ග්ලැසියර වර්ග
ග්ලැසියර හැඩයන් උෂ්ණත්වයේ බලපෑම, අවක්ශේපණය, ස්තූල විද්‍යාව හා අනෙකුත් සාධක මත රඳා පවතී. ග්ලැසියර, ග්‍රීන්ලන්ත අයිස්පර හෝ ඇන්ටාක්ටික් අයිස්පර වැනි අති විශාල අයිස් තට්ටු සේම කඳුමුදුන් වටා ඇති කුඩා ග්ලැසියර කොටස් දක්වා පරාසයක පැතිර පවතී. ග්ලැසියර ප්‍රධාන වර්ග දෙකකට බෙදා දක්වයි. අයිස් ගලා යාමට පිහිටි ගලේ භූ ලක්ෂණ මත සීමාවී ඇති හෝ නැති බව මත එම වර්ගීකරණය සිදුවේ.
පටුන |
[සංස්කරණය] බලනොපාන (Unconstrained)
[සංස්කරණය] Vanajokull අයිස් වැස්ම. (අයිස්ලන්තය)
අයිස්තලාවන් හා අයිස් වැස්ම යටින් පවතින භූ ලක්ෂණ මත රදා නොපවතී. ඉහත දෙක අතර පවතින ප්‍රධාන වෙනස නම් ඒවා ආවරණය කරන වර්ගඵලයන්ය. අයිස් වැස්මක් වර්ග කිලෝමීටර 50,000කට වඩා කුඩා වන අතර අයිස් තලාවන් විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අයිස්තලා හා අයිස් වැස්මන් තවත් වර්ගීකරණය කල හැකිය.
[සංස්කරණය] අයිස් ඩෝම් (Ice dome)
මේවා ඉහල උන්නතාංශ සහිත කලාප වලදී නිර්මාණය වේ.
[සංස්කරණය] අයිස් ස්ට්‍රීම් (Ice Stream)
මුහුදකට හෝ සමුද්‍රයකට නිරන්තරයෙන් අයිස් ඇලක් ලෙස ගලායන විට මෙසේ හඳුන්වයි. මේවා පෝෂණය වන්නේ අයිස්පර වලිනි. අයිස් හා ජලය එක්වන කෙලවරදී අයිස් නැවත ඇතිවේ. අයිස් කුට්ටි කැඩීමද සිදුවේ. මේවායේ කෙළවරවල් සෙමින් චලනය වන අයිස් සමඟ බැදී පවතී.
[සංස්කරණය] බලපෑම් ඇති කරන (Constrained)
මේවා ග්ලැසියර වලින් නිර්මිත භූ ලක්ෂණයන්ය.
[සංස්කරණය] අයිස් යාය (Ice Field)
මේවා විශාල භූමිභාගයන් වසා පවතී. විශේෂයෙන්ම කඳු භූමි භාගයන් මත පවතී. යටින් පවතින භූමි ලක්ෂණයන් මේවා මත බලපෑම් පාලනය කරයි. උදාහරණයක් ලෙස කොලොම්බියා අයිස් යාය, කැනඩා, ආර්ජන්ටිනා අයිස් යායන් දැක්විය හැකිය.
[සංස්කරණය] අවුට්ලෙට් ග්ලැසියර (Outlet Glaciers)
අයිස් තලාවන්ගෙන් ගලායන දිය ඇළවල්ය. නමුත් මේවා නිරාවරණය වූ පිහිටි ගලේ බලපෑමට යටත්වේ.
[සංස්කරණය] නිම්න ග්ලැසියර (Vally glaciers)
මේවා යටින් පිහිටි භූ ලක්ෂණ වල බලපෑමට යටත් අයිස් යායන්ට ජලාපවහනය කරන්නන්ය. බෑවුම් සහ අයිස් රහිත නිරාවරණය වූ පිහිටි ගල වටා මෙම නිම්න ග්ලැසියර පවතී.
[සංස්කරණය] පිටිය ග්ලැසියර
වොෂින්ටන්හි North Cascades ග්ලැසියරය උදාහරණයකි. කඳුවල ශේලාකාර හැඩති ප්‍රදේශ වල ඇති වේ. මෙහි ගිම්හාන මාස වලදී හිම දියවී ග්ලැසියර අයිස් බවට පත්වේ.