ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15

විකිපීඩියා වෙතින්
ග්‍රීක ජනාධිපතිවරණය, 2014–15
ග්‍රීසිය
← 2010 17, 23, 29 දෙසැම්බර් 2014 සහ 18 පෙබරවාරි 2015 2020 →
  150x150px
පක්ෂය එන්ඩී එන්ඩී ස්වාධීන
සන්ධානය එන්ඩී හා පීඒඑස්ඕකේ එස්වයිආර්අයිඉසෙඩ්ඒ, එන්ඩී හා ANEL ද රිවර් හා පීඒඑස්ඕකේ

ජනාධිපති මැතිවරණයට පෙර

කරලෝස් පපූලිස්
පීඒඑස්ඕකේ

ජනාධිපති-තනතුරුලාභී

ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස්
එන්ඩී

කරලෝස් පපූලිස්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ග්‍රීසියේ ජනාධිපතිවරයා තෝරාගැනීමට, 2014 දෙසැම්බරයේදී සහ 2015 පෙබරවාරියේදී ග්‍රීසියේ වක්‍ර ජනාධිපතිවරණය පැවැත්විණි. දෙසැම්බරයේ පැවති පළමු ඡන්ද වට තුනෙහිදී, හෙලනික පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍ය බහුතරය ලබා ගැනුමට එන්ඩීපීඒඑස්ඕකේ රජයේ අපේක්ෂකයාවූ, ස්ටව්රෝස් රීමස් අසමත් විය. ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියෝග ප්‍රකාර, 2015 ජනවාරි 25 දිනදී හදිසි මැතිවරණ පවත්වන ලද අතර, අන්ත-වාමාංශික සිරිසා පක්ෂය විසින් එය ජයග්‍රහණය කෙරිණි. නව පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනුතුරුව, ජානාධිපතිවරණය යළි ඇරඹුනු අතර, 2015 පෙබරවාරි 18 දිනදී, සිරිසා-ඒඑන්ඊඑල් සභාග රජයේ සහය ලැබූ කෘතහස්ත එන්ඩී දේශපාලනඥ ප්‍රෝකෝපීස් පැව්ලාපූලෝස් විසින් ඡන්ද 233 ලබමින් තේරී පත් විය.

දිනය[සංස්කරණය]

අග්‍රාමාත්‍යය අන්දෝනීස් සමාරාස් සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍යය ඉවන්ගෙලූස් වෙනිසේලුස් විසින් (දෙසැම්බර් 9 දී) පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙතින් ඉල්ලා සිටියේ, ජනාධිපතිවරණය සඳහා ක්‍රමවේදය හැකිතරම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටයි.

ජනාධිපතිවරණය, මාස කිහිපයකින් ඉදිරියට ගෙන එන ලද අතර, පළමු වටය දෙසැම්බර් 17 දිනදීද, දෙවැන්න දෙසැම්බර් 23 දිනදීද සහ තෙවැන්න දෙසැම්බර් 29 දිනදීද පැවැත්විණි. [1] ජනාධිපතිධූරය සඳහා නිව් ඩිමොක්‍රසි දේශපාලනඥ ස්ටව්රෝස් රීමස්ගේ අපේක්ෂකත්වයට, පාලක නිව් ඩිමොක්‍රසි-–පීඒඕඑස්කේ සභාගයේ සහයෝගය හිමිවන බවට, 2014 දෙසැම්බර් 9 දිනදී, සමාරාස් ප්‍රකාශයට පත් කලේය. [2]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන[සංස්කරණය]

ග්‍රීක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 32වන වගන්තිය ප්‍රකාර, වසර-පහක ධූර කාලයක් සඳහා හෙලනික පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගත යුතු වන්නේ, තනතුරුධාරියාගේ නිල කාලය ඉකුත්වීමට අවම වහයෙන් එක් මසකට පෙර පැවැත්විය යුතු විශේෂ සැසියකදීය. පළමු සහ දෙවන වට සඳහා, 300-මන්ත්‍රී සංඛ්‍යාවකින් සැදි මණ්ඩලය වෙතින් 200 ක සුපිරිබහුතරයක් අවශ්‍ය වන අතර, තුන්වැන්නේදී මෙය 180 දක්වා පහත වැටෙයි. [3][4]

