ගඟ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
කසක්ස්ථානයේ ගඟක් අහසේ සිට බැලූවිට

ගඟ හෙවත් ඔය යනු තවත් ගඟ/ඔය කට, විලකට හෝ සාගරයට ගලාබසින විශාල ස්‍වභාවික ජල ධාරාවකි.

ගංගාවක් නිර්මාණය වන්නේ කෙසේද?[සංස්කරණය]

ගංඟාවක් ආරමිභය කවදා කේසේ සිදු වුයේ දැයි ස්ථ්‍ර්‍රවම ප්‍රකාශ කළ නොහැක.මුල් කාලයේ ගංඟාවක් ලෙස හැදින්වුයේ නිශ්චිත ඉවුරැ ඇති ගලා යන විශාල ජල කඳකි.මි‍ට වසර මිලියන ගණනකට ඉහත පෘතුවිය නිර්මාණය වු සමයේ එය වුණු වු ගිණි බෝලයක්ව තිබ්ණි.එම අවධියේ දිර්ඝ කාලයක්ව පැවැති මහා වර්ෂා ඒමතට ඇද හැළුණු නිසා එය සිසිල් වි පහත් ස්ථාන පිරි මුහුදු ඇති විය. පෘතුවියේ උස් තැන්වල සිට මුහුදූ දක්වා මහා ජල ධාරා දගර ගැසෙමින් ගලා ගියේය.කල් ගත විමත් සමග මේ ජලය ගැලු මාර්ගවල ගැඹුරැ සහ පළල වැඩි ව් ගමන්මගෙහිද වෙනස්කමි සිදු විණ. දැන් බෝහෝ ගංඟා අරමිභ වන්නේ වනාන්තර සහිත කදුවලිනි.එම ප්‍රදේශවලට අනෙක් ප්‍රදේශවලට වඩා වැස්ස වැඩිය.මතුපිට වැසි ජලයත් වැඩි ජලය පොළොවට උරා ගැනිමෙන් ඇති වන උල්පත් වල ජලයත් එක්වි සැදෙනක කුඩා ජල ධාරා අතරමගදි තව තවත් ජලය ලබා ගෙන පිළිවෙලින් ඇළ දෙළ ඔය නදි ගංඟා සහ මහා ගංඟා බවට පත්වේ.

කදු මුදුන්වල රැදුණු හිම තටිටු උණු විට ඒ ජලයද එසේ ජල ධාරා සේ ගලා බැස ගංඟා තනයි.විශාල ග්ලැසියර්(Glaciers)හෙවත් හිම තටිටු කදුවල ඉහළ සිට පහළට රැටා එන විට ඒවා නිසා හැරෙන මාර්ග ගංඟා බවට පත්වේ.

මේ කවර මුලාශ්‍රයකින් ඇරඹුණත් ගඟක ආරමිභක ප්‍රදේශය පටුය.නොගැඹුරැය.ජලය ගලන්නේද සෙමිනි.එය ඉදිරියට ගලත්ම තවත් ජල ධාරා එක් වි ජලය වැඩි වෙයි.එසේම එහිදි ගමනද වේගවත් වේ.එහිදි පස හැරි සේදි යෑම නිසා එහි ගැඹුර සහ පළල වැඩි වේ.ගංඟාව මුහුදට ගලා බසින ස්ථානයට ළං වන්නට ගංඟාවක වේගය හා ගැඹුර අඩු වේ. එයට හේතුව ගං පකුලේ විශාල වශයෙන් පස් තැන්පත් වි ගංඟ ගොඩ වීමයි.ඇතැම් අවස්ථාවලදි ගංඟ ශාඛා කිහිපයකට බෙදි මුහුදට වැටෙයි.

ගංඟාවක අාරම්භය

වැඩිදුර කියවීම්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=ගඟ&oldid=250217" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි