ගඩීමායි උත්සවය

විකිපීඩියා වෙතින්

ගඩීමායි උත්සවය යනු, ඉන්දු-නේපාල දේශසීමා මායිම අසල, දකුණු නේපාලයේ කත්මන්ඩු අගනුවරට 100 සැතපුම් (160 කිමී) පමණ දකුණු දෙසින් බාරා දිස්ත්‍රික්කයේ, බාරියාර්පුර් හී පිහිටි, ගඩීමායි දේවාලයෙහි, සෑම වසර 5 කට වරක්, මසක්-පුරා පැවැත්වෙන හින්දු උත්සවයකි. බලයේ දෙවඟන වන ගඩීමායි සතුටු කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම උත්සවය, බිලිදීම සඳහා සත්ත්ව-ඝාතනය බිලිදෙන සතුන් අතර මී හරක්, ඌරන්, එළුවන්, කුකුලන්, මීයන්, සහ පරෙවියන් වෙති.[1]

විස්තරය[සංස්කරණය]

උත්සවයට මිලියන 5 ක් පමණ ජනයා සහභාගි වන අතර, ඒ අතර මදේශිවරුන් වන අතර බැතිමතුන්ගෙන් 70% ක් පමණ කොටසක් සමන්විත වන්නේ උත්තර් ප්‍රදේශ් සහ බිහාරය යන ඉන්දියානු ප්‍රාන්ත වෙතින් වන ජනයා ගෙනි. ඔවුන්ගේ ප්‍රාන්ත වල සතුන් බිලිදීම වෙත පනවා ඇති තහනම උපායශීලීව මගහැරීම සඳහා නේපාලයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වෙති.[2][3] උත්සවයට සහභාගීවන්නන් විශ්වාස කරන්නේ, ගඩීමායි හින්දු දේවතාවියට සත්ත්ව බිලි පූජා කිරීමෙන්, නපුර පරාජය වී සෞභාග්‍යය උදා වන බවයි.[4][5]

2009 වසරෙහි පූජෝත්සවයට මසකට පෙර, මදේශී දේශපාලනඥයින් අවබෝධ කර ගත්තේ, පූජෝත්සවයේ බිලි පූජාව සඳහා එළුවන්ගේ සහ උත්සවය අතරතුර පරිභෝජනය සඳහා එළු මස් වල, "දරුණු හිඟයක්" ඇති වනු ඇති බවයි. ගුවන් විදුලි විකාශ ඔස්සේ ඔවුන් මෙහෙයුමක් දියත් කරමින් ගොවියන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ සතුන් විකුණන ලෙසයි.[6]

2009 නොවැම්බර් මාසයේ පළමු සතියේ ඇරඹුනු උත්සවය, දෙසැම්බර් මාසයේ පළමු සතියේ අවසන් වූ අතර (මකර සංක්‍රාන්තිය දක්වා), උත්සවයේ අංගයක් වන සතුන් බිලිදීමේ චාරිත්‍රය, 2009 වසරෙහිදී නොවැම්බර් 24 සහ 25 දිනයන්හිදී පැවැත්වුනේ, දේවාලයේ ප්‍රධාන පූජක විසින්, සප්තබලි නම්වූ පූජෝත්සව බිලිදීම තුලදී, සුදු මීයන්, පරෙවියන්, කුකුළන්, තාරාවුන්, ඌරන් සහ පිරිමි මී හරක් බිලිදීමෙනි. පළමු දිනයේදී, 20,000 ට වැඩි ගණනක් මී හරක් බිලි දෙන ලදි.[7] ඇස්මේන්තු පරිදී, 500,000 ට වැඩි සතුන් සංඛ්‍යාවක් 2009 වසරෙහි ගඩීමායි උත්සවය තුලදී ඝාතනය කෙරිණි.[2] දේවාලය අසල පිහිටි කොන්ක්‍රීට් ඝාතනාගාරයක් තුලදී 200 ට වැඩි සංඛ්‍යාවක් පිරිමින් විසින් පූජෝත්සව ඝාතන සිදු කෙරිණි.[8] ගඩීමායි උත්සවය නැරඹීමට පැමිණි ඉන්දියානු බැතිමතුන්ගේ ළදරුවන් තිදෙනෙක් මිය ගියේ අධික ශීතල නිසාය.[7] ඉන්දියානුවන් සය දෙනෙක් මිය ගියේ බාල කළ "කසිප්පු" පානය කිරීම නිසාය.[3]

මතභේදයන්[සංස්කරණය]