තුන්වන ඡන්ද විමසීමෙහිදී හෝ තේරී-පත්වීම සිදු නොවුනහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහරිනු ලැබ, දින දහයක් ඇතුලත හදිසි මැතිවරණයක් කැඳවනු ලැබේ. යළි රැස්වීමෙන් පසුව, නව පාර්ලිමේන්තුව විසින් උපරිම වශයෙන් තවත් ඡන්ද වට තුනක් පවත්වනු ලබන අතර, සතරවැන්නේදී අවශ්‍ය වන බහුතරය ඡන්ද 180 වන අතර පස්වන වටයෙහිදී ඡන්ද 151 ක සරල බහුතරයක් අවශ්‍ය වෙයි. සයවන හා අවසන් වටය තරග වදිනු ලබන්නේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා අතර වන අතර තීරණය ගැනෙනුයේ සාපේක්ෂ බහුතරය සැලකිල්ලට ගැනීමෙනි. [3][4]

ක්‍රමවේදය[සංස්කරණය]

පළමු වට තුන[සංස්කරණය]

දෙසැම්බර් 17 දින පැවැත්වුනු පළමුවන වටයෙහිදී, රීමස් හට ඡන්ද 160 ක් ලැබුණි, එනම්, එන්ඩී සහ පීඒඑස්ඕකේ වෙතින් ඡන්ද 155 ක් සහ ස්වාධීන මන්ත්‍රීවරුන් අතුරින් ඡන්ද පහක් වශයෙනි. මන්ත්‍රීවරුන් 135 දෙනෙක් සභාගැබට "පැමිණ සිටි" (නමුත් ඡන්දය දීමෙන් වැලකී සිටි) අතර මන්ත්‍රීවරුන් පස්දෙනෙක් නිවාඩු ගෙන හෝ සභාගැබෙහි අසුන් ගැනීමෙන් වැලකී හෝ සිටියහ. [5]

දෙසැම්බර් 23 දින පැවැත්වුණු දෙවන ඡන්ද විමසීමෙහිදී, රීමාස් හට ඡන්ද 168 ක් ලැබුණි. මන්ත්‍රීවරුන් 131 දෙනෙක් සභාගැබට "පැමිණ සිටි" (නමුත් ඡන්දය දීමෙන් වැලකී සිටි) අතර එක් මන්ත්‍රීවරයෙක් නිවාඩු ගෙන හෝ සභාගැබෙහි අසුන් ගැනීමෙන් වැලකී හෝ සිටියහ. [6] මෙම ඡන්ද වට දෙකෙහිදීම, තේරී පත්වීම සඳහා ඡන්ද 200 ක් ලැබීම අවශ්‍යව තිබුණි.

දෙසැම්බර් 29 දිනදී පැවැත්වුණු තුන්වන ඡන්ද විමසීමෙහි වටයෙහිදී, රීමාස් යළිත් ඡන්ද 168 ක් ලැබූ අතර, තෙවන වටයෙහිදී තේරී පත් වීමට අවශ්‍යව තිබූ පහළ හෙලන ලද ගණපූරණය වූ ඡන්ද 180 ලැබීමට ඔහු අසමත් විය. [7][8]

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම[සංස්කරණය]

අග්‍රාමාත්‍යය සමාරාස් විසින් ඉල්ලා සිටීමෙන් අනතුරුව, තනතුරුධාරී ජනාධිපති පපූලිස් විසින් දෙසැම්බර් 31 දිනදී ජනාධිපතිමය නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව විධිමත් ලෙසින් විසුරුවා හැරියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කර ඇති පරිදීය. නව මැතිවරණය පැවැත්වීම, ජනවාරි 25 දිනදීද නව පාර්ලිමේන්තුව යළි-රැස්වීම 2015 පෙබරවාරි 5 දිනදීද සිදුවීමට නියම කර තිබුණි. [9]

