ගති විද්‍යාව
භෞතික විද්‍යාවෙහි දී වස්තූන්හි චලිතය හෝ චලිතයේ සිදු වන වෙනස් වීම් පිළිබඳ හැදෑරීම ගති විද්‍යාව ලෙස හැඳින්වේ. වෙනත් ආකාරයෙකින් කිව හොත් ගති විද්‍යාවෙහි දී වස්තූන් කෙරෙහි යෙදෙන බල සහ ඒවායේ චලිතය අතර සහසම්බන්ධතාවය හැදෑරෙයි. ගති විද්‍යාව, වස්තූන්ගේ චලිතය පමණක් හදාරන (ඒවාට යෙදෙන බලය ගැන නො සලකන) සම්භාව්‍ය යාන්ත්‍ර විද්‍යාවෙහි කොටසක් වන චාලක විද්‍යාව වෙතින් වෙනස් ය.
ගති විද්‍යාවෙහි මූලික සිද්ධාන්තයන්හි පදනම වන චලිතය පිළිබඳ නිව්ටන් නියම එළි දක්වන ලද්දේ අයිසැක් නිව්ටන් විසිනි. ගති විද්‍යාව වඩාත්ම තදින් බැඳී ඇත්තේ නිව්ටන්ගේ දෙවැනි නියමය සමඟ ය. කෙසේ වෙතත් මෙම නියම සියල්ල සහසම්බන්ධිත ය.[1]
පටුන |
[සංස්කරණය] බලය
නිව්ටන් ට අනුව බලය යනු ස්කන්ධයක් ඇති වස්තුවක ප්‍රවේගය වෙනස් කළ හැකි ඇදීමක් හෝ තෙරපීමකි. නිදහස් වස්තූන්ගේ ත්වරණය ඇති කරවන කාරකයක් ලෙස බලය විස්තර වේ.[2] (බලය යෙදීම හේතුවෙන් වස්තූන්ගේ තාවකාලික හෝ ස්ථිර විතති ද ඇති විය හැකි ය).
[සංස්කරණය] චලිතය පිළිබඳ නිව්ටන් නියම
චලිතය පිළිබඳ නිව්ටන් නියම ත්‍රිත්වයකි.
- බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන තාක් කල් එම වස්තුව නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතී.
- යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.
- සෑම ක්‍රියාවකට සමාන එහෙත් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී.
[සංස්කරණය] භ්‍රමණ චලිතය
සුරත් නීතියෙන් නිරූපණය වන පරිදි කෝණික ප්‍රවේග දෛශික වාමාවර්ත භ්‍රමණයක් සඳහා ඉහළටත් දක්ෂිණාවර්ත භ්‍රමණයක් සඳහා පහළටත් යොමු වේ.
භ්‍රමණ ප්‍රගති විද්‍යාව - භ්‍රමණය වන වස්තුවක් හා සම්බන්ධ අර්ථකතනයන් විග්‍රහ කිරීමක් වන අතර පහත සදහන් රාශීන් භාවිතා කරයි.
කෝණික පිහිටීම - භ්‍රමණ අක්ෂයේ සිට වස්තුවක් මත පිහිටි ලක්ෂ්‍යයකට ඇති දිශානති පරතරය ලෙස දෛශකයක් අර්ථ දක්වයි නම් එම ලක්ෂ්‍යයේ කෝණික පිහිටීම යනු සමුද්දේශ අක්ෂයක (උදා - ධන අර්ධ x අක්ෂය) සිට එම දෛශිකයට වූ දිශානති කෝණය 'q'ය.
දිශානති කෝණය - දන්නා භ්‍රමණ අක්ෂයක් වටා සහ දන්නා භ්‍රමණ අභිදිශාවක් මත පිරිසැරුණු කෝණයකි. ද්විමාන ප්‍රගති විද්‍යවේ දී ( තලීය චලිතය විග්‍රහ කරන) භ්‍රමණ අක්ෂය , සමුද්දේශ රාමුවට අභිලම්භ වන අතර භ්‍රමණ ලක්ෂයකින් (කේන්ද්‍රය) නිරූපණය කළ හැකිය. භ්‍රමණ අභිදිශාව කෝණයේ ලකුණින් ( ධන ලකුණ යනු වාමාවර්ත අභිදිශාවය) නිරූපණය කලහැක. කෝණික විස්ථාපනය සාපේක්ෂ පිහිටීම ලෙස සැලකිය හැක. එය එක් කෝණික පිහිටීමක සිට වෙනත් කෝණික පිහිටීමකට ඉහත සඳහන් කළ ලක්ෂ්‍යය (හෝ දෛශිකය) මගින් පිරිසැරුණු දිශානති කෝණය මගින් නිරූපණය කරයි.
කෝණික ප්‍රවේගය - කෝණික ප්‍රවේගය (w) හි විශාලත්වය යනු කාලයට සාපේක්ෂව කෝණික පිහිටීම q වෙනස් වීමේ සීඝ්‍රතාවයයි.
කෝණික ත්වරණය - කෝණික ත්වරණය a හි විශාලත්වය යනු කාලයට (t) සාපේක්ෂව කෝණික ප්‍රවේගය (w) වෙනස් වන සීඝ්‍රතාවයයි.
උත්තාරණ ප්‍රගති විද්‍යාවේ සමීකරණ විචල්‍යයන් වෙනස් කිරීමෙන් පහසුවෙන් තලීය භ්‍රමණ ප්‍රගති විද්‍යාවට විස්තීරණය කරයි.
මෙහි qi හා q යනු පිළිවෙලින් ආරම්භක හා අවසාන කෝණික පිහිටුම්ය. wi හා wf යනු පිළිවෙලින් ආරම්භක හා අවසාන කෝණික ප්‍රවේගයන්ය. a යනු නියත කෝණික ත්වරණයයි. අවකාශයේ පිහිටීම් හා අවකාශයේ ප්‍රවේගය යනදෙකම සැබෑ දෛශික වන අතර භ්‍රමණයට අදාල ගතිගුණ අනුව කෝණයක් තනිව ගත්කළ සැබෑ දෛශිකයක් නොවේ. එහෙත් කෝණික ප්‍රවේගය සැබෑ දෛශිකයක් වේ.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Kinematics#Rotational_motion
[සංස්කරණය] ආශ්‍රිත ලිපි
- ↑ Goc, Roman (2004-2005 copyright date). "Dynamics" (Physics tutorial). http://www.staff.amu.edu.pl/~romangoc/M3-dynamics.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-02-18.
- ↑ Goc, Roman (2004-2005 copyright date). "Force in Physics" (Physics tutorial). http://www.staff.amu.edu.pl/~romangoc/M3-1-force-physics.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2010-02-18.