උත්සවය විසින්, සත්ත්ව අයිතිවාසිකම් රකින්නන්ගේ සහ කඳුකරයේ නේපාල හින්දුන්ගේ විවිධ විරෝධතා ජනිතකර ලීය.[9][10] බ්‍රිජට් බාඩෝ සහ මනේකා ගාන්ධි ඇතුළු ක්‍රියාකාරීන් විසින්, පූජෝත්සවය නැවැත්වීමට, 2009 වසරෙහිදී උත්සාහයන් කිහිපයක් සිදු කරමින්, නේපාල රජයට ලියා දැන්වූයේ ඝාතන නතර කරන ලෙසටයි.[11][12] රජයේ නිලධාරියෙක් කියා සිටියේ, "මදේශී ජනයාගේ සියවස්-පැරණි සම්ප්‍රදායයන්ට එරෙහි වීමට" ඔවුන්ට නොහැකි බවයි.[2] සමහරක් ඔහුගේ අනුගාමිකයන් විසින් බුදුන්වහන්සේගේ පුනුරුප්පත්තිය ලෙසින් සැලකෙන, රාම් බහදූර් බොම්ජෝන් පැවසුවේ, අවිහිංසාව දේශනා කිරීමෙන් සහ එම ස්ථානයෙහි ආශිර්වාද පූජා පැවැත්වීමෙන්, උත්සවයෙහිදී බිලි දීම නැවැත්වීමට ඔහු උත්සාහ කරන බවයි.[13][14] ඔහුගේ මෙම පොරොන්දුව නිසා, කිසියම් සිදුවීමක් ඇති වීම වැලැක්වීමට, රජය විසින් අමතර බල ඇණි එහි යැවිණි.[14]

උත්සවයෙන් පසුව, සතුන්ගේ මස්, කටු සහ සම්, ඉන්දියාවේ සහ නේපාලයේ සමාගම් වලට විකුණනු ලැබේ.[1]

ඝාතකයන්ගේ භූමිකාව ඉටුකරන පුරුෂයන්, බොහෝ විට, ශිෂ්ඨ ලෙසින් සත්ත්ව ඝාතනය සිදුකිරීමේලා අනිපුණ බැවින්, සතුන් අනවශ්‍ය ලෙසින් දුක් විඳ, මන්දගාමී හා දුක්බර මරණ වලට ලක් වන බවට කාරණයක් සැලකිල්ලට පත් වී තිබුණි.

ප්‍රතිචාරයන්[සංස්කරණය]

ඉන්දියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, බිහාරය සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වලට උපදෙස් දී තිබුණේ, ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිට, උත්සවය සඳහා නේපාලය වෙත සතුන් රැගෙන නොයන බවට සහතික වන ලෙසිනි.[15]

එක්සත් රාජධානියේ ජොවෑනා ලම්ලි නම් නිලිය විසින්, ගඩීමායි උත්සවයේදී සතුන් සමූහ ඝාතනය කිරීම නවතන ලෙසින්, මාදේශී නායකයාගෙන් සහ දේශ සීමාවෙහි වෙසෙන ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියේ, මෙම ම්ලෙච්ඡ ක්‍රියාව නතර කරන ලෙසිනි. [16]

මෙයද බලන්න[සංස්කරණය]