සිරිසා පක්ෂයේ ජයග්‍රහණයෙන් පසුව[සංස්කරණය]

ජනවාරි 26 දින මැතිවරණයේදී සිරිසා පක්ෂයේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, පෙබරවාරි 5 වන දිනදී නව පාර්ලිමේන්තුව සමාරම්භ කරන ලද අතර, ඊළඟ දිනයේදී එහි කතානායකවරයා සහ පරිපාලනමය විධායක සභාව තෝරා ගත් කර ගන්නා ලදි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Στις 17 Δεκεμβρίου η πρώτη ψηφοφορία για την εκλογή Προέδρου Δημοκρατίας" (ග්‍රීක බසින්). in.gr. 8 දෙසැම්බර් 2014. http://news.in.gr/greece/article/?aid=1231369522. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 දෙසැම්බර් 2014. 
  2. "Σαμαράς: Ο Σταύρος Δήμας υποψήφιος Πρόεδρος Δημοκρατίας" (ග්‍රීක බසින්). in.gr. 9 දෙසැම්බර් 2014. http://news.in.gr/greece/article/?aid=1231369674. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 දෙසැම්බර් 2014. 
  3. 3.0 3.1 "Τι προβλέπει το Σύνταγμα για την εκλογή Προέδρου της Δημοκρατίας" (ග්‍රීක බසින්). in.gr. 8 දෙසැම්බර් 2014. http://news.in.gr/greece/article/?aid=1231369542. සම්ප්‍රවේශය කෙරුණු දිනය 11 දෙසැම්බර් 2014. 
  4. 4.0 4.1 "ප්‍රසිඩන්ට්: ඉලෙක්ෂන් ඔෆ් ද ප්‍රසිඩන්ට්". ප්‍රසිඩන්සි ඔෆ් ද හෙලනික් රිපබ්ලික්. සම්ප්‍රවේශය 17 පෙබරවාරි 2015.
  5. "Με 160 "Σταύρος Δήμας" και 135 "παρών" η πρώτη ψηφοφορία" (ග්‍රීක බසින්). in.gr. 17 දෙසැම්බර් 2014. http://news.in.gr/greece/article/?aid=1231371874. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 දෙසැම්බර් 2014. 
  6. "ග්‍රීක් ප්‍රසිඩන්ෂල් වෝට් ගෝස් ටු තර්ඩ් රවුන්ඩ්". theguardian.com. 23 දෙසැම්බර් 2014. http://www.theguardian.com/world/2014/dec/23/greece-presidential-vote-second-round. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 දෙසැම්බර් 2014. 
  7. "ග්‍රීස් පාර්ලිමන්ට් ෆේල්ස් ටු ඉලෙක්ට් ප්‍රසිඩන්ට්". අල් ජසීරා ඉංග්ලිෂ්. 29 දෙසැම්බර් 2014. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2014.
  8. හෙලේනා ස්මිත් සහ ජිල් ට්‍රීනර් (29 දෙසැම්බර් 2014). "ග්‍රීස් ප්ලන්ජ්ඩ් ඉන්ටු ක්‍රයිසිස් ටු ඈස් ෆේලියර් ටු ඉලෙක්ට් ප්‍රසිඩන්ට් සෙට්ස් අප් ස්නැප් ඉලෙක්ෂන්". ද ගාර්ඩියන් Guardian. http://www.theguardian.com/world/2014/dec/29/greece-crisis-president-snap-election. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 දෙසැම්බර් 2014. 
  9. ග්‍රැනිටස්, අල්ක්මාන් (2014-12-31). "ග්‍රීක් පාර්ලිමන්ට් ෆෝර්මලි ඩිසෝල්ව්ඩ්, කැම්පේනිං බිගින්ස්". වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය 2015-01-04.