ගුවනේ ශ්‍රේෂ්ඨත්වය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ගුවනේ ශ්‍රේෂ්ඨත්වය යනු යුධ සංග්‍රාමයකදී එක් පාර්ෂවයක ගුවන් ශක්තිය අනෙක් පාර්ෂවයට වඩා ඉහළ වීම වේ. නේටෝ සංවිධානය හඳුන්වා දී ඇති ආකාරයට එක් පාර්ෂවයක් අභිබවා අනෙක් පාර්ෂවය සතු ගුවන් ශක්තියේ ප්‍රමාණය අනුව අනෙක් පාර්ෂවයේ පාලන ප්‍රදේශවල පාලනය එකී පාර්ෂවයේ විරෝධයකින් තොරව වඩා ශක්තිමත් පාර්ෂවයකට ලබා ගත හැකි වීමයි. ගුවනේ ශ්‍රේෂ්ඨත්වය සහ ගුවනේ ආධිපත්‍යය වෙනස් වේ.
මෙම ගුවනේ ශේෂ්ඨත්වය නම් වූ සාධකය ගුවන් හමුදාවන් එල්ල කරන බෝම්බ ප්‍රහාර නිසා භූමියේ සිටින බලකායන්ට ලබා ගත හැකි සහාය හේතුවෙනි. තව දුරටත් විස්තර කළ හොත් පැරෂුට් බලකායන් විසින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් භූමියේ සිටින සෙබළුන්ට ඉදිරියට යාමට ඇති බාධක අවම වේ.
භූමියෙන් කැඳවීමක් ලැබුණූ වහාම විනාඩි කිහිපයකින් සහාය ලබාදීමට හැකි වන සේ ගුවන් මෙහෙයුම් නවීකරණය වී ඇත.