ සිසුන් සඳහා වෙන්වු අංශයි.ඔවුන්ට හැර අනෙත් අයට එහි යාම තහනම්ය.එහි සිදුවන දේ කිසිවෙකු නියමාකාරයෙන් නොදනී.මෙම ගොඩනැගිල්ලේ ඇතුළතින් ඇදවූ සිදුරක් ඇතැයි කටකතාවක් තිබූ අතර පසුව එය සත්‍යක් බව ඔප්පු කෙරිණ.ටොනෝ ඉගෙනුම ලබන්නේ ද මෙහිය.
ඇලිස් පාෂාණ [සංස්කරණය]
ඇලිස් පාෂාණයක් යනු කර්තෘගේ කුසලතාවයෙන් සීමිත ප්‍රමාණයක් අඩංගු වූ පාෂාණයකි.එය සාදා ඇති කුසලතාවය අනුව දිලිසීමේ පැහැය වෙනස් වේ.
ප්‍රධාන චරිත [සංස්කරණය]
මිකාන් සකුරා [සංස්කරණය]
හොටරු ඉමායි [සංස්කරණය]
නට්සුමේ හියුගා [සංස්කරණය]
රූකා නෝගි [සංස්කරණය]
අධ්‍යන පටිපාටිය [සංස්කරණය]
ඇලිස් විද්‍යාලයේ පාඩම් මාලා හා අනෙක් විද්‍යාලයන්හි පාඩම් මාලා අතර එතරම් වෙනසක් නැත.එහි සාමාන්‍ය පරිදි ගණිතය හා ඉතිහාසය වැනි විෂයයන් ඉගැන්වේ.කෙසේවෙතත්,එහි ඇති එකම වෙනස සිසුන් හා ගුරුවරුන් සතුව විශේෂ කුසලතා පැවතීමයි.කිසිම සිසුවෙකුට පන්ති කාමරය තුළදී අවසරයකින් තොරව සිය කුසලතාව භාවිතා කළ නොහැක.එසේම ඇලිස් විද්‍යාලයේ සිසුන්ට සිය කුසලතා භාවිතා කරන අයුරු ඉගෙනීම සඳහා වෙන්වූ කුසලතා පාදක අංශයන් ද තිබේ.මනා හැසිරීම සහ ශ්‍රේණි අනුව සිසුන් තරු පන්ති පද්ධතියකින් බෙදා වෙන්කර ඇත.
ආරක්ෂාව [සංස්කරණය]
මුළු ප්‍රදේශය වටා පිහිටා ඇති විශාල උස තාප්පය හා ගේට්ටුව මගින් විද්‍යාලය බාහිර ලෝකයෙන් වෙන් කර ඇත.මෙම තාප්පයේ අධිබල විදුලි රැහැනක් ඇති නිසා එය තරණය කිරීම ඉතා භයානක මෙන්ම අනතුරුදායකද වේ.වැරදීමකින් හෝ කිසිවෙකු ගේට්ටුව පසු කරන විට එය ක්ෂණිකව ගුරුවරුන්ට දැනුම් දෙන අතර අදාළ සිසුවා වහා පාසල වෙත ගෙන ඒමට ඔවුහු ක්‍රියා කරති.එසේම විද්‍යාලයේ ගේට්ටුව ද්විතියික අංශයේ විදුහල්පති හිමෙමියාගේ බලගතු බාධක කුසලතාවය මගින් ආරක්ෂා කර ඇත. මීට අමතරව සිසුන් හැඳුනුම්පතත් සමග පසුම්බියෙහි සවි කර ඇති අනන්‍යතා පදක්කමක්ද රැගෙන යති.එම පදක්කමෙහි සිසුවාගේ අංකයද සඳහන්ය.
මාධ්‍ය [සංස්කරණය]
වීඩියෝ ක්‍රීඩා [සංස්කරණය]
2006 ජූනි 22 දිනදී ජපානයේදී ප්ලේස්ටේෂන් 2 සඳහා ගොකුයෙන් ඇලිස් ~කිරා කිරා මෙමරි කිස්~ නිකුත් කෙරිණි. ගොකුයෙන් ඇලිස් ~ඩොකි ඩොකි ෆෂිගි ටායිකෙන්~ නමින් ජපානයේදී නිකුත් කෙරුණු ගේම් බෝයි ඇඩ්වාන්ස් ක්‍රීඩාවක්ද ඇත. 2007, අප්‍රේල් 19 දිනදී, ගොකුයෙන් ඇලිස්: වකු වකු හැපි ෆ්‍රෙන්ඩ්ස් නමැති නින්ටෙන්ඩෝ DS ක්‍රීඩාවක් ජපානයේදී නිකුත් විය.