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 ජොලි, ජොවානා (24 නොවැම්බර් 2009). "ඩෙවටීස් ෆ්ලොක් ටු නේපෝල් ඇනිකල් සැක්‍රිෆයිස් ෆෙස්ටිවල්". බීබීසී. http://news.bbc.co.uk/2/hi/south_asia/8375591.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 නොවැම්බර් 2009. 
  2. 2.0 2.1 2.2 "ගඩීමායි ෆෙස්ටිවල් බිගින්ස් ඩිස්පයිට් ප්‍රොටෙස්ට්ස් ඉන් නේපෝල්". ද හින්දු. 24 නොවැම්බර් 2009. http://www.thehindu.com/news/international/article53883.ece. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 නොවැම්බර් 2009. 
  3. 3.0 3.1 සාකාර්, සුඩේෂ්න (24 නොවැම්බර් 2009). "ඉන්ඩියන්ස් ක්‍රොං නෙපෝල්ස් ගඩීමායි ෆෙයාර් ෆො ඇනිමල් සැක්‍රිෆයිස්". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. http://articles.timesofindia.indiatimes.com/2009-11-24/south-asia/28087161_1_porous-indo-nepal-border-maoist-mp-nepal-government. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 නොවැම්බර් 2009.  උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "toi" defined multiple times with different content
  4. "ගඩීමායි ෆෙස්ටිවල්: නේපෝල් මාස් ඇනිමල් සැක්‍රිෆයිස් ෆෙස්ටිවල් ටු ගෝ එහෙඩ් ඩිස්පයිට් ප්‍රොටෙස්ට්ස්". ද හඨිංටන් පෝස්ට්. 20 නොවැම්බර් 2009. http://www.huffingtonpost.com/2009/11/20/gadhimai-festival-nepal-m_n_364790.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  5. "ඉන් පික්චර්ස්: හින්දු ඇනිමල් සැක්‍රිෆයිස් ෆෙස්ටිවල් ඉන් නේපෝල්". බීබීසී නිවුස්. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2014.
  6. "නෙපෝල් හිට් බයි සිවියර් ගෝට් ෂෝටේජ්". බීබීසී. 15 සැප්තැම්බර් 2009. http://news.bbc.co.uk/2/hi/south_asia/8256723.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  7. 7.0 7.1 "ඕවර් 20,000 බෆලෝස් ස්ලෝටර්ඩ් ඉන් ගඩීමායි ෆෙස්ටිවල්". NepalNews.com. 25 නොවැම්බර් 2009. http://www.nepalnews.com/index.php/politics-archive/19-news/general/2577-over-20000-buffaloes-slaughtered-in-gadhimai-festival. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  8. සියෑං, ෂාං. "ගඩීමායි ෆෙස්ටිවල් බිගින්ස් ඉන් සෙන්ට්‍රල් නේපෝල්". ෂිංහුවා පුවත් කාර්යාංශය. සම්ප්‍රවේශය 25 නොවැම්බර් 2009.
  9. "නෙවර් අගේන්". ද කත්මන්ඩු පෝස්ට්. http://www.ekantipur.com/the-kathmandu-post/2010/11/23/oped/never-again/215205/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 මාර්තු 2012. 
  10. "ගඩීමායි ෆෙස්ටිවල්:වයි ඉට් මස්ට් නෙවර් හැපන් අගේන්". තින්ක් ඩිෆරන්ට්ලි. සම්ප්‍රවේශය 18 මාර්තු 2012.
  11. "බාඩෝ අපීල් ඕවර් ඇනිමල් ස්ලෝටර් ඇට් නේපෝල් ෆෙස්ටිවල්". බීබීසී. 20 නොවැම්බර් 2009. http://news.bbc.co.uk/2/hi/south_asia/8369740.stm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  12. බානොට්, අනිල් (25 නොවැම්බර් 2009). "ද ගඩීමායි සැක්‍රිෆයිස් ඊස් ග්‍රෝටෙස්ක්". ද ගාඩියන්. http://www.guardian.co.uk/commentisfree/belief/2009/nov/25/gadhimai-animal-sacrifice-nepal. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  13. "සැක්‍රිෆයිස් ඔෆ් 200,000 ඇනිමල්ස් ප්‍රසීඩ්ස් ඩිස්පයිට් ප්ලීස්, ප්‍රෙයාර්ස්". එන්වයරන්මන්ට් නිවුස් සර්විස්. 22 නොවැම්බර් 2009. http://www.ens-newswire.com/ens/nov2009/2009-11-22-02.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  14. 14.0 14.1 "බුද්ධා බෝයි ෆේල්ස් ටු ටර්න් අප් ඇට් ගඩීමායි". රිපුබ්ලිකා. 20 නොවැම්බර් 2009. http://archives.myrepublica.com/portal/index.php?action=news_details&news_id=11992. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 නොවැම්බර් 2009. 
  15. "ගඩීමායි ස්ලෝටර්: බිහාර්, යූපී ආස්ක්ඩ් ටු චෙක් ඇනිමල් ෆ්ලෝ ඉන්ටු බිහාර". කාන්තිපූර්. 13 ඔක්තොම්බර් 2014. http://www.ekantipur.com/2014/10/13/editors-pick/gadaimai-slaughter-bihar-up-asked-to-check-animal-flow-into-bara/396254.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 නොවැම්බර් 2014. 
  16. "එන්ඩ් නේපෝල්ස් ෆෙස්ටිවල් ඔෆ් ස්ලෝටර්: ජොවෑනා ලම්ලි කෝල්ස් ෆො බෑන් ඔය් සැක්‍රිෆයිස් ඔෆ් 250,000 ඇනිමල්ස් ටු හින්දු ගොඩස්". ඩේලි මේල්. 11 ඔක්තොම්බර් 2014. http://www.dailymail.co.uk/news/article-2789504/end-nepal-s-festival-slaughter-joanna-lumley-calls-ban-sacrifice-250-000-animals-hindu-goddess.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 නොවැම්බර් 2014. 
"https://si.wikipedia.org/w/index.php?title=ගඩීමායි_උත්සවය&oldid=370266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි