ගණිත වගු

විකිපීඩියා වෙතින්

-ලඝු 10 පාදයට 2

ලඝු ගණක වගු[සංස්කරණය]

ඇබ්‍රැමෙවිට්ස් හා ස්ටෙගන් පරිශීලක පොතෙහි ඇති 20 වන සියවසේ පොදු ලඝු ගණක වගුවක කොටසකි.

පරිගණක හා ගණක යන්ත්‍ර පැමිණීමට පෙර, ලඝුගණක භාවිතය යනු ලඝුගණක වගු භාවිතා කිරීමයි. මෙය අතින් සිදු කළ යුතු විය. 10 පාදයේ ලඝුගණක, ඉලෙක්ට්‍රොනික ක්‍රම නොමැති විට ඉතාමත් ප්‍රයෝජනවත් වේ. විස්තර සඳහා ‍පොදු ලඝුගණක බලන්න. පොදු ලඝු ගණකවල (10 පාදයේ) ගති ලක්ෂණවල භාවිතය හා දශමාංශය ඇතුළත්ව. :-)

1617 දී හෙන්රි බ්‍රිග්ස් ඔහුගේ 1000ට අඩු සියලු නිඛිලවල අට වන දශමස්ථානය දක්වා ලඝු ගණක අඩංගු වන පොදු ලඝු ගණක වගුවේ ප්‍රථම කොටස ප්‍රකාශයට පත් කළේය. 1624 දී නැවත ඔහු විසින් ප්‍රකාශයට පත්කල ඇරිත්මැටිකා ලොගරිත්මිකා හි , 1 සිට 20,000 දක්වා ද, 90,00 සිට 100,000 දක්වා ද සියලු නිඛිලවල දාහතර වන දශමස්ථානය දක්වා ලඝු ගණක අඩංගු වන අතර එහි සිද්ධාන්ත හා ලඝු ගණකවල භාවිතය සම්පූර්ණයෙන්ම විස්තර කර ඇති ඉගෙනුම් හැඳින්වීමක් ද අන්තර්ගතය. 20,000 සිට 90,000 දක්වා වු හිඩැස ඕලන්ද ජාතික ගණිතඥයෙකු වූ ඇඩ්‍රියන් ව්ලැක් විසින් පුරවන ලද මුත් ඔහුගේ වගුවේ අඩංගු වූයේ ලඝු ගණක දස වන දශමස්ථානය දක්වා පමණි.

පසුව ව්ලැක්ගේ වගුවේ දෝශ 603ක් අඩංගු බව සොයා ගන්නා ලදී. නමුත් මෙය විශාල සංඛ්‍යාවක් ලෙස සැලකිය නොහැක. මන්ද යත් වගුව ගණනය කිරීම්වල ප්‍රතිඵලයක් වූ නිසා දෝශ විය හැකි මුද්‍රිත අවයව 2,100,000 පමණ ඇති හෙයිනි. බොහෝ සේ නිරවද්‍ය කරන ව්ලැක්ගේ කාර්යයන්හි සංස්කරණ 1794 දී ජූරික් වෙගාගේ තෙෂරස් ලොග්රින්මොරම් කම්ප්ලීටස් ලෙස ලෙයිජසි(z)ග් හිදී නම් කර ප්‍රකාශයට පත් කරන ලදී.

ෆැන්චොයිස් කෝලේට්ගේ හත් වන ස්ථානයේ වගු (1795 , පැරිස්) 100,000 නවතිනවා වෙනුවට 100,000ත් 108,000 අතර සංඛ්‍යාවල අටවන ස්ථානයට ලඝු ගණක ලබා දුනි. මෙලෙස සිදු කරන ලද්දේ වගුවේ පෙර ‍කොටස්වලදී වැඩිපුර සිදු වූ අන්තර නිවේෂණයේ දෝශ අවම කර ගැනීම උදෙසාය. මෙම නව එකතු කිරිම හත්වන ස්ථානයේ වගුවල අන්තර්ගත විය. ව්ලැක්ගේ වගුවේ ප්‍රකාශිත එකම වැදගත් දිගුව නිර්මාණය කළේ සැන්ග් විසින් 1871 දීය. මෙම වගුවේ 200,000 අඩු සියලු සංඛ්‍යාවල සත්වන ස්ථානයේ ලඝු ගණක අඩංගු වේ.

ව්ලැක් හා බ්‍රිග්ස් ත්‍රිකෝණමිතික ශ්‍රිතවල ලඝු ගණකවල මුල් වගු ද ප්‍රකාශයට පත් කළහ.

ඉහත සඳහන් කළ වගුවලට අමතරව, ටේබල්ස් ඩි කැඩස්ට්‍රි ලෙස හඳුන්වන සුවිසල් එකතුවක් 1700 දී ගැස්හර්ඩ් ඩි ප්‍රෝනිගේ මගපෙන්වීම යටතේ, මුල් ගණනය කිරීම් තුළින්, ප්‍රංශ ජන රජයේ අනුග්‍රහය යටතේ නිර්මාණය විය. මෙහි 100,000 දක්වා සංඛ්‍යාවල දහනව වන ස්ථාන‍ය දක්වා ද 100,000ත් 200,000 ත් අතර සංඛ්‍යාවල විසි හතරවන ස්ථානය දක්වා ද ලඝු ගණක ඇතුළත් වේ. මුල් පිටපත පමණක් ඉතිරි ඇති මෙය “අති විශාල පත් ඉරු දහ හතක” සටහන්ව පැරීසියේ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇත. එය 1792 දී ආරම්භ කළ අතර ගණනය කිරීම්වල විශාල නිරවද්‍යතාව තිබිය යුතු නිසා වෙන වෙනම වගු 2ක් නිර්මාණය කර එම මුල් පිටපත් 2 එකිනෙක සසඳා වසර දෙකක පමණ කෙටි කාලයකදී අවසන් කෙරිනි. ඝනජ අන්තර්නිවේෂණය මඟින් ඒ හා සමාන නිරවද්‍යතාවකින්ම ඕනෑම සංඛ්‍යාවක ලඝු ගණකය සෙවිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ගණිත_වගු&oldid=483436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි